Thursday, June 27, 2013

සද්දෙ දමා ගඳ වැසීම! an upgraded story

"සීයේ..... කතාවක් කියන්නකෝ......."

තම ඇට්ටර මුණුබුරාගෙන් ගැලවීමක් නොමැති බැව් සීයා දනී. දන්නා සියළු කතන්දර මුනුබුරාට පවසා ඇතත් කුමක් හෝ කිවයුතුය.

"හ්ම්... එහෙනං හීංඑකෝ මේ බුලත්විට කොටල දියං"

මුණුබුරා අතින් බුලත් වංගෙඩිය සුරතට ගත් සීයා "දොහ්" යන හඬින් වමතට ගත් බුලත් විට ඉහලට හැරවූ දත් රහිත කටට දමාගත්තේය......

"උඹට කියන්න කතන්දර දැං මගේ ලඟ නෑ බොල! උඹලෑ අයිය අර කන්පීතර රාජය බලල කියන කතන්දරකාරයගෙ ජාතියෙ කතාවක් ඕන්නං කියන්නං....."

"කමක් නෑ සියේ....මොකුත්ම නැත්තං ඒවයිං එකක් හරි! ....[දැං කාලෙ හැදෙන සීයලා කතන්දර දන්නෙත් නෑ!]"

"මොකද්ද උඹ කිව්වෙ?"

"හරි හරි කතාව කියන්නකො"

"ඔන්න දවසක් මං නගරෙට යන්න නැග්ග බස් එකේ. ඉඳගන්න සීට් එකකුත් ලැබුන. මගේ ලඟම හිටිය උඹේ වයසෙ පැංචෙක්. ඉස්සරහ‍ සීට් එකේ හිටිය ජැන්ඩියට ඇඳගත්ත නෝන මහත්තයෙක්. ඔන්න ටික දුරක් යනකොට......"

"සීය ලයින් පාරක් දැම්ම නෝනට!"

"නෑ නෑ බොල! [දැං හැදෙන එවුන් වයසටවත් සලකන්නෙ නෑ]"

"ඉතිං සීයේ"

"මහා සද්දෙට වාතයක් පිටවුනේ නැද්ද අර නෝනට"

"ඊ.......යා......මේක අර අයිය කියන කතාවක් වගේනේ"

"ඉතිං අහගනිංකො.... නෝනට තේරුනා වැඩේ වැරදුනා කියල.... "

"ඊලඟ හෝල්ට් එකෙන් බැහැල යන්න ඇති නේද?"

"නෑ නෑ බං,.... නෝන අපූරු වැඩක් කලා. අල්ලගෙන හිටිය ඉස්සරහ සීට්එකේ ඇන්ද හොලවන්න පටන් ගත්ත ජරස් බරස් ගාල‍"

"සද්දෙ වහන්න වෙන්ටෑති"

"අන්න උඹට තේරුනා,....හැබැයි මගේ ලඟ හිටිය හීං එකා නහය අකුලනව. ඌටත් අධෝවාතෙ ගඳ ඇවිල්ල...."

"මං හිටිය නං..... ඉතිං?"

"ඉතිං බං මගෙත් කට හොඳ නෑනේ. මම ඇහුව ....නෝනෙ සද්දෙට සද්දෙ නං හරිගියා..... මේ ගඳට මොකුත් කරන්න බැරිද කියල"

"ලොහ් ලොහ් ලොහ්....හි..හි...ලොහ්..හි...හි..."

"ඉතිං සීයේ?"

"නෝන මගේ දිහා රවල බලල බස්සෙකෙං බැහැල ගියා. ඕං කතාව"

"ඔයවගේම සීන් එකක් ලඟදීත් උනා සීයේ. දන්නවද?"

"මොකද්ද කියපං බලන්න"

"මේ ලඟදි මාධ්‍ය ආචාර ධර්ම ගැන සීන් එකක් ඇදිල ආවනේ. ඉතිං මේ වෙලාවෙ අපේ ආණ්ඩුවෙ ඇත්තො බැලුවෙ පනතක් ගෙනල්ල මාධ්‍යකාරයන්ට නාස් ලණුව දාන්න"

"ඉතිං?"

"ඉතිං සීයේ රටේ අනිත් කේස් වගේ නෙවේනේ මේ කේස් එක. මෙහෙම එකක් ගෙනාවොත් මාධ්‍යකාරයො රට ගිණිතියනවනේ...... "

"ඔව් ඉතිං තමුංගෙ බඩ ගැන තමුං නොහිත!"

