Tuesday, June 18, 2013

පරණ කතාවක් සහ අලුත් කතාවක්!

මගේ බ්ලොග් එකේ වැඩියෙන්ම තියෙන්නෙ දේශපාලන, කතන්දර සහ රාජ්‍ය සේවය ගැන ලියවිච්ච. අද කියන්න යන්නෙ මේ තුනම සම්බන්ධ කතන්දරයක්. මේ කතන්දරේ මතක් උනේ අද උදේම ටීවී එකේ පත්තර කියවන වැඩසටහනක් බලද්දි.

මම කොළඹ වැඩකරන කාලෙ අපේ ඔපීසියෙ හිටිය මිස් කෙනෙක්. මෙයාගෙ තනතුර “පරිගණක දත්ත ක්‍රියාකරු”. මේ තනතුර ගැනත් යමක් කියන්න තියනව. චන්ද්‍රිකා නෝන රට කරවන කාලෙ රිචඩ් පතිරණ උන්නැහේ තමයි මේක ඇතිකලේ. එහෙම නැත්තං එයාගෙ අමාත්‍යංශය යටතේ ඇතිකල තනතුරක්. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම මෙයින් එක නිලධාරියෙක් දුන්න. නමේ හැටියට මෙයාලගෙ රාජකාරිය අමුතුවෙන් කියන්න ඕන නෑනේ. වැඩේ කියන්නෙ ලංකාවටම ඕන කරන පරිගණක දත්ත සටහන්කරුවන් ගත්තෙ ගාල්ල දිස්ත්‍රික්කෙන්. එහෙම නොවුන උදවිය හිටියෙ ‍බොහොම ටික දෙනයි. කස්ටිය කෙලින්ම ඇමතිතුමාගෙ ලිස්ට් එකෙන් ආවෙ. එක දිස්ත්‍රික්කයක මිනිස්සු මේ විදියට ලංකාව පුරාම යෙදවීමේ අමනෝඥ තීරණයේ ප්‍රතිපලේ තමයි ටික කාලයක් යද්දි කවුරුත් ගාල්ලට එන්න ට්‍රයිකිරීම. මේක රාජ්‍ය සේවයේ අතිශයින්ම ස්වාභාවික කේස් එකක්. රස්සාව දෙනකොට ලංකාවෙ ඕන තැනක ඉන්නව කිව්වට කලක් යද්දි පරස්තාවක් එහෙම කරගත්තම ගමට එන්න එපැයි. මේ සීන් එකේ අවසාන ප්‍රතිපලේ විදියට අද වෙනකොට මේ තනතුරේ උදවිය කරන්නෙ ලිපිකරු තනතුරේ වැඩ. ලිපිකරුවන් එක්ක සුහද මාරුවීම් කරගන්න පුළුවන් වෙන්නෙ එහෙම උනොත් විතරයිනේ.

මම වැඩකල කාර්යාලෙ හිටිය නෝනත් කාලයක් තිස්සේ ගමට යන්න ට්‍රයි කරනව. ඒත් වැඩේ හරියන්නෙම නෑ. මොකද එයා වෙනුවට අපේ කාර්යාලෙට එන්න කෙනෙක් ගාල්ලෙන් හිටියෙ නෑ. (කවුරුත් ගාල්ලෙනේ). අද කාලෙ උද්ගත වෙන හැම ප්‍රශ්නයක්ම ජනාධිපතිතුමා මැදිහත් වෙලා විසඳනව වගේ අන්තිමට මෙයා ජනාධිපතිට ලිව්ව තමුන්ගෙ දුක් ගැනවිල්ල. සුපුරුදු විදියට ජනාධිපති කාර්යාලෙට ගිය ලිවුං කඩදාසියෙ පිටපතක් අමාත්‍යංශෙට එනව “සුදුසු ක්‍රියාමාර්ග ගන්න” කියන උපදෙස් දීල. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයේ වැඩ ඔහොම තමයි. රජයේ ආයතන ගැන විශ්වාසයක් නැතිව, කවුරුහරි කෙනෙක් ඇමති කෙනෙකුට හරි ජනාධිපතිට හරි තමුන්ගෙ අවශ්‍යතාවය කිව්වත් අන්තිමට වෙන්නෙ අදාල කාර්යාලයටම ඒ ලිපිය ලැබීම.

