Tuesday, November 26, 2013

කැප්පෙටිපොල, කැප් ෂොට්, වීරත්වය සහ මෝඩකම!

විශ්ව විද්‍යාල සමයේ අපගේ ප්‍රියතම ක්‍රීඩාව වූයේ කැරම්ය. උදෑසනින් පටන් ගන්නා ක්‍රීඩාව නවතින්නේ මධ්‍යම රාත්‍රියද පසුකරය. ක්‍රීඩාවේ නීති සකස්වී තිබුනේ තරග වාරයක් පරාජය වන්නන්ට අසුන් අහිමි වීමත් ජයග්‍රාහකයන් දිගටම ක්‍රීඩාවේ රැඳී සිටීමටත් හැකිවන පරිද්දෙනි. පරාජයට පත්වන්නන්ට යලිත් ඉඳගැනීම සඳහා සෑහෙන වේලාවක් බලා සිටියයුතු විය. මෙම නීතිය නිසා ක්‍රීඩා කිරීම සිදුවූයේ සීරුවටය. වෘත්තීය මට්ටමින්ය.

මේ අතර වෙනස් ක්‍රීඩකයෙකුද අප අතර විය. මගේ කාමර සගයකු වූ "සුලා" ක්‍රීඩා කලේ පරාජය වීමේ අවදානම තුට්ටුවකට නොසලකමින්ය. ප්‍රතිවාදීන්ගේ ඉත්තන් අවසන් වීමට ඔන්න මෙන්න කියා තිබියදීත් ඔවුන් වැලැක්වීම වෙනුවට තමන්ගේ ඉත්තන්ට පහර දෙමින් ඔහු ඔහුගේම ක්‍රීඩාවක යෙදී සිටියේය. අවසාන ජයග්‍රහනය ගැන නොව තාවකාලික ජයග්‍රහනයන් අපේක්ෂාවෙන් එඩිතරව සිදුකරන ඔහුගේ ක්‍රීඩා ක්‍රමයට [පහරට] මා නමක් දුනිමි. "කැප්පෙටිපොල ෂොට්එක"! "කැප් ෂොට් එක" ලෙසින් පසුව එය කෙටිවිය.

මොනරවිල කැප්පෙටිපොල යනු අපේ අතීත වීරයෙකි. එතුමාගේ සමරුව අදට යෙදී තිබේ. කැරැල්ල පිළිබඳව හෝ කැප්පෙටිපොල වීරයා පිළිබඳ අමුතුවෙන් විස්තර කිරීම අවශ්‍ය නොවේ. නමුත් කතාකල යුතු පැත්තක්ද වේ.

කැප්පෙටිපොල අධිකාරම්තුමා මුලින්ම පැමිණියේ වෙල්ලස්ස කැරැල්ල මර්ධනය පිනිසය. ඒ ඉංග්‍රීසීන්ගේ පාර්ශවය වෙනුවෙනි. එහෙත් ඔහුතුල වූ ජාත්‍යාලය, තමා ප්‍රතිපක්ෂයට එකතු කිරීම දක්වා දුරදිග ගියේය. ඒ නිකන්ම නිකන් නොව, "නිකන්ම" හිස් අතිනි! ඒ වනවිට සුදු හේවාපන්නය සතුව තිබූ අවිආයුධ තමුන් සතු කරගැනීමේ හැකියාව, කණ්ඩායමේ නායකයා වූ ඔහු හට යම් තරමකට හෝ තිබෙන්නට ඇත. එසේත් නොමැතිනම් උපක්‍රමශීලී වෙමින් සුදු හේවායන් සමූලඝාතනය කිරීමේ හැකියාව තිබෙන්නට ඇත. නමුත් ඔහුගේ තෝරාගැනීම වූයේ "තොපේ ආයුධ වලින් තොපටම පහරදීම අපට තරම් නොවේ" යන මූලධර්මයයි. මෙහි අවසාන ප්‍රතිපලය වූයේ කැරැල්ල පරාජයට පත්වීමයි. සමහර විටෙක පරාජයට හේතුව මේ කරුණ පමණක් නොවුවද මෙය තීරණාත්මක සාධකයක් වියහැකිය.

