Tuesday, March 10, 2015

සොසේජස් මාමගෙ ඩ්‍රෙසින් රූම් සංචාරය සහ අබ්ලික් වුන ගෙදර වැඩ......

සොසේජස් මාම මැච් එක පටන් ගන්නකල් සොසේජස් බේසමත් අරගෙන කස්ටියගෙ ඩ්‍රෙසින් රූම් පැත්තෙ කරක් ගැහුව. එයා ඉස්සෙල්ලම ගියේ ඕස්ට්‍රේලියානු ටීම් එකේ කාමරේ ලඟට. කාමරේ දොර වහල තිබුන. ඇතුලෙන් සද්දෙට කතා කරන සද්දෙ ඇහෙනව. දොරට තට්ටු කරන්නත් හදල කොයිකටත් කියල යතුරු හිලෙන් බැලුව.

‍මිචෙල් ජොන්සනුයි මිචෙල් ස්ටාකුයි දෙන්න හුඹහෙන් ඇදල ගත්ත තලගොයි දෙන්න වගේ.....

"මේක නං කරන්න බෑ සර්....." ජොන්සන් පුහුණුකාරයට කිව්ව.

"බෑ කියල බෑ.... කොහොම හරි කප්එක ගන්නත් එපැයි! අපේ රටටත් ආපු එකේ මේ සැරෙත් බැරිනං බෑ ඉතිං" පුහුණු කාරය කිව්ව.

"යංතං එකක් ගහගත්ත.... මැක්සිට පිංසිද්ධ වෙන්න..... දැක්ක නේ අරුං මාරයො වගේ ගහපු හැටි! අරූ කකුල අවුල් කරගත්තෙ නැත්නං හොම්බෙං තමයි යන්න වෙන්නෙ......" එහෙම කිව්වෙ ස්ටාක්. සොසේජස් මාමට කාරණාව හරියට පැහැදිලි නෑ.

ඒ ගමන එයා ගියා නවසිලන්ත කාමරේට. එතනත් ඇතුලෙ කලබලයක් වගේ....

"කලිං සැරේ ගැහුවට මෙදා නං ලේසි නෑ වගේ.... මට නං බෑ ප්‍රැක්ටිස් යන්න.... ඕන දෙයක් වෙන්න කියල පුළුවං විදියකට ගහනව මංනං" එහෙම කිව්වෙ බ්‍රෙන්ඩන් මැකලම්.

"එහෙම ගහන්න බෑ පුතා.... ප්‍රැක්ටිස් නැතුව ගහන්නෙ කොහොමද?"

"ප්‍රැක්ටිස්? මොන %$^&&*$#ද? කාට කියලද දැං හෝම්වර්ක් කරන්නෙ?" එහෙම ඇහුවෙ ටිම් සවුති. එයාගෙ ප්‍රශ්නෙට පුහුණු කාරයටත් උත්තර නෑ..... එයා ඔහේ බලාගත්ත අත බලාගෙන හිටිය.

ඊලඟට එයා ගියේ ඉන්දියාවෙ කාමරේ පැත්තට. යතුරු හිලෙං එබිල බලද්දි සුරේෂ් රයින රොටී හදන්න පිටි අනනව. කෝලියි රහානෙයි උඩ පැත්ත හරවපු අයන් දෙකක තියල රොටී පුච්චනව. දෝනි ටවල් එකක් දාගෙන ඕනවට එපාවට රොටියක් හපනව.

"ස්කොට්ලන්ත කාරයො දිනුවොත් නං අපි ඉවරයි සර්...." රොටී කෑල්ලක් කටේ දාගත්ත දෝනි පුහුණුකාරයට කිව්ව.

"ඒක නං හැබෑව... අඩු ගානෙ සෙමියවත් ගහන්න බැරි වෙනව එහෙම උනොත්....." පුහුණුකාරය කිව්ව.

"සර් කරනව නං පොඩි වැඩක් නං තියනව...." එහෙම කිව්වෙ කෝලි. අනිත් කට්ටිය එයා දිහා බැලුව.

"මොකද්ද?"

