Tuesday, January 1, 2013

☻ ☻ අලුත් අවුරුද්දේ හීනියට හිනාවෙමු!☻ ☻

පෝස්ටුවක් දාන්න බලාපොරොත්තුවක් තිබුනෙ නැතත් පොඩී විවේකයක් ලැබුන. කතන්දර දෙකක් කියන්නයි යන්නෙ.

බීෆ්
මේ කතාව මතක් උනේ කතන්දරකාරයගෙ ස්ටර් ෆ්‍රයි පෝස්ටුව දැකල. සිද්ධිය උනේ අපි කස්ටියක් "සෙට්" වෙච්ච දවසක. බොහොම ඈත අතීතයේ. එකෙකුගෙ ගෙදර එදා කවුරුත් නෑ. අපි උගේ ගෙදරට සෙට්වුනා.
"උඹල බෝතලයක් ‍අරගෙන වරෙල්ල. මං බයිට්එක දෙන්නං." ගෙදර එකාගෙ යෝජනාව අනුව අපි ගෙදරට ගියා. ඒ උනාට උගේ කිසි සූදානමක් තිබුනෙත් නෑ.
"මොකද බං කරන්නෙ? තාම නැද්ද බයිට්එක හැදුවෙ?" එකෙක් ඇහුව.
"විනාඩි විස්සක් හිටපල්ල! උණු උණුවෙ දෙන්න ඕන නිසා මම හැදුවෙ නෑ."
ඌට ඒ වැඩේ කරන්න කියල අපි කැරම් බෝඩ් එකට සෙට්වුනා. ටික වෙලාවකින් ආයෙත් ආව,

"ඒ.... උඹල කවුරුත් බීෆ් කනව නේද?" ෆ්‍රිජ්එක අරින ගමන් යාලුව අහනව.
"අඩෝ බීෆ් නං කන්න බෑ!" එකෙක් කිව්ව.
"හරි! උඹ විතරයිනේ. උඹට වෙනම පිලිවෙලක් කරන්නං" ෆ්‍රිජ් එකෙන් ලූණු ගෙඩි දෙකක්-මාලු මිරිස් කරල් දෙකතුනක් ගන්න ගමන් හීන් හිනාවකුත් දාල මූ කියනව.

ටික වෙලාවකින් මෙන්න අර කකාගෙ බීෆ් ස්ටර් ෆ්‍රයි එක වගේ පිඟානකුත් අරගෙන මූ එනව.

"අඩෝ මට මොනවද" බීෆ් කන්නෙ නැති එකා ඇහුව.
"උඹ ගැන හිතල තමයි බං මේ ළූණු ගෙඩියකුයි මාළුමිරිස් කරලකුයි වැඩිපුර දැම්මෙ"
"උඹෙ අම්$$@&^$^%#$^*.............."

තර්ඩ් පාටි
දෙවනි කතාව මෑතක සිද්ධියක්. හොටෙල් එකකට ගිහිල්ල අපි කට්ටියක් අනුමත වෙන අතරෙ යාබද මේස දෙකක කස්ටිය කොක්කක් දාගත්ත. ටිකක් සැරට වැදිච්ච එකෙක් තවත් එකෙක් ඇදගෙන එලියට යන අතරෙ කියනව,...
"වැඩක් නෑ බං. තර්ඩ් පාටි එවුන් වගයක්........." ඌට කියන්න ඕන වෙලා තිබුනෙ තර්ඩ් ක්ලාස් කියල. ඒත් කියවුනේ අර විදියට. සමහර විට කොම්පියුටර් ජිල්මාට් ජොබක් කරන එකෙක් වෙන්ටැති.

මගේ බ්ලොග් පාඨකයන්ට සුභ අලුත් අවුරුද්දක් වේවා!

92 comments:

  1. රාජ්ටත් සුභම සුභ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා.... හීනීයට අනුමත වෙනවා වගේ ඒවා අහලා තිබ්බට හීනියට හිනා වෙන්න නම් බෑ...මේක්ට ඊට වඩා හිනා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මයියා.

