Thursday, January 29, 2015

අපේ ක්‍රිකට් වලට මොකද වෙලා තියෙන්නේ...... [Road to World Cup I]

නවසීලන්තය එක්ක තිබුන තරගාවලිය මේ වෙද්දි පරාජය වෙලා ඉවරයි. මේ සටහන ලියන මොහොත වෙද්දි තවත් එක තරගයයි ඉතිරි. ඒකවත් දිනාගන්න පුළුවන් නම් ගෞරවය ටිකක්වත් රැකගන්න පුළුවන්. එක තරගයක් වැස්සට හේදී නොයන්න පරාජය තවත් දරුණු වෙන්න හොඳටම ඉඩකඩ තිබුන. දුවද්දී දවාගැනීම් හතරක් නිසා යන්තම් එක තරගයක් බේරගන්න සමත් වුනා. දැන් බොහෝ දෙනෙකුට තියන ප්‍රශ්න දෙක තමයි ඇයි මෙහෙම උනේ කියන එකත් ලෝක කුසලානයේදි මොනව වෙයිද කියන එකත්.

2014 කියන්නෙ අපේ ක්‍රිකට් වලට හොඳ අවුරුද්දක්. 96ට පස්සෙ ලෝක කුසලානයක් ජයග්‍රහණය කරන්න සමත්වුන එකම අවුරුද්ද. ඒ වගේම එංගලන්තයට එරෙහිව ටෙස්ට්, එක්දින වගේම 20-20 තරගාවලි ජයගත්තෙ එංගලන්තයෙදි. මට හිතෙන හැටියට වැටීම ආරම්භ වුනේ හදිසියේ පැමිණි ඉන්දියානු සංචාරය නිසා. කොදෙව්වන්ගේ තරගාවලිය අවලංගු වීමෙන් පස්සෙ ඉන්දියා‍ව පැත්තෙන් කල ඉල්ලීමකට අපේ ක්‍රිකට් පාලකයන් එකඟ වීමත් එක්ක අනවශ්‍ය තරගාවලියකට මුහුණ දෙන්න අපිට සිදුවුනා. ශාරීරික යෝග්‍යතා පුහුණුවක් අතරමැද යන්න සිදුවුන මේ සංචාරය 5-0 විදියට පරාජය වීමත් එක්ක කණ්ඩායමේ වැටීම පටන් ගත්ත කිව්වොත් හරි. ඉන්දියානු සංචාරයේදි අසාර්ථක වුන පන්දු යවන්නන්ගේ විශ්වාසය අඩුවීම දැන් තියන අවුලට මූලික හේතුව කියලයි මට හිතෙන්නෙ.

ලංකා කණ්ඩායමේ අවුල ආකාර දෙකකින් විග්‍රහ කරන්න පුළුවන්. පළමුවැනි කාරණාව තමයි කෙටි කාලීනව සිදුවුන කඩා වැටීම. ඉන්දියානු සංචාරයෙන් පස්සෙ පන්දු යවන්නන් සෑහෙන මට්ටමකින් විශ්වාසය පළුදු කරගත්ත. මේකෙ ප්‍රතිපලයක් විදියට පිතිකරුවන්ට එල්ල වන පීඩනය වැඩිවුනා. සියල්ල අවුල් වෙද්දි පන්දු රැකීමත් අවුල් වුනා. මේක විශම චක්‍රයක්. ක්‍රිකට් කියන්නෙ මානසික ශක්තිය එක්ක කරන ක්‍රීඩාවක්. මට මතකයි වරක් ඕස්ට්‍රේලියානු නායකයෙක් කියල තිබුන (පොන්ටින් හෝ ස්ටීව් වෝ) ඔවුන්ගේ නොනවතින ජයග්‍රහණ වලට හේතුව "පරාජය වීමට තියන දැඩි අකමැත්ත" කියල. මම කියපු කාරණාව සනාථ කරන්න පුළුවන් හොඳම උදාහරණය තමයි කලින් ජයග්‍රාහීව අවසන් කල සංචාර වල ක්‍රීඩකයන්ම දැනටත් කණ්ඩායමේ සිටීම. ජයග්‍රාහී මානසිකත්වය ගිලිහී යාමයි අවුල.

