Tuesday, January 8, 2013

ජහමනයට අකේ පුරිමු!


උදාවූ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ජහමනයාට අමතක නොවන ත්‍යාගයන් කිහිපයක් දීමට දේශප්‍රේමී රජය ක්‍රියාකර ඇත. විදුලිබල අමාත්‍යාංශයට සහන දීමෙන් ඛණිජතෙල් සංස්ථාව පාඩු ලබනබව කීම වර්ෂාවට පෙර සිදුවන අකුණු ගැසීමට සමානය. මේ අතරින් අංක එකේ ත්‍යාගය ලෙස සැලකිය හැක්කේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හරහා සිදුකල ගාස්තු වැඩිකිරීමයි. සාමාන්‍ය ජනයාට කෙලින්ම පහර වදින මෙම ගාස්තු වැඩිවීම මේ වසරේ පළමු දින සිටම ක්‍රියාත්මකය. සාමාන්‍යයෙන් බහුල අවශ්‍යතාවයන්ට අදාල ගාස්තු සංශෝධනය මෙසේය,


කාරණය පෙර ගාස්තුව නව ගාස්තුව
උප්පැන්න/විවාහ/මරණ සහතික පිටපතක් ලබා ගැනීම (අංකය දන්නා විට) රු.25.00 රු.100.00
උප්පැන්න/විවාහ/මරණ සහතික පිටපතක් ලබා ගැනීම (අංකය නොදන්නා විට) රු.50.00 රු.200.00
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී විවාහයක් ලියාපදිංචිය රු.200.00 රු.1005.00
විවාහ පාර්ශව‍ය දැනුම්දෙන ස්ථානයකදී විවාහයක් ලියාපදිංචිය රු.1000.00+ රෙජිස්ට්‍රාර්ගේ ගාස්තුව රු.3500.00(රජයට)+ 1500(රෙජිස්ට්‍රාර්ට)*
දිව්රුම් ප්‍රකාශ සඳහා මුද්දර ගාස්තුව රු.25.00 රු.50.00

[*-රෙජිස්ට්‍රාර්වරයාගේ ගාස්තුව 1500.00ක් ලෙස නියම කර ඇතත් ඔවුන් ලබාගන්නේ "තමන්ගේම" ගාස්තුවකි.]

මෙම සංශෝධනය තුලින් ඇතිවන ප්‍රථිපල කිහිපයක් මෙසේය,

# ලියාපදිංචි අංකය දන්නා විට උප්පැන්න/විවාහ/මරණ සහතික පිටපත් තුනක් ලබා ගැනීමට රුපියල් තුන්සීයක් වැයවේ.

# ලියාපදිංචි අංකය නොදන්නා විට උප්පැන්න/විවාහ/මරණ සහතික පිටපත් තුනක් ලබා ගැනීමට රුපියල් හාරසීයක් වැයවේ.

# පෙර පැවති ක්‍රමයේදී මුදල් අයවන්නේ මුද්දර ගාස්තුවක් ලෙස වන අතර දැන් කෙලින්ම මුදලින් අයවේ. මෙහි අනිවාර්ය ප්‍රථිපලයක් ලෙස, සම්පූර්ණ කාර්යාල වේලාව(පෙ.ව.8.30-ප.ව.4.15) තුලදීම සේවාව ලබාදුන් ක්‍රමය වෙනුවට ප.ව.3.00 දක්වා පමණක් සේවය ලබාදීමට සිදුවනු ඇත. (රජයේ කාර්යාලවල මුදල් ගණුදෙණු ප.ව.3.00දක්වා පමණක් සිදුකරන නිසා)

# මීට අමතරව රෙජිස්ට්‍රාර් ජනරා‍ල් දෙපාර්තමේන්තුව මඟින් කරනු ලබන සෑම කාර්යකදීම අයකල මුදල් ආසන්න වශයෙන් සිව් ගුණයකින් වැඩිකර ඇත.

පසුගිය දින කිහිපයේදී ඉහත සේවාවන් ලබාගැනීමට පැමිණි ජනතාවගෙන් සැලකියයුතු ප්‍රතිශතයක්, එක්කෝ මුදල් මදිවීම නිසා ආපසු හැරීයාම හෝ එසේත් නැතිනම් පිටපත් කිහිපයක් ගැනීමට පැමිණියවුන් එක් පිටපතක් පමණක් රැගෙන යාම බ්ලොග්කරුගේ නිරීක්ෂණයට හසුවිය. පසුගිය කාලයේ මෙසේ අත්තනෝමතික ලෙස ගාස්තු වැඩිකරන ලද ක්ෂේත්‍රයන් බොහොමයකි. උදාහරණයක් ලෙස බොහොමයක් රාජ්‍ය අංශයේ තනතුරුවලට බඳවාගැනීම් සඳහා වන විභාග ගාස්තුව රුපියල් දහසක් දක්වා ඉහල දමනු ලැබීය.

