Thursday, October 16, 2014

හොඳ ගෙඩි වලට විදින පළතුරු මැස්සෝ.........

පලතුරු මැස්සො විදින්නෙ සාමාන්‍යයෙන් එලවළු පළතුරු වලට. අර කතාවක් තියෙන්නෙ හොඳ ගෙඩි පණුවන්‍ට කියලත්. ඒ පණුවො ගෙඩිය කෑම පටන්ගන්නෙත් පළතුරු මැස්ස ගෙඩියට විදල ඒකෙ බිත්තර දැම්මම. පහුගිය දවසක ඔෆිස් එකේ ගාමිණී අයියයි මායි පොඩ්ඩක් අනුමත වෙන්න ගත්ත. ඒ වෙලාවෙ මම දැක්ක ගාමිණී අයියගෙ අතේ මැණික් කටුවට පොඩ්ඩක් උඩින් තිබුන පොඩි ගෙඩියත්. සෙන්ටිමීටර භාගයක් විතර විශ්කම්භයක් තිබුන ලා රත් හැහැය ගත්ත ගෙඩියක් චුට්ටක් උඩට ඉස්සිලා තිබුන. මට ඇතිවුනා පොඩි සැකයක්.

"මේ මොකද්ද බං?" ගෙඩිය පෙන්නල මම ඇහුව.

"මොකද්ද දන්නෑ බං..... මාසයක් විතරැති ඇවිල්ල"

"අඩෝ පළතුරු මැස්ස විදලද දන්නෑ..... පොඩ්ඩක් පෙන්නපං....." මම අවවාදයක් දුන්නෙ මීට කලින් දැකල තිබුන දෙයක් නිසා. සතියකට පස්සෙ මෑන් ආව.

"හරිනෙ බං! පළතුරු මැස්ස තමයි.... හම්බන්තොටට එන්න කිව්ව!"

ඔන්න ඕකයි සීන් එක. මේ පැත්තෙ පැතිරිලා යන රෝගයක් තමයි පළතුරු මැස්සො විදීම. මේක ටිකක් විතර බරපතල කේස් එකක්.

පළතුරු මැස්ස දැන් මිනිස්සුන්ට විදින්න පටන් අරගෙන. කොහොම උනත් එක එක නම් වලින් මේ ලෙඩේ හඳුන්වනව. සමහර පැතිවල වැලි මැක්ක කියලත් කියනව. මොකා උනත් මූ විද්දට පස්සෙ මාසයක් දෙකක් අැතුලත මම කිව්ව විදියෙ රෝග ලක්ෂණ පහල වෙනව. මුලදි වේදනාවක් නැති ගෙඩියක් තමයි එන්නෙ. නමුත් කාලයක් ගතවුනොත් නං ටිකක් අමාරුයි. කාලය ගත වෙද්දි තුවාලයක් හැදිල ඒක ලොකු වෙනව. ඒ තුවාලයේ තියන ලක්ෂණය තමයි ඇතුලෙන් තුවාලයක් විදියට තිබුනත් පිටතින් එච්චර ‍පේන්නෙ නැතිවීම. ප්‍රතිකාර නොකර හිටියොත් පණුවො හැදෙනව කියලයි කියන්නෙ.

රෝගයට කරන ප්‍රතිකාරයත් ටිකක් වෙිදනාකාරියි. මූලිකවම ප්‍රතිකාර ක්‍රම දෙකක් තියනව දැනට. එකක් තමයි තුවාලය වටේට බෙහෙත් විදීම. අර ඉස්සර බල්ලො කෑවම බුරිය වටේට විදිනව වගේ. අනිත් ක්‍රමය තමයි ගෑස් වලින් පිලිස්සීම. මාස තුනක් හතරක් තිස්සේ විටින් විට මේ ප්‍රතිකාර කරන්න වෙනව.

මෙන්න මේ තියෙන්නෙ බෙහෙත් විදීමේ ක්‍රමයෙන් දැනට සුව වෙමින් පවතින ගෙඩියක්.


මේ තියෙන්නෙ පිලිස්සීමේ ක්‍රමයෙන් සම්පූර්ණයෙන්ම සුවවූ ගෙඩියක්.


පළතුරු ගස් වැඩිපුර තියන පැතිවල මේ හානිය ටිකක් වැඩියි කියල කියනව. විශේෂයෙන්ම අඹ ගස් තියන ගෙවල් වල උදවිය ප්‍රවේශම් වෙන්න කියල දොස්තරවරු කියනව. මුහුණකට වගේ මැස්ස විද්දොත් කාලයක් යනතුරු කැළලක් පේන්න පුළුවන් කියලත් කියන්න ඕන. සතෙක් මනුස්සයෙකුගෙ ඇඟේ බිත්තර දාන කතා අපි අහල තිබුනෙ හොලිවුඩ් චිත්‍රපටි වලින් විතරයි. මේ කලියුග කාලෙ දැන් ඒක ඇත්තටම සිදුවෙනව.



