Monday, January 27, 2014

එහෙම නෙවේ මෙහෙමයි බොග දාන්නේ....... [මාතලන්, ගනු කඩුව! එනු සටනට!]

බොග දාන්නෙ කොහොමද කියල බොග වැලක්ම මාතලන් මේ දවස්වල දාගෙන යනව. දැනටම දෙකක් දාල. මාත් දැං බැලුවෙ. 2010 විතර බ්ලොග් කියවපු කාලෙ මටත් ප්‍රශ්නයක් තිබුන බ්ලොග් එකක් පටන් ගන්නෙ කොහොමද කියල. ඒ ගැන සිංහලෙන් ලියවිච්ච ලිපියක් දැකලයි මාත් එකක් හදාගත්තෙ. ඒ ගැන කතාව ඇති. මේ හදන්නෙ සිංහල අකුරු කෙටිල්ල ගැන මාතලන්ගෙ පළමුවැනි ලිපියෙ කියල තියන දේකට වලියක් අදින්න. පැම්පස් සින්ඩියෙ අඟල් දෙකක් විතර පළල තීරුවක ලිවිල්ල හරි පීඩාවක්. ඒකයි මෙතන ලියන්නෙ.

මාතලන් වගේම බ්ලොග් ලියන්නන්ගෙන් හුඟ දෙනෙක් සිංහල අකුරු ටයිප් කරන්න පාව්ච්චි කරන්නෙ යුනිකෝඩ් කන්වර්ටරය. පාවිච්චිය සරළයි. උඩ කොටුවෙ සිංග්ලිෂ් වලින් ටයිප් කරද්දි පහල කොටුවෙ සිංහලෙන් වදිනව. ඊට පස්සෙ යට තියන සිංහල ටික ක්ලිප් බෝඩ් එකට අරගෙන ඕන තැනින් අලවගන්නව.

අනිත් ක්‍රමේ මගේ ක්‍රමේ! "විජේසේකර" යතුරු පුවරුව පාවිච්චි කිරිල්ල. පුරුදු වෙනකල් ටිකක් විතර වැඩේ අමාරුයි. නමුත් සිංහල ටයිප් කිරීමේ සම්මත ක්‍රමය තමයි ඒක. ඉස්සර තිබුන යතුරු ලියනය නැත්තං ටයිප්රයිටරයේ අකුරු තිබුන ආකාරයට තමයි විජේසේකර යතුරු පුවරුව තියෙන්නෙ. ‍ඕනෑම භාෂාවක අකුරු වලින් වචන හැදෙන "ක්‍රමයක්" තියනව. අන්න ඒ "ක්‍රමය" ලෙහෙසියෙන් ටයිප් කරන්න තමයි යතුරු පුවරු හැදෙන්නෙ. අන්න ඒ නිසා තමයි යතුරු පුවරුවෙ A සිට Z දක්වා පිලිවෙලින් අකුරු අමුණනව වෙනුවට Q සිට M දක්වා (අ)පිලිවෙලට අකුරු අමුණල තියෙන්නෙ. සිංහල වලදිත් වෙන්නෙ ඒ සීන් එකම තමයි.

කෙනෙකුගෙ බ්ලොග් එකක් (නැත්තං වෙන ලියමනක්) බැලුවම ඒකෙ තියන මිස්ටේක් වලින් කියන්න පුළුවන් එයා පාවිච්චි කරන්නෙ කන්වර්ටර් එකක්ද නැත්තං විජේසේකරද කියලත්. මෙන්න ක්‍රම දෙකේ වාසි අවාසි!

විජේසේකර පරිවර්තකය
ඉගනගැනීම තරමක් අමාරුය ඉගනගැනීම පහසුය(කපුටා වැනි සිංග්ලිෂ් ෆොන්ට් එකකට හුරුවූ අයෙකුට නම් ඉතා පහසුය.
අන්තර්ජාලය ඇති/නැති ඕනෑම තැනක පාවිච්චි කල හැකිය අන්තර්ජාලය අවශ්‍යයි. (අඩුම තරමින් වෙබ් පිටුවක් විදියට සේව් කරගෙන හෝ තිබිය යුතුයි)
අන්තර්ජාල (ෆේස්බුක්) චැට් කිරීම් වලට පහසුය(හහා!) චැට් කිරීම් සිංග්ලිෂ් වලින් කිරීමට සිදුවේ (නැතිනම් කොපි පේස්ට් ව්‍යායාම කලහැක)
අතරමැදදී යෙදෙන ඉංග්‍රීසි වචන එවෙලේම එක්කල හැකිය (සිංහලෙන් Blog ලිවීම) අතරමැදි ඉංග්‍රීසි වචන පසුව යෙදීමට සිදුවේ.(මඟහැරීම් සිදුවිය හැක)
කාර්යක්ෂම වේ එතරම් කාර්යක්ෂම නොවේ
ලිපියේ පළමු වාක්‍ය හතරට වැයවන යතුරු සංඛ්‍යාව 150ක් පමණ වේ. අදාල අගය 192ක් පමණ වේ.
"කතරගම" අකුරු පහකි "කතරගම" අකුරු 11කි.
වාසි වැඩිය අවාසිය

ඔහේල මොකද කියන්නෙ? අපි විජේසේකරට! විජේසේකර අපිට! (මාත් "විජේසේකර" නෙව!)



ප.ලි. බ්ලොගේට මළ මගුලක් වෙලා. පුළුවන් කෙනෙක් විසඳුමක් කියන්න.
කමෙන්ටුවකට රිප්ලයි කරන්න රිප්ලයි එක ක්ලික් කලාම හෙඩිම ලඟ තමයි නවතින්නෙ. ආයෙ මුල ඉඳල පහලට ඇවිල්ලයි කමෙන්ටුව දාන්න වෙන්නෙ. මගේ අඩවියෙ විතරක් නෙවේ. අනිත් බ්ලොග් වල කමෙන්ට් කරන්න ගියත් ඒ සරණමයි!

109 comments:

  1. උඹ කියන එක ඇත්ත වෙන්නැති. නමුත් මම පාවිච්චි කරන්නේ සිංග්‍රීසි යුනිකෝඩ් 1.8.1. ඒකෙ උඹ කියන සමහර අපහසුතා නෑ.
    ඒක ඕෆ්ලයින්.
    ඉංග්‍රීසි වචන |blog| අතරේ ටයිප් කරන්න විතරයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කන්වර්ටරයේ මූලිකම අවුල් දෙක තමයි වෙනත් තැනකදී (චැට්) ලිවීමේ අපහසුව සහ කාර්යක්ෂමතාවය. ඔය අලුත් වර්ෂන් එකෙන් ඒකට විසඳුම් තියනවද?

      Delete
    2. නෑ බං. ඒක නම් හෙන වාතයක්. කපලා අලවන්න ඕනේ. මම කිව්වේ 'සමහර' අපහසුතා කියලා.

      Delete
    3. උඹලට මොනවා වෙලාද මන්දා බං. මටනම් `realtime singlish` කියලා බාන්ඩයක් අහුවෙලා තියෙනවා. මැ‍ක්සා

      Delete
    4. මම පාවිච්චි කරන්නෙත් රියල්ටයිම් සින්ග්ලිශ් 2.0 එක. ඔය මොන අවුලක්වත් නැහැනෙ..

