Monday, August 11, 2014

පොදු අපේක්ෂකයා FAQ

ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා කියන්නෙ කවුද?

සරළව කිව්වොත් පොදු අපේක්ෂකයා කියන්නෙ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන එකමුතුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන තැනැත්තා.

ඇයි පොදු අපේක්ෂකයෙක්?

ලෝකයේ ඇති දේශපාලන තරග අතරින් වඩාත්ම අසාධාරණ තරගයක් තමයි ලංකාවෙ ජනාධිපතිවරණය. එතනදි බලයේ සිටින ජනාධිපතිවරයා කවුරු උනත් එයාට වැඩි වාසියක් අත්වෙනව. ඒක වලක්වන්න බෑ. ඒ බලයට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්නෙ පොදු අපේක්ෂකයෙකුටම පමණයි. අන්න ඒකයි පොදු අපේක්ෂකයා වැදගත් වෙන්නෙ.

වර්තමාන තත්වය ගැන කතා කලොත්?

වර්තමාන ජනාධිපතිවරයා පරාජය කල යුතුයිනෙ. ඒක ගැන විවාදයක් නෑ මං හිතන්නෙ. නමුත් ජනාධිපතිවරයා සමඟ තරග කරන්න මුළු විපක්ෂයම එකතු වෙන්න වෙනව. මොකද මහින්ද රාජපක්ෂ මහත්තය එච්චරට ශක්තිමත්. ජනාධිපති ධූ‍රයේ වගේම ආණ්ඩු බලය තමා අතේ තිබියදී ඔහු පරාජය කිරීම ලෙහෙසි නැහැ. නමුත් කල යුතුයි.

කොහොමද ඒ වැඩේ කරන්නෙ? කවුද තෝරාගන්නෙ?

කරුණු කිහිපයක් සලකා බැලියයුතුයි. පළමුවෙන්ම සතුරාගේ දුර්වලතා හඳුනාගත යුතුයි. දෙවනුව විපක්ෂයේ ශක්තිය ගැන නිගමනයකට පැමිණිය යුතුයි. ඒ වගේම විශ්වාසදායක අයෙකු ඉදිරිපත් කලයුතුයි. නැත්නම් ඉඟුරුදීල මිරිස් ගත්ත වගේ වෙනව.

තවත් පැහැදිලි කලොත්........

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඡන්ද පදනම වෙන්නෙ සිංහල ඡන්ද, සිංහල ඡන්ද වලින් බහුතරයක් ලබාගන්න ඔහුට අපහසු නෑ. දූෂණය සහ ජීවන වියදම වැනි කාරණා තමයි ඔහුට එරෙහිව යොදාගන්න තියෙන්නෙ. නමුත් සංවර්ධන ව්‍යාපෘති, යුද්ධය අවසන් කිරීම වගේ කාරණා ඉස්මතු කරල මුලින් කියපු දුර්වලතා යටට දාන්න ඔහුටත් ඔහු වටා ඉන්න කථිකයන්ටත් අපහසු වෙන එකක් නෑ. අනෙක් අතට විපක්ෂයට හැකියාව තියනව සුළු ජාතික ඡන්ද ලබාගැනීමට. විශේෂයෙන් අද තියන ප්‍රශ්නත් එක්ක බැලුවම දෙමළ ජනතාවගේ සහ මුස්ලිම් ජනතාවගේ ඡන්ද දිනාගැනීම අපහසු නෑ. ඒ සමඟම යූඑන්පී-ජවිපෙ එකමුතුවකින් ජනාධිපතිවරයාට අභියෝගයක් එල්ල කල හැකියි.

දැන් ප්‍රශ්නය අපේක්ෂකයා කවුද?

වැදගත්ම ප්‍රශ්නය තමයි අපේක්ෂකයා. මුලින් කිව්ව විදියට ඔහු විපක්ෂයේ සහයෝගය ලබාගන්න පුළුවන් අයෙකු වියයුතුයි. විශේෂයෙන් දෙමළ-මුස්ලිම් ඡන්ද බහුතරය ලබාගතහැකි අයෙක් වියයුතුයි. වැදගත් කාරණයක් තියනව. සුළු ජාතික ඡන්ද ලබාගන්නා ගමන්ම සිංහල ඡන්ද දායකයාට එකඟ වියහැකි අයෙකුද වියයුතුයි. මේක අතුරේ යාම වගේ වැඩක්.

තවත් පැහැදිලි කලොත්.....,

උදාහරණයක් විදියට පොදු අපේක්ෂකයා වියයුතුයි කියල කතාබහක් ඇතිවුන නිර්මාල් රංජිත් දේවසිරි මහත්තය ගනිමු. ඔහුගේ තියන අදහස් අනුව ඔහුට පුළුවන් පහසුවෙන්ම දෙමළ සහ මුස්ලිම් ඡන්ද දිනාගන්න. නමුත් ආණ්ඩුව පැත්තෙන් ඒ කරුණම ඔහුට විරුද්ධව යොදාගෙන තවත් සිංහල ඡන්ද ටිකක් වැඩිපුර දිනාගන්න මහින්ද මහතාට පුළුවන්. අන්න ඒ වගේ අලුතෙන් ඇතිවියහැකි තත්වයන් බලල පොදු අපේක්ෂකයා තෝරාගත යුතුයි.

හරි. දැන් කෙලින්ම යෝජිත නම් ගැන කතා කරමු.

මේ වනවිට යෝජනා වී ඇති නම් තමයි, සෝභිත හාමුදුරුවෝ, චන්ද්‍රිකා මැතිනිය, ශිරානි බණ්ඩාරනායක නෝන. මේ උදවියගෙ වාසි අවාසි තියනව. උදාහරණයක් විදියට චන්ද්‍රිකා මැතිනිය එක්ක විධායකය අහෝසි කරන්න කතා කිරීමේ තේරුමක් නෑ. දෙවතාවක් ධූරයේ ඉඳලත් ඒක නොකරපු කෙනෙක්. අනිත් අතට සාම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ප්‍රමාණයක් දිනාගන්න පුළුවන් වෙන්න ඉඩ තියනව. දෙමළ සහ මුස්ලිම් නියෝජිතයන් එකතු කර ගැනීම ගැන තියෙන්නෙ 50-50 තත්වයක්.
ශිරානි බණ්ඩාරනායක මැතිනියට තියෙන්නෙ වර්තමාන ජනාධිපති එක්ක ප්‍රශ්නයක්. එයත් චන්ද්‍රිකාගෙන් මහලොකු වෙනසක් නෑ.
සෝභිත හාමුදුරුවො ගැන සිංහල සමාජයට මහලොකු අවුලක් නෑ. දෙමළ සහ මුස්ලිම් ඡන්ද එකතු කරගන්නත් පුළුවන්. පැහැදිලිවම සටනක් දෙන්න පුළුවන්.


එතකොට රනිල්?

පොදුවේ ගත්තම පොදු අපේක්ෂකය මේ වගේ කෙනෙක් වියයුතුයි.




මේකෙ S වලින් පෙන්වන්නෙ සිංහල ඡන්ද. 75%ක් විතර වන සිංහල ඡන්ද අමතක කරල මේ ගමන යන්න කොහෙත්ම බෑ. ඒ වගේම T අකුරෙන් දෙමළත් M වලින් මුස්ලිම් ඡන්දත් පෙන්වා තියනව. C කියන්නෙ විපක්ෂයේ-විශේෂයෙන්ම ප්‍රධාන සිංහල පක්ෂ දෙක වන යූඑන්පී හා ජවිපෙ- එකඟතාවය. ඒකත් අනිවාර්ය අවශ්‍යතාවයක්. එතකොට පැහැදිලි වෙනව පොදු අපේක්ෂකයා සිටියයුත්තේ රතු පැහැයෙන් දක්වා ඇති සියල්ල ඡේදනය වන කුලකයේ බව. ඔහු/ඇය එම කොටස තුල සිටිනා 'හොඳ' කෙනෙකු වියයුතුයි.
රනිල් මහතා මේකට ආදේශ වන්නේම කොල පැහැයෙන් දක්වා ඇති කොටසට. වඩාත් පැහැදිලි කලහොත් ඔහු සිටින්නේ S කුලකයේත් අන්තයක. ඔහු ‍අපේක්ෂකයා වනවිට ජවිපෙ එකතු කරගැනීමේ අවස්ථාව ඇහිරී යනව. ජනාධිපතිවරණයකදී ජවිපෙ සාධකය අමතක කල නොහැකියි.


විධායක ක්‍රමය අහෝසි කිරීමේ අරමුණින්, පොදු අපේක්ෂකයා ඉදිරිපත් වීම ගැන කතිකාවක් ඇතිව තිබෙනවා. ඒ ගැන.....,

විධායක ක්‍රමය අහෝසි කල යුතුයි කියන එක රටේ බහුතර මතය. අඩුම තරමින් ලංකාවේ විධායක ක්‍රමයේ ඇති ඒකාධිපති බලතල කප්පාදු කලයුතුයි කියන තැන තමයි බහුතර ඡන්ද දායකයා ඉන්නෙ. මහින්ද රාජපක්ෂගෙන් හෝ රනිල් වික්‍රමසිංහගෙන් එවැන්නක් බලාපොරෙත්තු වෙන්න බෑ. නමුත් නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ගැන යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.

නමුත් බොහෝදෙනාගේ තර්කය තමයි විධායක ජනාධිපතිධූරයට පත්වන්නා එය අත් නොහරිනවාය කියන කාරණාව. ‍එයට උදාහරණ විදියට චන්ද්‍රිකා සහ මහින්ද දක්වන්නත් පුළුවන්, මේ තත්වය ගැන කතා කලොත්,

නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් වැදගත් වන්නෙ මේ වගේ අවස්ථාවක තමයි. මොකද පක්ෂයක කෙනෙකුට වැඩිය විශ්වාස කරන්න පුළුවන් සාමාන්‍ය අයෙක්. අනිත් අතට යමෙක් ඡන්දය ඉල්ලන්නෙම ජනාධිපතිධූරය අහෝසි කරන්න නම් එයාට බලපෑම වැඩියි පක්ෂයකින් පත්වන අයෙකුට වැඩිය. ඒ වගේම ඒවගේ කෙනෙකුට එරෙහිව පොරොන්දුව ඉටු කරවගන්න ජනතාව පෙලගැස්වීමත් පහසුයි.

නමුත් ජනාධිපති වෙලා ඉනිමඟට පයින් නොගහයි කියල දෙන්න පුළුවන් සහතිකය මොකද්ද? මේක මෙතෙක් කවුරුත් නොකල දෙයක්?

කරන්න දෙයක් නෑ. විශ්වාසය තැබීම පමණයි කල හැක්කේ. "මෙතෙක් නොකලා......" කියන තර්කය වැඩක් ඇති එකක් නෙවේ. "අලුතෙන් සිදුවුන ඕනෑම දෙයක් සලකල, ඊට පෙර අවස්ථාවට ඒ නියමය ආදේශ කලාම බොරුවෙන පුහු තර්කයක් ඒක. ඔය නියමය අනුව නං තාමත් ප්‍රභාකරන් අපි එක්ක යුද්ධ කරනව.

143 comments:

  1. සෑහෙන පැහැදිලි ලිපියක්. උදේම ඇවිත් මොලේ මඤ්ඤං නොවෙන දේශපාලන ලිපියක් කියවන්න ලැබුන එක ගැන සතුටුයි!!

    ReplyDelete
    Replies
    1. ඕ යේස්.... මෙන්න මම එක වෙලා!!!

      Delete
    2. // වර්තමාන ජනාධිපතිවරයා පරාජය කල යුතුයිනෙ. ඒක ගැන විවාදයක් නෑ මං හිතන්නෙ.//

      ඔබ වැරදියි.... අවිවාදයෙන් ම වර්තමාන ජනාදිපති තුමා ඊලඟ වාරෙත් පත්කර ගත යුතුයි කියනා විශාල චන්දදායකයෝ පිරිසක් මේ රටේ ඉන්නවා.... මිනිසුන් ට කතා කරන්න.... හැම තරාතිරමකම මිනිසුන් ට කතා කරන්න.... එතකොට ඔබට තේරේවි ....

      Delete
    3. Sa rasa
      //වර්තමාන ජනාදිපති තුමා ඊලඟ වාරෙත් පත්කර ගත යුතුයි කියනා විශාල චන්දදායකයෝ පිරිසක් මේ රටේ ඉන්නවා//

      මෙතනදි ආමන්ත්‍රණය කරන්නෙ බ්ලොග් කරුවන්ට. පොදුවේ හරකුන්ට නෙවේ. වෙනස ඒකයි.

      Delete
    4. රාජ්ටත් මේ දවස්වල තද වෙන ලෙඩේ බෝවෙලාද මංදා... :D

      Delete
    5. රටේ චන්දදායකයන්ගෙන් අතුරින් බ්ලොග් කරුවන් කියන්නේ නොගිනිය හැකි තරම් කුඩා කුලකයක් රාජ්...

      Delete
    6. // මෙතනදි ආමන්ත්‍රණය කරන්නෙ බ්ලොග් කරුවන්ට. පොදුවේ හරකුන්ට නෙවේ. වෙනස ඒකයි. //

      එතකොට ඔක්කොම බොලොග් ක්ස්ටිය මහින්ද රාජපක්ස ට විරුද්දයි කියලා ද හිතන්නේ?

      වැල යන අතට මැස්ස ගැහුවට, බොලොග් වල දී එකෙක් මහින්ද රාජපක්සට බැන්නම අනික් ඔක්කොම එකතුවෙලා බනිනකොට ඒ හැමෝම ඇත්තටම බනිනවා කියලද හිතන්නේ??

      Delete
    7. නලින්,
      අන්න ඒ නො‍ගිනිය හැකි කුඩා ප්‍රමාණයට තමයි මම කතා කලේ. එහෙම නූනනං මම ස්ටේජ් එකකට නගිනව. දැං හරිනෙ! :-)

      Delete
    8. >>අන්න ඒ නො‍ගිනිය හැකි කුඩා ප්‍රමාණයට තමයි මම කතා කලේ. එහෙම නූනනං මම ස්ටේජ් එකකට නගිනව. දැං හරිනෙ! :-) << ...........
      රාජ්...... මල් මිටක්..... අදහසට....