(විශේෂ ස්තුතිය: පින්තූර ගන්න ඉඩ දුන්න අපේ කාර්යාලයේ නෝනල දෙන්නට)

119 comments:

  1. ඒ නෝනගෙ කොයි හරියෙද මේ පින්තූරෙ

    ReplyDelete
    Replies
    1. :-) උඩ එක පිටේ. (බෙල්ලට පහලින්) අනිත් එක ඒ කිට්ටුවම ටිකක් අත පැත්තට වෙන්න.

      Delete
    2. බුරියට ටිකක් පහලින් එහෙම නෙවෙයි නේ

      Delete
  2. බය වෙන්න දෙයක් නෑ ඕකට අපේ නාථ ගෝඩ් මක්ක හරි කරයි

    ReplyDelete
    Replies
    1. ඔව් දේශීය ක්‍රමයට මක්කහරි කරයි.
      සමහරවිට තව විද්ද තැන් පෙන්නන්න මැස්සව එකකගෙන යයි මාංචු දාල

      Delete
  3. ඉස්සෙල්ලම කියපංකෝ කන්තෝරුවේ නෝනලා උඹේ බ්ලොග් එක කියවනවද කියලා?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ. බ්ලොගක් තියනව කියල විතරයි දන්නෙ.

      Delete
    2. ඒ උනාට ඒ නෝනල බ්ලොග් කියන්නේ මොන මලදානයක්ද කියලවත් දන්නෑනේ නේද බං..

      Delete
    3. නෑ නෑ යන්තමට දන්නව. ඉන්ටනෙට් එකේ ඉන්න වෙලාවට එබිල බලන නෝනල ඉන්නව.

      Delete
    4. මාතෘකාව - //හොඳ ගෙඩි වලට විදින පළතුරු මැස්සෝ.........//
      විශේෂ ස්තුතිය - //පින්තූර ගන්න ඉඩ දුන්න අපේ කාර්යාලයේ නෝනල දෙන්නට//

      උඹ ගැන ඉරිසියා කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද :)

      Delete
    5. @ තිසර..... ++++++++++++++++++++++++++

      Delete
    6. @ Thisara @ Kenji,

      විශේෂයින් දෙවනි පින්තූරෙ ! (වයිද්ය ප්‍රතිකාර අවශ්ය තැනක් වගේ පෙන්නෙ නෑ. නිකම් අර කෙන්ජි ප්‍රතිකාර කරන ......... )

      Delete
    7. මාත් කිව්ව ඔය පින්තූරෙ ගත්ත ගමන් ඔය කතාව. ටිකක් පැටලෙනබල් නේද.

      Delete
    8. //මාත් කිව්ව ඔය පින්තූරෙ ගත්ත ගමන් ඔය කතාව//

      රාජ් ආණ්ඩුවෙ කන්තෝරුවක නේද? මොන මගුලකට ප්‍රයිවට් ඒව හොඳයි කියල මිනිස්සු කියනවද මංද? මෙතන හොඳම රස්සාවල් කරන්නෙ රාජ් සහ ආතල් බෝතල් ඇනෝ නෙ. ඇනෝටත් වඩා හොඳයි රාජ්ට. Omar Khayyam ගේ තුන් වර්ගයෙන් ඇනෝට 1යි . දෙකක්ම රාජ්ට. සිංදුත් කියනව ඇති සමහර විට. 3 ම !!
      තිසරගේ කමෙන්ට් එක ස්තිර කිරීම හැර අප වැනි අවාසනාවන්තයන් වෙන කුමක් කරම්ද?

      Delete
    9. Omar Khayyam ගේ තුන් වර්ගය?

      Delete
    10. wine, women, and song.

      Delete
  4. මම අහන්න උන්නු ප්‍රස්ණ දෙකම උඩින් ඇනෝ සහ තිසර අහල. ඒවට උන්ට උත්තර දීල හිටින්කො.

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට තංගල්ලෙ මැස්සට බෙහෙත් ගහන්නෙ හම්බන්තොටද? ලොක්ක තංගල්ලට දීල තීන්නෙ මැරයො, වෙද්දු හම්බන්තොටට.

      ඔය කියන විදියට ඒ නෝනල ගෙදර ඉඳල තියෙන්නෙ සාරි හැට්ට ඇඳලද බං? ගවුන් වලට ඔය ඒරියාස් එලියෙ නෑනෙ?

      අනික තමයි, ඔය බෙල්ල, බෙල්ලට පහල, ටිකක් වමට වෙන්න අත පැත්තට, අතට යටින්.... අන්න ගෙඩි කඩන පාර. උඹට ඕව අහු උනේ කොහොමද කියල දැන්පැහැදිලියි.

