Tuesday, February 19, 2013

පහේ පන්තියෙ කතාවක්. (A story of Grade 5)

පහ ශ්‍රේණියේ ඉගනගන්නා කුඩා පුතු පාසල හැරී පැමිණි වෙලාවේ සිට කණස්සල්ලෙනි. පියාට පුතුගේ වෙනස අවබෝධ විය. ඔහු විමසන්නට විය.

"ඇයි පුතා අද එක විදියක්, ටීච ගැහුවද? එකත් එකටම දඟ වැඩක් කරන්න ඇති!" එහෙත් පුතු නිහඬය.

"කවුරුහරි කොල්ලෙක් එක්ක රණ්ඩු වෙන්න ඇති එහෙනං"

"මම හැමදාම කියනවනේ යාලුවොත් එක්ක රණ්ඩු වෙන්න එපා කියල!" කුස්සියේ සිට බත් පිඟාන රැගෙන පැමිණි මවද කතාවට එක්විය.

"ඉතිං කාත් එක්කද රණ්ඩු උනේ?"

"මම කා එක්කවත් රණ්ඩු උනේ නෑ අම්මේ"

"එහෙනං......"

"මම තවත් උපන්දිනේට තෑගි දෙන්නෙ නෑ"

"ඒ මොකද ඒ.....?"

පුතුගේ උපන්දිනය නිමිත්තෙන් පාසලේ සිටි දුප්පත් ළමයින් කිහිපදෙනෙකු සඳහා අවශ්‍ය පොත්පත් පරිත්‍යාග කිරීම වසර කිහිපයක සිට කරගෙන එන්නකි. පියාගේ යෝජනාවක් අනුව පුතු ඉතා කැමැත්තෙන් මෙම ක්‍රියාවට දායකවූ අතර එය ගුරුවරුන්ගේ පැසසුමටද ලක්විය. එහෙත් පුතුගේ මේ වෙනස ප්‍රහේලිකාවකි.

"ඇයි පුතා එහෙම කියන්නෙ? කොච්චර හොඳ වැඩක්ද ඔයා කලේ"

"ඒ වුනාට චමීරල කැමති නෑ ඒකට"

"කවුද චමීර කියන්නෙ? ආ..... ඔයාලගෙ පන්ති නායකය නේද?"

"හ්ම්. එයා තමයි!"

"ඉතිං ඔයා පොත් දුන්නම එයාට මොකද?"

"එයා කියනව පොත් දෙනව නං ඒක පහේ පන්තියෙ සාමූහික වැඩක් විදියට කරන්න ඕනලු! නැත්තං නොකර ඉන්නලු! එහෙම කරන්න බැරිනං පංතියෙං යන්නලු!"

"පෙනේද මුංගෙ තරම! කියන්න ඕන මේක ප්‍රින්සිපල්ට. අපි හෙටම ඉස්කෝලෙට යමු මෙයා"

"වැඩක් නෑ අම්මේ! මං ඒක එයාලට කිව්ව"

"ඉතිං?"

"ඉතිං එයාල කියනව ප්‍රින්සිපල්ට නෙවේ උසාවියට ගියත් වැඩක් නෑ කියල. අනෙක ලංකාවෙ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුලෙත් ඔය නීතිය තියන එකේ පහේ පංතියෙ අපි මොනව කරන්නද?"

70 comments:

  1. මයෙ අම්මෝ... මට හිතාගන්න බැරුව හිටියේ මොකාටද එන්න හදන්නේ කියල. Well Said මචන්

    ReplyDelete
  2. මේක බලලා මම හූ කියලා හිනාවෙනකොට අපේ ගෙදර උන්දෑ මගෙන් අහනවා පිස්සුද කියලා. මම කිව්වා අපි ඔක්කොටම පිස්සු තමයි කියලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  3. මේක නං බං.. කන් පැලෙන්න ගහන ගැහිල්ලක්.. ඉස්තරම්... අඩේ උඹ මාර දර්ශනකාරයෙක් නෙව.. හිතාගන්න බෑ බං.. සිරාවට හිනාව නවත්තගන්න බෑ බොල...

