Monday, February 2, 2015

තිස්ස තිස්ස තිස්..........ස අයියෝ තිස්ස!










අනේ දෙවියනේ මට වුන වියෝයා
ගිලෙන නැවට පනින්න හිත ගියෝයා
හොර අස්සං ගහල ඇතුලට ගියෝයා
එලියට ගත් එකෙක් මගෙ සුමි‍තුරෝයා

මිනිස්ටරියෙ කෑම සුවඳ පැතිරෙනවා
කරගන්නට බැරිවූ දේ සිහි වෙනවා
සියක් වාරයක් මැරි මැරි උපදිනවා
තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා

අම්බානට පැරදුනු කල අපෙ පක්සේ
මාධ්‍යට කිව්ව ගොහිල්ල මයික් අස්සේ
වැරදීමෙන් පැන්නත් ඡන්දේ අස්සේ
මං අමතකද උඹලා රජවූ පස්සේ

මල්ලියෙ නරක මිතුරන් පිලිගන්න එපා
නංගියෙ මැද මුලන පැත්තේ යන්න එපා
මේසේ උඩ තියන ලිපි අර ගන්න එපා
ගත්තත් මාධ්‍යට නං පෙන්නන්න එපා

යෑමෙන් හොඳ කටඇර ඇතුලට යෑම
දීමෙන් හොඳ දීම රජාට #ක දීම
බීමෙන් හොඳ බීම රජ සුළු දිය බීම
කෑමෙන් හොඳ කෑම ඉල්ලාගෙන කෑම

හීන් හඬින් කිව් තිස්සගෙ කවි අහලා
මාත් කියන්නං කයිපද ගලපාලා
‍දෙන්නං උපදෙසක් හිතලා බලලා
තරහා නැතුව අහගෙන ඉන්නකො ඔහෙලා

රෑ ‍මැරෙන්න ඉන්නා එළුවගෙ බෙල්ල
උදේ කපල පව් අරගත්තා වාගේ
තිස්ස මැතිඳු පැන එල්ලුනි සාටකයේ
සාටකේ ගිලුනි තිස්සත් එක්ක මඩේ

ආවා උනත් කොකාට සිය දහස් වරක්
එනවලු තිත්තයාටත් වාරයක් දෙකක්
පනින්නට කලින් හිතුවොත් තවත් වරක්
වෙන්නේ නැහැ ඔබහට නං මෙවන් දුකක්

36 comments:

  1. කුමාරයෙක් වගේ ඉන්නට හැකිය සිතා
    රජෙක් ලගට පැන්නා තිස්ස පුතා
    කරපු මෝඩ කම ගැන පසුතැවිලා
    එන්න හදපු මුත් දැන් ඇත පමා වෙලා

    ReplyDelete
    Replies
    1. කාටත් තිස්ස ගැන අමතක වී යන්න
      සතියක් දෙකක් විපක්ශයේ හිඳ ඉන්න
      සුභ මොහොතක් බලා හරියට නොවැටෙන්න
      මහ ගේ පැත්තට යලි රන් එක දෙන්න

      Delete
  2. දාහත් වසක් වින්දේ මහ කරදරය
    නොවක් බැනුම් වින්දේ ඉවසාගෙනය
    විසිහත් වරක් ඡන්දෙන් අපි පැරදුනිය
    හය්යෝ දින්න දා මම පක්ෂයෙ නැතිය

    එහා ගොඩේ නා කනුවේ මහින්දයා
    මෙහා ගොඩේ සපු කනුවේ මෛත්‍රියා
    දෙගොඩ තලා යන වතුරට පැන්න ගොයා
    හපොයි තිස්සයා දිව දෙකෙ කබරගොයා

    ReplyDelete
    Replies
    1. අනඳ හිමිත් මාරයාට යටත් උනා
      විශ්නුත් වසර විස්සක් බට කොල කැවා
      මාර මරා තිස්සගෙ ඔලුවට වැහුවා
      අය්යෝ තිස්ස කබලෙන් ගින්නට පැන්නා

      Delete
  3. තිස්ස සාටකේත් දැම්මද?
    මං අදමයි ඒ ෆොටෝ එක දැක්කේ!
    නොදකින්!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔය ෆොටෝ එකට තිස්සගේ මුණ බද්ධ කරලා කියලායි.මේ පින්තුරේ රාජ් අන්තර්ජාලයෙන් ගන්න ඇත්තේ.ඔය ෆොටෝ එකට අයිති හරි මුණ නාමල් ගේ මට මතක විදියට.

