Monday, July 28, 2014

දවසෙ බිස්නස්.

[අවවාදයයි: අසභ්‍ය දෙබස් ඛන්ඩ ඇති බැවින් ළමයින් සඳහා නුසුදුසුය]

පෙ.ව.10.30

"බලපල්ල හීනියට ගහන්න ඕන කියල කැඩුව.... දැනටම තුන්කාලක් ඉවරයි...."

"ඔව් ඔව්..... මාත් කියන්නෙ ඒකයි..... නෑව ඇති බං.... යමල්ල යන්න... පිලිවෙලකට බයිට් ටිකක් අරගෙන ගහමු!"

"ඒයි......... අර බලපල්ල..... මාළු අල්ලපු බුවෙක් මේ පැත්තට එනව බිලී පිත්තත් අරගෙන....අර..... මාළුත් තියනව අතේ..... ටෝකක් දාල ඉල්ලගමුද?"

"අන්න වැඩේ..... පාරක් අයිනෙ නැවැත්තුව ගෑස්එක ගැහුව.... ලස්සන‍ට බයිට් එක දාගත්ත.... පිලිවෙලකට බොන්න පුළුවන්"

"ඔව් බං..... හෙටනෙ වැඩට යන්නෙ දෙක තුන වෙද්දි ගියාම මදැයි..... හයිවේ එකේ මාතර ඉඳල පැය එකහමාරයිනෙ...."

"අයියේ.... මාළු ටිකට කීයක් ඕනද?"

"විකුණන්නෑ මහත්තය..... කන්න අල්ලගත්තෙ!"

"අයියෝ..... ඕක අපිට දීල දාන්න.... ඔයාට අල්ලගන්න බැරිය"

"ම්................"

"දෙන්න දෙන්න....... කීයක් ඕනද? කූරියො පහයි.....මූ මොකාද?"

"ඌ ගල් මාළුව..... අනිත් හතරදෙනා පරව්!"

"හරි හරි..... කීයද ගාන?"

"එද්දාස් පන්සීයක් දෙන්න...."

"වැඩී වැඩී..... දාහක් දෙන්නං...."

"බෑ! කිලෝ දෙකක් විතර තියනව.... දෙන්න මහත්තේල ගන්න වෙන තැනකිං"

"කමක් නෑ බං..... පන ගහන මාළු ටිකනෙ..... බෝතලේක ගානනෙ.... අයියේ..... ඉන්න ඉන්න....."

-----------------------------------------------------------------------------------

පෙ.ව.9.00

"පරක්කුවක් නෑනේ.... තංගල්ලෙං නාමුද?"

"ෂොට් එකක් හීනියට දාගෙන නාමු!"

"බීල නාන්න බෑ බං...."

"නෑ නෑ තංගල්ලෙ අවුලක් නෑ..... බීලත් නාන්න පුළුවන්.... මූදෙ යන්නෙ නෑ බය නැතුව යමං....."

"අනෙක කතරගම දෙයියො බලාගන්නැතෑ! ඇයි යකෝ දාහෙ කොලේකුත් දුන්න එකේ"

"හා හා කට වරද්දගන්නැතුව යමං"

------------------------------------------------------------------------------------

පෙ.ව.8.45

"අහා..... අන්න මයිකලෙය එන්නෙ දැං"

"මොකෝ ඊයෙ වැඩිවුනයි?"

"මට මොකුත් නැද්ද බං?"

"උඹල නිදාගෙන ඇහැරිලා එනකල් අපි ඉන්න ඕනද හුත්තෝ...... අපිත් ලෑල්ල අයිංකරල කන්න බොන්න ඕන අඩෝ....."

"උඹට ඕන නං අර ඇන්ටනිය ගාව තියන පරව් හතරදෙනා අරං පලයං.... හහ් හහ් හහ්...."

"ඇන්ටො මට මේ ටික දියං.... හාරසීයක් දෙන්නං......"

"දෙන්නං කාසි බෑ.... කෝ හාරසීය දියං....."

"ණයට හුකන්න ආව නෙවේ හුත්තෝ.... මෙන්න ඉඳා!"

"හාරසීයට ඔය හතර විතරයි..... ගල් මාළුව තියපං....."

"ගල් මාළුව විතරක් ගෙනිහිං මොකටද බං...."