      Delete
  2. දෙයක් කියඤ්ඤං තරහ ගන්නෙපා
    මං පාවිච්චි කරන්නෙ ඉස්කෝල පොත ෆොන්ට් 1... එක තමා මේ දවස් වල තියෙන හොදම 1. විජේසේකර ටයිප් 1ම තමා අකුරු තියෙන්නෙත්ඒ විදියටමයි... මං දන්න විදියට විජේසේකර 1 සිංහල සමහර සිම්බල් නෑ(2ක් හෝ3ක්0 ඒත් ඉස්කෝල පොත ෆොන්ට් 1 ඒ දෝශ ඔක්කොම මගෑරල හදල තියෙන්නෙ.( සිංහල ටැමිල් අයි එම් ඊ කිට් එකත් එක්ක එන්නෙත් මේක) මාත් මුල ඉදල අමාරුවෙන් රි පුරුදු වුණ හින්ද දැං නං ලෙසටම ටයිප් කරනව.
    මාත් රාජ් කීව වගේ කැමතියි පුලුවං විදියට ඉස්කෝල පොත ෆොන්ට් 1 හරි "විජේසේකර"1 හි යූස් කරනව නං. මොකද ඒක ටිකක් ඇගට දැනෙනව
    දෙයක් තියේ නිවැරදි කරන්න
    //අන්තර්ජාලය අවශ්‍යයි. (අඩුම තරමින් වෙබ් පිටුවක් විදියට සේව් කරගෙන හෝ තිබිය යුතුයි)//
    සිංග්ලිෂ් යූස් කරන 1 ගැන මේ ප්‍රකාශය යාවත් කාලීන වෙන්න ඕන.. මොකද දැං ගූගල් ඉන්පුට් ටූල්ස් තියේ නැත්තං ඔයා දාල තියෙන යුනිකෝඩ පරිවර්තකය සොට්ටෙයා කෑල්ලක් විදියට බාගන්නත් තියේ... ඒ හින්ද ඉන්ටනෙට් නං ඕනම නෑ.. අනික පැංසල වගේ සොට්ටෙවා කෑලි ආවෙත් මීට හුග කාලෙකට කලිංනෙ.. අමතක වුණැයි ඔයැයිට

    ReplyDelete
    Replies
    1. ඔන්න දැං නං මටත් තද වෙනව. ඉස්කෝල පොත කියන්නෙත් ඒකම තමයි මගේ හිතේ! ඒකෙ කී බෝඩ් එක තමයි විජේසේකර.

      Delete
    2. මං දන්න විදියට විජේසේකර 1 සිංහල සමහර සිම්බල් නෑ//
      මොනවද?????????

      Delete
    3. ඕක තදවෙන්ට දෙයක්යැ... විජේසේකර එකට පස්සෙ ආපු FM,FN,SU,DU, ෆොන්ට් වගේම තව එක එක නං වලින් ආපු එක එක ෆොන්ට් හැම එකක්ටම බේස් උනේ විජේසේකර එකනෙව. ඒ හින්ද ඉතිං නම වෙනස් වුණත්, හැඩවෙනස් වුණත් ඒ ආපු ඔක්කොම විජේසේකර ටයිප්ම තමා...
      මං කීවෙ විජේසේකර ආපු මුල් දවස් වල ඒකෙ රකාරාංශය, රේපය එහෙම තිබ්බෙ නෑ අවංකවම දැං ඒව හදලද මං දන්නෑ... මොකද ඉස්කෝල පොත පාවිච්චි කරන්න ගත්තට පස්සෙ මං වෙන ෆොන්ට් යූස් කලේම නැති හිංද... තාමත් හුගක් රජයේ වෙබ් සයිට් වල එයාලගෙ පරණ ලිපි බැලුවොත් මේක තේරෙය්...
      ඒක මිසක් මං හින්ද ලේ කිපුණ නං සමාවෙන්න ඕන... අනික තාම අපි දුහුනන් මිසක් ඔයාල වගේ එස්පීරියංස් තියෙන ඈයො නෙමේනෙ ආයිබංඩ

      Delete
    4. මහේෂ් ඔබට වැරදිලා. ෆොන්ට් කියන්නෙ එක දෙයක්, input method කියන්නෙ වෙන දෙයක්.

      "විජේසේකර" කියල රාජ් කියල තියෙන්නෙ යතුරු පුවරු සැකැස්ම (layout) සහ අදාළ input method එක වන කීබෝඩ් ඩ්‍රයිවර් එකට මිසක් ෆොන්ට් එකට නොවේ. යුනිකෝඩ් භාවිතයේදී, සිංහල, ඉංග්‍රීසි සියළුම භාශා සඳහා වෙනමම code පරාස වෙන් කර ඇත (අකුරක කෝඩ් එක හැදෙන්නේ කෙසේද යන්න ටිකක් සංකීර්ණයි. නමුත් කෝඩ් එක දැක්ක ගමන් පරිගණකයට කියන්න පුළුවන් මේක මේ භාෂාවේ මේ අකුර කියල). ඉතින් අකුරක කෝඩ් එක ඒ වෙලාවේ සිලෙක්ට් වී ඇති ෆොන්ට් එකෙන් පෙන්වන්න බැරි නම්, පුළුවන් ෆොන්ට් එකක් සිලෙක්ට් කර ගැනීම පරිගණකයෙන් ඉබේ සිදු වෙයි. (දැන් මේ පේජ් එක ඩිසයින් කරල තියෙන්නෙ Arial ෆොන්ට් එකට. නමුත් ඒකෙ නැති සිංහල අකුරු ඉබේම iskoola potha ෆොන්ට් එකෙන් (හෝ තියෙන වෙනත් සිංහල යුනිකෝඩ් ෆොන්ට් එකකින්) රෙන්ඩර් වෙනවා වින්ඩෝස් වලදි. අපි කොහෙවත් ෆොන්ට් එක සිලෙක්ට් කරන්නෙ නැහැ නෙ.)

      කීබෝඩ් ඩ්‍රයිවර් එකෙන් කරන්නේ, අපි අතින් මොකක් හෝ කී එකක් ටයිප් කළහම, ඒක අදාල යුනිකෝඩ් කේතයට පෙරළීමයි. ඩ්‍රයිවර් එක වෙනස් කිරීමෙන් එකම භෞතික යතුරු පුවරුවකින් අපිට එක එක රේන්ජ් වල අකුරු 'ගහන්නට' පුළුවන්.

      ඔබ සමහර විට පරන ෆොන්ට් එකක් භාවිත කරන්න ඇති විජේසේකර කීබෝඩ් ඩ්‍රයිවර් එකක් එක්ක ආපු, අකුරු පෙන්වීමේ (rendering) දුර්වල කම් ඇති. එහෙම නම් කරන්නට ඇත්තේ ඒ ෆොන්ට් එක විසිකර දමා අලුත් යුනිකෝඩ් ෆොන්ට් එකක් ස්ථාපනය කර ගැනීමයි. විජේසේකර නමින් භාවිතයේ බොහෝ විට යෙදෙන්නේ ෆොන්ට් එකකට නොවේ, සිංහල ටයිප් රයිටරයේ සිට පැවත එන යතුරු පුවරු layout එකටයි. ඒ layout එක ට සරිලන ලෙසට කීබෝඩ් එක හසුරුවන වින්ඩෝස් කීබෝඩ් ඩ්‍රයිවරයත් විජේසේකර නමින් ම හඳුන්වනවා, එතන පැටලිල්ලක් නැති නිසා. ඒකට මොන සිංහල යුනිකෝඩ් ෆොන්ට් එක උනත් ඔට්ටුයි.

