Friday, January 16, 2015

ආ මාවත සහ යා යුතු මාවත.....

දේශපාලන ලිපි ටික දවසකට නවත්වන්න කලින් ලියන අන්තිම ලිපිය. මේ වනවිට දේශපාලනයේ තියෙන්නෙ ව්‍යාකූල තත්වයක්. මෛත්‍රී වෙනුවෙන් සටන් කල පිරිස අතරින් කොටසක් "මේ මොකද වෙන්නෙ?" කියන ප්‍රශ්නය අහනව. ඒ අයට දෙන්න තියන උත්තරේ මේකයි. පොඩ්ඩක් අතීතයට ගිහිල්ල බලන්න.

මෛත්‍රීපාල මහත්තය පොදු අපේක්ෂකය වීමට ප්‍රථම සමාජ කතිකාවක් තිබුන නිර් දේශපාලනික කොටස් අතර. නිර්මාල් රංජිත් දේවසිරි, සෝභිත හාමුදුරුවෝ වගේ අය සහ බ්ලොග් වලින් අජිත් පැරකුම් ජයසිංහ වගේ අයත් මේකට දායක වුනා. එතනදි ඇතිවුන කතාබහ මූලිකව විධායකය අහෝසි කිරීම ගැන. ඊට අමතර වශයෙන් දාහත් වන සංශෝධනයෙන් ගෙනආ ස්වාධීන කොමිෂන් සභා ආදිය බලාත්මක කිරීම ගැනත් කතාවුනා. ඒ වනවිට මහින්දට විරුද්ධව ඇවිත් ජයග්‍රහණය කල හැකි මට්ටමේ පොදු අපේක්ෂකයෙක් ‍වගේම පක්ෂ අපේක්ෂකයෙක් සිටියෙත් නෑ. මෙන්න මේ වගේ වෙලාවක තමයි හිටපු ජනාධිපතිතුමා තවත් වරක් ජනතා කැමැත්ත ඉල්ලන තැනකට ගියෙත් මෛත්‍රී ‍පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සිදුවුනෙත්. අවුලක් නැතිව මෛත්‍රීට එකඟ වෙන්න අර මුලින් කියූ නිර් දේශපාලන කණ්ඩායම් වලට මෙන්ම එජාපය ඇතුළු පක්ෂ විපක්ෂ කණ්ඩායම් වලට හැකිවුනා. මතක තියාගන්න මේ මොහොත වනවිට මහින්දට විරුද්ධ පිලේ බලාපොරොත්තුව තිබුනෙ විධායකය අහෝසි කිරීම(හෝ බලතල කැපීමත්) ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම අාදියත් බව. දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් පක්ෂ සියල්ලත් නිල වශයෙන් මෛත්‍රීට සහය දීම මත ඔහු ජයග්‍රහණය කලා.

ඉන් පසුව සිදුවුනේ වියයුතු පරිදිම විධායකයේ ආනුභාවයෙන් පාර්ලිමේන්තුවේ, පළාත් සභා සහ පළාත් පාලන ආයතන වල නියෝජිතයන් මෛත්‍රීගේ දෑත් ශක්තිමත් කරන්න පැමිණීම. බොහෝ දෙනෙකු සැක සංකා පල කරන්න පටන් ගත්තෙ ඉන්පසු. "..........වැනි දූෂිතයන් එක්ක කරන යහපාලනය මොකක්ද?" වගේ ප්‍රශ්න එන්න ගත්තෙ එතනදි. (ඔය හිස්තැනට තමන් කැමති කෙනෙක් දාගන්න පුළුවන්). මේ ගැන ප්‍රශ්න කරන අයගෙන් අහන්න ප්‍රශ්න දෙකක් තියනව.

1. මෛත්‍රී කරා එන පුද්ගලයන් කොතරම් දූෂිතයන් වුවත් ඔවුන්ගේ ඡන්දය නැතිව මුලින් කිව්ව යහපාලන යෝජනා සම්මත කරගන්නේ කෙසේද?
2. දූෂිතයන්ට වහා දඬුවම් දියයුතු නම් මෛත්‍රී සමඟ (ජනාධිපතිවරණයට කලින්) සිටි දූෂිතයන් වෙතොත් ඔවුන්ට දඬුවම් දියයුතුද?

