Friday, December 20, 2013

පළාත් පාලන අයවැය පරාජය, පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය හා රටේ ප්‍රජාතන්ත්‍රවාදය

පළාත් පාලන ආයතන වල අයවැය පරාජය කිරීමට දායක වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනතා නියෝජිතයන්ට එරෙහිව කටයුතු කරන බැව් එහි මහලේකම් කියා සිටී. මේ තීරණය ගෙන ඇත්තේ මේ වනවිටත් පළාත් පාලන ආයතන පහලවක් විස්සක් පරාජය වී ඇති වටපිටාවකය. මේ ඒ පිළිබඳ සටහනකි.

පළාත් පාලන ආයතන වල මෙම අවුල පටන්ගන්නේ වසර දෙකක තුනක සිටය. මුල් වටයේදීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බලකොටුවක් වන තංගල්ල නගර සභාව පරාජය විය. මනාප පොරය ඇතුළු නියෝජිතයන් එකිනෙකා අතර ඇති අනෙකුත් ගැටුම් අයවැය ඡන්දයේදී මතුපිටට පැමිණීම නිදහස් සංධානය පැත්තෙන් බැලූ විට වසංගතයක් වන තරමටම වර්ධනය වූයේ මේ වසරේදීය. ජාතික මට්ටමේදී හෝ පළාත් මට්ට‍මේදී සාමාන්‍යයෙන් මුදල් පණතක් පරාජය වූ විට ඉල්ලා අස්වීම සිදුවුවත් ප්‍රාදේශීය මට්ටමේදී එසේ නොවේ. මුල්වර අයවැය කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමට නගරාධිපතිවරයාට හෝ ප්‍රාදේශීය සභාපතිවරයාට හැකි වුවද දෙවන වර පරාජයත් සමඟ ධූරය අත්හැරීමට සිදුවේ.

ජාතික හෝ පළාත් මට්ටමේ ජනතා නියෝජිතයන් අතර පවතින ගැටුම් වලට වඩා ප්‍රාදේශීය මට්ටමේ මන්‍ත්‍රීවරුන් අතර පවතින නොහොඳ නෝක්කාඩු ප්‍රමාණාත්මකව වැඩිය. වඩාත් පුළුල් නොවූ පාලන ප්‍රදේශයන්හි සිටින්නන් අතර මෙවැනි ගැටළු-ගැටුම් ඇතිවීම ස්වභාවිකය. අනෙක් අතට මොවුන් පක්ෂ නායකයන්ගේ සෘජු අධීක්ෂණයන්ට ලක් නොවන්නන් වන අතර එකිනෙකා අතර පවතින ගැටුම් නිරාකරණය කිරීමට පක්ෂය මැදිහත් වීම අල්පය. සමාජ තත්වය අනුව ගත්කල වුවද පළාත් පාලන නියෝජිතයන් අන්‍ය දේශපාලන ස්ථරයෙන් වෙනස්වූ කණ්ඩායමකි. මින් බොහෝ දෙනෙකු දේශපාලනයෙන් හිස උදුම්මාගත් අඩු අධ්‍යාපනයක් සහිත තනතුරුලාභි පිරිසක් වූ ද තමන්ට නොමැකි බලයක් බලෙන් ලබාගැනීමට උත්සාහ කරන්නාවූද අතැති ආයුධයෙන් ප්‍රශ්න විසඳාගැනීමට තරම් මානසික මට්ටමක් ඇත්තාවූද සමාජ විරෝධී කළු සල්ලි හිමියන් බැව් පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් වලින් දක්නට ලැබිනි. මෙවැන්නන් දේශපාලනයට ගෙන ආ පළාත් සහ ජාතික දේශපාලන නායකයන්ට බලාපොරොත්තු විය හැක්කේ මෙවන් ප්‍රථිපල මිස අනෙකක් නොවේ. ඒ අර්ථයෙන් ගත්කල විනය ක්‍රියාමාර්ග ගැනීම එතරම් වරදක් නොවේ.