"අඩෝ තව සීයක් දීල පලයං කැරිය!"

"ජගත් මල්ලී..... මට ඔය පිත්තක් දියං.... දහය වෙද්දි ගෙනත් දෙන්නං...."

"අන්න බලාපල්ල මයිකලෙය පරව් ගහල මෝරු අල්ලන්න යනව..... හහ් හහ් හහ්......."

"ඌට නං පිස්සු බං..... මං හිතන්නෙ ඌ තල්මස්සු අල්ලන්න යනව.... හහ් හහ් හහ්...."

-----------------------------------------------------------------------------------

පෙ.ව.11.00

"ආ..... මයිකල්ලයියෙ!"

"මේක ජගත් මල්ලිගෙ බෝට්ටුවට දීපං...."

"මාළු නැද්ද?"

"මාළු ඇල්ලුවෙ නෑ බං..... නාන්නාපු මහත්තුරු ටිකක් නං මරාගත්ත..... දවසෙ ගාන කවර් වෙන්නත් එපැයි බං!"

79 comments:

  1. නොරැවටී බොන විදිහ අපේ ප්‍රියතම ඇනෝ දැන් කියල දෙයි නේ?

    ReplyDelete
    Replies
    1. බලමු ඇනෝ මොනව කරනවද දන්නෑ අද.....

      Delete
  2. හි හි හොඳ වැඩේ බේබද්දන්ට

    ReplyDelete
  3. නියමයි.දවසක්දා ඔයවගේ ලෝකෙ කාපු අංකුරෙක් කිරින්දෙ වරායේදී මාවත් ඇන්දුවනෙ බං.කතරගම රෙස්ට් එකට ගෙනිහින් බලපුවම මාසයක් ඉතර පරණ කුනුවෙච්ච ගල් මාලුවෙක්.ෆ්‍රිජ් එකෙන් අරං දීලා.
    ආයෙම පානදුරේ මාළු ලෑලිවල ඉතුරුවෙන පරණ මාළු බෝට්ටුවක දාගෙන වතුරට ගෙනිහින් අලුත් මාළු වගේ ආපහු ගොඩ ගේනවා.
    කතාවෙ පිළිවෙල පොඩ්ඩක් අවුල් නේද.මං කිව්වෙ වෙලාවල් එහෙම පැටලිලා වගේ පේනවා.පොඩ්ඩක් බලහං.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ රාජ් පෝස්ට් එක ලියලා තියෙන්නේ රිවර්ස් ඕඩර් එකට හැලපේ.
      ඔය පානදුර මාළු කතාව නම් ඉස්සර මට අනන්තවත් වෙලා තියෙනවා. කකුළුවෝ හෙම එවෙලේ ගොඩට ගන්න ගල් මාළුවෝ හෙම එතනින් එහා පැත්තේ තියෙන අපේ අක්කලගේ ගෙදරට යනකොට නරක් වෙලා. එක මහ පරිමානාත්මක බිස්නස් එකක්. එතනින් දන්න කියන අය මාළු ගන්නේ නෑ ගමන් යන මිනිස්සු මිසක්. ඉස්සර අපි මාළුවෙක් දැක්කත් කහනවනේ අනේ අරන් එනවා.

      Delete
    2. හැලපෙ,
      පහුගිය සෙනසුරාදා නෝනයි මායි පොඩ්ඩයි ගියා වැල්ලට. නාන්න. නාගෙන එද්දි බුවෙක් අතේ තියනව මාළුවෙක්. පරවෙක්. අතේ බිලී පිත්තත් තියනව. ඌ ඇත්තටම මාළුව අල්ලල තිබුනෙ එවෙලේ. කිහිප දෙනෙක් මාළුව දිහා බලනවත් දැක්ක. නමුත් මට කල්පනාවුනා මේ විදියට බොරුවක් කරන්නත් පුළුවන් නේද කියල. ඔන්න ඕකයි නිධාන කතාව. නමුත් මම හීනෙංවත් හිතුවෙ නෑ මේවගේ කේස් ඇත්තටම වෙනව කියල. (නමුත් ඔය ඉන්නෙ අයුවෙච්ච කෙනෙකුත්)
      වෙලාව වැරදිලා නෑ. රංගි කියපු විදියටයි ලිව්වෙ!

