Monday, February 23, 2015

කැබිනට් රැස්වීම සහ සල්ලි හෙවිල්ල......

එදා කැබිනට් මීටින් එක වෙනදට වැඩිය ටිකක් ඇදිල ගියා. දවස් සීයෙන් බාගෙකට කිට්ටු වෙන්න ගෙවිල ගිහිල්ල තියන නිසා වෙන්නැති කවුරුත් තම තමන්ගෙ යෝජනා චෝදනා කතා කලා. කාගෙ කාගෙත් කතාබහ අවසන් වෙන්න යද්දි ටිකක් නිහඬව හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහත්තය කතා කරන්න ගත්ත. කතාව පටන් ගත්ත විදියට නං ටිකක් බරපතල කාරණාවක් බව පේන්න තිබුන.

"සර්, මම මේ කියන්න ගියේ වැඩිකරපු පන්දාහ ගෙවන්නෙ කොහොමද කියල! මහින්ද මහත්තය දීපු තුන්දාහ දෙන්නත් ඕන, අපේ පන්දාහ දෙන්නත් ඕන.... ඒත් ඉතිං සල්ලි තමයි....." රවී ඔලුව කහ කහ කියන්න ගත්ත.

"ඇයි ඔයා කිව්වෙ සල්ලි හොයාගන්න හැටි දන්නව කියල! දැං අපෙන් සල්ලි ඉල්ලන්නෙ ඇයි?" විහිළුවට වගේ අගමැතිතුමා කිව්ව.

"කිව්ව නං තමයි සර්.... ඒත් ඉතිං පනස් දාහවල් බෙද බෙද යන කට්ටියට වගේ සල්ලි දෙන්න කට්ටිය අපිට නෑනේ...."

"අපිට නං සල්ලි දෙන්න කට්ටිය ඉන්නව.... " සජිත් ඇමතිතුමා මොකක්දෝ කියාගෙන එද්දිම අගමැතිතුමා එයාව නිස්සද්ද කලා.

"හරි දැං කොහොමද මේ සල්ලි ටික හොයාගන්නෙ?"

"සර් අපි ගනිමු විදේශ ණයක්" රාජිත ඇමතිතුමා කිව්ව.

"හා හා හැම එකම ණයට අරගන්න ලෑස්ති වෙන්න එපා කලිං කට්ටිය වගේ...." අගමැතිතුමා කියපු එක ජනාධිපතිතුමාටත් වැදුන කියල තේරුනේ කිව්වට පස්සෙ. කොහොමටත් එතුමාට තේරුම් යනකොට ටිකක් පරක්කුයි නෙව.

"ඉතිං ඔය සල්ලි ටික ගන්න විදියක් කල්පනා කරන්නකො හිටං" නිස්සද්දව හිටිය ජනාධිපතිතුමත් හඬ අවධිකලා.

"අපි ගහමු බද්දක්! ජීඑස් ටැක්ස් හරි මොකක් හරි නමක් දාමු!" එහෙම කිව්වෙ ජෝසප් මයිකල් ඇමතිතුමා.

"ඒක හරියන්නෑ ජෝසප්.... එහෙම උනොත් මිනිස්සු කලකිරෙනව" අගමැතිතුමා කිව්ව.

"ක්‍රමයක් ඕන්නං කියන්නං......" මේ අතරෙ නිස්සද්දව හිටපු චම්පික ඇමතිතුමා කිව්ව. කවුරුත් එයාගෙ පැත්තට හැරුන.

"හැබැයි ඉතිං මේකට කවුරුත් කැමති වෙයිද දන්නෑ....."

"ඇයි, අර ඔයා පොතේ කිව්ව හොරුංගෙ ගිණුම්වල තියන සල්ලි ගන්නද?" රවී ඇහුව.

"නෑ නෑ.... මේක ඊට ලේසියි.... උසාවි යන්න වෙන ප්‍රශ්නයක් නෙවේ...."

"එහෙනං දේශප්‍රේමී බද්දක් ගේන්නද? ඔය ආරක්ෂක බදු වගේ?" අගමැතිතුමා ඇහුව.

"නෑ නෑ.... එච්චරත් අමාරු නෑ...."

"තටමන්නෙ නැතුව කියන්නකො චම්පික" අන්තිමට ජනාධිපතිතුමත් කිව්ව.

"සර්, මේකට අපේ ජෝන් ඇමතිතුමාගෙ සහය ඕන...."

