Tuesday, February 26, 2013

මම මේ ඩොක්ටර් අහවලා....

අන්තිම පේලියෙ තිබුන මෙන්න මේ කතන්දරේ දැකල මටත් මතක් උනා ඒ ජාතියේ කතා ටිකක්. අනිත් උදවිය රැවටීම එච්චර හොඳ දෙයක් නූනත් වසවර්තියො වෙලා හිටිය කාලෙ ඕවයෙ ගානක් තියනවයැ.

මේ සිද්ධිය උනේ අපි කැම්පස් එකේ දෙවනි අවුරුද්දෙ ඉන්න කාලෙ. දවසක් මමයි මගේ යාලුවෙක් වෙච්ච චන්දරේයි දෙන්න පාඩම් කරන්න කියල හිතාගෙන කැන්ටිමේ ඉඳල ශිෂ්‍ය සංගම් කාර්යාලෙට යන්න හදනව. ඒ කියන්නෙ අනිවාර්යෙන්ම මේ එග්සෑම් කාලයක් වෙන්න ඕන. නැත්තං අපි පාඩම් කරයියැ. මේ කියන මාර්යයේ අතරමැද තමයි පුස්තකාලය තිබුනෙ. ඒ කියන්නෙ රුහුණ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලය. අපි මෙතෙන්ට එනකොට පුස්තකාලය අයිනෙ මොනවදෝ පොත්පත් වගයක් ගොඩගහල තියනව. අලුත්ම අලුත් බඩු. විපරම් කරල බැලුවම ඉංග්‍රීසි සඟරා, කම්පීතර එක්ක ලැබෙන පොත්පත් වගේ වැඩකට නැති දේවල් ටිකක් අයින් කරල. කොයිකටත් කියල අපි දෙන්නත් පොත් දෙකතුනක් ගත්ත. නිකං දෙනඑකේ ආයෙත් මොනවද! මේ ටිකත් අරගෙන යද්දි අපේ "රූමෙක්" වෙච්ච "වාසෙ" ඉන්නව පාලු තැනක, ඩෙස් එකක් දාගෙන පාඩම් කරනව. වාසෙ දැක්ක විතරයි, අම්ම තාත්තට උනත් දිරවගන්න බැරි කෝස් දෙන එකෙක් වෙච්ච චන්දරේ මෙහෙම කිව්ව,

"වාසේ..... මචං අන්න අතන සෙට් එකක් ඇවිල්ල පොත් කැප් ටී ෂර්ට් දෙනව. දැම්ම පලයං" අවුරුදු දෙකක් එකට රූම් එකේ හිටියත් පාප මිත්‍රයන් අඳුනගන්න බැරිවුන වාසෙ දැන් දුවනව අදාල ස්තානයට. ඒ අතරමඟ තියනව අඩි 7-8 විතර පඩිපෙලක්. පඩිපෙල උඩ අපේ එකෙක් වාඩිවෙලත් හිටිය. ඌ ඇහුව කොහෙද දුවන්නෙ කියලත්. ඒත් වෙන සිහියකින් හිටිය වාසෙ ඌට උත්තර දුන්නෙත් නැතුවයි දිව්වෙ. පඩිපෙල බැස්සෙ අඩි දෙකට. ඊට පස්සෙ වෙච්ච දේ අපි දැනගෙන හිටියෙ නෑ. දවල් කෑම කන්න කැන්ටිමට ගිය වෙලේ වාසෙ මුනගැහුන. ඒ වෙද්දි ඒ සිද්ධිය අපි අනිත් එවුන්ට කියල තිබුනෙත් නෑ :)

☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻

දෙවනි කතාව සිද්ධවුනේ ටිකක් මෑතක. ඒ කියන්නෙ අපි අවුට් වෙලත් ඉවරයි. මතක විදියට 2009-2010 විතර වෙන්න ඇති. කලින් කතාවෙ පඩිපෙල ලඟ හිටිය කියල කිව්ව එකත් මේකට සම්බන්ධයි. මේකට අපේ එවුන් කියන්නෙ ලෝකයේ දුරම කෝස්එක කියල. සිද්ධිය මෙහෙමයි.