එක් පැත්තකින් මෙම ක්‍රියාකලාපය එවකට ලාංකිකයා සතුව තිබූ ප්‍රතිපත්තිගරුක භාවය පෙන්වන කදිම නිදර්ශනයකි. සාමාන්‍යයෙන් යුද්ධයේදීත් ප්‍රේමයේදීත් නීතිරීති වලංගු නොවන බැව් කියවුනද එය අතික්‍රමණය කරමින් යුද්ධ කිරීමේදී වුවද කලයුතු නොකලයුතු දෑ පිළිබඳ ලෝක සම්මුතීන් මේ වනවිට ඇති කරගෙන තිබේ. එම වත්මන් සම්මුතීන් සමඟ සැසඳීමේදී වුවද මෙම ක්‍රියාව උසස් තත්වයේ පවතී. ලොව පුරාම පාහේ සුදු ජාතිකයින් අතිශය ම්ලේච්ඡ ලෙස ක්‍රියාකල එක්දහස් අටසිය ගනන් වකවානුවේදී, ඔවුන්ගේ දෘෂ්ඨියෙන් නොදියුණු ගෝත්‍රිකයන් වූ රටක වැසියෙකුගේ ක්‍රියා කලාපය ඔවුන්ව මවිත කලා වියහැකිය. පෘතුගීසීන් කොළඹට පැමිණ ගෙරිහමක් එලාගැනීමේ ඉඩකඩ ඉල්ලා පසුව එය තීරුවලට කපා කොළඹ කොටුව සීමාව සලකුණු කලා යයි කියවෙන සිද්ධියද එවැන්නකි.

කෙසේ වුවත් කතා කලයුතු අනෙක් කරුණ නම් කැප්පෙටිපොල අධිකාරම්තුමාගේ ක්‍රියාවේ අවසාන ප්‍රතිඵයල අපේ රටේ ඇසින් බැලීමයි. වඩාත් වැදගත් වන්නේ තම අරමුණ කරා යාම මිස ඉන් මෙපිට ඇති ගෞරවයක් දිනාගැනීම නොවේ. ඒ අර්ථයෙන් ගත්කල මෙය එක්තරා ආකාරයකින් එය අනුවණකමකි. කෙසේ වුවද වීරත්වය සහ මෝඩකම වෙන්වන්නේ අපැහැදිලි රේඛාවකින් බව මගේ අදහසයි.

58 comments:

  1. මෙහෙමයි මචං.... තමන් යන ගමන අර අවසාන අරමුණත් එක්ක ගැලපෙන්න ඕනේ... නැත්නම් ඒක අර චාමි සභාපතිත්වය දරන 'පූ.මා.නි.ව.බු.ජා.ස' වගේ වෙනවා... :)

    සමහර වෙලාවට ඉතිහාසය වැඩියෙන් මතක තියාගන්නේ, කොයි මාර්ගයෙන් ගියත් තමන්ගේ අවසාන අරමුණ කරා ලඟාවූවන් වෙන්න පුළුවන්... ඒ වුණාට, මට නම් හැමවෙලාවෙම 'ගමන' තමයි වටින්නේ 'ගමනාන්තයට' වඩා...

    ReplyDelete
    Replies
    1. මට නම් හැමවෙලාවෙම 'ගමන' තමයි වටින්නේ 'ගමනාන්තයට' වඩා...//
      එහෙමද!

      Delete
    2. නියම ආදර්ශයක් බං.මමත් මේක උපුටා ගන්නවා ඕන්.

      Delete
  2. ප්‍රශ්නය ඇත්තේ එතන නොවේ , එදා සිංහලයා තුල තිබූ සතුරා පවා පාවා නොදෙන ගුණය අද වන්විට ඇත්තේ කොතනද ? තමුන් සමග එක පතේ කෑ පුද්ගලයා පවා පාවාදෙන ජාතියක් බවට පරිනාමනය වූයේ කෙසේද?
    අරමුණ කරා යාම වැදගත්...එසේම අරමුණ කරා යන ගමන සුප්පිරිසිදු එකක් වීමත් වැදගත්.

    ReplyDelete
    Replies
    1. කැරළි ගැන ලියවුනු පත පොතේ හැටියටනම් ඉතිං එදා සිංහලයන් අතරත් ටිප් ටොප් පවා දෙන්නෝ ඔනෑතරම් ඉන්නවා

      Delete
    2. ඔව් එදා එකෙක් දෙන්නෙක් හිටපු එවුන් අද බහුතරය වෙලා, එදා බහුතරය වෙච්ච එවුන් අද එකෙක් දෙන්නෙක් වෙලා

      Delete
    3. ඒකාලෙත් හිටිය කියල පහලින් කියන්නෙ

      Delete
  3. අද වගේම එදාත් ප්‍රතිපත්තිමය පොදු එකඟතාවක් උඩරට රදල ප්‍රධානීන් ඇත තිබී නැහැ. ඒ තත්වයත් කැප්පෙටිපොල අධිකාරම්ගේ මේ තීරණයට හේතුවන්නට ඇති. අපිට එදා සුද්දා සමග ගහගන්නට ආයුධ නෙවෙයි අඩුවුණේ. හොඳ සංවිධාන ශක්තියක්. රජ්ජුරුවෝ යුද්ධයට බැස්සේ නැහැ. තමන්ගේ ආරක්ෂාව ගැන බැලුවා විතරයි.