      Delete
  5. අයියෝ සිම්පල් කේස් එකක් නේ.. අපේ සවුක්ක ඇමතිට කියහන්.. මාර ගේම් දෙන්නේ..

    පළතුරු මැස්සන් මර්ධනය වැඩසටහන
    පළතුරු මැස්සා මර්ධන සතිය
    පළතුරු මැස්සා මර්ධන දිනය
    පළතුරු මැස්සා තුරන්කිරිමේ මහා සම්මන්ත්‍රණය
    පාසල් තුලින් පළතුරු මැස්සා ඉවත් කිරීමේ වැඩ සටහන්
    පළතුරු මැස්සා මර්ධනය නොකරන්නන්ට දඩ හා දඬුවම්
    සියළුම පළතුරු ගස් කපා දැමීම
    පළතුරු මැස්සා මර්ධනය කිරිමේ බැක්ටීරියාව චීනයෙන් ගෙන ඒම
    පළතුරු මැස්සා මර්ධනය කිරීමේ වැඩමුළුව
    ප්‍රිසර මැස්ස මර්ධනය කිරීමේ සෙමදානය
    පළතුරු මැස්සා ගැන ව්/ඩි දුර අධ්‍යාපන සඳයා විදෙස් සංචාර..
    පළතුරු මැස්සා වෙනුවෙන් දිනය්ක් වෙන් කරනා ලෙස ළෝක සවුක්ක සංවිධානයෙන් ඉල්ලා සිටීම
    පළතුරු මැස්සා තුරන් කිරීමේ ත්‍රිපුදගල කමිටුව පත් කිරීම
    පළතුරු මැස්සා මර්ධනය කිරිමේ පෙරමුණ ගොඩනැගීම

    තව කොච්ච්‍ර ඒවා තියෙනවද බං.... ඒත් පළතුරු මැස්සා එහෙමමයි...

    ReplyDelete
    Replies
    1. පලි - ඕවා හරි නොගියොත් කියුබාවෙන් හොද බැට්ටිරියා එකක් ගේනවා.

      මීට සවුක්කි ඇමති

      Delete
    2. ඕවා ඔක්කොම කලත් අන්තිමට උත්තර බඳින්න වෙන්නේ අහිංසක කෙහෙලියට .. පව් ඒ යකා

      Delete
    3. මාතලන්ගෙ කතාව නං සිරා! මං හිතන්නෙ තාම ඇමතිතුමන්ලාට වාසියක් ගන්න තත්තෙට ආවෙ නෑ.

      Delete
    4. පළතුරු වලට ගහන බද්ද වැඩිකරමු !!!

      මැස්සො ටික හැඳිගෑවිලා යයි.… ඕ යේස්

      Delete
    5. ඇයි බං පළතුරු මැස්සා සමග මහා පා ගමන

      Delete
    6. මැස්සන් මර්ධනයට නොඑන එවුන් අල්ලා ගස් බැදීමේ වැඩසටහන

      Delete
    7. අපිත් අත් දෙකම උස්සලා මාතලන් එක්ක ඉන්නවා..... මාතලන් කිව්වා කියන්නේ ඉතින් අපි කිව්වා වගේ තමයි රාජ්.............. ආයේ බොරු නෙමෙයි ඈ.........

      Delete
  6. හත්වලාමයි අපේ ගෙදරත් අඹ ගහක් තියෙනවා, මමයි ඔකේ වැඩිපුරම බඩ ගාන්නේ, මැස්සෝ වගේ ජාතියකුත් ඉන්නෝ ගෙඩි තියෙන කාලෙට, ටිකක් කහ පාටට හුරු.

    පලතුරු මස්සොන්ට විදින්න වෙන තැන් නැතිවද මන්දා මනුස්ස සරීර වලට විදින්නේ.

    ReplyDelete
    Replies
    1. බලාගෙන! මේ විදපු එකෙක්වත් දන්නෙ නෑ තමන්ට විද්දෙ මොන වෙලාවෙද කියල.

      Delete
  7. හැබෑට ඔය මැදමුලන වසන පළතුරු මැස්සා දැන්ද හම්බන්තොටට විදින්නේ.. අපිට විදල සෑහෙන්න කල්.. තුවාල තාම පෑරෙනවා..

    (දේශපාලන දුරුස්ටිකෝණයෙන්)

    මේ ගැන දැනුවත් කිරීම වැදගත්. මොකද උඹ මේ ගැන හරියටම හොයල කිව යුතුයි. පැතීරීම ආදිය ගැන. මතකද අර බොලාගේ පැත්තේ පිස්සු පොල්ගස් රෝගයක් ආවා.. ඒකෙන් පළාතක්ම විනාස කරා නේද?? ඒ වගේ ඔය සතා මිනිස්සුන්ට විදින්න තරම් ප්‍රභල හේතුවක් තියෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. අනේ මංද බං! අපිට කියන්න තියෙන්නෙත් රෝගීන්-දොස්තරල කියන කතා විතරයි.

