Tuesday, December 3, 2013

සිංඩි කතා

මේ යන විදියට ගියොත් අනාගතයේ මේ වගේ සිදුවීම් ඇතිවෙන්න පුළුවන්.
-----------------------------------------------------------------------------
පාසල නිමවී නිවසට පැමිණි පුත්‍රයා සිටින්නේ වෙනදා නොමැති මුහුණකිනි. කෑමට හෝ උනන්දුවක් ඔහුගේ නොමැත. බිරිඳත් කැටුව මා ඔහු වෙත ගියෙමි.

"ඇයි පුතා මොකද අද......?"

"පුතාට අසනීපයක්ද?" මව හිස අතගා විමසුවත් ඔහුගෙන් පිළිතුරක් නැත.

"එකත් එකටම ටීච පාරක් ගහන්න ඇති,.... මොකක් හරි දඟ වැඩක් කරල, මං හරිනෙ"

"නැත්තං ළමයෙක් එක්ක රණ්ඩු අල්ලන්න ඇති!"

"මං කා එක්කවත් ගහගත්තෙ නෑ තාත්තේ....." අවසානයේ ඔහු කටහඬ අවදි කලේය.

"එහෙනං මොකද?"

"පහසුකං ගාස්තු ගෙවන්න දුන්න රුපියල් පනහ නැති කරගත්තද?"

"උදේ බත් එක රස නැති උනාද?"

"තාත්ත නිසා අද මම යාළුවො ඉස්සරහ ලැජ්ජවුනා"

"oඈ!.... මං නිසා....?"

"ඔයා කවද්ද ඉතිං ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් කලේ"

"$$@&^$&^%....... හරි පුතා කියන්න මොකද උනේ කියල"

"යාළුවො එයාලගෙ තාත්තල ගැන කියද්දි තාත්තට බ්ලොග් එකක් තියනව කියල මම කිව්ව"

"ඉතිං? තාත්තට බ්ලොග් එකක් තියනවනේ"

"එයාල මට හිනාවුනා......"

"ඒ මොකද?"

"එයාල හැමෝගෙම තාත්තලට සින්ඩි තියනව! බ්ලොග් එකක් විතරක් තිබුනට එයාල ගනංගන්නෙවත් නෑ!"


ප/ලි- නිකං රසය සඳහා ලියූවක් පමණයි.

-----------------------------------------------------------------------------
සින්ඩියක් කියන්නෙ බ්ලොග් රැසක් එකතු කරන තැනක්. තේරුම්ගන්න ඕන කාරණාව තමයි බ්ලොග් නිසා සින්ඩියත් සින්ඩිය නිසා බ්ලොග් අඩවිත් යන දෙපැත්තටම ජනප්‍රියතාවය ඇතිවෙන බව. මගේ අදහස අනුව නං සින්ඩියකට ඇතුළු වෙන්න ෆෝම් පුරවන්න ඕනවුන කාලෙ ගියා. ඉල්ලීමක් ඇතිව හෝ නැතිව බ්ලොග් අඩවි ඇතුළු කරගැනීම සින්ඩි පාලකවරුන්ගේ වගකීම.
පහුගිය කාලෙ මම දැකපු සින්ඩි අතරින් වඩාත්ම සාර්ථක වුනේ මාතලන්ගෙ සින්ඩිය. පොඩි හඳුන්වාදීමකුත් එක්ක බ්ලොග් ලිපි දැමීමත් නවකයන්ට අතහිත දීමත් අතින් පෙරමුණේ හිටියෙ ඒ සින්ඩිය. මුල් කා‍ලයේ Traffic Sources හි පහලින් සිටියත් මේවන විට මගේ බ්ලොග් අඩවියේ ඉහලට පැමිණ ඇති ආකාරය මෙන්න මේ පින්තූරයෙන් බලාගන්න පුළුවන්.


සාර්ථක අනෙක් අඩවිය ලාංකීය සිතුවිලි. සිංහල බ්ලොග් කියවනය මේ වනවිට අලුත් බ්ලොග් ඇතුලත් කරගන්නා බවක් පේන්න නෑ. යලට මහට වගේ වැටෙන මාලන් සමරවික්‍රමගෙ කෙටි ලිපියක් එක්ක අඹගහයටත් අවුලක් නැතිව යනව.

කැම්පස් සින්ඩිය.
කැම්පස් යන/ගිය උදවියට සින්ඩියක් ඕනමයි කියල කවුරුහරි කියනව නං අපේ මොකෝ. ඒත් වර්ග කිරීම් වලට තියන අකමැත්ත නිසා මේකට මගේ එහෙමකට කැමැත්තක් නෑ. මොකද කියනව නං "කැම්පස් ගිය" සහ "නොගිය" කියන බෙදීම සමාජය/වෘත්තිය ඇතුලෙ මං දැකල තියන නිසා.

මෙන්න කැම්පස් සින්ඩිය

124 comments:

  1. ඔය වැඩෙන් කැම්පස් කොල්ලො කෙල්ලො මේකට ආකර්ශනය වෙයි කියලා මට හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ආකර්ෂණය කෙසේ වෙතත් කුලකයක් නිර්මාණය වේවි කියලා හිතෙනවා.

      Delete
    2. අළුතෙන් හදන්න දෙයක් නෑ කොකොමත් එහෙම කුලකයක් තියෙනවා. ගොඩක් උන් ඒ කුලකයට බයයි..

      Delete
  2. What's the origin of the word "සින්ඩිය"?

    ReplyDelete
  3. පුතාටත් ඕන් නැති දෙයක් නෑ... !
    තාත්තා වගේම නැතුව යෑ...

    ReplyDelete
  4. @ රාජ්
    //මොකද කියනව නං "කැම්පස් ගිය" සහ "නොගිය" කියන බෙදීම සමාජය/වෘත්තිය ඇතුලෙ මං දැකල තියන නිසා. //
    ඒක ඇත්ත. ඔයාම හොඳට දන්නව ඇතිනේ රජයේ දේශපාලන න්යා ය පත්ර යට අනුව සේවයට ඇතුලත් වෙන්න වාසනාව ලද අභ්යායසලාභී උපාධිධාරීන්, උපාධි ඇති හෝ නැති වෙනත් ශ්රේ‍ණිවල අයත් එක්ක හදාගෙන තියන බෙදීම.

    ReplyDelete
  5. සරලයි..හරිම කෙටියි..නියමයි..සින්ඩි ගොඩයි..අපි දානව දානව ඒත් එකකින් දෙකකින් විතරයි ප්‍රථිපල .

    ReplyDelete
  6. සින්ඩියක් ගැන කින්ඩියක් !

    මටනම් හිතෙන්නෙ සින්ඩි වලින් එනවට වැඩිය කොටසක් එනවා තනි තනි බ්ලොග් රෝල වලින්. ඒවා සංඛ්‍යාත්මකව පොඩි හින්දා ඉහලට එන්නෑ. මම ඒක හොඳටම අත් දැකලා තියනවා ලිපියක් බ්ලොග් රෝල් වල අප්ඩේට් නොවුනම. එතකොට වෙනදා සාමාන්‍යයෙන් වැටෙන ට්‍රැෆික් එකෙන් බාගයක්වත් වැටෙන්නෑ. (මේක සිංඩි කිංඩි කිරීමක්වත්, ඒවයෙන් වෙන සේවය අවතක්සේරු කිරීමක්වත් නොවන බව කරුණාවෙන් සළකන්නා

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන්නෙ ඔන්න ඔය හැඟීම තමයි...

      අනිත් එක මාත් සින්ඩි වලින් නෙවෙයි අලුත් බ්‌ලොග්ස් හොයා ගන්නෙ බ්ලොග් රෝල් වලින්...

      Delete
    2. සින්ඩියක වැදගත්කම විශේෂයෙන්ම දැනෙන්නෙ මුල් කාලෙ. කාලයක් යද්දි දන්න කියන පිරිස කොහොමත් එනව. බ්ලොග් රෝල් වලට තමයි මගෙත් පළමු මනාපය.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. අනේ මංද ඔය සිංඩි ගැනනං. මම හැමදාම යන ඒවට යන්නෙ බ්ලොගර් ඩෑෂ් බෝච් එකෙන්. ඊට අමතරව පාවිච්චි කරන්නෙ ලාංකීය සිතුවිලි එක තමයි.
    ඔය විදියට ගිහිල්ල අන්තිමට සින්ඩි ටික තෝරගන්නත් තව සිංඩියක් දාන්න වෙයිද මන්ද?