    ReplyDelete
    Replies
    1. දිනුවොත් රජ්ජුරුවෝ දිනුවෙ.. පැරදුනොත් සෙන්පතියා එක්ක හේවායෝ පැරදුනේ..ඒක ඉතින් සදාටම එහෙමයි..

      Delete
  4. "වීරත්වය සහ මෝඩකම වෙන්වන්නේ අපැහැදිලි රේඛාවකින් බව මගේ අදහසයි"

    එදා ඒ ආයුද ගත්තා නම් කතාව ඔයිට වැඩිය වෙනස් වෙන්න ඉඩ තිබුනා

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් කියන්නෙ

      Delete
  5. සුද්දට රට පාවලා දෙන ගිවිසුමට අත්සන් කරපු වෙලාවේ කැප්පිටිපොළ ළඟ ප්‍රතිපත්ති තිබුනේ නැද්ද. රාජසිංහ ගෙන් පලිගන්න රටම පාවලා දුන්නා. එමගින් බලාපොරොත්තු වුනා සුද්දගේ උදවුවෙන් ගොඩයන්න අන්තිමට සුද්දා මගින් තමන් බලාපොරොත්තු වූ පරිදි ඉස්සරහට එන්න බැරිබව තේරුණ නිසා කැරැල්ලට එකතුවෙලා සුද්දව එළවලා රජවෙන්න හිතන් කැරැල්ලට ආවා. මට නම් පෙන්නේ සුපිරි අවස්තාවදියෙක් විතරයි. සම්පුර්ණ හැසිරීම අවබෝධ කරගත්තොත් පෙන්නේ රට ගැන නොව තමා ගැන සිතීමයි. වීරයෙක් වෙන්නේ රටට සේවයක් කල නිසා නොව බය නොවී මරණයට මුහුණ දීමයි. රට ගිවිසුම මගින් පාවාදීමට හවුල් වූ එමගින් කරන ලද ද්‍රෝහීත්වය කරන ලද සේවයට වඩා වැඩි නිසා මොහු සැබෑ ජාතික වීරයෙක්ද?

    ReplyDelete
    Replies
    1. වෙන කියන්නට දෙයක් නැත. මගේ මතයත් මෙයයි. ආයුධ අරගෙන යන්න තරම් බලයක් මෙයාට දෙන්න සුද්දන්ට පුකේ අමාරුවක් නෑ. උන් එක්ක හිටියට කවදාවත් රජකම ලැබෙන්නේ නැති බව දැනගෙන. අන්තීමෙදි කැරැල්ලට එක්කාසු වෙන්නෙත්, ඒ පැත්තටවත් රජා වෙන්න මිසක් වෙන මක්කටවත් නෙමෙයි. එදා උනුත් එකයි, මෙදා උනුත් එකයි. ජාති ආගම් බේදයක් නෑ. ඒක ලංකික ගතියක්, මුරලි කරපු දේ පේන්නේ නැද්ද. මුරලි එහෙම කතා කරන්න හේතුව හෙට අනිද්දට පෙනෙයි. වෙන රටක සිටිසන් ෂිප් ගන්න, සයිලම් ගන්න, යුද්දේ ෆෝටෝ, වීඩීයෝ, චැනල් ෆෝ වලට දෙන ද්‍රොහියෝ ඔය අදත් ඉන්නේ. ඒ විතරක් නම් මදෑ. අපිට විරුද්ධව කොමිසමක් පත් කලොත් සාක්කි දෙන්න ඉන්න උනුත් ඉන්නවා කියන්නේ.

      Delete
    2. මේ කමන්ට් දෙකටම මමත් සම්පුර්ණයෙන් එකගයි.
      අද වෙනකොට කැප්පෙටිපොළ සමරන අය දිහා බැලුවාම දැන්නේත් හිරිකිතයක්.

