Monday, July 14, 2014

සපාකෑම පිළිබඳ රංජියාගේ සම්භාව්‍ය විවරණය

නිවාඩු දවසෙ උදේ පාන්දර ලොකු මාමගෙ කඩේට ගියා. වෙනද වගේම සුපුරුදු සෙට්එක බංකු උඩ. කට්ටිය තාම කතා වෙන්නෙ දයාසිරිය හරීන්ගෙ උරහිස කාපු එක. ලොකුමාමට කියල ප්ලේන්ටියකුත් හදාගත්ත මාත් බංකුවට එන්ටර් උනා.

"ඕං බලපං පුතේ කාලෙකට ඉස්සර නංගියි මල්ලියි වගේ හිටිය එවුන් දැං නයි පොලොංගු වගේ කාගන්නව, තන්හාව තන්හාව බං!" ඒ, සිල්මිදිල එන ගමං බංකුවෙ ඉඳගත්ත ඒබරං සීය.

"මහින්ද මහත්තය නං හිතනව ඇති තමුං හොඳ බල්ලෙක් හදාගත්ත කියල, බුරන්න විතරක් නෙවේ ඔය හපන්නත් පටං අරං තියෙන්නෙ!....හහ් හහ් හහ්....." මහතුං මාමගෙ හිනාව දෝංකාර දුන්න.

"මහින්ද මහත්තය කොච්චර නං බල්ලො හැදුවද, ඔය පැන පැන බුරන්නෙ රට සේරම!" ධර්මෙ අයිය කිව්ව.

"මේ නිව්ස් එක මයික් ටයිසන් දැක්ක නං බොහොම තන්තොස වෙයි.... " එහෙම කිව්වෙ රුවන් මල්ලි.

"ඇයි අපායෙ ඉන්න ඉඩියමින් දැක්ක නං කියයි උගේ මල්ලි කෙනෙක් කියල!"

"දෙරණට නං හොඳ ප්‍රසිද්ධිය" එහෙම කිව්වෙ ලොකුමාම.

"උඹල දන්නවද ඔය කේස්එක අහපු ගමං අපේ රනිල් ලොක්ක කිව්ව කතාව?" මෙච්චර වෙලා නිස්සද්දව හිටිය රංජිය ඇහැව්ව.

"අනේ උන්නැහේ මොනව කියන්නද! ගෙදරිං ගිය බල්ල ගෙදර බල්ලව හැපුව කියයි" රුවන් මල්ලි කිව්ව.

"නෑ නෑ බොල එහෙම එකක් නෙවේ මම කිව්වෙ"

"එහෙනං?"

අතේ තිබුන සුරුට්ටු කොටේ වීසි කරල දුං පාරක් යවපු රංජිය, තමුංගෙ උත්තරෙන් කඩේ ලඟ සබාවත් විසිරෙව්ව.

"අනේ දයා මං ඒ කාලෙ කොච්චර නං කිව්වද මාවත් හපන්න කියල.... හිටිය නං ඔය එක එක්කෙනා හපන්න ඕන නෑනේ,....."

36 comments:

  1. ඒකනේ කළු කොල්ලෝ හපල වැඩක් තියේයැ... අර කතා ඔක්කෝම කියන කං උඹ කඩ මන්ඩියට වෙලා අහවල් එකද කරේ..???

    ReplyDelete
  2. හපාකෑමේ විශේෂඥයෙක් රනිල්ට හේත්තුවෙනකොට තමන්ට නෝ වෙයාර් කියල දැනගත්ත දයාසිරි මගඇරල යන්න ගියා.

    ReplyDelete
  3. //ඉස්සර නංගියි මල්ලියි වගේ හිටිය එවුන් //

    කවුද නංගි වෙලා හිටියෙ?

    ReplyDelete
    Replies
    1. හරීන්ගේ කමිසේ ගලවල රනිල් ඒ තුවාල අතගාලා බැලුවය කියන්නේ...

      Delete
    2. බුහහාහාාා .... හොඳ වෙලාවට උරහිස හපල තියෙන්නෙ.

      Delete
  4. හි හැක්...
    පට්ට රාජ් අම්මෝ....
    බුහ් හහ් හා

    ReplyDelete
  5. ජනතාවනි සමාවෙන්න.මං ඔහුව සපාකෑවා නොවේ..ඔහු මා ලවා සපාකවාගත්තා පමණි...

    ReplyDelete
  6. ‍රනිලුත් හපන්න කියන්නෙ බෙල්ලද දන්නෑ. :)

    ReplyDelete
  7. රාජ්
    අද මම අර රාජ්ගෙ යාලු ඇනෝ වගේ බොරුවට ලියන්නෙ නෑ.
    ගියපාර ඌ මට මහත්තයෙක් කියල තිබුනනෙ.
    අන්න එහෙම මහත්මා විදියට හැසිරෙනවනම් මේ ලෝකෙ කොච්චර ලස්සනද නේද රාජ්.
    යන්නම් එහෙනම්, ආයෙ එන්නම්කො පස්සෙ

    ReplyDelete
    Replies
    1. උඹත් හොඳ එකෙක් වගේ. කොහොම උනත් ඇත්ත කිව්ව එකම මදෑ! හැබැයි ඉතිං අවුල තියෙන්නෙ දැං තව කෙනෙක් ඇවිල්ල කියයිද දන්නෑ මගේ යාළු ඇනෝ වගේ ආවෙ එයා කියල.

