Tuesday, January 7, 2014

ෂර්ලොක් හෝම්ස් අවසාන පරීක්ෂණය! The Final Investigation of SHERLOCK HOLMES

මේ බොහෝ දෙනෙකු නොදන්නා ෂර්ලොක් හෝම්ස්ගේ අවසන් පරීක්ෂණයයි. වසර ගනනාවක් පුරා ප්‍රසිද්ධියට පත් නොවූ මෙම කතාන්දරය ප්‍රසිද්ධ කිරීමට හෝම්ස්ගේ අවසරය ලැබුනද දොස්තර වොට්සන්ට එය කිසිදා කල නොහැකි විය. මේ එහි සම්පූර්ණ අසංක්ෂිප්ත පරිවර්ථනයයි.
-රාජ්

---------------------------------------------------------------------------------

රෝගීන් කිහිපදෙනාගේ වගකීම හිතවත් ආතර්ට පැවරූ මා හෝම්ස් බැලීමට බේකර් වීථියට පැමිණියෙමි. මේ වනවිට රහස් පරීක්ෂණ වලින් විශ්‍රාම ගිය වීරයා ශීත සෘතුවේ සුරුට්ටුවක් උරමින් සිටිනවා යුතුය. අස්රියකරුට පැන්ස දෙකක් දිගුකල මා හෝම්ස් හමුවීමට වේගයෙන් තරප්පු පෙළ නැඟ දොරට තට්ටු කලෙමි.

"ඇතුලට එන්න වොට්සන්, අගුල දාල නෑ" සිතූ ලෙසම සුරුට්ටුවක් උරමින් සිටි හෝම්ස් හාන්සි පුටුවෙන් නැඟී සිටියේය.

"සුභ උදෑසනක් මිත්‍රයා"

"හෝම්ස්, පැමිණියේ මා බව ඔබ දැනගත්තෙ කොහොමද?"

"ඔබ පැමිණියේ පීටර්සන්ගෙ අශ්ව කරත්තයෙන් නේද?"

"ඔව්, ඒත්......"

"මේකයි, ස්ටේෂන් එකේ තියන අශ්ව කරත්ත වලින් පීටර්සන්ගෙ අශ්වයගෙ සීනුව ටිකක් වෙනස්, ඒක හඳුනගන්න පුළුවන් ලේසියෙන්ම, නෝර්විච් පැත්තෙ ඉඳල එන කෝච්චියෙන් බහින කෙනෙකුට ඉස්සෙල්ලම මුනගැහෙන්නෙත් පීටර්සන්,..... ඔන්න නෝර්විච් පැත්තෙ ඉඳල කෝච්චියෙ ආපු කෙනෙක්, පීටර්සන්ගෙ අශ්ව කරත්තයෙන්, පෙර දැනුම්දීමකින් තොරව මාව මුනගැහෙන්න හිතාගෙන උදෙන්ම තරප්පු පෙළ නඟිනව, සපත්තුවෙ ශබ්දය අනුව නං මහත්මයෙක්, රහස් පරීක්ෂණ වැඩ වලින් විශ්‍රාම ගිය නිසා අමුත්තෙක් වෙන්නත් බෑ, වොට්සන්-මගේ මිත්‍රය- කාලෙකින් මං මුනගැහෙන්න ආවෙත් නෑ, ඉතිං මට තියන විකල්පය නිවැරදි වෙන්න සෑහෙන්න ඉඩ තියනව"

"හහ් හහ් හහ්.... පරීක්ෂණවලින් විශ්‍රාම ගත්තට හෝම්ස්ගෙ හැකියාව නං එහෙමමයි"

"වොට්සන්, අපි කෑම කන ගමන් කතා කරමු! හඩ්සන් නෝන කෑම ලැහැස්ති කරල ඇති"

"හෝම්ස් ඔබේ අන්තිම පරීක්ෂණය ලියන්න අවසර දෙන්නෙ කවද්ද?"

"වොට්සන් කැමති නම් ලියන්න, ඒත් ඒ ගැන මොනව ලියන්නද? .........කමක් නෑ වොට්සන්ගෙ කැමැත්තක්!"

---------------------------------------------------------------------------------

ඒ පසුගිය ශීත සෘතුවයි. හෝම්ස් සහ මා ශ්‍රී ලංකාවට පැමිණියේ පරීක්ෂණයක් සඳහා නොව විවේකය ගතකිරීමේ අරමුණිනි. ඇත්ත වශයෙන් කිවහොත් රහස් පරීක්ෂණයක් සඳහා මිස සංචාරයට එතරම් ප්‍රිය මනාප නොවන හෝම්ස්ගේ මෙම සංචාරක ගමන පුදුම සහගතය. ශ්‍රී ලංකාව පිළිබඳ ලිපි සහ පොත්පත් කිහිපයක් කියවීමෙන් ගමනට අවශ්‍ය අඩිතාලම දැමිනි. ශ්‍රී ලංකාවේදී යම් රහස් පරීක්ෂණ කටයුත්තක් කිරීමේ ආශාවද තිබෙන්නට ඇත.

අප ගුවන් මඟින් ලංකාවට පැමිණ කොළඹ හෝටලයක නවාතැන් ගතිමු. හෝම්ස් හා මා සතියක පමණ කාලයක් සංචාරය කල අතර පුවත්පත් වල තිබූ සොරකම් ඝාතන ආදිය ගැන හෝම්ස්ගේ උනන්දුව පෙර පරිදිම විය. මේ අතර ලංකාවේ උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ ආරාධනා කිහිපයකට සහභාගී වීමටද අපට අවස්ථාව ලැබිනි.

"වොට්සන්, මෙහේ අපරාධ එච්චර සංකීර්ණ නෑ, නමුත් අපරාධකරුවන්ගේ ජාලය හරිම සංකීර්ණයි, විසඳීම අපහසුයි"

"ඒ කියන්නෙ හෝම්ස්?...."

"වොට්සන්ට මතක ඇතිනේ මොරියාටි, මොරියාටි නීතියෙන් කොටුකරගන්න අවුරුදු ගානක් ගියා. ඔහුගේ සිවිල් බලයත්, ඔහු වටා සිටි අපරාධකරුවන් අධික සංඛ්‍යාවත් නිසා කෙලින්ම ඔහු හසුකරගැනීම දුෂ්කර උනා. අන්තිමට ඔහු දිය ඇල්ලෙන් තල්ලු කරල දාන්නයි මට සිදුවුනේ"

"සර් ඔබතුමා මුනගැහෙන්න කෙනෙක් ඇවිල්ල ඉන්නව"

හෝටල් සේවකයෙකු අමුත්තෙකු කැඳවාගෙන පැමිණි අතර තවත් අපරාධ පරීක්ෂණයක ලකුණු ඉවෙන් මෙන් මට දැනෙන්නට විය. පැමිණි අමුත්තා අනාරාධිතවම කතා කිරීමට විය,

"හෝම්ස් මහත්තයා ඔබතුමා මේ උදව්ව කරන්නම ඕන.... මෙහේ පොලිසියට කියල වැඩක් නෑ..... උං&%*&*^ ......"