මට මතකයි එක සැරයක් මේ වගේ කේස් එකක් උනා. මම වැඩකල කාර්යාලයට නිර්නාමික පෙත්සමක් ආව. කවුදෝ ගැන පැමිණිලි කරල. පැමිණිලිකාරයට අපි ගැන විශ්වාසයක් නැති නිසා අපේ ප්‍රධාන කාර්යාලය වෙච්ච කච්චේරියටත් ලියුමෙ කොපියක් යැව්ව. හැබැයි කච්චේරිය ගැන මෙයාට විශ්වාසයක් තිබිල තියනව. මොකද ඒකට යවපු ලිපියේ තමුන්ගෙ අනන්‍යතාවය සඳහන් කරල තිබුන නිසා. අපිට “නිරිණාමික” පෙත්සම ලැබිල දවස් දෙකතුනකින් “නාමික” පෙත්සමේ කොපියකුත් එනව කච්චේරියෙන්. මේ ක්‍රියාදාමය පෙත්සම්කාරය දැනගෙන හිටිය නං කවදාවත් තමුන්ගෙ නම සඳහන් කරන එකක් නෑ. ඔන්න ඔහොමයි වැඩ.

ආයෙත් කතාවට ආවොත්, අර නෝනගෙ දුක්ගැනවිල්ල අපේ අමාත්‍යංශයට ගියා. කතාව එතනින් ඉවර උනේ නෑ. මෙන්න බොලේ ඊට පස්සෙ අමාත්‍යංශයෙන් කියනව තමුන්ගෙ අවසර නැතුව ජනාධිපතිට ලිවුං ඇරියට නිදහසට කරුණු කියන්න කියල! මම රස්සාවට ගිය අලුත මේ කේස්එක උනේ. මේ ගැන හොයල බැලුවම වැඩේ ඇත්ත. සාමාන්‍ය වැසියෙකුට ජනාධිපතිට තමන්ගෙ දුක්ගැනවිල්ල කියන්න පුළුවන් උනාට රජයේ සේවකයන්ට බෑ. එයාල ජනාධිපතිට-ඇමතිවරයෙකුට හෝ වෙනත් අමාත්‍යංශයකට, එහෙම නැත්තං තානාපති කාර්යාලයකට හෝ විදේශයකට ලිපියක් යවනව නම් තමුන්ගෙ ආයතන ප්‍රධානියා හරහා යන්න ඕන. උදාහරණයක් විදියට මට ජනාධිපතිට යමක් කියන්න ඕන නම් අපේ ආයතන ප්‍රධානියා(ප්‍රා.ලේ), දෙපාර්තමේන්තු ප්‍රධානියා(දි.ලේ), අමාත්‍යංශ ලේකම් කියන තුන්දෙනාම හරහා තමයි වැඩේ කරන්න වෙන්නෙ.

අන්තිමේදි අර නෝන අමාත්‍යංශෙට කිව්වද කොහේද “ආයෙත් ඒ වගේ වැඩක් කරන්නෙ නෑ” කියල. ඒ කේස් එක එතනින් ඉවර උනා.

මේ කේස් එක මතක් උනේ ලංකාවේ ප්‍රශ්න ගැන කතා කරන්න අද දෙමළ සන්ධානෙ මන්ත්‍රීවරු ඉන්දියාවෙ අගමැතිතුමා මුනගැහෙන්න නියමිතයි කියන නිව්ස් එක ඇහුවම. රජයේ සේවයේදි අර විදියට වැඩ සිදුවුනාට මහජන නියෝජිතයන්ට පුළුවන් ආණ්ඩුවේ සම්බන්ධයක් නැතිව උනත් විදේශ නියෝජිතයන් මුනගැහෙන්න-ප්‍රශ්න කතා කරන්න. එයාලට කොහේ ගියත් බෙදාගන්න තියෙන්නෙ වෙන හැන්දක්නේ.