    ReplyDelete
    Replies
    1. මම දැන් බ්ලොග් ෆලෝ කරන්නෙ නෑ. ඩෑෂ් බෝඩ් එක බැලෙන්නෙම නෑ. රෝලෙන් තමයි යන්නෙ.

      Delete
  9. තාත්තගෙම පුතානේ... :P

    ReplyDelete
    Replies
    1. තෝ කොහෙද මකබෑ වෙලා හිටියේ ?

      Delete
    2. ඒක තමයි මාත් දැක්කෙ ටික දවසකින්

      Delete
  10. මාතලන්ගේ සින්ඩිය ගැන උඹත් එක්ක එකඟයි. මම බ්ලොග් බලන්න පටන් ගත්තේ අඹගහ යටින්, නමුත් නවක බ්ලොග් එකතු කරගැනීම, හඳුන්වාදීම අතින් මාතලන්ගේ සින්ඩිය ඉන්නේ ඉස්සරහින්. ඒ වගේම යම් යම් විශේෂිත පෝස්ට් වැඩි දෙනෙක්ගේ අවධානයට ලක්කරන්නත් මාතලන් ගන්න උත්සාහය අගය කරනවා. නමුත් කැම්පස් සින්ඩිය මම දකින්නෙත්, මාතලන් මේ දක්වා කරගෙන ආපු වැඩපිළිවෙල අනුව නම් පසුගාමී පියවරක් ලෙස.

    උදාහරණයක් විදිහට මම කැමතියි කවි කියවන්න.... ඉතිං කවි කියලා සින්ඩියක් තියනවා නම් මම කැමතියි, ඒකෙන් ගිහින් කවි බ්ලොග් හොයාගන්න. හැබැයි මට කවදාවත් හිතෙන්නේ නෑ, මට කොලඹ කැම්පස් එකේ එකෙක්ගේ බ්ලොග් එකක් කියවන්න ඕනේ කියලා. ඒ නිසා ඒ වර්ගීකරණය අසාර්ථක එකක් කියලා මම හිතන්නේ පොදුවේ බ්ලොග් කියවනෙකුගේ ඇසින් බලපුවහම.

    ඒ ඒ කැම්පස් වල අය එකතුවෙලා එහෙම දේවල් හදාගත්තා කියලා අවුලක් නැහැ. කැම්පස් අනුව, ඉස්කෝල අනුව, ඉන්න රටවල් අනුව, කරන රස්සාව අනුව, වයස අනුව... ඔය ඕනේ විදිහකට සින්ඩි හදාගන්න පුළුවන් ඒ ඒ සුළු පිරිසගේ ප්‍රයෝජනයට. නමුත් පොදු කියවන්නෙකුට වැදගත් වෙන්නේ, එක තැනකින් සියලු දේ කළමනාකරණය කරගන්න පුළුවන් ක්‍රමයක්.

    බ්ලොග් කියලා කියන්නේ, අපේ සමාජයේ මුල් බැහැගෙන තියන අනෙකාව පෑගීමේ මිනුම්දඬු කුඩේකුඩු කරපු මෙවලමක්. දැන් මේකට පෙරමුණ අරගෙන ඉන්න මාතලන් අතුළු නඩයත් මම දකින්නේ මේ ඉස්කෝල, රටවල්, ආදී මෙකී නොකී සීමා මායිම් ඉක්මවා ගිය පිරිසක් විදිහට. ඒ අය එකතු වෙලා ත්‍යාග ප්‍රධානයන්ද ඇතුලත් 'කැම්පස්' සින්ඩියක් පටන් ගැනීම, මට ටිකක් දිරව ගන්න අමාරුයි. ලංකාවේ කැම්පස් නොගිය පොරක් හැටියට, රස්සාවක් හොයනකොට, රස්සාවක් කරනකොට මම අත්දැකපු 'කැම්පස් ගිය' කියන මානසිකත්වය මේ තුලින් නැවත ඉස්මතු වෙනවට මම අකමැතියි.

    වරදවා වටහා ගන්න එපා. දැන් බ්ලොග් ලියන කැම්පස් ගිය අය, බ්ලොග් එකක් ලියන තවත් එක්කෙනෙක් මිසක්, අහවල් කැම්පස් එකට ගිය බ්ලොග් ලියන එකෙක් විදිහට තමන් ගැන හිතන්නෙ නෑ. නමුත් මේකෙන් වෙන්නේ 'කැම්පස් ගිය' කියන හැඳින්වීමත් එක්ක අපේ සමාජයේ තියන පසුගාමී බෙදීම, බ්ලොග් ලෝකයටත් ආරෝපණය වෙන එක.

    කොටින්ම, අන්තර්ගතයට අදාල ප්‍රශ්නයක් නැතිව, මට මගේ බ්ලොග් එක සින්ඩියක එල්ලන්න බැරි කමක් තියනවා කියන්නේ (මම කැම්පස් නොගිය නිසා / මම අට පාස් නැති නිසා / මම දුරාව කුලයේ නිසා / මම සමලිංගික නිසා / මම අංගවිකල නිසා.... ) ඒක "ගෝත්‍රික සින්ඩියක්".

    ----
    රිපීට් ටෙලිකාස්ට් අවුලක් නිසා ඉහත කොමෙන්ටුව නැවත නිවැරදිකර දැමූ බව සලකන්න

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ.... මං කිව්වත් මේ ටිකම තමයි....

      Delete
    2. සියල්ලටම එකඟයි!

      Delete
    3. තිසරගේ කොමෙන්ටුවට සම්පූර්ණ එකඟයි

      Delete
    4. මාත් කියන්නෙ ඕකමයි. ඔය වර්ග කිරීමට මමත් එකඟ නෑ.

      Delete
    5. තිසරගේ කොමෙන්ටුවට සම්පූර්ණ එකඟයි. මම කැම්පස් සින්ඩිය ගැන දැනගත්තේ සමකය වටේ බ්ලොග් එකේ ලිපියෙන් සහ මාතලන් ගේ බ්ලොග් ලිපියෙන්. මේ ගැන දැනගත් විටම මට ආව අදහසත් මේකමයි. නමුත් ලියුවේ නැහැ වැඩක් පටන්ගත් විට අසුබ් කථා නොකිය යුතු නිසා.
      කවි ,දේශපාලන, විහිළු ලෙස බ්ලොග් වර්ග කරන්න පුළුවන් නමුත් කැම්පස් අනුව, පළාත් අනුව, වගේ ක්‍රම වලට වර්ග කරණය පොදු පාඨකයකුට අනවශ්‍යයි. සින්ඩි යනු දැන් ඉස්සර තරම් නැගලා යන සයිට් වර්ගයක් නොවේ

      Delete
    6. ෆේස්බුක් ග්රූප් නම් තියෙනවා අපි නුවර, අපි ගාල්ලේ ආදී වශයෙන්. ඔවුන්ට හඬ නගන්න තැනක් නැත්නම් ඔන්න කමක් නෑ. එතන ගිහින් බැලුවත් අපේ ඉන්න ටික දෙනාම තමයි ඒකෙත් එල්ලිලා තියෙන්නේ.

      Delete
    7. මෙහෙමනේ දැන් ඔහොම කලවමේ තිබ්බම කොහොමද
      අපි කැම්පස් ගියා කියල අනිත් අයට දැනුම් දෙන්නේ. තමන් ලොකුයි කියල පෙන්නනේ? ඉතින් බෙදාගන්න ඕනේ කොහෙන් හරි.
      එක හරකෙක්ගෙ විසබීජයක් නිසා ආයේ කෑල්ලකට බෙදෙනව බ්ලොග්ලෝකේ. කලින් හරකෙක් ඇවිත් කබ්බො කෙහෙම්මලක් ඇදගත්ත.
      ඕවා ඉතින් ඔය ලංකාවෙ කැම්පස් ගිය බහුතරයකට තියෙන මානසික ලෙඩක්.

      පිස්සු විකාර.

      Delete
  11. "කැම්පස් ගිය" සහ "නොගිය". There is a third category. We consider the institution we went to as equivalent to an University but some higher education institutions do not consider our qualification equivalent to a degree. Anyway, people like hanging on to something to show they are special/superior to others. Human nature, eh?