"අපේ ප්‍රයිම් මිනිස්ටට කියල මොකක් හරි ගිවිසුමක් ගහන්න බැරිද මේ සැරෙත්?"

"ම්.......... මාත් ඕක කල්පනං කලා..... දැං ඒක විතරයි ඉතිරි වෙලා තියෙන්නෙ....." පුහුණු කාරය කිව්ව. සොසේජස් මාමට හරිම පුරස්නෙ! මොකක් ගැනද මේ හැමෝම කතා කරන්නෙ? ඒ ගමන එයා ගියා ස්කොට්ලන්තෙ කාමරේ පැත්තට. එයාලට නං වැඩිය අවුලක් නෑ වගේ.....

"හරි. අපි කොහොමත් පරාදයිනෙ. ඔන්න ඕකත් ගහල දාමු. ඕව දැනගත්ත කියල ආයෙ අමුතු මහන්සියක් වෙන එකක්යැ අපි" නායකය කිව්ව. අපරාදෙ! කලිං මෙතෙන්ට ආව නං කතාව අහගන්න තිබුන. ඒ ගමන සොසේජස් මාම ගියේ දකුණු අප්‍රිකාවෙ කාමරේට. ක්‍රීඩකයන් කට්ටිය රවුමට තියාගෙන පුහුණු කාරය මැද ඉන්නව. එයා අතේ ටැබ් එකක්.

"රයිට්! මෙන්න ඩේටබේස් එක!...... මේකෙ තියනව කාගෙත් වීඩියෝස්..... ඒ ටීම් එකේ විස්සයි....ක්ලබ් ගහන කට්ටිය හත්සීයයි.... ඉස්කෝලෙ යන හොඳ එවුන් එක්දාස් පන්සීයයි.... කාගෙත් වීඩියෝ තියනව..... බලල පාඩං කරල බෝල් කරමු!" ඇලන් ඩොනල්ඩ් එහෙම කිව්ව විතරයි ඩේල් ස්ටේන් කපාදාපු ගහක් වගේ සිහි නැතුව ඇද වැටුන.... මොනේ මෝකල් ඔලුවෙ අත ගහගෙන, ව‍ැටෙන්න කලිං පුටුවක‍ට බරවුනා..... වතුර බෝතලයක් කඩපු ඩොනල්ඩ් ඩේල්ගෙ මූනට වතුර ඉස්ස..... ඒබී ඩිවිලියස් ටවල් එකකිං හුලං ගැහුව.... ඔන්න ටික වෙලාවකිං ස්ටේන්ට‍ සිහිය ආව....

"මට බෑ... මට බෑ.... මට රිටය වෙන්න ඕන...." ස්ටේන් කෑගහන් ගත්ත. ඒ ගමන සොසේජස් මාම දොරට තට්ටු කලා. ‍සොසේජස් මාම ඇරපු දොරෙන් අැතුලට පැනගත්ත.

"මොකද්ද සර්ල මෙච්චර වදවෙන අපිවත් නොදන්න ප්‍රශ්නෙ?" සොසේජස් මාම ඇහුව.

"ඇයි දන්නැද්ද? අර ශ්‍රී ලංකාවෙ #&^%$$#ල දවස ගානෙ තුවාල කරගන්නව.... ඊට පස්සෙ අලුත් එවුන් ගෙන්නගන්නව.... යකෝ අපි කාටද බෝල් කරන්නෙ කියල දන්නැතුව කොහොමද ප්‍රැක්ටිස් කරන්නෙ?.... මෙදාපාර ක්වාටර් ගහන්න වෙන්නෙ උං එක්ක....." එහෙම කියපු ස්ටේන් ආයෙත් ඇදවැටුන..... කට්ටිය වතුර ඉහින අතරෙ සොසේජස් මාම ඇරිල තිබුන දොරෙන් එලියට පැනගත්ත.

31 comments:

  1. මේ තුවාල කරගැනීම අලුත්ම උපක්ක්‍රමය වගේ. කාන්තා ක්‍රිකට් කණ්ඩායම් යද්දිත් සොසේජස් මාමව යවල තොරතුරු ටිකක් දියං .