      'අකුරු' යනාදී ඇතැම් යෙදුම් යුනිකෝඩ් සම්බන්දව ගත්තම 100% නිවැරදි නැති වුනත් පොඩ්ඩක් සරළ කරන්න සිද්ද වුනා තේරුම් කරන්න පහසුවට.

      Delete
    5. /// ඉතින් අකුරක කෝඩ් එක ඒ වෙලාවේ සිලෙක්ට් වී ඇති ෆොන්ට් එකෙන් පෙන්වන්න බැරි නම් ///

      සමාවෙන්න මෙය "අකුරක කෝඩ් එක" නොව "කෝඩ් එකට අදාළ අකුර" ලෙස නිවැරදි විය යුතුයි. සරලව "අකුර" කියා කිව්වට මේක letter නෙවෙයි ligature - ඒ කියන්නෙ යංසය රකාරාංශය වැනි අකුරු හෝ පිළි නොවන අකුරු කිහිපයක් පෙන්වන "සංකේතයක්" වෙන්නත් පුළුවන්.

      Delete
    6. ඔබට ස්තුතියි ඇනෝ.. දැනුවත් කිරීම සම්බන්ධයෙන්.. මගේ නොදැනුවත් භාවය නිසා යම් අපහසුවක් රාජ් සහොදරයාට වුණා නම් මං සමා ඉල්ලනව.
      නැවතත් ඔබට බොහොමත්ම ස්තුතියි ඇනෝ

      Delete
  3. ඇත්තටම මටත් විජෙසේකරයේ ටයිප් කරන්න පුළුවන්. නමුත් මෙතන ,,අපේ සිංහල බ්ලොග් කලවට අදාළව ගැටළුව වෙන්නේ බොහෝ දෙනෙකුට බ්ලොග් ලිවීම වෙනුවෙන්ම විජේසකරයට හුරුවන්න යෙදිය හැකි කාලය බොහෝම සීමිතය. ඒ නිසා සිංග්ලිශ් පරිවර්තක බොහෝම වටිනවා. මම විජේසකරයේ ටයිප් කරන්න පුරුදු වෙලත් තවම පාවිච්චි කරන්නේ පෙන්සිල් හෙවත් පැන්සල කියන මෘදුකාංගය. ඒක රාජ් දක්වලා තියෙන පරිවර්තකය තරම් භාවිතයට අපහසු නැහැ. කොපි පේස්ට් කරන්න ඔන්නෙ නැහැ. මෙන්න තියෙනවා බාගන්න ලිංකුව.
    http://www.serandibsoft.com/pencil-350835363505353035233517.html

    ReplyDelete
    Replies
    1. පැන්සල ගැන නං දන්නෙ නෑ. බලමු!
      හොඳ දේවල් වලට මාරුවෙන්න අමාරුයි. සාමාන්‍යයෙන් ඕන දෙයක් එහෙමයි. නමුත් හුරු වුනාම වාසි වැඩියි.

      Delete
    2. මමත් ඔය පැන්සල පාවිච්චි කරන්නෙ ,එ වුණාට එක විජෙසෙකර තරම් හොද නෑ ...උදා විදිහට ගත්තොත් ඔකේ බින්දුව ටයිප් කරන්නෙ කොමද ????විජෙසෙකර තමා මම හිතන්නෙ හොද පැන්සලෙත් තව අඩු පාඩු තියෙනවා ,

      Delete
    3. ඇයි යකෝ ඔය උඩ කොමෙන්ට් එකේම බිංදු කීයක් ගහලා තියෙනවද?
      බිංදුව ගහන්න x අකුර පාවිච්චි කරන්න මලේ.

      Delete
    4. තව දෝෂයක් කියන්නම් ,පැන්සල නෙට් නැති වෙලාවට යන්සය වගේ දෙවල් ටයිප් වෙන්නෙ නෑ නෙද ?

      Delete
  4. කොමෙන්ට් විතරක් දාන මට කන්වටරේ හොදයි බන්....!!!!

    ReplyDelete
    Replies
    1. ඒත් කොපි පේස්ට් නැතුව පුළුවන්ද?

      Delete
  5. මම කොම්පියුටර් ගත්ත කාලෙ ඉඳලම සිංහල TT ෆොන්ට් කී බෝඩ් එකේ අලවගන්නෙ නැතුව පුරුදු උනේ. ඒ නිසා ඔය කොන්වර්ටර් නැතුව යුනිකෝඩ් එකත් කෙලින්ම කී බෝඩ් එකෙන් ගහන්න පුලුවං වෙලා තියෙනව.
    අමාරුවෙන් හරි විජේසේකර එක ඉගෙන ගත්තොත් පාඩුවක් වෙන්නෙ නෑ.

    ReplyDelete
  6. මම පාවිච්චි කරන්නේ Singreesi Unicode 1.8.

    ඒක ඉන්ටර්නෙට් නැතුවත් ටයිප් කරන්න පුලුවන් එකක්

    අනිත් එක , පැනසල කියන සොෆ්ට්වෙයාර් එකෙන් වෙබ පි‍ටු වල ඉදන්ම ටයිප් කරන්න පුලුවන් සින්ග්‍රීසි විදිහටම

    ReplyDelete
  7. මං පාවිච්චි කරන්නෙ ඉස්කෝල පොත ෆොන්ට් 1... එක තමා මේ දවස් වල තියෙන හොදම 1. විජේසේකර ටයිප් 1ම තමා අකුරු තියෙන්නෙත්ඒ විදියටමයි...

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මාත් කියන්නෙ.

      Delete
  8. යකෝ මාතලං කන්වර්ටර් වලින් බ්ලොග් කොටන්න ඉගැන්නුවද.. මසට පහුගිය ටිකේ කියවන්න උනේ නැහැ සමහර ඒවා... හිටහං හිටහං මාත් උඹේ දෑත් සක්තිමත් කොරන්න... අපිත් විජේසේකර තමයි ඩෝ.. කෝ කවුද වලියට ඉන්නේ දැන්..?

    ( කන්වර්ටරය හුරු.. ඒ කියන්නේ සිංග්ලිෂ් ටයිපින් පුරුදු අයට පාවිච්චි කරන්න හොඳ තව එකක් තියෙනවා.. Rsinglish කියලා.. එහෙ ලිය ලිය මෙහෙ ගෙනත් ඇලවිලි නැහැ.. කෙලින්ම ලිව්වැකි.. ඒ ගැනත් මේකේ යටින් හරි අලවහං හොයලා බලලා.. )

    ReplyDelete
    Replies
    1. එකෙක්වත් නෑනෙ වලියට. කන්වර්ටර් ගැන නං දන්නෙ නෑ හරියට. අර කැම්පස් එකේ එකට වඩා නං විජේ හොඳයි

      Delete
    2. මමත් හිතුවා කවුරුහරි වලියට එයි කියලා, ඩෝ. ඒ මොකද මම දැකලා තියෙනවා මීට කලින් මේවගේ කන්වර්ටර් vs විජේසේකර, එතකොට Windows vs Ubuntu/Hanthana වගේ වාද වලදි, සමහරු මාරාවේශ වෙලා සටන් කලා. මමත් තනියෙම කල්පනා කලා යකෝ Windows පාවිච්චි කරන් එක මේ තරම් බැණුම් ඇහියයුතු පාපකාරී ක්‍රියාවක්ද කියලත්. :D

      Delete
    3. @ හෙන්රි,
      වින්ඩෝස් vs හන්තාන වගේ කේස් එකක් නෙමෙයි මේක. මමනං ඔය තානවල් මොකවත් පාවිච්චි කරල නෑ තාම වින් XP තමයි.
      මෙතන තියෙන කේස් එක අමාරුවෙන් හරි අර කී බෝඩ් එක ඉගෙන ගත්තොත් ඔය අනං මනං තර්ඩ් පාටි සොෆ්ට්වෙයා කෑලි නැතුව කෙලින්ම වැඩ දාල ටයිප් කරන්න පුලුවං එකයි.