"ඉතිං මේ වෙලාවෙ ඇතිවෙන ආන්දෝලනේ මට්ටු කරන්න නං ඒ වගේම ගේමක් දෙන්න ඕන කියල හිතපු පුත්තලං බූරුවෙක් කවුන්සිලේ හිටිය. එයා කලේ මේ විවාදෙ අතරතුරේ අර අතුරුදහන් වෙච්ච ප්‍රගීත් එක්නැලිගොඩ ඒරොප්පෙ ඉන්නව තමුන් දැක්ක කියල කිව්ව එක"

"ඉතිං ඒකෙන් වෙන සෙතේ මොකද්ද?"

"ඒකත් අර නෝනගෙ සද්දෙ දැමිල්ල වගේ උනා,.... කට්ටිය මාතෘකාව පැත්තකට දාල අතුරුදහන් වෙච්ච කෙනා ගැන කතා කරන්න ගත්ත"

"ඒ උනාට ඉතිං පුරස්නෙ ඉතුරුයිනෙ?"

"ඒක තමයි සීයේ.... සද්දෙට සද්දෙ හරි ගියාට ගඳ තියනව කියන්නෙ"

"ලොහ් ලොහ් ලොහ්....හි..හි...ලොහ්..හි...හි..."


56 comments:

  1. උපමා උපමේය මනරම්ය අගනේ ය. ආයි මේ ගැන කියන්න වචන නැත. කිය යුතු සියල්ල සීයාත් කොල්ලාත් කියා ඇත. ඇයි යකෝ මේකට අහක ඉන්න කතන්දර අල්ලගත්තේ.

    ReplyDelete
    Replies
    1. ආයි මේ ගැන කියන්න වචන නැත//
      ඇයි වචන වල අවුල් නැද්ද? මං හිතුවෙ උඹ ඒ ගැනත් කියයි කියල.

      කතන්දරකාරය තරහ වෙන එකක් නෑ නේද මේකට? :-)

      Delete
    2. APPO KATHANDARA KARAYA GANA KEEWATA EYA THARA WENNE NEHE, ETHUMA LIYANNEMA, JOKKU, CHOO, PADA, JEE, PUKA, YANDEE KATHA NE. MAMA NAM HARI ASAWEN EWA RASA WINDINAWA,

      Delete
    3. @ රාජ්
      @ නලීන්

      මා ලියා ඇත්තේ නම් එකෝම එක පඩ කතන්දරයක් පමණයි. මෙන්න ඒක.

      බ්ලොග් අවකාශයේ "පඩ ෂෝ" එක!:
      http://kathandara.blogspot.com/2011/02/blog-post_05.html

      Delete
    4. මේ කැපිටල් ඇනෝකාරයා මෙතනටත් ඇවිත්!

      පව්නේ, ඔය ලෙඩේට මේක තමයි බේත!

      Delete
    5. @ නලීන්,

      මේ කතාවේ රාජ් කතන්දර බ්ලොග් එක ගැන සඳහන් කරන්නේ එහි ඇති බස් සම්බන්ධ කතන්දර නිසයි.

      මෙන්න කීපයක්.

      1. කාලෝ ට සීට් එක දුන්න දා
      http://kathandara.blogspot.com/2009/07/blog-post_11.html

      2. හාමුදුරුවෝ සරෙන්ඩර්!
      http://kathandara.blogspot.com/2010/11/blog-post_22.html

      3. හරිම නෝටි හස්බන්ඩෙක්!
      http://kathandara.blogspot.com/2010/09/blog-post.html

      4. බඩ දරු අම්මලා
      http://kathandara.blogspot.com/2010/08/blog-post_26.html

      5. මොන්ටිසෝරි අම්මාට සීට් එක දන් දීම
      http://kathandara.blogspot.com/2010/08/blog-post_30.html

      6. හන්දියේ හෝටලේ චූ කතාව
      http://kathandara.blogspot.com/2010/05/blog-post_8049.html

      7. අයෑම් කමින්, අයෑම් කමින් - I am coming, I am coming!
      http://kathandara.blogspot.com/2012/06/i-am-coming-i-am-coming.html

      8. පන්සල් ළඟදී පස්ස පැත්ත ඉස්සීම - First class, second class and third class temples?
      http://kathandara.blogspot.com/2012/09/first-class-second-class-and-third.html

      9. පරණ කෝට්, පරණ කෝට් - Two thoughts about love
      http://kathandara.blogspot.com/2012/09/two-thoughts-about-love.html

      10. සීය ගෙ කෝට් එක
      http://kathandara.blogspot.com/2010/03/blog-post_03.html

      11. මොහිදීන් බෙග් ට මොකද වුනේ? - What happened to Mohideen Beig?
      http://kathandara.blogspot.com/2012/02/what-happened-to-mohideen-beig.html

      12. කතන්දරකාරයා ගේ ස්ථානෝචිත ප්‍රඥාව
      http://kathandara.blogspot.com/2010/02/blog-post_12.html

      Delete
    6. @කකා - ඉඩ ලැබෙන සැම විටකම මම ඔබේ පරණම පෝස්ට් කියවනවා.