    ReplyDelete
    Replies
    1. 'Anyway, people like hanging on to something to show they are special/superior to others"

      එකෙන්ම!

      Delete
  12. මේ වැඩේට මගෙත් වැඩි මනාපයක් නෑ. මේ කැම්පස්/නොකැම්පස් බෙදිමට මට අනුවනම් විකාරයක්. ඒකෙන් වෙන්නේ අපි තව තවත් ගෝත්‍රවාදයට තල්ලු වෙන එක [බලපන් 33000lk එකේ මොරා උනුයි ස්ලිට් උනුයි මරාගන්න හැටි]

    ඒත් මචන් මාතලන් කියන්නේ වැඩකට බැස්සොත් බොක්කෙන්ම කරන පොරක් නිසා විවේචනයක් කරන්න හිතෙන්නෙත් නෑ.

    දෙයක් කරන මනුස්සයෙක්ව විවේනය කරන්න, ඒ මිනිහව ඩයිසෙක්ට් කරලා මඩ ගහලා විනාශ කරන්න ලේසියි ඒත් දෙයක් කරන්න අමාරුයි. ඒ නිසා මේ සිද්ධියෙදි අකමැත්තෙන් උනත් නිහඬව ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. (ගොසිප් වල ඔය මරාගැනිල්ල මාත් දැක්ක. නුවර-නොනුවර, දකුණ-කොලඹ,...වගේ බෙදීම්ද තියනව)
      මාතලන් සහ අනෙකුත් උදවියගෙ සද්භාවය ගැන ගැටළුවක් මටත් නෑ මාලන්. ඒත් අර බෙදීම මතක් වෙනකොට නිකං මොකද්ද වගේ. ඒකයි මෙවැනි පෝස්ටුවක් ලිව්වෙත්, සැර බාල කරල ලිව්වෙත්.
      ඒ වගේම දැනටමත් මේ ගැන ප්‍රශ්න කරන උදවිය/බ්ලොග් පෝස්ට් තියනව කියන්නෙ, බෙදීමක් තියනව කියන එකයි.

      Delete
    3. ඇයි බන් තව සැරට ලියන්න තිබුනනේ.

      Delete
  13. ලිවිල්ලනං මල් මසුරං... ඒ යටින් දිවෙන කතාව.. ඒ කිව්වේ මේ දවස්වල මාතලංගේ අළුත් කැම්පස් සිංඩි කතාව ගැන ගත්තමනං මට ඕක ගැන කියන්න දේවල් කීපයක් තියෙනවා... එකක් තමා මොනවත්ම නොකරනවට වඩා මොනවම හරි කරන එකේ හොඳක් තියෙනවා... ඒත් කරන විදියේ පැහැදිලි අවුලක් තියෙනවා... එතනදී මාතලං ඉදිරියට දාන අරමුණ තමා කැම්පස්කරුවන් අතර බ්ලොග් ව්‍යාප්ත කිරීම කියන කාරණය. ඒත් මට පේන විදියට මේ යන අතට ගියොත් ආයෙම වතාවක් බ්ලොග් ලෝකයේ කැම්පස් ගිය/ නොගිය කියන කාණ්ඩ දෙකක් අතර හිත් නොහොද වීමක් වෙන එක වෙයි වගේ... අනිත් එක කැම්පස් අය සඳහා සිංන්ඩියක් ඇති කිරීමෙන් මාතලංලා කියන හැටියට අළුත් බ්ලොග් ලියන අය කිහිප දෙනෙක් හරි එකතු කරගන්නනං බැරි වෙන එකක් නැහැ.. හැබැයි ඒ හරහා ඇතිවන හිත් නොහොඳවීම්වලට සාපේක්ෂව ගත්තම ඒ එකතු වීමේ ලාබයට වඩා පාඩුවක් බ්ලොග් වලට වෙන්න පුළුවන්... මේක හරියට ඉරක් ගහලා හොදයි නරකයි කියලා වෙන් කරලා දක්වන්න අමාරු කාරණාවක්...

    තිසර කියනවා වගේ මේක එක්තරා විදියක පසුගාමී වැඩක් වීමේ හැකියාවත් නැත්තේ නැහැ... දැන් උනත් ටිකක් ඔය ගොසිප් සයිට් වල කමෙන්ට් කියෙව්වම අපිට හිටිය ගමන් පේන්න තියෙන දෙයක් තමා රජයේ උපාධිධාරීන් සහ අර සිලිට් වගේ ආයතන වල ශිෂ්‍යයින් අතර මොකාක්දෝ නමුත් ආරෝවක් තියෙන වග... රජයේ උපාධි කරුවා පෞද්ගලික උපාධිකරුවාව හෑල්ලු කරනවා.. පෞද්ගලික උපාධිකරුවා රජයේ උපාධිය හෑල්ලු කරනවා... මේ වගේම තත්වයක් උදා වෙන්න මේක හේතු නොවේවායි පතනවා...

    කොහොම උනත් මගේනං පෞද්ගලික මතය දැන් සින්ඩිනං ඇති.. තියෙන ටික හරියට කරගෙන යනවනං.. එහෙම නැතිව පඳුරක් පඳුරක් ගානේ සින්ඩි වැඩිවීමෙන් මහා ප්‍රයෝජනයක්නං වෙන එකක් නැහැ. හැබැයි ඉතිං ඕවට විරුද්ධ උනා කියලා ඇති වැඩකුත් නැහැ.. වික්‍රමබාහුලා.. සිරිතුංගලාටත් දේශපාලනය කරන්න අයිතිය තියෙන කොට කවුරු කවුරුත් තම තමන්ට උවමනා තේමා යටතේ සින්ඩි හැදුවා කියලා වරදක් කියන්නත් බැහැ.. හැබැයි ඉතිං පලක් පලදායීතාවය ගැනනං සහතිකයක් දෙන්න බැහැ.

    මගේ මේ මතය මේ අළුත් සිංඩිය ගැන විතරක් නෙවෙයි.. දැන් ටික කාලෙකට කලින් ඔය වගේම සිංඩි පැටවු ගහන රැල්ලක් ආව වෙලේ ඒ ඒ සිංඩි ආරම්භ කල අයටත් මා විසින් කියා සිටි මතයයි.

    (මේ වන විට සින්ඩි භාවිතයක් නොමැති අතර.. තාමත් මගේ අංක එකේ කැමැත්ත SBU එකේ සිංඩියටත්.. දෙවැනි තැන ලාංකීය සින්ඩියටත් හිමිවේ. අනිකුත් සිංඩි ගැන ඒ හැටි අදහසක් නැත.)

    පලි.. වීරයා මලාට මොකෝ.. ඔය ගෝලයා ලියන්නේ ගුරාට ඉහලින්ම යන්න.. :D

    ReplyDelete
    Replies
    1. රයිට්. මගේ අදහසත් දැන් තියන සින්ඩි ගාන ඇති කියන එකයි. කවුදෝ කියල තිබුන(උඹද කකාද අමිලද කියල මතක නෑ) එස්බීයූ එකේ පාලකවරුන්ට යම් බලපෑමක් කල හැකි නම් මීට වඩා සේවයක් සිදුවෙනව කියල. මාත් එකඟයි ඒ කතාවට නං. දැනට අලුත් අඩවි එකතු නොකිරීමේ/ප්‍රමාද වීමේ අවුල නැතිවුනානං එස්බීයූ තමයි හොඳම(ඒ නැතත් දැනටත් වැඩිම පිරිසක් එන්නෙ ඒකෙන්)

      සින්ඩි හදන්න තියන අයිතියම ඒ ගැන ලියන්නත් තියන නිසා මේක ලිව්ව. මේක විවේචනය කරන්නත් ඒ අයිතියම තියන බවත් දන්නව.

      අගය කිරීමට ස්තුතියි.

      Delete
    2. මමත් ඔය මාරයා පලියෙ ලියලා තියන එක ගැන සඳහනක් කරන්න හිටියෙ. අමතක වුනා. මටත් හිතුනෙම ඕකම තමයි. බය, උඹත් විකිනෙයිද කියලා :D

      Delete
    3. ඔය විරුද්ධත්වය සති දෙකයි.. මෙහෙම කතාවෙන එකම මදෑ.. මම නම් ඉතින් මේක නවත්තන්නේ නෑ.. ආයේ මොකා කීවත්.. කැමති එකෙක් එයි. අකමැති එකා ඔරව ඔරව ඉඳියි. කියපු වැඩේ ඒ විදියටම යනවා.