ඒ වගේම අපේ ක්‍රිකට් වල දිගු කාලීන අවුලකුත් තියන බව කියන්න ඕන. පිතිකරුවෙක් විදියට ස්ථාවර සහ සාර්ථක අයෙක් විදියට අන්තිමට ආවෙ ඇන්ජලෝ මැතිව්ස් විතරයි. එතනින් පස්සෙ කණ්ඩායමට පැමිණි කිසිවෙක් ස්ථාවර වුනේ නෑ. යම් යම් අවස්ථාවල සාර්ථක වන තිරිමාන්න සහ චන්දිමාල් තාමත් මහේල-සංගා-දිල්ශාන් වගේ ජ්‍යේෂ්ඨයන්ගේ අඩුව පුරවන්න සමත් වෙලා නෑ. පන්දු යවන්නන්ගේ පැත්තෙන් බැලුවත් තත්වය ඕක තමයි. එක කාලයක වාස්-මුරලි, තවත් කාලයක මුරලි-මාලිංග, ඊටත් පස්සෙ මාලිංග-කුලසේකර වගේ පන්දු යවන්නන් දෙදෙනෙක් වත් සාර්ථක මට්ටමක හිටිය. හොඳ පන්දු යවන්නන් දෙදෙනෙක් සිටින කණ්ඩායමකට තවත් සාමාන්‍ය මට්ටමේ පන්දු යවන්නන් දෙතුන් දෙනෙක් සිටීම ජයග්‍රහණ වලට ප්‍රමාණවත්. නමුත් මේ වනවිට ඉන්න පන්දු යවන්නන් සාර්ථක මට්ටමක නෑ. කණ්ඩායමක් අවුල් වෙද්දි ඒක පිටට පෙන්වන කැඩපත තමයි පන්දු රැකීම. ධෛර්ය අඩුවුන ගමන් පන්දු රැකීමත් පහලට වැටෙනව. මේ වනවිට ඒකත් වෙලා තියෙන්නෙ. ඒ නිසා මේ අවුල් දෙකට කඩිනම් විසඳුම් අවශ්‍යයි.

පළමුවැන්න තමයි තාවකාලික පසුබෑම නිරාකරණය කරගැනීම. මොකක් හෝ ක්‍රමයක් පාවිච්චි කරල දිනන්න ඕන ගානට ඔලු ටික සුද්ධ කරගන්න වෙනව. ඒක සාර්ථකව කරන්න පුළුවන් නම් ලෝක කුසලානය ගැන හිතන්න වත් පුළුවන්. එහෙම නොවුනොත් නං බෑ. දෙවනුව හොඳ පිතිකරුවන් සහ පන්දු යවන්නන් ටිකක් හොයාගන්න වෙනව. විශේෂයෙන්ම පැයට කිලෝමීටර එකසිය හතලිස් ගනන්වලින් පන්දු යවන එක්කෙනෙක් දෙන්නෙක් නැතිව වේගවත් තණතීරු වල අභියෝග ජයගන්න බෑ. මගේ අදහස අනුව ප්‍රමාණාත්මකව වැඩි පිරිසකට අවස්ථාව දිය යුතුයි. අන්තර් සමාජ මට්ටමේදි දක්ෂතා අතින් ඉහලින්ම සිටින ක්‍රීඩකයන්ට පමණක් නෙවේ, මැද මට්ටමේ ක්‍රීඩකයවනුත් අත්හදා බැලීම් වලට යොදාගත යුතුයි. පන්දු යවන්නෙක් විදියට කණ්ඩායමට ආපු තිලාන් සමරවීර හොඳ ටෙස්ට් පිතිකරුවෙක් වුනා වගේ, බාග තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වෙච්ච ඇන්ජලෝ මැතිව්ස් හොඳ පිතිකරුවෙක් වුනා වගේ සැඟවුනු දක්ෂතා තියන උදවිය ඉන්න පුළුවන්. ඒ අය හඳුනාගැනීමට තරම් අවස්ථා කිහිපයක් ලබාදිය යුතුයි.

ලෝක කුසලානය සහ අපේ බලාපොරොත්තු ගැන ඊලඟ ලිපි වලින් කතා කරමු.