"හරි ඉලන්දාරියා....... මෙහෙන් වාඩි වෙන්න.... කියන්න ඔබේ ප්‍රශ්නය මුල ඉඳල" පැමිණ සිටියේ තරුණයෙකි. ඔහුගේ වයස විසි පහක් තිහක් පමණ වෙතැයි සිතිය හැකි විය.

"හෝම්ස් මහත්තයා දවස් දෙකකට ඉස්සෙල්ල මගේ තාත්ත මැරුව.... පොලිසියෙන් මොකුත් කරල නෑ මේ වෙනකල්....."

"බොහොම කණගාටුයි මහත්මයා...... කවුද ඔබේ පියාගේ ඝාතකයා.... කතාව මුල ඉඳල කියන්න"

"මගේ තාත්ත ව්‍යාපාරිකයෙක්. අමාරුවෙන් දියුණු වුන කෙනෙක්. අපේ නගරෙ ඔය තත්වෙට දියුණු උනේ තාත්තගෙ ව්‍යාපාර නිසා.... මෑතක ඉඳල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්න කල්ලියක් බිහිවුනා. හැම කෙනෙක්ම කප්පම් දීල තමයි පන බේරගෙන හිටියෙ. තාත්ත ව්‍යාපාර වලින් කප්පම් ගෙව්වෙ නැති නිසයි එයාට මැරෙන්න සිදුවුනේ............................................................................................................................................................................................................"

"කවුද කප්පම් ගන්නෙ?"

"ගොක්කොල සිරී! (see the link) ඌ තමයි මෙහේ පාතාල නායකය!"

---------------------------------------------------------------------------------

එදිනම අප පිටත් වූයේ මිනීමැරුම සිදුවූ ස්ථානයටය. පුදුමයකට මෙන්, ඝාතනය සිදුවීමෙන් ගතවී තිබුනේ දින දෙකක් පමණක් වුවද අපරාධයක් සිදුවූ ස්ථානයක් යැයි කිව නොහැකි තරම් සාමාන්‍ය තත්වයට පත්වී තිබුනි.

"මෙතන විනාශ කරල වොට්සන්, මම හිතන්නෙ නෑ අපිට වැදගත් තොරතුරක් හොයාගන්න පුළුවන් වේවි කියල!" හාත්පස බලමින් හෝම්ස් පැවසීය. මේ සමඟම හෝම්ස්ගේ ඉල්ලීම පරිදි, ප්‍රදේශය අයත් පොලිස් ස්ථානයෙන් එවන ලද නිලධාරීන් දෙදෙනාද පැමිණියහ.

"සර්, මම සාජන් පෙරේර! මේ පීසී ගුණතිලක! අපේ සර් තමයි එව්වෙ, ඔබතුමාට ඕන උදව්වක් කියන්න....."

"හ්ම්....... පෙරේරා..... ඇයි මෙතන මිනීමැරුමක් වෙලත් ලේ පාරක්වත් නැත්තෙ?" හෝම්ස් විමසීය. එකෙනෙහිම පිළිතුරු ලැබුනේ ගුණතිලකගෙනි,

"සර්,.... පැය දෙකක් විතර ගියාට පස්සෙ ඔතන හෝදල දැම්ම! ඒකයි....."

"මොනව! හේදුව? ඔහේලට පිස්සුද? අපරාධයක් වෙච්ච ස්ථානයක තියන සාක්ෂි හෝඩුවාවල් ඔක්කොම විනාශ වෙනවනෙ මනුස්සයෝ!" හෝම්ස්ගේ කටහ‍ඬෙහි තිබුනේ කෝපයකි.

"ඕක මොකද්ද සර්, ජනාධිපති කෙනෙක් පාර මැද්දෙ මරල දාපු වෙලාවෙත් හෝදන්න කලින් තිබුනෙ පැය බාගයයි සර්!"

"මෙහෙමත් බූරුවො!" මට කියවුනේ මවුබසින් වීම භාග්‍යකි! ස්ථානීය පරීක්ෂාව අත්හැර දැමූ හෝම්ස් අවට ප්‍රදේශය පරීක්ෂා කිරීමට විය.

"ධනවර්ධන මුදලාලි වාහනෙන් බහිනකොටම තමයි බයික් එකේ ආපු, මූන වහගත් දෙන්න වෙඩිතියල තියෙන්නෙ.... නමුත් කවුරුහරි කෙනෙක් ඔත්තුවක් දෙන්න ඇති වොට්සන්!"

"හරි! මේ තියෙන්නෙ තැන.... මෙතන කිහිප දෙනෙක් ඉඳල තියනව.... මේ තියෙන්නෙ එයාල බීපු සිගරට් කොට.....බීපු ප්‍රමාණය අනුව නම් සෑහෙන්න වෙලාවක් ඔත්තුකාරය මෙතන ඉඳල තියනව වොට්සන්...." එහෙත් ලාංකීය නිලධාරියා බාධා කලේය,

"සර්.... මේ හරියෙ ඉන්න කොල්ලො කුරුට්ටො අන්න අර කඩෙන් ගන්න සිගරට් බොන්නෙ මෙතන.... ඒකයි මෙච්චර සිගරට් කොට තියෙන්නෙ..... නැතුව ඔත්තුකාරයගෙ වැඩක් වෙන්න බෑ.... නේද සර්?"

"ඒක එහෙම නං ඒ පැත්ත ගැන වෙහෙසෙන එකත් වැඩක් නෑ වොට්සන්"

"ඔව් සර්..... ලංකාවෙ හැටි ඔහොම තමයි.... අනෙක ඔතන තාප්පෙ ගහල තියෙන්නෙ දුම්බීම තහණම් කියල..... ඒ තැන්වල තමයි සිගරට් බොන්නෙ....."

"හ්ම්! "

පොලිස් නිලධාරීන් දෙදෙනා පිටත්කල හෝම්ස් මා කැටුව "සිගරට්" කඩයට පැමිණියෙමි.

"අපි බලමු වොට්සන් මෙතනින් හෝඩුවාවක් හොයාගන්න පුළුවන්ද කියල!"

එහෙත් අවසානයේ එයද අසාර්ථක විය. හේතුව කිසිවෙකු ගොක්කොල සිරීට විරුද්ධව කිසිවක් නොපැවසීම බැව් සිතාගැනීම අපහසු නොවීය. අප නැවතත් හෝටලයට පැමිණියෙමු. සවස් කාලයේ යලිත් අමුත්තෙකු පැමිණ ඇති බැව් සේවකයා විසින් දන්වන ලදී,

"වයසක ගෑණු කෙනෙක් සර්.... යන්න කියන්නද?" සේවකයා විමසීය.

"එපා එවන්න,...... බලමු වොට්සන් ඒ ගමන මොකද වෙන්නෙ කියල!"