      Delete
  14. සුභ දායක පැත්ත පමණක් දකින්න උත්සාහ කරමි

    ReplyDelete
    Replies
    1. බොට කිව්වා නේද මල්ල මොනවා හරි අද ලියන්න කියල. කෝ.....????

      Delete
  15. මොනවාද බං මේ සින්ඩි බින්ඩි?
    මම නම් උඹල මොනවා හරි ලියල තිබුනොත් මෙහෙම ඇවිල්ල මොනවා හරි කොටලා යනවා මිසක්ක .

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මචං! නිකං ලිව්ව

      Delete
  16. ඔන්නොහෙ සිංඩිත් තිබිච්චාවෙ. අපිත් ඉම්මු.. බ්ලොග් ගානට සිංඩිත් ආවොත් කාටද ආඩම්බර ? අපිටමනෙ..

    ReplyDelete
  17. මමත් ඔය මතයේ ඉන්නෙ

    ReplyDelete
  18. මේක මට හිතෙන්නෙ හොඳ අරමුණකින් ගත්තු වැරදි පියවරක් හැටියට... මාතලනුයි , නලීනුයි මේ දක්වන උනන්දුව සහ කැපවීම තියෙනවනම් බ්ලොග් ප්‍රවර්ධනය කරන්න මීට වඩා ප්‍රායෝගික සහ විනෝදමත් ක්‍රම අනුගමනය කරන්න පුලුවන්... මගෙ මීටරේට වැටෙන හැටියට නම් මාතලන්ලගෙ මහන්සිය අපතෙ යෑමක් වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. මගෙත් අදහස ඒකයි.

      Delete
    2. අපේ අරමුණ වුණේ බ්ලොග් ලියන කියවන පිරිස අතරට පහසුවෙන්ම එක් කරගත හැකි පිරිසක් ළංකර ගැනුමයි ඒ වෙනුවෙන් කළ හැකි හැම දෙයක් ම කරන්න බලමු. අදහස් දැක්වීමට ස්තුතියි.

      Delete
    3. එහෙමනම් වෙන්නේ නෑ කවදාවත්.

      Delete
    4. නලීන් , මාතලන් , මේක ගැන මගේ අදහස කිව්වා කියා මේකට කෙලවේවා කියා පාහර ආතල් ගන්න බලාගෙන ඉන්නවා කියා හිත්න්න එපා. කිසිසේත්ම එසේ නැහැ.සාමාන්ය මනුස්සයෙකුගේ අවංක අදහසක් ලෙස බාරගන්න. ඒ වගේම රජුගේ සලුව අගේ කරපු අයගෙයි කුඩා දරුවගෙයි වෙනස වටහා ගනීවි කියා හිතනවා..

      Delete
    5. හෙළ්ය්වෙන් යන්නෝ කව්ද කියා ඉතා පැහැදිලිව පේනවා. කඩා වැටි ඇති සිංහල බ්ලොග් කළාව නගා සිටුවීම එකම පරමාර්තයයි.

      Delete
    6. ඔබ ගැන වැරදි අදහසක් නැත සපතේරු උන්නැහේ මිත්‍රයා...

      Delete

    7. ඈ මාතලන් කවුද කියන්නෙ මේක කඩා වැටිලා
      කියලා

      කොහොම උනත් ඔය අළුතෙන් එකතු උන බ්ලොග් ලියන උන් නම් මෙලෝ රහක් නෑ තමා. කියන්න දුකයි ඒ එකතු උන බහුතරය ඔය කියන කැම්පස් ගිය අය තමා

      Delete
  19. ජය වේවා. උඩ සින්ඩි කතාව නම් මරු අහ්..

    පැම්පස් සින්ඩියක් හදමුද බං..

    පලි - මාතලන් වැඩක් කලොත් ගොඩ නේ..

    ReplyDelete
    Replies
    1. @ sam-එච්චරයි දැන් අඩුවකට තියෙන්නේ.....:)

      Delete
  20. බ්ලොග් කරණයට පිවිසෙන මුල් අවදියෙදි බ්ලොග් කරුවාට පිටුවහලක් වෙන්නේ සිංඩි කියන එකයි මගේ අදහස නමුත් නිර්මාණකරුගේ ලිවිමේ හැඩයමත කාලයක් යත්ම බ්ලොග් රෝල ඔස්සේ පාථකයන් බ්ලොගය වෙතට ඇදීඑනවා එයින් අදහස් කරන්නේ ඒ ඒ බ්ලොග් කරුවාට ආවෙනික පාඨක පිරිසක් නිරායාසයෙන්ම ඇතිවෙන බවනේ නමුත් පාවෙන පාඨකයන් අදටත් ඒ ඒ බ්ලොග් කියවන්නේ සිංඩි ඔස්සේ කියලයි මට හිතෙන්නේ නමුත් සිංඩි වලින් බ්ලොග් කරුවන් අතර බෙදීමක් ඇතිවීමට යම් උඩගෙඩි දීමක් සිදුවෙනවා නම් ඒය අවාසනාවන්ත තත්වයක්

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ කැම්පස් සින්ඩිය වර්ජනය කලොත් නේ. ඒ කියන්නේ අපේ උන්ට තියෙන ලෙඩක්. ඒවට බේත් මේ සම්මජ්ජාතියේදි හොයන්න බෑ. කොහොමත් අපේ උන් අලුත් දේට බයයි. මෙහෙම උන් එක්කද අලුත් රටක් හදන්නේ කියලා හිතන කොටත් ලැජ්ජයි.

      Delete
    2. අනේ මාතලන් ඔය අළුත් දේට බය කියන බයිලාව අත ඇරල

      මතු කරල තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්නකෝ......?
      ඔයත් කැම්පස් ගිය කෙනෙක් නේද?

      Delete
  21. හමුදා සින්ඩියක් පටන්ගත්තොත් කීදෙනෙක් විතර එයිද රාජ්?

    ReplyDelete
    Replies
    1. තුවක්කුව පෙන්නලා තග දාලා දෙතුන් දාහක් ගෙන්න ගන්න පුළුවන් වෙයි.....

      Delete
    2. දෙන්නෙක් නං දන්නව.

      Delete
    3. මොකා නැතත් අර උඹේ යාළුවා නම් කොමෙන්ට් දාන්න එයි. හුලාටත් වැඩක් නැති නිසා බ්ලොග් එකක් ලියන්න කිව්වා නම් හරි. ෆොන්සේකටත් බැරිය, උනහපුළුවා කියලා එකක් පටන් ගන්න.

      Delete
    4. එහෙම ආවොත් අපිත් පටන් ගන්නවා බැංකු සිංඩියක්.:)

      Delete
    5. හදාපල්ලකෝ බොන උන්ට විතරයි කියලා සින්ඩියක්......
      අයේ ලොවෙත් නැති සෙනඟක් එනවා..

      Delete
  22. මාතලන්ගේ සිංඩිය වගේම අත දීපු සහා තවමත් අත දෙන සින්ඩි දෙකක් තමයි.අපිඅපිට එකයි,චන්දනගේ අපේ බ්ලොග් කියන එකයි.කොහොම වුනත් සින්ඩි වර්ග කරන එකට පුද්ගලිකව මගේ කැමත්තක් නැහැ.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති. නමුත් මම නං යන්නෙ අර කියපු සින්ඩි වලට. සින්ඩි ගනන ටිකක් වැඩියි කියල ඒකෙන්ම පේනව.

      Delete
    2. එහෙම වැඩි වෙන එක හොඳයිනේ. ඔයාලම නේද කියන්නේ බලය විමධ්‍යගත කරන්න ඕනය. අරකය මේකය කියලා.. සින්ඩි වැඩි උනාම ඒවටත් පිරිසක් එයි. නැත්නම් නිකන්ම වැහිලා යයි.

      Delete
  23. මම කියන්නෙත් මොකක් නිසාවත් වෙනම බෙදන්න ඕන නෑ කියලයි ....... ලියන එක හොදයිනම්, කියවන්න හිතෙනවනම්, ඒ අයට ඕනෑම සින්ඩියක එල්ලෙන්නත් ඉඩ තියෙන එක තමයි ලියන අයගේ ගුණාත්මක බව ඉහල යවන්න පුළුවන් හොදම ක්‍රමය.....