      රංගි,
      මහාපරිමාණයෙන් කෙරෙනව කියල දන්නෙ දැනුයි. මම හිතං හිටියෙ මේකෙ පේටන්ට් එක ගන්න.
      මම නං කකුළුවො ගන්නෙ ඔරුවල දැල් සුද්ද කරන තැන් වලින්. ගොඩක් ලොකු එවුන් නං ගන්න අමාරුයි. නමුත් මධ්‍යම ්ප්‍රමාණයේ එවුන් ගන්න පුළුවන් පොඩි ගනන් වලට.

      Delete
    3. රාජ් අපි ජීවත් වෙන රටවල ඉඳන් ලංකාවට එන්නේ ඔය වගේ මාළුවෝ ගිලින්න බලාගෙන කෙළ හලාගෙන. ඉතින් ඒ කාලේ ඔය වගේ කපටිකම් තේරුම් ගන්න මොලයක් නෑ. ඊටත් වඩා මාළුන්ගේ කොලිටි හොයන්න දැනුමක් නෑ. (මේක බොහෝ අයට වෙනවා)එතකොට මුදලේ වටිනාකමවත් මතක් වෙන්නේ නෑ. ඔය පානදුර සීන් එකට අහුවෙන ලංකාවේ මිනිස්සු ඕනෙ තරම්. මොකද මිනිස්සු බලන්නේ පිට ලස්සන අර එවෙලේ ගොඩට ගේන සීන් එක වගේ. ( හැමදේටම එහෙමනේ දේශපාලනේ වුනත්)

      Delete
    4. මේ චිත්‍රපටිය නරඹලා තියෙනවාද?
      http://www.imdb.com/title/tt0209144/

      Delete
    5. හැලපේ දැං යනවා මරු සෙල්ලමක් ඔය ඇලපිටිවල ෂෙඩ් එක හරියේ පාර දෙපැත්තේ ගෙනත් දාගන විකුණනවා ඔය ගනං අඩු විකුනන්ඩ බැරි මාඵ , අයියල කට්ටිය දැලකට දාගන තමයි අරගන එන්නේ ,
      දැං අල්ලපුවා කියල විකුනන්නේ කට්ටිය අරගන යනවා කිලෝ දෙක තුන

      Delete
    6. ඇයි පාලං ගාව තියාගෙන වැව් මාළු දැං අල්ලපුවා කියලා විකුනන්නේ. ඒ කියන මාළු ජාති ගඟේ ඇත්තෙත් නෑ..

      Delete
    7. ඔය පානදුරේ කතාව උනි මෙහෙමයි. ඉස්සර මොරටු මෝදර ලෙල්ලමෙන් උදේ ගිහින් අලුත් මාලු ගන්න පුලුවන්. හැබැයි ඒ ලයින් එකේ බෝට්ටු අඩු හින්දත් නිතර අහුවෙන්නෙ "සුදු" මාලු විතරක් නිසත් වැඩේ නැගල ගියෙ නෑ. ඒත් පස්සෙ පස්සෙ උනේ හවහට ට්‍රෝලර් එන්න ගත්ත. ඇවිත් ඒවගෙ මාලු කොටසක් එතනම වික්ක. වැඩේ නැගල ගියා, මාලු ඉල්ලුමට වඩා වැඩි උනා. පස්සෙ බෝට්ටු කාරයො ඉන්දැත්දි වෙන සෙට් එකක් කොළඹින් මාලු ලොරිවල ගෙනත් හවහට ලෙල්ලමේ වික්ක අලුත් බඩු වගේ. එතකොට අර බෝට්ටු වලට සම්භන්ධ උන් හෙමීට පල්ලං බැහැල ගියා අලුත් පාළම ගාවට. මුලින් වික්කෙ අලුත් මාලු. පස්සෙ ජීවන්ගෙ සෙට් එකක් එතනටත් බැහැල අර වගේ කොළඹින් කුණු මාලු ගෙන්ත් විකුනන්න ගත්ත. ඒකෙන් උනේ හැමෝටම බඩේ පාර වැදිච්චි එක. දැන් එතම මාළු විකුනන්නෙම නෑ, ඇයි කවුරුත් ගන්නෙ නෑනෙ.