      Delete
    2. ගූගල් දෙයියයි තිස්සව මට දුන්නේ
      එනමුත් පොටෝසොපයෙන් හැදුවා වැන්නේ
      සාටකයක් නෙවේ මේ නං දාන්නේ
      බෙල්ලෙන් එල්ලුවා කියලයි හිතෙන්නේ

      Delete
    3. http://2.bp.blogspot.com/_qusOR6d2v4g/TL5QLTsyMvI/AAAAAAAAB5Y/dyQdDUkAb-A/s400/rr.jpg

      Delete
  4. සල්ලි වලට එහෙට පැන්න මේ තිස්සා
    පැනල ගියේ හිටිය තැනට උක පුස්සා .
    සති දෙකකින් ඇමති කමත් විය පුස්සා
    බොලට කියන්නේ අපි දැන් බක පුස්සා.

    තටමල තටමල කවියක් ලිව්වා ඔන්න ..

    ReplyDelete
    Replies
    1. අත්තෙන් අත්තට පනිනා කුරුල්ලා
      තෙමිලා නහිනවා කියලා කියන්නා
      තටමල උනත් මේ වාගේ කවි ගොතලා
      හොඳ කවියෙකු වෙන්න පතනව දොස් හැරලා

      Delete
  5. 20 වසරක් අලි පාටියේ කොඩි විනය
    රජ සැප පතා පැන්නා ගිලෙනා නැවට
    ගරු රඟපෑම් පෑ හරකා ඇතුලේය
    පෙස්සන් ගහපු රිලාවා තවමත් එලියේ

    රාජ් මේ කළබලේ ලියලා නේ.. ඔප් මට්ටම් කරලා ලිව්වා නම්.. උඹේ කවි හැකියාව එළ...

    ReplyDelete
    Replies
    1. රිලවුන් වැටුනාම යනකොට
      අත්ත උඩින්
      බිම වැදිලා රිදෙන්නේම පුකය තදින්
      රිලවා වැටී දඟලනකොට වලව් දොරින්
      ගොතමුකො අපිත් මේවගේ කවි යලිත් තුටින්

      Delete
    2. පාස්පෝර්ට් දෙක?

      Delete
  6. මටත් මේ මැසේජ් එක දැක්ක ගමන් හිතුනේ

    අහෝ දෙව්දත් නොදිටි මොක්පුර කියලා තමා.
    පව් බං විසි අවුරුද්දක් තිස්සේ පක්සේ සායම බේරගත්ත එකා

    ReplyDelete
  7. මේ හා සමානවම හෝ මීටත් වඩා උනන්දුවෙන් ක්‍රියාකර අත්අඩංගුවට ගතයුතු මගෝඩියන්, මිනීමරුවන්, තව ගොඩක් ඉන්නවා. උන්ව අල්ලාගන්න මීටවඩා ප්‍රමුඛත්වයක් දෙන්න ඕනෙ. නැත්නම් උන් වාෂ්ප වෙයි.

    ReplyDelete
    Replies
    1. පැමිණිලි එකෙන් එක විභාග කරන්නෙ. ප්‍රමුඛතාවක් දීල නෑ මගෙ හිතේ.

      Delete
  8. අනේ තිස්සට උන වියෝයා කියල තමයි ඉතින් කියන්න වෙන්නේ.. ඔච්චර පැරදි පැරදි හැටි හිටිය තැන ත්ව එක පාරක් හිටියනම් මෙලහට ඇමතියෙක්නේ..

    ReplyDelete
    Replies
    1. මෑන්ස් යන පැත්ත පරදිනව
      තෑන්ක් යු තිස්ස
      කියන්න විතරයි තියෙන්නෙ

      Delete
  9. එන්න එපා ඕන නැති ඒවා කියන්න හරිය :P

    ReplyDelete
  10. ෆේස් බුකියේ රුවන් නෙලූ ලියපු පද පෙරලියක් මේ
    ඇමතිකම මාසයක් පමණයි
    ඒකෙ පඩියත් නෑ
    කෝටි විස්සට නොපැන්නා නම්
    මෙදා කෙළවෙන් නෑ

    මරා දැන් නම් මැරී වැටුණත්
    මටත් ගාණක් නෑ
    සිරා ආවත් නොගිය නම් මං
    මරා පරදින් නෑ

    ආයෙ ගන්නට කොතෙක් කීවත්
    අලියො කන් දෙන් නෑ
    මගේ පෝස්ටර මං ම ගැහුවත්
    උන්ට ගාණක් නෑ

    අල්ලපු අත්තත් පයගහපු අත්තත් දෙකම නැති වූ තිස්ස නායකට සහයෝගයක් ලෙස මේ සිංදුව "අතීතය සිහිනයක් පමනයි" තාලයට ගායනා කරන්නට පුලුවන් ය.