"ඇයි? එකක් යන්තං යට ගියා.... ආයෙත් මාව කන්නද හදන්නෙ? අනේ මාව නං ගාවගන්න එපා ඕවට. අඩුගානෙ ඡන්දෙන් පස්සෙ"

"නෑ නෑ ඇමතිතුමා.... මේක බඩට වදින කේස් එකක් නෙවේ.... ඔබතුමාගෙ අමාත්‍යාංශෙ සහයෝගය විතරයි ඕන...."

"හෑ.... පාප් වහන්සෙ දීපු සල්ලි ටිකත් මෙයාට දුන්න තව මොනවද ඉල්ලන්නෙ?"

"නෑ නෑ.... ක්‍රිස්තියානි කටයුතු එක නෙවේ මට ඕන මහජන සාමය"

"ඒකෙං මොකක් කරන්න? මට නං මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ හලෝ! මොකද්ද ඕන කියනවකො ප්‍රෙෂර් හදන්නෙ නැතුව"

"මට ඕන ඔබතුමාගෙ පොලිසිය" චම්පික ඇමතිතුමා හීන් හඬින් කිව්ව. කට්ටිය මීයට පිම්බ වගේ නිස්සද්දයි.

"ඒ මොකටද?"

"ඔයාලගෙ අනුර සේනානායකට කියල, ගස්සල, විකුණල දෙන්නකො තව සීඩී ටිකක්.... ඔය ගාන හොයාගන්න බැරිය ලේසියෙම්ම.... එයාට තව කිරිල්ලියො නැතෑ.... "

52 comments:

  1. හැක් හැක්.. දැං ඉතිං කෝමත් මිනිහගේ ආදයම් වාර්තා හොයයි වගේ..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.... මදෑ පිනට දුන්න.

      Delete
    2. AnonymousFebruary 23, 2015 at 10:51 PM
      මාරයා හෙවත් චතුෂ කුමාර දැන් බ්ලොග් ලියන්නේ නැත්තෙ ඇයි?

      Replies

      AnonymousFebruary 24, 2015 at 6:48 AM

      අහපු නිසා කියන්නම්. ඉතා අවංක මිනිසෙක් වන මාරයා හෙවත් චතුශ තුශර කුමාර තමා නියෝජනය කරන මතය වෙනුවෙන් ( මුදලට නොව )නොසැලී පෙනී සිටියේය. මාතලන් සහ ඔහුගේ මානසික වහල්ලු වන කෙවුල්‍ය රාජ්, මෝඩ ඉවාන්,කුරුටු ගෑ ගූ රෙද්ද,වාසගම වෙනස් කල පුකලොජිස්ට්,හැලප ලඩේ, අරූට කෙලි අඩවිය ආදීන් විසින් එක දිගට මාරයාට ඇනෝ ගොස් වද දුන්නා.

      බැරි තැන මාරයා ඇනෝ වැහුවා.

      යක්පාලනේ ආවම පොරජාතන්තරේ ට වෙන අලකලංචිය දුර දීම දැකපු මාරයා බ්ලොග් එක වහලා ගියා. නැත්නම් මේ ගෝතයෝ ටිකට කොච්චර මහන්සිද රිකැප්චා දදා ඇනෝ ගහන්න. හිටියා නම් යහපාලනේට එකසිය ගානට ජම්බු දෙන පොරක් තමා මාරයා.

      නොම්මර එකේ අවංකයෙක් !

      Delete
    3. තම තමන්ගේ අඩවි වල ඇනෝ දැමීම් පාලනය කරගැනීම බ්ලොග්කරුවන්ගේ වගකීමකි.

      අනිත් අය ගැන සහතික දෙන්න බැරි වුනත් මම නං ඇනෝ ඇවිල්ල කාටවත් වධදී නැත. ඇනෝ එන්න ඕනකමකුත් නැත. ඕන දෙයක් මූනටම කෙලින් කියන්න තරම් කොන්දක් අපට ඇත. ලොකුම විහිළුව වන්නේ මෙම චෝදනාව කරන්නාද ඇනෝ පැමිණීමයි.

      උඹ නං නොම්මර එකේ පොන්නයෙක්!

      Delete
  2. හෙහ් හෙහ්...

    ඒක නෙමේ අර ලෝකාන්තෙන් වැටෙන්න ගිහින් බේරගෙන තියෙන්නේ මාතලන්ව කියලා පත්තරේක දැක්කා ඇත්තද?