      Delete
  2. සුබ අලුත් අවුරුද්දක් වේවා.
    අලුත් ඇඳුමක් එහෙම හීනියට අන්දලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඇඳුමක් කිව්වේ......?

      Delete
    2. බ්ලොගේට ඇඳුමක් අන්දලා නේද?

      Delete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  4. රාජ් අයියටත් සුබ නව වසරක් !!!

    ReplyDelete
  5. හීනියට නෙමේ ඔන්න හොඳටම හිනා උනා.

    රාජ්ටත්, චූටි පුතා ඇතුලු පවුලේ අනෙක් ආදරණීය සියලු දෙනාටත් (ඒ කීවේ නෝනා හොඳේ ) සුබ නව වසරක් වේවා...:D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. හිනාවෙන එකත් ලොකු දෙයක්නේ.

      Delete
  6. රාජ්, ඔබට සුබ නව වසරක් වේවා!

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විචාරක මහත්තයා. ඔබට නීරෝගී සුව ලැබේවා.(වෛද්‍ය උපදෙස් අනුව විවේක ගන්නව කිව්ව නේද?)

      Delete
  7. බොන වෙලාවට ඔය මුලින් බීෆ් නොකන උන් බීලා ටිකක් වෙලා ගියාම හොය හොය කනවා... හැබැයි ඉතිං ඔය ලූනු..අමු මිරිස් වැඩි උනාම අපිනං කියන්නේ “කැලේ වැඩියි සතා අඩුයි“ කියලා...

    ReplyDelete
    Replies
    1. “කැලේ වැඩියි සතා අඩුයි“
      මරු කියමන මාරයියේ.

      Delete
    2. අපේ යාලුවෙක් ඕඩර් කරනකොටම කියනවා කැලෑව අඩුවෙන් ගෙන්න කියලා.

      Delete
  8. එහෙනං උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..... හීනියට වගේ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි උඹටත්.

      Delete
  9. බීෆ් කන්න පුරුදු වෙයන්... රටේ හරක් ටික අඩු කර ගන්න පුළුවන්.. උඹලා වගේ අය නිසා හරක් වැඩි වෙනවා..

    සුබ අනාගතයක්....!!!

    ReplyDelete
    Replies
    1. මම බීෆ් කනව බොල! මම නොකන මසක් මේ ලෝක ධාතුවෙ නෑ.

      Delete
    2. එතකොට හකරල්ලා ?

      Delete
  10. හික්.. බීෆ් කතාව නම් මරු.. සුභ අලුත් අවුරුද්දක් වෙවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පැතුම්.

      Delete
  11. සුභ නව වසරක් වේවා!!

    ReplyDelete
  12. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නවවසරක් වේවා

    ReplyDelete
  13. ඉතිං උඹ ළුණු විතරද බයිට් එකට ගත්තේ..

    සුභම සුභ 2013ක් වේවා! අනිවා අමතක නොවන වසරක් වෙයි, පොඩි එකා අඩිය දෙක තනියෙන් තියන කොට ඒ සුන්දරත්වය මේ අවුරුද්දෙනෙ උඹ විදින්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත බං. පොඩ්ඩගෙ හොඳම කාලෙ තමයි මේ අවුරුද්ද.

      Delete
  14. හීනියට නෙමෙයි හොදටම හිනා වුනා, ඇත්තට රාජ ඔයා ඇයි බීෆ් නොකන්නේ? මාත් කන්නෙ නැහැ.
    සුභම සුභ නව වසරක් තුන් දෙනාටම. හතර දෙනෙක් වෙන්න අඩිතාලම දමන්න මේ අවුරුද්දෙ. ලඟ ලඟම වුනාම පස්සේ ලේසියි දැන් අමාරු වුනාට.

    ReplyDelete
    Replies
    1. මගෙ අම්මේ මහවෙදන කියන කතා.