      Delete
    3. සුද්දගෙ පිහිටෙන් රජවෙන්න බැරි බව උන්දෙලාට තේරුනේ කෝච්චිය ගියාට පස්සෙ.ජාත්‍යාන්තර දේශපාලනය ගැන මෙලෝ සන්සාරයක් නොදැන රොබට් බ්‍රවුන්‍රිග් උඩරට රජ වෙනකම් බලා සිටි මේ ගොන් වහන්සේලා කැරලි ගහලා කලේ තවත් මෝඩ වැඩක්.ඒ වෙලාවෙ සුද්දත් එක්ක සටන් කරන්න අපට හැකියාවක් තිබුනේ නෑ.තිබුනේ මාර්ග පද්ධතියක් නොමැතිවීමේ වාසිය විතරයි.කියන්න තිබෙන්නෙ මුල ඉදලම රැවටුනා කියන එකයි.

      Delete
  6. අද වගේම තමයි එදත්..මේ රට පාවාදෙන උනුත් හිටිය ගොඩ ගන්න උනුත් හිටිය.ඒක තමයි ලෝක ස්වභාවය.මමනම් හිතන්නෙ ඔය දෙපැත්තම ඉන්න ඕනෙ.මොකද එතකොට තමයි මිනිස්ස්සුන්ට තේරෙන්නෙ කව්ද හරි කව්ද වැරදි කියල.

    ReplyDelete
  7. මං මගේ රටට ආදරෙයි. එච්චරයි. :) පාවා දෙන්නන්ට වෛර කරන්නේ නැහැ. හේතුව ගොයම් ගාලක් අස්සේ, වල් පැල තියෙනවා කියලා පෙන්නලා කියලා දුන්නේ අප්පච්චි නිසා. ම දේ අහන්න වෙනවා.

    ReplyDelete
  8. කැප්පෙටිපොළ ලා, ඇහැලේපොළ ලා හැමෝම බැලුවේ ඉංගිරිසින් යටතේ දොන් ජුවන් ධර්මපාල ලා වෙන්නයි. ඒ සඳහා ඒ ඒ වෙලාවට පිල් මාරු කළා!

    ඔය කාලේ වෙනකොට ලෝකයේ ජනරජ පිහිටුවා තිබුණා රජුන් නොමැතිව. ඒ නුවණ කැප්පෙටිපොළ ලාට තියා ගොංගාලේගොඩලාට, ප්‍රැන්සිස්කු ප්‍රනාන්දුලාට පහල වුනේ නෑ! ඒ අය බැලුවෙත් රජවෙන්නයි.

    අද ඉතිං බැක් ටු ද ෆියුචර්!

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++
      ඒක තමයි වුනේ ගොන්ගාලෙලට ප්‍රැන්සිසිකුලටත් ඕන වුනේ සැප විදින්න.වඩාත්ම ප්‍රගතිශීලී වැඩේ තමයි බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ලැබීම.මේ තුලින් හැමෝටම දේශපාලන සමානාත්මතාව ලැබුනා.පවතින ආගමික සංකල්ප එක්ක අපූරුවට ගලපලා අන්තහ්පුරත් එක්ක රාජාන්ඩුව ගොඩ නගන්න පෙර සුද්ද රාජසිංහ මහත්තයව ඌරෙක් වගෙ බැදගෙන ගියා.නැත්නම් අපිත් වැඩවසම් අගාධයක.අපට අවශ්‍ය මතවාදී පුද්ගලයන් මිස වැද නමස්කාරකරන්නන් නොවෙයි

      Delete
    2. එහෙම්ම කියන්න බෑනේ.
      රජ වෙන්නම ඕනෑකම තිබුනානම් අර හීරලුවෙක්ව බොරු රජෙක් කරලා, රජ ලේ තියන්වා කියලා දෙයක් කලේ ඇයි?
      රජ ලේ නැති තැන තමාවම රජ කමට ඉදිරිපත් කරන්න තිබ්බනේ.

      Delete
  9. කැප්පෙටිපොල මටත් කලක් වීරයෙක්.ඒ කියන්නෙ මම පොඩි දවස්වල.ඒ කාලෙ පාඩම්පොතකත් කැප්පෙටිපොල ඝැන පාඩමක් තිබුන.ඒත් ඔහුගේ සටන් උපායන් මුග්ධ ඒවා බවත් එවැනි තීරණ යුධ පරාජයට බලපෑ බවත් මට හිතෙනවා.අද මට ඔහු වීරයෙක් නොවෙන්න ප්‍රධානම හේතුව ඒක නොවෙයි.ඔහු ජය ගත්තානම් අද මොකක් වෙයිද.නේපාලයෙ වගෙ ජාතික ආදායමෙන් 1%ක් රජ පවුලට වෙන් කරන්න වෙයි.රජ පවුලෙ අයකේක් ගෙඩි වගේ ඇවිත් රටේ හැම දෙයකම නාමික නායකත්වය දරමින් සාර සුබාවට වැජබෙයි.එකම පවුලක අයට සදාකාලිකවම එහෙම සැප දෙන එක හරි මදි.සුද්ද කරපු ලොකුම සේවය තමයි රාජාන්ඩුව නැති කරපු එක.නැත්නම් පරපුටු පවුලක් නඩත්තු කරන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි. දැන් රජ පවුලට වියදම කීයක් කියලද හිතේ?