    ReplyDelete
  4. ඕකනම් කන්නම් ස්ටයිල් .. :D

    ReplyDelete
    Replies
    1. කන්නම් ස්ටයිල්
      මරු!

      Delete
  5. පහේ පන්තියේ නෙවෙයි දෙකේ පන්තියේ තරම්වත් මොලයක් නැති වැඩ තමයි මේවා...
    ප්‍රබන්ධ හැකියාවනම් අපුරුයි රාජ්

    ReplyDelete
  6. එහම වෙන්න ඕනෙ කියල සාමුහිකව කරනව නම් හොඳයි. සාමූහිකව කියල වැඩේ අල කරාම හරියන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. සාමූහිකව කරන්න ඕනද කියනඑක තීරණය කරන්න ඕන ඒක කරන මනුස්සය.

      Delete
  7. අප්පා මෙයාට මේ අදහස් කොහෙන් එනවද දන්නෑ..කන අතගාලා කන පැලෙන්න ගහනවානේ....

    ReplyDelete
  8. ඒක නේන්නම්.
    පොඩි එකාගේ දැනුම තමා දැනුම !

    ReplyDelete
  9. මානි ගේ කොලම කොලිටියේ කතාවකි!

    ReplyDelete
    Replies
    1. මමත් මේ කියන්න හැදුවේ ඒකමයි. මටත් එකපාරටම මතක් වුනේ 'මානිගේ තීරුව'

      Delete
    2. ඔව්. මම කැමතිම විශේෂාංගයක් තමයි මේක.

      Delete
  10. මං මේ හිත හිත ඉන්නෙ කොයි ලොකු පස්සෙද ලොකුම පොරජාතන්තරවාදී එක කියලයි.. ලොකුයි කියන පස්ස ඔක්කොම එයාලගෙ වැඩ කිඩ පෙන්නුවනෙ ආණ්ඩු කරන කාලෙදි.. එක කට්ටියක් පෙන්නුවෙ ඒ කට්ටිය වෙන්ඩ ආණ්ඩුවක් වගෙ කැලේ ඉඳන් කලුවරේ රජ කරනකොට..

    ReplyDelete
  11. රජා දන්නවනම් මේවා.... අය්යෝ මොනව කරගනීද නේද????

    ReplyDelete
  12. කොහොම හරි අපේ රනිල් අපට හොඳා....

    අඩෝ වල් රාජ්... හිටපියව් අපි බලේට එනකම්....

    ReplyDelete
  13. ඔය පොඩි එක ඇත්තටම පොඩිද බොලේ.... මම ඔෆිස් එකේ හැමෝටම පෙන්නුව.. පෙන්නුව නෙමෙයි පෙන්නන්න වුනා.. තා පොඩ්ඩෙන් ජොබ් එකත් ගහල යනව...

    ReplyDelete
    Replies
    1. බලාගෙන! පරෙස්සමින් බලන්න ඕන ඔපීසි වලදි.

      Delete
  14. හත්වලාමේ?? මේ 5 පන්තියද?? මේ ළගදි මං අපේ චූටි නංගිට බැන්නා තාම 6 වසරේ මට කියනවා ලෙමන් පෆ් කන්න එපාලු ඒවා හලාල් කියලා... හයියෝ... ශම්මි :/

    ReplyDelete
    Replies
    1. මේ ළගදි මං අපේ චූටි නංගිට බැන්නා තාම 6 වසරේ මට කියනවා ලෙමන් පෆ් කන්න එපාලු ඒවා හලාල් කියලා//

      පේනව නේද දැං හැදෙන එවුන්ගෙ හැටි.

      Delete
  15. උඹත් හිමීට හිමීට උංටම අරිනව නේද... :D

    ReplyDelete
    Replies
    1. අරින්න හිතෙනව බං මේ වැඩවලට.

      Delete
  16. පහේ පන්තියේ අපි මොනා කරන්නද..එතකොට දෙකේ තුනේ එවුන්.හප්පා චමීරල හරි නරකයි

    ReplyDelete
  17. හි හි...