නමුත් තවත් පැත්තකින් කල්පනා කලවිට අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කල මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වූ කලී ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ලැබූ පරාජයකි. ඕනෑම ආකාරයක ඡන්දයක් යනු හෘද සාක්ෂිය අනුව පාවිච්චි කල හැකි දෙයකි. පක්ෂය කුමක් හෝ වේවා යම් ‍තීරණයක් සම්බන්ධයෙන් හොඳ හෝ නරක-කැමැත්ත හෝ අකමැත්ත තීරණය කිරීම, කණ්ඩායමක් ලෙස කලින් රැස්වී එකඟ වීම හෝ නොවීමට වඩා තනි තනිව එකඟ වීම-නොවීම වඩාත් යහපත් බව මගේ හැඟීමයි. ප්‍රජාතන්ත්‍රවාදය හොඳින් ක්‍රියාත්මක වන සෑම රටකම පාහේ දක්නට ඇත්තේ මේ ප්‍රතිපත්තිය මිස තර්ජනය කිරීමෙන් හෝ බලහත්කාරයෙන් අදාල අවස්ථාවේ අත එසවීමට සැලැස්වීම නොවේ. පසුගිය කාලයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතිවූ තත්වය හොඳ උදාහරණයකි. අද වනවිට අව භාවිත තත්වයට පත්ව ඇතිවුවද පක්ෂය මාරු කලවිට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසිවන අයුරින් කලින් තිබූ නීතිය, හෘද සාක්ෂි පනත මඟින් වෙනස් කිරීමද මෙවැන්නකි.

‍අනෙක් අතට තුනෙන් දෙකකට අධික පාර්ලිමේන්තු බලයක් සහ ඊටත් එහා ගිය බලතල සහිත විධායක ජනාධිපතිධූරයක් සහිත එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙම කුඩා ආයතන වල පරාජය දරාගැනීම අපහසුය. එය ක්‍රිකට් ලෝක ශූරයන් සිම්බාබ්වේ හෝ කෙන්යාවට පරාජය වීම තරම් අවමාන සහිතය. විරුද්ධව ඡන්දය පාවිච්චි කලවුන්ට යම් "තරවටු කිරීමක්" මඟින් ප්‍රශ්නය විසඳීම හොඳම ක්‍රමය යයි ඔවුන් සිතා සිටී. සාමාන්‍යයෙන් ප්‍රධාන පක්ෂ සියල්ලකම පාහේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය මෙබඳුය. එහෙත් ලොකුම විහිළුව නම් ඔවුන්ගේ කතාබහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීම පිළබඳ වීමයි.

මෙම බ්ලොග් කරුවාගේ මතය අනුව නම් සිදුවිය යුත්තේ මහජන නියෝජිතයන්ට තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කල හැකි අයුරින් නීතිය සකස් වීමත් එමඟින් පැනනඟින ගැටළු වලට විසඳුම් සෙවීමත්ය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන්නේ එවැනි ක්‍රමයක් තුලින් පමණි.

සටහන අවසන් කිරීමට මත්තෙන් සඳහන් කරන පහත සිදුවීම ඈත අතීතයේ තංගල්ල නගර සභාවේ මෙවන් අවස්ථාවක කතන්දරයක්ය.
යම් තනතුරක් ලබාදීම සඳහා උත්සාහ කිරීමේදී ඡන්ද ප්‍රමාණය පිළිබඳ ගැටළුවක් පාලක පක්ෂයට ඇතිවිය. මුස්ලිම් ජාතික මන්ත්‍රීවරයෙකුගේ ඡන්දය මේ අවස්ථාවේදී තීරණාත්මක විය. ඔහුට එල්ලවූ බලපෑම් හමුවේ දෙපසට වැනෙන ප්‍රතිපත්තියක සිටි ඔහුට කල යුත්තේ කුමක්ද යන ගැටළුව මතුවිය. අවසාන තීරණාත්මක මොහොතේදී අදාල තනතුර සඳහා තමාගේම නම යෝජනා කර ඡන්දය භාවිතා කිරීමෙන් වැලකී සිටීමට ඔහු සමත් විය. (එකල පැවති නීතිය අනුව තනතුර සඳහා යෝජනා වූ තැනැත්තාට ඡන්දය භාවිතා කල නොහැක).