      Delete
    2. එහෙම උනා නම් සීයට එකයිනෙ.

      Delete
  10. කැප්පෙටිපොල වීරයෙක් කියල මටත් කවදාවත් හිතිලා නෑ.
    ඔය තමන් උඩරට කියල පම්පෝරි ගහන සමහරුන්ට මම දීලා තියෙන උත්තරේ තමා උඩරට හිටිය මිනිස්සු තමා සුද්දන්ට රට පාවලා දුන්නේ කියන එක.එතකොට එයාලගේ කටවල් වැහෙනවා.
    මහාවංශයට අනුව සිංහල කියන ජාතියම බිහිවෙන්නේ පාවාදීමකින්.කුවේණි කොහෙවත් නැති විජයට තමන්ගේ පරම්පරාවම පාවලා දුන්න.විජය තමන වෙනුවෙන් එච්චර කැප කිරීමක් කරපු ගෑනිව එළවලා වෙන ගෑනියක් ගත්ත බලයට තියෙන කෑදර කම නිසා.
    ඊට එහා ගියත් එච්චර තමා.රාවණා කතාව ඇත්ත වුනත් බොරු වුනත් රාවණාව පාවලා දුන්නෙත් රාවනාගේම මල්ලි නේ.
    අපේ ඉතිහාසය පුරාවටම තියෙන්නේ පාවාදීම්.කුමන්ත්‍රණ.බෙලි කැපිලි.දිය යටින් ගින්දර ගෙනයෑම්.
    ඒ ඉතිහාසය ගැන ආඩම්බර වෙන්න කියල කියන්නේ ඇයි කියල මට නම් තේරෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ විතරක් නෙවෙයි කොයි රටක ඉතිහාසය ගැන හොයලා බැලුවත් තියෙන්නේ පාවාදීම්. ඒක අපේ රටේ මිනිස්සුන්ගේ විතරක් වරදක් නෙවෙයි. සමස්ත මිනිස් වර්ගයාගේම ස්වභාවය. අපි හැමෝම ජීවිතයේ එක වාරයක් හරි අඩු වැඩි වශයෙන් යම් යම් දේවල්, යම් යම් ප්‍රතිපත්ති, යම් යම් පුද්ගලයන් පාවා දී තිබෙනවා. හෘද සාක්ෂියෙන් අහලා බලන්න. එතකොට උත්තර ලැබෙයි.

      Delete
  11. සටන දින්නා නම් :- ඔහු ශ්‍රේෂ්ඨ වීරයෙක් . යටත් පිරිසෙන් සතුරු ආයුධයක් වත් භාවිතයට නොගෙන සටන් කල මහා වීරයෙක්.

    සටන පැරදුනාම :- දේශද්‍රෝහියෙක් . නින්දිත ලෙස රට පාවා දුන් අයෙක්. අනුවණ ලෙස තම සෙබළුන් විනාශ කරගත් පුද්ගලයෙක්..

    " ජයග්‍රහණයට පියවරුන් දහසකි. පරාජය අවජාතකය "

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහන් අයියේ.
      අපේ මහරජ තුමා ගැනම හිතල බලන්නකෝ.

      Delete
    2. අන්න ඇත්ත ++++++++
      බැරිවෙලාවත් කැප්පෙටිපොල දින්නානම් ....
      බැරිවෙලාවත් මහින්ද රාජපක්ෂ යුද්ධය පැරදුනානම් ...?

      Delete
    3. සටන් දිනලාත් ද්‍රෝහියෝ කියලා අහගත්ත අය ඉන්නේ අපේ රටේ විතරද?

      Delete
    4. සහන්,

      හිට්ලර්ව පැරැද්දුවෙ ස්ටැලින්. ඒත් අද ස්ටැලින් කියන්නෙ වීරයෙක්ද?

      ජයග්‍රහනය අවජාතක කරගන්න පජාතයො ලෝකෙ කොහෙත් ඉන්නව, ලංකාවෙත් ඉන්නව.