ඔන්න ඔය ප්‍රශ්න දෙකට සාර්ථකව උත්තර දෙන්න පුළුවන් නම් වහාම දූෂිතයන්ට දඬුවම් දුන්නට අවුලක් නෑ. නමුත් මම නං මෙතනදි බලාපොරොත්තු වෙන්නෙ ව්‍යවස්ථා සංශෝධනය පමණයි. අනෙක්වා ප්‍රායෝගික නෑ වගේම කරන්න පුළුවන් නම් බෝනස් විදියටයි සලකන්නෙ.

දැන් ඇතිවෙලා තියන අලුත් තත්වය තමයි පළාත් සභා බලය ඇල්ලීම. මේක මට අනුව අනවශ්‍ය දෙයක්. හරීන් ඌවෙ මහ ඇමති ලෙස දිවුරුම් දුන්න. මධ්‍යම මහඇමති කමත් කවුදෝ බුවෙක් ඉල්ලනව කියල දැක්ක. බස්නාහිර මහඇමති ප්‍රසන්න තමුන්ගෙ තනතුර ආරක්ෂා කරගන්න මොකක්දෝ නීතියක උපුටනයක් ආණ්ඩුකාර මවුලානා වෙත යවලත් තිබුන. මේව නං විකාර වැඩ කියල කියන්නම ඕන. මොකද පළාත් සභා සියල්ලේ බලතල ලබාදීල තියෙන්නෙ සන්ධානයට. මහ ඇමතිවරු පත්කරන්න හදිසි වීම මේ වෙලාවෙ කලයුතු දෙයක් නෙවේ.

මේකට හේතුව අවුරුදු විස්සක් හාමතේ හිටපු යූඇන්පී කාරයන්ට මෛත්‍රීගෙ පිහිටෙන් ලබාගන්න පුළුවන් තනතුර වෙනුවෙන් දින සීයක් ඉවසන්න බැරිවීම. බලයේ රස මේ මොහොතේ සිටම බලන්න ඕනෑවීම. මොනවා උනත් අපේ බලාපොරොත්තුව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මිස වෙන යමක් නෙවේ. විධායකය කියන්නෙ කොච්චර නරකට යොදාගන්න පුළුවන් තනතුරක්ද කියන එකට හොඳම උදාහරණය තමයි, මේ ජනාධිපති ලඟ පූසො බවට පත්වෙන ජනතා නියෝජිතයන් අපට පෙන්වන්නෙ. විධායකය නැති කරන්න තවත් හේතු ඕනද?

39 comments:

  1. ඒයි, නොලියා ඉන්න එපා අප්පා.

    දඬුවම් කෙසේ වෙතත් හෙළිකිරීමම ප්‍රමාණවත් ඡන්ද ටික කැඩිලා යන්න.

    ReplyDelete
  2. 100% එකගයි රාජ්, මේ මොහොතේ වැදගත්ම දෙය අදිකරණය ස්වාදීනවීම සහ ස්වාදීන කොමිසම් පිහිටවිමයි. මෙහි වැදගත්කම ශ්‍රී ලාංකිකයනට තේරුම් යාවියයි මම ප්‍රර්ථනා කරමි. අපි එක හඩ්න් ඉල්ලිය යුත්තේ මෙයයි!

    ReplyDelete
  3. 1. මෛත්‍රී කරා එන පුද්ගලයන් කොතරම් දූෂිතයන් වුවත් ඔවුන්ගේ ඡන්දය නැතිව මුලින් කිව්ව යහපාලන යෝජනා සම්මත කරගන්නේ කෙසේද?
    2. දූෂිතයන්ට වහා දඬුවම් දියයුතු නම් මෛත්‍රී සමඟ (ජනාධිපතිවරණයට කලින්) සිටි දූෂිතයන් වෙතොත් ඔවුන්ට දඬුවම් දියයුතුද?

    මේ ප්‍රශ්න දෙකට ඇත්තේ සරල උත්තර දෙකකි.