    ReplyDelete
  24. ස්තුතියි රාජ් ඒ වගේම අදහස් දක්වා ඇති සැම දෙනාටම... මේ සින්ඩි වැඩෙන් බෙදීමක් ඇතිවේවි යන ආකල්පය අප තුළ ඇතිව තිබුණේ නෑ. ඒත් දැන් ඉතා හොදින් වැටහෙනවා එවන් තත්ත්වයකට පාර කැපෙන බව. මේ අදහස් ඉතා වටිනවා. බලමු එවන් බෙදීමක් ඇති නොවී පිරිස වැඩි කර ගැන්මට මොනවද කළ හැකි කියා. මෙන්න මේ වගේ විදිමත් කතිකාවකින් අප කාටත් හැදෙන්න හැකියි. මේ අදහස් දක්වපු සැම දෙනාටමත් රාජ්ටත් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මුලින්ම ස්තුතියි මගේ ලියමන තේරුම්ගත්තට. (මාතලනුත් එහෙම තේරුම්ගනියි කියල හිතනව). මම මේ සටහන ලිව්වෙ කැම්පස්/නොකැම්පස් බෙදීමක් සිස්ටම් එක තුල තියන නිසාත් සින්ඩිය සම්බන්ධයෙන් යම් යම් විවේචන දැක්ක නිසාත්. මේ වනවිට අදහස් දක්වා ඇති බොහෝ දෙනෙක් වර්ගීකරණයට අකමැති බවකුත් පේනව.

      දැන් කරන්න තියෙන්නෙ ගැටළු වලට උත්තර හොයාගෙන ඉස්සරහට ගමන යාම. ඒකට ශක්තිය උඹලට තියනව.

      Delete
    2. මේකෙන් බෙදීමක් ඇති වෙන්නේ නෑ නලීන්. මේකෙන් වෙන්නේ එක්වීමක්. කැම්පස් උන්ට අකමැති නම් නොගිහින් ඉඳියි. කැමති නම් ගිහින් බලාවී. එලියට ආවත් කැම්පස් එකට ආදරේ එකා ගිහින් බලයි, එහෙම නැති එකත් බලයි, ඒත් නොබැලුවා වගේ ඉඳියි.

      සති දෙකයි, ඔක්කෝම අමතකයි..

      අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ..

      Delete
    3. දැන් අපි හිතනවා මෙහෙම, ලබන අවුරුදේ අන්තීමට සහතික හා සම්මාන දෙනවා, කැම්පස් සම්මානේ රාජ්ට. එහෙම නොවන සම්මානේ හිරුට. සම්මාන උත්සවේ ඔය මහජන පුස්සකාලේ හරි හම්බන්තොට නාමල් පොකුනේ හරි කොහේ හරි. දැන් ඉස්ටේඩ් එකේ කැම්පස් සින්ඩියේ ඇඩ්මින්ලා ටිකයි ජජ්ලයි ඉන්නවා.

      මේ වේස කොල්ලෝ සින්ඩි හදලා අපිව බේද කලා ඒ නිසා වර්ජනය කරනවා කියලා. එකෙක්වත් ඇවිත් නෑ. ඉතින් අපිට පාන්ද. පාරෙ යන එකෙකුට සම්මානයි, සහතිකයි දිලා, ඇඩ්මින්ලා ටික යනවා කොලෝනියල් එකට. ඊට පස්සේ බ්ලොග් එකත් ආයේ ලියනවා සින්ඩියත් දිගටම යනවා.

      අනේ ඉතින් මේ මැරෙණකන්නේ...

      Delete
    4. කොහොම වුනත් මාතලන් ලා නලින්ලා වැඩේ පටන් ගත්තෙ මොනම හෝ අරමුණකට.. ඔයාලට ඒකෙ විස්වාසෙ තිබෙනවා නම් කිසිම අවුලක් හිතන්න එපා..
      මොකුත්ම නොවෙනවාට වඩා මොනවාහරි වෙන එකයි වැදගත්.

      Delete
  25. කැම්පස් ගියපු නොගියපු, මාහාචාර්යවරු, පහටවත් ගියේ නැති උන්, ඉස්කෝලේ ජීවීතෙට නොගිය මුට්ට කර ගහන උන්, මැති ඇමතිවරු, පාතාලේ උන්, පිස්සෝ, ගිඟන්නෝ, රෝයල් එකට ගිය එකා, රතුගල කනිස්ටේ එකා, ලොකු එකා පොඩි එකා, ගෑණු පිරිමි, ගල් කාරයෝ, පොන්නයෝ, තම්බියා දෙමළා සිංහලයා විතරක් නෙමෙයි කොයි රටේ එකා උනත්, ඔය කවුරුත් මට එකයි. උන් හැම එකාම මට මනුස්සයෙක් විතරයි. මම ඔය හැම එකාම ආශ්‍රය කරලා තියෙනවා. ඔය හැම එකාටම මගේ සිනාව කතාව එකයි.

    කැම්පස් එකේ උන්ට වෙනම සින්ඩියක් දැම්ම. කැම්පස් නොගිය එකාට ප්‍රශ්ණයක්, මොකෝ කැම්පස් එකේ උන් දිහා බලන්නේ වපර ඇහෙන්, ඌ පෝස්ට් එක කියවන්නෙවත් නෑ. මොකෝ උන්ව විතරක් නෙමෙයි අගය කරන්නේ. අනික් උනුත් අගය කරනවා. ඒ වගේම කැම්පස් ගියපු එකාටත් ලෙඩක් තියෙනවා. එක්කෝ හීනමානය. නැත්නම් නිහතමානී කම. ඔය දෙකෙන් එකක්. කොහොමත් කැම්පස් ගිය ගොඩක් උන්ට, ඊට පස්සේ ඒ ජීවිතේ මතක නෑ. අපේ ඔෆීස් එක ඉස්සරහින් කැම්පස් කොල්ලෝ කෙල්ලෝ පෙලපාලි යනකොට, උන්ට පිස්සු කියන්නේ කැම්පස් ගියපු උන්මයි, ඉන්ටවීව් වලදි කැම්පස් එකා කබ්බෝ කියලා කපන්නෙත් උන්මයි. කැම්පස් කාරයන්ට ජොබ් වල ප්‍රයෝරටි දුන්නේ කැම්පස් නොගිය ප්‍රේමදාස මහත්තයා.

    දැන් ඔක්කෝම පිලි ගන්නවා. මාතලන් බ්ලොග් එකෙන් විශාල සේවයක් උනා කියලා. නමුත් ඒක මම පටන් ගත්තේ බ්ලොග් රෝල ළොකු නිසා මගේ පහසුවට. පටන් ගන්න කොට බල්ලෙක් වත් ආවේ නෑ. බ්ලොග් එකටත් එහෙමයි. නමුත් මගේ සිරිතක් තියෙනවා. මම දන්න දෙයක් අනික් අයත් එක්ක බෙදා ගන්න එක. දැන් ඔය ගොඩක් උන් සිංහල ටයිප් කරන්න දන්නේ නෑ. අනික කොමෙන්ට් නෑ කියලා වහලා දානවා. අඩු ගානේ තම තමන්ගේ කැම්පස් උන් අතරවත්, බිත්ති සඟරාවක් වෙයි කියන එකයි අපේ බලාපොරොත්තුව. අපි මේක පටන් ගන්න ඉන්නේ සිංහල අකුරු කොහොමද ටයිප් කරන්නේ කියන් එකේ ඉඳලා. අපි මේක පටන් ගන්න උන්නේ ජනවාරියේ. ඒත් ඊට කලින් වැඩේ සාර්තකයි.

    මේ පුචාරණයට ස්තූතියි. ගල් මල් දෙකම අපි පිලිගන්නවා. ජොනි වෝකර් නිසත් ගොඩක් උන් මේක දැන ගත්තා. මෙච්චර ලොකු කොමෙන්ට් එකක් දැම්මේ රාජ් එකේ නිසා. අනික් උන්ට නම් උත්තර බඳින එක කාලේ කන වැඩක්, රාජ්ගේ බ්ලොග් එකත් ගොඩක් දෙනෙක් බලන නිසයි මෙහෙම ලිව්වේ..