    ReplyDelete
    Replies
    1. නෙදර්ලන්ත ජාතිකයෙක් නේද? හැබැයි මාතගෙ මූනත් ඒවගේ තමයි.

      Delete
    2. මාතලන්ම නෙමෙයි..එක්කෝ එයා ගාව ඉන්න තුන්දෙනාගෙන් එක්කෙනෙක්..නැත්නම් එයා එක්කෙගෙන ගිය එක්කෙනෙක්...

      Delete
    3. //ලෝකාන්ත මුදුනේ දී බිරිඳගේ ඡායාරූපයක් ගැනීමට පසු පසට යද්දී එකවරම මතලින් පය ලිස්සා ලෝකාන්තයට ඇද වැටින.//

      මම හිතුවා පොඩි ටයිපින් මිස්ටේක් එකකින් මාතලන්, මතලින් උණාය කියලා

      http://lankaenews.com/news/1402/si

      Delete
    4. මූනත් ටිකක් ඒ වගේ.. වැඩ කිඩත් ඒ වගේමයි.. නමත් ටිකක් හරි.. ඒත් මොකක් හරි අවුල්.. හැක්

      Delete
    5. වැඩි වෙනසක් නැහැ ඇලපිල්ල ගලෝලා ඉස්පිල්ලට දාගෙන නේ..

      Delete
    6. බුෂ් එකක් නිසා බේරුණයි කියන්නෙ

      Delete
    7. ඒ කිව්වෙ කොහෙට ගහල තිබ්බ බුෂ් එකක්ද ප්‍රා ?

      Delete
  3. \\\\ කොහොමටත් එතුමාට තේරුම් යනකොට ටිකක් පරක්කුයි නෙව.////
    ++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++
      මටත් හිතට වැදුන ම වචන ටික.....

      Delete
  4. වල්ල පට්ට කියන්නම බෑ... පට්ට කැටගරියට දාන්න පුළුවන්..

    මොකෝ උඹ ඉස්සර ලියපු ඒවා වගේ වල්ල පට්ට යාං හෑල්ලක් කාලෙකින් කියෙව්වේ නෑ... ඒවා ඉස්තරන්..

    ReplyDelete
    Replies
    1. මට නම් මේක වල්ල පට්ට...

      Delete
    2. දෙන්නටම ස්තුතියි. මේකට උත්තරේ පෝස්ටුවකින්ම දෙන්න බලන්නං

      Delete
  5. නිකං නෙවේ හූවක් කියලා හිනාවුනේ රාජ් මේක කියවලා. අනුර සේනානායට දැන් කිරිල්ලියෝ ඉවරයි. අලුත් සීඩී එකක් ගහනවා 'සඩු කුල්ලි' කියලා.

    ReplyDelete
    Replies
    1. නරක නෑ. රෙකෝඩින් එක කොතනක කරන්න වේද දන්නෑ.........

      Delete
  6. ඔන්න අයිඩියා අඩේ අර උඩින්ම තියෙන කොමිටියට සෙට්වෙයං කෝ බං...

    ReplyDelete
  7. හැබැට අනුර සේනානායකගේ මම අහලා තිබ්බ එකම සින්දුව "සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ"කියන එක විතරයි.බලන් ගියාම මිනිහා හොඳ මාකට් එකක් තියෙන ගායකයෙක්නේ.
    අපේ ගෝඨා පටන් ගත්තු "රණවිරු ස්ටාර් " එකෙන්වත් අනුරලාට තැනක් දුන්නේ නැති හිටං.

    ReplyDelete
    Replies
    1. දවසක් මාධ්‍ය සාකච්ඡාවකදිත් සින්දුවක් කියනව අහගෙන

      Delete
    2. ඇයි බං උගෙ මුල්ම සින්දුව මාගේ කිරිල්ලී...ඒක මිනිහ 60 ඉඳන් කියලලු ඔය ගාන හෙව්වෙ!

      Delete
  8. ෂික් අච්චර ජනප්‍රියයි කියල හිතපු නාමල් කොල්ලටත් සල්ලි මෙයාගෙන් ඉල්ලන්න උන එකෙ පෙනෙනවා නේද ගායකයගෙ තරම ? කවුරුත් අහල ඇත්ද සිංදුවක් එයාගෙ ? කෝ මේ සිංදු මල්ලි ?

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං. නාමල්ට ලක්ෂයයි අරමුදලට කෝටියයි.... ලංකාවෙ කලාකරුවන්ට තැනක් නෑ කියන්නෙ කවුද අප්පා.