    1. යහපාලන යෝජනා පර්ලිමේන්තුවට ගෙනත්, ඒවාට විරුද්ධව චන්දය දෙන්නේ කවුදැයි බැලීමට ජනතාවට ඉඩ දිය යුතුයි. සම්මත කර ගන්න බැරිම විදියට කකුලෙන් අදිනවා නම් ඒ බව ජනතාවට පෙන්වා පාර්ලිමේන්තුව විසුරුවා චන්දයකට යා යුතුයි. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය. නැතුව 'අපි හරි දේ කරනවා, හරි දේ කරන්න වැරදි පාරෙන් යනවා' කියා ඔලුගෙඩි මාරුවෙන් චන්ද ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී නැත. මහින්ද කොටි පෙන්වමින් කලේත් එයයි.

    2. එහෙනම් තමන්ගේ දූෂිතයන්ට දඬුවම් දෙනකන් අනික් පැත්තේ දූෂිතයන් ගැනද සද්ද වසා කටයුතු කල යුතුයි. දූෂන ගැන ගන්නා ක්‍රියාමාර්ග, පාර්ලිමේන්තුවේ චන්ද කැඩීමට තර්ජනයක් ලෙස භාවිතය යහ පාලනය නොවේ. මේකත් මහින්ද කරපු ජරා වැඩකි.

    3. (රාජ් කියා නැති) දින සීයකට විතරයි කියමින් කරන අපත පත්වීම් නැවැත්විය යුතුය. දින සීයකට විතරක් නම් උන්ට කියන්න කෝ "ඔය දවස් සීයට පත්වීමක් මොකටද, ඔන්න ඔහෙ ඔහොම ඉන්න කෝ" කියල.

    ReplyDelete
    Replies
    1. පළමුවැනි,දෙවැනි කරුණු ගැන ඇනෝ එක්ක එකඟයි.තුන්වෙනි කරණාවේදීනම් එහෙම ඒ ඒ විශයන්ට අදාල පත්වීම් නොකර සිටියොත් ගැටළුකාරී තත්වයන් පැන නගින්න පුළුවන් නේද? දින සීයකට මහා ලොකු දේවල් කරන්න ඔය පත්වීම් ගන්න අයට බැරි වුණත් ඒ ආයතන පවත්වාගන්න මේ පත්වීම් කරන්න වෙනවා නේද ?
      හැබැයි ඉතින් සමහර පත්වීම් තියෙනවා ඒ තරම්ම මේ වෙලාවේ වැදගත් නොවන.ඒවැනි පත්වීම් පසුවට කරන එක තමයි හොඳ නම්.

      Delete
    2. මනෝජ් මචං එහෙනම් දින 100 ඉවර උනහම ඕවට පත් කරන්නෙ කවුද?

      Delete
    3. ඇනෝ,
      විරුද්ධ වෙන එවුන් විරුද්ධ වෙන්නෙ "අපි යහ පාලනේට විරුද්ධයි" කියාගෙන නෙවේ. ඒවට හේතු ඒවායේ ඇතුලෙන්ම හොයාගන්න පුලුවන්.
      එක උදාහරනයක් දෙන්නං, 17 වගේ සංශෝදනයේ තියන සුලු පක්ශ නියෝජන කතාව අල්ලාගෙන අපි සින්හලයාගේ අයිතිය වෙනුවෙන් මේකට විරුද්ධ වෙනව කියල වැඩේට විරුද්ධ වෙන සෙට් 1ක් ඉන්න පුලුවන්.
      මතක තියාගන්න ඔතන ඉන්නෙ බබාලා නෙවේ.

      Delete
    4. @රාජ්

      ඔතන ඉන්න චම්පිකලා එහෙම කොහොමත් එහෙම 17ට විරුද්ධ උනු අය තමයි. උන් පාරිමේන්තුවට පත් වෙන්න චන්දෙ ලැබෙන කොට උන් හිටියෙ 17ට විරුද්ධ ස්ථාවරේක. ඉතින් දැන් උන් 17ට පක්ෂ නම් උන්ගෙ චන්දේ ආයෙත් වැලිඩේට් කර ගන්න ඕන එක තමයි හරි ප්‍රජාතන්ත්‍රවාදය.