එහෙත්......... ජහමනයාට මේ වසරේදී ද රුසියන් ගල් සමඟ කාර් රේස් කිහිපයක් නැරඹීමට අවස්ථාව ලබා දියයුතුය.


(සිව්දිනකට පෙර ලියන ලද සටහනකි)

43 comments:

  1. මේ ආණ්ඩුවෙන් මහජනයට දන නමාගෙන අරින්නයි යන්නේ. තව තව වැඩි කරයි.
    කුමාරවරුන්ගේ සිතැඟි ඉටු කරන්න සල්ලි එපැයි.

    ReplyDelete
  2. සැප ලබාගත හැකි වෙන ක්‍රමයක් වේද රාජ්.. ජහ මනයාට නොව.. දක්කන්නන් හට..

    ReplyDelete
  3. දේශප්‍රේමින්ට ඔය ඇරිලි දැනෙන්නෙවත් නෑ , බොරුද බලහන් ඊලඟ පලාත් සභා ඡන්දේ දි . බැරිද දන්නේ නෑ ඕවා අනුමත කරන දේශප්‍රේමින්ගෙන් විතරක් ඕවා අයකරගන්න අපෙන් නැතුව

    ReplyDelete
  4. හොද වෙලාවට කලින් කසාදේ නම් බෑදගත්ත... ඒත් දෑන් ඉතින් ඉපදෙන ලමයින්ගේ වෑඩ කරන්න ඕනිනෙ... දෑන් ඒපාට විපක්ශෙත් සද්ද නෑ වගේ.. ඈයි ඉතින් එයාලට වියදම දෙනවනෙ...

    ReplyDelete
  5. නැතුව ඉතින් ගස් යට ඉන්න උපාධීදාරින්ටත් මාසෙකට කීයක් හරි දෙන්න එපාය. ඇයි ඒ විතරක්ද, පාර්ලිමේන්තුවේ, පලාත් සභාවේ, ප්‍රාදේශීය සභාවේ, නගර සභාවේ ඉන්න හිඟන්නෝ, ජනාධිපති උපසේනලා, මිහින් ලංකා, එයාර් ලංකා, තෙල් සංස්ථාවේ, රේල්ලුවේ, ගමනා ගමන මන්ඩලේ, විදුලි බල මන්ඩලේ හිඟන්නෝ.... උන්ටත් මාසෙකට කීයක් හරි දෙන්න එපාය.. පින් කමක් කියලා හිතා ගන්ඩ ආයිබෝවන්ඩ... මල පන්නගන්න කාරීයක් නෑ ඕඃ.....

    ReplyDelete
  6. මම හිතුවේ අංකය දන්න උප්පැන්න සහතිකයක් ගන්න නව ගාස්තුව 1000 කියලනේ. :(

    ReplyDelete
  7. අර ඒ කාලේ කවුදෝ කිව්ව නේද පටි තද කරගන්න කියලා යුද්දේ ඉවරවෙනකං.... දැන් හොඳා පු* ග්‍රීස් ටිකක් එහෙම ගාගෙන නැමිලම හිටියා නම්. ග්‍රීසුත් ගණං ගිහින්ද, ග්‍රීස් යක්කුවත් දැන් නැත්තේ?

    ReplyDelete
    Replies
    1. දෙකටත් නැමිලා, මගේම ගෙපැලේ කොට තාප්පේ අල්ලගෙන, ලෙස්සන්න කෙළ පොඩ්ඩකුත් දෙන්න මී ළග අවස්ථාව පළා බබා ඡන්දෙදි උදා වේවා!

      Delete
  8. මං හිතන්නේ ඔහොම කරනවා ඇත්තේ උපදින, බදින සහ මැරෙන මිනිස්සු ගණන අඩු කරන්න වෙන්න ඇති......

    ReplyDelete
    Replies
    1. මට හිතට ආපු එක සමනළී කියලා.. අනේ මන්දා ...

      Delete
  9. හූරගන්න පුලුවන් හැමතැනින්ම හූරනවා. අඩිය හිල් වෙච්ච කලේකට කොච්චර ව්අතුර පිරෙව්වත් වැඩක් නැහැ කියලා තේරෙන්නෙ නැහැ මේ ගොං හරක්ට. කරන්න ඕන වැඩියෙන් අය කරන එක නෙවෙයි අඩියේ හිල වහන එක. නාස්තිය අවම කරගන්න එක.