      අලුත් මාලු ගන්න ඕනනං කෙලිම්ම වැල්ලට ගිහින් දැලකින් ගන්න ඕන. නැත්තං කොහෙන් ගත්තත් තීන්නෙ පරණ අයිස් ගහපුව තමයි.

      Delete
    8. ඔය තියෙන්නෙ ඉතිහාසෙත් එක්කම! තැංකියු ඉන්දික.

      Delete
  4. මේක අර බ්ලොග් කරුවන්ගෙ ගාලු සවාරිය ගිය කාටවත් වෙච්ච දෙයක් නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ නෑ. උං මේ පැත්තෙ ආවෙ නෑ.

      Delete
  5. හිකිස් පට්ට...
    ඔන්ද වැඩ්..ඩේ බේ..බ් බද්දන්ට...
    මං ඕක්ක තමා කීවෙ බීපුවාම පිෂ්ෂු කෙලින්න එපා කී...යල...

    ReplyDelete
    Replies
    1. බීල නැති උදවියත් මේවට අහුවෙනව බං.

      Delete
    2. බීපු නැති අය තමා ඕ කෙස් එකට අහුවෙන්නෙ මොකද ඕ වගේ වෙලාවට ඒ කියන්නෙ බීපු අය ගාවට ඕම ඇරං එන්නෙ නෑ නෙ...
      මොකද එතකොට දන්නව මුගෙ බඩේ සිංහය කියල

      Delete
  6. මතකද සුදික අයියා ලියලා තිබුනා පිඡ් එකේ තිබුන මාලු රැට බොට්ටුවට දාලා පාන්දරට වෙරලට ගෙනල්ලා සුද්දන්ට එවලේම උයලා දෙනවලු. වැඞෙි කියන්නේ තෙප්පිලිත් ඉන්නවලු.

    ReplyDelete
  7. හලෝ රාජ්,

    අද නං හරියට වැඩ වැඩ වැඩ.ඒත් මම උදේ අපේ හැලපගෙ පොස්ට් එකෙත් කොමෙන්ට් එකක් දැම්මා. අනික කොච්චර වැඩ තිබුනත් රාජ්ගෙ පොස්ට් එකට කොමෙන්ට් එකක් නොදා කොහොමද?

    අපේ ලොක්කා රට ගිහිං එනකොට අපිට ගෙනවනේ තෑගී රාජ්. මට හම්බ උනා වයින් බෝතලයකුයි,තව ෆ්‍රිජ් එකේ එහම අලවන්න පුළුවන් අර පොඩි කාන්දමක් එක්ක තියෙන ගැජට් එකකුයි. මගේ වයින් බෝතලේ මම දුන්න දවසෙම බිලා හාන්සි උනා,

    ඉතිං රාජ් අද මම දවල් කෑමට කලින් මොකෝ කරන්නේ කියලා කල්පනා කර කර ඉන්නකොට මගේ මගේ ඔපිස්‌ මිත්‍රයෙක් කතා කලානේ එයාට හම්බ උන වයින් බෝතලේ බොන්න එන්න කියලා. මෙන්න මම එකේ පින්තුරෙකුත් ගත්තා විජහට අපේ රාජ්ට බලා ගන්න. මගේ පොට්ට කැබරාවෙන් ගත්තු නිසා පින්තුරේ පැහැදිලි නෑ ඔන්.

    මෙන්න පින්තුරේ.

    (මගේ වයින් බෝතලේ බිලා මම ඒකට වතුර පුරවන්න ගත්තනේ. අපේ හැලපගෙ පොස්ට් එකට මම එකේ පින්තුරයක් දැම්මා.ඒක මෙතනින් ගිහිං බලන්න පුළුවන් අපේ රාජ්ට .)

    අපේ මාතලන් නං අද දැක්කේ නෑ ඔන්. මම හිතන්නේ ගමනක් ගිහිං වෙන්නැති.

    එහෙනං මම යාලුවත් එක්ක ගිහිං වයින් බෝතලෙත් බිලා, යාලුවටත් දවල් කෑමට බත් එකක් අරං දීලා,මාත් බත් ඩිංගක් කාලා ගොලිප් එකකුත් පත්තු කරන් එන්නංකෝ.

    ReplyDelete
    Replies
    1. අහා නියමයි. බොසාගෙන් තෑගිත් ලැබුන එහෙනං

      Delete
    2. මගේ වැඩේ හරි අපේ ඇනෝ ඇවිල්ලා..