      Delete
  9. මං නම් කන්වර්ටර්. වින්ඩෝස් වලදී රාජ් කිව්ව කන්වර්ටර් එක ඇරුනම esay sinhala add-ons එක පාවිච්චි කරලා තියනවා. දැන් ගුගල් ඉමි තමයි පාවිච්චි කරන්නේ. ඕෆ් ලයින් උනත් ටයිප් කරන්න පුළුවන්. ලිනක්ස් වලදී නම් සමනල....

    ReplyDelete
    Replies
    1. බුදු අම්මේ තියන කන්වර්ටර්.

      Delete
  10. කිසිම වලියක් නැත. මොන මළදානෙන් හෝ හින්ගලෙන් කොටනවානම් එපමණය. දැනටත් දෙන්නෙක් තුන්දෙනෙක් බ්ලොග් පටන් අරගෙනය. මට ඒ හොඳටෝම ඇතිය. බොග දාන හැටි කියා දෙන් අතැනට ලින්කුවක් දැම්මා නම් මාතලන්ගේ ඉහේ නොව හැම තැනම මල්ද පිපෙන්නේය.

    ReplyDelete
    Replies
    1. අඩේ සොරි මචෝ. අමතක උනා. හිටිං.....

      Delete
  11. රාජ් ඈත්තටම මන් ආසාවට සහ language පොලීසියෙන් බේරෙන්න converter පාවිච්චි කලාට බින්දුව, ae , pilibanda ආදිය ලියාගන්න බෑ. මට හෑම අකුරම හරියට ලියා ගන්න විදිහක් සරලව කියා දෙනවද?

    ReplyDelete
    Replies
    1. සරළම ක්‍රමය තමයි විජේසේකර. වම් පැත්තෙ alt+shift වලින් සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාරු කරගන්න පුළුවන්. ඊට පස්සෙ ටයිප් කරන්නයි තියෙන්නෙ. උඩ තියන රූපයේ තියන තැන්වල අකුරු තියෙන්නෙ.
      ං=X, ඳ= දකුණු alt+ද(O)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. Keyboard එකේ සින්හල අකුරු තියෙන්න/අලවගන්න/මතක තියාග්න්න ඔනේද?
      sorry, මෙලෝ දෙයක් දන්නෙ නෑති නිසා අහන්නෙ. වෙලා තියන කොට පොඩ්ඩක් instructions for totally stupid විදිහට කියා දෙනවද? No hurry. Thanx

      Delete
    4. මෙතෙන්ට ගිහිල්ල මාතලං කියල තියෙන විදියට සියබස් එක මැෂිමට ඉන්ටෝල් කරගන්න.
      ඊට පස්සෙ ඔය රාජ් කියල තියෙනව වගේ වම් පැත්තෙ Alt+Shift වලින් ටයිප් වෙන වචන සිංහල, දෙමළ, ඉංග්‍රීසි ද කියල මාරු කරගන්න පුලුවං.
      කී බෝඩ් එකේ සිංහල අකුරු අලෝගන පුරුදු වෙන්න පුලුවං. ටික කාලයක් යනකොට අකුරු ටික මැකිල ගියත් ඊට පස්සෙ අතේ පුරුද්දට ඉබේම අකුරුටික වදිනව. :D

      Delete
    5. ප්‍රා,

      මාත් ලියන්නෙ කන්වර්ටරෙන් තමයි. ඒකෙන් ලියන්න බැරි ඇකුරක් නැති තරම්. මේ බලන්න මේ මම දාපු පෝස්ට් එක. තනිකරම කෙටුවෙ කන්වර්ටරෙන්. ඔබෙ සිංහල දැනීම මදිනම් කියවන්න ලේසි වෙන එකක් නෑ.

      http://upashantha.blogspot.com/2012/02/blog-post.html

      Delete
    6. Prasanna,ස්තුතියි. ට්‍රයි කරන්නම්.

      Indika, ඈත්තම කියනවනම් මම උම්මග්ග ජාතකය කියෙව්ව පහේ පන්තියට යන්න කලින්. ප්‍රවීනයෙක් නොවුනට සින්හල දෑනුම අවශ්ය තරමට තියනව. ඒත් converter එකේ සමහර ඒව හොයගන්න බෑ. පුලුවන් නම් instructions for proper use of converter ලියන්නකො

      Delete
    7. Pra Jay,

      If you click the 'Show transliteration scheme' link on the converter page, there's an extensive list of gimmicks you could do, සච් ඈස් මෛථුනය, පඥ්ඥාරාම, තුඃ, ජංගිය, ධර්‍මදාස.
      Not that I use the converter, it's the most inferior solution for Sinhala input. If you want to keep transliterated typing rather than learning a whole new KB, consider the rSinglish pseudo-driver which uses phonetic transliteration (similar but better than the converter) but eliminates the need for cut and paste and gives you no trouble in switching mid-language.

      Delete
    8. ඉහත වචන කිසියම් ආගමකට අපහාස පිනිස ලියවුනු දේ නොවේ. Their co-occurrence was just unintentional coincidence.

      Delete
    9. Anonymous, thank you very much for your generous help. And, your imaginative choice of examples :-)

      Delete
  12. මේ ගූ ගොල් එකේ ඉන් පුට් ටූල්ස් වලින් ගොඩක් පහසුනේ බන් ,. .. .සන්නක අකුරු තමා බැරි හෙහෙ හෙහ් එහෙ

    ReplyDelete
    Replies
    1. ඒවත් පුළුවන් මස්සිනේ.....සිංහල තෝරගත්තට පස්සේ ස්ක්‍රීන් එකට පොඩි කොටුවක් එන්නේ...අන්න ඒකෙ තියෙන කී බෝඩ් මාක් එක උඩ කෙටුවහම ඤ,ඥ,ඦ,ඬ,ඎ ආදී එකී මෙකි නොකී අකුරු ඔක්කොම ගත්තහැකි.

      Delete
  13. විජේසේකර තමා පට්ටම, ගින්නක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්...මන් දාගෙන ඉන්න ctrl+chift ෂෝට් කට් එක ඉංග්‍රීසි සිංහල අතරෙ මාරු වෙන්න..පට පට ගාල ටයිප් කරන් යන්න පුලුවන්..

    ReplyDelete
  14. මං පාවිච්චි කරන්නේ ගූගල් ඉන් පුට් ටූල්ස් වලින් ගත්තු සිංග්ලිෂ් ට්‍රාන්ස්ලේටර් එක.
    කැමති කෙනෙක්ට මෙතනින් ගත්තහැකි.
    ඩවුන් ලෝඩ් කරගත්තට පස්සේ ආයේ ඉන්ටනෙට් කනෙක්ෂන් ඕන නැහැ.
    සාමාන්‍යයෙන් සිංග්ලිෂ් ටයිප් කරන විදියට,ඕන තැනක කෙලින්ම ටයිප් කරන්න පුළුවනි.කොපි පේස්ට් කිරිල්ලක් නැහැ.
    මාතලන් පාවිච්චි කරන කන්වර්ටර් එක නරක නැහැ.ඒත් ඉතින් වියපු රෙදි තියෙද්දී හණ මිටිය කර ගහගෙන යන්ට ඕනද?