      Delete
    7. MEKA KATHANDARA KARAYAGE (KAKKA) NOTICE BOARD EKADA?

      Delete
  2. ලොහ් ලොහ් ලොහ්....හි..හි. නියම කතාව.

    ReplyDelete
  3. LOL! මට මේ බ්ලොග් සහෘදයෙක් එවපු ඊයක තියෙනවා, ඉන්දුනීසියාවේ අනුමත කරන්න නියමිත නව නීතියක්. මේකට කාන්තා විමුක්ති සංවිධාන විරුද්ධයි.

    ඒ තමයි, කාන්තාවන් හඬ නගා අධෝ වාතය නිකුත් කිරීම නීතියෙන් තහනම් කරන එක. හැබැයි නිහඬව යවන්න පුලුවන්. නීතිය මුලින්ම ක්‍රයාත්මක වෙන්නේ ප්‍රසිද්ධ ස්ථාන වල විතරයිලු. තම බිරිඳ ගෙදරදී හඬ නඟා අධෝවාතය යවලා නීතිය උල්ලංඝනය කරනවද කියලා සෙවිල්ලෙන් ඉන්න එක සැමියාගේ යුතු කමලු.

    ReplyDelete
    Replies
    1. මාර නීතියක්නේ!

      Delete
    2. ANNA, SHOAK KATHAWAK, APE KAKKA THUMA, OYA GENA KATHAWAK, LIYANAWAMA MY.

      Delete
  4. හැමදාම වගේ පස්යයි ඈ උඹේ අප්‍රබංස.. නලියගෙන් බේරිච්චි එක හෙන ගේමක් නේ.. මං කිව්වේ හෙළු නලියගෙන්..

    ReplyDelete
    Replies
    1. නලියගෙන් දෙපාරක් බේරිලා කියල පෙනුනෙ නැද්ද?

      Delete
  5. නියමයි,නලියගෙන් බේරිලා ලියන එක තවත් නියමයි

    ReplyDelete
  6. ඌත් එක්ක පඩින තව එකෙක් ඉන්නවා. නොම්මර එකේ හරකා. උන් දෙන්නා තමයි විවාද වලට එවන්නේ, කෙප්ප කෙලින්න.. මම කාළේකින් දැක්ක. හොඳම නිර්මාණයක් මචෝ.. සුපිරි...

    ReplyDelete
    Replies
    1. මෙයා වෙන්ටැති!

      බොහොම ස්තුතියි!

      Delete
    2. KAWDA APE MAHA KATHANDARA KARA KAKKA THUMA WATH DA ?

      Delete
    3. හොහොමද බන් හරියටම කියන්නේ...

      Delete
  7. අර පාර්ලිමේන්තු බූරුවාට කියන්න තියෙන්නේ, 'අපි දොරේ අෙඬයි ...ඩේ අෙඬයි අතර වෙනස හොඳට දන්නවා' කියන පැරණි සිංහල කියමන තමයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අන්න හරි!
      ඬ,ඳ වගේ අකුරු මුලට කොම්බුව ගහද්දි අකුරු අවුල්! මැද බින්දුව මැකුවම හරි!

      Delete
  8. සීයාගේ කතාව වගේම තමයි මේ කතාවත් ..හික්..හික්..

    ReplyDelete
  9. ඒක තමා. ගඳ ගහන්ට පටන් අරන් තියෙන්නේ දැන් :D

    ReplyDelete
  10. දැන් ඔය සද්ද දෙකේම ගඳ විතරක් තියනවා.හැබැයි කලින් පඩ ගඳ විතරක් තිබ්බ නම් මෙච්චර ගඳක් නෑ වගේ නේද?

    ReplyDelete
  11. චැහ්ඃ .... වැඩක් නෑ කියල. උඹ ඉන්ටෝන තැන නෙවි බං උඹ ඉන්නෙ.

    මීට කලින් එක්කෙනෙක් ඕක කියල ලෝකෙට බබා පෙන්නන්න හැදුවා. ඒ පක්කලිකම්වලට නම් උන්නැහැට ලොකු සීට් එකක් ලැබුනා. දැන් තව පාරක්. තමන්ගෙ ආණ්ඩුවේ පාලන කාලයක අතුරුදන් වෙච්ච/කරපු මනුස්සයෙක් ගැන අව්‍යාජ නිසි පරීක්‍ෂණයක් කරන්නෙ නැතුව මේ විදියට සැරින් සැරේ තමන්ගෙ වාසියට රටේ නැති විකාර කියවන්නෙ මේ මිනිස්සු ලැජ්ජාව කියල එකක් අහලවත් නැතුවද මන්දා.

    ReplyDelete
    Replies
    1. ලැජ්ජාව තියෙන උන් දේශපාලනයට යනවද?