      ඒ පාර රාජ් මහතාත් කුණුහබ්බ කෙලින්න පටන් ගත්තද. බලාගෙන බුද්ධිමත් කැටගරියෙන් හැලෙන්න පුළුවන්..

      Delete
    3. උඹට නම් මචෝ වයින් බෝතලයක් ගහලා හෙලවෙන්නෙවත් නැතුව ඇති. රෙඩ් එකක් වගේ හම්බවෙලා තියෙන්නේ.

      Delete
    4. ඇනෝට තියෙන්නෙ හරිම සරල සංකල්පයක්.
      බො“ යනු දෙකයි..

      බෝතලය සහ බ්ලොග් එක !!

      Delete
    5. අරූ, මේක වයිට් වයින් එකක් ( මට පුදුමයි උඹ බෝතලේ පාටින් අල්ල නොගත්තු එක ගැන ). මෙන්න බඩු

      Delete
    6. දැන්නේ බං බෝතලේ දැක්කේ... දැන් බැලුවාම උඹද ආතල් ඇනෝ...
      Riesling හොඳ ජර්මන් ඩ්‍රයි වයිට් එකක් තමයි. ඇනෝට දීලා තියෙන්නේ ඉටැලියන් එකක් වගේ.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ආතල් කෝටියයි නේද? හෙහ් හෙහ්

    ReplyDelete
  10. මම නම් ආසම උඹ මේක ලියන්න පාවිච්චි කරපු අකෘතිය. ඒක නියමයි. පොඩි ප්‍රශ්නයක් රාජ් මලයා. පුක නම් කුණු හරපයක් නොවේ කියලා කකා කිව්ව බව හැම එකාම කියනවනේ. එතකොට ඒකේ අසල්වැසියෙක් ගැන මේකෙ සඳහන් වෙනවා තව අදාල වචන දෙකක් එක්ක. ඒවා එතකොට? :D

    ReplyDelete
    Replies
    1. ඒවට තමයි හෙන්රි අයියේ අර මුලින් දාපු අනතුරු හැඟවීම තියෙන්නෙ.
      ඇත්තටම මාත් කැමති නෑ කෙලින්ම කුනුහබ්බ කියන්න. නමුත් මේ මාළුකාරයන්ගෙ දෙබස් ටික තරු ලකුණු දාල ලිව්වත් කිසි ගැම්මක් තිබුනෙ නෑ. ඒකයි අමුවටම දැම්මෙ.

      Delete
    2. ඇයි කකාට විතරද පුලුවං, හෙන්රිට තියෙන්නෙ ඒ වචන දෙකත් කුණුහරුප නෙමේ කියල ප්‍රකාශයක් කරන එක. එතකොට ඒකෙ කොපිරයිට් ගන්නත් පුලුවංනෙ. :D

      Delete
    3. ඇ රාජ් දවසක් උඹ මගේ පුකේ ඇරපු නැති ටික විතරනේ බං

      අර කෝච්චියේ අතේ ගහපු එකාට ඔය වචන දෙක තුනක් කියල බැන්න කියල

      මචං විස්සවිද්දාලේ ගිහින් උපාදි ගත්ත උන්ට විතරද බ්ලොග් වල කුණුහාරප ලියන්ඩ පුලුවං

      Delete
    4. අටමා.. එතන වෙනසක් තියනවා.... උඹ කාට හරි කුණු හරුපෙන් බනින එකයි, උඹේ කතාවක චරිතයක් කතාවේ තව චරිතයකට කුණුහරුපයක් කියන එකයි වෙනස්.

      බ්ලොග්කාරයෝ කුණුහරුපෙන් බැණගන්නවට නම් මම කැමති නැහැ. ලියන කතා වලදි උණත්, මේ වගේ වෝර්නිං එකක් දෙන ගමන්, ඒ වචන බාගෙන සෙන්සර් කරල දානවනං මම කැමතියි. අටමා එහෙම කරන බව මම දැකලා තියනවා. මේකත් කියන්න ඕනේ.. ඒක මම දකින්න කැමති විදිහ මිසක්, උඹලා එහෙම කරන්න ඕනේ කියලා එකක් නෑ.