    ඕක තමා හැමතැනම වෙන්‌ෙන්.. පස්ස වල විතරක් නෙවෙයි... වැඩක් කරන එකාට කෙලවන එකමනේ ඉතිං අපේ උන්ගේ පුරුද්ද... වෙන මොකවත් නෙවෙයි.. කුට්ටිය කඩා ගන්න බෑරි හින්දා... ඔහොම කිව්වේ මම නෙවෙයි.. අපේ තාත්තා...

    ReplyDelete
  18. මට ගහපන් මොකේකින් හරි... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  19. මූ අවුරුදු කීයක් ෆේල් වෙච්ච එකෙක්ද ?

    ReplyDelete
    Replies
    1. 27 වාරයක්ද කොහෙද ෆේල් වෙච්ච එකෙක්

      Delete
  20. Replies
    1. උඹට නං පුල් ආතල් නේ මේව දකිනකොට :)

      Delete
  21. දැන් එතකොට ඔය පන්තියේ උප නායකයෝ කී දෙනෙක් ඉන්නවද ?

    ReplyDelete
    Replies
    1. උපනායකයො 4ක් දාන්නනේ හදන්නෙ.

      Delete
  22. කොල්ලගෙ මොළේ තමා මොළේ...නියම උත්තරය..

    ReplyDelete
  23. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මඩිස්සලේ නිශාන් has left a new comment on your post "පහේ පන්තියෙ කතාවක්. (A story of Grade 5)":

      ඇත්තනේ ඉතින් :)

      සොරි වෙන්න ඕන. උ‍ෙඕ කමෙන්ටුව මැකුන ෆෝන් එකෙන් බ්ලොග් බලන්න ගිහිල්ල.

      Delete
  24. එහෙම තමා ඩෝ රැඩිකල් නායකයෝ...ඔහොම හිටහංකෝ රැඩිකල් වෙනකම්, උඹලට චූ යන්න දෙන්න. (සභා තොමෝ බඩ අල්ලං හූ කියති)

    ReplyDelete
    Replies
    1. අනේ බං උගේ අම්මගෙ රැඩිකලේ. මෙහේ මහඑකා රට කනව. මූ කෝපි බිබී ඉන්නව. කෝ මේ මාතලන්-බුවා ඩබල...

      Delete
  25. අන්තිමට කැරකිලා කැරකිලා අපේ පක්ෂෙටමනේ රාජ් අයියලත් කෙලින්නේ....

    ReplyDelete
    Replies
    1. අපි මොනවද කරන්නෙ බං. ඔය කරගෙන තියන හරිය මදැයි.

      Delete
  26. මොනවා කියන්නද කතාව නම් ඇත්ත. තමන්ගේ පුද්ගලික සල්ලි වලින් නම් පොත් ගන්නේ කාට දුන්නම මොකද? හැබැයි මේ පොඩි එකා තෑගි දෙන්නේත් තෑගි දීල ජනප්‍රිය වෙලා පන්ති නායකයට වඩා කොහොම හරි ජනප්‍රිය වෙලා පන්ති නායක කම උස්සගන්න යටි අරමුනෙන්ද? නැත්නම් ඉතින් ඔයවගේ ඔල්මොරොන්දන් නීති ඕනෑ වෙන්නේ නෑ. මෙහෙම වැඩකුත් තියනවා මම පන්තියේ නායකයා උනාම උබට හොඳට සලකන්නම් කියල පන්තියේම ඉන්න සල්ලිකාර කොල්ලෙක්ගෙන් ස්පොන්සර් කරගෙනද දන්නෙත් නෑ මේ ඇම්ඩන් තමන්ගේ අතින් දෙනවා වගේ නිකම් පොත් බෙදන්නනේ?