      Delete
    5. @ ඉන්දික ,

      වැදගත්ම තැන. වීරයෙක් වීමට නම් දක්ෂයෙක් විය යුතුම නැත. දක්ෂයෙක් ලෙස හැසිරීමට සමත් නම් ( පොත්පිටු පුරා ) වීරයෙක් විය හැක. සබැ විරුවන් පොත් පිටු අතරට එන්න උත්සාහ කරන්නේ නැහැ. ග්ලැඩියේටර් ෆිල්ම් එකේ හොඳ දෙබසක් තියෙනවා..

      " යුද්ධය නොව ජනයා දිනන්න. ජනයා දිනාගන්නා පුද්ගලයා යුද්ධයද දිනයි " සෙන්පතියෙකුගේ භූමිකාව එකක් ජනාධිපතිවරයෙකුගේ භූමිකාව එකක්..

      ( මේවා කතා කරන එක හරිද මන්දා )

      Delete
    6. ග්ලැඩියේටර් එකේ සහන් කියන කතාව මන්ද ඒත්

      "I dont pretend to be a man of the people but I'll try to be a man for the people "

      කියලනං තිබ්බ මතකයි.

      මතක තියාගන්න ලංකාවෙ ජනාධිපති තමයි සේනාධිනායකයත්.

      Delete
    7. " ජයග්‍රහණයට පියවරුන් දහසකි. පරාජය අවජාතකය "
      ඒක හරි සහන්.

      ඉන්දික උපශාන්ත
      //හිට්ලර්ව පැරැද්දුවෙ ස්ටැලින්. ඒත් අද ස්ටැලින් කියන්නෙ වීරයෙක්ද?//
      වීරයා මනින්න වෙන්නෙ ඒ මොහොතට ඒ ප්‍රදේශයට සාපේක්ෂව. උදාහරණයක් විදියට මහින්ද මහත්තය යුද්ධය ඉවරකල වීරයෙක්. පස්සෙ කාලෙක මොනව කලත් "යුද්ධය ඉවරකල වීරයා" කියන එක නැතිවෙන්නෙ නෑ. ස්ටාලිනුත් එහෙමයි.

      Delete
    8. වීරත්වය සදාකල් තියාගන්න නම් තමන්ගේ චරිතයත් උසස් අයුරින් තබාගන්න වෙනවා. අපේ පැරණි වීරයන්ගේ ජීවිතයේ කලු පැත්ත ගැන අපි දන්නේ නැහැ. නමුත් ඕනම පුද්ගලයකුගේ කලු පැත්තක් තියෙනවා. අතීත වාර්තා අපට ඉතිරි කරන්නේ වීරයන්ගේ සුදු පැත්ත පමණයි. මහින්ද යුද්දේ අවසන් කරන්න දේශපාලන නායකත්වය දුන්නා. නමුත් ඔහු වෙනත් ක්‍රියා මගින් ඒ ගෞරවයට හානි සිදුකරගත්තා.

      Delete
  12. මට හිතෙන්නේ රාජ් මේක යටින් වෙනත් කාතාවක් කියනවා වගෙයි. නිකං වර්තමානෙත් එක්ක ගලපලා ගන්න පුළුවන් එකක්.

    ReplyDelete
  13. රාජ් සුලා එහෙම සෙල්ලං කළාට පහුගිය දොහක හුලා නං ටොප් එකට සෙල්ලං කළා නේද.

    ReplyDelete
    Replies
    1. ඒ බේබි කපන සෙල්ලම නේ.. අගමැති තුමා කියන්නේ පොලීසියෙන් කිව්වාය කියලා, "හුලා" කියලා කෙනෙක් සොයා ගන්න නෑ කියලා..

      Delete
    2. පොලිසියටනම් ඉතින් "රදළියගොඩ" කියලා කෙනෙකුත් හොයාගන්න නෑනේ

      Delete
  14. සහන් උඩින් කියලා තියෙන කතාව එක පැත්තකින්.

    අනිත් පැත්තෙන් කැප්පෙටිපොලගේ අරමුන..

    කැප්පෙටිපොළ විතරක් නෙමෙයි දැන් හෝ චි මින් නුත් අපේ ජාතික වීරයෙක් නේ

    ReplyDelete
    Replies
    1. හෝ චි මින්ගේ උත්සවයට ඇවිල්ලා අපේ හෝ චි මින්ගේ කතාව අහලා හිනාවෙන්නද අඬන්නද කියලා හිතාගන්න බැරිවුනා..

      හෝ චි මින්ගේ මුණුබුරා පං චා යුධ් මින් කිව්වේ මේ පාර දුන්නේ ජනතා අයවැයක් කියලා...(වෙන තැනකදි )

      Delete
    2. පංචායුධ කියන්නේ අර "මහල්ලා සහ මුහුද" නව කතාව ලිව්වේ "ගීදමෝපසාන්" කියලා කියපු හාදයා නේද?