    ReplyDelete
  10. හ්ම්ම්ම් .. ඔක්කොමත් හරි.. මොකද්ද බොල අර මාතෘකාව

    ReplyDelete
  11. ඔය ඔක්කෝටම වඩා රිදෙන්නෙ.....ළගදීම අරින්න නියමිත චම්පිකගේ ඇරිල්ලයි....

    ReplyDelete
  12. රාජ් මම බොහෝ කල්පනා කළා මේ කමෙන්ටුව ලිවීමට පෙර. එනම්, එය දිග වැඩි නොවෙන්නත් ඔබේ ලිපියේ අන්තර්ගතය පිළිබඳ මගේ හැඟීම් කියන්නත් වශයෙන්.

    1. මේ කිසිම නායකයෙක් කවදාවත් අත නොගැසූ මානයක්, විෂයක්.

    2. මේ ගාස්තු වැඩියි කියලා මම නම් හිතන්නේ නැහැ හැබැයි ඒ කොන්දේසි කීපයක් සපුරනව නම් විතරයි. ඒ කොන්දේසි වලට යටත් නැත්නම් මේ හොදටම වැඩියි. තිබ්බ ගානත් වැඩියි.

    කොන්දේසි.

    1. මහ ජනතාවට ගෙවන්න තියන වක්‍ර බඳු ඉතාමත් වැඩියි. ඒ නිසා එය අඩු කළ යුතුයි. නැති නම් ඉවත් කළ යුතුයි.
    2. සෘජු බදු ද ඉතාමත් අඩු මට්ටමකට ගෙන ආයුතුයි.
    3. මේ ආයතන වලින් ලබා ගන්නා මුදල් එම ආයතන වල දියුණුවටම හෝ ඒ ආයතන වල සේවක යැපීමට සහ මහජනතාවගේ සේවාවන් දියුණු කිරීමට වෙන් කළ යුතුයි.
    4. අතිරික්තය අයතනයේ මතු දියුණුවට ඒ ආයතනයට අදාල අරමුදලකට බැර විය යුතුයි.

    මේ කොන්දේසි සපුරනව නම් ප්‍රාමාණික සේවයක් ලබා දෙනව නම්, මහජනතාවට කොන්ද කෙලින් තබාගෙන එක එක බල්ලන්ට පගා නොදී තම වැඩ ගෙදර ඉදන්ම ඔන් ලයින් කළ හැකි නම්, මේ මුදල් මෙයිට වඩා වැඩි වුවත් කම් නැහැ. එහෙම නැතුව කාටවත් යටිමඬි ගහන්න මෙහෙම අපරාධ කරනව නම් ඒකට මගේ විරෝධය මින් පළ කරනවා.

    ReplyDelete
  13. විවාහ ගාස්තුව වැඩි කලෙ ලිවින් ‍ටුගෙදර් ජනප්‍රිය කරන්නයි.. මරන ගාස්තුව වැඩි කලේ හැමදාම මැරි මැරි උපදිනවා කියලා ජහමනයා අඬන හින්දා ඒකත් හොඳ අදායමක් වෙන්නයි.. එතකොට උප්පැන්න ගාස්තු වැඩි කලේ උපත් පාලනය කරන්නයි. මේ රාජ් ගොබිලාට කොහෙද ඔය වගේ එවුව තේරෙන්නෙ ?

    ReplyDelete
  14. මේ අංශවල කාර්යක්ෂමතාවය වැඩිවෙනවා නම් ගාස්තු වැඩිවුනාට කමක් නැහැ...මේ ක්‍රමය නිසා හොර සහතික ගහන්න මිනිස්සු පෙළඹවේවි..

    ReplyDelete
  15. මමත් උප්පැන්නෙ ගන්න ගිහින් ආපහු හැරිල ආව සල්ලි ගෙවන්න විදියක් නැතුව
    මුන්ගෙ ආචිලාට හාල්ග‍රන්න දැන් ඉතින් ආපහු දවසක් නිවාඩු දාගෙන යන්න ඕන ඒ වැඩේ ක‍රන්න
    ඔක්කොටම වඩා හපන් අර අලුතෙන් අරන් ඉන්න් එවුන් උන් 3.30 වෙන කොට ගෙද‍්ර යන්න ලැස්ති වෙලා ඉන්නෙ
    මම එක මේසෙයක් ලගට ගියා තොරොතුරක් ගන්න ඒකෙ හිටපු ගැනි නෙවි අඩු ගානෙ ඔලුව වත් උස්සල බැලුවෙ. අපි පන නැහීගෙන වැඩ ක‍රන එකෙන් මුන්ට බදු ගෙවනව එහෙම ක‍රලත් එකේ මුන්ගෙන් වැඩක් ක‍රගන්න ගියාම අපි හිගන්නො වෙනව අර ඇමෙරිකාවෙ වගෙ තුවක්කු තිබුනනම් ඉස්කොල වල නෙවි මිනී මැරෙන්නෙ රජයේ කාර්යාල වල