    ආයෙත් සැරයක් තෑන්ක්ස් මචන්. උඹ විතරයි පරණ උන්ගෙන් මෙහෙම ප්‍රචාරයක් දුන්නේ.

    ReplyDelete
  26. හොඳ චේතනාවෙන් පටන් ගත්ත වැඩක් වෙන්න ඇති. ඒ වුනාට පැහැදිලිවම බෙදීමේ දිසාවකට යන බව පේනවා, මේ සම්බන්ධ අනිකුත් පෝස්ට් සහ කමෙන්ට්ස් කියවන විට. බෙදීම වැලැක්වෙන පියවරක් ගනී යයි හිතනවා.

    ReplyDelete
    Replies
    1. වැඩේ දිගටම යනවා අරූ. අපි ඔක්කෝටම කැම්පස් යන්න බෑනේ. අනික අපිට කොච්චර සල්ලි තිබුනත්, ෆස්ට් ක්ලාස් ෆැමිලි එකකින් කසාද දෙන්නේ නෑ නේ. ලව් කරන්න පුළුවන්. මැරි කරන්න බෑ. උඹට තේරුනාද මන්දා. මොකද එතන වෙනම සොසයටි එකක් නිසා. ඒ කියලා අපි ඒ සොසයිටි එකට වෛර කරලා විප්ලව කරන්න නරකයි. අඩු ගානේ ඒ සොසයිට් එකේ රිදම් එකට ජීවත් වෙන්නවත් ට්‍රයි කරන්න ඕන..

      සති දෙකයි ඔක්කෝම අමතකයි..

      Delete
  27. මං නම් බ්ලොග් බලන්නේ මාතලන්ගේ සින්ඩියෙනුයි...කොත්තුවෙනුයි..තව රාජ්ගෙ, අඹගහ වගේ කීප දෙනෙකුගෙ බ්ලොග් රෝලෙනුයි. බ්ලොග් ලියන්නෙ නැතිහින්දයි ලංකාවේ කැම්පස් නොගිය හින්දයි කැම්පස් සින්ඩිය ගැන එච්චරම උනන්දුවක් නෑ. ඒත් ඉඳලා හිටලා ගොඩ වැදිලා බලමු කැම්පස් ගිය කස්ටියගේ වැඩ කිඩ කොහොමද කියලා. බෙදීමට නං මගෙත් ඒ හැටි මනාපයක් නෑ. ලංකාවේ කැම්පස් ගියා නොගියා කියලා රසිකත්වයටත්, රසවත් හරවත් යමක් ලිවීමේ හැකියාවටත් බාධාවක් වෙන්නෑනෙ.

    ReplyDelete
  28. ඇලෙක්සාර් රෑන්කින් කියන්නෙ හොදම එක නෙමෙයි. නමුත් ඇලෙක්සා රෑන්කින් සාමාන්‍යෙයන් පිලිගන්න ගතියක් තිබෙනවා. ඒ අනුව කකාගේ බ්ලොග් එක ලංකාවෙ රෑන්කින් වල එක්දාස් හයසිය ගනන් වල මාරයාගේ එක දෙදාස් හාරසිය ගනන් වල.. මගේ එක දෙදාස් හයසීය ගානක්..

    අපේ බ්ලොග් ලෝකයක් කියල ගත්තොත් අපේ බ්ලොග් වල වැඩිම හිට්ස් එනවා කියල අපි හිතන කතාන්දර සාමාන්‍ය ලංකාවෙ අනික් සයිට් එක්ක බැලුවාම ඉන්නෙ එක්දාස් හයසිය ගනන් වල. ඒ කියන්නෙ කතන්දරට උඩින් සයිට් එක්දාස් හයසීයක් තියෙනවා..

    ඔය එක්දාස් හයසීය කියන ඉලක්කම ඉලක්කම් තුනකට වත් ගන්න පුලුවන් නම් ලොකු දෙයක්. සිංහල බ්ලොගර් සිංඩිය රෑන්ක්ස් වල පන්සිය ගනන් වල සිටින අතර ලාංකිය සිතුවිලි 724 වන ස්ථානයේ සිටී.

    ReplyDelete
  29. සින්ඩියක් හැදුව පමණින් කැම්පස් සින්ඩියම කියමුකො..බ්ලොග් ලියන අය කැම්පස් ගිය අය සහ කැම්පස් නොගිය අය කියලා බේද භින්න වෙයි, දෙකොට්ඨාශයකට කැඩෙයි, බ්ලොග් ලෝකයම දෙකඩ වෙයි කියනවා නම් මට හිතෙන්නෙ ලොග් ලියන අය මේ බොහොම සියුම් වීදුරු, නැත්නම් මල් පෙති වගේ යන්තම් ගෑවුනොත් කැඩෙන්න බිඳෙන්න ඔන්න මෙන්න ජාතියෙ අය වගේ කොට්ඨාශයක්ද කියලයි... අඬන්න ඔන්න මෙන්න ඉන්න බ්ලොග් ලියන කට්ටියගෙ නම් ඇහේ ඇඟිල්ල ඇනවා ගෙනම අඬයි වගේ..එහෙමද ? මගේ පුද්ගලික මතය නම් ( ඒක නිවැරදිම එක වෙන්න ඕනි නෑ )බ්ලොග් ලියන බහුතරයක් සංවේදී අය තමයි. ඒත් පරිනත විය යුතුයි ඔය මානයෙන් එළියට එන්න. විවිධත්වය විඳ දරා ගෙන ඒක ඇතුලෙ සාමුහිකත්වයෙන් විවිධ මාර්ග වල යන්න. කැම්පස් එකක කෙනෙක් අධි මානයකින් ඉඳන් එහෙම ලිපියක් ලිව්වොත් එය ප්‍රතික්ෂේප වේවි බහුතරයකගේ ඉදිරියෙ. ඔවුන් අධෛර්යමත් වේවි එවන් ලිපි ලියන්න. ලියන දෙයින් ඔවුන් නිරුවත් වේවි මුළු මහත් සමාජයටම ඔවුන්ටත් නොදැනීම. ඉතින් ඔය මොන මොන අළුත් සිංඩි ආවත් ඒකෙන් වෙන්නෙ අළුත් අයට බ්ලොග් ලෝකය විවෘත වෙන එක නම් ඒක ඉතාමත් හොඳ දෙයක්. කැම්පස් සිංඩිය ඔවුන්ගේ ඉලක්ක වලට යාවි. ඒ ගැන සැකයක් නෑ. මම නම් දෙන්න පුළුවන් උදව්ව දෙනවා ඒ ගමන යන්න. ඒ මම කැම්පස් ගිය එකෙක් නිසා නෙවෙයි. මම බ්ලොග් එකක් ලියන එකෙක් නිසා..

    ReplyDelete
    Replies
    1. එළ මචෝ... එළ.. මේන් උම්මා එකක්..

      Delete
  30. මගේ අදහස අදාල තැන කලින් දවසක කියලා තියෙනවා.

    බ්ලොග් අවකාශයේ හැමෝම සමානයි. කැම්පස් සින්ඩියේ ඇඩ්මින් ලා වෙන මාතලන් සහ නලීන් දිල්රුක්‍ෂ කොයි කැම්පස්වලට ගිය අයද කියා මා දන්නේ නෑ. එවැනි කරුණු ඔවුන් ලියන බ්ලොග් ලිපිවල අන්තර්ගතයට අදාල නම් මිසක පොදු පාඨකයාට වැදගත් කරුණු නොවෙයි.

    අවශ්‍ය කෙනෙකුට ඕනෑ විදියට බ්ලොගයක්, සින්ඩිකේටර්යක් පටන්ගන්න කාගෙන්වත් අවසර අවශ්‍ය නෑනේ. මේ වගේ දෙයක් කරන්න කොච්චර කාලයක් අවශ්‍යයි ද කියා පොඩ්ඩක් හිතා බලන්න.

    තම තම නැණ පමණින් කියවිය යුතු!

    ප/ලිඃ
    රාජ්ට කියන්න තියෙන්නේ අන්න ඉරිදා ලක්බිමේ තීරු ලිපියක් ලියන්න වේකන්සියක් තියෙනවා කියන එකයි.

    ReplyDelete
  31. මා පලමුවෙන්ම කියවූ බොග රියර් ගේට්. දෙක මාතලන්. තුන රාජ් ගේ නවා තැන. ඉන් පසු මතක නැත........