      Delete
    2. පුළුවන්නම් කාල්ටන් එක පැත්තට එලවහන්...

      Delete
  8. //"(විශේෂ ස්තුතිය: පින්තූර ගන්න ඉඩ දුන්න අපේ කාර්යාලයේ නෝනල දෙන්නට)"//

    (අති විශේෂ ස්තුතිය : පින්තුර ගන්න පුළුවන් තැනකට විද්ද පලතුරු මැස්සාට ) :P

    ReplyDelete
    Replies
    1. ඌව මරන්නයි ඕන ඉවාන්, ඌ හරි තැනකට විද්දනම් බොහොම සුහදශීලී, එකමුතුව වැඩ කරනරාජ් මෙහෙම පින්තූර දදා වේලෙන්නෙ නෑ ( ඒත් ඉතින් එහෙම විද්දදත් රාජ් කියන එකක්යැ නේද? )
      ( මේ.... කන්තෝරුවෙ නෝනලා වගේම ගෙදර එක්කෙනත් බ්ලොග් කියවන්නෙ නෑ නෙ? )

      Delete
  9. හොද පළතුරු කන්නෙ පණුවො කියල කියන කතාව නං බොරුවක්.. හොද ළතුරු කන්නෙ වදුරො...
    හිහි...
    අපේ පැත්තට නං තාම නෑ...
    ඒත් රඹුටන් අඹ පැපොල් ඩැගන් පුට් අරක මේක හැම සෙද්දම තියන හංද එන්න බැරි කමකුත් ෑ...
    සේප්ටි පස්ට්

    ReplyDelete
    Replies
    1. රාජ් බොස්.. ගෑල්ලමයින්ට "මැස්සො බීල" කියල බයිට් කෙරුව නෙවැ.

      ඒක ඇත්තවෙලා නේ..:D

      Delete
    2. මැස්සො බීපු කෑලි නං දැං අඩුයි. පන්ති යන කාලෙ නං හිටිය.

      Delete
    3. මොකෝ නැත්තෙ රාජ් අය්ය තාම ඉන්නව වෙනසකට තියෙන්නෙ දැං මැස්සෝ දෙපැත්තම බොන්න පටං ඇරං... මං හිතන්නෙ උං තුනී ලෑලි සංස්ථාවෙන් කොන්තරත් එකක් ඇරං

      Delete
  10. රාජ්, මේක පළතුරු මැස්සා විදීමම නොවෙන්න පුළුවන්. මෙවැනි රෝගයක් 2000 වර්ෂයේ දී පමණ වැලිඔය ප්‍රදේශයේ හමුදා සොල්දාදුවන් අතර පැතිර ගියා. එය හැඳින්වුනෙත්, එක්තරා මැස්සෙකු විසින් විදීම නිසා ඇතිවන්නක් ලෙසයි. එයින් භයානක සහ බරපතල ප්‍රතිඵල ඇතිවුණා. මේ රෝගය හඳුන්වන්නේ Leishmaniasis යනුවෙන්. රෝගය ගැන හැඳින්වීමක් මෙතනින් බලන්න.

    http://en.wikipedia.org/wiki/Leishmaniasis

    ලංකාවේ මේ රෝගයේ ඉතිහාසය, ව්‍යාප්තිය සහ ප්‍රතිකර්ම පිළිබඳව pdf ගොනු කීපයක් මෙතනින් බලන්න පුළුවන්.

    https://www.google.lk/search?q=srilankacan+doctor+invented+Leishmaniasis&oq=srilankacan+doctor+invented+Leishmaniasis&aqs=chrome..69i57.22762j0j8&sourceid=chrome&es_sm=122&ie=UTF-8#q=sri+lankan+doctor+invented+Leishmaniasis&spell=1

    ReplyDelete
    Replies
    1. ඉස්සර කැම්පස් හොස්ටල් එකේ හැම එකාටම ලැට් ඩෝස් කියල එකක්.
      මල්ලිය වටේට කහනව කට්ටියම දාගෙන. අසාද්‍ය නෑ ඩිස්පෙන්සරියෙන් රෝස පාට ක්‍රීම් එකක් ගේනව එකෙක් ගිහින්, ඉවර වනකල් සේරමල්ල උලනවා.
      ඒ වගේ ඕකට කියන්නෙ ආමි ඩෝස් කියලා.
      ගල් කපනකොටත් බෝ වෙනවා

      Delete
    2. විචා
      බලමු විස්තරේ!
      ඇනෝ කියන ලෙඩේ නං අහල නෑ. ප්‍රීති කසාන වගේ එකක් වෙන්න ඕන.