අපේ රූම් එකේ හිටිය එකෙක් තමයි CS කියන්නෙ. CS කිව්වෙ චන්දන සුරේශ් කියන එක. කවුරුත් පාවිච්චි කලේ CS කියල. අවුට් උනාට පස්සෙ එයා තරග විභාගයක් ලියල ගියා මිනින්දෝරුවෙක් විදියට පුහුණු වෙන්න. ඒ දියතලාවෙ. උගේ ගෙවල් අනුරාධපුරේ. පඩිපෙල උඩ හිටිය එකාට X කියල කියමු. උගේ අයිය හිටියෙ අපේ සීනියර් බැච් එකේ. ඌට XX කියමු.

ඔන්න කාලෙකට පස්සෙ CSට ලැබුන Xගෙ ෆෝන් නම්බර් එක. දෙඥ්ඥං මූට හොඳ ගේමක් කියල හිතල ගත්ත කෝල් එකක්,

"හෙලෝ ඔය ........ගේ Xද?"(සම්පූර්ණ නමින්ම ඇහුව).

"ඔව්"

"මේ කතා කරන්නෙ රුහුණු විශ්ව විද්‍යාලෙ ඩොක්ටර් අහවලා, ඔයාගෙ උපාධි සහතිකේක පොඩි ප්‍රශ්නයක් තියනව එන්න පුළුවන්ද කැම්පස් එකට"

"හා සර්"

කතාව එතනින් ඉවර නෑ. Xගෙ අයිය වෙච්ච XX එයා අඳුනන කථිකාචාර්ය වරියකගෙන් විස්තර අහල. කථිකාචාර්යවරිය සිද්ධිය (ඇත්තම)ඩොක්ටර් අහවලාට කියල. ඩොක්ටර් අහවලා ඒවගේ කෝල් එකක් ගත්තෙ නෑනේ.... එයා Xගෙන් CSගෙ නම්බර් එක ඉල්ලගෙන CSට කතා කලා. කරුමෙක මහත කියන්නෙ CS හිතුවෙ මේ කතා කරන්නෙ XX කියල. සංවාදෙ මෙහෙමයි,

(ඩොකා)"හෙලෝ මේ කවුද"

"මම රුහුණ විශ්වවිද්‍යාලෙ ඩොක්ටර් අහවලා!"

"තමුසෙ කවුරු උනත් කමක් නෑ. මම දැන්ම පොලිසියට පැමිණිලි කරනව මගේ නම විකුණනව කියල"

"අයිසෙ මම තමයි ඩොක්ටර් අහවලා..... තමුසෙට පුළුවන් දෙයක් කරනව"

තත්වයේ තියන භයානකකම අමුතුවෙන් විස්තර කරන්න උවමනා නෑනේ. ඇත්තම ඩොක්ටර් අහවලා මාතර පොලිසියේ පැමිණිල්ලක් දැම්ම අපේ මිත්‍රයට විරුද්ධව ෆෝන් නම්බර් එකත් එක්කම.

පස්සෙ දවසෙ CSට ආයෙත් කෝල් එකක් ආව. ඒ මාතර පොලිසියෙන් මේ වෙනකොට වැඩේ දුරදිග ගිහිල්ල කියල මෑන්ට වැඩේ තේරුනා. අන්තිමට ඩොක්ටර් අහවලාට කතා කරල ඇත්තම සීන්එක කිව්ව. ඩොක්ටර් අහවලා පොලිසියට කතා කලා විස්තරේ කිව්ව. ඒත් පොලීසියෙ අන්තිම උත්තරේ උනේ,

"ඩොක්ටර් අහවලා කිව්ව නිසා රාජකාරී පියවරක් නොගෙන ඉන්න පුළුවන්. ඒත් පැමිණිල්ලක් දාල තියන නිසා ඇවිල්ල කටඋත්තරයක් දීල යන්න"

දැං ඉතිං මොනව කරන්නද! අපේ යාලුව දියතලාවෙ ඉඳල මාතර පොලිසියට ඇවිල්ල වැඩේ ෂේප් කරගත්ත. මීට වැඩිය දුර කෝස් එකක් ඔහෙල අහල තියනවද?

අපි කස්ටිය සෙට් වෙච්ච වෙලාවට මේ කතාවෙ ආතල් තාම ගන්නව. කලින් කතාවෙ හිටිය චන්දරේ සිද්ධියෙ කොටසක් විස්තර කරන්නෙ මෙහෙමයි,

"මචං එදා මූයි ඩොක්ටර් අහවලායි පොලීසියට ආවලු! ඕ.අයි.සී. මහත්තය අහනවලු "හා.... කවුද දැන් ඩොක්ටර් අහවලා?" කියල, මූ ටක්ගාල කියනවලු "සර්, මම තමයි ඩොක්ටර් අහවලා" කියල, එතකොට ඩොක්ටර් අහවලා අඬ අඬ අහනවලු "මෙයා ඩොක්ටර් අහවලා නං මම කවුද?" කියල හෙහ් හෙහ් හෙහ් හෙහ් හෙහ්..................

☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻


කස්ටියට හිනා කතා එපාවෙලාද? නැත්තං මේ වෙන දේවල් වලට හිනාවෙන්න හිතෙන්නෙ නැද්ද? එහෙමත් නැත්තං මට පෝස්ට් මිස් වෙනවද?
කමෙන්ට් දාන අයගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තියනව. මගේ බ්ලොග් රෝලෙ ඔහේලගෙ බ්ලොග්එක නැත්තං කොමෙන්ටුවට යටින් තමුන්ගෙ අඩවියෙ www එක දාල ගියොත් ඔහෙලව රෝලට දාගන්න මට පහසුවක්.

58 comments:

  1. පට්ට කතා සෙට් එක... අපිත් ඔහොම අනන්තවත් බයිට් කරල පොලිසි ගානෙ ගිහිල්ල තියෙනව..

    .මෙන්න මගේ නවාතැන් පොල... ගොඩවෙලාම යන්ටකො...

    ReplyDelete
  2. ඔවා මොනව්ද බන් කුණුහබ්බ නැතිවෙන්න දීලා තියෙනවා ලණු දීලා ළොක්කන්ට.

    ReplyDelete
    Replies
    1. උඹේ සින්ඩියයි ඒකෙ පිංතූරෙ කියන ගැජට්ටුවයි එවපං.

      Delete
    2. http://maathalangesindiya.blogspot.com/

      පින්තූරේ මාතලන් එකෙන් ගනින්. කරදරයක් නම් අවුලක් නෑ...

      Delete
  3. මම අහවලා.. මෙතැනින් ඇවිත් බලපං..

    www.samindikasrimantha.blogspot.com :D

    ReplyDelete
  4. //කොයිකටත් කියල අපි දෙන්නත් පොත් දෙකතුනක් ගත්ත. නිකං දෙනඑකේ ආයෙත් මොනවද!// අයේ ඉතින් නිකන් දෙනවනම් කැති පාරක් උනත් මොකෝ.

    ReplyDelete
  5. හෙහ්. ඕව උඹලට පොඩි කතා විතරක් බව මාත් දන්නවා. පට්ට ආතල් සීන් මේවයේ ලියන්න බෑනේ නැද්ද රාජෝ.. මොකෝ බලගෙට කෙලියද? නම් ගම් අහන්නේ..

    ඕං මගේ එකත් තියාගනිං තියේද කියල මම දන්නෙත් නෑ.. deshakaya.blogspot.com

    ReplyDelete
    Replies
    1. නෑ බං රෝලෙ තියන බ්ලොග් ගොඩක්විට බැලෙනව ඒකයි.

      Delete
  6. මොකද බොල මේවට හිනා වෙන්න බැරි. ඔය හොඳට හිනා ගියේ. මම අන්තිම පේලියෙ අහවලා. (not අහ වලා)
    ඒ කිව්වෙ උකුස්සා

    ReplyDelete
    Replies
    1. අහ වලා වෙනම නං හරි. අන්තිම පේලියෙ එවුන් ඔහොමමයි.

      Delete
  7. මෙන්න මේ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻
    පේලිය දාලා තියෙන්නේ අපිට එතැනදී හිනාවෙන්න කියන්නද?

    ReplyDelete
  8. ඒ කාළේ දේවල් මෙහෙමවත් ලියලා තියන එක වටිනවා. මටත් තියනවා බොහොම විස්තර ලියන්න වෙලාවනෙ නැත්තෙ. බලමු .....

    ReplyDelete
    Replies
    1. කොහෙද මහ වෙදන බිසිනෙ මේ දවස්වල

      Delete
  9. //"මචං එදා මූයි ඩොක්ටර් අහවලායි පොලීසියට ආවලු! ඕ.අයි.සී. මහත්තය අහනවලු "හා.... කවුද දැන් ඩොක්ටර් අහවලා?" කියල, මූ ටක්ගාල කියනවලු "සර්, මම තමයි ඩොක්ටර් අහවලා" කියල, එතකොට ඩොක්ටර් අහවලා අඬ අඬ අහනවලු "මෙයා ඩොක්ටර් අහවලා නං මම කවුද?" කියල හෙහ් හෙහ් හෙහ් හෙහ් හෙහ්..................//

    මට නම් වැඩිපුර හිනාගියේ ඔය කෑල්ලට.. :D

    ReplyDelete
  10. මම අහවලා එක බොහොමයක් ක්ෂේත්‍රවල සිදුවෙනවනේ. මේ සිද්ධිය වුනේ මම ලුතිතන් නිලයේ ඉන්න කාලේ.