      Delete
    5. තිසර, මාත් එකඟයි උඹෙ කතාවට. අනික මටනං මෙතන කුණුහරුප ටිකක් වැඩි ගතියක් තීනව.

      Delete
    6. අටං,
      උඹට එදා මම දුන්න උත්තරේ අමාරුවෙන් හොයාගත්ත. මෙන්න,
      /"කුනුහරුප කියන එක මාත් කියනව සමහර තැන් වල. නමුත් මෙතනදි නං ඇනෝල එක්ක එකඟයි. උඹ කරල තියෙන්නෙ අනවශ්‍ය කුනුරුප භාවිතයක්."/

      උඹට කියන්න තියන දේ තිසර කියල තියනව. කුනුහබ්බ කිව්වට කමක් නෑ. ඒක කියන්න ඕන තැනදි විතරක් කියපං.

      ඉන්දික,
      මෙතන කුනුහරුප වැඩියි කියල කියනව නං එයා මාළු ගන්න ගිහිල්ල නැති කෙනෙක් වෙන්න ඕන.

      Delete
  11. අපොයි දෙයියනේ ! පවු අහිංසකයො.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ බෝතලේක සල්ලි නෙව.

      Delete
  12. අපේ ගෙවල් පැත්තේ ඉන්න මාළු කාරයෝ අනන්තවත් මාව අන්දනවා.
    එක දවසක් තෝරු කුරී තුනක් එල්ලගෙන ගෙදරට එනකොට අපේ තාත්තා අහනවා,
    , කොහෙන්ද නියම ගොඩයෝ තුන්දෙනෙක් හම්බ උනේ කියල.

    ReplyDelete
    Replies
    1. යකෝ තෝරු අඳුරන්නෙ නැද්ද?

      Delete
    2. Mash
      උඹට තදවුනාද බං ඇත්ත කිව්වම? හරි අවුලක් නෑ මට මේකට උත්තර දීපං..... උඹ පොලිම් දාන්නෙ මොන ඇඟිල්ලෙන්ද?

      Delete
    3. @ රාජ්, උබ මගේ comments මකල වගේ නේද! ඇත්ත කියනකොට ලැජ්ජය් එහෙනම් ආ? Hikz!!
      -ඔබේ මිතුරා මාෂ්

      Delete
  13. අන්න ඔහොම මහත්තුරු එනවනම් , මාළු අල්ලන්න මුහුදු යන්න ඕනේ නෑ කියලා උන් හිතනවා ඇති

    ReplyDelete
  14. පෑලියගොඩ මාලු මාකට් එකෙන් මාලු අරගෙන. ඇලකන්දෙ බෝට්ටුවේ තියාගෙන විකුනන්නෙ.මීගමු වැල්ලෙදි බිලී බාපු තෝර මාලුවෙක් කියල මටත් දුන්න වෙන මාලුවෙක්.
    අනික දැන් බට්ට ලොරි වලින් එනව දැලකට මාලු දාගෙන, එවලෙ ගලවල දෙන්නෙ. දැල ජීවිතෙට කරිජ්ජ ගෑවිලවත් නෑ.

    ReplyDelete
    Replies
    1. මේක සෑහෙන්න බිස්නස් එකක් නෙව බැලුවම

      Delete
  15. ඔය එවෙලේ මාළු අල්ලන මිනිස්සු ඉන්නව මටත් හමු වෙලා තියෙනවා. ඒ අය මාළු මුදලට දෙන්නේ නෑ. මට කියලා තියෙනවා සල්ලි එපා නෝනා. මම ගෙදර කෑමට අල්ලන්නේ. මේක නෝන තියාගන්න කියලා. කොච්චර දුප්පත් වුනත් සල්ලි අවශ්‍යම වුනත් එහෙම නොකරන අය. මේ ළඟ කාලෙකදි එහෙම කේස් එකක් වෙලා මම බලෙන් වගේ රුපියල් දෙදාහක් දාලා ආවා. මෙන්න හවස මම හිටපු හොටෙල් එකේ ස්ටාෆ් බෝයි කෙනෙක් කතා කරලා කියනවා මිස්ට දෙන්න කියලා මාළුවෙක් ගෙනත් තියෙනවා කීවම මම හිතුවා මම දන්න කෙනෙක් යාළුවෙක් සර්ප්‍රිස් එකක් කියලා ගිහින් බලනකොට අර මනුස්සයයි එයාගේ ළමයයි ලොකු ගල් මාළුවෙක් ගෙනත් මට දෙන්න.
    මේ වගේ අහිංසක මිනිස්සුත් තවම ලංකාවේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔයවගේ ඩයල් එකක් මට නං තාම මුනගැහිල නෑ.