      චම්පිකලා කමක් නෑ කියමු. උන් මෛත්‍රී දිනන්න කලින් ගිය නිසා ප්‍රතිපත්ති වෙනස් කරන් ගියා කියල හිතමු පොඩ්ඩකට. ඒත් දැන් මයි3 දින්නම පනින උන් පනින්නෙ මහින්ද ගෙ දෑත ශක්තිමත් කරන්න පැන්න වගේම තමයි. ඉතින් උන් විරුද්ධ පක්ෂෙ ඉඳල දින 100ට විරුද්ධව චන්දෙ දෙන්න පෙන්නන්නෙ බොරු හේතු නම්, ආන්ඩු පක්ෂෙට පැන්නොත් පක්ෂව චන්ද දෙන්න පෙන්නන්නෙ ඊටත් වඩා බොරු හේතු!! මොකද උන් පාර්ලිමේන්තුවට පත් වුනේ දින 100 කරන්න පතාගෙන නෙවෙයි, 'අපිට වරප්‍රසාද දෙන නිසා අපි අත උස්සනවා' කියන එක තමයි උන්ගෙ ඇත්ත හේතුව. (දින 100 හොඳ ද නරකද කියන එක මෙතනට අදාල නැහැ.)

      දැන් රාජ් කියන්නෙ, තමන් හරි කියන වැඩේ (මමත් පුද්ගලිකව හරි කියල හිතන වැඩේ) කරන්න නම් බොරු හේතු පෙන්නුවට කමක් නෑ කියලා - එහෙම නැත්නම් තමන්ගෙ වැඩ පිලිවෙලට සපෝට් එකට එන්නේ අවංකව, අනික් පැත්තට යන්නේ හොරට කියලා. ඉතින් විමල් වීරවංස කිව්වෙත් ඕකම තමයි. කොටියි බටහිර බලවේගයි ඉන්නවා, ඒක නිසා කොක්කෙන් බැරි නම් කෙක්කෙන් චන්ද හදා ගන්න ඕනෑ.

      Delete
    5. රාජ් කියන ආකාරයේ හේතු හැම විටම දිය නොහැක. බොරු හේතු දුන්නත් ජනතාව ඒවා විනිවිද දකිනු ඇත. යුද්ධය අස්සේ අය වැය පරදා ආන්ඩුව පෙරලීමට ජෙප්පන් සහ එජාප මොන බොරු හේතු දුන්නත්, ඇත්ත හේතු මිනිසුන් දත් නිසා ඊට පසු මැතිවරන වලින් කුජීත වීමට සිදු විය.

      Delete
    6. 6.12 ඇනෝ,
      ඔය වැඩපිලිවෙල ඒ ආකාරයට කෙරෙනව නං මම කිව්ව විදියට කරනවට වැඩිය මාත් කැමතියි.
      මම කියන්නෙ ප්‍රායෝගික පැත්ත. තමුන්ගෙ ඔලුවටම හෙනේ පාත් වෙද්දි ඕකුන් අයින් වෙනව. ඒ නිසා අපි කරන්න ඕන ඌරගෙ මාලු ඌරගෙම ඇඟේ තියල කැපීම.

      6.19 ඇනෝ,
      ජනතාව ඔච්චර ශුවර්ද?

      Delete
  4. mata haree sathutuyi........! ohoma yan. ohoma yan yahane paachane

    ReplyDelete
  5. මෙවාට සම්පූර්ණයෙන් රනිල් මෙන්ම එජාපයේ සියල්ලන්ම වග කියව යුතුය. මාස තුනක් ඇමතිකම් වලට උත්සව පවත්වා, හොරණෑ ගස මළ විකාරයක් කරයි. පළාත් සභා පෙරලීම පිස්සුවකි. හරින් හරි නැත. හරින් කර තිබෙන්නේද මල මූසලයෙක් වූ සරත් නන්ද සිල්වා විසින් නීතිගත කළ මහින්ද රාජපක්ෂයන් කෝටි ගනන් මහජන මුදල් කාබාසිනීයා කළ සූදූවමය. මේ ජනමතය නොවේ. හොර ඩීල්ය. මේවා හරි කියන උන් පිස්සෝය. මන්ද අප මහින්ද රාජපක්ෂට විරුද්ධ වූයේ මෙවන් වැඩ නිසාය. ඒ නිසා ඒ දෙයම මෛත්‍රී හෝ රනිල් හෝ හරින් තියා මොකා කළද වැරැද්ද වැරද්දමය.