      Delete
    3. ලැට් ඩෝස් වලට හොඳම බේත Salicylic acid

      Delete
    4. @ AnonymousOctober 16, 2014 at 12:05 PM

      ඔබ කියන එකට සමාන තවත් රෝගයක් තියනවා ස්කේබීස් යනුවෙන්. මෙන්න මෙතන තියනවා විස්තරේ.

      http://www.medicinenet.com/scabies/article.htm

      Delete
  11. සිරාවටම? යකෝ එහෙම දෙයක් ඇත්තටම වෙන්න පුලුවන්ද? මම මේ උඹ කියනකල් මේ ගැන අහලවත් තිබ්බේ නෑ. මේක විහිළු කරන්න වෙලාවක් නෙවෙයි. ඇත්තටම සීරියස් ගන්න ඕනේ දෙයක්. තව විස්තර හම්බවුනොත් දාපංකෝ රාජ්.

    ReplyDelete
    Replies
    1. මට අර ගලපාත කාටුන් එකේ දඟර පනුවා කතාව මතක් උනා..

      Delete
    2. ඔව් බං මෙහෙම එකක් තියනව. මම දැක්ක කොහේදෝ පැත්තක පොඩි එකෙකුගෙ මූණෙ හැදිල තියනව. රුපියලේ කාසියක් විතර ලොකුවෙලා තිබුන හඳුනාගත්තෙ නැති කාලෙ.

      Delete
  12. හ්ම්ම්ම්....
    බිබිලි ගෙඩි භයානකයි.........වෙලාවට ප්‍රතිකාර නොකොළොත්....
    බිබිලි ඇතුලෙ පනුවො ගහන සයිස් ද .....ලංකාව ......මචෝ.......

    ReplyDelete
  13. මෙතනදි අපි ඒ නෝනලගෙ පැත්තම ගන්න එක හරි නෑ.
    මොනව උනත් මැස්සටත් කියන්න යමක් ඇති.
    අපි ඒකටත් ඇහුන්කන් දෙන්න ඕනෙ.
    -මීට හැලපයා

    ReplyDelete
    Replies
    1. රාජ් මැස්සෙක් හොය හොයා ඇවිදිනවලු ඌට ඇහුන්කන් දෙන්න.දන්න මැස්සෙක් ඉන්නවනං රාජ්ට ගෙනත් දීපං.එතකොට හරි.

      Delete
    2. ඇනෝ,
      නිර්මාණාත්මක කමෙන්ටුවක්.
      හැලපෙ
      ඇද්ද උඹට?

      Delete
    3. කියන්න තරං නිර්මාණාත්මක භාවයක් නෑ බං,ඕකා ඔය කතාව නම් වෙනස් කර කර හැමතැනම කිය කියා යනව උඹ දැකල නැද්ද?නිර්මාණාත්මක බවක් තියේනං ඉස්සෙල්ලම කියන්නෙ මමයි.

      Delete
  14. පළතුරු මැස්සා ගැන දැණුවත් කිරීම ගැන බොහොම ස්තූතියි ඉඳෙගන. රාජ් පළතුරු මැස්සා ගැන අප දැණුවත් කරනාතර. පැරකුම් ජයසිංහ මහතා, ඉබෝලා පිලිබඳ අපව දැණුවත් කරයි. මොවුන් මේ කරනා සේවය අප අගය කලැ යුතුමය. එමෙන්ම දෙදෙනාගේම නෝනා මහතුන් හෙදියන් වීම හේතුවෙන්. ඔවුන් දෙදෙනාම වහාම තම නිවාස වලින් තාවකාලිකව පිටව වාසය කරයි නම්, එය බ්ලොග් කරුවන් වෙනුවෙන් කරනා මහඟු සේවයකි ඉඳගෙන. පැරාටද, රාජ්ටද සියළු දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරමි, හිටගෙන වඳිනා අතර.

    ReplyDelete
    Replies
    1. මේං මේක තමයි මම බලාපොරොත්තු වෙච්ච කමෙන්ටුව. :-)
      තැන්ක්‍යු ඇනෝ!

      Delete
    2. "ස්තූතියි ඉඳෙගන" කතෘ භාගේ දෙන්න

      Delete
  15. මොකක්ද කියල හරියටම කියන්න බැරි වුණත් මට පේන විදිහට ඕක ලිංගිකව සම්ප්‍රේෂණය වන, ඒ තරම් භයානක නොවන, රෝගයක්. මිනිස්සු ඒක හංගලා පලතුරු මැස්සෙක් අල්ලගෙන. සාමාන්‍යයෙන් ලිංගිකව ඔහොම බෝවෙන රෝග ගණනකට මිනිස්සු වෙන වෙන හේතු හදා ගන්නවා.

    ReplyDelete
  16. පළතුරු මැස්සා ගැන අහල තිබුණට මෙහෙම දෙයක් දැනගෙන හිටියෙම නැහැ. ඔෆිස් එකේ තුන්දෙනෙක්ටම විදින්න තරම් පැතිරිලා කියන්නේ සෑහෙන ප්‍රශ්නයක්නේ...