      Delete
  16. //"අනෙක කතරගම දෙයියො බලාගන්නැතෑ! ඇයි යකෝ දාහෙ කොලේකුත් දුන්න එකේ"//
    පට්ටම කතාව

    ReplyDelete
  17. මාලු කාරයොන්ගේ තවත් ඔය වගේ මරිසි වැඩක් තියෙනවා හබරාදූව කොස්ගොඩ හරියේ ගාලු පාර අයිනේ. අර පොල්ල උඩ වාඩිවෙලා මාලු අල්ලන අය ඉන්න හරියේ. උන් බොරුවට පොල්ල උඩ වාඩිවෙලා පිත්ත හොල්ල හොල්ල ඉන්නවා හැබැයි පාර දිහා බලාගෙන. අර මාලු අල්ලන අය දාන තොප්පියක් එහෙමත් දාගෙනයි ඉන්නේ. සුද්දෝ යන වාහන නවත්තනවාද කියලා බලන්නේ පොටෝ ගහන්න. නවත්තපු හැටියේ ගොඩ ඉන්න බුවෙක් දුවගෙන එනවා වෙහිකල් එක ලඟට. පොටෝ ගත්තොත් සල්ලි ගෙවන්න ඕනි.
    මම එක දවසක් එතන් තියෙන පොඩි පෙට්ටි කඩේට වෙලා ප්ලේන්ටි එකක් ගගහා ගෝලීප් එකක් (යෙදුමේ අයිතිය බොන ඇනෝටය ) පත්තු කරන් බලන් හිටියා. ටිකක් වෙලා ගියාම තමයි දැක්කේ මුගේ පිත්තේ තංගුස් පටත් නෑ කියලා. ඌ වේලෙන වේලිල්ලට හිතෙනවා ඇත්තටම බිලී කටුවක් එක්ක ඇමක් දාගෙන හිටියනන් මාලු අල්ලලා කීයක් හරි හොයාගන්න පුලුවන් නේද කියලා.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි මංකොල්ලකෑමක්.

      Delete
    2. කොස්ගෙඩ නෙමෙයි බන් කොග්ගල.මුන් බහින්නෙ වාහනයක් එනකොට.නැත්තම් ඉන්නෙ ගොඩටවෙලා පොඩි පැලක.ගයිඩ්ල එන්න කලින් කොල් කරනව.එතකොට මුන් බහිනව.ඔය ක්‍රමෙට කියන්නෙ රිටි පන්න.ඔක ලොකෙන්ම තියෙන්නෙ ඔය හරියෙ විතරයි

      Delete
  18. කට්ටියට බොන්ටයි, නාන්ටයි තිබ්බා නම් හරි වගේනේ...:P

    ReplyDelete
    Replies
    1. කුමරාරිහාමිල නාන්නෙ ඉතිං පොකුණු වල බැහැල ගෙම්බොයි කුමාරයොයි එක්ක නෙව.

      Delete
  19. බීවා, නොබීවා කියලා වෙනසක් නෑ ඔය වගේ වෙලාවට රැවටෙන එකා රැවටෙනවම තමා.

    හොදටම ශුවර්ද මේක උනේ ඊයෙ නෙමේ කියලා. :)

    ReplyDelete
    Replies
    1. හොදටම ශුවර්ද මේක උනේ ඊයෙ නෙමේ කියලා. :)
      ඒ මෙකෙද්ද බං? අර බ්ලොග් හමුවද? ඒකෙ විස්තරයක් දැක්කෙ නෑ කොතනකවත්

      Delete
  20. අප්ප මාලු කාරයො කරන වැඩනම් නියමයි.බලය විකුනනව කෙලවල්ල කියල ඇහැට දැකල තියෙනව

    ReplyDelete
    Replies
    1. බලය කෙලවල්ල කපල දෙද්දි නං ටිකක් අමාරුයි. නමුත් දන්න එකා දන්නව

      Delete
  21. බලාගෙන යද්දී අන්තිමට මයිකල් නේ නියම මොළකාරයා..