      Delete
  15. රාජ්ටත් යස ඉසුරෙන් පිරුණු නිදුක් නිරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  16. හැපී බීෆ් වසරක් වේවා !!!!

    ReplyDelete
  17. හාහ් හාහ්හා...පට්ට කතා දෙක රාජ් අයියේ..අර බීෆ් හදපු මිනිහා නුවනක්කරයානේ.... තර්ඩ් පාර්ටි එකත් පට්ට

    සුබ නව වසරක් ‍ෙ‍໵වා !!!

    ReplyDelete
  18. රාජ් මල්ලිට සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි උදිත අයියා.

      Delete
  19. වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා....!!

    ReplyDelete
  20. මේ අවුරුද්දෙවත් පතෝල කරලක්,ගෝවා ගෙඩියක් වගේ දෙයක් එක්ක සෙට් වෙන්න ලැබේවා...

    ReplyDelete
    Replies
    1. පතෝල කියන්නෙ ආදා මාළුවාට වෙන්න ඇති, ගෝවා කියන්නෙ නම් ඉතින් කුකුළටනෙ....

      Delete
  21. ඔබ තුමාටත් නව වසර ප්‍රීතිමත් එකක් වේවා!......(නිතර "සෙට්" වෙන්නට ලැබෙන?)

    ReplyDelete
    Replies
    1. අඩුවක් නෑ. බොහොම ස්තුතියි. :)

      Delete
  22. රාජ් ඔබට පැතුම් ඉටුවන නව වසරක් වේවා මේ අවුරුද්ද...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින්

      Delete
  23. මේ බීෆ් කාව ලිව්වා වගේ දූරියන් කතාවකුත් ලියන්නට ඉඩ මේ 2013 වසරේදී ලෑබේවා!

    ReplyDelete
    Replies
    1. බලමු. එදාට කකාගෙ දූරියන් මතක් වේවි.

      Delete
    2. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
      ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
      මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
      ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

      Delete
  24. බීෆ් නම් කන්නෙ නෑ හොදි විතරයි වගේ කන අයට අර කීව බයිට් එක හොඳා..එහෙනම් සුබ නව වසරක් !

    ReplyDelete
  25. රාජ් අයියටත් සුභ අළුත් අවුරුද්දක් වේවා..

    අර දෙවනි කතාවේ කෙනා රක්ෂණ කාරයෙක්ද දන්නේ නෑ.. තර්ඩ් පාටි දාන්න හදන්නේ...

    ReplyDelete
    Replies
    1. හැබෑටම. රක්ෂණකාරයෙක් වෙන්ටත් පුළුවන්.

      Delete
  26. නියම ලිපියක්.ඔයාට සුභ නව වසරක් වේවා.මම සිංහ පීඩියාව ලියන යසිරු
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  27. කරන කියන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලය.

      Delete
  28. සුබ අලුත් අවුරුද්දක් වේවා !
    රාජ් සහෝ

    ReplyDelete
  29. ඔයාට හිතේ තියන සියලුම බලපොරොත්තු ඉටුවෙන වාසනාවන්ත නව වසරක් පතනවා......

    ReplyDelete
  30. හයියූ තර්ඩ් පාටි...හික් හික්.....

    සුභ අලුත් අවුරුද්දක් වේවා අයියෝ........!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නගේ.

      Delete
  31. සුබ නව වසරක් වේවා අයියා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලයා.

      Delete
  32. සුබ නව වසරක් මචං පවුලේ හැමොටම....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං.

      Delete
  33. පළවෙනි කතාව තමයි හොදම...

    සුබ නව වසරක් වේවා.....දෙතුන් දෙනාටම....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුමිත් අයියා.

      Delete
  34. කතා දෙක නං ටොප්.
    සුබ නව වසරක් වේවා රාජ්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි! හැලප කඩේ පැත්තෙ ගියේ අදයි.