      Delete
    9. අන්තර්ජාල සුපිරි බුද්දිමතුන් වෙත,
      මැතිවරණයකදී රටේ ජනතාව හැම පක්ෂයෙන්ම අපේක්ෂකයන් බලල තියෙන හොදම විකල්පය තොරගනිවී. එක සාපේක්ෂ දෙයක්. තමුන් කැමති පක්ෂයේ අපේක්ෂකයා පැරදුනාම ජනතාවට බනින්න එපා හරක් කියල. මොකද එක තමුන්ගේ බුද්දිය ප්‍රදර්ශනය කිරීමක්.
      2001 ජනතාව තීරණය කර පවතින ආණ්ඩුවට වඩා , unp එක හොදයි කියල. එකට ගොඩක් හේතු තිබිණ ආර්ථික ප්‍රශ්න ඇතුළු. ආණ්ඩුවට වඩා, unp එකේ ආර්ථික ප්‍රතිපත්ති, ඉදිරිපත් කරපු අපේක්ෂකයන්ගේ ගේ දක්ෂතා ඇති අය ගැන සාපෙක්ෂව ජනතාව විස්වාස කල.
      එක මෝඩ හරක් ජනතාව ගත්තු බුද්දිමත් තීරනයක්ද? ගොබ්බ තීරණයක්ද? නැතිනම් ඒ වෙලාවේ විතරක් (2001) ජනතාව බුද්දීමත්ද?

      Delete
    10. @AnonymousAugust 12, 2014 at 8:34 PM
      හුරේ.. කියන්න!!

      Delete
  2. මම නං කැමති ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීලග ජනාධිපති වෙනවා නම්. මොකද කොළඹ ආසන්නයේ ඉපදිලා,කොළඹ හැදිලා,එහෙම රස්සාව කරන මම නං කැමති ගෝඨාභය මහතාගේ වැඩ පිළිවෙලට. මාත් ඉස්සර යූඑන්පී තමයි. කොටින්ම කිව්වොත් අපේ තාත්තා ශ්‍රීලනිපයේ ආසන සංවිධායකයෙක් විදියටත් හිටියා. ඒත් මම ජන්දේ දුන්නේ රනිල්ට. ඒ උනාට කොළඹ නගරය විදේශිකයෙක්ට උනත් ලජ්ජා නැතිව මෙන්න අපේ නගරේ කියලා පෙන්නන්න පුළුවන් විදියට හැදුවේ ගෝඨාභය මහත්තයා.

    කොළඹ විතරක් නෙමෙයි, බත්තරමුල්ල,නුගේගොඩ වගේ පැතිත් හදාගෙන යනවා. අනික පිට පළාත් උනත් පාරවල් එහෙම සැහෙන්න හොදට හදලා තියෙනවා. දැන් ආණ්ඩු වෙනසක් හෝ ජනාධිපතිවරයා වෙනස් උනොත් වෙන්නේ මේ කරගෙන යන වැඩපිළිවෙල අවුල් වෙන එක. විශේෂයෙන් ගෝඨාභය මහතා කොළඹ සංවර්ධනය භාරගන්න කලින් කොළඹ කියන්නේ කුණු ගොඩක්. දැන් ඒ තත්වේ නෑ. පිරිසිදුව,අලංකාරව තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ගෝඨාභය මහත්තයගෙ ඒවගේ වැඩ වලට මාත් මනාපයි. අර රක්නා ලංකා ව‍ගේ සීන් වලට විරුද්ධයි. මිනිහෙක් ගැන තීන්දු ගැනීමේදී ඔහුගෙන් වන බලපෑම මුළුමනින්ම සැලකිල්ලට ගතයුතුයි කියන මතයේ මම ඉන්නෙ.
      ගෝඨාගෙ නාගරික සංවර්ධන වැඩ හොඳයි. ඒ වැඩ ඊට කලින් කරන්න කෙනෙක් නොසිටීම එයාගෙ වාසනාව. අපේ අවාසනාව.

      Delete
    2. ගෝඨා වගේ කෙනෙක් බලේට ගෙනවා කියන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තට වඩා හපන් වෙනවා.

      Delete
    3. තට්ටු 60 ක ගොන් කතාව ගෙනාපු ගෝඨා ගැන මොන කථා කතාද.....

      Delete
    4. ගොටභය ඔය සෙල්ලං කරන්නේ කම්කරු නීති තඹේකට මායිම් නොකර හමුදාවේ කොල්ලොන්ගෙන් වැඩ අරන්. එහෙනම් දකුණු ඉන්දියාවේ දෙමලු, ඇතුළු ලංකාවේ මිනිස්සු වහල් කමට අරන් මිට වඩා වැඩ කරපු සුද්දෝ එලෙව්වේ අපරාදේ. දැන් බලන්නකෝ 'සිංගප්පුරුව'.

      Delete
    5. හමුදා සෙබළුන්ට කම්කරු නීති අදාල නැත. හමුදා සෙබළුන්ට Fatigue duty යනු වෘත්තීයේම කොටසක් පමණි. වැඩි විස්තර විචාරකතුමාගෙන් අසා දැනගත හැකිය.

      Delete
    6. මම අහන්නේ හමුදා සෙබළුන්ට කම්කරු වැඩේ අදාලද කියල. මෙතන වෙන්නේ නීති නැති නිසා උන්ව මරණ කන එක. ඒක කොච්චර අසාදාරන විදියටද කරන්නේ කියල බැලුව හැකි කතා කරලා බැලුව නම්. නමුත්, සමහර අලුත් අය හිතන් ඉන්නේ ප්‍රශ්න නොකර පැය 12ක් 10ක් විතර වැඩ කරන එක තමන්ගේ රාජ කාරිය කියල.

      Delete
    7. හමුදාවකට අනිවාර්ය කටයුතු අතරින් එකක් ෆැටිග් කියන්නේ. ඒ සම්බන්ධව හරි දැනුමක් නැතිව ෆැටිග් = කම්කරු වැඩ කියලා හිතලා කතා කරන්න බැහැ. මමත් හමුදාවේ වසර 14 ක සේවයකින් පසුව ඉවත් වූ අයෙක්. ඒ වසර 14 තුලදීම මගේ රෑන්ක් එකට අදාලව තිබුන ෆැටිග්වල නිරත වූ අයෙක්. මුල් කාලේ අපිත් කානු කැපුවා. බංකර් හැදුවා. කොළඹ පැත්තට ආවම පනාගොඩ හෝමාගම පැතිවල පිඩලි කැපුවා,ඒවා ඇල්ලුවා ඔබ කියන කම්කරු වැඩ ඕන තරම් කලා. වසර කිහිපයක් ඇවෑමෙන් මට හිමි උනේ අළුත් සෙබළුන් ෆැටිග්වල යෙදවීම වගේ දේවල්. අවසාන කාලය වන විට අපිට හිමි ෆැටිග්වලට තිබුනේ සේවය කල කාර්යාලය පිරිසිදු කිරීම මල් ගස් නඩත්තු කිරීම වගේ සරල දේවල්. ඕක සාමාන්‍ය දෙයක්. හැබැයි අර මුල් අවුරුදු හතරෙදි වගේ කවුරු හරි අපෙනුත් ඇහුවනං වැඩ කිරිල්ල ගැන අපිත් අඩලා දොඩලා මොනවා හරි කියනවා සැකයක් නැතිවම. ඒ තරමට ඒ කාලේ එපා වෙලා හිටියේ. ඒත් කාලයත් එක්ක ෆැටිග් කියන්නේ හමුදා විනයේ අත්‍යවශ්‍ය අංගයක් බව අවබෝධ උනාට පස්සේ අතීතය ගැන හිතලා හිනා වෙනවා ඇර දෙයක් නැහැ. ඒ හින්දා පාරේ කානු කපන සෙබලෙක්ගෙන් ප්‍රකාශයක් අරං ඒ ඔස්සේ ගොඩක් දුර හිතන්න එපා. ප්‍රහ්නය ඇත්තේ ඔබට හමුදාවක් ගැන හා එහි ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් නැතිකම.

      Delete
  3. පොදු අපේක්ශක! පොදු අපේක්ශක!
    මටන් තියෙන බය කොහොම හරි කරලා, නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් හොයා ගත්තැයි කියමු. දිනලා විධායකේ නැති කරන එකට කලින්, පොර දෑත් ශක්තිමත් කොරන්ඩ නොගිහින් ඉඳිද කියලා.....

    ReplyDelete
    Replies
    1. //දිනලා විධායකේ නැති කරන එකට කලින්, පොර දෑත් ශක්තිමත් කොරන්ඩ නොගිහින් ඉඳිද //

      විධායක ජනාධිපති උනාට පස්සෙ ආයෙ කාගෙ දෑත ශක්තිමත් කරන්නද බං. උගේ දෑත් ශක්තිමත් කරන්න නං ඉඳියි කට්ටිය.(ඒක තමයි බය)

      Delete
    2. පොදු අපේක්‍ෂකයෙක් නොවේ අවශ්‍ය මෙන්න මේ වැඩපිළිවෙලට සහය දෙන කෙනෙකි.
      1. රාජ්‍ය දුශණයට ඉඩක් නැතිවන ලෙස නීති ගෙනඑන බවට සහතික වෙන කෙනෙක්
      2. නීතියේ ස්වාධීනත්වය තහවුරු වල වැඩපිළිවෙලකට එන කෙනෙක්
      3. පාරදෘශ්‍ය භාවය පචතින ලෙස රාජයේ පත්වීම් උසස් වීම් තහවුරූ කරන කෙනෙක්
      මෙවන් අයෙක් ජනාධිපති වනවා නම් . ජනපති ක්‍රමයේ වරදක් මා නොදකිමි

      Delete
    3. මගේ August 11, 2014 at 3:24 PM උත්තරෙන් කියන්නෙ පොදු අපේක්ෂකයෙක් අවශ්‍ය වෙන හේතුව. ඔබ අංක වලින් දක්වපු අවුල් හැදෙන්න මූලික හේතුවක් විධායකය. මම කියන්නෙ ඉස්සෙල්ල තිබුන ක්‍රමයෙන් සියල්ල හරියනවා කියන එක නෙවේ. මේ තියන ක්‍රමය ඊට වඩා අයහපාලනයට හේතුවක්.

      Delete
  4. අර Venn සටහන මට නං අවුල්. මේ සංකල්පය විස්තර කරන්න ගැලපෙන්නේ නෑ කියලයි හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ගණිතයේ තියන වෙන් සටහනක් ආකාරයෙන්ම මේක බලන්න එපා. නිකං පැහැදිලි කිරීමක් විතරයි බලාපොරොත්තු උනේ.

      Delete
    2. මෙහෙම කරමු.

      S කියන්නේ සිංහල චන්ද ලබාගත හැකි අපේක්‍ෂකයින් ගේ කුලකය
      T කියන්නේ දෙමල චන්ද ලබාගත හැකි අපේක්‍ෂකයින් ගේ කුලකය
      M කියන්නේ මුස්ලිම් චන්ද ලබාගත හැකි අපේක්‍ෂකයින් ගේ කුලකය
      C කියන්නේ යුඇම්පී සහ ජේවීපී පොදු එකඟතාවය ඇති අපේක්‍ෂකයින් ගේ කුලකය

      දැන් ටිකක් හරි වගේ?

      රනිල් C කුලකයේ නැති එකයි මේ තර්කයේ අවුල!

      Delete
  5. මට නං මෙලෝ හරුපයක් තේරුනේ නෑ.. ඔව් ඉදගෙන..

    ReplyDelete
    Replies
    1. ඔහෙත් 6.30 සෝ එකට එන්න.

      Delete
  6. මොන පොදු අපේක්ෂකයෙක්ද බං. එකම එක පොදු අපේක්ෂකයයි ඉන්නේ. ඒ ජෙප්පන්ගේ ආශීර්වාදයද හිමි. මහින්ද රාජපක්ෂයන්ම පමණි. පොදු අපේක්ෂයා හොයාගෙන ඒන් කොට. පෙරහැර ඉවරවෙලා, කස කාරයෝ ගෙදර ගිහින් නිදි. ජනතාව තාමත් බස් නැතුව බස් පොලේ නිදි.

    ReplyDelete
  7. ඔතනින් හොදම අපෙක්ශකයාව ගෙනවත්, ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණය තිබුනොත් පොදු අපෙක්ශකයාට ලොකු අවස්තාවක් ලැබෙන්න පුලුවන්......

    ReplyDelete
  8. පැහැදිලි සටහනක් ! පස්ටය

    ReplyDelete
  9. රාජ් මගේ යාළුවෙක් හිටියා
    මිනිහා සර්වත්‍ර කුලකේ ඉස්මොලේ ගිහිං මලා !

    ReplyDelete
    Replies
    1. උඹත් අර ආතල් ඇනෝ වගේ බුවෙක් බං. කීයක් මලත් කමක් නෑ උඹ පරිස්සමිං ඉඳපං මචෝ

      Delete
  10. හරි මහින්ද මහත්තයා අයින්කරා කියමු ඊලගට එතනට ගෙ‍නෙන්නේ කවුද?
    ඉගුරැ දිලා මිරිස් ගත්තා වගේ වෙයිද?
    හමුදා පාලනයකට අපි කැමතිද?

    ReplyDelete
    Replies
    1. //හමුදා පාලනයකට අපි කැමතිද?//
      මහින්ද බස්සපු බෝල තාම දිරවල නැද්ද බං?

      Delete
  11. රාජ්ට එතකොට නාථ දෙයියෝ?:)

    කුලක ගැන කියන කොට මේ දේත් මතක් උනා. ඔය කුලක රවුම්වලට පිටිනුත් කට්ටියක් ඉන්නවා. ඒ සාමාන්‍ය මිනිස්සු.

    ඉස්කෝලේ දි කුඩා පොදු ගුනාකාරය හා මහා පොදු සාධකය ඉගෙන ගත්තා . ඒ දෙක පැටලුනොත් හරි අවුලක් වෙන්නෙ. මට හිතෙනවා ඒ දෙක පැටලිලාද කියලා

    ReplyDelete
    Replies
    1. උඹේ නාථ කතාව කියෙව්වෙ ෆෝන් එකෙන්. කමෙන්ටුවක් දාන්න බැරිවුනා. මං හිතන්නෙ උඹට පිස්සු බෝ වෙලා.