    ~ රුවන් නෙලූ

    ReplyDelete
    Replies
    1. මොහු ආදායම් බදු ගෙවලාද?

      Delete
  11. කුට්ටිය නොගෙන ඉන්නට අරහත් වීද?
    ඇමති කමට ඇයි කවුරුත් අකමැතිද?
    හෙනහුරු රාහු මගෙ පස්සෙම කැරකෙයිද?
    අත්සන ගසන්නට හිත ආවේ ඇයිද?

    නායක තුමන් හට දැං දුක ඇතිවේවා
    මා කළ වැරදි ගැන මාහට කම් කරවා
    නැවතත් එන්න මට වරමක් හිමි වේවා
    සතුරෙකුටවත් මේ විපතක් නොම වේවා

    ReplyDelete
  12. මේ හොර ගිවිසුම හැර තවත් හොර ගිවිසුම් තිබේද?
    එසේය තවත් හොර ගිවිසුම් බොහෝ තිබේ.
    ඒ හොර ගිවිසුම් හැර තවත් ගිවිසුම් තිබේද?
    එසේය තවත් ගිවිසුම් බොහෝ තිබේ.
    ඒ ගිවිසුම් සහ හොර ගිවිසුම් හැර තවත් ගිවිසුම් තිබේද?
    එසේය... ඇයි අනෙක් සියල්ල තිබියදී අහුවුණු මේ එකම මගේ හොර ගිවිසුම?

    ReplyDelete
  13. හොඳ වැඩේ තිස්සයට මට ඕකව පෙන්නන්න බැහැ. හැමදාම කිව්වොත් කියන්නේ යූඇන්පී එක පැරදිලා නැහැ කියලමයි. හත්පොලේ ගෑවිලා පැරදිලා පට්ට කුජීත වෙලා ඉද්දිත් ඕකට යූඇන්පිය පැරදිලා නැහැමයි. එක පාරක් රනිලා ඔක්කොම දාලා යන්න හදනකොට ඔය අවලමයි මලික් සමරවික්‍රමයි තමා අල්ලලා නවත්තගත්තේ. එහෙම නොවුනනං පක්ෂයට කොච්චර හොඳද. කෙලවෙලාම පල අමන තිස්සයට.

    ReplyDelete
  14. THISSA, THISSA, ME MAMA MAHINDA

    ReplyDelete
  15. ආදිකාලේ තමයි මහින්ද "තිස්ස තිස්ස නවතින්න" කිව්වේ... ලඟදී කිව්වේ "තිස්ස තිස්ස පනින්න" කියලා.

    ReplyDelete
  16. ඔක්කොමත් හරි දැක්කනෙ මේ තක්කඩියා හොර අස්සං ගහල ඔප්පුවෙලා රිමාන්ඩ් එකට ගෙනියද්දි මාංචු දාපු අත්දෙක උස්සල පෙන්නපු ගොං පාට් එක. ඒ හෝතඹුව හිතාගෙන ඉන්නෙ මිනිහත් සරත් ෆොන්සේකා හරි නෙල්සන් මැන්ඩෙලා හරි වගේ කියල වෙන්න ඕන..අනේ ****** නන්නානේ!!!

    ReplyDelete
  17. කේප්ප සුමනෙගෙ ලණුවක් ගිලලා සුමනයා කේන්දරේ බලලා තිස්සගෙ පක්ෂියා රජ වෙනවා කිව්වලු බල්ටිය ගැහුවා නම්...ඉතිං අසරණ තිස්ස පුතා අවුරුදු 25 ක් හිටිය යූ ඇන්පියෙන් දාර බල්ටියක් ගැහුවා...

    ReplyDelete
  18. මගෙ නම කව්ද අයියෝ මට මතක නැත
    තිස්සද පුක පිස්ස කොලයද කියනු මිත ?

    ReplyDelete
  19. අනේ හිටිය නං දින සීයක් තිස්ස
    අැමති කමක් ගන්නට තිබුණා උස්ස
    ඊට කලිං කැඩිලා කඩියගේ පස්ස
    තිස්ස ගියා සාටක රෙද්දක අස්ස

    ReplyDelete
  20. මාෂේ මාරු වීද තිෂ්ෂ...

    ReplyDelete
  21. ඉස්සර නැවක් ගිලෙන්න යනකොට පව් කාරයා හොයල මූදට දානවලු.

    ReplyDelete
  22. අනේ පවු අහිංසකය..මෙහෙම කියන්නෙ මං නෙමේ ගමේ කිරිබංඩෙයි රං එතනෙයි

    ReplyDelete