26 comments:

  1. //අපේ ක්‍රිකට් වලට මොකද වෙලා තියෙන්නේ//

    මුකුත් නෑ. ප්‍රශ්නේ ඒකයි.:P

    ReplyDelete
  2. අනේ අපි නම් මුකුත් කරේ නෑ..අපි අංහිසකයි.

    ReplyDelete
  3. මම නං කියන්නේ මෙහෙ ලංකාවේ ඉදන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට උපදෙස් දෙන්න යන පත්තරකාරයෝ ටිකයි, රාජ්,මාතලන් වගේ අයයි ප්ලේන් එකක පටවලා නවසීලන්තයට අරින්න ඕනි තොපිට පුළුවන් කප් එක ගෙනල්ලා පෙන්නපියව් කියලා.

    ReplyDelete
    Replies
    1. බිත්තරයක් නරක් වෙලාද නැද්ද කියල කියන එකාට බිත්තරයක් දාල පෙන්නන්න පුළුවන් වෙන්න ඕනැද?

      Delete
    2. උන් වුනත් නිශාන්ත රණතුන්ගට වඩා හොඳවෙයි

      Delete
  4. මේ පාර ටැලිපෝන් එකක් ටැප් කරේ නැතෙයි...?

    ReplyDelete
  5. ක්‍රිකට් ඩ්‍රෝ වෙලා.

    ReplyDelete
  6. ක්‍රිකට් ගැන අවබෝධයක් නෑ රාජ් අයියා.ඒකත් නිකං පාර්ලිමේන්තුව වගේ නේද? දිනුවත් උං දිනුං පැරදුනත් උං දිනුං.අපි අප්පුඩි ගහලා නැත්තං අඬලා ආතල් එකක් ගන්නවා.

    ReplyDelete
  7. මචං නවසීලන්තයේ තියෙන පිච් අපිට හුරු මදි.... ඔ්ස්ට්‍රේලියාවෙත් ඒහෙමමයි.... මේක තමයි අපිට ලෝක කුසලානයක් ලගට යන්න තියෙන හොදම අවස්ථාව ඒත් පාරිසරික තත්ව ඒක වෙනස් කරයි කියලා හිතෙනවා.... නැත්තම් අපි කවදාවත් නවසීලන්තය ලග මෙහෙම පරාද වෙන්නෑ.... උඹ පෙන්නන හදිසි ඉන්දීය සංචාරයේ බලපෑමත් නැතුවම නෙමෙයි.... ඒත් ඊට ඒහා ගිය ගැටලුවක් මෙතනදී අපිට තියෙනවා..... මාලිංග නොදා සිටීම තාමත් උපක්‍රමික දෙයක් නේද??? මාලිංගෙග් පැමිණීමත් සමග සමහර විට ගොඩක් දේවල් වෙනස් වේවි කියලත් හිතෙනවා..... බලමු......

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් සංචාරයෙන් පස්සෙ එන්ගලතෙ මෙහේ ආවමත් ඔය කේස් 1 තිබුන. එන්ගලන්තෙට එහෙදි ගැහුව ලේසියෙන්, මෙහෙදි ගැහුවෙ ටිකක් අමාරුවෙන්.

      මාලිංග තමයි අවසාන බලාපොරොත්තුව. නමුත් මාලිංග මොන තත්වයක ඉන්නවද දන්නෙ නෑ.

      Delete
  8. ඉස්සර නම් ක්‍රිකට් පිස්සෝ.ඒත් දැන් නම් වැරදිලාවත් ක්‍රිකට් දිහා බැලෙන්නේ නැ

    ReplyDelete
  9. ඔය එකක්වත් නෙමෙයි හේතුව පට්ට එකාධිපතියෙක් වෙන සනත්ට ක්‍රිකට් ටීම් එක භාරදීම. ටීම් එක පාළණ්ය කලේ නාමල්. කොහොම බලපෑමක් තිබුනද කියලා සංඝා කියලා තියෙනවා. ඔය ටීම් එකම, සනත් සහ නිශාන්ත රණතුංග ඉවත් කරලා ගැහුවා නම් යමක් කරයි. නැත්නම් තත්වය තවත් දරුණු වෙයි. ඒ කියන්නේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු සුන් උනා වගේම. රටේ වෙනසක් වෙලත් ක්‍රිකට් වල වෙන්සක් සිඳු නොවීමේ ඉඡ්චා භංගත්වය..