46 comments:

  1. "මහජන නියෝජිතයන්ට තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කල හැකි අයුරින්"
    හෘද සාක්ෂිය? මහජන නියෝජිතයන්ට? In Sri Lanka?

    ReplyDelete
    Replies
    1. හීනයක්ද? හීන හැබෑවෙන දවසටයි අපත් හීන හැබෑ වෙන්නෙ. ඉන් මෙපිට නෑ!

      Delete
    2. ඒකට හෘද සාක්ෂිය තියන අය ඕනේ

      Delete
    3. ප්‍රා. ජේ., ප්‍රා. දේ. ගැන අදහස් දක්වයි!

      සිංහල අකුරු කොපි පේස්ට් කරන්න යන කාලයේ කෙලින්ම ටයිප් කරන්න ම පුළුවනි නේ?
      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

      Delete
    4. KK, you too started punning? I thought that's for mere mortals like me :-)
      you never give up on my typing නේ? Actually I'm getting quite good at කොපි පේස්ට්
      OK. Will try your way one more time. Thanx anyway.

      Delete
    5. කකා, ප්‍රා
      කෙලින්ම කීබෝඩ් එකෙන් ටයිප් කිරිල්ල තමා හොඳම. කන්වර්ටර් වලට හුරු වෙන්න එපා. චැට් එකක් උනත් කරන්න පුළුවන් මගේ ක්‍රමයෙන්.

      Delete
    6. අම්මට හුඩු කතන්ඩර අඉ ඩිඩ් ඉට් නො
      කොහොමඩ මෙක? අපරාඩෙ මම ටික්කක් බුස්ය් වීකෙන්ඩ් නත්නම් තව රට්ටු හින්නස්සන තිබුන නෙඩ?

      Delete
    7. @ ප්‍රා

      ඔබට පහසු මාධ්‍යයෙන් අදහස් පළ කරන්න. සිංහල සඳහා ගූගල් IME offline භාවිත කරන්න..

      Delete
    8. රාජගේ කලින් පොස්ටුව නිසා තමයි ප්‍රා ජේ සිංහල ලියන්නේ මම හිතන්නේ .

      Delete
    9. @Prageeth, සින්හල බ්ලොග් වල චන්ඩි ගොඩයි. මම බයයි

      Delete
    10. @Pra Jay ඒ වුනාට දැන් සිංහල හොඳයිනේ ඔබේ

      Delete
  2. සමහර නිවුස් අඩවිවල මං දැක්කා මේ පරාජ ‍රැල්ල ආණ්ඩුට ජනතා විරෝධය බිම් මට්ටමේ නියෝජිතයින් හරහා ප්‍රකාශ වීමක් කියලා...බලන් ගියාම උන්ට තියෙන්නේ වෙනමම ප්‍රශ්නනේ....
    රාජ්ගේ මෑත කාලීන දේශපාලන ලිපි වෘත්තිම මාධ්‍යවේදියෙකුගේ වාගේ....

    ReplyDelete
    Replies
    1. මාත් දැක්ක ඒ කතාව. නමුත් මගේ හැඟීමේ හැටියට මෙතන තියෙන්නෙ පොඩි පොඩි ප්‍රශ්න ටිකක්. උදාහරණයක් විදියට ප්‍රාදේශීය සභාපතිට පස්සෙ එතනට එන්න ඉන්නෙ උපසභාපති. ප්‍රාස මන්ත්‍රීවරයෙකුට සහ සභාපති කෙනෙකුට ලැබෙන වරපසාද වල සැලකියයුතු වෙනසක් තියනව. ඉතිං සභාට කෙලවුනොත් කාටද වාසි!