      Delete
  35. ඇමෙරිකන් ආණ්ඩුව පසුම්බියට බහින්න ලෑස්ති මේ වෙලාවේ කියවලා හිනාවෙන්න කතා දෙකක් දැම්මට ස්තූතියි රාජ් මල්ලි!

    සුබ අලුත් අවුරුද්දක්!

    ReplyDelete
    Replies
    1. ඇයි අපේ ආණ්ඩුවත් ලෑස්ති වෙලා ඉන්නෙ. ඊලඟ පෝස්ටුව ඒ ගැන.

      Delete
  36. සුභ නව වසරක් වේවා රාජ්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බීට්ල්.

      Delete
  37. බොලේ.. මං කියෙව්වට කමෙන්ට් එකක් දාලා නැද්ද.. කොහොමත් බීම මගේ තහනම් වචනේ හින්දා වෙන්නැති මඟ ඇරෙන්න ඇත්තේ...

    ඔය දහජරා බීම නවත්තන්න හිතෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා රාජ්ටත්.... හි හි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හිරු. බීම නං ඉඳහිට......

      Delete
  38. අඩුවෙන් ගොන්කම් කරන, අඩුවෙන් ‘අහුවෙන’, තව තවත් ගෑණු මායම් වලටම අහුවෙන, වැඩියෙන් මොළේ පාවිච්චි කරන, සුබම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. නියම සුභ ප්‍රාර්තනාව.

      Delete
  39. හෙනං තොටත් Happy New yearයක් වේවා!! දැං ඉතිං මේ අවුරුද්දේ ගෙදර ඉදං ජාල ගත වීම අමාරු වේවි. මොකෝ කියන්නේ පොඩි එකා බඩ ගාන්න දනගාන්න ගන්නව නෙව..

    ReplyDelete
    Replies
    1. මෑන් දැනටම මගේ අතේ ඉඳගෙන යූ ටියුබ් වීඩියෝ ප්ලේ කරනව. :)

      Delete
  40. ඒල කතා දෙක....
    සුභ නව වසරක් වෙවා....

    ReplyDelete
  41. සුභ නව වසරක් වේවා රාජ් අයියේ.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලය.

      Delete
  42. හීනියට සුබ වෙන්නත් බර ගානක් යනව දැන්කාලෙ!! සුබ අලුත් අවුරුද්දක්වේවා.

    ReplyDelete
  43. හීනියට නෙමෙයි හොදටම හිනා ගියා අර බිෆ් කතාවට..... :)

    සුභම සුභ නව වසරක් වේවා....!!

    ReplyDelete
  44. සුබ නව වසරක් රාජ්.....

    ReplyDelete
  45. අපිට වෙරි වේවා ! 2013 ඔබට සුභ වේවා !

    ReplyDelete
  46. ගොඩක් තැන් වල ඕකේ අනිත් පැත්ත නේද වෙන්නේ ...ළුණු මාළු මිරිස් සම්බෝලෙකට චිකන් කෑල්ලක් දානවා මස් විතරක්ම කන කෙනෙකුට කන්න

    ReplyDelete
  47. සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  48. හැපි 2013ක් ඈ....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  49. හිකිස්.....එසේම් වේවා......!!!

    ReplyDelete
  50. සුබ අළුත් අවුරුද්දක් වේවා රාජ් ..

    අපිට නම් ඉතින් බයිට් එකට ඉබ්බා ඇරෙන්න ආයෙ මොනා ..

    ReplyDelete
  51. සුබ නව වසරක් වේවා රාජ්. 27 වෙනිදට ගම්පහ පැත්තෙ ඇවිත් යන්න එන්න.බබත් එක්කම. ජය...!

    ReplyDelete
  52. දෙදාස් දහතුනෙත් තව තවත් හීනියට හිනාවෙන්නට හැකි පෝස්ට් කියවන්නට ලැබේවා.
    රාජ් පවුලට සුභ නව වසරක් වේවා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  53. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  54. KAKKA BEEF KANNE NEHE. ETHUMA KANNE ASS FLESH

    ReplyDelete