    ඕන් අදත් සංඝා සීයක් දැම්මා..

    ReplyDelete
    Replies
    1. සංඝා කිව්වේ කව්රු හරි හාමුරුදු කෙනෙකුට උඹ අපහාස කරන විදියද?? හැක්

      Delete
    2. අද උනත් සන්ගා සෙල්ලම් කලේ අන්තිම හරිය ටිම් එකට නෙමෙයි, තම්න්ගේ 100 ගහන්න ඔනෙ උනෙ. එක බලන්න තිබ්බා 40-48 ඔවෙර එක වෙනකන් ගෑහුවෙ එක 4 පහරයි. පිඩනය අන්තිමට එන කොල්ලොන්ට දිල සින්ගල් එකක් අරන පෑත්ත මාරු කලා. හෑබෑයි ලකුනු 70 වෙනකන් ගෑහුවෙ වෙනම සෙල්ලමක්. මේවා අපෙ ගොඩක් අයට නොතේරෙන ඈත්ත

      Delete
    3. කට්ටිය කොච්චර උඩ දෑම්මත්, මටනම් ඩිලශාන් තමයි මෙතෙක් SL-ODI බිහිඋන හොදම ක්‍රිඩකයා.(inside the ground only) නිකමට බලන්න බෑටින් ඔර්ඩෙර් එකේ 1-3 ස්ථාන වල දෙන්නාගේ දක්ශතාවයන්.
      TM Dilshan match 160 runs 6537 HS160* Avg 46.36 100s 19
      KC Sangakkara match 258 runs 10029 HS169 Avg 43.04 100s 18

      Delete
  10. පාලක මණ්ඩලේ කේස් පවා ක්‍රිඩකයින්ට දැඩි බලපෑම් කරනවා වෙන්න පුළුවන්.දැන් ඉන්න මහේල,සංගා,ඩිල්ෂාන් ගෙන් පස්සේ ඒ තැන් වලට ගැලපෙන ආදේශක නැති වීමෙන් මැතිව්ස් ලොකු අමාරුවක වැටෙනවා.ලෝක කුසලානයෙන් පස්සේ තමයි ඕක වැඩියෙන් පේන්න ගන්නේ.

    ReplyDelete
  11. වරද තිබ්බෙ කොතනවත් නෙමේ 2011 පස්සෙ කන්ඩයමට කල යුතු වෙනස් කම් ගොඩක් මගහරිමයි. එදා චන්දිමල්, තිරිමන්න හරි විඩියට පාවිච්චි කලනම් අද බෑටින්ග් පෑත්තෙන් ලන්කවට මෙහෙම දෙවල් වෙන්නෙ නෑහෑ.

    චන්දිමල් හොද මට්ටමක ඉන්නකොට 6,7 බෑට් කරන්න එව්වා. අපි අරජුනලාගෙන් දෑක්ක කෑප කිරිම සන්ගා මහෙලගෙන් දෑක්කෙ නෑහෑ. තනිකර ටිම් එකෙ රේදි ඉන්නයි, තමන්ගෙ පුද්ගලික වර්ත හාබා ගියා. චන්දිමල් නොම්බර 3 එවලා සන්ගා 4 යන්න කෑමති උනෙ නෑහෑ. මහේල තිරිමන්නට පහලින් සෙල්ලම් කරන්න කෑමති උනේ නෑහෑ. මහෙල තව දුරටත් නොම්බෙර 4න් පහලට ගියනම් අද Oඪෛ වලට මහේල නෑ.

    ReplyDelete
    Replies
    1. කොහේ දැම්මත් චන්දිමාල් කියන්නේ පට්ට ෆේලියර් එකක් විතරයි. ඕෆ් එකේ යන ඒවටත් ලෙග් එකට ගහන පොරක් එයා. ලංකාවේ වෙන ක්‍රිකටර්ස්ලා ඇත්තෙම් නැද්ද. එයාව ටෙස්ට් කලා හොඳටෝම ඇති.