      Delete
  15. මටනම් ගිනි ශුවර් උන්දෑ ඔය කැරැල්ල මැඩපවත්වන්න එන්න කලින් හින්දි ෆිල්ම් එකක් බැලුවා. ඒක නෑයි කියන උන්ව මරාගෙන මාත් මැරෙනවා.. සත්තයි.. :D

    ReplyDelete
  16. අනේ මන්දා මේ දවස්වල ඇහෙන්නෙම පාවාදීම්, දේශද්‍රෝහීන්, අධිරාජ්‍යවාදීන්, .......

    ReplyDelete
  17. අඬුව තියාගෙන අත පුච්චගන්න අය එදත් හිටියා...දැන් නම් වැහි වැහැලා.අපේ විදේශ සේවය ඒකට කප් ගහලා.

    ReplyDelete
    Replies
    1. අරූ,
      +++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  18. /-වීරත්වය සහ මෝඩකම වෙන්වන්නේ අපැහැදිලි රේඛාවකින්-/

    රාජ් එහෙම වෙන තැන් සහ නොවන තැනුත් තියනවා,

    හසලක ගාමිණී, කෝප්‍රල් චමින්ද, කැප්ටන් අලදෙනිය පැහැදිලි වීරයෝ ඔවුන් කරපු ක්‍රියාවන් අනුව.

    -ප.ගෝ.

    ප.ලි.
    ඒත් යුද්දෙ මැද්දෙ මහින්ද පොඩි උන්ව හුරතල් කරන්නයි, පාරවල් වල යන එකයි අර නොපැහැදිලි ගණයට වැටෙන්නෙ.

    තව ඉතින් මහින්දව ඊලඟ පාරත් ජනදිපති කරාම එතනදි ජනතාවගෙ වීරත්වය සහ මෝඩකම වෙන්වන්නේ අපැහැදිලි රේඛාවකින්. ඔන්න මමනම් මෝඩයෙක් ඊලඟ පාරටත්.

    ReplyDelete
  19. ලංකාවෙ ගොඩාක් මිනිස්සු රජෙක් යටතේ පාලනය වෙන්ඩ කැමති බව පේනවා නේද?

    මගේ පෞද්ගලික මතය නම් එදා හිටපු රජාලට වඩා ප්‍රජාතන්ත්‍රවාදය හොඳායි.

    ReplyDelete
  20. අද ඉතින් වැඩියෙන් ඉන්නේ වීරයන්ට වැඩිය මෝඩයෝනේ..

    ReplyDelete
  21. සිය දරුවන් සියතින්ම වනේ ලා කෙටීමට අණ කල රජුන්ගෙන් රට බේරා ගත් උන්
    1818, 1848 කැරලිවලට සම්බන්ධ වූවන් හා අහල ගම් හතේම පිරිමින් බාබකිව් කලා

    1948 උන්ගෙන් රට නිදහස් කර ගත්තායි කිවූ එවුන්
    71, 88, 83-2009 දකුණේ හා උතුරේ කොල්ලන්ව කෙල්ලන්ව බාබකිව් කලා.

    කැප්පෙටිපොලගෙ භූමිකාව ගැන හොඳම ඉහත අදහස් කොමෙන්ට් වලින් පෙනෙන්න තිබෙනව. ඒ වැනි අය අදත් හොණ්ඩර ගානට හොයා ගන්න පුලුවන්. උද්දච්ච කම් වලින් යුද්ද දිනන්න බැරිබව ඔහු ඔප්පු කලා.

    ඒත් සුද්දන් එක්ක හරි හෝ වැරදි විදියට සටන් කරලා ඒ මිනිසා පැනලා ගියේ නෑ, ඒ නිසා මට ඔහු වීරයෙක්. ඔහු පැරදුනත් ඉංග්‍රීසි ආණ්ඩුවට ලංකාවෙ ජනතාව වෙනුවෙන් යම් යම් සහන දෙන්න සිද්ද වෙන්නැති. එල් ටී ටිය පැරදුනත් දෙමල ජනයාගේ දැවෙන ප්‍රශ්නවලට වහාම විසඳුම් දිය යුතුය යන්න වගේ.

    කැප්පෙටිපොලගේ භූමිකාව අනුගමනය කොට අන්තර්දාන වූ තව පුද්ගලයින් දෙදෙනෙකු මගේ මතකයට එයි.