    අපේ කඳවුරේ අණදෙන නිලධාරි වරයා නිවාඩු ගියාම, වැඩ බලන්න තරම් ජ්‍යොෂ්ඨ නිලධාරියෙක් ඒ කාලේ අපේ කඳවුරේ හිටියේ නැහැ. ඉතින් ඈත කඳවුරකින් මේජර් කෙනෙක්ව එවනවා වැඩ බලන්න. ඒ මේජර් එන කඳවුරේ ඉන්න ඔහුගේ යාළුවො රෑට අපේ කඳවුරට දුරකථන ඇමතුමක් දීලා ( ඒ කාලේ සී.එල්.අයි./ ජංගම දුරකථන තිබුනේ නැහැ) මම ජෙනරල් අහවලා, මම බ්‍රිගේඩියර් අහවලා කියලා, මෙන්න මේ වෙලාවට මගේ කෙනෙක් ඔය කඳවුරට එනවා, ආවේ නැත්නම් මට ඇමතුමක් දෙන්න කියනවා. අරයත් බොහොම ගරුසරු ඇතුව හා කියනවා. අමුත්තා ආවේ නැතුවාම අර ලොක්කාට කතා කරනවා. එයා අහනවා තමුන් කවුද? තමුන්ට පිස්සුද? ආයේ මේ වගේ ඇමතුමක් දුන්නොත් තමුන්ට විරුද්ධව විනය පියවර ගන්නවා කියලා.ඉතින් දහස් වාරයක් සමාව ඉල්ලලා තමයි බේරෙන්නේ. නිවැරදි ක්‍රමය නම් අපිට අහන්න පුළුවන් සර් මම සනාථ කරගැනීම සඳහා සර්ට දැන් ඇමතුමක් දෙන්නම් සර්ගේ අංකය දෙන්න කියලා.

    ඔන්න දවසක් එක මේජර් කෙනෙක් වැඩ බලන්න ආවා.(මේ මේජර් විශ්‍රාම ගියේ මේජර් ජෙනරල් වෙලා. අදත් රටේ බොහොම ලොකු ප්‍රබල චරිතයක්)මෙයා එදා රෑ කඳවුරේ එයාගේ නිවස්නයේ රූපවාහිනිය බලමින් ඉන්නකොට දුරකථන ඇමතුමක් ආවා. මෙයා දැනගෙන හිටියා අර බොරු ඇමතුම් මේ වගේ වෙලාවට තමයි එන්නේ කියලා. මෙයා සුභ සන්ධ්‍යාවක් වේවා මම මේජර් . . . කිව්වා අර පැත්තෙන් කිව්වා මම බ්‍රිගේඩියර් .. . .කියලා. මෙයා කිව්වා අනේ උඹේ අම්.........පලයන් ඩෝ යන්ඩ. මම නොදන්න බ්‍රිගේඩියර් කියලා. නමුත් ඇත්තටම කතාකලේ යුද හමුදා මූලස්ථානයේ බ්‍රිගේඩියර් වරයෙක්. මේ නිලධාරියාට විරුද්ධව එල්ලවූ විනය පරීක්ෂණයෙන් ඔහු ගැලවුනේ ලක්ෂ වාරයක් සමාව ඉල්ලලයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. හමුදාව එක්ක සෙල්ලං භයානකයි. බොහොම ස්තුතියි දිග ප්‍රතිචාරයට

      Delete
  11. අහවලාගේ ඩොක්ටර් සීන් එකනම් මරු.CS ආයේ නම් ඒම දෙයක් කෙරුවේ නැතුව ඇති ජීවිතේට.

    ReplyDelete
  12. මටනම් හිනා කතා එපා වෙන්නේ නැතෝ ,හික්ස් .පට්ට කතා ටික ..

    ReplyDelete
  13. අර xx ටික නොදා හිටියනම් රාජ් ලොල් තත්වයට
    උපරිම සාදරනයක් වෙනවා..මට අර පලවෙනි එක
    මීටර් උනේ නැහැනේ බන්..