    ReplyDelete
    Replies
    1. මේ අපේ ඒරියා..... අරිද මල්ලී.... වැඩිය දැගලුවොත් කලිසම ගලවනවා ඔලුවෙන්..... අරිද?
      --කැම්පස් කොල්ලෙක්--

      Delete
  32. .මොකා මොනවා හිතුවත් ජීවිතය කියන්නේ සමාජය….අධ්‍යාපනය කියන්නේ ඒකේ පොඩි කොටසක් විතරයි…හැමෝටම අමතක වෙන දෙයක් තමයි, සමාජය අපිට උගන්නපු දේවල් සහ තමා, පවුල, ගම, පාසල, විවිය, රැකියාව කියන්නේ සමාජය කියන රයිනෝගේ එක් එක් ශෛලයන් පමණයි කියන එක. සහතික වශයෙන්ම හැමෝම කරන්නේ ඉදෙන්න ඉස්සෙල්ලා බත බෙදාගෙන අමුයි කියන එක..බෙරි වෙන්න ඉස්සෙල්ලා ලිපෙන් බාන එක ,බත ලිපේ තියන එකාගේ වැඩක්.

    මේ කමෙන්ට් එක ඕන තැනකට ඔට්ටුයි…සිංහල බ්ලොග අමුවෙන් බුදින උදවියටත්….බෙරි වෙනකම් ඉඳලා කිරි දාලා කිරිබත් කරන අයටයි උත්තර දෙන්න පුළුවන්…

    ReplyDelete
  33. මාතලන්ගේ සින්ඩියෙන් මටත් අපමණ සහයෝගයක් ලැබෙනවා...වැට කොටු බැදලා සින්ඩි පටන් ගත්තම ඒවායේ ලියන ඒවාත් ඒ වැටකොටු වලටම සීමා වෙන්න පුලුවන්...බලමු...තව කල් තියෙනවා....

    ReplyDelete
    Replies
    1. ඔය මනසේ බැඳන් ඉන්න වැට කොටු ගලවලා දැම්මාම පුදුම නිදහසක් හිතට එනවා..

      Delete
  34. මම නම් හිතන්නේ සින්ඩි වලින් අළුතෙන් බ්ලොග් පටන් ගන්න අයට ලොකු උදව්වක් වෙනවා තමන්ගේ බ්ලොග් එක කියවන අය අතරට ගෙනියන්න...මම බ්ලොග් පටන් අරන් ගෙවුනු මාස කිහිපයට තේරැම් ගත්ත අනිත් දේ තමයි අපි බ්ලොග් ලියනවා වගේම අනිත් බ්ලොග් කියවන්නත් ඔනි කියන එක...

    නිදහස් වෙලාවක ගොඩවැදිලා යන්න එන්න.

    www.amila-psx.blogspot.com

    ReplyDelete
  35. රාජ් මම සින්ඩි ගැන කියන්න නෙවෙයි ආවෙ,ලක්බිමේ මැරිච්චි වීරයගේ වෙකන්සිය තාම පුරෝල නැතිලු.සලකල බැලුවොත් නරකද.

    ReplyDelete
  36. අපිට ඔවා අදාල නෑ, මේ නිකමට ඇවිත් යන්න ආවා.

    බ්ලොග් කියෙව්වට අපි සිංඩි පැත්ත පළාතක යන්නෙ නෑ. අනික ඔය "සිංඩි" කාරයෙක්ම තමයි අපට කමෙන්ට් එකක්වත් දාන්න නොදී යන යන තැන කෙලින්නෙ (පිරිසිදු චේතනා....[හුකෑ..ස්]

    ඊට මීට හොඳයි බුකියෙ මොනවහරි ලියලා එදා දවස පිරිමහගන්න එක.

    ReplyDelete
    Replies
    1. සිංහල බ්ලොග් ලෝකේ හොඳම කමෙන්ට් කරුවන් ලෙස අප සිතා සිටි අය මෙහෙම කියනකොට දුක නැද්ද ?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. කොන්ද තියෙන එකා ප්‍රෝෆයිල් එකෙන්මයි කොමෙන්ට් දාන්නේ සම හරක් ඇනෝ දාන්න එනවා. එතකොට දාන්න බෑ. ඉතින් මල. ඒත් ඉඳ හිට උන් උම්බෑ කියනවා.. එතකොට දැනගන්නවා මොකාද මේ කියලා...

      Delete
    4. @ සුදික,
      ගණන් ගන්න එපා බොස් ..කට කහනවට කියන කතානෙ...:D

      කොහොම වුනත් බ්ලොග් ඇසුරේ සෑහෙන කාලයක් ඉඳලා ලියනවනම්...සින්ඩි නැතත් අවුලක් නෑ

      Delete
  37. කැම්පස් ගියපු ඒත් කැම්පස් ගිය/නොගිය බේදය හා දුරස්ථ අවබෝදයට එරෙහි මතයක හැමදාම හිටපු එකෙක් හැටියට කැම්පස් සින්ඩිය ගැන මගේ අදහස කියන්නම්.
    සමාජයේ බොහොමයක් කොටස් වල තියෙන නිර්මාණශීලී නැඹුරුවවත් උනන්දුවවත් අද කැම්පස් ඇතුලේ නෑ . ඒක නිසා පිටස්තර නිර්මාණශීලීන්ගෙන් වෙන් වෙලා බෙදිලා පිල් ගැහිලා ලබා ගන්න දෙයක් කැම්පස් උන්ට නැතුවා වගේම උන්ට එහෙම ඉඳලා පැවැත්මකුත් නෑ .
    රටේ රස්සා ගන්නකොට බිස්නස් කරනකොට තියෙන බේදයක් සංවේදී නිර්මාණ කරන තැන්වල තියෙන්නේ නෑ නේද . අනිත් එක අද තියෙන බොහොමයක් ගුණාත්මක බ්ලොග් ලියන්නේ කැම්පස් ගිය උන් නෙවෙයිනේ. ඒවා කා අතරත් ජනප්‍රියයි.මාර්ටින් වික්‍රමසිංහලා කැම්පස් නොගියාට කවුරුවත් පතික්ෂේප කලේ නැහැ නේද? ඒ කාලෙත් ඔය පේරාදෙනි ගුරුකුලේද අරකද මේකද තිබ්බා . එත් අද වෙනකොට ඉතිරි වෙලා තියෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ ලියපු දේද නැත්නම් පේරාදෙනි ගුරු කුලේද?
    කැම්පස් සින්ඩියෙන් ආවත් මොන සින්ඩියෙන් ආවත් බ්ලොග් රෝලෙන් ආවත් හොඳ දේ විතරක් පවතීවි. අනික්වා හැලේවි.
    මාතලන්ලා කරගෙන යන වැඩේ හොඳ පැත්ත හැටියට මම දැක්කේ මේකෙන් අවකාශයක් හැදෙනවා රටේ හා පිට ඉන්න තවත් පිරිසක් ආකර්ෂණය කර ගන්න බ්ලොග් ලිවීමට හා කියවීමට. මේ කියවන්නෝ හා ලියන්නෝ වැඩි වීමෙන් බ්ලොග් අවකාශය අද තියෙන තැනට වඩා අඩියක්වත් ඉස්සරහට නොයා තියේවිද? වැඩි වෙන කියවන්නෝ කැම්පස් උන්ගේ බ්ලොග් විතරක් කියවාවවිද?.

    ReplyDelete
    Replies
    1. \\වැඩි වෙන කියවන්නෝ කැම්පස් උන්ගේ බ්ලොග් විතරක් කියවාවවිද?.\\
      දිගු කාලීනව සිද්ධ වෙන දේ ගැන මීට වඩා තවත් හොඳ සාරාංශයක් දුටුවේම නෑ...
      මම බ්ලොග් කියවන්න පටන් ගත්තෙ මාරයාගේ බ්ලොග් එකෙන්..අද වෙනකොට අප්ඩේට් වෙන බ්ලොග් සේරම වගේ කියවනවා !බහුතරයකගේ කතන්දරය මේක නේද ?