42 comments:

  1. Replies
    1. කොහොම හරි අන්තිම්ට අර නෝන ගාල්ලටම ගියාද ?? නැත්තම් තාම එහේද??

      Delete
    2. ගාල්ලට ගියා.

      Delete
  2. ජනාධිපතිතුමාට කෙලින්ම ලිපි ලියන්න බැරි නීතිය හමුදාවේත් තියනවා. හමුදාවේ අයගේ දුක්ගැනවිලි අහන්න යටත්පිරිසෙයින් සතියකට වතාවක්වත් අණදෙන නිලධාරි වරයා 'අයදුම් පැය' (නම එහෙම වුනාට පැයක් නෙවේ වරුවක් තියනවා) නමින් කාලවේලාවක් ලබාදෙනවා. මෙහිදී ලිඛිතව හෝ වාචිකව තම දුක්ගැනවිලි ඉදිරිපත් කරන්න පුළුවන්. එයින් පලක් නොවන්නේ නම්, බලසේනාධිපතිතුමා, සේනාංකාධිපතිතුමා, රෙජිමේන්තු ආඥාපතිතුමා, ප්‍රධාන මාණ්ඩලික තුමා, යුදහමුදාපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා, මගින් ජනාධිපතිතුමා දක්වා තම දුක්ගැනවිල්ල ගෙනයා හැකියි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. හමුදාවේ තත්වය වඩාත් අයහපත් වියයුතුයි. අණදෙන නිලධාරියාගෙන් පස්සෙ ඉහලට යන උදවිය ඉන්නවද?

      Delete
    2. ස්ටෙප් බයි ස්ටෙප්... එහෙම නැතිව බයිපාස් කරන්න ගියොත් මුලින්ම උඩින් ඉන්න එකා ආව එකාට විදලා තමා පටන් ගන්නේ... අන්තිමට වෙන්නේ වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටීම...

      Delete
    3. දැන් ඉතිං එකත් වෙනස් වගෙයි.

      Delete
    4. අණදෙන නිලධාරිගෙන් පස්සේ ඉහලට යන අය ඕනේ තරම් ඉන්නවා. සමහර අණදෙන නිලධාරි වරුන්ම කියනවා ඊළඟ අවස්ථාවට යන්න කියා. ඒ වගේම තමන්ගේ අණදෙන නිලධාරියා තමන් ගැන ලියන වාර්ෂික රහස්‍ය වාර්තාව (කෝප්‍රල් නිලයේ සිට ඉහලට ඇති සෑම නිලයක්ම)අදාළ නිලයාට පෙන්වා අත්සන ලබාගත යුතුයි. එහිදී එම වාර්තාවට එකඟවෙමි කියලා හෝ එකඟ නොවෙමි යනුවෙන් එහි ලියා අත්සන් කරන්න ඒ ඒ නිලයාට අයිතියක් තියනවා. එම වාර්තාව බලසේනාධිපති/සේනාංකාධිපති/රෙජිමේන්තු අධිපති/ වෙත ගියාම, ඔහුට බලය තියනවා, එය වඩාත් හොඳ හෝ නරක වාර්තාවක් කරන්න (ඔප්පු කිරීමට සාධක සහිතව)

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  3. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා බූරූවන්ට තප්පුලන්නත් පුළුවන්..

    ඒ මිනිස්සුන්ට හැම දාම කොකා පෙන්නන එක නේ කරන්නේ. වෙන කාට කියන්නද? දීපූ එකාටම කියනව ඇර...