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න ප්‍රශ්නයක් තමයි. මම දැන් ඇහුව විදපු දෙන්නගෙන්. ක්ලිනික් දවසට සෑහෙන්න පිරිසක් ඉන්නවලු. හම්බන්තොට දිස්ත්‍රික්කෙ හම්බන්තොට සහ තංගල්ල රෝහල් වල ප්‍රතිකාර කරනවලු.

      Delete
  17. දැන් මේ නෝනලා ඔයට කාර්යාල වෙලාවෙදි මේ ෆොටෝ ගන්ට ඉඩ දුන්නද? :P

    ReplyDelete
    Replies
    1. කාර්යාල වෙලාවෙ නැතුව රාජ් නෝනලාගේ ගෙවල්වල ගිහිං පොටෝ අල්ලන්ට හිටිය නං ඌට ඔලුව නැතුව ගෙදර එන්න වේවි.

      Delete
    2. ඔයා මොනා කියනවද කු.හා.මි? මේක පොටෝ එක ගහනකල් විතරක් නෙමේ ඒ ගොල්ලො ඉඩ දීල ඉන්නෙ.

      Delete
    3. රාජ්ලයි පැත්තේ ෆොටෝ ගන්නේ නෑ... පොටෝ අල්ලනවා..

      Delete
    4. මාතා....+++++
      රාජ්ලයි පැත්තේ ෆොටෝ ගන්නේ නෑ... පොටෝ අල්ලනවා..හරිය

      Delete
    5. මඩ සීරීස් එකක් නං තියනව. උඩින්ම ඉන්නෙ කුමාරිහාමි!

      Delete
  18. ඒක නම් ඇත්තටම නරක ලෙඩක්නෙ,, අනේ දෙයියනේ,

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නරකයි. පළමු පින්තූරෙ නෝන අද ආව. එයා ඊයෙ ගිහිල්ල තිබුන ක්ලික් එකට. 15ක් විතර හිටිය කියලයි කිව්වෙ.

      Delete
  19. මුලින්ම ෆොටෝ එක දැක්කම හිතුවේ කුක්කුවක් කියලා :D ඒකයි සින්ගාලා ආවේ බලන්න

    ReplyDelete
    Replies
    1. ඔමාගෙ ප්‍රොෆයිල් එක කෙන්ජි හැක් කර ඇත!

      Delete
    2. හි හි ,,ඔව් මයි,, මේ දැන් නම් මේ මං ඈ.. kenji බඩා දවල් මගේ එකෙන් ඇවිත් කමෙන්ට් එකක් දාලනේ බොලේ,,, ඊයා :D

      Delete
    3. ඊයා,,,, ඔයාගේ එකෙන් ආවොත් එයාට මොනවා වෙයිද මෙයා.

      Delete
    4. හෙහ් හෙහ් කාටත් පෙනිල තියෙන්නෙ කුක්කුවක් තමයි.

      Delete
  20. ඩෙන්ගි, ඉබෝලා, පලතුරු මැස්සා..අනේ මන්ද කොහෙන් කෙලවර වෙයිද කියලා!

    ReplyDelete
    Replies
    1. එන්න එන්න පොඩි සතුන්ගෙ කරදර වැඩි වෙනවලුනෙ

      Delete
  21. //හම්බන්තොටට එන්න කිව්ව//
    හම්බන්තොට එන්න කියන්නේ මොකද?බෙහෙත් එහෙන්ද ?

    ReplyDelete
    Replies
    1. හම්බන්තොට ඉස්පිරිතාලෙට

      Delete
  22. මැස්සන්ගෙන් බේරගන්න පළතුරු ගෙඩි හැම එකකටම දැන් වස ගහනවනේ.ඉතිං මැස්සටත් කන්න දෙයක් තියෙන්න එපැයි.ඒකයි ඌ වෙන වෙන ගෙඩිවලට විදින්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත බං. ඔය කෘමිනාශක වල බලපෑමකුත් තියෙන්න පුළුවන්.

      Delete
  23. ඇත්තටම මෙහෙම වෙනවද බං...අද තමයි දැනගත්තෙ..එතකොට බං ඕකට බෙහෙත් තියෙන්නෙ හම්බන්තොට විතරමද.වෙන පළාතක් තිබුණෙම නැද්ද යකෝ..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බෙහෙත් නැතිව නෙවේ. ‍අපේ දිස්ත්‍රික්කෙ උදවිය යවන්නෙ හම්බන්තොට ඉස්පිරිතාලෙට. ඒකයි.

      Delete
  24. යකෝ මෙහෙම ගි‍යාම ගෙඩියක් වත් පරිස්සම් කරගන්ඩ හම්බවෙන්නෑ පණුවන්ගෙන්! :D

    ReplyDelete
    Replies
    1. නැතුව! දැන්ම විදපං.

      Delete
  25. ඕකට ඉංග්‍රීසියෙන් කියන්නේ "Fruit Fly Desease" කියලද?