පර්දාවකින් වසාගත් හිස පහතට නැඹුරු කරගත් ඕ යන්තමින් හිස එසවීය, පුදුමයකි! ඇය රූමත් තරුණියකි.....

"හෝම්ස් මහත්තයා.... කරුණාකර ඔබතුමා කරන පරීක්ෂණය වහාම නවත්වන්න..... රහස් පරීක්ෂණ කරන්න ලංකාව හොඳ රටක් නෙවේ.... අන්තිමට ඔබතුමත් අපරාධකාරයෙක් වෙන්න පුළුවන්.... නැත්තං දෑත් ශක්තිමත් කරන්න යන්නත් පුළුවන්.....මම යනව මෙන්න මගේ කාඩ් එක!"

"මේ මොකද වෙන්නෙ වොට්සන්! එක අතකට ඒ කාන්තාව කියපු කතාව ඇත්ත කියලත් මට හිතෙනව, හැබෑටම බලන්න ඔය කාඩ්පත, ඇයගේ නමවත් බලාගන්න!" මා කාඩ්පත බැලීමි,

"නදීෂා හේමමාලි" යනුවෙන් නමක්ද ලිපිනයක්ද දුරකතන අංකයක්ද එහි විය.

"වොට්සන්, මේ ගොක්කොල සිරී කියන පාතාල නායකයට සෑහෙන්න සම්බන්ධකම් ඇති! ඒකයි අපිට අනතුරු ඇඟවීමක් ලැබුනෙ.... දැන් මේ ගැන මගේ උනන්දුව එන්න එන්නම වැඩි වෙනව වොට්සන්. අපි හෙට ආයෙත් යන්න ඕන මරණය සිදුවූ ස්ථානයට"

---------------------------------------------------------------------------------

පසුදින උදෑසන ආහාරය සඳහා පිටත් වීමට මත්තෙන් හෝටල් සේවකයා විසින් කාමරයට ගෙනදුන් පුවත්පත් පෙරලමින් සිටියේ හෝම්ස් සූදානම්වන තෙක්ය. එක්තරා පුවතකට මගේ අවධානය යොමුවිය,

"හෝම්ස් මෙන්න ඔබට වැදගත් ප්‍රවෘත්තියක්! පොලිස් නිලධාරියෙකුගේ ඝාතනයක්! සැකකරුව ගොක්කොල සිරී!" බාගෙට අඳිමින් සිටි හෝම්ස් ක්ෂණිකව පැමිණියේය.

"කියවන්න වොට්සන්....."

පොලිස් නිලධාරියෙකු ඝාතනය කරයි!
"වැල්ලවත්ත පොලිසියේ සේවය කල පොලිස් සැරයන් පියතිලක මහතා ඊයේ රාත්‍රී නිවසේ සිටියදී කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇත....ඝාතකයා ගොක්කොල සිරී බව සැක කරන...."

"ඇති වොට්සන්.... අපි දැන්ම යමු..... තාම ගෙදර හෝදන්න නැතුව ඇති"

පැය භාගයක් ඇතුලත හෝම්සුත් මමත් පොලිස් නිලධාරියාගේ නිවසට ලඟාවිය. හෝම්ස්ගේ නම, ඒ වනවිටත් පොලිස් ආරක්ෂාව යොදා තිබූ නිවසට ඇතුළු වීමට තරම් බලවත් විය. විශාල වශයෙන් පැමිණ සිටි රූපවාහිනී මාධ්‍යවේදීන්, හඬමින් සිටි පොලිස් නිලධාරියාගේ භාර්යාව සහ දරුවන්ගේ විස්තර ලබාගැනීමට උත්සාහ කිරීම නිසා ඔවුන් සමඟ කතාබහ කිරීමේ අවකාශය මඟහැරිනි. කෙසේ වෙතත් පැයක පමණ පරීක්ෂණ කටයුතු වලින් පසු හෝම්ස් සෑහීමකට පත්වූ අයුරක් දිස්විය.

"වොට්සන් අපි යමු. සමහර විට උදේ ආහාරය තාම ඇති!"

එන ගමනේදීද කිසිවක් නොපැවසූ හෝම්ස් නිහඬව ආහාර ගත්තේය. කාමරයට පැමිණ සුරුට්ටුවක් දල්වාගත් හෝම්ස් ඉන් අඩක් පමණ අවසන් කර කටහඬ අවධි කලේය.

"වොට්සන්, ගොක්කොල සිරී අල්ලගන්න තරම් සාක්ෂි මට තියනව කියලයි හිතෙන්නෙ....බලමු! ලංකාවෙ පොලීසියට මොකද කරන්න පුළුවන් කියල! හෙට හවස අපි යනව ගොක්කොල සිරි අල්ලන්න!"

එදින සන්ධ්‍යා භාගයේ චිත්‍රපටයක් නැරඹු අප කාමරයට පැමිණෙන විට රාත්‍රී දහය පමණ විය. ඒ සමඟම කාමරයට පැමිණි හෝටල් සේවකයා යම් පාර්සලයක් හෝම්ස් වෙත දිගු කලේය.

"සර්, පොලීසියෙ මහත්තයෙක් ඇවිල්ල මේක හෝම්ස් මහත්තයට ‍දෙන්න කිව්ව" පාර්සලය හෝම්ස්ට දුන් සේවකයා පිටත් විය.

"වොට්සන්, ලංකාවෙ අපරාධ සිද්ධි සම්බන්ධ පුවත්පත් වාර්තා ටිකක් ලබාදෙන්න කියල මම අර පොලිස් අධිකාරී කෝන්ගොඩ වික්‍රමපාල මහත්තයට කිව්වනෙ.... අන්න ඒ ටික තමයි මේ.... වොට්සන් නිදාගන්න.... මම මේ ටික කියවන්න ඕන...."

"එහෙනං සුභ රාත්‍රියක් හෝම්ස්"

"සුභ රාත්‍රියක් මිත්‍රයා"

---------------------------------------------------------------------------------

පසුදින අවදිවූ මා හෝම්ස්ට කලින් සූදානම් වීමට සිතුවද ඒ වනවිටත් හෝම්ස් කලබලයෙන් මෙන් ලැහැස්ති වෙමින් සිටියේය.

"වොට්සන් ඉක්මන් කරන්න.... පරක්කු වෙන්න වෙලාවක් නෑ.... දැන්ම ගියොත් විතරයි අපිට ගොක්කොල සිරී පන පිටින් අල්ලගන්න පුළුවන් වෙන්නෙ...." කඩිනමින් සූදානම් වූ මා හෝම්ස් සමඟ ටැක්සියක නැඟගත්තෙමි.

"ඇයි හෝම්ස්? ඔබ කලින් කිව්වෙ හවස යනව කියල නේද?"