      Delete
  12. මං බලන් ඉන්නෙ 'බිග් ත්‍රී' ගිහින් අළුත් ටීම් එක එනකම්.. මේ වර්ල්ඩ් කප් එකේ මොන ජයග්‍රහණයක් ආවත් ඒක බෝනස් එකක් විතරයි. කොමෙන්ට් කරන්න ලොකු තුන් දෙනා ගිහින් අළුත් ටීම් එක ඇවිත් පටං ගන්න කන් ඉන්න ඕනි. භානුක රාජපක්ශ, අශාන් ප්‍රියන්ජන් ල එක්ක තිරි, චන්දි, ඇන්ජලෝ ල සෙට් එක එනකන් ඉඳල බලන්න තමයි හිතන් ඉන්නේ. අපේ ටීම් එකේ එක ජෙනරේශන් එකක් සම්පූර්ණයෙන්ම හිස්. අද ටීම් එකේ අවුරුදු 27- 36 අතර කවුරුවත් හිටියේ නෑ.

    ReplyDelete
  13. අපේ පන්දු යවන්නො attack කරන්න යෙදවීම වඩාත් හොදයි...විශේශයෙන් සචිත්‍ර....4,5 තරග වල ප්‍රතිඵල වෙනස් වෙන්න තිබ්බ දිගටම attack කරානම්....

    ReplyDelete
  14. Upul Tharanata mokada wela thiyenne,Kapillak kiyala Aranchi,

    ReplyDelete
  15. ක්‍රිකට්වලට යහපාලනේ නැද්ද?

    ඕස්ටේ‍රලියාව සහ නවසීලන්තය වැනි රටවල ක්‍රීඩා කණ්ඩායම්වල ජයග්‍රහණයක් ඇති නම් එයට මූලික හේතුව ලෙස මා දකින්නේ මෙහි දේශපාලකයින් ක්‍රීඩාවලට අත දාන්නට නොයෑමයි. එහෙම වුණා නම් මෙහෙටත් කෙලවෙන්ණ තිබුණා!

    කියන්නේ පූර්ණ නිදහස් ආයතනයක්. එහි දේශපාලකයෝ නෑ. දේශපාල පත්වීම් නෑ. වත්මන් ක්‍රීඩා ඇමති කවුද කියන්නවත් මං දන්නේ නෑ. මොකද ඔහු/ඇයව ටෙලිවිෂන් එකේ වැරදිලාවත් දැකලා නැති නිසා.

    ReplyDelete
  16. ශික් ...ක්‍රිකට් , අපි බලන්නෙ රගර් . අපිට ඉතිහාසෙට පහල උන හොදම කැප්ටන්ල දෙන්න නැති උනා . ආයේ ගොඩ යාමක් නෑ .

    ReplyDelete
  17. මාලිංග නැති අඩුව පහුගිය තරගාවලි ටිකේම පේන්න තිබුනා.. හැබැයි ඉතින් එහෙමයි කියලා ඒ මත්තෙම බලාගෙන ඉන්න එක වැරදියි.. විකල්පයක් තියෙන්න ඕන.. බලමු, අන්තිමේ තරගේ ජයග්‍රාහීව ඉවර කලානේ..

    ReplyDelete
  18. කස්ටියම සල්ලි දාන්ටකෝ මාලිංගයට රොබෝ කකුලක් අරන් දෙන්ට

    ReplyDelete
  19. ක්‍රිකට් වලට මොක වුනාම උඹට මොකද බං? ඒවා හොයන්න උඹ මොකෙද්ද?
    මහා ප්‍රාඥයෙක් කියලා හිතා ගෙන මූ එනවනෙ බොල හැම එකටම උගේ ගොන් මතය ප්‍රකාශ කරන්න.දේශපාලනේ ටයි,ක්‍රීඩාවටයි,ආගම දහම ටයි ..., යකෝ නිදහසක් ඇත්තෙම නැද්ද?පව් නොදී පාඩුවේ හිටපංකෝ.අර ගෙදර තියන රෙදි ටික හෝද ගෙන,.අහල පහලින් යන්න නැහැ, අප්පිරියයි.
    තොගෙ පුස් කැවුම් ගෙඩිය වගෙ මූන දිහා බලපන්කො. කොච්චර කැතද?

    ReplyDelete