      Delete
  12. අපේ පොදු අපේක්ෂකයා හැටියට 'රාජ්' පත් කරගත්තොත්? :D

    ReplyDelete
    Replies
    1. අනේ අහිංසක මාව අල්ලගන්න එපා ඕවට

      Delete
    2. මටත් හිතුනේ ඕකමයි පොඩ්ඩි. :D

      Delete
  13. පැහැදිලි විස්තරයක් රාජ්...
    හැබැයි තාමත් පොදු අපේක්ෂකයා මයින්දම නේද??? වෙනස්කල යුතු මේ තත්වයම නේද? ඔය යෝජනා වෙලා තියන නං වලට මහින්දට තරම් ප්‍රතිරූපයක් ඇද්ද... ඔවුන්ට හිස ගලේ ගසා ගත්තා සේ වෙයිද (පොන්සේකාට වගේ)

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. //අපේක්ෂකයා මයින්දම නේද???//
      මයින්ද ජනාධිපති මිසක් පොදු අපේක්ෂකය නෙවේ.

      මේක මාරාන්තික ගේමක් කොහොමත්. ගේම ගහන්න බය නැති වීම අනිවාර්යයි.

      Delete
  14. මචං රාජ්@ මට ගණිතය කවදත් තේරුනේ නැහැ.ඒත් පොදු අපේක්ෂකයා වෙන්න දැනට නම් වැඩිම සුදුසුකම් තියෙන්නේ ශිරාණී බණ්ඩාරනායක නෝනටයි.මේ වැඩේ හරියන්න නම් විපක්ෂයම එකට එකතු වෙන්න ඕන.ආණ්ඩුව ඇතුලෙනුත් සහයක් ලැබෙනවා නම් තවත් හොඳ වෙයි.හැමදේටම කලින් මේ පවුල් පාලනය නවත්වන්න ඕන.යහපාලනය ඇතිවෙන්න එකත් ලොකු හේතුවක් වෙනවා

    ReplyDelete
    Replies
    1. දැනට ඉතිරිව ඉන්න දෙන්න තමයි සෝභිත හාමුදුරුවන් සහ ශිරානි නෝන. නමුත් මගේ නං වැඩි බර තියෙන්නෙ හාමුදුරුවන්ට. සාමාන්‍ය සමාජය ඇතුලෙ ශිරානි නෝනට වැඩිය හාමුදුරුවො ජනප්‍රියයි.
      අනිත් ටිකට නං උඩින්ම එකඟයි.

      Delete
  15. මම දැන් කීප සැරයක් ඇවිත් බලල ගියේ රාජ්ගෙ යාළු ඇනෝ ඇවිත්ද කියල.තාම පොර නෑ මිනිහ තාම ජයේ අයියගෙ පොට් එකේ වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. වෙන්නැති. ඒ පැත්තෙ නං ඇවිත් තිබුනෙ.

      Delete
    2. හලෝ හැලපෙ,

      මම උදේ පාන්දර ඔපිස්‌ ආපු ගමන් හැලපෙගේ බ්ලොග් එකේ කොමෙන්ට් එකක් දැම්මා. ඒක හැලපපෙට මෙතනින් බලන්න පුළුවන්.

      අද හැලපෙ ඔපිස්‌ එකේ වැඩ වැඩ වැඩ. රාජ්ගේ පොස්ට් එකයි අපේ මාතලන්ගේ පොස්ට් එකයි මම දැක්කා. ඒකයි මේ කොච්චර වැඩ තිබුනත් කොමෙන්ට් එකක් දාන්න ආවේ. අනික අපේ ලොක්කා මොනා කිව්වත් අපේ රාජ්ගේ පොස්ට් එකට කොමෙන්ට් එකක් දාලා දුක සැප අහන්නේ නැතිව කොහොමද?

      ඊයේ ආවනේ රාජ් මගේ මිත්‍රයෙක් රට ඉදලා. ඉතිං එයා අද හවස අපේ ගෙදර එනවා බිමට සහ කෑමට. ඒ හින්දා අද දවල් කෑමට කලින් අඩියක් ගැහැව්වේ නෑ. මොකද අද හවස බොනවනේ හොදට.

      ආ ඒක නෙමෙයි හැලපෙ, ජයේ අයියගේ පොට් එකේ පහුගිය දවසක ගියානේ වලියක්. මම ඉතිං මගේ භාගේ ගගහා ඒක දිහා බලං හිටියා. එතන හිටපු තට්ටේ තියෙන මහත්තයෙක්ගේ තට්ටේ තුවාල වෙලා. මට එතකොට නං අපේ කකාගේ තට්ටෙත් මතක් උනා.
      එහෙනං රාජ්,හැලපෙ මම අද පොඩ්ඩක් කලින් ගෙදර යන්න ඉන්නේ. මොකද යාලුවට සලකන්න අඩුවැඩිය ටිකක් එහෙමත් අර ගන්න එපයි.
      එහෙනං මං ආයේ එන්නං කෝ.

      Delete
    3. බු දු ස ර ණ යි!!! ඇනෝ............

      Delete
  16. << වර්තමාන ජනාධිපතිවරයා පරාජය කල යුතුයිනෙ. ඒක ගැන විවාදයක් නෑ මං හිතන්නෙ. >>

    එයාව පරාජය කරන්න ඕනා කියන්නෙ ඇයි කියලා පැහැදිලි කරන්න පුළුවන්ද ? හිටිය හැමෝටම වැඩිය එයා හොඳ නෑ කියලා කාට හරි කියන්න පුළුවන්ද ?

    පොදු අපේක්ෂකයෙක් ඕනමනම් එකම එක්කෙනයි ඉන්නෙ.. ඒ ඝෝඨාභය.. විතරයි.. අනිත් උන් ඔක්කොම විහිළු කාරයො...

    ReplyDelete
    Replies
    1. කණගාටුයි. උත්තර දීමෙන් වලකින්න වෙනව.

      Delete
    2. මට ලොකු හුස්මක් ගන්න වුනා මේක දැක්කම

      Delete
    3. උත්තර දීම නොදීම ඉතින් තමුන්ගෙ කැමැත්තක්.. උත්තර දීමෙන් වැළකිලා ඉන්න නිසා ඒ ඇයි කියලා අහලා වැඩකුත් නෑනෙ..

      ගොහින් එන්නම්...

      Delete
    4. සෙන්නගෙ ප්‍රස්නෙම අහල මාත් ගොහින් එන්නම්.

      Delete
    5. මහින්දව බලේ තියා ගන්න යුද්දේ දින්නා කියන එක ඇරෙන්න වෙන මොකක්ද තියෙන හේතුව.?
      ගෝඨාව මට නම් පේන්නේ තමිල් සෙල්වම් වගේ හිනා වෙන නාගයෙක් කියලායි.

      Delete
    6. ඇයි ගොනෝ තේරෙන්නෙ නැද්ද?ලංකාව කියන්නෙ හම්බන්තොට, කියල හිතාගෙන ඉන්න,ලංකාවෙ ජනතාව කියන්නෙ,රාජපස්සල විතරයි කියල හිතාගෙන ඉන්න කිසිම උගත් කමක් නැති,ඉන්දියන් සාගරයෙන් එහාට ගියාම,මෙලෝ රටක් ගනන් ගන්නෙ නැති,වයිරයම දේසපාලනය කරගත්ත,ජාතිවාදයම එකම ආයුදය කරගත්ත,ලංකාව ලෝකෙටම උගස් තියපු,මුලු සමාජයම නරාවලක් කරපු,!!!! තවත් ඕනද?

      Delete
    7. මේරටේ ජනතාව කියන්නෙ මේ බ්ලොග් ලියන හතරපස් දෙනා නොවෙයි.සෙන්න විතරයි ඇත්ත කිව්වෙ.පොදු අපේක්ෂක කතා කියන්නෙ යූඇන්පිය බලයට ගේන්නනෙ.කොස් ඇට බාවන්න බලල්ලු හොයන්නෙ.
      රනිල් ආව කියල මහලොකු මගුලක් වෙන්නෙ නෑ.වෙන එකම දේ රෝයල් එකේ එවුන් රජ වෙයි.දුප්පතාට පොලිස් ප්‍රහාර
      බටලන්ද හොටෙල් එකේ තරු පහේ කෑම ගම්බද දුගීන්ට.

      Delete
    8. ගෝඨාභය කියන්නේ ඉන්න සුදුසුම තැන දැනට ඉන්න කෙනෙක්.. ආයේ ජනාධිපතිකමට දාන්න ඇදලා ගන්න ඕන කෙනෙක් නෙවෙයි. එකම දේ ගෝටාභයට ඔය ටික ඔය විදියටම කරං යන්න තව කාලයක් දෙන්න උවමනයි... ඒකට ගෝඨාභය ජනාධිපති කරවන්න උවමනා නැහැ. මහින්ද අයියට ඔය ඉන්න විදියට ඉන්න දුන්නම හොඳටෝම ඇති...

      @AnonymousAugust 11, 2014 at 8:54 PM
      +++++++++++++++++++++++++++++++++++

      Delete
    9. ඉහල සියල්ලන්ට,
      සාපෙල පන්තියෙදි දෙකේ පන්තියෙ ගනං කියල දෙන්න බෑ කියල හිතුන නිසා තමයි මුල් ප්‍රතිචාරයට මගේ රිප්ලයි එක ඒ විදියට දැම්මෙ.
      තව දුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්, මේ ලිපිය තියන බ්ලොග් අවකාශයට විතරයි මේ කියපු කාරණා ලියල තියෙන්නෙ. තමුන් කරන්න ඕන මොනවද කියල දන්නෙ නැති, රටක් පාලනය කරනව කියල කියන්නෙ මොකද්ද කියල දන්නෙ නැති තමන්ගෙ අයිතිවාසිකම් මොනවද කියල දන්නෙ නැති මහජන නියෝජිතයන් කියන්නෙ කවුද කියල දන්නෙ නැති 'සාමාන්‍ය සමාජයට' මේක කියල වැඩක් වෙන්නෙ නෑ. ඒ නිසා ඉඳහිට මතුවන මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මහන්සි වීම අපරාදයක් කියලයි මට හිතෙන්නෙ.

      Delete
    10. //තමුන් කරන්න ඕන මොනවද කියල දන්නෙ නැති, රටක් පාලනය කරනව කියල කියන්නෙ මොකද්ද කියල දන්නෙ නැති තමන්ගෙ අයිතිවාසිකම් මොනවද කියල දන්නෙ නැති මහජන නියෝජිතයන් කියන්නෙ කවුද කියල දන්නෙ නැති 'සාමාන්‍ය සමාජයට' මේක කියල වැඩක් වෙන්නෙ නෑ.//

      රාජ් හිතං ඉන්නේ බ්ලොග් අවකාශයේ අය ඔය කියාපු ගතිගුණවලින් තොර සැට් එකක් කියලද..? ඒ කිව්වේ තමන් කරන්න ඕන මොනවද කියලා දන්න.. රටක් පාලනය කරනවා කියන්නේ මොකක්ද කියලා දන්න තමන්ගේ අයිතිවාසිකම් දන්න මහජන නියෝජිතයන් කියන්නේ කවුද කියලා දන්න “අමුතු සමාජයක්“ කියලද..?

      අනේ මංදා මමනං දන්නේ මෙච්චරයි.. බ්ලොග්වල ඉන්නෙත් සාමාන්‍ය සමාජයේ ඉන්න ඩයල් ටිකම තමා... ඒ අය අතරේ ඔය කියන දේවල් දන්න අය වගේම නොදන්න අයත් ඉන්නවා.. හැබැයි පොඩි වෙනසකට තියෙන්නේ බ්ලොග්වල විතරක් නෙවෙයි සාමාන්‍ය ලාංකීය සයිබර් අවකාශයේ ඉන්නේ දේශපාලනික වශයෙන් එක් පැත්තකට වැඩි නැඹුරුවක් ඇති පිරිසක් විතරයි... සුළුතරයක් ඉන්නවා ඒ නැඹුරුවට වෙනස් මත දරන අය.. ඒ ඇර ඔය කියන අමුතු සැට් එකක්නං මට පෙනිලා නැහැ මේකේ ඉන්නවා.. :D

      Delete
    11. මම හිතං ඉන්න විදියට බ්ලොග් අවකාශය සාමාන්‍ය සමාජයට වඩා සෑහෙන්න වෙනස්. සෑහෙන්න ඉදිරියෙන් ඉන්නෙ.(එක පැත්තකින්). ඒකට හේතුව තමයි යම දැනුවත් පිරිසක් තමයි බ්ලොග් ලියන්නෙ කියවන්නෙ. බ්ලොග්කරුවන්ගේ බහුතරය මැයි පෙලපාලි නොයන බත් පැකට් එකට කඩේ නොයන ජාතියේ එවුන් කියල හිතන්න පුළුවන් අය. පිටරටක ඉඳල ලියන කියවන පිරිසත් සෑහෙන්න ඉන්නව. එහෙම බැලුවම මට නං මේක අමුතු සමාජයක් තමයි.

      අනිත් පැත්තට අදහස් අතින් ගත්තම නොදියුණු මිනිස්සුත් ඕන තරම් ඉන්නව. උදාහරණයක් විදියට සමාජයේ ඉන්න අන්තිම ජාතිවාදියගෙ ඉඳල ජාතියට එරෙහිවන්නන් දක්වා පිරිස මේකෙ ඉන්නව. ඒ එක පැත්තක් විතරයි.

      සරළවම කිව්වොත් මේ බ්ලොග් අඩවිය බලපු පිරිස අතරෙ ඡන්දයක් තිව්වොත් කවුරු දිනයිද? හිතපං....