    ReplyDelete
  4. ජනාධිපතිට කෙලින්ම ලියුම් යවන්න පුලුවන්ද , එතකොට ඒ ලිපි ඔක්කොම එතුමා කියවනවද . මම හිතන්නේ වෙනම අය පත්කරලා ඇති ..

    ReplyDelete
    Replies
    1. ලොක්ක කියවන්නෙ නෑ. ඒත් හැම ලිපියක්ම කවුරුහරි කියවල මොනව හෝ උත්තරයක් යවනව. ඒකත් මදැයි නේද?

      Delete
    2. මචන් උඹ වගේ මෝඩයෝ හින්දා තමා රටට මේ හෙණේ....
      දෙකේ පන්තියේ එකෙක්වත් අහන් නැති ප්‍රශ්නයක් උඹ ඇහුවේ....

      Delete
    3. LOL සමාවෙන්න හිනා උනාට නමුත් "නිර්නාමික" ගේ කථාවෙත් ඇත්තක් තියෙනවා. එතුමාට එවන ඔක්කොම ලියුම් කියව කියව හිටියොත් එතුමාට Lamborgani එක පදින්න වත් වෙලාවක් නැතුව යනවනේ.

      Delete
  5. ටීඑන්ඒ මන්ත්‍රී වරුන්ටත් වෙනව ඇත්තෙ ජනාධිපති ට ලියුම් ලියපු ලේඩිට වෙච්ච දේම තමා. වෙන මොකද්ද ඉතිං? රටේ ප්‍රශ්න ජාත්‍යන්තරේට ගෙනිච්චට ලොකු ප්‍රතිඵලයක් ලැබෙන්නෑනේ.

    ReplyDelete
    Replies
    1. නෑ මෙතනදි එයාලට කතා කරන්නවත් පුළුවන්නේ.

      Delete
  6. ඔව් රාජ්‍ය සේවයේ ඔය අමාත්‍යංශ වල වැඩ කරන අයට ලේකම්ටවත් කෙලින් ලියුමක් යවන්න බෑ මම කියන්නේ පහළ ශ්‍රේණි අය ගැන.. තමන්ගේ ලොක්කා හරහාම තමා ඒක යවන්න ඕන. මගේ මිත්තරයෙක් එහෙම කරල අවවාද කරල ලියුමක් ගහල තිබුනා..

    ReplyDelete
  7. දැන ගත්ත එක හොඳයි. හැබැයි ලොක්කට විරුද්ද දෙයක් වාර්තා කරන්න බෑනේ මේ විදියට.

    ReplyDelete
    Replies
    1. පුළුවනි,ලොක්කට විරුද්ධව වුණත් ලියන්න පුළුවන් ලොක්ක මාර්ගයෙන්ම...එය ඉහළට යැවිය යුතුයි.

      Delete
  8. මෙතැන රාජ් දෙමළ සන්ධානය ඉන්දිය අගමැති වරයාව හමුවන්නේ රාජ තාන්ත්‍රික අංශයෙන් නොවෙයි නේද? එතැන ඇත්තේ ඉන්දීය තමිල්නාඩුවේ බලපෑම. ඉන්දීය මධ්‍යම රජයට කොහොමත් තමිල්නාඩු හඪට කන් දෙන්න වෙනවා. එවැනි අවස්ථාවක් තමයි මේ උදාකරලා දීල තියෙන්නේ.

    ReplyDelete
  9. ඇත්තටම ඒ පෙකිං ඕඩර් එක දිගේ නොගිහින්කෙලින්ම ලොක්කට කතාකරන එක නීති විරෝධී බව මම දන්න අද. මම හිතුවේ ඒක සම්ප්‍රදාය පිළිබඳ ප්‍රශ්ණයක් විතරයි කියලා.

    ReplyDelete
  10. ඔය මොන මගුලවත් බලපාන්නෙ නැහැ ලොක්ක එන මහජන රැලියකට අල්ලපු ගෙදර පොඩි එකා හරි වඩාගෙන පොඩි එකා අතින් ලිවුම දුන්න නම් එවෙලම ප්‍රතිචාර.