    ReplyDelete
    Replies
    1. //මම එක මේසෙයක් ලගට ගියා තොරොතුරක් ගන්න ඒකෙ හිටපු ගැනි නෙවි අඩු ගානෙ ඔලුව වත් උස්සල බැලුවෙ. අපි පන නැහීගෙන වැඩ ක‍රන එකෙන් මුන්ට බදු ගෙවනව එහෙම ක‍රලත් එකේ මුන්ගෙන් වැඩක් ක‍රගන්න ගියාම අපි හිගන්නො වෙනව අර ඇමෙරිකාවෙ වගෙ තුවක්කු තිබුනනම් ඉස්කොල වල නෙවි මිනී මැරෙන්නෙ රජයේ කාර්යාල වල//

      සම්පූර්ණ ඇත්ත.මමත් රජයේ සේවකයෙක්. නමුත් රජයේ කාර්යාල බොහොමයක තත්වය ඕකයි.

      Delete
  16. තව වැඩිකල් නොයා...අපි හාරගෙන...පිරිසිදුකරගෙන වතුර බොන ලිඳටත් බද්දක් එනවය කියන්නෙ..!!

    ReplyDelete
  17. ඉස්සරහට ගන්න හුස්ම ටිකටත් ගෙවන්න වේවී, මේ යන විදිහට ඒකත් ඉර හඳ වගේ සෙටිෆිකෙට්.

    සිතුම් පැතුම්

    ReplyDelete
  18. එහෙත්......... ජහමනයාට මේ වසරේදී ද රුසියන් ගල් සමඟ කාර් රේස් කිහිපයක් නැරඹීමට අවස්ථාව ලබා දියයුතුය
    මේ වැඩේ කෙරුවනම් ටිකාක් විතර ඔය ගාස්තු අමතක වෙලා යයි .

    ReplyDelete
  19. යම් සේවාවක් ලබා දීමට යන කාලය අනුව මිනිස් සහ අනෙකුත් සම්පත් ප්‍රාමාණීකරණය කොට වැයවෙන මුදල සේවාව ලබාගන්නා අයගෙන් පමණක් අය කිරීමේ වරදක් නෑ.

    එහෙම නැත්තං වෙන්නේ අනෙකුත් පොදු බදු තුලින් සේවාව ලබන නොලබන සියළු දෙනාටම ඒ සඳහා වැයවෙන වියදම ගෙවීමට සිදුවීමයි.

    ReplyDelete
  20. ඇයි ඉඩම් ඔප්පු 2.50 500ක් කරල තව අපි නොදන්න ඒවා ගොඩක් ඇති අනේ මන්ද කොහොම ජීවත් වෙන්න ද කියලා

    ReplyDelete
  21. ඇත්ත කථාව. අපි ගොඩාක් වෙලාවට ඔය වගේ වැඩක් කරගන්න කච්චේරි යන්නේ දාහේ දෙදාහේ ඒවා අරන් නෙවෙයි.. මුද්දර ගාස්තුයි අරවයි මේවයි තව වැඩේ හදිස්සියි වගේ නං පියන් කෙනෙකුට දෙන්න කීයක් හරි අරං යනවා ;) ඒ යන වෙලාවකදි ‍මෙවගේ ගණන් හිලව් වෙනස් උනොත් කොයි කාට උනත් සිද්ධ වෙන්නේ එක්කො කරන්න ආපු දේ නොකරගෙන යන්න, නැත්තං බාගෙට කරගන්න.
    ගාස්තු වැඩිවීම සාධාරණීකරනය කරන්න පුළුවං ලිපි ද්‍රව්‍ය වගේ දේවලුත් ඇගට පතට නොදැනීම වැඩි වෙන හින්ද. ඒත් මිනිහගේ අතට එන ගාන වැඩි නොවී අතින් යන්න තියෙන ගාණ වැඩි වෙනකොට ඉතිං කවර කථාද... :/

    ReplyDelete
  22. තව ටික දවසකින් බැඳපු ගෑණිටත් බදු ගෙවන්න වෙන රටක් මේක
    හනේ හෆොයි ආස්චර්යේ ලං වෙලා වෙන්ටැති අයියේ

    ReplyDelete
  23. මෙහෙනම් බඳින්න සුලු ගානයි. ලෙහන්න ගෙවන්න ඕනෙ ගාන ඇහුවම දිගටම පවුල් කන්න හිතෙනවා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  24. අරින්න පුළුවන් හැම තැනටම අරිනවා. බලන් ගියාම ඉල්ලලා අර ගැනිලි ද කියලත් හිතෙනවා. කැමති අකමැති හැම එකාටම වදින එක නේ කරුමේ. තව ලැබෙයි ඉස්සරහට.