    ReplyDelete
  26. Do Fruit Flies Bite Skin?

    The short answer is no, you do not run the risk of being bitten by a fruit fly. Fruit flies do NOT bite people. In fact, according to scientific research on the biological makeup of the insect, it turns out that fruit flies don’t even have teeth. They eat their food by pushing out a catabolic fluid that helps break down their food. Once this has been completed, they suck it up with a special mouth piece that has been made for this purpose. So dispute popular belief, the reality is that you are not going to be bitten by a fruit fly so anyone who asks you this question, you can explain to them what you have just discovered. However, before you breath a sigh of relief, you need to remember that fruit flies pose a much greater risk. Fruit flies can potentially create serious health risk in your home.//////////

    මෙන්න මෙතනින් උපුටා ගත්තේ

    ReplyDelete
    Replies
    1. හරියට තේරුනේ නෑ බං. ලින්ක් එකටත් ගියා ඒකෙ තියන පින්තූරෙ අර ලප නං පළතුරු මැස්ස විද්ද වගේ තමයි.

      Delete
  27. උන්ට පළතුරු එපා වෙලාද වෙන වෙන ගෙඩි හොයන්න පටන් අරගෙන තියෙන්නේ

    ReplyDelete
  28. මේ.... අඹ ලී වලින් වැඩි වැඩක් ගන්න බෑ නේද....

    මොකද මේකෙන් පස්සෙ අඹ ගස් වලට යන කල දසාව මොකද්ද කියල අපි හොදටම දන්නවනෙ.....

    ReplyDelete
    Replies
    1. මිනී පෙට්ටි නෙමෙයි අල්මාරිත් හදනවා.. සමහර උන් තේක්ක කියලා ගෙනියන්නේ මේවා..

      Delete
    2. අඹ වලින් මිනී පෙට්ටි නං හදනව. මාතලන් කියනව වගේ අල්මාරිත් හදනව ඇති. ඒ වගේම ටියුෂන් ඩෙස් බංකු වලටත් ගන්නව.

      Delete
  29. හම්මට උඩු . අපිට මේ දවස්වල කැම්පස් එකේ ඔය ඔය සත්තු ගැන උගන්නනවා . වහාම මැඩම්ට දැනුම් දෙන්න ඕන .

    ReplyDelete
    Replies
    1. හොයල බලපං. විස්තතරයක් ඇතොත් අපිටත් කියපං

      Delete
  30. වගා බිම් වල මේ උවදුර වැඩිද? නැත්තම් පලතුරු ගස් තියෙන වතු වලටත් පැතිරෙනවද දන්නේ නෑ? පොඩි එකෙට්ට එහෙම ඇන්නොත් ඉවරයි. ස්තුතියි තොරතුරු වලට. නෝනලා දෙන්නටත් ස්තුතියි කියන්න. පරිස්සම් වෙන්නත් කියන්න. හැමෝටම කැමරාව අල්ලන්න දෙන්න එපාත් කියන්න.

    ReplyDelete
    Replies
    1. මුහුණට ඇනපු පොඩි එවුන් මම දැක්ක ටීවී එකෙත්( ලඟදි නෙවේ ටික කාලෙකට කලින්) . බොහොම ස්තුතියි කමෙන්ටුවට

      Delete
  31. අර ගෙඩි දෙකේ පොලිතින් කවර ඔතන්න. :D

    ReplyDelete
  32. රාජ්ලගෙ ඔෆිස් එකෙත් තියෙන්නෙ මාර ගෙඩිනෙ ( පලතුරු ). මුනුත් විදින්නෙම ආණ්ඩුවේම ගෙඩිවලටම නෙ සික්,, ජරා මැස්සො

    ReplyDelete
  33. ඔහොම දෙයක් මං අදයි දැන ගත්තෙ. කමෙන්ට්ස් නම් නියමයි.

    ReplyDelete
  34. රාජ්ලැයි පැත්තෙන් ආපු පළතුරු මැස්සො ටිකදෙනෙක් පහුගිය කාලෙ පුරාම මිනිස්සුන්ට විද්ද විදිල්ලක්, ආයෙ ඇපත් නෑ. හැබැයි හොඳ වෙලාවට මිනිස්සුන්ගෙ පර්ස් එකට විතරයි විද්දෙ. ඒ නිසාම අර පොටෝ කෑලි නැතුව පොඩ්ඩක් එහෙට මෙහෙට කරල ලිව්වනම් මේක වෙනදට උඹ ලියන උපහාසාත්මක දේශපාලන කතන්දරයක් වෙන්ටත් තිබ්බා. හැබැයි ඒ ගෑල්ළමයි දෙන්නගෙ පොටෝ කෑලි දෙක දාපු එකත් හොඳයි, අපේ සහෘද හුදී ජනයො පහන් සංවේගයට පත්වෙලා. :)


    ඇත්තටම මේක නම් ටිකක් භයානකයි වගේ බං.