      ගියත් චන්දවලින් උන්ට දිනන්න බෑ! ජහමනයා චන්දේ දෙන්නේ ලැජ්ජාව නැති උන්ට!

      Delete
    2. හ්ම්, ඇත්ත තමා ඉතිං, පාර්ලිමේන්තුව ඇතුලෙ රෙ_ එවුන්ට මොන ලැජ්ජාවක්ද. අපේ රටේ දේශපාලුවොන්ගෙ වැඩකෑල්ල අහන මිනිස්සුන්ට නම් ලැජ්ජ හිතෙනව. 88-89 අතුරුදන්වෙච්ච ගැන කතාකරනකොට ඒ කාලෙ හිටපු උන්නැහැල භූමිතෙල් ගෑවුනු ගැරඬි වගේ දුවන සයිස් එකේ, දැන් ඉන්න උන් උන්ගෙ කෙරුවාවල් ගැන උන්ම මෙහෙම පම්පෝරි ගහනවට මොනව කියල කියන්නද. මෝඩකමද මන්දා.

      Delete
    3. කලින් එක්කෙනාගෙ ආනිශංස තමුන්ටත් ලැබෙයි කියල හිතන්න ඇති

      Delete
  12. කතා දෙකේ ගැලපීම නම් නියමයි. දැන් වෙන්නෙ ඒ වගේ වැඩනෙ. සමාජේ කතාවට භාජනය වෙන්න ඕනෙ දේ වෙන එකක් කියලා යට කරලා දානවා. ඔය ආන්ඩුවයි විපක්ෂේයි දෙකම ආන්ඩුව වෙලා තියන්නෙත් ඒකටනෙ.

    ReplyDelete
  13. සද්ධස්ස පඩ්ඩං නොගන්දස්සං.. ගන්ධස්ස පඩ්ඩං නොසද්දස්සං කියලයි මං අහලා තියෙන්නේ. කොහොමත් ලංකාවේ නං සද්දෙයි ගඳයි දෙකම තියෙනවා නේ. හැබැයි ගඳ මුලින් ඇවිත් පස්සෙ තමයි සද්දෙ එන්නේ. විශේෂයෙන් ඔය දියවන්නාව පැත්තේ ඒවායෙ!

    ReplyDelete
    Replies
    1. හැබැයි ගඳ මුලින් ඇවිත් පස්සෙ තමයි සද්දෙ එන්නේ"

      එහෙම වෙලාවලුත් තියනව නේන්නං...

      Delete
  14. සීයාගේ කතාව වගේද කොල්ලගේ කතාව..

    ReplyDelete
  15. ලියවිල්ල නම් පට්ටයි බං.ලියන්න වචන නැහැ.

    ReplyDelete
  16. කතා ගැලපිල්ල මරු මරු බං.... වැඩේ තියෙන්නේ කට්ටිය ගඳට පුරුදුවෙලා.... ඒ හින්දා සද්දෙට සද්දේ හරි ගියාම, ගඳ අවුලක් නෑ වගේ තමයි ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙම අවුලක් තියනව දීර්ඝ කාලෙක ඉඳල

      Delete
  17. ඕන් බලහල්ලකො නිදහසේ පඩයක් වත් අරින්න බෑනෙ!

    සිතුම් සයුර-අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද? බලන්න එන්න

    ReplyDelete
  18. මේවා දේශපාලනික මඩ...

    ReplyDelete
  19. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  20. රාජ් හරියටම අල්ලගෙන තියෙනවා ආන්ඩුවෙ ප්‍රතිපත්තිය. මේක තමා රට ඇතුලෙ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව කරන උප්පරවැට්ටිය.

    ReplyDelete
  21. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  22. අප්පට සිලි පිටිය සිසාරා පිත්ත වනලා වගේ ;)

    ReplyDelete
  23. නියම ගැලපීම.ආණ්ඩුවේ හැම වැඩේම වගේ සද්දෙට සද්දේ තමයි,

    ReplyDelete
  24. හැබැයි ඉතින් මිනිස්සු හුරේ දාන්නෙත් ඕවටම තමයි, ඔන්න බලන්නකෝ ඊළඟ ඡන්දෙත් රජාටම තමයි!!!

    ReplyDelete
  25. අපෙ රටෙ මිනිස්සුන්ටත් ඉතින් සද්දෙම නෙ ඔන

    ReplyDelete
  26. අඩේ.... හික්... හික්.... සියත් මරු... කොල්ලත් මරු....

    ReplyDelete
  27. ඒ උනාට ගඳක් එක්ක පඩයක් ගියේ නැති උනාමත් නිකං පාළුයි වගේ නේද? මං කිව්වේ අපේ මහජනයා ගැන ඈ...

    ReplyDelete