      අගය කිරීමට ස්තුතියි.

      Delete
    2. ඕකට සිංහල වචනෙ මචං මුරුංග අත්තෙ තියෙනවා කියන එක. සමාරු ඔය මුරුංග අත්තෙ තියන්න පට්ට දක්ෂයි.
      හැබැයි වැටෙන් නැතුව තැන අවබෝධ කරගන්න එක ලියන එක්කෙනාගෙ වගකීම.

      Delete
  3. <<>>>>

    පස්සෙන් පහු ජාතික තලයේ දේශපාලනයට එන්නෙත් ඔය ගැන් එකම තමයි...

    ReplyDelete
    Replies
    1. ජාතික මට්ටමට එද්දි දෙකයි පනහේ වැඩ ඉවර වෙනව ඕන කෙනෙකුගෙ. අවුල තියෙන්නෙ ඒව අන්තර්ජාතික මට්ටමට එන එකයි.

      Delete
  4. අයවැය පරදිනකොට කොහෙවත් නැති විනය පරීක්ෂණ ... ගෑණු ධූෂණය කරද්දී විනය පරීක්ෂණ නැහැ... මහ දවල් මිනිස්සුන්ට වෙඩි තියද්දීත් නැහැ.. අගවිනිසුරුවරයාට හූ කියද්දී , ගල් ගහද්දී මුකුත් නැහැ... ( මට හරි ආසයි මේ ගැන අපේ පැරා කියන අදහස දැනගන්න ..)

    __________________________

    \\\\\\\\\මින් බොහෝ දෙනෙකු දේශපාලනයෙන් හිස උදුම්මාගත් අඩු අධ්‍යාපනයක් සහිත තනතුරුලාභි පිරිසක් වූ ද තමන්ට නොමැකි බලයක් බලෙන් ලබාගැනීමට උත්සාහ කරන්නාවූද අතැති ආයුධයෙන් ප්‍රශ්න විසඳාගැනීමට තරම් මානසික මට්ටමක් ඇත්තාවූද සමාජ විරෝධී කළු සල්ලි හිමියන් බැව් පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් වලින් දක්නට ලැබිනි.\\\\\\

    මේ බවක් කළින් දැනන් උන්නා නම් අම්මපා චන්දෙ කටු ගානවා ...

    ReplyDelete
    Replies
    1. චන්දය පාවිච්චි නොකිරීම පවතින රජයට (වැඩිම බලයක් ලැබෙන පක්ෂයට ) කොන්දේසි විරහිතව සහයෝගය දැක්වීමකි.

      Delete
    2. ඇත්තටම සහන් එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුන මීට වඩා ශක්තිමත් වෙන්න ඕන.බලය අසීමිතව එක් රැස් වීම භයානකයි.ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයගෙ ඉදන් හැමෝම වැරදිකරන්න බය නෑ.

      Delete
    3. ඇනෝ සමගින් එකගයි.

      Delete
  5. මහජන නියෝජිතයො. අප පත්කරුපු අය. හැබෑවටම එහෙම කස්ටියක් ඉන්නවද ලංකාවෙ.
    ඔය ප්‍රාෙද්ශිය සබාවට යන්නෙ ප්‍රාෙද්ශිය සබාවට ලැබෙන ආදායමෙන් කරන ව්‍යාපෘති වලින් ලැබෙන සල්ලි ටිකක් තමුන්ගේ මඩියට දාගන්න.
    එහෙමගියාම පස්සෙ සබාපති තුමා සමාර විට ඔක්කොන්ටම බෙදන් නැතුව තනියම කන්න යනවා.
    ආන්න එතකොට අනික් උන් කේස් වෙනවා. එහෙම නැත්තං දෙවනියාට ඕනි වෙනවා එක වෙන්න..