    ReplyDelete
  15. ඕව කියා දෙන්න පෙර මම ආවෙමි..
    අලුත එව්වන්ට අත්වැලක් වේවා..

    ReplyDelete
  16. රාජ්, මටත් අර ඔයාගේ වගේම කමෙන්ට් දැමීමේ ප්‍රශ්නය තියනවා. මගේ බ්ලොගර් අඩවියේ. කමෙන්ට් එකකට උත්තර දෙන්න ක්ලික් කරපු ගමන් හෙඩර් එකට ගිහින් නවතින්නේ. මම හිතුවා මට විතරක් තියන ලෙඩක් කියලා. වර්ඩ්ප්‍රෙස් අඩවියේනම් එහෙම ප්‍රශ්න නැහැ.

    මමනම් google input tools පාවිච්චි කරන්නේ. offline වුනත් වැඩකරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒක හැම දෙනාටම තියෙන ලෙඩක් වගේ මටත් ඔය සෙතේම වෙනව.. ඕක හදාගත්තුකෙනෙක් ඉන්නව නං අපිටත් කීවනං මොකද රිප්ලයි කරන්න ගියාම ආයෙ මුලටම යනව

      Delete
    2. දැන් දවස් තුන හතරක් ඉඳන් මටත් ඔය සීන් එකම වෙලා. මට බයත් හිතුනා ඔක්කොම චකබ්ලාස් වෙලාද කියලා.
      විචාරක ....මම වර්ඩ්ප්‍රෙස්. ඒත් එහෙමයිනේ.

      Delete
    3. අයියෝ.. මමත් හිතුවේ ඕක මගෙ බ්ලොග් එකට ව්තරක් හැදුනු ලෙඩක් කියලා..කොහොමද ආපහු හරිගස්ස ගන්නේ...

      Delete
    4. මං හිතන්නේ ඕක වෙන්නෙ Ad block extension 1ක් නිසා

      Delete
  17. විජේ විජේ මගේ විජේ. විජේසේකර කියන්න රාජ් කිව්ව වගේ ටයිප්රයිටර් එකේ තියෙන විදිය. නැතිව විජේසේකර කියන්නේ ෆොන්ට් එකක් නෙමෙයි. ඕව් විජේසේකර කියල එහෙම එකකුත් තියෙනවා තමා.

    මාත් මුල ඉදලම අමාරුවෙන් හරි කෙටුවේ ඔය විදියට තමා. ඇත්තටම හරිම පහසුයි. කිව්වත් වගේ අකුර මාරු කරන්න පුළුවන් චං ගාලා..

    ReplyDelete
    Replies
    1. අජෝව් අමතක උණා. ඌ බොටත් එහෙම කරාද යකෝ මටත් එහෙම කරල නෙව මේකා. රිප්ලයි කෙටුවම නලල ගාවටම යනවා පේජ් එක..

      Delete
    2. //චං ගාලා..// ඒ~ක තමයි මට 1.26 ට විතර චං ගානවා ඇහුනේ. මං හිතුවේ මට කවුරු හරි කතා කළා කියල. මේ දේශා කමෙන්ට් එකක් දාල නෙ. :D :D

      //රිප්ලයි කෙටුවම නලල ගාවටම යනවා පේජ් එක..// බලමු මට කොහොමද කියල..

      Delete
    3. ආ ඒකත් එහෙමද? හොදා හොදා.. හිටපියකෝ..

      Delete
  18. සිංග්ලිෂ් නම් ඉතින් ගූගල් එමී තමයි හොදම .. ඒත් විජේසේකර එකෙන් ටයිප් කරන්න පුරුදු වෙන එක තමයි හොදම ක්‍රමය .
    මේක බලපන් රාජ් ලස්සන කතාවක් :D
    http://www.elakiri.com/forum/showthread.php?t=1597604

    ReplyDelete
  19. දැන් උඹලා වගේ විජේසේකර ඈයෝ කීවට අපිට විජේසේකර මුල ඉඳන් උගන්වන්න ටියුශන් පාරක්වත් දීපාල්ලා. කලින් දවසක මට මතකයි බුරාත් බින්දිගේ බ්ලොග් එකේද කොහේද ඕක කීවා. මට ප්‍රැක්ටිකලි තියෙන අවුල නම් මම අකුරේ හැඩ වෙන කෑලි කොම්බු, ඩබල් කොම්බු, පාපිලි හෙම දාගන්න දන්නෙ නෑ විජේසේකරගේ. ඒවා මුල ඉඳන් සරලව කියා දෙනවා නම් ඔන්න අපිත් විජේසේකර ඉගෙන ගන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. ඇයි යෝදයෝ Rsinglish ගනින් මධුර ගේ කොපි පේස්ට් නෑ සිංහලෙන් ඉංග්‍රිසියට පට් ගාලා scroll lock එකෙන් මාරු උනෑකි සඤ්ඤක පාපිලි ඩබල් කොම්බු විතරක් නෙමෙයි පාළිත් ලියතෑකි එළකිරි.- හර්ෂ

      Delete
  20. අපට නං ඉතිං qsfox තමා. කොටන්ඩත් ලේසියි !

    ReplyDelete
    Replies
    1. මාත් ඒක තමයි. ඒත් අවුල ඔය මඟුලට ගිනි නරියා එක්කම ඉන්න වෙනවා. පහන් ක්‍රෝම් අප්ඩේට් එක ලියන්නේ නෑ. දැන් එන ඇන්ඩ්‍රොයිඩ් කිරි ටෝයියෝ ගොඩාක් වල තියෙන්නේ ක්‍රෝම්.

      Delete
  21. ඔව් බන් ඔක මටත් උනා උඩටම යනවා පස්සෙ හරියයි බං වෙලාවකට ගූගල් දෙයියෝ පිස්සු කෙලිනවනේව බොග දාන එකත් හරියකට කොරගන්න දෙන්නෑ හික්ස් ආ දැනුවත් කිරිම අගේයි ලොක්කා

    ReplyDelete
  22. ගූගල් ඉන්පුට් ටූල්ස් බහාවිතයෙන් කොටන නිසා කොපි පේස්ට් කොරන්න අවශ්‍ය නැත. ඉන්ටනෙට් එක අවශ්‍යත් නැත. ඔනතැනක ඕන වෙලාවක හෙළුවෙන් වනත හැක

    ReplyDelete
  23. //අතරමැදි ඉංග්‍රීසි වචන පසුව යෙදීමට සිදුවේ.(මඟහැරීම් සිදුවිය හැක)// මේක තමයි මට නම් යුනිකෝඩ් කන්වටරයේ තියෙන ලොකුම අවුල.

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි වචන | |අතරේ |blog| ටයිප් කරන්න විතරයි තියෙන්නේ.

      Delete
    2. UCSC කන්වටරයේ ඒක වැඩ කරන්නෙ නෑනෙ ඩූඩ් :(

      Delete
    3. ගුගල් ඉමි ගුගල් ඉමි ගුගල් ඉමි ගුගල් ඉමි ගුගල් ඉමි ගුගල් ඉමි ගුගල් ඉමි (අපි පාවිච්චි කරන එකට කුරුත ගුන සලකන්ඩ එපැයි.. :) )

      ඒකෙ නම් ඉංග්‍රිසි වචනෙ යටින් එනව. ඇරෝ කී වලින් ඕන එක තෝර ගත හැකි. අකුරු අඩුවෙන් ටයිප් කරන්න තියන්නෙ. හරියට ෆෝන් වල T9 මොඩ් එක වගෙ තරමක් දුරට....