      Delete
    2. බලපන් ඇනෝ උඹ නිසා ආතල් ඇනෝ යන්න ගිහින් .....
      ආතල් ඇනෝගේ කොමෙන්ට් එක බලන්නම දැන් සමහරු බොලොග් වලට යනවා ...

      Delete
  8. අනේ මන්ද, දයා මහ ඇමති වෙල තාම මාස කීයද ගියෙ. මුළු සරුවාංගෙන්ම ශ්‍රී ලංකාකාරයොවත් සාමාන්‍යයෙන් ඔහොම හැසිරෙන්නෙ නෑ. අනිත් පොර තාම සීට් එකට එන්න දඟලනව. කා කොටා ගන්නෙ නැතිව විවාදයක් කරන්න බැරි මිනිස්සු මොටද දේශපාලනේට, එයාල යවන්න ඕන යුද්ධ කරන්න හමුදාවට.

    ReplyDelete
  9. මගේ යාලුවෙක් කඩ පිලේදි මලා

    ReplyDelete
  10. ලොකු මාමගේ කඩේ තියෙන්නේ කොහෙද රාජ්? :)

    ReplyDelete
  11. මුන් එක එකා කා ගත්තොත් අපිව ඉතුරු වේවි...

    ReplyDelete
  12. දයා කියලා තිබුණේ තමන් ගැහුවේ හෝ ගුටි කෑවේ නැහැ කියලා.හරින් කියලා තිබුණේ වැටෙන්නම දුන්නා කියලායි දයාට.කොහොම වුණත් දයා කියලා තිබ්බේ ඒහෙම තත්වයක් ඇති වෙන්න හේතු වුණේ හරින් රාජපක්‍ෂ පවුල විවේචනය කරපු එකලු.යකෝ එහෙමත් දීන කමක්.මුන් නිකං හපා ගන්නේ බල්ලෝ බළල්ලු වගේනේ...:(

    ReplyDelete
  13. බොහොම ආදර්ශමත්....

    ReplyDelete
  14. ඇයි සුවාරේස්?
    මුංගේ බොරැ රගපැම් කියලා හිතනනේ නැද්ද?

    ReplyDelete
  15. මචෝ පට්ට කියන්නේ වල්ලා පට්ට. ෆන්ගස් බැඳිච්ච සුපිරි බඩු..

    ReplyDelete
  16. දයා...........සිරී.................අහන්න..............
    එකපාර මාව කන්න......................
    කිව්වලු රනිල්.

    ReplyDelete
  17. බලු සෙට් එකක් නෙ ඉතිං ඔය විල මැද බංගලාවෙ ඉන්නෙ

    ReplyDelete
  18. පිටගැස්ම එහෙම හැදිලා කියලා ආරංචියක් නැද්ද කාටවත් :P

    ReplyDelete
  19. රනිල්ගේ හපන්න....????
    කොතනද?

    ReplyDelete
  20. සියල්ලන්ටම බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ එහෙම කියන්නේ..

      Delete
  21. අර උරුගුවේ ටීම් එකේ සුවාරිස් කාරයව තමයි දැන් කට්ටිය අනුගමනය කරන්නේ.. මයික් ටයිසන් කැලේ..

    ReplyDelete
  22. බ්ලොග් වල මහා කම්මැලි පාලු ගතියක් පේනව බං! ලියන්න තියා කමෙන්ට් දාන්නත් හිතෙන්නෙ නෑ. මට හිතෙන්නෙ වලියක් නැති කම වෙන්නැති. චැහ්. මෙහෙම කලක් ගියානෙ රිදී කලේ රන් කොතලේ නාපු අපිට.

    ReplyDelete
    Replies
    1. සයිලන්ට් සහන් කෙනෙක් වත් හොයාගමු බං!

      Delete
    2. අඩෝ අශාන්තයා තෝ ලංකාවෙන් පිටමං කරාද??

      Delete
    3. ඔව් බං. එයාර්පෝට් එකේ ඇන්ටිලගෙන් බේරිල යන්තන් පැනගත්ත.

      Delete
  23. අබරන් සියාගේ දවසේ කියමන වගේ රංජියගේ කෑල්ල . පට්ට...

    ReplyDelete
  24. ඔන්න ඊයේ රාත්‍රියේ ආපහු දෙරණයට වැදිලා පොච්චාරයනය කොලා ආයි හපන්නෑ කියලා

    ReplyDelete
  25. ඔය සීන් එකේ වීඩියෝව දැක්කා...මුල ඉදන්ම හරීන් කථා කලේ බොහොම තරහෙන් කියන දේ පැහැදිලියි. ඔහු ඇත්තටම පක්ෂයට ආදරය කරන බවක් මට දැනුනෙ.

    ReplyDelete
  26. උංගේ ලාමක ආතල්.හපපු එකේ හපහල්ලකෝ උගුරු දණ්ඩම.කොහෙද දයාසිරි ලොක්කා අංගං වැඩ කෑලි දැම්මට එහෙම එකක් මේ වෙලාවේ දාගන්ඩ බැරි උනානේ.

    https://www.youtube.com/watch?v=NGMMxvFOjLU

    ReplyDelete
    Replies
    1. අනේ දයාගේ අංගං වැඩ.දිව දෙකේ කතා නම් තියෙනවා අපුරුවට.

      Delete