    මෙහෙනම් කවමදාවත් වෙන්නෙ නැහැ. නමුත් විය යුතු දේ නම් සිවිල් නීතිය සහ මූල්‍ය විනය ඔය සබාවලත් සමාජයෙත් ක්‍රියාත්මක කරන එක. එතකෙට රුපියල් පන්දාහට ආසාවෙන් කවුරුත් වැඩිය ඔය ප්‍රා බබා පුටු වලට පොරකන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මමත් දන්නා විදියට මේක තමා ඔය ප්‍රශ්නෙට මුල. . තනියෙන් කන්න යෑම

      Delete
  6. රාජ්....අයවැය පරාදය කරන අයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවා කිව්වට පස්සෙත් ඊයේ තවත් දෙකක් පරාද කරා නේද? ඒ කියන්නේ තව දුරටත් නිහඬව සිටින්නේ නැහැ කියන එකද? රජයේ අයවැය වැඩි ඡන්ද 95කින් දිනුවේ රහස් ඡන්දයකින්ද?

    ReplyDelete
    Replies
    1. මොන රහස්ද අරූ ඒවා එළිපිට.
      එතනත් රහස් වුනා නම් වෙන්නෙත් අර දේම තමා.

      Delete
  7. මනාප ක්‍රමය නිසා ඇති උන තවත් අවුලක්.මේ පාර ප්‍රශ්ණෙ මිිනිස්සුන්ට නෙවෙයි ..මට නම් මුන් පැරදුනත් එකයි නැතත් එකයි කුණු ටික ගෙනියනව නම් ඒ ඇති.

    ReplyDelete
  8. නියම පොස්ට් එක.... බොක්කටම වදින්න ලියලා තියෙනවා ....

    (ලංකාවේ දේසපාලනය...... චහැ ...... කලබලේට වැරදි කොමෙන්ටුවක්ද මන්දා පේස්ට් උනේ ........ හිකිස්....)

    ReplyDelete
  9. ආවෙමි කියවූවෙමි

    ReplyDelete
    Replies
    1. හුටා කියවලා ගියේ නැද්ද? දැන් ගෙදරින් හොයනවා ඇති ..:D

      Delete
  10. මෙතනදි රාජ්, හර්දය සාක්ෂිය අනුව චන්දය දෙනවයි කියන එකත්, ප්‍රජාතන්ත්‍රවාදය අනුව කටයුතු කරනවා කියන එකත් අතර සියුම් ප්‍රශ්නයක් තියනවා. උදාහරණයකට, ඕස්ට්‍රේලියානු ලිබරල් පක්ෂය පිළිගන්නේ, විවාහය කියන්නේ ගැහැනියක් හා පිරිමියෙක් අතර බැඳීමක් විතරයි කියලා. සමලිංගික විවාහ පනතකට එක් එක් මන්තිරිලගේ හර්දය සාක්ෂිය අනුව චන්දය දෙන්න ඔවුන්ගේ පක්ෂය ඉඩ දෙන්නේ නැහැ. මා ය ප්‍රජාතන්ත්‍ර වාදී නොවන දෙයක් කියා පිලි නොගන්නේ, ඔවුන් පක්ෂයක් ලෙස මැතිවරණයට ගියේ, එම මතය ප්‍රසිද්දියේ කීමෙන් නිසා.

    ReplyDelete
  11. මා එය යනුවෙන් විය යුතුයි.

    ReplyDelete
  12. හුඟ දෙනෙකුට මතක නැති වුනාට මෙහෙම රැල්ලක් මීට ඉස්සරත් ආව.ඒව කිසිම විදියකින් ජාතික දේශපාලනයට බලපෑවෙ නෑ.සුභ අනාගතයක් කියල ප්‍රචාරක ව්‍යාපාරය පටන් ගත්තම ඔක්කොම යට ගියා.විජාතික බලවේග,අන්තර්ජාතික කුමන්ත්‍රන වගෙ වචන මාලාව ආවම ඒව යට ගියා.මේ අය වැය පැරදීම් පිටිපස්සෙ තියෙන්නෙ ඒ මන්ත්‍රීවරුන්ගෙ පුද්ගලික ප්‍රශ්න.සමහර විට විපක්ෂය කියන විදියට කළකිරුන අය පිටිපස්සෙ ඇති.මේවගෙන් ආණ්ඩු විරෝධයක් නම් පිළිබිබු වෙන්නෙ නැහැ.නාස්තිය දූෂණය හා බොරු වැඩ ,ජීවන වියදම නිසා මිනිස්සු කලකිරිල බව ඇත්ත.ඒත් ප්‍රාදේශීය සභාවල ඉන්න අයට ඒවගෙන් වැඩක් නෑ.ඒ අය හිතන්නෙ ඕන හොරා කන්න පුලුවන් ප්‍රොජෙක්ට් ගැනයි