      Delete
    12. රාජ් හිතං ඉන්න විදියටම හැම දේම කෙරෙන්නේ නැති එකනේ රාජ් මෙතන අවුල.. :D
      පක්ෂය මොකක් උනත් සයිබර් අවකාශයේ අපි දන්න කියන පිලිගත්තු ප්‍රසිද්ධ දේශකයින් ඩබලකුත්... පහුගිය මැයි පලවෙනිදා රැලියකට ගියා... ඒ සයිබරයෙන් ඔබ්බට අඩිය තියලා රැලියකට ගියේ මේ උඹ අපි වගේ මට්ටමේ දෙන්නෙක් නෙවෙයි අපිට වඩා රාජ්ගේ බුද්ධිමට්ටම් මීටරේට අනුව ටිකක් උඩ ලෙවල් එහෙක අය... බත් පැකට් එහෙකට කඩේ නොයන අය මේකේ ඉන්නවා කියලා රාජ්ට විශ්වාසයෙන් යුතුව කියන්න පුළුවන් උනාට... රස්සාවකට.. දීමනාවකට.. ප්‍රෙමා්ෂන් එහෙකට... දරුවාට පාසලක් වෙනුවෙන්... රැකියාව හැටියට කඩේ යන අය මෙතැන ඉන්න පුළුවන්ද බැරිද..? එහෙම නැහැයි කියලා රාජ්ට තහවුරු කරන්න පුළුවන්ද..? මගේනං කල්පනාව එහෙම අය මෙතැනත් ඉන්නවා.. පොඩි වෙනසකට තියෙන්නේ අර කියන බත් පැකට් එකට කඩේ යන එකාට වඩා මෙතන ඉන්න එකා සූත්තර දන්න උන් වීම විතරයි.. :D මටනං මේක අමුතු සමාජයක් නෙවෙයි.. මහ පොලොවෙදී හම්බ උන සැට් එකම මට මෙතැනදීත් හම්බ වෙනවා... වෙනසකට තියෙන්නේ ඉතිං මහ පොලවෙදී වගේ නෙවෙයි මෙතැනදී බොහෝ වෙලාවට සුදු රෙද්දෙන් ඔක්කෝම කවර් කරගන්න පුළුවන්කමක් තියෙනවා.. එච්චරයි...

      දෙවැනි ඡේදෙන් කියන විදියට රාජ්ටම තේරෙනවා මෙතන ඔක්කෝම බඩු සැට් එක ඉන්නවා කියලා... ඉතිං මොන අමුතු සමාජයක්ද මේක....

      මොකක් ගැන චන්දයක් තිව්වොත්ද..?

      Delete
    13. උදාහරණයක් විදියට මහින්ද ඕනද එපාද වගේ ඡන්දයක්. නැත්තං ජනාධිපතිවරනය තියෙන්නෙ බ්ලොග් කියවන්නන්ට පමණයි කියල හිතල වගේ එකක් මම යෝජනා කලේ.

      Delete
    14. බුදු අම්මේ ගේමක් නැතිවම මහින්ද ගෙදර.. :D ඒත් ඒකෙන් කියවෙනවද බ්ලොග් ලියන අය බුද්ධිමත් අමුතු සෙට් එකක් කියලා...? :D වෙලා තියෙන්නේ සම්පත් බෙදී යාමේ විෂමතාවය නිසා අන්තර්ජාලය එක් කොටසකට පමණක් සීමා වෙලා.. ඒ කියන්නේ හරක් සහ බුද්ධිමතුන් කියන දෙපිලකින් බුද්ධිමතුන් කියන කොටසට නෙවෙයි... මං කලිනුත් කිව්වේ පොඩ්ඩක් එක පැත්තකට බර සෙට් එකක් අතට බලය ලැබීමක් මෙතන වෙලා තියෙන්නේ... සරල උදාහරණයක් ගත්තොත් අද දවසේ ජනප්‍රිය බ්ලොග් අඩවි විස්සක් නම් කරලා ඒ බ්ලොග්වල හිමිකාරයින්ගේ දේශපාලන පසුබිම සත්‍යවශයෙන්ම දැනගන්න බලන්න... මුල් ටික කොහේද තියෙන්නේ කියලා... :D
      (මේ වැරදීමකින් වගේ මම වගේ උන් එකෙක් දෙන්නෙක් මෙතන හක්කලං කොලාට)

      Delete
    15. රාජ්,

      පමා වෙලා හරි කරපු පැහැදිලි කිරීමට ස්තූතියි. මම පිළිගන්නවා, රාජ්ට සහ මේ බ්ලොග් අවකාශයේ සරණ අටෝරාශියක් පිරිසකට තරම් මට දේශපාලන දැනුමක් නෑ කියන එක ගැන. ඒ අතින් ගත්තම මගේ ඒ සම්බන්ධ දැනුම දෙකේ පන්තියේ තමයි. ඒක හරි. එතකොට මේ බ්ලොග් එකේ කොහෙවත් දාලා තිබුනද අහවල් ප්‍රමාණයේ දැනුමක් තියන අයට විතරයි මෙතන ප්‍රශ්ණ අහන්න පුළුවන් සහ ඒ ප්‍රශ්ණ වලට විතරයි පිළිතුරු සපයන්නේ කියලා. බ්ලොග් අවකාශයේ සරණ හැමෝටම ඉහල දේශපාලන දැනුමක් තියනවා කියලා හිතන එක විකාරයක්. මම මේ ලිපිය කියෙව්වා, මට හිතුන දේ මම ඇහුවා. රාජ්ට හිතෙනවනම් ඒක රාජ්ගෙ මට්ටමට ලන් නොවිච්ච දෙකේ පන්තියෙ ප්‍රශ්ණයක් කියලා... ඔය කළා වගේ ඉතින් පිළිතුරු නොදී ඉන්න පුළුවන් තමා. පිලිතුරු දීලා පැහැදිලි කිරීමක් කළානම් වඩාත් හොඳයි. හැබයි ඕකට සිංහලෙන් කියන්නෙ "උද්දච්චකම" කියලා.

      යන්නම්.

      Delete
    16. // පිලිතුරු දීලා පැහැදිලි කිරීමක් කළානම් වඩාත් හොඳයි. හැබයි ඕකට සිංහලෙන් කියන්නෙ "උද්දච්චකම" කියලා.
      //

      + + + + + + +

      Delete
    17. මාරයා,
      ආං ඒක තමයි කිව්වෙ. නමුත් උඹ කියන සම්පත් බෙදීයාම මෙතෙන්ට අදාල නෑ. මොකද උඹ හිතං ඉන්නව නං ඉන්ටනෙට් තියෙන්නෙ ධනපතියන්ට කියල අන්න එතනයි උඹට වැරදුනේ. (උඹට ඕන නං උදාහරණයකට මම ම ගන්න පුළුවන්)

      සෙන්නා,
      පොදු අපේක්ෂකයෙක් ගැන කතා කරන වෙලාවෙ මහින්ද හොඳ නැද්ද කියල ඇසීම තේරුමක් නැති නිසා තමයි මම මුලින්ම උත්තර දීමෙන් වැලකුනේ. ඊට පස්සෙ කස්ටිය අහද්දි උත්තරයක් දුන්න. එච්චරයි. මෙතන ප්‍රශ්න අහන්න පුළුවන් ඕන කෙනෙකුට. ඕන ලෙවෙල් එකක ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඒකනෙ ඒ ප්‍රශ්නෙ තාම තියෙන්නෙ. නමුත් උත්තර දෙන්නෙ මම. අන්න ඒ අයිතියට මොකුත් කියන්න කාටවත් බෑ කියලයි මම හිතුවෙ. ඒක උද්දඡ්චකමද මොන කමද කියල හිතීම උඹේ වැඩක් විතරයි.

      //යන්නම්//.
      අන්න එ්කනං කිව්වෙ මළ පැනල නැද්ද? :-)

      Delete
    18. @සෙන්නා, රාජ් සහ "අටෝරාශිය",

      අපි හැමෝටම වගේ වෙන මිස්ටේක් එක තමයි අපේ පණ්ඩිතකං රටේ බහුතරයකට තේරෙයි ඒවට එකඟවෙයි කියල මුලින් හිතෙන එක. ඒත් ලංකාවෙ වැඩිදෙනෙක් දෙශපාලනේ ගැන කතා කරන්න ආස වුනාට ඇනලයිස් කරන්නෙ ප්‍රශ්න අහන්නෙ නැහැ.
      මට නම් හිතෙන්නෙ මෙතන ප්‍රශ්න අහන එකෙන්ම ඒ කෙනාට දැනුමක් තියනව කියන එක පේනව.

      සෙන්නා, රාජ් කියල තියෙන්නෙ මේක බ්ලොග් අවකාශයේ අයට කියලනේ. සෙන්නා බ්ලොග් අවකාශයේ ප්‍රමුකස්තානයක් ගන්නවනෙ No worries then. (ඒක නෙමෙයි සෙන්නා ලඟදි නේද මට දැලි පිහි සහ කිරි ගැන කිව්වෙ :-D :-D )

      Delete
    19. රාජ්ව මෙතැනදිනම් ඇනිලම ගිහිල්ලා. ජනතාව බහුතරයක් කැමති කෙනා තෝරගත්තම ඒ තෝරගත් අයව හරක් කරන රාජ් සැබෑ ප්‍රශ්න හමුවේ ගොලුබෙල්ලෙක් වෙලා. රාජ් ඔයා කරන්නේ තමන්ගේ පක්ෂ දේශපාලයන. එහෙමනං කෙළින්ම එන්න එතැනින්. ඔයා එන්නේ වෙන පැත්තක් අල්ලං.හරියටම රනිල් වගේමයි. ඔයාට තව ඒදේ වෙන්නනනම් තව අවුරුදු 7ක් බලන් ඉන්නම වෙනවා

      Delete
    20. AnonymousAugust 14, 2014 at 10:30 PM
      මොකක්ද ඇනිල යනව කියන්නෙ? මොකද්ද ඔයා කියන මම නොකියන සැබෑ ප්‍රශ්න?

      ජනතාවගේ තෝරාගැනීම ගැන මමත් දන්නව, ඒ තෝරාගැනෙන අයත් දන්නව ඔය කියන බහුතර පිරිස අතරෙ නැත්තං ඔහෙත් දන්නව ඇති. ජනතාව බුද්ධිමත් කියල කියන්නෙ කපටිකමට නෙව. හැබැයි ඒක එහෙමයි කියල අපිට කියන්න ඕන නෑ. මොකද අපිට ජනතාව ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් නැති නිසා.

      //රාජ් ඔයා කරන්නේ තමන්ගේ පක්ෂ දේශපාලයන.//
      මම පක්ෂ දේශපාලනයක් කරන්නෙ නෑ ඇනෝ. එහෙම නොකරන ඉත‍ාම සුළු පිරිසෙන්(බ්ලොග් අවකාශය තුල පවා) කෙනෙක්. දේශපාලනය කියන්නෙ එකසැරේ කනපිට හරවල 'හොඳ' කරන්න පුළුවන් දෙයක් නෙවේ. ටික ටික ඉස්සරහට යායුතු ගමනක්. කොච්චර අමාරු උනත් අපි නං තෝරගන්නෙ ඒ ගමන.

      Delete
  17. මම නම් ආගමික නායකයෝ දේශපාලනයට එනවාට කැමති නෑ.
    ශිරාණි ගැනත් කියන්න දන්නේ නෑ. මතකනේ 94 නොදන්න කාන්තාවන්ව විස්වාස කරන්න ගිහින් වෙච්ච දේ? මම නම් තවම කැමති පොදි අපේක්ශකයෙක් විදියට රනිල්ම එනවට. ඒත් ජේ වී පී එකයි රනිල් ලයි අතර එකඟතාවයක් තිබිය හැකිද?

    ReplyDelete
    Replies
    1. මට නං ආගමික නායකයෙකු එනවාට වැඩි විරෝධතාවයක් තියනව පක්ෂයක අයෙක් එනවට. මොකද රනිල් අදටත් හරි වචනයක් දෙන්නෙ නෑ විධායකය ඉවත් කරනව කියල. කොහොමත් රනිල් අයින් කරන්න වෙනව. ‍ජවිපෙ එකඟ නොවීම නිසා.

      හැබැයි රංගි සෝභිත හාමුදුරුවො කියන්නෙ නානසාර පන්‍නයේම කෙනෙක් නොවීම තරමක වාසියක් තමයි. මම දැක්ක නිර්මාල් මහත්තයත් කියල තියනව සෝභිත හාමුදුරුවන් එනවට කැමතියි කියල. කවුරු ආවත් මුල් අවශ්‍යතාවය වෙන්නෙ විධායකය අහෝසි කිරීම. මේකට පාර්ලිමේන්තු අනුමැතියත් ගන්න පුළුවන් අවුලක් නැතිව. කොහොම උනත් එකක් ෂුවර්. මේ යන විදියට ලොක්ක තුන්වන වාරෙත් ආවොත් බඩුම තමයි.
      මට අද කෙනෙක් කිව්ව දෙයක් මේ. මෙයා මගේ ලඟට ආවෙ ඇප්ලිකේෂන් එකක් නෙට් එකෙන් ගන්න.
      "මල්ලි බෙලිඅත්තෙ ටෙක් එකට යන්නත් දැං ..........එකේ රෙජිස්ටර් වෙන්න ඕන"

      Delete
    2. ඔව් ඒක හරි. ආගමික නායකයෝ විවෘත මනසින් ( ආගමේ හැටියටම නොවී) ක්‍රියා කරනවා නම් අවුලක් නැතිවෙයි.
      අර රජයේ ආයතන ගැන මොන කතාද රාජ් මේ ඊයේ පෙරේදා මට ගෘහ මූලික ලැයිස්තුවකට ඇප්ලයි කරන්න හිතිලා එක්කෙනෙකුට කතා කලා. විස්තර අහලා මට කියනවා මිස්ට ප්‍රශ්නයක් නෑ නේ ඇමතිතුමාට කීවා නම් හරි. එතකොට මම ඉක්මනට කරන්නම් කියලා.

      Delete
  18. NO. 01 . SHIRANI BANDARANAYAKA,
    NO. 02 CKANDRIKA BANDARANAYAKA
    NO. 03. RANIL WICKREMASINGHA

    OTHERS NO WHERE

    ReplyDelete
    Replies
    1. CBK කියන්නෙ ලිහල බලපු මල්ලක් නෙව. ආයෙත් ඔබල බලල වැඩක් තියනවද ආයිබෝවං?
      අනිත් දෙන්න ගැන මගේ මතය මේකයි. මේක පෝස්ටුවෙ නොලිව්ව කාරණාවක්.