    ReplyDelete
  2. යකඩෝ හඳ මාමා, ග්ලුකොරස මාමා, ටයි මාමා වගේ මාමලව දන්නවා දැන් කව්ද ඔය සොසේජස් මාමා ??

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි. ලංකාවෙ නං අන්නාසි මාම. සුද්දගෙ රටේ කොයින්ද අන්නාසි? මම දවසක් දැක්ක ග්‍රව්න්ඩ් එකේ සොසේජස් බදින බුවෙක් නං. එහෙමයි සොසේජස් මාම ආවෙ.

      Delete
  3. ///මේකෙ තියනව කාගෙත් වීඩියෝස්..... ඒ ටීම් එකේ විස්සයි....ක්ලබ් ගහන කට්ටිය හත්සීයයි.... ඉස්කෝලෙ යන හොඳ එවුන් එක්දාස් පන්සීයයි.... කාගෙත් වීඩියෝ තියනව..... බලල පාඩං කරල බෝල් කරමු!" ඇලන් ඩොනල්ඩ් එහෙම කිව්ව විතරයි ඩේල් ස්ටේන් කපාදාපු ගහක් වගේ සිහි නැතුව ඇද වැටුන.... මොනේ මෝකල් ඔලුවෙ අත ගහගෙන, ව‍ැටෙන්න කලිං පුටුවක‍ට බරවුනා..... වතුර බෝතලයක් කඩපු ඩොනල්ඩ් ඩේල්ගෙ මූනට වතුර ඉස්ස..... ඒබී ඩිවිලියස් ටවල් එකකිං හුලං ගැහුව.... ඔන්න ටික වෙලාවකිං ස්ටේන්ට‍ සිහිය ආව....////

    මේ ටිකනම් පට්ට.හිනාව නවත්තගන්න බැරුව ගියා.හැබැයි මේ තියරියත් නරකම නෑ වගේ රාජ් කියන විදිහටනම්....

    ReplyDelete
  4. මරේ මරු බං.. දැං තව දෙන්නෙක් ඇලට් එකේ..

    //කෝලියි රහානෙයි උඩ පැත්ත හරවපු අයන් දෙකක තියල රොටී පුච්චනව//

    මේවා නං තොපි අර එළියකන්දේ ඉදගෙන කරපු වැඩ. ඔව් ඉදගෙන

    ReplyDelete
    Replies
    1. //මේවා නං තොපි අර එළියකන්දේ ඉදගෙන කරපු වැඩ//
      ඇයි අහල නැද්ද සීන් එක?

      Delete
    2. මොකද නැත්තේ ඒකනේ කිව්වේ හැක්

      Delete
    3. නෑ ඒක නෙවේ සීන් එක. ඉන්දියන් කාරයො ලංකාවට ඇවිල්ල හෝටල් වල කරපු වැඩේ.

      Delete
    4. මාමිගෙ කාලෙ මාස් පතා මල් මාල දාල ගෙන්න ගත්ත ටුවර් ඉස්ලගෙ ඉන්ඩියන් එවුන්ගෙන් බහුතරයක් ...
      හොටෙල් කාමර ඔල ඉස්තිරික්ක උඩ පුච්ච ගත්ත ලොටි තමා කාල තියෙන්නෙ .....
      දේශය බබා......දන්නෙම නැද්ද.....

      Delete
    5. ඒක වෙනම කතාවක්.. මම කිව්වේ කැමපස් හාදයෝ හාදියෝ හොස්ටල් වලදි ආන්ඩුවෙන් දෙන ඉස්තිරික්කේ උඩ ආන්ඩුවේ කරන්ට් වලින් පුච්චන රොටි ගැන..

      Delete
    6. ඉතින් එලිය කන්දක් නොකිය ඔහොම කිව්වා නම් අහක නේ...Sir ......

      Delete
    7. එළියකන්දක් ගැන කිව්වේ රාජ් එළියකන්ද කාපු එකෙක් නිසා.. හැක්..

      Delete
  5. මරේ මරු බං ,අරුන් දෙන්න රොටී පුච්චන කතාව සුපිරියි.