      Delete
  38. කැම්පස් කියන එක මෙතනට ගාවලා තියෙන්නේ (අලුත් සිංඩියේ) කැම්පස් යන අය මේකට එකතු කර ගන්න කියලා මට හිතෙනවා. එතනින් පටන් අර ගන්න අය ඔය සින්ඩියටම කොටු නොවී අනිත් ඒවාටත් ආවොත්, කැම්පස් එකෙන් පිට වුණාට පස්සේ සාමාන්‍ය බ්ලොග් කරුවෙක් වගේ හිටියොත් මේ ලියන කොටස තවත් වැඩි වේවි. මේ තුලින් බෙදීමක් ඇති කර ගත්තොත් එකේ වැරැද්ද මේ තුල ඉන්න අයගේමයි. මාතලන් මම දන්නා විදියට කැම්පස් ගිහින් නෑ. ඉතිං තමන්ගේ බ්ලොග් එකවත් එකතු කරන්න බැරි තැනක් වෙනුවෙන් මේ තරම් මහන්සි ගන්නේ හොඳ චේතනාවෙන් කියලා මම හිතන්නේ. ඒ වගේම නලීනුත්. මේක ඉන්න අය බෙදා වෙන් කරන්න කරපු දෙයක් නොවේ. ඒක කැම්පස් සිසුන් ආකර්ෂණය කර ගන්න හදපු එකක් කියලා අපි හිතමු. දැනට අපේ අය ඉන්න එකෙන් තමයි ඔය බෙදීමක් වගේ පෙන්නේ. ඒක නැති වෙලා යයි අලුත් අය ආවොත්. හැබැයි මේ පණිවුඩය කැම්පස් තුලට ගෙනියන්න ඕනේ. එතකොටයි සාර්ථක.

    ඇත්තටම රාජ් උඹට මම නමක් දානවා "බ්ලොග් මානි" කියලා.

    ReplyDelete
  39. උබ කියපු නිසා මමත් ගියා මගේ බ්ලොග් එක බලන්න එන්නෙ කොහෙන්ද කියල හොයන්න... තාම හොයා ගන්න බෑ කියහන්කෝ.....

    ReplyDelete
  40. මට කියන්න පුළුවන්ද කොහොමද සින්ඩියක් හදන්නේ කියල.මටත් එකක් හදන්නයි ඇහුවෙ

    ReplyDelete
  41. මේකට කාටවත් දොස් කියන්න බෑ අළුත් අදහසක් නිසා.හැබැයි බ්ලොග් ලෝකය මෙයින් පස්සෙ දෙකඩ වෙනවා.කැම්පස් තියා සාමාන්‍ය පෙළ වත් නොකරපු යකා වගෙ අය නිකම්ම සවුත්තු වෙයිද මන්ද

    ReplyDelete
    Replies
    1. යකාට අපි ඉන්නව. භය නොවන්න මැරෙනා සැටි මම පෙන්වමි යකෝ.....

      Delete
  42. අපිත් හදනව සින්ඩියක් අයියා....හ් ඔයාල එනවද මගේ සින්ඩියට???

    ReplyDelete
  43. යකා කවුද කින්ද මන්ද කියල සැකයක් එන නිසා මේ ටිකත් කියන්නම්.යකා ආණ්ඩුවෙ කන්තෝරුවක් රන් කරන පියෝන් කෙනෙක්.අලුත් අර්ථකතනයට අනුව කා .සේ .සේ කෙනෙක්. ඉන්ජිනේරුවන්,ලිපිකරුවන් දහ අට සන්නිය නටන බ්ලොග් ලෝකයේ පියන් රස්සාව කරන එකම කෙනා යකා කියලයි මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. කාකාස ලා ගැන මම කලින් ලියල ඇති. මෙන්න
      http://raj1st.blogspot.com/2013/01/blog-post_17.html
      යකා කවුරු උනත් අවුලක් නෑ. බ්ලොග් ලියන්නෙ නැහැ නේද? පුළුවන් නං ලියපං. උඹට හොඳ අත්දැකීම් ඇති. අපි උදව් කරන්නම්.

      Delete
    2. ය කා අගය කරමි

      Delete
    3. පාරේ යන කොට කොහොමද බන් දන්නේ උඹ ඩිරෙක්ටර්ද පියුන්ද මොකාද කියලා.. පැය 8 කට වඩා තව පැය කීයක් පෝස්ට් එක නැතුව ජීවත් වෙනවද. තනතුරුවලින් බැබලෙන් එක නෙමෙයි කරන්න ඕන. තනතුර බබලවන එක.

      Delete
    4. උඹට මම කතාවක් කියන්නම්. අපි බොන්න යන කොට අපේ පියන්වත් අපි එක්කගෙන යනවා. ඒ අපේ හැටි. එක සැරයක් ඔහොම ඩ්‍රින්ක් එක දදා ඉන්න අතරේ වේටර් මාරු උනා. අළුතෙන් ආපු එකා ඇවිත් වෙටර්ගෙන් අහනවා "සෑට් මොනවද අඩු පාඩු කියලා.." අපේ එකා කිව්වා.. මචං මම සර් නෙමෙයි මේ ඉන්නේ සර්ලා මම පියන් කියලා..

      අරූ ගත්ත කටටම කිව්වා.. ඒක වෙන්න ඇති ඒත් මචං උඹ මට සෑර් කියලා.. ඕවා තවකාලික දේවල්... මචෝ.. අපි කවුරුත් මිනිස්සුනේ.. අනේ ඉතින් ඉන්නකන්නේ..

      Delete
  44. හුටා මන් මෙක බැලුවෙ මාතෙ එක බැලුවට පස්සෙ නෙ.අනිත් පැත්තටයි වෙන්න තිබුනෙ.
    මට මානිගෙ තිරුව මතක් උනා.

    ReplyDelete
  45. ඇතුළත් කරගන්නා බ්ලොග් " කැම්පස් ගිය අයගේ ඒවා විතරක් වීම " තමයි එකම අවුල..එහෙම නැතුව කැම්පස් වලට බ්ලොගර් ගෙන යෑම ගැන ගැටළුවක් නැහැ...

    ReplyDelete
    Replies
    1. කොහොමත් කැම්පස් වලට පාස් මාක් නැතුව යන්න බෑ..

      Delete
  46. ගෑනු ලමයි එකතු කරගෙන 'පැණි' සින්ඩියක් පටන් ගන්ට හිතමින්....:D:D

    ReplyDelete
    Replies
    1. පැණි හලන්නේ කොල්ලෝ නේ.. මල් සින්ඩියක් පටන් ගන්න.. ගෑණු ලමයි මල් වගේ නේ..

      Delete
  47. hapoi දැනන් උන්නෙ නෑ මෙහෙම් දෙයක්. දැන් කාලෙ ඉතින් කැම්පස් ගිහින් උපාධියක් තියෙනවා කියන එකත් ගණන් ගන්නේ නෑනේ. පශ්චාත් උපාධියක් කරොත් තමයි ගණන් ගන්නෙ. රස්සාවලදි උනත් ඒක එහෙමමයි. ඉස්සරහට පෝස්ට් ග්‍රැඩුවේට් සින්ඩියකුත් පටන් ගනීවිද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. පටන් අරගෙන ඉවරයි.. එතනම එල්ලනවා..

      Delete
  48. මම කතාව නම් කියෙව්වා කමෙන්ට් ටික කියවන්න වෙලාව මදි ...
    මෙහෙමයි දැන බ්ලොග් ලියන අය අතර ඉන්නවා සුපිරි සෙට් එකක් (මට හිතෙන හැටි )එ කට්ටියට පස්සෙ බ්ලොග් ලියන්න හොද කට්ටියක් හැදෙන්න ඔනි ..විශේෂයෙන්ම නිකන් කුණුහර්ප ලියන අය වැඩි වගේ මට හිතෙන්නෙ ඉතින් ඔය කැම්පස් සින්ඩියෙන් පුලුවන් වෙයි අලුත් හොඳ සෙට් එකක් හදන්න .නැතුව මෙක මේ වෙනම බෙදන්න හදන එකක් නෙවෙයි මට හිතෙන්නෙ .ඉගෙන ගන්න අයට බ්ලොග් ලියන්න වෙලාව හරිම අඩුයි ..ඒ නිස පොඩි උදවක් වෙයි මෙ සින්ඩිය ..

    ReplyDelete
    Replies
    1. ඔය කප් ගහපු බ්ලොග් ලියන අය පොඩ්ඩක් එ පැත්තට ගොඩ වෙලා පොඩි උන්ගෙ අඩුපාඩු පෙන්න දුන්නා නම් වටිනවා බනිනවාට වඩා

      Delete