    ReplyDelete
  11. මට හම්බෙන්න ඔන්න මෙන්න වගේ තිබුන ඔය රස්සාව ගම ගාල්ලේ නොවීමේ හේතුව මත කෙල උනා. එදත් එදයි මම රජයේ රස්සා ගැන තිබ්බ අදහස එහෙම්ම අතෑරියා. අද මම සතුටු වෙනවා හැම දේම වෙන්නේ හොඳටයි කියලා.

    ReplyDelete
  12. ලංකාවේ බොහෝ දෙනෙක්ට දැන් උවමනා වෙලා තියෙන්නේ රට දියුනු කරන්න නොවෙයි.රට බෙදන්න.තම තමන්ගේ සිතුවිලි වලට පණ දෙන්නයි ඕන.මට නම් තෙරෙන්නේ එච්චරයි.

    ReplyDelete
    Replies
    1. ගයානී නංගී!! බදාගෙන කනවට වඩා බෙදාගෙන කෑම හොඳෙයි නේ.

      Delete
  13. ක්‍රමවෙදයක් තියෙන්න ඔන.එක සාදාරන වෙන්නත් ඔන

    ReplyDelete
  14. //මොකද එයා වෙනුවට අපේ කාර්යාලෙට එන්න කෙනෙක් ගාල්ලෙන් හිටියෙ නෑ. (කවුරුත් ගාල්ලෙනේ)//

    දැන් හම්බන්තොට අයට මේ ප්‍රශ්නෙ එයි නේද බං?

    ReplyDelete
    Replies
    1. ඊළඟට චීනෙට ඔය ප්‍රශ්නේ එන්නේ, චීන්නු ටික ලංකාවෙනෙ ඉන්නේ දැන්.

      Delete
  15. මචං ලංකාවෙ විසඳන තරමක් ප්‍රශ්න විසඳන්නෙ ලොක්ක කෙලින්ම මැදිහත් වෙලා... ඉතින් ලොක්කටම කෙලින්ම ඕක කියලා යැව්වහම ඉවරයිනෙ...

    ReplyDelete
  16. රජයේ සේවකයෙකුට කෙලින්ම තම දුක්ගැනවිල්ල ගැන ලොක්කෙකුට ලියන්න බැරි උනත් ඒකත් කර ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අදාළ ලිපිය තම ආසන්න ප්‍රධානියා මාර්ගයෙන්,දෙපාර්තමේන්තු ප්‍රධානියා මාර්ගයෙන්, ඇමතුම කරලා,ඒවිදියට ලිපිය යවන ලෙසට අදාළ පිටපත්ද සමග ආසන්න ප්‍රධානියාට භාරදීලා (ඒ ලිපියේම සඳහන් කරන්න ඕනෑ ප්‍රගමන පිටපත එවමි කියල) ප්‍රගමන පිටපත කලින්ම අදාළ තැනැත්තාට යවන්න පුළුවන්. ලෝකකට විරුද්ධව උනත් ලොක්ක මාර්ගයෙන්ම ඉහලට දන්වන්න මේ අනුව පුලුවන් .හැබැයි සත්‍ය කරුණු ලිව්වේ නැත්නම් ,සංයම භාෂාව පාවිච්චි කෙරුවේ නැත්නම් ලියපු කෙනා අමාරුවේ වැටෙනවා.

    ReplyDelete
  17. සීමා තියෙන එක වෙලාවකට හොඳ වුනාට, වෙලාවකට හරි කරදරයක්.

    ReplyDelete
  18. අදාළ ඇත්ත කතාවක්.

    ඔන්න එක්තරා රජයේ ආයතනයක පහළ නිලධාරියෙකුට තමන්ගෙ ඉහළ නිලධාරියා ලොකු ඇණයක් වුණාලු. දැන් මේ පුද්ගලයාට ලොක්කා මානසික වදයක්. දෙඤ්ඤම් බැටේ කියලා ලිවාලු ජනාධිපතිතුමන්ට. වැඩේ කොහොම හරි කරවා ගන්න හිතලා (සමහරවිට ඇත්ත වෙන්නත් ඇති.) මෙහෙමත් ලිව්වාලු.