    හරින්, ඔබත් තවත් මහින්ද රාජපක්ෂ කෙනෙක් පමණි.

    ව්‍යවස්ථාව වෙනස් කරයි.. බලාගෙන හිටහන් කොපියක් එනකන්...

    ReplyDelete
    Replies
    1. නරින් ඇවිත් හූ කියනා මහ රෑට
      හොරුන් අටුව බින්දයි කියමුද කාට?
      හරින් රෙදිත් ඇඳගෙන දිවුරන දාට
      දුරින් පෙනෙයි යහපාලන යේ පාට..!

      ලේකම් මැතිඳු අද තනියම ''කොල'' බැද්දේ
      කහ කහ ඉන්නවා ලැගලා බලු මැද්දේ
      ''එහෙමම '' කරන්නට නම් ඇයි මහියට ඇද්දේ..?
      යහපාචනය බේරෙයි පල්ලෙන් රෙද්දේ..

      ගයාත්‍රි

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. කොපියක් ඒවි බලය බෙදී ගිය. පළාත් සභාවලට අප්‍රකාශිත ස්වයං පාලනයක් ගිය

      Delete
  6. උඹ හරියට හරි රාජ්.. දේශපාලනය සම්බන්ධයෙන් උඹට හොද ඇහැක් තියෙනවා..

    ReplyDelete
  7. පිල් මාරු කිරීම් එක්ක ව්‍යාකුල තත්වයක් තියෙනවා කියලා පේනවා.දැන් විපක්ෂය කවුද කියලා ප්‍රශ්නයක් තියෙනවා මට.කොහොම වෙතත් මේ ආණ්ඩුවෙන් මිනිස්සු ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ දුෂණ,වංචා වලට වැරදිකරුවන් වන අයට දඩුවම් කිරීමයි.හැබැයි ගිය ආණ්ඩුවේ එවැනි චෝදනා වලට ලක් වුවන්ට දඩුවම් කරලා මේ ආණ්ඩුවේ අය ඒ වැරදි නොකර ඉන්න නම් මේ තියෙන ක්‍රමයේ වෙනසක් වෙන්නම ඕනේ.නැතිනම් මෛත්‍රී වුනත් මහින්දගේ පාරේම යන්න ඉඩ තියෙනවා.ඒ නිසා අනිවර්යෙන්ම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පමා නොවී මේ ඉන්න වුන් ටික ලවාම කරගන්න උත්සහා කරන්න පුළුවන් නම් එක වටිනවා.

    ReplyDelete
  8. රාජ්..
    හංසයට කඩේ ගිය නමුත් යූඇන්පී කාරයෙකුත් නොවන, ශ්‍රී ලංකා කාරයෙකුත් නොවන නිකම්ම නිකං 'කොටියෙක්' වෙච්චි මට මෙතන තියෙන්නේ මීට වඩා වෙනස් ප්‍රශ්ණයක්.. ඔය අලුගුත්තේරුවෝ නම් කොහොමත් පනින බවත් පාර්ලිමේන්තුව විසිරුවන්නේ නැතුව දින සීයේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න යනවනම් උන්ගේ චන්ද ඕනි බවත්, ලොකුවට ගසාකන්න බැරි තනතුරු පුදන්නෙ නැතුව ආවනම් පූසො වගේ හිටපියව් කියල තියා ගන්නවනම් එච්චර ලොකු අවුලක් නොවන බවත් චන්දේ දෙනකොටම දැනං හිටියනේ.