      Delete
    4. අප්පේ චන්දන අයියා සෑහෙන කෘතගුණ සලකලනෙ ;) මම ගූගල් ඉමි පාවිච්චි කලා..ඒත් පුරුදු වෙලා තියෙන්නෙ UCSC කන්වටරයටනෙ

      Delete
  24. අපි හොද සිංහල කොල්ලේ හරිය..... අපේ ළඟ ඔය සිංග්ලිෂ් නෑ. නියම ආරිය සිංහල තමයි ටයිප් කරන්නේ....
    කව්ද ඩෝ වලි.....

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. කන්වර්ටර් එකෙන් කෙටුවත් ඔය චන්ඩි වර්ඩ් දාන්න ඇහැකි බොල..

      Delete
    2. කන්වර්ටර් එක මට සෙට් වුනේම නැහැනේ බං. නිකං ෆුල් අප්සෙට් වගේ..... ටයිප් වෙන්නේ නෑ නෑ වගේ....

      Delete
  25. කවුද අනේ විජේසේකර කියන්නේ? :D:D

    ReplyDelete
    Replies
    1. දැනට භාවිතවන සම්මත යතුරුලියන පුවරුව සකස් කළ මහත්මයා තමා ......තව ලෝරන්ස් පුවරුව කියල එකකුත් තිබුණා...

      Delete
  26. රාජ් මම භාවිත කරන්නෙත් විජේසේකර පුවරුව හා ඉස්කොලපොත ෆොන්ට් එක මේ මාරම ලේසියි පුරුදුවෙන්න ගියේ මට සති දෙකයි දැන් ඇහැ පියාගන වුණත් ටයිප් කරන්න හැකියි.

    ReplyDelete
  27. මාර කේස් එක..ගුරා නිසා මාතලන්ගේ පැත්ත නොගෙනත් බෑ...ඒත් මමත් විජේසේකර තමා...මුලින් කරපු ඩේටා එන්ට්‍රි ජොබ් එකට පින් සිද්ධ වෙන්ඩ ටච් ටයිපින් ලෙසටම පුලුවන්..කොටින්ම මොනිටරේ ඕනෙම නෑ...:D

    ReplyDelete
  28. විජේසේකර ක්‍රමයට අකුරු කෙටු කී බෝඩ් කලකට පෙර යුනිටි ප්ලාසා එකේ විකුණන්න තිබී මාත් ගත්තා. භාවිතා කෙරුවේ නම් නෑ මොකද 2005 සිට බ්ලොග් සහ අනෙකුත් ලියවිල් කළ කපුටා ඩොට් කොම් ට්‍රාන්ස්ලිටරේෂන් පුරුද්ද අත හරින්න හිතඔනේ නෑති නිසා.

    ReplyDelete
  29. රිප්ලයි ක්ලික් කලාම හෙඩිම ලග නවතිනවා නේන්නම්
    ෙමන්න ෙම් ජරා බිංදුව වැෙටන්ෙන් අැයි????

    ReplyDelete
  30. මංනම් හෙළ අකුරු ime තමයි

    ReplyDelete
  31. සමහර පොයින්ට් වලට එකඟ වෙන්න අමාරුයි.කන්වර්ටර් එක පාවිච්චිකරන්න අන්තර්ජාලය අවශ්‍යම නෑ.සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කර ගත්තම හරි.මට නම් කන්වර්ටර් එක පුරුදු වෙලා උපරිම ස්පීඩ් එකෙන් ගහන්න පුළුවන්.හැබැයි ඉංග්‍රීසි එවෙලෙම ගන්න නම් අමාරුයි තමයි.අකුරු ගානත් වැඩියි තමයි.ඒත් ඒ ඔක්කොම අවාසිවලට වඩා පුරුදුවෙන්න තිබෙන පහසුව කියන වාසිය වැඩියි කියලයි මටහිතෙන්නෙ

    ReplyDelete
  32. රාජ් විජේසේකර එකේ කො / කෝ / කේ ටයිප් කරන්නෙ කොහොමද?

    ReplyDelete
  33. මට බොග පටන් ගන්න කලින් ඉඳලම විජේසේකර පුලුවන්, අහක බලාගෙන වුනත් පට පට ගාල ගහනව ටච් ටයිපින් ප්‍රගුණ කළ නිසා.

    ඳ,ඟ, අකුරු ඉගෙන ගත්තෙ උබෙන්.

    ***මගෙත් රිප්ලයි එබුවම හෙඩිමට එන්නෙ. පිලිතුරක් ලැබුනොත් මට කියපං. බොගේ කමෙන්ට් කියෙව්වෙ නැහැ..

    ස්තුති..

    ReplyDelete
  34. මම නම් කන්වර්ටර් පොරක්... මට තියන අවුල් තමයි... වරකට ටයිප් කල හැකි ප්‍රමාණය සීමිත වීම. පේලි ගණන මේ ෆීල්ඩ් හයිට් එක ඉක්මවා යනකොට ඒකත් එක්කම වැඩි වෙන්න හදලා තිබ්බා නම් මරු. මම කන්වර්ටරේ සහ බ්ලොග් වල අතරමැදියා ලෙස පාවිච්චි කරන්නේ නෝට්පෑඩ්. මම බ්ලොග් ලියන කාලේ මුළු කතාවක්ම නෝට්පෑඩ් එකට කොපි පේස්ට් කරලා සේව් කලා. අනේ ආයෙ ඕපන් කරනකොට ප්‍රශ්නාර්ථ ලකුණු ටිකක් විතරයි. එහෙම උණොත් ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. නෝට්පෑඩ් එකට වඩා වර්ඩ් පෑඩ් එක පහසු නැද්ද.. මං ගොඩක් වෙලාවට ගන්නේ ඒක. Rich Text Document එකක් විදිහට සේව් කරල තියනවා. නෝට් පෑඩ් එකේදී වුනත් save as ගියාම එන encoding වලදී UTF8 තෝරලා සේව් කලාම අවුලක් නෑ. අර වාගේ ප්‍රශ්නාර්ථ එන ඩොකියුමන්ට් එකක් නම් හදා ගන්න දන්නේ නෑ. මටත් එහෙම වෙලා නම් තියනවා.

      Delete
    2. encoding කියන තැන යුනිකෝඩ් කියා ස්ලෙක්ට් කරත් වැඩේ ගොඩ

      Delete
  35. ඇයි මේ හැම දෙනාම කන්වර්ටර් එකක් ගැන නහින්න හදන්නේ Realtime Singlish ගැන අහලා නැත්ද?
    copy paste ඕන් නෑ කෙලින්ම වැඩ
    notepad ඕන නෑ
    ඉංග්‍රිසි සිංහල පට් ගාලා scroll lock එකෙන් මාරු උනෑකි
    ඉන්ටනෙට් ලොග් වෙන්න ඕන නෑ පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්
    පාලි සංස්කෘත තත්‍වාකාරයෙන් වදිනවා පේනවනේ?
    ඉතින් තව මොනවද? සියළුම විසඳුම් එකතැන all in one
    කොටලා බලහල්ලකෝ - හර්ෂ

    ReplyDelete
    Replies
    1. මරු ඔත්තුවක් හර්ෂ. නියමෙට වෑඩ. ගොඩක් ස්තුතියි....!