    ගරු ජනාධිපතිතුමනි, මේ පුද්ගලයා මට කොයි තරම් මානසික වදයක් වී තිබේද යත් රාත්‍රියට මා බිරිඳ සමඟ සංසර්ගයේ යෙදෙන අවස්ථාවේ පවා මට මොහු සිහියට නැඟීම නිසා ඒ කටයුත්තෙන් ලබන වින්දනය ලැබීමට නොහැකි වී තිබේ. එනිසා මා හට මේ මාරුව ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

    (මෙහෙම නෙවෙයි, හොඳටම දුක හිතෙන විදියට විස්තර ඇතුව ෆුල්ස්කැප් කොළේක විතර විස්තර, කොහොමද මේ පුද්ගලයා තමන්ගෙ වින්දනයට බාධා වෙන්නෙ කියලා!)

    දැන් ඉතින් ඔය ලියුම එනවලු නිලධාරීන් ගණනාවක් හරහා අර මනුස්සයාගෙ ලොක්කා අතටම. මඟදි ඒක පාස් කරපු වැඩි දෙනෙක් ෆොටෝ කොපිත් ගහ ගත්තාලු ගෙදර ගිහින් නෝනටත් පෙන්නන්න කියලා!

    ReplyDelete
  19. සමහර පෞද්ගලික ආයතන වසරකට වරක් හැම සේවකයකුටම තමන්ගේ ලොක්කාගේ ලොක්කා (හෝ ලොක්කගේ ලොක්කන්) සමඟ පෞද්ගලිකව හා රහසිගතව කතා කරන්න අවස්ථාවක් ලබා දෙනවා. මේ නිසා ලොක්කගේ වරදක් වුණත් දන්වන්න පුළුවන්. එසේම සමහර ආයතන දැන් අංශක 360 ඇගැයීම් වලට යොමුවෙලා. එමඟින් ලොක්කන් විසින් පොඩ්ඩන් ඇගැයෙනු වෙනුවට හැමදෙනාම තමන්ගේ ඉහළ හා පහළ නිලධරයන්, පාරිභෝගිකයන් (කස්ටමර්ස්ලා) හා සගයින් අතින් ඇගැයීමට ලක් වෙනවා. රාජ්‍ය අංශයට මේවා එන්න තව කල් යයි.

    ReplyDelete
    Replies
    1. රජයේ ආයතනවල මේ පෞද්ගලික රහසිගත කතා සිද්ද වෙනවා. ලොක්කන්ගෙ නැති වැරදි මවල පෙන්වනවා. පොඩ්ඩන්ගෙන් ලබාගන්නා අයුතු ප්‍රයෝජන නිසා, ප්‍රධානියා කරන්නෙ ලොක්කන්ට විරුද්ධව ඇක්ෂන් ගැනීමයි. මේ නිසා, ඇත්තටම හොඳ නැති ලොක්කො ඉතුරු වෙද්දි හොඳ ලොක්කො විසි වෙනවා, සමහර විට අර ‍පොඩ්ඩන්ට දිරවන්නෙ නැති වීමේ හේතුව නිසා.

      Delete
  20. ඔය ලියුම් ලියන කතන්දරේ මමත් කලින් අහල තියෙනව. අනෙක මම දන්නව අපේ ග්‍රාම නිලධාරීට විරුද්ධව ගමේ මනුස්සයෙක් ප්‍රා.ලේ. ට යවපු පෙත්සම එයා පරීක්‍ෂාකර වාර්තාකරන්න කියල ආපහු ග්‍රා.නි.ට එවල තිබුන සිදුවීමක්. අනිවාර්යයෙන් ඒවගේ දේවල්වලට නම් නිවැරදි ක්‍රමවේදයක් සකස්කළ යුතුයි. රාජ්‍ය අංශයෙ දූෂණ අක්‍රමිකතා නැතිකරන්න කාර්යක්‍ෂමතාවය ඇතිකරන්න මේ වගේ විහිළු නවත්වන්නම ඕන.