    රජයේ සේවකයෙකුගේ පඩි වැඩිවීම 1200, රජ පවුලේ දවසක වියදම කෝටි දෙකකට වැඩිය, ඉතින් අදාල ප්‍රශ්න විසඳී නොමැති නිසා ඉදිරියෙදී තව තව කැප්පෙටිපොලලා බිහිවීමට ඉඩ තිබේ.

    හැබැයි ඉංග්‍රීසීන් අඩුම තරමේ බෙල්ලවත් ඉතුරු කළා.

    ReplyDelete
    Replies
    1. මගේ අදහසට වඩාත්ම සමීප අදහස තමයි දයාල් දාල තියෙන්නෙ.

      Delete
  22. මේ උත්තරේ ප්‍රමුදිට.රජු පාවාදීම මොන අර්ථයෙන් කළත් උඩරට මිනිස්සු කළේ ශ්‍රේෂ්ට ක්‍රියාවක්.මම එක සසදන්නෙ බෲටස් විසින් ගර්විත ටාක්වින් ( රෝමයේ එට්‍රස්කන් පාලකයෙක් )පලවා හැරීමටයි.සමූහාන්ඩුවක් වූ රෝමයේ තට්ටු මාරු පාලනයේදී ටාක්වින් තමන් රජෙකැයි ප්‍රකාශ කළා.උදාර රෝම පුරවැසියන් ඊට එරෙහි වුනා.

    පාවාදීම් පිළිබඳ කතා තිබෙන්නෙ ලංකා ඉතිහාසයේ පමණක් නොවෙයි.ප්‍රමුදි එහෙන් මෙහෙන් අහුලගෙන තිබෙන්නෙ ලංකා ඉතිහාසය පමණැක් වෙන්න ඇති.මොකක් හරි පොඩි දෙයක් අරන් තමන් උපන් රටට ජාතියට ආගමට අපහාස කරන සුළු පිරිසක් බ්ලොග් ලෝකයේ ඉන්න බව ඇත්ත.ඒත් ඒක සමස්තය නොවෙයි.

    එහෙමනම් රුසියානුවන්,ප්‍රංශ ජාතිකයන් කළෙත් වරදක්.පාලකයා පොඩි ළැමයි වංගෙඩි වල දාල කොටන සයිස් එකේ කෙනෙක් නම් ඔහු පන්නා දමන්නට විදේශාධාර ගැනීමේ වරදක් නෑ.අනික නායක්කාර් පාලකයො පලවා හැරීමත් අවශ්‍යැව ත්ගිබුනා.

    මම නම් උඩරටියෙක් නොවෙයි.නමුත් උඩරැටියන් රජු පලවා හැරීම ගැන ආඩම්බර විය යුතුයි.අනික ඒ විදියට තර්ක කරනවා නම් පහතරැටියන් රට පාවා දුන්නේ අවුරුදු 500 කට පෙරයි.ඔවුන් රට පාවා දීමෙන් නොනැවතී සුද්දත් එක්ක ආපු කළු අප්‍රිකානු වහල්ලු ඇදටත් ගත්තා.

    ප්‍රමුදිට හරිහමන් කෙනෙක් හම්බවෙලා නෑ.හම්බවුනා නම් කටින් .... එන්න උත්තර හම්බවෙයි.

    ReplyDelete
  23. (ගිනි නරිය විටින් විට අවුල් වූ නිසා කමෙන්ට් ප්‍රමාදවීම ගැන කණගාටුව, නරිය අත්හැරිය!).

    කැප්පෙටිපොල පාවාදෙන්නෙක් ලෙස සලකා කමෙන්ට් කල අයට කියන්න වෙන්නෙ මම ඒ කතාවට එකඟ නෑ කියල. මොකද මේ විදියේ අදහස් ඉතිහාසය පුරාවටම තියනව. උදාහරණයක් විදියට මහින්ද රාජපක්ෂ ජනපතිවරයා යටතේ මානව හිමිකම් කඩකිරීම් වලට විරුද්ධව බටහිර රටවලට පැමිණිලි කරන ලාංකිකයන් ද්‍රෝහීන් විදියට හඳුන්වන්න පුළුවන්ද? තමන්ගෙ බිරිඳ-දරුවන් කෲර ලෙස ඝාතනය කල ඇහැලේපොල තවදුරටත් රජු ආරක්ෂා කලයුතුද වැනි ප්‍රශ්න වලට මගේ උත්තරේ අනුව තමයි මෙතන පිළිතුරත් සකස් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මුලු රටම පවාදීම වෙනම් කතාවක් ලොක්කා..

      Delete
  24. මොනවා උනත් අතීත වීරයෝ අමතල කරන කාලයක උබට හරි මෙහෙම මතක් උන එක ලොකු දෙයක්

    ReplyDelete