      Delete
    2. කලින් කියන්ඩෙපැයි මෙයා....

      Delete
    3. මේක ගැන මිනිස්සු කියන්නෙ මාතලං ගෙ පෝස්ට් එකේ ඉඳන්.

      මේ පෝස්ට් එකේ උඩමත් කමෙන්ට් දෙක තුනක තියනවා.

      ගූග්ල් එකත් මේ වගේම හොඳයි.

      Delete
  36. අනේ අපි සිංගිරිසි දාගෙන ඔහේ ලියනවා.. හැබැයි ඒක හින්දා සමහර වෙලාවට ඉංග්‍රීසි ලියනකොට ටැපලෙන වෙලාවල් එනවා.

    ReplyDelete
  37. ගුගල් ඉන් පුට් ටුල් එකෙන් කොටන්න පුරුදු උනාම සේරටම වඩා හොදයි කියලා මට නම් හිතෙන්නේ, මේ සමාන තවත් සේවා තියනවානේ. ඒ කියන්නේ පැන්සල, රියල් ටයිම් ඉන්ග්ලිෂ්. මේ සේරම යුනිකෝඩ් වලින් වදින ඒවානේ. අපේ විජේසේකර එක පුරුදු උනා කියන්නේ හොදටම හොදයි. ඒත් අපි කි බෝඩ් එකට අත හුරු කරගන්නේ ඉංග්‍රීසි අකුරු බලාගෙන නේ. එතකොට එක ගහද්දි තමයි බලන්නේ නැතුව ටයිප් කරන්න පුලුවන් ටච් ටයිපින් කියන තැනට යන්නේ. එහෙම පුරුදු කෙනෙකුට යුනිකෝඩ් ක්‍රමය ගොඩාක් ලේසියි. ඒකත් හොදට පුරුදු උණු කෙනෙක්ට විජේසේකර යතුරු පුවරුව ඉගෙන ගන්න පුළුවන්. ඒත් කලින් යතුරු ලියනයට අත පුරුදු කෙනෙකුට දිගටම ඒ විදිය පුරුදු වෙන එක තමා හොද. කොළඹ සරසවියේ පරිවර්තකය, ලේක්සිලොගොස් සිංහල පරිවර්තයකය ප්‍රාථමික මුල්ම කාලේ ආපු විසදුම්. හැබයි කොළඹ සරසවි පරිවර්තකයේ තියන යුනිකෝඩ් ඒවා සම්මත සිංහල ෆොන්ට් වලට හරවන මෙවලම නම් ගොඩාක් වටිනවා. මොකද යුනිකෝඩ් වලින් ලියපු එකක් මුද්‍රිත ලිපියකට ගන්න ඒක ඕනේ.

    ReplyDelete
  38. මම පාවිච්චි කරන්නේ Realtime singlish කියන එක.. මටනම් ඒක ලේසි.. හැබැයි ඒක විජේසේකර එකට වඩා අකුරු ටිකක් වෙනස් කියලා දන්නේ වර්ඩ් වල ටයිප් කරපු එක ටිකක් බලන්න කියලා අරයට යැවුවම අකුරු වෙනස් වෙනවා කියලා කෑ ගහද්දී.. හැබැයි නෙට් දැම්මම වැඩේ හරි...

    http://www.softpedia.com/progDownload/Realtime-Singlish-Download-142972.html

    ReplyDelete
  39. This comment has been removed by the author.

    ReplyDelete

  40. විජේසේකර පුරුදුවෙන්න එච්චර අමාරු නෑ.. ඕන නම් දවස් දෙකක් යයි.. ගොඩාක් අය අමාරුයි කියන්නේ උත්සාහ නොකර. (ඔය කන්වර්ටර් වලින් ලියන අයට යතුරු ලියනයකින් ලිපියක් ටයිප් කරන්න උනොත් මොනව වෙයිද)

    විජේසේකරට ජයවේවා!!

    ReplyDelete
  41. රාජ්....මමත් කොළඹ කැම්පස් භාවිතය. ඒක හුරු නිසා ඒකටම ගල්වෙලා ඉන්නවා. මට අනික ඔය ටෙක්නිකල් වැඩ දන්නේ නැහැ. කොපි පේස්ට් ප්‍රශ්ණය මට දෙසැරයක් එනවා . මගේ න, ණ,ල,ළ රෝගය නිසා සුබසට යන්න වෙනවා. මැදට ඉංග්‍රීසි ලියන්න වෙන්නේ වෙනම. මේකට හුරුවෙලා දැන් යමක් ඉංග්‍රීසියෙන් ලියන කොට ස්පෙලින්ග්ස් වරදිනවා. සිංහලෙන් කතාකරනකොට ටයිප්වෙන සිස්ටම් එකක් තියෙනවානම් තමයි මං වගේ බුවාලට හොඳම :D

    ReplyDelete
  42. අපිටනම් ඉතින් ගුගල් දෙයියාගේ වාලාකුලුම තමයි

    ReplyDelete
  43. http://www.lankadeepa.lk/index.php/articles/206274 රාජ්.......මේ අද මේ ගැන පත්තරේ තිබුන ආටිකල් එකක්. මේ ගැන යමක් කියන්න.

    ReplyDelete
    Replies
    1. අලුත් පරම්පරාවේ ජනමා‍ධ්‍යවේදීන් කියා ගන්න බූරුවන් ගේ හැකියාව තමයි. නිවුස් එකක් දැම්මම අන්තිමට "රැස්වීමක් තිබුනා, මෙන්න ආපු උන් ගෙ මූනත්තහඩු" මිසක් කළේ මොකක් ද, දැනටත් තියෙන දේට වඩා අලුතෙන් ගන්න තියෙන්නේ මොකක්ද කියල කිසිම දෙයක් නෑ. මුන් රිපෝට් කරන්න ගිහින් අහන් හිටියෙ මොනවද මන්දා.

      අරූ, ජයන්ත අහංගම කලින් නම් හඳුන්වල දීල තිබුනා smart font එකක්, අකුරු ඉංග්‍රීසියෙන් ම ඇතුලේ තිබෙද්දි, පිටින් සිංහල වලින් පෙන්වන, හරියට කපුටා.කොම් අකුරු වගේ. එකම වෙනස, මේ අකුරු කපුටා ඒවට වඩා ටිකක් ස්මාර්ට්: උඹ ඔය කන්වර්ටර් එකේ ලියන වගේ singlish එකක් සිංහල අකුරු වලින් හරියට පෙන්නනවා. නමුත් යුනිකෝඩ් වල තියෙන වෙන වාසි මොකුත් එහෙම ඉංග්‍රීසි අකුරු උඩ යැපෙන, ෆොන්ට් එකකින් දාන ජිල්මාට් එකක නෑ. කපුටා වගේම ස්මාර්ට් ෆොන්ට් එකක් කියන්නෙත් "ඉංග්‍රීසි අකුරු/සිංහල ෆොන්ට්". යුනිකෝඩ් කියන්නෙ කෙලින් ම "සිංහල අකුරු".