    අර උඩ ෆොටෝවෙ (කලින් ගිහිපු වෙලාවක ගත්තු එකක් උනත්) නාරායන් ලොක්කයි මෙනන් ලොක්කයි නේද ඉන්නෙ, ඉතිං පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටිකක් එක්ක සාකච්ඡාකරන්න විදේශ ඇමතිත් එක්ක ඒ දෙන්න එවුවනම් හොඳටම මැදෑ. ඉන්දීය අගමැති මොටද තමන් විහින්ම තත්ත්වෙ පහත් කරන් එතනට ඇවිත් තියෙන්නෙ. මෙහේ විපක්‍ෂනායකය එහේ නිල චාරිකාවකට ගියත් හැමවිටම අගමැතිවරයා සාකච්ඡාවක් දෙන්නෙ නෑනේ. අපේ ආණ්ඩුව බල්ලට දාපු තමිල්නාඩු සාධකය එහේ අගමැති නම් හිතට අරන් තියෙනව වගේ ඒ කාලෙ ඉඳලම.

    ReplyDelete
  21. රූ සිරිනි බ්ලොග් අඩවිය ලියන රූ, මවු පදවිය ලැබුවා.
    ඇයට සුබ පතන්න එකතු වන්න.

    http://ru-sirini.blogspot.com/2013/04/blog-post_10.html

    ReplyDelete
  22. මෙහෙම දෙයක් දැනගත්තේ අදමයි.

    ReplyDelete
  23. hmm ...hamadama okane wenne. eyalata thiyanawa wenama handak.

    ReplyDelete
    Replies
    1. වෙනම හඳක් ද වෙනම හඬක් ද? එයාල කියන්නෙ කොයාලද?
      මිනිස්සු සමහර වෙලාවට තමන්ගෙ නායකයන්ගෙන් කිසි පිහිටක් නැති වුනාම ජාත්‍යන්තර ආයතන දිහාට යොමු වෙනවා. සමහර ජාත්‍යන්තර ආයතන ඇති වෙලා තියෙන්නෙ ඒ අවශ්‍යතාව නිසාම නේද?

      Delete
  24. දෙමළ සංධානයේ කස්ටිය හැමදාම වැඩකරේ ඉන්දියාවේ මන්ත්‍රීලා වගේනෙ.. මෙහෙට අයිති නෑ..එහෙන් තමයි හැමදේම කරගන්නේ... පඩි ගන්නයි වාහන ගන්නයි විතරයි මෙහේ එන්නේ...

    ReplyDelete
  25. යම් දෙයක් ගැන ඉහලට දන්වන්න මිනිස්සු පෙලඹෙන එක අඩු වෙනව නෙ ඔහොම වුනාම. ඒකෙන්ම පේනව වැරදි නිවැරදි කරන්නට තියන වුවමනාවේ තරම. එක අතකට ඉතින් අරුමයකුත් නෙවෙයි ඕවා.

    ReplyDelete
  26. අර ඉස්සර රජවරු වෙස්වලාගෙන රටතොට ඇවිද්දෙ හුදීජනයාගෙ ලාම්පු කණගා‍ටුව ගැන තමුන්ම දැනගන්නනෙ.. එහෙම යන එන ගමන් ඉතින් ගමරාල නැති වෙලාවෙ ගම මහගෙත් සතු‍ටු කරපු අවස්තා තිබුණලු..
    රාජ් කියන්න වගෙ ඒ කාලෙ මට විරුද්ධව ගහපු පෙස්සං හතරවටේ ගිහිං මටම එනවා.. ඒ සමහරක කොපි තාමත් මා ලඟ තියෙනවා.

    ReplyDelete