      Delete
  9. හැබෑට ඔය කියන සල්ලි කොහෙන්ද හෙව්වෙ අප්ප මං නං ඔහොම සීඩි එකක් කරල කියල වත් තිබ්බ කියල වත් දන්නෙ නැ
    ඕ යේස්...

    ReplyDelete
    Replies
    1. ඇයි බං මම නං පහුගිය ටිකේම ඇහුවෙ එතුහමාගෙ සීඩී එක

      Delete
    2. ඇයි උඹ සයිකලේ ලයිසොම නැතුව ගිහිං අහුවෙලා සී ඩී දඩයක් කෑවද?

      Delete
  10. දැන් උය CD විකිණිලා තියෙන හැටියට මුළු ලංකාවම අහන්නෙ පොරගේ සිංදු ....
    ඕකා තමා පාතාලය එක්ක සේරම පර වැඩ කරන්නේ......
    මුළු පිටකොටුවටම IP ලව දම්මල පොලියට සල්ලි දෙන්නෙ ඌ....
    තව මගඩි ගොඩයි......

    ReplyDelete
    Replies
    1. ඒක තමයි පරිත්‍යාගත් ටික ටික කරන්නෙ. දේශපාලනයට නං හොඳයි

      Delete
    2. කෙන්ජි මෝඩයා... බක පන්ඩිත කතා නොකිය හිටහං.. අපේ අනුර මහත්තයා කවදාවත් ඒ වගේ අසමජ්ජාති වැඩක් කරන්න තියා ඒ පළාතකවත් යන්නෑ. ඕක කුදයං ගහගනිල්ලා කියලා.. හැක්

      Delete
  11. හෝ හෝ මේ අනුර සේනානායක.

    ඇත්තට පහුගිය කාලෙ මාර අරුම පුදුම දේවල් ටිකක් වුනා නේද?

    ReplyDelete
  12. අද කැබිනට් මීටිමෙන් වැඩි හරියක් වෙන් වූයේ “අධ්‍යාපනයා” විසින් අපොස උසස් පෙළ පැරණි හා නව නිර්දේශ සිසුන් “සියළු දෙනාටම සාධාරණයක් කරන්ට” හඳුන්නා දෙන්ට යන නව Z ස්කෝර් මෙතඩොලොජියක් ගැන කතා බහටය. පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක්ද ආධාරයෙන් මේ පැහැදිළි කිරීම කරනු ලැබූ මුත් මට නම් මෙළෝ මළ දානයක් නොතේරුණේය. ඔහු කීවේ පැරණි නිර්දේශයට Z ස්කෝර් එක වෙනම ගෙන නව නිර්දේශයට වෙනම ගෙන පසුව දෙක එකට “මෙව්වා කරන්ට” ඕනෑ බවය. “උසස් අධ්‍යාපනයා” ද මොන මොනවාදෝ කිව්වේය.

    ඔහු ඒක මෙව්වා කරද්දී මම වෙනත් මෙව්වා කිරීමක් පටන් ගතිමි. මට කෙළින්ම ඉදිරියෙන් හිඳගෙන සිටියේ “සංස්කෘතිකී” ය. හතළිස් ගණන් වල අග හරියේ සිටියද ඇය තවම නව යොවුන් නාරි ලක්ෂණ විදහා පාන පුරාතන ග්‍රීක ප්‍රතිමාවකි. සුදු හැට්ටයෙන් හා නිල් සාරියෙන් වැසුණු ඇගේ පිරිපුන් තන මඬල රණ හසුන් යුවළක සේ මදෙස බලා සිටියි. මම මේසය යටින් කකුල දිගුකොට ඇගේ කකුල පෑගුවෙමි. ඇය ඊට ඇඟිල්ලක් උරුක් කළ ” වික්ටර්, විකාර කරන්ට ආවොත් බලාගෙනයි!” වැනි මුහුණක් පෑවාය. මම ඇයට ඇසක් ගැසුවෙමි. ඇය බොරු තරහ මුහුණක් ආරූඪ කර ගත්තාය. පුටු දෙකකට එහා සිටි “කෘෂිකර්මයා” අප දෙස බලා සිටින බව පෙණුනු නිසා මේ සෙල්ලම එතෙකින් නතර කරන්ට සිදුවිය. කොහොමටත් අදට මේ ඇති. ඇගේ නොම්මරය මා දන්නාක් සේම, මගේ නොම්මරයද ඇය දනී. කතාව දිගට ගෙන යන්ට ඕනෑ නම් SMS කියා ජාතියක් තිබේ.