    ශිෂ්ඨාචාරෙ ආරම්භයෙ ඉඳලම මිනිස් සතා නිසා අනෙක් සත්තු විඳෙව්වා. දැන් ඒකෙ අනිත් පැත්ත වීගෙන එනවද මන්ද.

    ReplyDelete
    Replies
    1. ඒ මැස්සො ගැන නං කතා කරල වැඩක් නෑ.

      එහෙම වෙන්නත් පුළුවන්.

      Delete
  35. //අර ඉස්සර බල්ලො කෑවම බුරිය වටේට විදිනව වගේ//
    බල්ල බුරිය කෑවොත් විදින්නෙ බල්ල වටේ.
    ඕනිම අලුත් නිවුස් එකක් අපි බාරගන්නෙ විහිලුවෙන්නෙ රාජ්. ගණං ගන්ට එපා. දැනුවත් කිරීමට ඉස්තූතියි. හවස ගිහාම චැක්කොරල පුච්චල දාංට ඕනෑ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ වැඩිය හොඳ බෙහෙත් විදිල්ල. කැළල පේනව අඩුයි.

      Delete
  36. චීනෙන් ආපු උන්ද මන්දා.. උනුත් හැම එකටම ඉහඳ තියනවානෙ.. උඩින් නොපෙණුනාට යටින් තුවාල දුවනවා. වණ උන දාට තමයි තේරෙන්නෙ..

    ReplyDelete
  37. හත්වලාමෙ මේක සෑහෙන බරපතල කේස් එකක්නෙ රාජ්!

    ReplyDelete
  38. වැලිවලින් බෝ වෙන වැලි මැක්ක කියන ලෙඩෙමද මේ?
    වලක්වගන්න ක්‍රමයක්?

    ReplyDelete
  39. මගේ කොමෙන්ට් එක 115 වැනි එක, පොස්ට් එකෙන්වත් ඉතුරු කොමෙන්ට් 114 වත් රෝගය ගැන, රෝග වාහකයින් ගැන හෝ රෝග නිවාරණය ගැන පැහැදිලි හෝඩුවාවක් හොයා ගැනීමට නොහකිවීම ගැන කනගාටුයි.

    වසංගතයක් වියහැකි ලෙඩක් ගැන කවරෙකු හෝ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරනවානම් ඉතා අගේකොට සලකමි.

    ප.ලි
    විචාරකට හා arugeadaviya ට ස්තුතියි.

    ප.ප.ලි

    හරක් පට්ටියේ හැටියට කිවුවලු නේද ගොපල්ලා, මහින්ද රට කරවන එකේ අරුමයක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. දිඹුල් ගස් වල මල් හොයන්න එනවට හොඳ පාඩම්. ඇයි බං රාජ් දාල තියෙන මාතෘකාවයි අර ස්තූතියයි දැක්කම හිතුනෙ නැද්ද ඌ මෙතන විද්වද් අදහස් ඉලක්ක කරල තියෙන්නෙ වෙන පැත්තකින් විතරයි කියල..හෙක් හෙක්..

      Delete
  40. කලියුගයම කියල කියන්නත් බෑ වගේ. අයිස් වල සීතලට ඔරොත්තු දෙන මාළුවෙක්ගෙ ජාන ඇපල් ගෙඩියක් එක්ක මුහුන් කරපු ලෝකයක් මේක. එහෙම බැලුවම තවත් බොහෝ රෝග ශාක වලින් සතුන්ට බෝවෙන කාලය , විද්‍යා ප්‍රබන්ධ ඇත්ත වෙන කාලය එළඹිලා.....

    රහසින්- මම ඔයාගෙ මාතෘකාව කියවල කැත හිතින් මේ පැත්තෙ ආවෙ........ :)

    ReplyDelete
  41. මේ ලින්ක් එක කියවලා බලන්න.වැලි මැස්සා මගින් බෝවන සමේ ඇතිවන ලීෂ්මනයසිස් රෝගය මෙයය්.
    http://www.who.int/campaigns/world-health-day/2014/photos/leishmaniasis/en/

    ReplyDelete
  42. පලතුරු මැස්සා කියලා නම තිබුනට වැඩක් ඇතෑ.. ආසාවට උන්ට විඳින්න කෘමිනාශක ගහපු නැති පලතුරක් හොයාගන්න නැතිකොට... ඉතිං ඒ දුකටත් එක්ක විදිනවා ඇති ඔය කාට කාට හරි.. සමහර වෙලාවට ඔය නෝනලා ගාන සුවඳ විලවුන් වර්ගවල පලතුරු සුවඳක් එහෙම තියෙනවද දන්නේ නැහැ... :D

    ReplyDelete
  43. කතාවෙ අවසාන හරියෙ හම්බන්තොටට එන්න කිව්වේ...?

    ReplyDelete