"ඔව් වොට්සන්..... නමුත් ඊයෙ රෑ තුන වෙනකල් අර පත්තර වාර්තා කියවපු මට තේරුනා ගොක්කොල සිරි අල්ලගන්නව නං උදේම යායුතුයි කියල.... නැත්තං අපි පරක්කු වැඩි වෙන්න පුළුවන්!..... වොට්සන්ට මතක ඇති අපි වෙනදට මෙහෙම කඩිනමින් යන්නෙ අපරාධ කාරයෙකුගෙන් අහිංසකයෙක් ‍බේරගන්න..... අද යන්නෙ අපරාධ කාරයෙක් ඊට වඩා අපරාධ කාරයෙකුගෙන් බේරගන්න......"

"ඒ කිව්වෙ හෝම්ස්?"

"යමුකො..... ඩ්‍රයිවර් මහත්තා ටිකක් ඉක්මන් කරන්න"

අප ගොක්කොල සිරිගේ නිවසට යන විට එහි සෙනඟ ටික දෙනෙකු රැස්වී සිටියේය.

"වොට්සන් අපි පරක්කු වැඩියි....."

"ඇයි හෝම්ස් මොකද වෙලා තියෙන්නෙ මට මොකුත් තේරෙන්නෙ නෑ"

"ආපහු යමු වොට්සන්..... කෙලින්ම හෝටලයට....එතනින් එංගලන්තයට......!"

---------------------------------------------------------------------------------

හෝටලයට පැමිණ ලැහැස්ති වූ අප ලන්ඩන් බලා පියාසර කරන ගුවන් යානයට ගොඩවී අසුන්ගන්නා තෙක් හෝම්ස් සිටියේ නිහඬවය.

"වොට්සන්.... මම තීරණය කලා රහස් පරීක්ෂණ කටයුතු වලින් විශ්‍රාම ගන්න!"

"මොනව.....!" මට කියාගතහැකි වූයේ එපමණය. වසර ගනනාවක් තිස්සේ දිවා රෑ නොබලා හෝම්ස් සමඟ කල පරීක්ෂණ සිතුවම් පටයක් සේ මගේ මනසෙහි ඇ‍ඳෙන්නට විය. එහෙත් රහස් පරීක්ෂණ නැවැත්වීමට තරම් කලකිරීමක් ඇතිවීමට තරම් සිත් වේදනාවක් හෝම්ස්ට ඇතිවීම මවිතයට හේතුවිය.

"ලෝකයේ එක පැත්තක මේ වගේ දේවල් සිදුවෙද්දි එංගලන්තෙ ඉඳගෙන රහස් පරීක්ෂණ කටයුතු කරන්නත් මට එපාවුනා වොට්සන්..... එදා ගොක්කොල සිරී අත්අඩංගුවට ගන්න තරම් ප්‍රබල සාක්ෂි මම පොලිස් නිලධාරියාගේ නිවසින් සොයාගත්ත.... නමුත් අර පත්තර වාර්තා වල හැටියට නං මේ වෙද්දි ගොක්කොල සිරී ජීවතුන් අතර නෑ!"

---------------------------------------------------------------------------------

බේකර් වීථියේ නවාතැනට පැමිණි අප ගමන් විඩාව මඟහැරෙන තෙක් නිඳාගතිමු! පසුදින උදෑසනින් අවදි වූ හෝම්ස් ළමයෙකුට පැන්ස දෙකක් දී ලංකාවේ පුවත්පත් කිහිපයක් ගෙන්වාගත්තේය.

"බලන්න වොට්සන්.... මගේ අනුමානය හරියට හරි! බලන්න මේ ප්‍රවෘත්තිය"

"දින දෙකකට පෙර වැල්ලවත්ත පොලිස් නිලධාරී ඝාතනයේ සැකකරු වූ සෙත්සිරිගම සිරිමල් හෙවත් ගොක්කොල සිරී ඊයේ පොලිස් වෙඩි පහරින් මියගියේය. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහු ආයුධ කිහිපයක් සඟවා තිබූ ස්ථානයක් පෙන්වීමට ගොස්, එහි තිබූ තුවක්කුවක් රැගෙන පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තැබූ අවස්ථාවේ ආත්මාරක්ෂාව සඳහා පොලිසිය තැබූ වෙඩි පහරින් තුවාල ලබා කොලඹ මහ රෝහලේදී මියගියේය. සිද්ධියෙන් කම්පණයට පත් පොලිස් නිලධාරියෙකුද මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබයි. මේ අතර ගොක්කොල සිරී මියයාම හේතුවෙන් ඔහු නිසා පීඩාවට පත්වූ ගම්වැසියන් මාර්ගය පුරා රැස්වී කිරිබත් පිස කමින් ප්‍රීති වන අයුරු දක්නට ලැබීය......."

"වොට්සන් මේ සිදුවීම ලියන්න ඔබට අවසර නෑ!"

---------------------------------------------------------------------------------

"ශ්‍රී ලංකාවෙ සංචාරයෙන් නං හොඳක් උනේ නෑ නේද හෝම්ස්?"

"නැත්තෙත් නෑ.... එදා එද්දි ගෙනාපු කේජී ටිකක් තාම තියනව වොට්සන්!" පයිප්පයට මොනවාදෝ ඇතුළු කරමින් හෝම්ස් කීවේය.

123 comments:

  1. නියම රහස් පරික්ෂක කතාව. ගොක්කොල සිරිගේ සීන් එක මම ලින්ක්කටුව දිගේ ගිහිල්ල බලන්නම ඕන.. නියමෙට නෙලල තියෙනවා. සුපිරියි..හරියටම හෝම්ස්ගේ පරික්ෂණයක් වගේම තමා..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් බලන්නම ඕන ඒ නම් තැබීමේ සිද්ධිය

      Delete
  2. //"ආපහු යමු වොට්සන්..... කෙලින්ම හෝටලයට....එතනින් එංගලන්තයට......!"///
    හොම්ස් ඔය දිව්වේ අපරාධ පරික්ෂණ ගැන කළකිරුණ හින්දවක්වත්,බය වෙච්ච හින්දවත් නෙමේයි....පොරව ජන්ද ගුණ්ඩුවකට ගනී කියලා බයට...
    //කඩිනමින් සූදානම් වූ මා හෝම්ස් සමඟ ටැක්සියක නැඟගත්තෙමි.//
    ඕන්න ඔය වේලේ හොම්ස් දැක්කලූ ලෙමන් පෆ් පුරවපූ ප්‍රඩෝ එකක් හොටලේ ඉස්සරහා නතර කරනවා....
    අයේ මොකටද අධිරාජ්‍යවදී කුමන්තරණකාරයා කියලා අහගන්නේ කියලා හොම්ස්ට හිතුනලූ..

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් පුළුවන් තමයි.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. හෝම්ස් මේකෙන් තේරුම් ගන්න ඕනා ලංකාවෙ අපරාධ හෙලි කරගන්න පුළුවන් ලංකාවෙ පොලීසියට විතරමයි කියන එක. ඒ සඳහා ඔවුන් සතුව ඔවුන්ටම ආවේනික ක්‍රම සහ විධි තියනවා. හෝම්ස්ට හිතා ගන්නවත් බෑ ඒවා ගැන..