    ඊයේ රෑ මැදියම වනතුරු ඇදී ගිය ආසන බල මණ්ඩල රැස්වීමක් නිසා මා සිටියේ බාගෙට නිදිමතිනි. එබැවින් කැබිනට් මීටිමේ ඉතුරු ටික මා කළේ නිදා ගන්නා එකය. දැන් මම ඊට විශේෂඥයෙක්මි. ලොකු රාමුව සහිත කණ්නාඩි දෙක දාගත් කළ ඇස් ඇරී තිබේද වැසී තිබේද කිසිවකුට නොපෙණේ. ඉඳහිට මැඩම් “VS, what do you think about that?” කියා ඇසුවොත් (මේ කලාතුරෙකින් වෙන දෙයකි.) එහා පැත්තේ ඉන්නා “තොරතුරු තාක්ෂණයා” මට වැළමිටින් අනියි.

    “It looks okay madam. I think it is a good idea, but we should look holistically. I hope everyone agrees”

    සියයට අනූවක් ප්‍රශ්න වල මේ පිළිතුර සෑහේ. වැරදිලාවත් මා සමඟ එකඟ නොවන කෙනෙක් සිටියොත් වහා කතා කරන්ට පටන් ගෙන අවධානය ඔහු වෙතට ඇද ගනියි. එසේ නැතිනම් හැමෝම හැපිය. මම නැවත නිදන්ට යමි.

    (05) ජුලම්පිටියෙ අමරේ සහ රතු හාමුදුරුවෝ || Julampitiye Amare and Rathu Hamuduruvo

    ReplyDelete
  13. සින්දුවක් කියලා කියක් හරි හොයාගෙන එක දනට පිනට දෙන අහිංසකයන්ටත් මුන් මෙතන කතා හදනවනේ

    ReplyDelete
  14. හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්
    දනට පිනට ගෙදර දොරට දුන්නේ මං...
    හිතේ මනාපෙං..

    ඕකට ඔය හැටි මඩ ගහන්න ඕනෙයෑ හිටං.. අපේ උන්ට දුන්නත් වැරදි නැතත් වැරදි.. හැක් හැක්..

    ReplyDelete
  15. සිරාවට ඕයි.... මම දැනගෙන හිටියේ නෑනේ CD ගහන ඕන අපතයෙකුට කෝටියක් හොයන්න පුළුවන් කියල. කොහොමහරි ගහනවා Software CD එකක් හරි හිටං

    ReplyDelete
  16. ෂෝයි අනා.

    ReplyDelete
  17. එයාට දැන් ඉස්සට වගේ කිරිල්ලියෝ අහුවෙන්නේ නෑ කියාවිද දන්නේ නෑ..

    ReplyDelete
  18. මාගේ කිරිල්ලී සොයා යන්නෙ මා
    පැන්ෂන් ගියාට පස්සෙ.

    ReplyDelete
  19. මාගේ කිරිල්ලී සොයා යන්නේ මා..................... නෙලලා හකු පැලෙන්න

    ReplyDelete
  20. එහෙනං මෙහෙම කරන්න ඕන. ඩුබායිවල, බහරේන්වල වගේ දානව හෙවිට්‍රැෆික් ෆයින් එකක්, ඉන් පස්සෙ අල්ලන උන්ට "මහත්තය දඩ ගෙවන්න ඕන්නෑ සීඩී එකක් ගන්න" කියල ෂේප් කරනව. ආන්ඩුවටත් ගාන එනව, මිනිස්සුන්ටත් ස්තුටුයිනෙ ඩිස්කවුන්ට් එකකින් ගොඩ දාගත්ත කියල.

    ReplyDelete
  21. කිරිල්ලිව හොයාගෙන යන්නේ හද්දා නාකි උනාමද :v මාරු ඈ

    ReplyDelete
  22. හොඳ නිර්මාණයක්. අන්තිමට ලස්ස්සනට කියනන් ඕන දේ ඇදල අරන්.

    ReplyDelete
  23. අන්තිම වෙනකන් කුතුහලය රදවාගත්ත අපූරු නිර්මාණයක්..!

    ReplyDelete
  24. මොකද රාජ් දැන් සද්ද නැත්තේ?

    ReplyDelete