      එන කෙනා කවුරු උනත් S රවුමෙ ලොකු කුට්ටියක් කඩාගන්න පුළුවන් කෙනෙක් වීම වැදගත්.(අනිත් ටිකත් අැතුළුව). සිංහල සමාංයෙන් ඡන්ද 35-40%ක්වත් නැතුව සටන පටන්ගැනීමක් ගැන හිතාගන්නවත් බෑ.
      මගේ හැඟීම චන්ද්‍රිකා-රනිල් කියන්නෙ පිළුණු වුන කෑමක් වගේ. ෆොන්සේකටත් අයටත් මේක අදාලයි.

      Delete
  19. //විධායක ක්‍රමය අහෝසි කල යුතුයි කියන එක රටේ බහුතර මතය. //

    ඒක නිවැරදි විය යුතුයි නේද රාජ්? ඒක සාමාන්ය බුද්ධියක් තියන අය බහුතරයක ගේ මතය.
    ඒත් රටේ බහුතරයට සාමාන්ය හෝ බුද්ධියක් තියනවද?

    පොදු අපේක්ශක සඳහා මගේ තේරීම රාජ්ගෙ ආතල් බෝතල් ඇනෝ
    ( මගෙ බුද්ධිය ගැනත් හිතාගන්න පුලුවන් නේ )

    ReplyDelete
    Replies
    1. විධායකය අහෝසි කල යුතුද නැද්ද කියල ජනමත විචාරනයක් තිව්වොත් මොකක් වේවිද? ටිකක් හිතල බලන්න.

      Delete
  20. පොදු අපේක්ෂක කතාව තව දුරටත් වලංගුද යු.එන්.පි එක වෙනමම එනවා කියලා තියෙන කොට.
    නිර්මාල් වගේ කෙනෙක්ට මමත් කැමතියි.නමුත් ජවිපෙ එක කොන්දේසි සහිතව රනිල්ට සහය දීලා මේකේ වෙනසක් කරන්න උත්සහා ගැනීම තමයි මට හිතෙන්නේ.එකට ජවිපෙ එක 88,89 සිදුවීම් අමතක කරලා එන්න ඕනේ.71 දේවල් අමතක කරලා ශ්‍රීලනිපේ එකත් එක්ක සන්ධාන ගහන්න පුළුවන් වුන එකේ මේක කරන්න බැරි නැහැ.එකමුතුවයි,එකිනෙකා ගැන තියෙන විශ්වාසයි වැදගත් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. රනිල් වෙනම ආව කියල විපක්ෂයට ලොකු අවුලක් නෑ.ඒකෙන් වෙන්නෙ කාටවත් 50% ගන්න බැරි වෙන එක.එතනින් එහා විපක්ෂයට තමයි බර යන්නෙ.තරාදිය විපක්ෂයට බර වෙනව
      1971 යි 1987 යි වෙනස්.1971 දි ජේවීපී එක ආන්ඩුව පොලීසිය හමුදාව එක්ක යුද්ධ කළේ.1987 දි යූඇන්පී කාරයොයි ජේවීපී කාරයොයි තරඟෙට මිනීමැරුව.ඉදෙගොල්ලටම මේව අමතක කරන්න බෑ 2010 චන්දෙදිත් ඒක අපි දැක්ක.

      Delete
    2. 71, 88-89 අවුලක් නෑ. ඒව දේශපාලනය. එතන නෙවේ අවුල තියෙන්නෙ රනිල් ආවට පස්සෙ ජවිපෙට කලිසම පාත් කරල පුක පෙන්නල මහින්දගෙ ගමනම යයිද කියන අවුලයි තියෙන්නෙ.
      ඇනෝ,
      මේ වෙලාවෙ ක‍ාටවත් 50ක් ගන්න බැරි ගානට සටන ගේන්න පුළුවන් නං දිනුව වගේ තමයි.

      Delete
    3. මම හිතන්නේ නැහැ රනිල් එහෙම කරයි කියලා.මොකද විධායකය අහෝසි කරන්නා මේ රටට කරන්නේ විශාල කාර්‍යභාරයක්.එක මහින්ද යුද්දේ දිනපු එකට දෙවැනි වෙන්නේ නැති වේවි.මේ අධම,මජර ක්‍රමයම ඒ තුලින් වෙනස් කරන්න පුළුවන් නිසා.ඉතින් ඒ වගේ අවස්ථාවක් රනිල් බලේට ආවොත් මඟ හරවා ගනී කියලා හිතන්න අමාරුයි.
      හැබැයි දෙවැනි වටේ ජන්ද ගණන් කරන්න වෙන තැනකට ආවොත් විපක්ෂය දිනුම් තමයි සැකයක් නැතුවම.

      Delete
    4. මනෝජ් ඔබ යුද්ධයට විරුද්ධ කොටින්ට පක්ෂ බෞද්ධ විරෝධියෙක් නේද?
      ක්‍රිස්තියානි මූලධර්මවාදියෙක් නේද

      Delete
    5. මනෝජ් රනිල්ට නරකද අනුරව පොදු අපේක්ෂකයා කරලා ජවිපෙට සහය දුන්නොත්. විධායක ජනාධිපතිකම අහෝසි කිරීමනේ මුල්ම උවමනාව වෙලා තියෙනවයි කියන්නේ කට්ටියටම.. ඉතිං අහෝසි වෙන තනතුරට අනුරට ඉල්ලන්න දීලා ඒක අහෝසි කලානං වඩාත් හොදයිනේ.. අනික එහෙම උනාම ජවිපේ සාමාජිකයින්ටත් විශ්වාසයක් ඇති වෙයි... මනෝජ්ලා යූඇන්පී පාක්ෂිකයෝ හැටියට දැනටමත් යූඇන්පී ජවිපේ එකමුතුවකට එකඟ හින්දා මනෝජ්ලටත් පුළුවන්නේ කිසි අවුලක් නැතිව අනුරව ජනාධිපති හැටියට පත් කරන වැඩේට අත ගහන්න... නේද...?

      Delete
    6. @ ඇනෝ ඔව් මම යුද්දෙට විරුද්ධයි.කොටින්ට පක්ෂ නැහැ.ත්‍රස්තවාදය හෙළා දකිනවා කවුරු කෙරුවත්.බෞද්ධ විරෝධියෙක් නොවේ.ක්‍රිස්තියානි මූලධර්මවාදියෙක්ද නොවෙමි.
      මට තේරුම් ගන්න බැරි ආණ්ඩුවට විරුද්ධ මත දරන්නන් ඇයි මේ විදියට තාමත් පරණ හංවඩුවෙන් හංවඩු ගහන්නේ කියලා.:P

      @ මාරයියා.
      ඔව් මාරයියේ කරන්න පුළුවන් නම් එකත් නරක නැහැ.නමුත් බලන්න ජවිපෙ එකට තියෙන ජන්ද ප්‍රමාණයත් යුන්පි එකේ තියෙන ජන්ද ප්‍රමාණයත් ගත්තාම මම හිතන්නේ නැහැ.මම කැමති වුණත් බහුතර යුඑන්පි සාමාජිකයෝ මේකට කැමති වේවි කියලා.මම යුඑන්පි කියලා කිව්වත් ඇත්තෙන්ම මම ගිය පළාත් සභා මැතිවරණයේදී ජන්දේ දුන්නේ ජවිපෙ එකට.
      http://manogeloka.blogspot.com/2014/03/blog-post_24.html

      Delete
    7. //මම හිතන්නේ නැහැ.මම කැමති වුණත් බහුතර යුඑන්පි සාමාජිකයෝ මේකට කැමති වේවි කියලා//
      මං හිතන්නේ මනෝජ්ට ඕන කරන උත්තරෙත් ඔතනම තියෙනවා... ඇයි ජවිපේ බහුතරයක් සාමාජිකයෝ යූඇන්පීයත් එක්කලා කවදාවත් එකතු නොවන්නේ කියන කාරණයට... බහුතරයක් යූඇන්පී සාමාජිකයින්ට ඇති අයිතියම බහුතරයක් ජේවීපී පාක්ෂිකයින්ටත් තියෙන්න එපෑ... නමුත් දවසක් ඒවී ජේවීපියට යූඇන්පීයත් සමග අදට වඩා සහයෝගීතාවයකට යන්න පුළුවන් වෙන.. හැබැයි ඒකට රනිල් වගේ 88/89 භීෂණයේ රජය පාර්ෂවය නියෝජනය කරපු අවතාර අහක් වෙලාම ගිහින් තියෙන්න ඕන... රනිල් දේශපාලනයෙන්ම සමු අරං අද වෙද්දි ඔතන කරූ වගේ කෙනෙක් හිටියනං මෙයිට වඩා දෙයක් වෙන්න තිබුනා. රනිල්/සජිත් වගේ අයත් එක්ක අත්වැල් අල්ලන්න ජවිපේ සාමාජිකයින්ට කතා කරන එකත් විකාරයක්.එයාලා ගිය දවසක ජවිපේ ආයේ පාරක් හිතාවි සහයෝගීතාවයක් ගැන.

      Delete
    8. 88-89 සිදුවීම් ගැන එක පැත්තකට විතරක් ඇඟිල්ල දික් කරන එක වැරදියි.දෙපැත්තෙන්ම වැරදි සිදුවුනා.ඒවා දැන් අතීතයේ පාඩම්.දැන් කරන්න ඕනේ වඩා ප්‍රමුඛතාව ඇති දේට මුලිකත්වය දෙන එකයි.
      දැන් මේ ආණ්ඩුව ඇතුලෙම කොයි තරම් විරුද්ධ මත තියෙන අය ඉන්නවාද?මහින්ද පරාජය කරන්න බැහැ නෙමේ පුළුවන්.අවශ්‍ය වන්නේ එකමුතු කමයි.ජවිපෙ එකේ ජන්ද ප්‍රමාණය අඩු වුණත් විපක්ෂ වේදිකාවේ හඬ තියෙන්නේ වුන් ගාව.එකයි මේ වැඩේට ජවිපෙ එක ඕනේ.

      Delete
    9. එක පැත්තකට ඇගිලි දික් කරන එක නෙවෙයි මෙතන තියෙන අවුල මනෝජ්... ඒ කාලෙදී උවමනා දේට එහා ගිය භූමිකාවක් රගපාපු කෙනෙක් වෙනුවෙන් ජවිපෙට කඩේ යන්න බැහැ කියන සරල කතාව... ඒකයි මං කිව්වේ රනිල් අහක් උනානං ජවිපෙට අළුතින් හිතන්න පුළුවන් කමක් එනවා කියන එක... රනිල් වෙනුවෙන්ම කඩේ යන්නනං ජවිපෙට කතා කරන්නේ.. ඇගිලි දික්කිරිල්ල කෙසේ වෙතත් ජවිපේ සාමාජිකයින්ට හා නායකයින්ට එය මාරාන්තික ගැටළුවක් වෙනවා... යම්කිසි යහපත් අරමුණක් වෙනුවෙන්නං අපි කැප වෙන්නේ එතැනදී කිහිපදෙනෙකුට පරිත්‍යාගයන් කරන්න වෙනවා.. මං හිතන්නේ එයට සුදුසුම කෙනා තමා රනිල්.. ඔහු ඉවත් වෙලා යූ ඇන්පී ජේවීපි සමගියකට පාර කැපුවනං මනෝජ්ලගේ අරමුණ වෙච්ච මහින්දව ඉවත් කිරීමේ මහා ක්‍රියාදාමයට පොඩි හරි තල්ලුවක් ගතෑකිනේ.. ඉතිං ඇයි ඒ වගේ දෙයක් වෙනුවෙන් රනිල්ට අහක් වෙන්න බැරි... ජවිපෙට මුල් තැන දෙන්න බැරි... මෙතන වෙන්න ඕන මහින්ද අහක් කිරීම මිස රනිල්ව හෝ යූ ඇන්පීය උස්ස ගැනිල්ල නෙවෙයිනේ... ඉතිං හොදම දේ රනිල් අහක් වෙලා යන්නම ගියානං ඉතිරි කට්ටියට පුළුවන් වෙයි ජවිපෙට මුල් තැන නොදී සහයක බලයක් ලෙසින් එකගතාවයකට යන්න.. රනිල් ඉන්නම ඕන කියලා කාට හරි හිතෙනවනං කරන්න තියෙන්නේ රනිල් ඉන්න ගමන් ජවිපෙට මුල් තැන දෙන එක... ගනුදෙනුවක් උනාම දෙපැත්තටම සාධාරණයක් තියෙන්න එපෑ.. නැත්තං වෙන්නේ රනිලුත් ඉන්නවා.. යූ ඇන්පීයත් ගොඩ යනවා.. එතකොට ජවිපෙට...? හුළංද..? හුළං හරි කමක් නැහැ කියමු.. එතැනින් එහාට ජවිපෙට වෙන දේ මොකක්ද...? මේ කතා කරන්නේ ජවිපෙට වැලලිලාම යන්න පොටක්ද..? අර ඇනෝ කෙනෙක් කිව්වා වගේ
      //පොදු අපේක්ෂක කතා කියන්නෙ යූඇන්පිය බලයට ගේන්නනෙ.කොස් ඇට බාවන්න බලල්ලු හොයන්නෙ.//
      කේස් එක්ක නෙවෙයිනං මේක... ඇයි ජවිපෙට පොදු අපේක්ෂක කම නොදෙන්නේ.. මොනවා හරි හොරයක් හිත්වල තියෙනවා නේද..? :D

      Delete
    10. මනෝ & මාරයා
      උඹල දෙන්න තර්ක කරන කාරණය නිසා තමයි මම පෝස්ටුවෙන් මතුකලේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ගැන. ප්‍රායෝගික ප්‍රශ්න (ඇත්තටම මේව ඔරිජිනල් දේශපාලනයක නොතිබියයුතු දේවල්) අවම වෙන්නෙ එතකොටයි.

      Delete
    11. නිර්පාක්ෂික කියන බඩුනං හොයන්න ලේසි නැහැ රාජ්.. ඒත් මංනං සෝභීත හාමුදුරුවන්ට වඩාත් කැමතියි ඔය යෝජනා වෙච්ච නං අතරේ තියෙන සැක සහිත ඩයල්වලට වඩා...