    අපූරුයි රාජ්..

    ReplyDelete
    Replies
    1. ඒක හරි. අපිටම ආවේනික ක්‍රම තියෙද්දි....

      Delete
  5. /* "නຬෂ๟ ๧හ๞මම๟ල๢" යන๤๧වන๞ නමක๞ද ල๢ප๢නයක๞ද ຺රකතන අ๜කයක๞ද එහ๢ ໶ය. */


    ඒ ๧ෆ๟න๞ න໦බ໮ එකට ๧ම๟කද ව๤๧න๞ ක๢යලය๢. ๧ව๟ට๟ ๧ක๟๞ල๞ කළ๟ ໳ ද?

    ReplyDelete
    Replies
    1. කකා සෙන්ටිමීටරේ, අඟලට වැඩි වෙලා... :)

      Delete
    2. කකා මේ මොකෑ? ෆෝන් එකෙන් කමෙන්ට් දානකොටද කොහෙද මේ අවුල තියෙන්නෙ

      Delete
    3. මං හිතන්නේ මේක මේ බ්ලොග් එකේ තියෙන අර SETT බ්‍රව්සර ඇඩ්-ඕන් එක නිසා වෙන දෙයක්.


      Delete
    4. KAKKA MACHO, UMBA CHOO, PADA, JEE, JOKKU GENA LIYA LIYA INDALA DAN KUNU HARUPA COMMENTS DANAWADA, KATHAI MACHO.

      Delete
    5. sett අයින් කරල බලමු!

      Delete
  6. මම කියවපු ලස්සනම ෂර්ලොක් ගේ පරීක්ෂණය... :D
    නදීෂාත් කොහොම හරි ෂර්ලොක්ව දැකගත්තානේ :)

    //නෝන කෑම ලැහැස්ති කරල ඇති"//
    දන්න තරමින් ෂර්ලොක් බැඳලා හිටියේ නෑ.

    //"ඇති වොට්සන්.... අපි දැන්ම යමු..... තාම ගෙදර හෝදන්න නැතුව ඇති"// :D :D

    Congratulations!! Wishing you all the best Watson… :)

    ReplyDelete
    Replies
    1. අන්න මිස්ටේක් එකක් පොඩ්ඩිට අහුවුනා!
      මේක ලියාගෙන යද්දි බේකර් වීථියෙ හෝම්ස්ගෙ නවාතැනේ අයිතිකාර නෝන අමතක උනා.(තාමත් අමතකයි). ඒක හොයල දාන්න හිතාගෙනයි හිස්තැන තිබ්බෙ. කොහොම නමුත් ඒක මතක් උනේ දැනුයි. බලමු කාටද ඒ වයසක මනුස්සයගෙ නම මතක තියෙන්නෙ කියල

      Delete
    2. මම හිතුවෙ රාජ් ඒ අහින්සකයට ගෑණු පරාණයක් හොයලා දීලා කියලා.. හෙහ් හෙහ්...

      Delete
    3. එක වර්ෂන් එකක තියනවා ෂර්ලොක් හෝම්ස් බඳින කතාවක්...

      Delete
    4. පොඩ්ඩි,
      නම දාන්න ඕන.

      සෙන්නා
      අපි වැටිච්ච අමාරුවෙ කවදාවත් තවත් කෙනෙක් දාන්න හොඳ නෑ!

      තිසර
      ඒක නං අහල නෑ බං.

      Delete
    5. ෂර්ලොක් ඒ බඳින්නෙ චාල්ස් ඔගස්ටස් මිල්වටන්ගෙ ගෙදර ඉන්න වැඩකාර කෙල්ලෙව. ගෙදරට හොරෙන් පනින්න පාර බලා ගන්නයි බඳින්නෙ.

      Delete
    6. කකාගේ ටින් ටින් තියරි වලට අනුව නම් හෝම්ස් ගේ, වොට්සන් බයි.

      Delete
    7. බස්සි,
      ඒ කතන්දරය නං කියවල නෑ!

      ඇනෝ
      :-)

      Delete
  7. පින්ච්පොයින්ට් කතාව මේක අස්සෙම රිංගවා ගන්න තිබ්බනම් හොඳයි....ෂර්ලොක් හෝම්ස් කියවන හැම වෙලාවකම මටත් හිතෙන දෙයක් තමයි ලංකාවේ අපරාධ කාරයෝ මහා මෝඩයෝ කියලා. අර වගේ සාක්කි ඉතුරු කරන්නේ නැතුව අපරාධ කරන එකෙක්න් කවදා හරි වොට්සන් වගේ එකෙකුට පොතක් ලියන්නවත් බැරි වෙනවා

    ReplyDelete
    Replies
    1. මටත් ඒක කල්පනා උනා. නමුත් එහෙම උනොත් දිග තවත් වැඩිවෙන නිසා ලින්ක් එක විතරක් දැම්ම.
      ලංකාවෙ නං අමුතුවෙන් සාක්ෂි ඕන නෑ නෙ. මහ දවල්නෙ ගේම් දෙන්නෙ.

      Delete
  8. අති විශිශ්ටයි හෝල්ම්ස්.

    හෝල්ම්ස් වැඩේට නාමල් ව ලන් කර ගත්තේ නැති එකේ වැරද්ද...

    ඔන්න බලන්න හරියාකාරව ගණ පිහිටලා නම් තිබ්බම සාර්ථකත්වය ස්ථිරයි.

    ReplyDelete
    Replies
    1. බලන්න ඔහේ කරපු විනාසයක තරම. අහිංසකයෙක් මේ තත්වෙට පත් කිරීමේ වගකීම ජේපීට!

      Delete
  9. ශා.. මරු !
    අම්මෝ ලිපියේ දිග.... මම දෙපාරකට කියෙව්වේ. ඔන්න එහෙනං ෂර්ලොක් හෝම්ස් කතාවත් කියවගත්තා !

    ReplyDelete
    Replies
    1. " මම දෙපාරකට කියෙව්වේ."
      යකඩෝ කොල්ලෙක් කියන කතාවක්ද මේ?

      Delete
    2. වැඩ කරන ගමන් නේ කියවන්නේ...

      Delete
  10. එහෙනම් මේකයි ඇත්ත හේතුව SH රහස් පරීක්ශක වෘත්තියෙන් සමු ගන්න :O අපිට සර් කොනන් ඩොයිල් කිව්වෙ වෙන කථාවක්නෙ..

    නියමයි රාජ් අයියේ..(Y)

    ReplyDelete
  11. ශර්ලොක් හෝම්ස් දන්නවා නම් උඹට අපහාස නඩුවක් දානවා මිලියන ගානක් වන්දි ඉල්ලලා..

    මක්කා උනත් පට්ට නිර්මාණේ.. රහේ හොඳම එක.. මොළේ ටිකක් අවුල් උනා.. එච්චරයි..