    ReplyDelete
  6. ක්‍රිකට් ගැන වැඩිය දන්නෙ නැති උනාට සීන් එක එළ ඈ....

    ReplyDelete
  7. පට්ටයි ඩෝ..!

    රාජ් යළි ඉපැදේ... මුලින්ම හිතුන ලංකාව ගැන සීන් එකක් කියල. ඒත් හංකවිසියක් හිතුන්නෑ මේ වැඩේ ගැන කියල. පට්ටෙ හොඳ එක...බ.අ.සි

    ReplyDelete
  8. යකෝ හරිනම් හොඳ දොස්තරයෙක්වයි යවන්ට ඕනේ.අර දුමින්දට බෙහෙත් කරපු ඩොක්ට මහේෂි හරි විමල්ගේ පවුලට බෙහෙත් දීපු වැලිකඩ ඩොකා හරි එහෙමත් නැතිනම් අර "එලියන්ත වයිට්"ගොයියාව හරි යැව්වා නම් වැඩේ අහවරයි.

    ReplyDelete
  9. රොටි කතාව මරු. ඇයි අප්ප මවාගත්ත කතාවක් හරි අහල කෝචෝක් එකට කෝලියට හිනාවෙනකොට හිතට ආතල් සොමියක් දැනෙන්නෙ?

    ReplyDelete
  10. පට්ට මචෝ..........................

    ReplyDelete
  11. රාජ් ඊස් බැක්.. එළ එළ.. දකුණු අප්‍රිකාවට තමයි හැබෑම ප්‍රශ්ණේ.. උන් කොහොමත් පට්ට අන්ලකී නේ මේජර් ටූනමන්ට් වල හැක් හැක්..

    ReplyDelete
  12. නියමයි....අලුත් ක්‍රමේකට හදපු රසවත් කෑමක්..... රළ පෙළ කැළඹේ

    ReplyDelete
  13. අලුත් අයවම යවන්න ඕනෙ නෑනෙ. පරණ පෙන්ෂන් ගිය අය ගියොත් නරකද?
    "හිටපු ඕපනර් ........... ලාස්ට් මෑන් කරමු " වගේ රැලි දෙක තුනක් තියල අපි එහෙම එක්කෙනෙක්ව යවල බලමුද ..... කප් එක ගහන්න?

    ReplyDelete
  14. මරු තියරිය...
    අර යකා ඇයි බං කකුල අවුල් වේගෙන එද්දී දුවන්න එකෙක් ගෙන්න ගත්තේ නැත්තේ. ඔය සොසේජස් මාම ඒක දන්නේ නැද්ද

    ReplyDelete
    Replies
    1. දුවන්න දෙන්නෙ නෑ නෙව දැං. ඒ ඉස්සර.

      Delete
  15. මට බය කෙහෙළිය පුත්‍රයාටත් ප්ලේස් එකක් එයිද කියලා...

    ReplyDelete
  16. හි හි ශෝක් .. සොසේජ් මාමා සාරවිට මාමා වගේ වෙන්න ඇති නේ.. hotdog මාමෙක්

    ReplyDelete
  17. ඒක තමා අලුත් ට්‍රික්ස් එක.. 15ක සංචිතයට කොහොම හරි අපේ සෙට් එක දැන් 20ක් විතර යවා ගත්තනේ කෝම කෝම හරි..

    ReplyDelete
  18. හිනා කාලා මැරෙනවා යකෝ...

    ReplyDelete
  19. කෑ ගහන්න එපා යකෝ. මමත් මේ කොන්ඩේ එහෙම කළු කරගෙන ලෑස්තිවෙලා ඉන්නේ ෆයිනල් ගහන්න යන්න.

    ReplyDelete
    Replies
    1. "විචාරක ඕපනර් කරමු."
      ටීම් එක ගලවා ගැනීමේ මහා රැලිය.
      ඔබත් 58න් එක්කෙනෙක් නම් 15 දා කුරුණෑගලට එන්න

      Delete
  20. පව් හැබැයි. සංග අලුත් එවුන්ට ගහන්න දෙන්නේ නැතුව පොරම ගේම ඉවර කරන එක නම් හරි නෑ

    ReplyDelete