      Delete
    12. නිර්පාක්ෂික වැඩේ හරි යන එකක් නෙවේ කියලායි මට හිතෙන්නේත්,මතකයියේ කලින් ආපු නිර්පාක්ෂික ෆොන්සේකා මහත්තයා කරපු වැඩේ.එන නිර්පාක්ෂිකයා පස්සේ තියෙන පක්‍ෂකට සෙට් වෙන්න හෝ වෙනමම එකක් හදා ගත්තොත් මොකද වෙන්නේ.?එත් කරන්න දෙයක් නැහැ.කවදාවත් මහින්දගෙන් මේ විධායක බලතල අහෝසි වීමක් වෙන්නේ නැහැ.අවදානමක් ගන්නම වෙනවා.සටන ජය ගන්න නම්.
      රනිල් ඉවත් වෙලා කරු ඉස්සරාට දාගෙන හරි කමක් නැහැ මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් නම්.
      ජවිපෙ,යුඑන්පි හවුලකට යුඑන්පි බහුතරයක් කැමති වුණත් ජවිපෙ එකෙන් යහපත් ප්‍රතිචාරයක් නැහැනේ.සමහරක් විට එක අනියමින් මහින්දට දක්වන සහයක් වෙන්නත් පුළුවන්.
      අනික් අතට එවැනි එක්ගත්වයක්ට ජවිපෙ එකතු වුණොත් රනිල් වුණත් මාරයියා කියන කැපකිරීම කරන්න ඉදිරිපත් වේවි බොහෝවිට.

      Delete
    13. මනෝ
      ඕකට උත්තරේ තියනව පෝස්ටුවෙ. උඹ කියනව නිර්පාක්ෂික වැඩේ හරියන්නෙ නෑ කියල. නමුත් ඒක අඩුගානෙ එක වරක්වත් උත්සාහ දරපු එකක්. යූඇන්පී ජවිපෙ දීගයක් ගැන හිතාගන්න පුවවන්ද එච්චරවත්?(මං කියන්නෙ රනිල්ව කරේ තියාගනීද ජෙප්පො?)

      ඒ වගේම නිර්පාක්ෂිකය ජනාධිපති වුනාට පස්සෙ පොරොන්දු කඩයිද කියන එකට දෙන්න තියන එකම උත්තරේ තමයි පක්ෂයක එකෙක් ඕක කරයිද? කියන ප්‍රශ්නය ඇසීම.

      Delete
  21. ඔය පොදු අපේක්ෂක කතා උගුරට හොරා බේත්බීමක්.මේ ආණ්ඩුවට විරුද්ධව තියන ලොකුම චෝදනා තමයි පවුල්වාදය,හොරකම,නාස්තිය වගෙ ඒවා.මම හිතෙන්නෙ ඔය තැනට ගිහාම වැරදි නොකරන එකෙක් නෑ.මේ නිසා කරන්න ඕන විධායක බලය නැතිකිරීමයි.පාර්ලිමේන්තුවෙ කාල සීමාවත් අඩුකිරීම ඉතාම හොඳයි.පාර්ලිමේන්තු ක්‍රමයකදි දක්ෂ කෙනෙකුට ඉහලට යන්න පුළුවන්.කුඩා පක්ෂයක නායකයෙකුට වුනත් අගමැති වෙන්න පුළුවන්.
    ඉන්දියාවෙ චන්ද්‍රසේකර්,දේව් ගව්ඩ වගෙ අය කුඩා පක්ෂවල අය.

    මට පෙනෙන හැටියට ආන්ඩුවට මහචන්දෙකට වඩා ජනාධිපතිවරණයක් අවාසියි.30 % ක් සුළු ජාතික චන්ද තිබෙන පොදු අපේක්ෂකයට සිංහල චන්දවලින් 25% ක් ගත්තත් ඇති දිනන්න.
    සංධානෙට පුළුවන් වැඩිම දිස්ත්‍රික්ක ප්‍රමාණයක් ජය ගන්න (සියළු බලය යොදවල )
    ආන්ඩුව කරන්න ඕන බුද්ධිමත්ම වැඩේ මහ චන්දෙයක් තියල ඒ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කරගෙන විධායක ජානාධිපති ක්‍රමය අහෝසි කරන එක.එහෙම වුනොත් සංධාන ආන්ඩුව තව වසර හයක් තියෙයි.
    ජනාධිපතිවරණයක් තියනව කියන්නෙ ආන්ඩුවට ලොකු අවදානමක්.2005 ප්‍රතිපලය වගෙ වෙන්න ඉඩ තියෙනව.එහිදී මහින්ද උතුර ඇර රටම දිනුවත් උතුරෙ මිනිස්සු චන්දෙ දුන්නනම් ප්‍රතිපලය වෙනස් වෙන්න ඉඩ තිබුන.
    බලමු ආන්ඩුවට මොළේ තියනවද කියල

    ReplyDelete
    Replies
    1. පළමුවෙනි ඡේදෙ පැහැදිලි මදි වගෙ.පොදු අපේක්ෂකය දාල ඕක කරන්න බෑ.දිනුවොත් ඒ වාරෙ විතරක් නොවෙයි ඊලඟ වාරෙත් ඉදලයි යන්නෙ. දිනපු හැටියෙ එයාගෙ දෑත් ශක්තිමත් කරන්න මිනිස්සු පොරකද්දි පොරොන්දුව කැලේ.

      Delete
    2. මෙතන තියෙන්නෙ විශම චක්‍රයක්.
      විධායක ජනාධිපති බලය ලැබුනම පාර්ලිමේන්තු බලය ලැබෙනව. ඒ වගේම පාර්ලිමේන්තුවෙ ඉන්න අය කුක්කො ගානට වැටෙනව. මුළුමනින්ම රාජ්‍ය බලය අතට ගන්නව. ඊට පස්සෙ ඡන්දයෙන් ආයෙත් පත්වෙනව. මේකෙ නැවතිල්ලක් නෑ. නවතින්න නං මහා ජන රැල්ලක් එන්න ඕන. හොඳ නායකත්වයකුත් එන්න ඕන. පක්ෂයක තැනැත්තෙකුට විධායක බලය හිමිවුනොත් අත්හරිනව බොරු. ඒක කරගන්න වෙන්නෙ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකුගෙන් තමයි.

      අනෙක් ටිකට එකඟ නෑ. මහ ඡන්දයක් ආවොත් බලය බැලන්ස් වෙන්න තියන ඉඩ වැඩියි. උතුර නැගෙනහිර කොහොමත් ආණ්ඩුවට නැති වෙනව. දැන' තියන 2/3ත් නැති වෙනව. ලොක්කට ඊට ලෙහෙසියි මේ වෙලාවෙ ජනාධිපතිවරණයකට යාම.

      තවත් එකක් කියන්නං. ජනාධිපතිවරණයකට ගිහිල්ල ලොක්ක දිනුවොත් ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවට ලාම්පු කලගෙඩි සෙල්ලමක් ආවොත් පුදුම වෙන්න එපා.

      Delete
    3. මහ චන්දෙකදි ගාල්ල,මාතර,කළුතර,රත්නපුර,බදුල්ල.කෑගල්ල,මොනරාගල.කුරුනෑගල,අනුරාධපුරය,පොලොන්නරුව,මාතලේ සහ ගම්පහ කියන දිස්ත්‍රික්ක ආණ්ඩුව පැහැදිලිවම දිනනව.2010 වගෙම නොවෙයි.
      හම්බන්තොට,පුත්තලම ,මහනුවර ,අම්පාර ,කොළඹ දිස්ත්‍රික්ක ආන්ඩුව යන්තමින් දිනනව .සමහරවිට යන්තමින් පරදිනව.
      අනෙක් සියළු දිස්ත්‍රික්ක ආන්ඩුව උඩින්ම පරදිනව.
      ඔන්න ඕක තමයි ඊලඟ චන්දෙ ප්‍රතිඵ්ලය.

      මෙන්න මේ නිසයි මහ චන්දෙකදි ජාම බේරගන්න පුළුවන් වෙන්නෙ.ජනාධිපතිවරනෙකට ගියොත් සෙට්ට පොච්චි වෙන ඉඩ වැඩියි.
      තුනෙන් දෙකනම් කොහොමත් නැතිවෙනව.1994 වගෙ එල්ලෙන දතක් වගෙ පාර්ලිමේන්තුවක් එන්නෙ.
      ආණ්ඩුව මෝඩ වෙලා ජනාධිපතිවරනෙට ගිහින් පැරදුනොත් ඊලඟ මහ චන්දෙන් යූ ඇන් පිය තුනෙන් දෙක ගනීද දන්නෙ නෑ.

      Delete
    4. කිසිසේත්ම මහ මැතිවරණයක් කලින් තියන එක නුවණක්කාර වැඩක් නෙවෙයි.. එහෙම උනොත් සංවිධායකලා ජනාධිපතිවරණයකදී ඒ හැටි උනන්දුවෙන් වැඩ කරන්නේ නැහැ... එකක් මහ මැතිවරණයෙන් පස්සේ නට්ටං වෙලා ඉන්න හින්දා.. අනික තමන්ගේ වැඩේ හරි ගියාට හෝ වැරදුනාට පස්සේ ජනාධිපතිවරණය මහ ලොකුවට ගණන් නොගන්න හින්දා.. ඒ හින්දා කවදාවත් ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් ගේන්නේ නැහැ ගේම ගහන්න දන්න කෙනෙක්...

      Delete
    5. AnonymousAugust 11, 2014 at 8:30 PM
      (මාරය හරි)
      කෙටියෙන් මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. මැතිවරණ දෙකෙන් ඉස්සෙල්ල තියන්න ඕන මොකද්ද කියලනේ අවුල.
      [මහින්ද ගන්න ඡන්ද ගාන/මහින්දගෙ විරුද්ධ අපේක්ෂකය ගන්න ඡන්ද ගාන]
      කියන අනුපාතය අනිවාර්යෙන්ම වැඩියි
      [සන්ධානය ගන්න ඡන්ද ගාන/විපක්ෂය ගන්න ඡන්ද ගාන] කියන අනුපාතයට වඩා.
      ඒ නිසා මුලින් ලොක්ක ගේම ගැහුවොත් ආණ්ඩුව පිහිටවීම බුදු ෂුවර්. ලොක්ක පැරදුනොත් කොහොමත් ආණ්ඩුව පරාදයි නෙව.
      මහ එක මුලින් ඇවිල්ල සම සම තරගයකට ආවොත් ලොක්කට සිදුවෙනව මාරාන්තික ගේමකට අවතීර්ණ වෙන්න.

      Delete
    6. මාරයා @ ජනාධිපතිවරණය තියන එක ඊට වඩා අනුවණ වැඩක් වෙන්න ඉඩ වැඩියි.මං කියන්නෙ මුලින්ම මහ චන්දෙ තියල දිනල පක්ෂ විපක්ෂ කාගෙත් උදව්වෙන් විධායක ක්‍රමය වෙනස් කරල එතනින්ම අගමැති ක්‍රමයකට ගියොත් ආණ්ඩුව ගොඩ.නැත්නම් විධායකයයි ව්‍යවස්ථාදායකයයි දෙකම ආන්ඩුවට නැතිවෙනව.

      Delete
  22. අනේ මන්දා මොනා කියන්න ද කියලා

    ReplyDelete
  23. පොදු අපේක්ෂකයා කිව්වම මටනම් දැනෙන්නෙම නිකන් Mr බීන් ව මතක් කරා වගේ හැඟීමක් අනේ මන්දා මොකද කියලා

    ReplyDelete
  24. දිනිය හැකි පොදු අපේක්ෂකයෙක් නම් පෙනෙන තෙක් මානයක නැත !

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඇහැ ඇරලා මේ අපි දිහාත් බලහංකෝ අයියා.. :D

      Delete
  25. නරකඩ JVP අනුර කුමාර පොඩු අපෙක්ශකය කරොත්.

    ReplyDelete
    Replies
    1. අන්න ඇනෝ හොඳ යෝජනාවක්... ජනාධීපතිකම අහෝසි කරන්නනං රනිල්ට ඕන.. ඇයි බැරි අනුරට අපේක්ෂක වෙන්න දීලා උදව් කරන්න..? රනිල්ට හේත්තු වෙන්න කියලා අනුරට කියන්නෙත් ඒකටමනං වඩාත් හොදයිනේ රනිල් අනුරට හේත්තු වෙන එක.. රනිල්ට වඩා ෂුවර් එකක් තියන්න පුළුවන් ඕක කරයි කියලා...

      Delete
    2. ‍ඒකත් රනිල් ගේන එකේම අනිත් පැත්ත නෙව

      Delete
    3. නැහැ ඒකේ බරපතල වෙනසක් තියෙනවා රාජ්.. මොකද ජේවීපියට ජනාධිපතිකම ලැබුනත් එයාලට කිසිසේත්ම මහ මැතිවරණයකදී දිනන්න බැහැ ආණ්ඩුවක් යූ ඇන්පීය නැතිව පිහිටවන්න..
      ඒත් රනිල් දිනුවොත් මහ මැතිවරණය දිනනවා ජවිපේ නැතිව උනත්... (රැල්ල ගහන හැටි මං කියන්න ඕන නැහැනේ..) ජවිපේ නායකයා ජනාධිපති වෙන එකෙන් වෙනවට වඩා මහා වෙනසක් යූඇන්පී නායකයා ජනාධිපති වෙන එකෙන් වෙනවා... ආයෙමත් බලය එක තැනකට ගොනු වෙනවා.. ජේවීපියට ආයෙමත් අනාගන්න වෙනවා.. රාජ් වෙනුවට අපිට එදාට ආයෙම ලියන්න වෙනවා සාධාරණ සමාජයයි.. අරකයි මේකයි දියවු කියලා.. :D

      ඒත් අනුර ජනාධිපතිවෙන එක රනිල් වෙනවා වගේ භයානක නැහැ කිසිසේත්ම...

      Delete
    4. මගේ අදහස ටිකක් වෙනස්. ජවිපෙ අනුරට ජනාධිපතිකම ගන්න පුළුවන් නම් පාර්ලිමේන්තුව අල්ලන එක සිම්පල්. මේ ක්‍රමේ අැතුලෙ තියන අවුලත් ඒකයි. අන්න ඒකයි විධායකය නැති කරන්න ඕන. ඒ වගේම රනිල් ගැන මම ඉන්නෙ උඹයි ඔය රනිල් හොඳාාාායි කියන අයයි මැද්දෙ. ඒ කියන තරං මෑන් හොඳ නෑ වගේම උඹ කියන තරම් නරකත් නෑ.