    ReplyDelete
    Replies
    1. මොලේ අවුල් උනානං හරි! එච්චරයි! ඕක හොඳට තිබුනොත් තමා අවුල

      Delete
  12. ශර්ලොක් හෝම්ස් ගෙ පරීක්ෂණ පොත් ( සිංහල පරිවර්තන ) කියවලා තිබුනත් ඒව හරි නීරසයි.ඉංග්‍රීසි එහෙම පිටින්ම සිංහලට දාල.දැන් මේක නම් පැණි වෑහෙන කතාවක්.හරිම රසවත්.හුඟක් දේවල් කියවිලා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. අපේ ටයිප් එකට මේක ලියල තියෙන්නෙ ඒකයි.

      Delete
    2. ඔහොම ඉඳිං බලන්න......

      Delete
    3. බලපුවම සෙන්නත් මාරම මාරයිනෙ.මම මේක කියවන කොටම ආපු සිතිවිල්ල තමයි ආතර් කොනන් ඩොයිලිල වගෙ මිනිස්සු අපටත් ඉන්නවනෙ කියන එක.ඩීමන් ආනන්දත් අති විශිෂ්ටයෙක්.නමුත් ඔහුටත් නිසි පිළිගැනීමක් ලැබුනෙ නෑ.කොහොමටත් සර්ලොක් හෝම්ස් ආභාෂය සෙන්නගෙ කතාවෙ තියෙනව ඒක ඉතින් වැරැද්දක් නොවෙයි

      Delete
    4. ඩීමන් ආනන්දගෙ පොත් හොදයි හැබැයි පොඩි උන්ට නම් කියවන්න බෑ එව්ව.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ නෑ! නමුත් ඉස්සරහට ඉලැක්ෂන් වැඩ වලට ආවම එයාගෙ අංකෙ හොයාගන්න බැරි වෙන්න බෑ. ප්‍රා ගැන මතක තියාගෙන ඉන්නං.....

      Delete
  14. නදීෂා හේමමාලි දුරකතන අංකය ගෑන post script එකක් නෑද්ද? Mrs. Hudson වගේද එයා?
    Conan Doyle ගේ Holmes බිව්වෙ pipe රාජ්ගේ Holmes බොන්නෙ cigars . Clinton වගේ නේ?

    ReplyDelete
    Replies
    1. //පයිප්පයට මොනවාදෝ ඇතුළු කරමින් හෝම්ස් කීවේය...//
      කියෙව්වෙ නැද්ද ඔක්කොම?

      Delete
    2. "කාමරයට පැමිණ සුරුට්ටුවක් දල්වාගත් හෝම්ස් ඉන් අඩක් පමණ අවසන් කර "
      Raaj කෑමති නදීෂාට ද Monica ට ද?

      Delete
    3. එහෙම පැටලිල්ලකුත් තියනව නේන්නං.....
      එකෙන්ම නදීෂට! නදීෂ අපිට අපි නදීෂට

      Delete
    4. ඒ ඇත්ති මේකට ගෑවුණේ කොහොමෙයි රාජ් ?

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. //පයිප්පයට මොනවාදෝ ඇතුළු කරමින් හෝම්ස් කීවේය...//
      Holmes තනමල්විලත් නිරීක්ශනයට ගියාද?

      කතාවල Holmes ඈත්තටම morphine user කෙනෙක්

      Delete
    7. ප්‍රා
      මෝෆීන් ගන්න නිසා තමයි කේජී කෑල්ලක් දුන්නෙ.

      Delete
  15. :v මාර කතාව.....
    නෙලල තියෙනව හතර වටේට......
    කොහොම වුණත් හෝම්ස් ට නම් බෑ ලංකාවේ අපරාධ විසදන්න......

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්! ඇතිතටම හෝම්ස් ආවත් මෙහේ කේස් විසඳන්න බෑ.

      Delete
  16. සර් ආතර් කොනන් ඩොයිල්ට ඉරිසියා හිතෙන විදියට උම ලියලා තියනවා රාජ්. මෙන්න දැම්මා පහක්!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මචෝ... මටත් මේක කියන්න හරි වචනයක් නැතිව හිටියේ. යන්නං උඹේ පහනෙන් එළීය බැලුවා

      Delete
    2. තැන්කියු බෝත්.

      Delete
  17. හෝම්ස් කතා කොයි තරම් කියෙව්වත් රාජ් මේක තමයි හොදම කතාව.
    පට්ටම,පට්ට ඈ...

    ReplyDelete
  18. පුහ්හ්හ්හ් ලොවෙත් නැහැ ලෙසටම තියෙනවා ....

    ReplyDelete
    Replies
    1. \\\\\\\\\\"සර්.... මේ හරියෙ ඉන්න කොල්ලො කුරුට්ටො අන්න අර කඩෙන් ගන්න සිගරට් බොන්නෙ මෙතන.... ඒකයි මෙච්චර සිගරට් කොට තියෙන්නෙ..... නැතුව ඔත්තුකාරයගෙ වැඩක් වෙන්න බෑ.... නේද සර්?"\\\\\\\\\

      හෙහ්හ්හ් හෙහ්හ් එංගලන්තේ කැටයම් මෙහෙ කපන්න බැහැ ආයුබෝවන්...

      Delete
  19. හෝම්ස් ගෙ පරීක්ෂණ එංගලන්තෙ ඉන්න දෙකයි පනහෙ අපරාධකාරයින්ට හරිගියාට ලංකාවෙ ඉන්න ගොක්කොල සිරීල වගේ සූක්ෂම මිනී මරුවොත් ඒක්ක ඒ වගේ සෙල්ලං කරන්න බෑ. ඒ අතිං ලංකාවෙ පොලීසිය සී.අයි.ඒ. එකටත් වැඩිය දක්ෂයි.

    හෝම්ස් ආපහු ගියේ නදීෂත් එක්ක නෙමෙයි නේද?

    නියමෙට ලියල තියෙනව රාජ්.

    ReplyDelete
    Replies
    1. නදීෂ එක්කගියේ නෑ. හෝම්ස් කාන්තාවන්ට ඒ හැටි කැමැත්තක් නෑ නෙව.

      Delete
  20. එතකොට රාජ් හොල්ම්ස්ව ලංකාවටත් ගෙන්නුවා

    ReplyDelete
    Replies
    1. යේස්. ඒ විතරක් නෙවේ පරීක්ෂණත් එපා කලා

      Delete
  21. නදීෂාගේ තව දර්ශන කීපයක් තිබ්බ නම් හොඳයි කියල හිතුනා.. කතාව එල... අර ගොක්කොල සිරිට නම දාපු කතාවත් පට්ට.. :D

    ReplyDelete
    Replies
    1. //නදීෂාගේ තව දර්ශන කීපයක් තිබ්බ නම් හොඳයි කියල හිතුනා//
      මේ දවස්වලට ඔබින විදියට ආධුනික චරිතයක් දුන්න එච්චරයි

      Delete
  22. පට්ට පට පට! කී බෝඩ් එක අභාවප්ප්‍රාප්ත වෙලා, නැත්නම් මම මිට වඩා දිග කමෙන්ටුවක් කොටනවා. ශර්ලොක් හෝම්ස් සිරි ලංකනයිසේෂන්! :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ. කීබෝඩ් එකක් ලැබේවා!