    ඒත් මොකක්ද මේ මෛත්‍රී ශ්‍රීලනිපේ සභාපති කම අරං කරන්න යන්නේ? කවුදෝ එකෙක් කියනව ඇහුණා මිනිහා ඕක ගත්තට මහ මැතිවරණයකදි මධ්‍යස්ථව ඉඳී කියල.. ජනාධිපතිවරය ලෙස එහෙම හිටිය කිව්වොත් එතකොට ශ්‍රීලනිපේ සභාපතියා හැටියට පක්ශෙට කරන්නේ අසාධාරණයක් නේද? එහෙම නතුව ශ්‍රීලනිපේ සභාපතිය විදියට මහ මැතිවරණෙකදි ඒ පැත්තට වැඩ කලොත් මිනිහව ජනාධිපති කරන්න චන්දෙ දීපු යූඇන්පී කාරයොන්ට පුක පෙන්නුවා වෙනව නේද? ඔය යකාට (එහෙම කිව්වේ හිතවත් කමට කියමුකෝ) මේ වෙලාවේ ඕක ගන්නම ඕනිද? ආයෙ චන්දෙකට ඉන්නෙත් නැති එකේ ඔය නිමල් සිරිපාල වගේ එකෙකුට ඕක බාරදීල (නැත්නම් මරා ටම හරි) මේ වෙලාවේ නිර්පාක්ශික ජනාධිපතිවරයෙක් විදියට හිටියනම් හොඳ නැද්ද? මටනම් මහ අවුල් වගේ.. පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකෝ..

    ReplyDelete
    Replies
    1. UNP එක හදන්නේ දින සීයෙන් විදායකේ අයින් කරලා.... මයිත්රී කරපිංචා නැට්ටක් වගෙ විසි කරලා.... චන්දෙ දිනලා..... නිකන්ම ඉල්ලුව නම් හීනෙකින් වත් හිතන්න බැරි ඌ විදිහට බලේට ඇවිත් ආතල් එකේ ඉන්න..... ඉතින් මයිත්රී ට ඔතන තියෙන්නෙ මොකද්ද. අවලංගු කාසියක් වෙලා විශ්රාම යන්න ද?

      දැන් මංගලගෙ වෙබ් සයිට් වලින් මයිත්රී ට මඩ ගහන්න අරන් තියෙන්නෙ නිකන් ද..... පලාත්සබා පෙරලගෙන යන්නෙ නිකන් ද.... ශ්රීලන්කා එක උන්ගෙම උන්ගෙ උදව්වෙන් නැති කරලා දාන්න මහ චන්දෙට කලින් .... දැන් පැහැදිලිද නිර්පාක්සික ජනාදිපති බය වෙලා ඇයි කියලා....

      Delete
    2. කිසිම පක්ශයකට ගැති නොවූවෙක් විදියට ඕකට දෙන්න පුලුවන් උත්තරේ මේකයි.

      1.යූඇන්පීයට දිනන්න පුලුවන් තත්වයක් තිබුනෙ නෑ.
      2.මෛත්‍රීටත් තනිවම දිනන්න පුලුවන් කමක් තිබුනෙ නෑ
      3.මේ දෙක එකතු වීමේ වාසිය දෙපැත්තටම ලැබුන. ව්යවස්තා සංශෝදනයක් සිදුවූනොත් අපිටත් පොඩි වාසියක් ලැබෙනව. ඉතින් තවත් මොනවද?

      ඒ ඒ පක්ශ මැතිවරනයකදි කරන්නෙ මොකක්ද කියන එක එයාල තීරනය කරයි. ඇයි අපි වොරි වෙන්නෙ?

      අන්තිම එකට නං දෙන්න තියන උත්තරේ "කලගුන සැලකීම හොඳයි. එහෙම කිරීම නොකිරීම එයාලගෙ වැඩක්"

      Delete
    3. මට කලින් ano ඇවිත්

      Delete
    4. ඇනෝ කියන විදියේ ගේමක් යූඇන්පීයට ගහන්න බෑ. දැනට ශක්තිමත්ම සාධකය මෛත්‍රී. ඊ ලඟට ශ්‍රීලනිපය. එජාපය ඉන්නෙ ඊටත් පස්සෙ. ඔය ගේම් ගහන්න බෑ.