    අරු පඩි පෙළ ළඟ එකාටවත් නොකිය ගිය එකද
    එතන ජෝක් එක ...?
    http://obeth-mageth-addakeem.blogspot.com

    ReplyDelete
    Replies
    1. මට හිතුන. ඒත් නම් කියන එක හොඳ නෑ කියල හිතුන.

      ඒක එච්චර ජෝක් එකක් නෙවේ. ඇත්තම කිව්වොත් ඒක විස්තර කරන්න බෑ. අරූ කලබල වෙලා දුවපු හැටි විස්තර කරන්න දුෂ්කරයි.

      Delete
  14. අන්තීම කතාව නම් නියමයි...

    ReplyDelete
  15. පට්ට කතා ටික..

    ReplyDelete
  16. වසවර්තියො වෙලා හිටිය කාලේ කරපු දේවල් දැන් කරන්නෙ නැහැයි වගේ ලියලා තිබ්බ එක ලොකු දෙයක්, නැත්නම් ආයේ හමුවෙන දවසකට "කෝස්" ගැනත් හිතන්න වෙනවා!!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්.... "පලවෙනි වතාවට" කෝස් දෙන සිරිතක් අපේ නෑ.

      Delete
  17. අහවලා මරු පොරක්නේ...

    මගේ බ්ලොග නම් රෝලේ තීනෝ.... :)

    ReplyDelete
    Replies
    1. අහවලා දැන් ඊටත් ලොක්කෙක්. සෙල්ලං බෑ.

      Delete
  18. ලොකු කේස් එකක් නේ.හිරේ නොගිහින් බේරුන එක හොඳයි.

    ReplyDelete
  19. හිකිස්...
    දෙවනි එකනං තේරුනා ඒත් මට පළවෙනි එක තේරුන්නෑනේ රාජ් අයියේ!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. පලවෙනි එක ඌ රැවටිච්ච එක විතරයි. වෙන දෙයක් නෑ.

      Delete
  20. අනේ හිනා ගියේ නෑ නේ... .D

    පුදුම වැඩ නේද කට්ටිය එකතු උනාම කරන්නේ..?

    http://punchikumarihamigewalawwa.blogspot.it/ මගේ බොලොක්කේ නැද්ද මන්දා ඔන්න ආයෙත් ලිංකුව දැම්මා..

    ReplyDelete
    Replies
    1. තව තියනව. පස්සෙ කියන්නං.

      Delete
  21. අහවලා, අහවලා කියනකොට මතක් උනේ මගේ අහවලානේ.:D

    ඇයි මේ? අපිට රස කතා හැමදාම ඕනි.:)

    ReplyDelete
    Replies
    1. කුමාරිහාමිල දෙන්නම එකට? හා ඔයත් කියන්නෙ අහවලා කියලනේ.

      Delete
  22. පලවෙනි කතාවෙ අග මට තෙරුනේ නෑනෙ.. කෑල්ලක් වැ‍ටුනාද ?

    ReplyDelete
  23. ප්‍රදර්ශනයකට වැඩ කරන්න කියලා ඉස්කෝලේ රෑ ඉඳලා, ඒ හෝල් එකේ තිබ්බ ටැලිපෝං එකකින් අපි පොලීසි වලටත් කතා කරලා ඔය වගේ ලණු දුන්නා. දැන් නං හිතලා බලද්දි චාටර් වැඩ.

    ReplyDelete
    Replies
    1. ප්‍රින්සිපල් කූඩුකලේ නැද්ද?

      Delete
  24. ඒක නං මරු... මේං මගේ එක ඈ..
    kpgtharaka.blogspot.com

    ReplyDelete
  25. හප්පට සිරි ඩොකාට මල ඇති උපරිමේට.

    ReplyDelete
  26. රාජ්...........
    උඹ ලියන ඒක දිගටම කරපන්. මම බ්ෙලාග් බලන්ඩ අැබ්බැහි වුෙන් උඒ හින්දා. මම හැමදාම බලන්ෙන් උඔ ෙමානවත් ලියලද කියලා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ටිකක් වැඩ වැඩි නිසා ඉස්සර වගේ ලියන්න බෑ.

      Delete
  27. හප්පට සිරි දියතලාවේ ඉදලා මාතරට බඩගාන්න තරම් විහිළුව දුර ගිය හැටියක් ...

    නියම කථාව...

    ReplyDelete