    ReplyDelete
    Replies
    1. හැබැයි මේ පොඩි එකා තෑගි දෙන්නේත් තෑගි දීල ජනප්‍රිය වෙලා පන්ති නායකයට වඩා කොහොම හරි ජනප්‍රිය වෙලා පන්ති නායක කම උස්සගන්න යටි අරමුනෙන්ද?//

      වෙන්න ඇති. හැබැයි හිතේ තියන දේවල්වලට දඬුවම් දෙන්න බෑනේ බං.

      Delete
    2. ඇයි බැරි රාජ් ළමයි අතින් අනාගතයේ විය හැකි වරදවල් වලට. තාත්තලාගෙන් වුන වැරදිවලට ළමයින්ට දඬුවම් කීරීම අපි අනුමත කරනවා නේද? බොරුනම් මාරයාගේ මේ ලිපිය බලන්න.

      Delete
  27. මචං මමත් 3 වසරේදී පන්තියේ හොටපු එකෙකුට අළුත් ෂර්ට් එකක් දුන්නා තෑග්ගක් විදියට.මොකද ඌ දුප්පත් නිසා මූ එක ගත්තේ නැහැ නේ මට මාර ලැජ්ජාව.

    මේක මේ කාල්*** කියන සංවිදානයේ වැඩක් ද? මොකද එකෙන් වෙන්නෙත් මේ වගේ වැඩ..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ. මේ අර බිල් ක්ලින්ටන් වගේ නායකතුමාගෙ වැඩ.

      Delete
  28. ඇත්තටම උනු දෙයක්ද?

    ReplyDelete
  29. ඔව් බං හෝඩියේ ඉන්න අපි ඕවට මොනවා කරන්නද?

    ReplyDelete
  30. හත් ඉලව්වයි කිව්වලු

    ReplyDelete
  31. අන්න මොලේ.... රටේ අනිත් එවුන්ටත් ඔය වගේ මොලයක් තිබ්බනම් අපි අද මෙතන නැහැ.....

    ReplyDelete
  32. මම පහේ පන්තියෙ සිසුවෙකු තරම් උගතෙකු නොවෙමි ....

    ReplyDelete
  33. අති විශිෂ්ඨයි රාජ්!! බැරි ද ඒ පහේ පංතියෙ පුතාට කියන්න ඔබාමා අන්කල්ට ලියුමක් එවන්න කියලා ... මෙහෙ අය හැමෝම මේ දැන් අවුරුදු හතරක් ගිහිනුත් තාම බලාගෙන ඉන්නවා සාමූහිකව වැඩක් කවුරු හරි කරන තුරු!!!!

    ReplyDelete
  34. ඔන්න ඔය වගේ සාමුහිකව කරන්න කිවුවයින්නේ අයියේ අපිත් ඉස්කෝලේ ළමා දිනේට පොත් දුන්න එක නවත්තන්න උනේ..

    ReplyDelete
  35. පහේ පංතියේ ළමයින්ට ඔච්චර දෙයක් පුළුවන්ද? ඔන්න අපි නම් 5 වසරට ආපු කාලෙ ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනෙවත් හරියට කියාගන්න බැරිව උන්නෙ...

    ReplyDelete
  36. මෙයත් ඉඳල හිඳල හයේ පාරවල්මනේ ගහන්නෙ. ඒත් වැඩක් නෑ බං, දැං ටීම් එකේ එවුන්ම කෙළගන්නව ඇරෙන්න ප්‍රතිවිරුද්ධ ටීම් එකත් එක්ක මැච් එකට යන පාටක් නෑ ඒගොල්ල. ඔය 5 පන්තියෙ නායකය නම් වෙලාවකට කරන වැඩ කොහොමටවත් මිනිහට තරම් නොවෙන වැඩ. මෑන්ට ඕන ෆේල් වෙවී ෆේල් වෙවී හරි හැමදාම පහේ පන්තියෙ ලීඩර් වෙන්න විතරයි. ඉහළ පන්තියකට යන අදහසක් නෑ වගේ දැන්නම්.

    ReplyDelete
  37. මුන් 5 පන්තියෙ එව්වො කිව්වට මට නම් ෂුවර් නෑ....

    ReplyDelete