      Delete
    5. පාර්ලිමේන්තුව අල්ලන එක මැතිවරණ ක්‍රමය යටතේ ජවිපෙට සිම්පල් නැහැ යූඇන්පීය එක්ක හවුලකින් ජනාධිපති උනා කියලා.. එහෙමනං චන්ද්‍රිකා ජනාධිපති වෙලා ඉද්දි විහිළුවකටවත් රනිල් දිනන්න විදියක් ඇත්තෙත් නැහැ. එහෙම අල්ලනවනං අල්ලන්න වෙන්නේ විධායක බලතල හරහා හමුදාව පාලනයට අරං ඒ හරහා... ජවිපේ එහෙම හැසිරෙයිද නැද්ද කියන එක ගැනනං මං වැඩිය කතා කරන්න කැමති නැහැ.. :D

      රනිල් ගැන රාජ්ගේ මතේම තමා මට මහින්ද ගැන තියෙන්නෙත්.. :D

      මෙන්න මේ කොටසින් රාජ් අදහස් කරන්නේ මොකක්ද..?
      //මිනිහෙක් ගැන තීන්දු ගැනීමේදී ඔහුගෙන් වන බලපෑම මුළුමනින්ම සැලකිල්ලට ගතයුතුයි කියන මතයේ මම ඉන්නෙ. //

      Delete
    6. 'මට හිතෙන හැටියට' ජනාධිපති වෙන කෙනා ජනාදිපති වෙන්නෙ යම් පක්ෂයකින් නම්, පක්ෂයක කෙනෙක් නම් ඒ පක්ෂයට ඊලඟ මැතිවරණයේදි බලය ගැනීම අමාරු නෑ. චන්ද්‍රිකාගෙ සීන් එක මෙතෙන්ට ගාවගන්න එපා. ඒ වෙලාවෙ ජනාධිපතිවරණයක් තිබුනනං රනිල උඩින්ම දිනනව. මම කියන්නෙ ජනාධිපතිවරනයකින් අනුරට එන්න පුළුවන් නම් ඒ එක්කම තියන ලොකු එකකදි රැල්ල ඒ පැත්තට ගහනව. නවත්තන්න බෑ.

      Delete
    7. රනිල් කියන්නේ සමස්ථ ජන්ද ප්‍රමාණයෙන් සීයට 40ක පරවේණි උරුමය තියෙන කෙනෙක්... අනුර කියන්නේ හෝ ජවිපේ කියන්නේ සීයට 5ක්වත් නැති කොටසක්.. අරයයි මෙයයි දෙන්නා සංසන්දනය කරන්න යන්න එපා රාජ්... කවදාවත් වෙන දෙයක් නෙවෙයි. හැබැයි රනිල් මොන විදියකින් හරි ජනාධිපති උනොත්නං ගේමක් නැතිව මහ මැතිවරණයත් දිනනවා ජවිපේ අහක් උනත්...

      Delete
  26. සාර්ථකව රට කරං යන්න පුලුවං හැම අංශයක් සම්බන්ධවම දැනුමක් තියෙන ලෝක ආර්ථික ක්‍රමය ගැන අවබෝධයක් තියෙන එකම එකයි ඉන්නෙ ඌ රනිල්. ඒත් ඌට මිනිස්සුංව අන්දන කතා කරන ක්‍රමේ දන්නෑ උගෙ කරුමෙට. ඌට මුං ටවගේ මිනිස්සුන්ව අඳන්න සොමි කතා සුරංගනා කතා වීරකතා පච කතා, මල් කතා, වල් කතා,ත්‍රිල් කතා ආදී නානාප්‍රකාර කතා කියන්න දන්නෙ නෑ. එහෙම කොරන්න ගිය ගමං ගොංපාට් දාල නාගන්නව. ජනප්‍රිය කතායි ත්‍රිල් කතායි බහුබූත වල්පලුයි අයි අත ඇරල factual දේ ගැන කල්පනා කොරන ජනතාවක් බිහිවෙනකං ඌ එන්නෙත් නෑ... රට ගොඩ යන්නෙත්නෑ..(ඌ ආවොත් විතරයි රට ගොඩ යන්නෙ කියල කියනව නෙමෙයි හරිය).. දැං රට ගොඩයාගන්න විදිහ මොකද්ද කියනවට වඩා ලොකු වෙලා තියෙන්නෙ විධායක ක්‍රමේ වෙනස් කරන එක (ඒක තියෙන්න ඕනෙ කියනව නෙමෙයි හරිය) එහෙම කරා කියල රට ගොඩ යයිද.... නෑ... රට ඔඩ දාගන්න ක්‍රමවේදයක් ඕනෙ... දැන් කවුද මේ කුනු වලෙන් ගොඩ යාගන්න වේදයක් කියන්නෙ.. කවුරුත් නෑ.... එ තකොට එන එකා මේ ලබ්බ වෙනස් කොලා කියමුකෝ... උං කොරං යන ක්‍රොමේ මොකද්ද ...? පුස්නෙ දිනන පරදින එක නොව රට ගොඩ යන ක්‍රොමවේදය මොකද්ද යන්නයි.ඒ සඳහා වැඩ පිලිවෙලයි

    ReplyDelete
    Replies
    1. දැං තියෙන්නෙ අවුල් ජාලයක්. මුලින්ම රටේ නීතිය ස්ථාපිත කරන්න ඕන. යහපාලනය ඇති කරන්න ඕන. එහෙම නැතිව හොරු අයින් කරන්න බෑ නෙව. ඊට පස්සෙ බලමු වලෙන් ගොඩ එන්න විදියක්. මගේ අදහස ඒකයි.

      Delete
    2. දුප්පතුන්ට පොලිස් ප්‍රහාර
      බටලන්ද තරුපහේ හෝටලේ කෑම ගම්බද දුගීන්ට
      ආර්ථිකය රෝයල් පන්තියට

      Delete
  27. 2005 ට පෙර සිංහල බෞද්ධයො හිටියෙ විපක්ෂෙ. ගෙවල් ගානෙ ආගම ප්‍රචාරය කරන ක්‍රිස්තියානි අයට විරුද්ධ වුනා කියල රත්මලානෙ ධර්මාරාම හාමුදුරුවො මැරුව.බෞද්ධයන්ගෙ පැමිණිලි පොලීසිය බාරගන්නෙ නෑ.පල්ලියෙන් ජරාව කාල හැම එකාම බෞද්ධයට එරෙහි වුනා.ගම් පිටින් සිංහලයො මරන කොට එදා ආන්ඩු කට හෙල්ලුවෙ නෑ සුළුජාතික චන්ද නැතිවෙයි කියල.
    දැන් මහින්දගෙන් පලිගන්න දෙමළ ජාතිවාදීන් දත කට මැදගෙන ඉන්නෙ.මහින්ද පැරදුනොත් සිංහලයන්ට වෙන්නෙ ඔළුව පාත්කරගෙන බිම බලාගෙන යන්න.යුද්ධ කරපු රණවිරුවො අපරාධකාරයො වෙයි.
    දෙමළ මුස්ලිම් අන්තවාදීන් ඇරුනම ක්‍රිස්තියානිකාරයො කොමෙන්ට් කොටමින් සිංහල බෞද්ධ විරෝධයක් කුළුගන්වන්නෙ ඊනියා සහජීවනයක් කියමින්.උන්ගෙ ඇති සහජීවනයක් නෑ.උන් බොර දියේ මාලුබාන්න යන්නෙ.

    ReplyDelete
  28. ඕං බලාපන් උඹලටත් හිතෙන එව්වා අර මරා රත්නපුරේට හයි වේ එක ගහන්න හදනකොට තමා තොපිටත් ඌව ගෙඩර යවන්න හිතෙන්නේ අනේ රත්තරනේ ඒක ගහලා ඉවර වෙනකල් හිටපියවු කො.ඊට පස්සේ මං හරි එන්නම් පොදු අපේක්ශකයට.:D

    ReplyDelete
  29. මේ දවස්වල මාර ආතල් එකක් දෙනවා නේද කට්ටිය පොදු අපේක්ෂක වන්නම හරහා... :D

    රාජ් ඔය හැටි ඕකට මහන්සි වෙන්න එපා.. මේ මාව දාහල්ලා ඕකට.. ෂුවර් එකටම පලවෙනි අවුරුදු තුනෙන් පස්සේ මං ඕක අහෝසි කරනවා... (අවුරුදු තුනක් ඕන වෙන්නේ එක පාරට අහෝසි කරන්න ඕක සමූපකාරෙක බඩු කිරන පෝස්ට් එකක් නොවන හින්දා.. අදාල වියවස්ථා සංශෝදන අනං මනං හදලා ගන්න අවුරුදු තුනක්වත් යයි..) බොට මාව ෂුවර් නැද්ද..? :D

    පොදු අපේක්ෂක කතන්දරේ ගැන කියනවනං ඉතිං පොඩ්ඩක් හරි ඔතනින් වාසියක් තියෙන්නේ සෝභිත හාමුදුරුවන්ට විතරයි... මොකද මං උනත් (මෙතන “මං“ කියන කෑල්ලෙන් එක්තරා කොටසක් නියෝජනය වෙනවා කියන එක මතක් කරන්න ඕන.. කට්ටියකට ඒක මෝඩයින්ගේ ගොඩක් හැටියට උනත් දකින්න හැකියාවක් තියෙනවා.. :D තවත් සමහරුන්ට වෙන විදියකට ඒක දකින්න පුළුවන්කම තියෙනවා... කොහොම උනත් “මං“ කියන්නේ එක්තරා කොටසක නියෝජනයක් කියන දේ විතරයි මට කියන්න උවමනා ) සෝබිත හාමුදුරුවන් ඉල්ලනවනං වැඩිය විරුද්ධ කතා දාන්න යන්නේ නැහැ.. මොකද සෝභිත හාමුදුරුවෝ ඇතුලේ “මට“ (ආයෙමත් අර නියෝජනය ඈ..) උවමනා කෙනෙක් ඉන්නවා... රනිල් වෙනුවට සෝභිත හිමි කියන්නේ “මගේ“ පැත්තෙන් ලොකු පිම්මක්. “මම“ ඒකට කැමතියි.

    චන්ද්‍රිකා ශ්‍රී ලංකාකාරයින්ගේ චන්ද කඩයි කියලා හිතන් ඉන්නවනං ඒක හීනයක්... පහු ගිය ජනපතිවරණය වෙලාවේ මං හිටියේ අත්තනගල්ලේ... චන්ද්‍රිකා ඌරාපොල අත්තනගල්ල පැතිවල වෙනම රෑට රෑට කැම්පේන් එකක් කරං ගියා ෆොන්සේකා වෙනුවෙන්... පරණ ශ්‍රී ලංකා සමිති කාරයින්ව ගෙදරට ගෙන්නගෙන පුදුම පොරොන්දු තොගයක් දීලා හරවන්න බැළුවා... ප්‍රතිපලය “0“ යි. අත්තනගල්ලේ දන්න කියන ශ්‍රීලංකාකාරයෝ (මේ අතරේ ඉන්නවා තාමත් මහ බණ්ඩාරනායක යුවළට මල් පාන් තියන ජාතියේ කට්ටියත්) ටිකවත් වෙනස් කරගන්න බැරි උන්දට රටේ ශ්‍රීලංකාකාරයෝ හරවන්න අමාරුයි.. ඔය අනුරාධපුරේ බර්ටිගේ කට්ටිය වගේ ස්වල්පයක් නැති වෙන එකක් නැහැ.. ඒත් ඒ ප්‍රමාණය සීයට දශම පහක්වත් වෙන එකක් නැහැ.

    ශිරානිව ගත්තොත් කියන්න වෙන්නේ ෆොන්සේකට නැති උනේ ප්‍රජා අයිතිය සහ උරුම උනේ හිර ගේ.. ශිරානිට නැති වෙන්නේ මනුස්සයාගෙන් පටන් අරං තව බොහෝ දේ විතරයි... මං හිතන්නේ ශිරානි කවදාවත් ඔය මකර කටේ වැටෙන එකක් නැහැ. මොකද ෆොන්සේකට වඩා ඔය උන්දැට සිහිකල්පනාව තියෙනවා.

    එහෙම ගත්තම සෝභිත හාමුදුරුවෝ තමා රාජ්ලට ඉන්න එකම සුදුස්සා. ඒ ඇර වෙන විකල්පයක් නැහැ...

    ජවිපේ සහ යූඇන්පිය අතර දීගයක් කවන්න කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ. එහෙම දීගයක් කෑවොත් ඒ තමා ජවිපේ අවසාන රංගනය. ඒක අපිට වඩා හොදට ජවිපේ නායකයින් දන්නවා. මෙතන අදහස් දක්වලා තිබුන අතැමෙක් බොහෝම ආසාවෙන් බලාපොරොත්තු වෙනවා ජවිපේ රනිල්ට කරගහයි කියලා... ඒක ඉතිං ඒ අයගේ රනිල් මේනියාව හින්දා හිතෙන දෙයක් මිසක් එහෙම කර දුන්නට පස්සේ ජවිපෙට මොකද වෙන්නේ කියලා අවංකවම හිතන අය නෙවෙයි. ජවිපේ තමන්ට නම්ම ගන්න රනිල්ට හැකි උනොත් මහින්ද වැට්ටිල්ල කෙසේ වෙතත් රනිල්ට පුළුවන් වෙයි ජවිපේ නැත්තටම නැති කරවලා දාන්න...

    රාජ් උඩ සෙන්නව මග ඇරලා තියෙනවා දැක්කා... ඒ ඇයි කියලයි මට හිතාගන්න අමාරු...

    ReplyDelete
    Replies
    1. අඩෝ මාරයා තොගේ තිරිසනා හුරතල් කරලා ඉවර වෙන්නෙ නැද්ද?

      Delete
    2. :D ඌ ඔන්න ඔහේ තව ටිකක් හුරතල් වෙද්දෙන් බං...

      Delete
    3. මේක ආතල් එකක්ද මොකක්ද කියන දේ තීරණය වෙන්නෙ ඒ ඒ කෙනා අනුව. ඒ ගැන එච්චරයි.
      යෝජිත නම් අතරින් සෝභිත හාමුදුරුවන්ට මිස අනෙක් අයට මගේ මනාපයක් නෑ,වෙනසක් කරන්න පුළුවන් කියල හිතන්නෙත් නෑ. ඒකටත් එකඟයි.