    ReplyDelete
  13. කාලෙකින් කමෙන්ට් එකක් දාන්න හිතුනා. හැමදාම ඇවිත් කියවලා ගියාට කමෙන්ට් කරන්න වෙන්නේ නැ නේ ඉතින් :) 

    ReplyDelete
  14. ජාතික දේශපාලනයට වෙන බලපෑමක් නෑ ,
    මහින්ද නොම්බර එකේ ගේම්කාරයා,ඔය වැල ඔපන් පරාජ රැල්ල මහින්දට වෙස්වලා ගත්ත ආශිර්වාදයක්.
    ජිවන වියදමත් එක්ක එන ජනතා විරෝධය,කරුලාගේ යුඇන්පීයට පණ දීම වාගේ මාතෘකා ටික ඇල් වෙන එක විතරයි ඕකෙන් වෙන්නේ, පොදු ජනයා හිතනවා අපි පාරට බැහැලා ආණ්ඩුවට කචල් එක අදින්න ඕනේ නෑ, ඇතුලෙන්ම වැඩේ යන හින්දා කියලා,
    මහින්දම දෙන්නං බැටේ ලෙවල් එකේ ඉන්න එවුන් ටිකක් බලලා කොළ ලයිට් එක දෙන්න ඇති වට්ටපම් සභාව කියලා.

    ReplyDelete
  15. අද වනවිට ලංකාවේ පක්ෂ දේශපාලනය කියන්නේ සම්පූර්ණ විකෘතියක් , එය නැවත යථා තත්ත්වයට පත් කල හැකිද යන්න නොදනිමි.

    ReplyDelete
  16. කමෙන්ට් කරන්නේ මොනාදැයි හිතමින්.... :D

    ReplyDelete
  17. සුබම සුබ උපන් දිනයක් රාජ්!

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක්ද මගෙත් සුබ පැතුම්....!!!!!

      Delete
  18. අයවැය පරාජය කරන්න එක හේතුවක් නෙමේ රාජ් කියනවා වගේ හුගක් හේතු තියෙනවා.මේකෙන් වෙලා තියෙන තවත් දෙයක් තමයි ප්‍රාදේශීය දේශපාලකයින් හා ජාතික මට්ටමේ දේශපාලකයින් අතර වෙන ගැටුම.පේනවනේ දැන් හෝමාගම ප්‍රාදේශීය සභාවේ වෙලා තියෙන දේ.

    ReplyDelete
  19. සුබ උපන්දිනයක් රාජ්!!!

    අන්න මම මූණු පොතට චොක්ලට් කේක් එකක් එව්වා. :)

    ReplyDelete
    Replies
    1. ආ එහෙම එකක්ද ? එහෙනම් අපෙනුත් සුබ පැතුම් රාජ්

      Delete
  20. සුබ උපන්දිනයක් රාජ්!!!

    ReplyDelete
  21. මේ බීම ලෑස්තිද ? සුබ මෙව්වා එකක් .. ප්‍රාදේශීය චන්ද පරදින්නේ හිනි කේස් වලට.සමහර වෙලාවට ඔකේ තියන එව්වා කියන්නත් ලැජ්ජයි ..

    ReplyDelete
  22. සුභ උපන් දිනයක් රාජ්.පොස්ට් එකත් හොදයි ඇ

    ReplyDelete