      ලංකාවෙ දේවල් සිද්ද වෙන විදියට මේ ඒ සිස්ටම් එක ම අලුතෙන් කරකවල ද දන්නෙ නෑ. ජයන්තට අපහාසෙට නෙවෙයි කියන්නෙ, ඒ මනුස්සයා රටට ජාතියට ආදරේ මිනිහෙක්. ඒත් මේක අලුත් දෙයක් වෙන්න තියන ඉඩකඩ අඩුයි. (තියන එකට වඩා හොඳ අලුත් දෙයක් වෙනව නම් මමත් සතුටුයි)

      Delete
    2. බොහොම ස්තූතියි ඇනෝ......මාධ්‍ය වාර්තාකරනය ගැන නම් පන්ති තියන්න වෙයි තමයි. තෑගි බෙදන අළුගෝසුවන්ගේ නම තියෙනවා ෆොටෝ එකේ..තෑගි ලබන අහිංසක දරුවාගේ නම නැහැ. මුන්ට හොල්මන් බන් සමහර වෙලාවට.

      Delete
  44. This comment has been removed by the author.

    ReplyDelete
  45. හ්ම්.. උඩ ඉඳලා පල්ලෙහාටම කියවගෙන ආවා. සින්ග්ලිශ් වලින් හරි විජේසේකරෙන් හරි ටයිප් කරගෙන බොග දාගත්ත කියමුකො.. මට තියෙන පුරස්නෙ ඕක නෙමෙයි.. ඉස්කෝල පොත පාවිච්චිකරල බොග දාගත්ත්ම වින්ඩෝස් 7 තියෙන ඕන එකෙක්ට ලොග් වෙලා දාපු බොග කියවගන්න නම් පුලුවන්..මොකද මන් දන්න තරමට වින්ඩෝස් 7 වලට සිස්ටම් ෆොන්ට් එකක් විදියටම ඉස්කෝල පොත එනවා..අයෙ පිටින් ඉන්ස්ටෝල් කරන්න දෙයක් නැ. එත් වින්ඩෝස් XP වල කිසිම සින්හල ෆොන්ට් එකක් එන්නෙ නැ. එතකොට අපිට අනිවා මේක ඉන්ස්ටෝල් කරගන්නා වෙනවා. එතකොට මේ ෆොන්ට් නැති එකෙක්ට බොග කියවන්න බැරි වෙනවා.. මේකට විසදුමක් දන්නවද කවුරු හරි.. දන්නවනම් කවුරුහරි කියල දෙනවද? ඕක ගැන හොයන්න සැරිසරන කොට හම්බුන SETT BHASHA DECO කියල එකක්. http://settdeco.bhasha.lk/index.php. ඒකෙ කියන විදියට ඒකෙ CODES බොගේ HTML විදියට දාගත්තම සින්හල ඇති නැති ඕන COMPUTER එකකින් කියවන්න පුලුවන්ලු. ඒත් ඒක එහෙම වැඩකරන්නෙ නැහැ. Google ADsens වලට aplication දැම්මම උන් කියනව unsupported language කියල. Pls help me….

    ReplyDelete
    Replies
    1. //ඒත් ඒක එහෙම වැඩකරන්නෙ නැහැ// මං දන්නා තරමින් නම් ඕක වැඩ කරනවා මනෝෂ්.. පේජ් එක සම්පුර්ණයෙන්ම ලෝඩ් වෙලා ඉවර වෙන්න ඕන. එතකොටයි සිංහල පෙන්වන්නේ. සෙට් ඩෙකෝ ඒකෙ එතකොට එන්නේ, "ඔබගේ පරිගණකයේ සිංහල ස්ථාපනය කර නොමැත.. සිංහල ගන්න" කියලයි.

      Delete
    2. Thanks macho.. ඒකියන්නෙ චන්දන com එකේ සින්හල නොතිබුනත් මේක දාගත්තම සින්හල පෙන්නනවද? ඊට අමතරව අදාල machine එකේ සින්හල නැහැ කියලත් පෙන්නනවද? එතකොට google එකෙන් unsupported language කියල කියන්නෙ ඇයිද කියල හිතාගන්න බැහැ. දන්නවන්ම් හදාගන්න විදිය කියල දෙනවද?

      Delete
    3. //ඒකියන්නෙ චන්දන com එකේ සින්හල නොතිබුනත් මේක දාගත්තම සින්හල පෙන්නනවද?// නෑ නෑ. අපේ මැෂින් ඒකෙ සිංහල නොතිබුනත්, අපි යන සිංහල සයිට් එකට මේක දාල තියනවා නම් අකුරු හරියට පෙන්වනවා. සයිට් ඒකෙ සිංහල තියන්න ඕන. ඕකෙන් වෙන්නේ ඒ ලෝගෝ එක මගින් අපි යන සයිට් ඒකේ තියන අකුරු හඳුනා ගෙන ඒවා රූපමය තත්වයකට පත් කරන එක වෙන්න ඕන. (හරියටම දන්නේ නෑ ක්‍රියාවලිය මොකක්ද කියල නම්)

      මැෂින් ඒකෙ සිංහල නැත්නම් ඔය සෙට් ඩෙකෝ ලෝගෝ ඒකෙ පාට වෙනස් වෙලා, ඒකෙ තියන පණිවිඩයත් වෙනස් වෙලා පෙන්වනවා. එහෙම සිංහල නෑ කියල ආවොත් ඒ ලෝගෝ එක උඩ ක්ලික් කරලා සිංහල ගන්නත් පුළුවන් නෙ.

      ගුගල් කතන්දරේ නම් දන්නේ නෑ. ඒකට උදව්වක් ගන්න පුළුවන් වෙයි geek.lk එකෙන් ඇහුව නම්. ඒ වාගේ තවත් අඩවි තියනවා තාක්ෂණික සාකච්චා යන. රෙජිස්ටර් වෙන්න ඕනේ මුලින්ම. Google ADsens ගැන නම් ගොඩක් සාකච්ඡා තිබුන ගීක් ඒකෙ.

      Delete
    4. දැන් නම් සිද්දිය හරියටම තේරුන මචෝ. Thank you so much Chandana. Adsense වල මට තියෙන ලොකුම අවුල දාන දාන සැරේ උන් reject කරනවා unsupported language කියලා.
      http://masandumal.blogspot.com/

      Delete
  46. මම නම් එදා ඉඳලම පාවිච්චි කරන්නේ ගූගල් ඉන්පුට් ටූල් එක එක ඒක ලේසියි

    ReplyDelete
  47. වෘත්තියෙන් ඩිසයිනරයෙක් හින්දා....සම්මත ක්‍රමයට සිංහල ටයිප් කරන එක මට නම් කජු කනවා වගේ වැඩක්...එතරම් වේගයෙන් ටයිප් කරන්න පුලුවන් වසර ගානක අත්දැකීම් නිසා...එහෙත් බොහෝ අය මගෙන් අහන ගැටලුව තමයි සිංහල ටයිප් කරන්නෙ කොහොමද කියලා...ඒ අයට ඉතිං හුරුවක් නැති නිසා මමත් හැම විටම යවන්නෙ සිංග්ලිෂ් ක්‍රමය.. සොෆ්ට්වෙයාර් ඇතුලෙදි යුනිකෝඩ් වලින් ටයිප් කරන්න හැකි වුවත් එය ෆොන්ට් දෙක තුනකට පමණක් සීමා වන නිසා...සිංහල ෆොන්ට් වලින් වැඩක් ගන්න නම්...යුනිකෝඩ් අතහැර කී මෑන් වැනි තවත් ආධාරක මෘදුකාංගයක් සමගයි සිංහල ෆොන්ට් භාවිතා කල යුතු වන්නේ....මේ ආකාර දෙකේදී රු යන්න ප්‍ර වැනි අකුරු වල ඇළපිලි සහ පාපිලි යොදන ආකාරය දෙවිදියක්...

    ReplyDelete
  48. This comment has been removed by the author.

    ReplyDelete