      Delete
  23. ඉතාම ඉහල තත්වයේ දේශපාලන ප්‍රහසනයක් රාජ්. බොහොම අගෙයි. විශිෂ්ඨයි. මේකේ පිටපත් අරයටයි, අරයටයි, අරයටයි යවමුද?

    ReplyDelete
    Replies
    1. ඒ දෙන්නට හොඳ පෝස්ටුවක් ලියල තියනව බීට්ල්! මෙන්න
      http://akurublog.blogspot.com/2013/10/84.html

      Delete
  24. ලෑස්ති වෙලා ඉඳින් උඹටත් ශ්‍රීමත් පට්ටමක් ලැබෙයි.

    ReplyDelete
  25. මම හිතන්නෙ ඈ මේ ලංකාවෙ කේස් එකක් කියල. කෝ බන් සාජන් බන්ඩ?

    උඹ සඳරුව අභිභවන දවස ඈතක නෑ. කරුමෙට ලියන්නෙ නැතුව නිසා මිසක් නැත්තං මෙලහකටත් "රාජ්" තමයි රජා...

    ReplyDelete
    Replies
    1. ඔය ලංකාවෙ එවුන්ගෙ නම් දෙකතුන දාන්න සෑහෙන්න කල්පනා කලා බං. නමුත් මතක් වෙන්නෙම සිල්වයි පෙරේරයි විතරයි

      Delete
  26. සයිබරයේ නිතරම ගැවසෙන රාජ් නැමති බ්ලොග් කරුවෙකු අද උදෑසන සුදු වෑන් රියකින් පැමිණ දෑත් ශක්තිමත් කිරීමට රැගෙන ගොස් තිබේ..

    ReplyDelete
    Replies
    1. දෑත් ශක්තිමත් කරන්න නං අවුලක් නෑ

      Delete
  27. සේලොක් හොලම්ස්ල මොකටෙයි බං අපිට?....දන්නවනෙ අපේ තියරිය?..." නෑ..නෑ...බුදු මහත්තයෝ මම හාවෙක්..මම හාවෙක්.." කියල අර වළහා වැඳ වැඳ කියපු කතාව අහල ඇතිනෙ නේද?

    කතාව නම් නියමයි මලේ..අර මැන්ඩිස් ගොයිය ෂර්ලොක් හෝම්ස්ගෙ පරණ පෙට්ටගමක්ද මොකක්ද ඇතුලෙ තිබ්බයි කියල ලියන මල විකාර වලට වඩා දහස් ගුණයක් හොඳයි ඇත්තටම..:)

    ReplyDelete
    Replies
    1. වලහගෙ කතාව දන්නව. ඇයි අර මමියෙ වයස හොයන සීන් එක.
      අගය කිරීමට ස්තුතියි

      Delete
  28. කාලයේ පොඩි නොගැලපෙන ගතියක් තියෙනවා නමුත් කියන්න දෙයක් නැහැ කතාව නියමයි. ඒ කියන්නේ හෝම්ස්ට රහස්පරීක්ෂක කම් එපා කරෙත් අපේ අය්යලා. හොඳ වෙලාවට හෝම්ස්ගේ බැගය රේගුවට අහු වුනේ නැත්තේ එහෙම අහු වුනානම් පසුවදා නිවුස් වල යන්නේ. කේරලයේ සිට ගෙනා ගංජා එංගලන්තයට ගෙන් යාමට තැත්කළ මහලු සුදුජාතිකයෙක් කොටුවේ. සුදුජාතිකයා ට එම පාර්සලය ලබාදීම ලබාදුන්නේයැයි ප්‍රසිද්ද කාන්තාවක් ගැන සැක මතුවේ...

    ReplyDelete
    Replies
    1. කාලයේ නොගැලපීම් ගතිය සැබෑව. නමුත් මම කල්පනා කලේ මන:කල්පිත චරිතයකට ඕනෑ තරම් කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියල.
      "කේජී" කස්ටියට තේරිලා නෑ වගේ. උඹේ පැහැදැලි කිරීම නියමයි.

      Delete
    2. //"කේජී" කස්ටියට තේරිලා නෑ වගේ// ඇල්බන්ට විතරයි දැනට තේරිලා තියෙන්නේ පේන විදියට.

      Delete
    3. රාජ් මම මෙතන දාපු ඇනෝ කමෙන්ට් එක කෝ?

      Delete
    4. ඔය ළමයා මොකක්ද දැම්මේ?මම පොන්නයෙක් කියලද?

      Delete
    5. මෙතන කැකුණ තැලීම සම්පූර්ණයෙන්ම තහනම්. ඒක ස්පෑම් ගොඩේ.

      Delete
  29. නියමයි රාජ් අයියේ.. මම ඉතින් හෝම්ස් මහත්තයගේ ලොකු රසිකයෙක් හන්දා මේක මාරම කැමැත්තෙන් කියෙවුවේ.. ඒ කියන්නේ බලාගෙන යද්දී ලංකාවේ දේවල් විසදන එක හෝම්ස් මහත්තටත් ලේසි නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. උඹේ කතන්දර නැද්ද ලඟදි එන්නෙ?

      Delete
  30. හෝම්ස් මඤ‘ඤං වෙයි බං මෙහෙ සීන් වලට බැස්සම..

    හිටු ගොක්කොල සිරියා ගැන බලල එන්න..

    ReplyDelete
  31. මෙච්චර් රසවත් ෂර්ලොක් හෝම්ස් කතාවක් කලින් කියවලා නැහැ. සාර්ථක නිර්මාණයක්.

    ReplyDelete
  32. මරු රාජ්... තවත් අවසානයක් යෝජනා කරන්න අවසරයි... :)

    හෝම්සුයි වොට්සනුයි යද්දී සිරීට වෙඩි තියලා හැබැයි මැරිලා නෑ... දොස්තර වොට්සන් හෙන ගේමක් දීලා ගොක්කොල සිරීගේ ජීවිතේ බේරගන්නවා... හෝම්ස් පරීක්ශනේ සාර්ථකව විසඳලා සේරම රහස් ටික එළිකරනවා... සිහිය ආවට පස්සේ ගොක්කොල සිරී කියනවා නෑ හෝම්ස් කියන විදියට නෙමේ උනේ ඌම වෙඩිතියාගත්තා කියලා... හෝම්ස් පුක(කුණුහරුපයක් නෙමේ) හපාගෙන මැරෙනවා... මේක තමයි හෝම්ස්ගේ අන්තිම පරීක්ශනය... :D

    ReplyDelete
    Replies
    1. බීටිල් යෝජනා කරන මේ අවසානය බොහොම හොඳයි. මට ඔය කෑල්ල ඔලුවට ආවෙම නෑ.