      Delete
  9. උඹ හරි මචෝ.......
    සුද්දත් කියා තිබෙනව .....
    මුං (unp) හදන්නෙ මහ මැතිවරණයට මුහුන දෙන්න සුදානම......
    රාජ්‍ය බලය උපරිම යොදා ගැනීමට....
    බලමු........
    ඔය හැම දෙයක් පස්සෙම සැටී & මංගල ඉන්නව ....එයාලගෙ දිනුම තාම නැහැ....

    ReplyDelete
  10. මම ශ්‍රී ලාංකිකයෙක් මිස යුටෝපියානුවෙක් නොවේ. මේ බ්ලොග්වල දැනට වාද කරන ප්‍රධාන පිල් දෙකටම මා සිතන විදිහ අල්ලන්නේ නැතිවිය හැක. මා බ්ලොග්කරුවෙක් හෝ සෝශල් මීඩියාකරුවෙක් නොවේ, පක්ෂයක් නැති විවිධ අවස්ථාවල සිටින රජයට විරුද්ධව ප්‍රධාන පක්ෂදෙකට හෝ ඒවායින් කැඩී ආ පක්ෂවලට චන්දය දුන් දේශපාලනයට වඩා වෙනත් දේ ගැන ඉන්ටරෙස්ටඩ් සාමාන්ය පුද්ගලයෙකි.

    මං මේ චන්ද ප්‍රතිපලයට කැමතිය. දූශිත ගැලරියට පමණක් කතා කල රජෙකුට වඩා සාමාන්ය ජනාධිපති කෙනෙකුට මං වඩා කැමතිය. ඔහුගෙන් සර්ව සම්පූර්ණ යහ පාලනයක් මම බලාපොරොත්තු නොවෙමි. මන්ද මා ශ්‍රී ලාංකිකයෙක් බැවිනි. දූෂණ නැති කිරීමද බලාපොරොත්තු නොවෙමි. ටිකක් අඩුවීම මට ඇතිය. ඒවා වුවද දිගුකාලයක් බලාපොරොත්තු නොවෙමි. ටික කාලයකට හෝ එසේ වීම හොඳය.

    අවසන් වශයෙන් :- ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මා බලාපොරොත්තු වූයේත් මට හිතෙන විදිහට ලැබී ඇත්තේත් පොඩි හොඳ වෙනසකි. යුටෝපියානුවෙක් නොවන මට ඔය ඇති.

    ඊලඟ චන්දෙදි (මාස 4 කින් එන එක නෙමෙයි තව අවුරුදු 5 - 6 කින් එන ඒවා ) ජීවත්ව සිටියොත් හුඟක් දුරට මා තවත් වෙනසක් සඳහා ප්‍රධාන් විපෂයට චන්දය දීමට හැකි බවද මා දනිමි.
    දැනට මා යථාර්තවාදීව තෘප්තිමත්ය.

    ReplyDelete
    Replies
    1. P.S. හඳහන් පස්සේ යාමේ විපාක ගැන සිතනවිට නම් , (සාමාන්යයෙන් හාස්යයට වෙන මොනවටත් වඩා කැමති කෙනෙක් ලෙස), ලේ සෑහෙන්න පිරිසිඳූ වුනා මේ දවස්වල

      Delete
    2. ප්‍රාගෙ මතය දරන සෑහෙන්න පිරිසක් ඉන්නව. කොටින්ම ඡන්දය ප්‍රකාශ කල දවසේ බලාපොරොත්තු වුනේ එකම එක දෙයයි. මහින්ද පරාජය පමනයි. දැන් තවත් බලාපොරොත්තුවක් තියනව. ව්යවස්තා සංශෝදනය සිදුවෙයි කියල. ඒක සිදුවුනොත් ඊ ලඟ එක හොරු ඇල්ලිල්ල.
      ඔන්න ඔහොමයි යන්නෙ.

      Delete
    3. ප්‍රාගෙ අදහස එක්ක මාත් බොහෝ දුරට එකඟය. හැබැයි, අර පොඩ්ඩෙන් ඇති කියල සෑහිමකට පත් නොවී, තව හොඳ ඕනෑ කියන මතවාදී අරගලය ඉදිරියට ගෙනියන්න ඕන. එතකොට පොඩ්ඩ පොඩ්ඩ හරි දොගටම යමක් ලැබෙයි.