      ජවිපෙ යූඇන්පී දීගය.........නේද? ඒක මම දකින්නෙ මහලොකු මංගල්ලයක් නෙවේ(උඹ කියන විදියේ). මොකද පහුගිය වාරෙත් ඔය දෙගොල්ල එකතු වෙලා ෆොන්සේකව ගේන්න බැලුවෙ. අමුතු විනාසයක් කාටවත් උනාද? අනිත් පැත්තට බොහෝ දෙනෙකු එච්චර අවුලක් විදියකට නොසලකන මහින්ද එක්ක දීගෙන් තමයි ජවිපෙ නැත්තට නැතිවෙන්න ගියේ. නැද්ද?

      Delete
    4. ඒ දීගේ මහ අවුලක් නෙවෙයි පක්ෂ දෙකෙන්ම පරිබාහිර කෙනෙක් වෙනුවෙන්.. එදා ෆොන්සේකා ඒ තැන හිටියා යම් තාක් දුරකට.. සෝභිත හාමුදුරුවොත් අද ඒ තැන ඉන්නවා සෑහෙන හොද මට්ටමකින්.. දෙගොල්ල දීගේ යන්නේ සෝභිත හිමියන් වෙනුවෙන් නම් ලොකු අවුලක් මතු වෙන්නේ නැහැ... ඒත් රනිල් වෙනුවෙන් ජවිපෙට දීගකන්න කියනවනං තමා අන්න අවුල මතු වෙන්නේ.. මං කතා කරන්නේ ඒ ගැන ජවිපේ කරෙන් රනිල්ව එතෙර කරවීමට හැකිද නැද්ද කියන කාරනේ...

      හැබැයි ඉතිං කාලයක් ගියාට පස්සේ ජවිපේ කියනවා ෆොන්සේකා ඉදිරිපත් කරලා එයාලා කලේ බරපතල වැරැද්දක්ය කියලත්.. ආයේ පාරක් සෝභිත හාමුදුරුවන් වෙනුවෙනුත් එයාලාට එහෙම කියන්න උනොත් අබ සරණයි නේද..? :D

      Delete
    5. මම කියන්නෙත් සෝභිත හාමුදුරුවො ගැන තමයි. රනිල් ගැන නෙවේ. රනිල් අනුරටවත් අනුර රනිල්ටවත් සහයෝගය දියයුතුයි කියන මතයේ මම නෑ. ජවිපෙ රනිල්ව රජකරවන්න කටයුතු කරන එකක් නෑ කිසිදාක.

      ෆොන්සේකා ගැන ඔය කතාව කිව්වෙ කවුද කොතනදීද කියල මතකද? පුළුවන් නං ලින්ක් එකක් දියං. මොකද මම ඕක අහල නෑ මීට කලින්

      Delete
    6. ඕක කිව්වෙනං ලාල්කාන්ත.. මං වීඩියෝ එකත් දැක්කා.. හැබැයි ඉතිං ඕවෑ ලින්ක් සේව් කර කර ඉන්න පුරුද්දක් මට නැහැ.. ඒ හින්දා කොතැන කවදා තිබුනද කියලනං මතක නැත.

      (ඕක වගේම මෑතකදී ලාල්කාන්තගේ මරු කතාවකුත් අහන්න ලැබුනා.. ඒකනං ඕඩියෝ ක්ලිප් එකක්.. එකෙදී මෑන් කිව්වේ “ඔව් මැරුවා තමයි.. විප්ලවයක් වෙද්දි ඒකට විරුද්ධව ඔත්තු දුන්න උන්ව මැරුවා තමයි“ කියලා... අනුර කුමාරට වඩා පොරට මං කැමති ඒකයි... මොනවා නැතත් ඌ විතරයි හිතට එකඟව කතා කරන්නේ... )

      Delete
    7. ලාල් කාන් මේ ලඟදි factory 3ක් ගැන මරු කතාවක් කිවුව ඇහුවද?

      Delete
  30. මේ ලියල තියෙන දේවල් දැක්කම මට නම් හිතෙන්නෙ,ලංකාවෙ ඉන්න හරක් ටික ,වෙන කොහේ හරි රටකට යවල,මිනිස්සු කියල කියන්න පුලුවන් උන් ටිකක්,ලංකාවට ගෙන්න ගන්න එක තමයි හොඳම දේ.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ අලුත් ජනතාවක් පත්කර ගැනීම ගැන වෙන්ටැති!

      Delete
  31. කුලකෙනම් හරියට තේරුණේ නැද්ද මන්දා..

    කෝම වුනත් ලංකාවේ දේශපාලනේ ගැන ඒ හැටි විශ්වාස තියන්න බෑ.. කවුරු කොහොම ආවත් අවසන් ප්‍රතිඵලේ එනකන් මම නම් කිසි දෙයක් ශුවර් කරන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. කුලකෙ කකා තේරුම් කරල තියනව. ෂුවර් නං නෑ තමයි.

      Delete
  32. තමා ඉදිරිපිට සිටිනා කෙනෙකු ගෙ ඇස් දෙක දිහා බලාගෙන කතා කිරීමට නොහැකි, සෑම විටම අන් අතක් බලා කතා කරනා නිර්මාල් ට මොන පොදු අපේක්ශක කම් ද.....

    ReplyDelete
    Replies
    1. ඒක නෙව! පොඩි එකෙක් එහම වඩාගන්න උනොත්? නැද්ද?

      Delete
  33. මේක කොමෙන්ට් වල සාරාංශයක් වගෙ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.පොදු අපේක්ෂකය ගේන්න හදන අය ඒක ගේන්න හදන්නෙ යූඇන්පී ආන්ඩුවක් හදන්න වෙන ක්‍රමයක් නැති නිසා.යන්තමින් හරි ජනාධිපතිවෙන්න බලාපොරොත්තුවෙන රනිල් ඕක අහෝසිකරන්න කියල කියන්නෙ නෑ.
    යූඇන්පී ආන්ඩුවකින් වාසිගන්න බලා ඉන්න.යූඇන්පී එකෙන් රස්සා ගත්ත කීප දෙනෙකුට ආයෙ යූඇන්පී ආන්ඩුවක් ඕන වෙලා තියනව.
    දෙමළ ඩයස්පෝරාවට ඕන මහින්දගෙන් පලිගන්න.ඔවුන් තමිල්නාඩුවෙ දෙමළුත් මහින්ද කියපුවම දත්මිටි කනවලු.
    ඒ හැර රනිල්ගෙ ආන්ඩුවකින් එන්ජීඕ වලට ලැබෙන තැන නිසා එන්ජීඕ කාරයන්ට ඕන රනිල් ගේන්න.
    එච්චරයි

    බ්ලොග් ලියන්නෙ මහ ලොකු බුද්ධිමත්තු නොවෙයි.ඉඅහල මධ්‍යම පන්තියත් නොවෙයි.ඇත්තටම කිව්වොත් වැඩක් නැති පිරිසක්.දිවා රෑ නෙට් එකේ ඉන්න වැඩකරන ජනතාවට බෑ.සමහරුන්ට බ්ලොග් කියන්නෙ ප්‍රධාන ආදායම් මාර්ගය.ස්මහර බ්ලොග් කරන්නෙ දේශපාලන පක්ෂවලින්.ලිපි වලට මුදල් ගැනීමකුත් තිබෙනව.

    බ්ලොග් ලිවීම විතරක් නොවෙයි කොමෙන්ට් දාන්නෙත් හරියට වැඩක් නැති අය තමයි.වැඩ කරන ජනතාවට ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්න බෑ.

    නමුත් රට ඉන්න අය තමන්ගෙ විවේකය බ්ලොග් ලියනව.ඔවුන්ට විවේකයක් ඕන නිසා.ඒ අය පැය 24 ම ඔන්ලයින් නැති නිසා ඔවුන් කාලකන්නින් (කාලය කන අය )නොවන බව කියන්න පුළුවන්.
    ලංකාවෙ අය නම් පැය 24 ම ඉන්නෙ බ්ලොග් එකේ.
    සමහර බ්ලොග්කරුවන් තමන් උගතුන් බුද්ධිමතුන් හා ඉහළ මධ්‍යම පන්තියේ කියා සිතා සිටිනවා විය හැකියි.

    බ්ලොග් ලියන්නෙ පොර වෙන්න නොවෙයි බ්ලොග් ලියන අය කොහොමත් පොරවල් කියල තර්කයක් ගේන්න පුළුවන්.නෑ මේ බ්ලොගර්ස්ල බ්ලොග් වලින් පිට නමින් දන්න අය ඇත්තෙම නෑ.ඔවුන් කරන්නෙ බ්ලොග් හරහා තමන්ට වඩා පොඩි එවුන් ඉස්සරහ උන්ගෙ ලොකුකම් ඇදබාල හීනමානෙ නැතිකරගන්න එක.

    ReplyDelete
    Replies
    1. Well said Ano (Anonymous August 12, 2014 at 1:51 PM)

      Delete
    2. ඇනෝ,
      //පොදු අපේක්ෂකය ගේන්න හදන අය ඒක ගේන්න හදන්නෙ යූඇන්පී ආන්ඩුවක් හදන්න වෙන ක්‍රමයක් නැති නිසා//
      නැහැ! එතකොට ඇත්තටම මීට වැඩිය හොඳ පාලනයක් අපේක්ෂා කරන මිනිස්සු නැද්ද? ඔයාගෙ තර්කය ජෙප්පන්ට ආදේශ කලොත් ජෙප්පොත් මේ හදන්නෙ යූඇන්පී ආණ්ඩුවක් ගේන්නද?
      හහා..... හරි හිනයි.

      Delete
    3. ජෙප්පො.දෙමළ අපේක්ෂකයො වගෙ අයට ජනාධිපති වෙන හීනය නෑ.ඒ අයට තියෙන්නෙ වෙන අරමුණු. දෙමළ අයට තම බලය පෙන්වන්න.කොහොමත් ජෙප්පො සාර්ථකවෙන්නෙ අවුල් ඇතිවුනහම.රතු බලය මෙපමන කියල පෙන්වන එක වගෙ අරමුණු ඔවුන්ට ඇති.රාජ්‍ය බලය ගැන බලාපොරොත්තුවක් තියෙන්නෙ යූඇන්පියට විතරයි.
      මම හිතන්නෙ ජෙප්පො යූඇන්පී ආන්ඩුවකට කැමතියි. යූඇන්පී ආන්ඩුවක් ආ හැටියෙ සිදුවෙන ජනතා මර්ධනයත් එක්ක ජෙප්පො ප්‍රධාන විපක්ෂය වෙනව.ශ්‍රී ලංකා චන්ද ජෙප්පන්ට කඩා ගන්න එක අමාරු නෑ.
      ආන්ඩුව පරදුනොත් ශ්‍රීලනිපය විශාල ඛාදනකට ලක්වීමත් අනිවාර්යයෙන්ම සිදුවෙනව.

      Delete
  34. මාරය කියන එක හරි පොදු අපේක්ෂකය වෙන්න පොඩි හරි හැකිකමක් තියෙන්නෙ සෝභිතට විතරයි.ඒත් ජනාධිපතිවරන ශ්‍රීලනිපයට අවාසියි.ජේ ආර් මේ ක්‍රමය ගෙනාවෙත් එජාපයට එහි වාසිය ගැන හිතල. 1999 දි චන්ද්‍රිකයි රනිලුයි ඉල්ලපු වෙලාවෙත් තව පොඩ්ඩෙන් දෙවැනි මනාපෙ ගනිනව.2005 දි උතුරෙ චන්ද වැටුනනම් රනිල් දිනනව.2010 අතිසුවිශේෂ තත්වයක්.1994 චන්ද්‍රිකා දිනුවෙ මහ චන්දෙන් පොදු පෙරමුණ දිනපු පසුබිමක.
    ආන්ඩුව කළ යුත්තෙ මහ චන්දෙකට ගිහින් දිනල ජනාධිපතිවරනෙ තියන්නෙ නැතිව ඒක අහෝසි කරන එක.මහ චන්දෙන් ආන්ඩුව දිනුවත් ජනාධිපතිවරනෙ ලේසි නෑ.සුළුජාතික චන්ද 30% ම ආන්ඩු විරෝධියි.සිංහල චන්දවලින් 20% ක් ගත්තොත් විපක්ෂෙ දිනනව.

    ReplyDelete
    Replies
    1. පොදු අපේක්ෂකයෙක් දානවද නැද්ද කියන එක එච්චර අදාල නෑ.රනිල් ,ජේවීපී ,දෙමළ,මුස්ලිම් මේ හැමෝම වෙනම ඉල්ලුවත් ලොකු දෙයක් වෙන්නෙ නෑ.වෙන එකම දේ දෙවැනි මනාපෙ ගනින එක.ඒ කියන්නෙ දෙවැනි මනාපෙ ගනින බව නිවේදනය කල මොහොතෙ පටන් තරාදිය විපක්ෂෙ පැත්තට බර වෙනව.ආණ්ඩුව දුර්මුඛ වෙනව.එතනින් එහාට ගමක ශ්‍රී ලංකා පක්ෂ කාර්යාලයක්වත් අරින්න අමාරු වෙයි.

      Delete
  35. ඊගාව ජනපතිවරනයෙන් වර්ථමාන ජනපති නැවත පත්වීමට පවතින සාධක අනුව වඩා වැඩි ඉඩක් තමයි තියෙන්නේ නමුත් ඒ පත්වීම ඡ්න්ද පදනම අතින් ගත්තම පක්ෂ විපක්ෂව ඉතා කුඩා වෙනසකින් වේවි කියන එකයි මගේ හැඟීම නමුත් මා කැමතියි ප්‍රබල විපක්ෂයක් ගොඩ නැගෙනවානම් ඒත් බඩගොස්තරවාදි දෙශපාලන රටාවක් පවතින ලංකාව තුල ප්‍රබල විපක්ෂයක් ඇතිවීමට ජනජීවිතයට ප්‍රබල බලපෑමක් සිදුවිය යුතුයි කියන එකයි මාගේ අදහස ආන්න ඒ සාධකයට පොදු අපේක්ෂකයා කියන සලකුන මහඟු පිටුවහලක් වේවි නමුත් මාගේ සිතිවිල්ලට අනුව ඒවන් මහැඟි පොදු සාධකයක් පෙනෙන්නට නෑ තවම

    ReplyDelete