      Delete
  33. "පිට රට වල ඕවා උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ."

    ඔය වෙන රටක සිද්ධියක්. අධිරාජ්‍ය ගැති පරදේසක්කාර දෙශද්‍රෝහී කුමණ්ත්‍රනයක් නිසා අපේ ආශියා ගෙ ආශ්චර්‍යාගෙ නම ගෑවිලා.

    නියම කතාව රාජ්. මුල් ටික කියවත්දි මම හිතුවෙම අත‍ර් උන්නැගෙ කතාවක් කියලාමයි.

    ReplyDelete
  34. විශ්වගේ කමෙන්ට් එකෙන් පස්සේ තමයි, හෝම්ස්ට පයිප්පයට දාන්න "මල්" හම්බ උන විදිහ දැන ගත්තේ.

    ඇත්තටම අපේ නිලි කෙලිපොඩ්ඩ චන්දෙට මල් බෙදා දෙයිද?

    ReplyDelete
    Replies
    1. ඡන්දෙට මල් කෙසේ වෙතත් ගල් නං බෙදයි.

      Delete
    2. මම ඇනෝ එකක් දැම්මා ඇල්බන් අයියේ.

      Delete
  35. නියමයි රාජ්!!

    මේක කියවපු ස්කොට්ලන්ඩ් යාඩ් බුවෙක් කිව්වා ජනාධිපතිකම දුන්නත් ලංකාවට එන්නේ නැහැ කියලා. හෝම්ස්ට ඔහොම වුනානම් උන් මොක්කුද අහනවා.

    ReplyDelete
  36. Ikmanata engalantheta awa eka hodayi. nattam elaga dawase pattare head line eka tiyeyei " Loka pujitha Sherlock Holmes mahata Lankawedi sudu van ekakin pahara ganiyi " kiyala :)

    RushDi

    ReplyDelete
    Replies
    1. හෝම්ස්ටම එපාවෙලා ගිය එක හොඳට ගියා

      Delete
  37. මරු රාජ්...!
    (හැබැයි පුතෝ ආයෙ එහෙම ලියන්න එපා. චන්දන මෙන්ඩිස් මහත්තයට විශ්‍රාම යන්න වෙයි. පවුනේ...!).

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එච්චර උඩ තියන්න එපා :-)

      Delete
    2. යකෝ මේං වැඩක්! උඹ හිතුවෙ උඩ තිබ්බ කියලද?
      එහෙනම් මං කියනවනෙ කොනන් ඩොයිල් මහත්තය කියල.
      උඩ ගියා නම් වහාම පහලට වරෙං.

      :)

      Delete
  38. kathaawa nam patta, hebei mata ara kiyana linkuwa nam penne naa

    ReplyDelete
    Replies
    1. එතන "ගොක්කොල සිරී! උඩ ක්ලික් කලාම හරි!

      Delete
  39. හිකිස්... මම හිතුවේ දොස්ත‍ර වොට්සන් අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවට වැටෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. යන්තං ඊට කලින් පැනගත්ත

      Delete
    2. /යන්තං ඊට කලින් පැනගත්ත/

      :)

      Delete
  40. අපේ රටේ අපරාධකාරයෝ මැරෙන්නේම හංගපු අවි ආයුධ පෙන්නන්න ගිහිලා තමයි. මේ ලගදි දෙන්නෙක් මාංචු දාගෙන ගගේ පීනන්න ගිහිල්ලත් ගිලිලා මැරුණා ..

    හොල්ම්ස් ගේ කතාවක් කියෙව්වා වගේම තමයි බං සුපිරියි ...

    ReplyDelete
  41. සිරාවටම ආතර් කොනන් ඩොය්ල් (නම මතක විදියට ) ලියපු කතාවක් වගේම තියෙනවා.. පට්ටම පට්ට.. තව නෑද්ද???

    ReplyDelete
  42. සිරා කියන්නෙ සිරා අඩේ ප‍ටේ පට්ට. තවත් ලියන්න.හැබැයි මේව දැක්ක ගමන් ඩොයිල් ලොක්ක කොයිල් වෙලා වලෙන් නැගිටල එනවග මේ කාලෙ ඇත්තටම ෂර්ලොක් හෝම්ස් හිටිය නං මොරියාටි පැන්න දිය ඇල්ලෙන් පහලට පයිනව බුදු ෂුවර්

    ReplyDelete
  43. කියන්න වචන නෑ සිරාවටම පට්ටයි

    ReplyDelete
  44. නියම කතාව :D

    රාජ් මහත්තයා මේක ෆේක් බුකියෙ ගොඩක් අය උස්සල තමන්ගෙ වගේ දාල තිබුනා..

    ReplyDelete
  45. අය්යෝ ලන්කාවට ගිය කලක්. උඹේ කතාවේ කිසිම හරයක් නෑ. උඹට ඇත්ත අහගන්න ඔන නම් උඹ විහිලු කාරයෙක්. ශ්‍රේෂ්ඨයෙක් ගෙ මෙ වගේ කතා වලට අවනම්බු කරන්න එපා. පුලුවන් නම් තමන්ගෙ දෙයක් හදනවා.උඹ මේ වගේ 1000ක් කතා ලිව්වත් ඔච්චර තමා උඹ නිකන්ම නිකන් විහිලු කාරයෙක් විතරායි...

    ReplyDelete
  46. පට්ට බන්. ෙම් වෙග් කතා වැඩි වැඩිෙයන් කියවන්නට ලංකාෙව් බුද්දිමුතුන්ට අවස්ථාව ලැෙබ්වා....

    ReplyDelete
  47. නියම රහස් පරීක්ශක කතාව KT, චන්දන මෙන්ඩිස් ඔච්චර කතා ලියනව, තාම බැරි උනානෙ ලන්කාව සම්බන්ද කරල කතාවක් ලියන්න. උබට පැහැදිලි අනාගතයක් තියෙනව ලිවීම සම්බන්දයෙන්..

    ReplyDelete
  48. සුපිරි ලියවිල්ල බන් . . කියලා වැඩක් නෑ . . .

    ReplyDelete
  49. "ශ්‍රී ලංකාවෙ සංචාරයෙන් නං හොඳක් උනේ නෑ නේද හෝම්ස්?"

    "නැත්තෙත් නෑ.... එදා එද්දි ගෙනාපු කේජී ටිකක් තාම තියනව වොට්සන්!" පයිප්පයට මොනවාදෝ ඇතුළු කරමින් හෝම්ස් කීවේය.

    කේජී .... ඒවට වඩ ලංකාවේ ජොයින්ට් හොදයි කියල කවුරුවත් හෝම්ස් ට කියල නෑනේ

    ReplyDelete
  50. Meta sharlock homes ge poth Danna

    ReplyDelete