    ReplyDelete
    Replies
    1. නැතුව. එක්දාස් එකසීයක් හොයාගත්ත ලේසිය

      Delete
  22. අපේ ඇනෝත් එක්ක ගියානම් ඔහොම අහුවෙන්නේ නැහැ. ඇනෝ අද වයින් ගහලා වයින් වෙලා ඉන්නේ.

    ReplyDelete
  23. මාත් අහුඋනා හොයියෝ ඔහොම මරාලෙකට.. මීට අවුරුදු 18 කට විතර කලින්, වැලිගම මූදු වෙරලෙදි.. මූදූ වැලි පිටින් මාළුවා දැක්කම ආසාවේ බෑ.. සල්ලි දීලා අරගෙන ගියා.. ගෙදර යනකොට කුණු ගන්දස්කාරේ බෑ.. අම්මගෙන් බැනුං කොටියයි.. මතක් වෙනකොට ලැජ්ජාවේ පන යනවා.....

    බීල ගිහිං තංගල්ලේ නෑවට අවුලක් නෑ, ඉනෙන් උඩට වතුර නෑ.. හැබැයි පුතෝ කෙල්ලත් එක්ක තංගල්ලේ හොටෙල් වලට එහෙම යනව නෙවෙයි.. පුෂ්ප විදානේලා තවත් ඇති...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  24. තාම අහුවෙලා නෑ. මාළු ගැන දන්න නිසා නෙමෙයි. මාළු අරන් නැති නිසා.

    ReplyDelete
  25. අන්තිම කොටස, (පෙ.ව. 11) කෑල්ල උඩටම ගෙනිහින් 'රිවර්ස් ක්‍රොනලොජිකල් ඕඩර්' එක තියාගත්තා නම් මරු. මහත්තුරු ටිකක් මරා ගත්ත කිව්වහම වැඩේ කෙලින්ම එළිවෙන නිසා, එහෙම එක පාරට නොදැනෙන විදිහට ලියලා ඒ ඕඩර් එක තිබ්බා නම් ගති.

    ReplyDelete
    Replies
    1. පෙ.ව. 11 උඩට යනව ඔය කේස් එක නැතිවුනානං. මාත් පිලිගන්නව ඒක හරි කියල. නමුත් මතක් උනේ නෑ

      Delete
  26. යකෝ ඔහොම මාළු අයියලා ඉන්න ඕනේ වැල්ලේ නෙමේ පාර්ලිමේන්තුවේ නේ...:D

    ReplyDelete
    Replies
    1. ඔහොම අයියල තමයි බං එතන ඉන්නෙ. මීට වැඩිය ගේම් දීපු අයියලයි වැඩි.

      Delete
  27. මාලු මරණවාට විරුද්ධ නම් ගිණි තියා ගන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. දැං ඔහේ සමස්ත ලංකා මාළුවන්ගේ සංගමයේ ලේකම්ද?

      Delete
  28. හප්පේ ඔච්චර ගනන් දීලද ඔය ලෝදිය බොන්නේ :/

    ReplyDelete
  29. මම නම් කවදාවත් මෙවැනි සිදුවීම් අපේ සමාජයේ තියෙනවා කියලා අහලා නෑ රාජ් ගොයියො...හැබැයි මීගමුව පැත්තෙ විකුණන්න බැරි අධික කටු සහිත පොඩි මාළු දැලත් එක්කම අපේ පැතිවලට අරගෙන ඇවිත් දැලෙන් ගලවමින් විකුණන සූස්තරයක් නම් ඒ අය මෑත කාලීනව භාවිතා කලා. අපේ පැත්තෙ ගෑණු පරාණ අලුත්ම මාලු කියලා ඒවා ගත්තෙ තියෙන කටුත් අමතක කරලා....

    මේක ලිව්ව එක හොදයි...එතකොට අපි දන්නවා වෙන්නෙ මොකක්ද කියලා මෙවැනි බුවෙක් සැට් උනොත්.

    ReplyDelete
  30. මගේ කමෙන්ට් දෙකම නැහනේ, ස්පෑම් එකේ ඇති :(

    ReplyDelete
    Replies
    1. ඈහ්! ස්පෑම් වෙලත් නෑ නෙව!

      Delete