    ReplyDelete
  25. පර සුද්දො ඇවිත් විවාහය ආණ්ඩුවේ බිස්නස් එකක් කරලා ගිය නිසානේ ඔය ඔක්කොම!!!!!!!

    ReplyDelete
  26. ඉන්දියාවෙ වගේ තිබ්බනම් ලේසේයි. ගින්දර ඇපෙට තියල බැන්ද. රට යන්න වගේ උවමනාවක් තීන එකා විතරක් උසාවි ගිහින් සහතිකේ ගත්ත, අනික් උන් ඔහේ උන්න.

    ReplyDelete
  27. සමහර ඔය වැඩි කරපු බදු වල පෙර වටිනාකම සලකන කොට නම් එක වැඩි කරන්න ඕන මට්ටමක තිබුනා.. (කෙවියට් එකකට 12.50 ) වගේ 12.50කින් කරන්න දෙයකුත් නැනේ... එත් ඉතින් දැන් එක දාන්නත් දහස් ගණන් වලින් ගෙවන්න ඕනා... එක මොනවා උනත් මේකෙන් ලෝන් එහෙම ගන්න කෙනෙක්ට තව කොහෙන් හරි ලෝන් එකක් ගහන්න වෙයි ඉඩම් එහෙම ඇපෙට තියලා බැංකුවෙන් ලෝන් ගන්න කොට... පත්තිරු එහෙම ගන්න ඕන....
    ගාස්තු වැඩි කල යුතුව තිබුනත් වැඩි කල ප්‍රමාන නම් මට හිතෙනේ ගොඩක් වැඩියි...

    ReplyDelete
  28. ෂෙහ් ... කියල වැඩක් නෑ, බලන්න මේ ආණ්ඩුව කොච්චර දක්‍ෂද කියල. මගේ හිතේ ආණ්ඩුවට වැලි මිරිකල වතුර ගන්න එකත් මහ ලොකු කජ්ජක් නෙවි.

    ReplyDelete
  29. අපොයි මං පත්තරේ දැක්කෙ කච්චේරියට ගිහින් බදින්න 750යි යන්නෙ කියලනෙ

    ReplyDelete
  30. ජහමනයට ගහල ගන්න බැරිහින්දා මේ විදිහට ගන්නේ නැත්නම් ගහලත් ගනී

    ReplyDelete
  31. අනේ අම්මප, අපේ ගමේ පන්සලේ ලොකු හාංදුරුවෝ මේ බොග බලනවනම් සමා අවසර. ඔබ වහන්සේගේ නිර්භය මරා පක්ෂපාතීත්වය නිසා ලැබෙනවයි කිව්ව අර ලක්ෂ 250 ජීප් එක උකස් තියල කසාදයක් හෙම කර ගත්තොත් නාකෙයි?

    ReplyDelete
  32. අපි බදින්න යද්දිම ගණන් වැඩි කරනවා.. හරි අසාදාරණයි අෆ්ෆා..

    ReplyDelete
  33. ගෙදර බල්ලට, සුද්දා ගහපු බදු ගැන අප්‍රසාදයෙන් කතා කරන අපි .......

    ReplyDelete
  34. ජනමනයා ම තමා ඉතිං ඇකේ පුර ගන්න අවස්ථාව සලසාගෙන තියෙන්නෙ...ඊළග ඡන්දෙදිත් අත තද කරලා කතිරෙ ගහනවා ෂුවර්..

    ReplyDelete
  35. ගන්න ගආන්ට වැදගත් විදියට වැඩේ කරන එන්න්න පුලුවන්නම් මේ බඩු ගැහුවත් කමක් නැහැ.එත් මේ කාලකන්නි තිරිසන් ඇතැම් රජයේ සේවකයෝ වැඩ කරන්නේ අපි උන්ගෙන් ණයට ඉල්ලන් කන්න එනවා කියලා.

    ReplyDelete
  36. ඇති යාන්තමි ඔය බදු විතරක් ගහලා බෙරුණා...
    වැරදිලාවත් වැසිකිළි බද්දක් ආවානමි කාට කියන්නද නේ!

    ReplyDelete