      ලෙඩේ හොඳවෙන්න කලක් යයි, දිගටම බෙහෙත් කරොත්.

      Delete
  11. දැන්නම් ඉතිං අණ්ඩුවයි,විපක්ෂයි දෙකම මෛත්‍රීගේ........

    ReplyDelete
  12. එකගයි...
    මොක කරන්නත් පාර්ලිමේන්තුවේ බහුතරය ඕනෙ වෙනවනෙ...

    ReplyDelete
  13. දේශපාලන විපර්යාසයන් බලාපොරොත්තු විය නොහැක..නව පීල්ලකට දැමීමට පෙරාතුව පරණ පීල්ලේ දුම්රිය ටික දුරක් ගෙනයාම අකමැත්තෙන් වුවද කල යුතු වේ..මුදලාලි මාරු වුණාට කඩේ ඇත්තේ පරණ බඩුමය..

    ReplyDelete
  14. පොඩි පොඩි දෙකේ කෑලි දෙක තුනකට හැර දූෂිතයින්ට දඬුවම් ලැබේ යැයි සිතිය නොහැක.
    අලුත් ඇමතිය ලා සහ මහ ඇමතියා ඩියුටි ෆ්‍රී කාර් පර්මිට් ගන්න දිනයේ සිට කාගෙන කාගෙන යෑම් ඇරඹෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. පුක කළුවො පුක පුච්චගන්න විදිහේ කොමෙන්ට් ගහන්න එපා. උඹේ ජාතකය සහ පින්තූර ළඟදීම පලවෙනවා.

      Delete
  15. මේ රජය සම්බන්ධයෙන් මගේ බලාපොරොත්තු මෙච්චරයි.
    17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම
    ජනාධිපති සතු විධායක බලතල පාර්ලිමේන්තුවට පැවරීම
    ජනාධිපති සතු මුක්තිය ඉවත් කිරීම
    නීතිය සැමට ඉහලින් ඔසවා තැබීම , සහ නීතිගරුක පාලනයක් ස්ථාපිත කිරීම

    ReplyDelete
  16. මටත් හිතෙනවා ප්‍රායෝගිකව බලද්දි රාජ් බොස් හරි කියලා..

    ReplyDelete
  17. මැතිවරණයට පෙර තිබුණු සම්මුතිය බිඳක් හෝ අඩු නොවී පවත්වාගෙන නොගියොත් මෛත්‍රීගේ සන්ධානය අමාරුවේ.

    ReplyDelete
  18. සම්පූර්ණේන්ම එකඟයි.. තුනෙන් දෙක පාර්ලිමේන්තුවේ හදා ගන්නනම් ඔය සහයන් ගන්න වෙනවා.. එහෙම නොවුනොත් නම් ජනාධිපති ක්‍රමේ අහෝසිකරන්න වෙන්නේ නෑ.. ඒක අස්සේ ඉතින් යහපාලනේ ගැන කියපුවා..

    ReplyDelete
  19. යහ පාලන බබා තාමත් නිදි යහනේ
    ජහ මනයා සොබාවික ෆැන්ටසි හීනේ
    සහ පිරිවර සමග ලණු සුප් හැදු නෝනේ,
    වහ වීලා වගෙයි බිව් හට ඒ පානේ.

    මහ අවුලක් වගේ මට පෙනෙනා මේක
    පහදා අහගන්න කෙනෙකුත් නැති සේක.
    වහ වූ ශ්‍රී.ල.නි. ප යලි රහ වූ සේක
    මහ ලේකම් තුමා අපගෙම වූ සේක

    මීයෙන් කැඩූ, අත ලෝනත් මදිය කියයි
    ඊයෙන් ගෙනා හොරු ටික අද සුපිරිසුදුයි
    රීයෙන් ගලේ, යහ පාලන ටිකිරි ළමයි
    සීයෙන් කොරන එක ඇහුවත් අපට බනියි

    ReplyDelete
  20. https://www.youtube.com/watch?v=AvOckqNeIrA

    ReplyDelete