විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවමත් පවතින්නේ වැට උඩය. මේ අතරේ අගමැතිට එරෙහි දෝශාභියෝගයද ඇත්තේ අලු යට ගිණි තත්වයේය. යෝජනා දෙකෙන් කවරක් ඉස්සර වේදැයි කිව නොහැකිය. කෙසේ වෙතත් විසිවැනි සංශෝධනය කරලියට පැමිණි ආකාරය එතරම් යහපත් නැත. මුලින් ආසන දෙසීය පනස් පහක් වන ආකාරයේ මැතිවරණ ක්‍රමයක් ගැන පක්ෂ සමඟ සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන විට එය දෙසීය විසි පහට අඩුව තිබුනි. ආසන ගණන අඩුවීම බැලූ බැල්මට යහපත් සේ පෙනුනද එකඟතාවය බිඳගැනීම ගැන සිතූවිට මැවෙන චිත්‍රය යහපත් නැත. ජවිපෙ, හෙළ උරුමය, මුස්ලිම් පක්ෂ මෙන්ම කඳුකරයේ දෙමළ පක්ෂද මේ ක්‍රමයට එකඟ බවක් පෙනෙන්නේ නැත. ශ්‍රීලනිපයේ මහින්ද පිලේ කණ්ඩායම ගැනද කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි නිසා මැතිවරණ ක්‍රමය පිළිබඳව වූ මෙම සංශෝධනය ඇත්තේ අවිනිශ්චිත තත්වයකය. වත්මන් තත්වය අපට සිහි ගන්වන්නේ 2000 වසරේදී චන්ද්‍රිකා මැතිණිය ඉදිරිපත් කල පැකේජයයි.
ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් හඳුන්වාදුන් සමානුපාතික ඡන්ද ක්‍රමය, ඉන් පෙර පැවති සෘජු ආසන ක්‍රමය හා සැසඳීමේදී වඩාත් නවීන යයි කිව හැකි ඡන්ද ක්රමයකි. සෑම ජන වර්ගයකට මෙන්ම විවිධ දේශපාලන කණ්ඩායම් වලට අයත්වන ඡන්ද දායකයන් හට තම නියෝජිතයන් පත්කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාගත හැකි ක්රමයකි. සරළ බහුතරය ලබාගන්නා අය ජනතා නියෝජිතයා සේ පත්වන විට ඉතිරි සියල්ලන්ටම නියෝජනයක් නැතිවීමේ බහුබූත ක්‍රමය නැතිවූයේ සමානුපාතික ක්‍රමය මඟිනි.
සමානුපාතික ක්‍රමයට එරෙහිව සමාජ මතයක් ගොඩනැඟීමට මූලිකවම හේතු වූයේ මනාප ක්‍රමය සමඟ මතුවූ පාදඩ දේශපාලන සංස්කෘතිය නිසාය. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක විසින් මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම හොරෙකු ඡන්දයට ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදුන් අතර ඊට සමානුපාතිකව රටේ නීතිය අන්තයටම පිරිහිනි. කුඩ්ඩන් කසිප්පු කාරයන් ජනතා නියෝජිතයින් වූ විට මීට වැඩි යමක් බලාපොරොත්තු වීම විහිළුවකි. කෙසේ වෙතත් ඔක්කොම කුණු බේරුවල බොක්කට යයි කියන්නාක් මෙන් මේ සියළු දුර්විපාකයන් වලට ඇඟිල්ල දිගු වූයේ සමානුපාතික ඡන්ද ක්රමයටය.
නව මැතිවරණ ක්‍රමය ගෙන ඒමේ තවත් අපේක්ෂාවක් ලෙස කියවෙන්නේ සියළු ප්‍රදේශ වල ජනතාවට නිශ්චිත වූ නියෝජිතයෙකු ලබාදීමයි. මනාප ක්‍රමයේදී ආසනයකට මන්ත්‍රීවරයෙකු නොමැති අතර නියෝජිතයන් දිස්ත්‍රික්කය සඳහාම පත්වන බැවින් සමහර ආසන සඳහා මන්ත්‍රීවරයෙකු නොමැතිවීමේ ඊනියා ගැටළුව පැනනඟි. පැරණි ක්‍රමයේදී ප්‍රදේශයට නියෝජිතයෙකු ලැබෙන නමුත් අතිවිශාල ඡන්ද දායකයන් සංඛ්‍යාවකට නියෝජිතයෙකු අහිමි වේ. අනෙක් අතට සමානුපාතික ක්‍රමය ක්‍රියාත්මක කල පසුද ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම තම පක්ෂ නියෝජිතයන් පත්කලේ පැරණි ආසන ක්‍රමය පදනම්වය. ඡන්ද ක්‍රමය වෙනස් වූවාට ආසන සංවිධායකයන් පත්කිරීමේ කිසිදු වෙනසක් සිදුවූයේ නැත. නව ක්‍රමයට අනුව ආසන 125ක් හෝ ඊට වැඩි ආසන ක්‍රමයක් යටතේ වුවද දෙවන ප්‍රධාන පක්ෂයට සහ සුළු පක්ෂ වලට සාධාරණය ඉටුවන්නේ නැත.
අනෙක් අතට 'ජනතාවට නියෝජිතයෙක්' යන්න සංකල්පීයව ප්රජාතනාන්ත්රික වුවද ලංකාවේ තත්වය සලකා බැලීමේදී, පත්වන ජනතා නියෝජිතයා අවශ්‍ය වන්නේ කුමකටද?
ජනප්‍රිය පාසලට ළමයා ඇතුළු කරගැනීමට විදුහල්පතිට ලියුම් ලබාදීමටය, තරග විභාග ලියා සමත්වී ලබාගත යුතු රජයේ රැකියාවන් සඳහා පස්සේ දොරෙන් රිංගීමටය, නීතියෙන් බේරීමට මන්ත්‍රීතුමා ලවා දුරකතන ඇමතුම් ලබාදීමටය, රජයෙන් බෙදන සහනාධාර සහ ද්‍රව්‍යාධාර ලබාගැනීමටය,.....මේ ආදී දහසක් දේවල් වලටය. 'තීරණ ගැනීමේ කාර්යන්' කලයුතු ජනතා නියෝජිතයන් ලවා 'බාස් වැඩ' කරගැනීමටය.
කෙලින්ම රටට බලපාන මෙවන් ව්‍යවස්ථා සංශෝධන කල යුත්තේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුවය. එසේ නොවුවහොත් අලුතෙන් මතුවිය හැකි ගටළු බොහෝය. මනාප ක්‍රමය අවුල් වූවා සේ නව ක්රමයද අවුලට යාම වලක්වා ගැනීමට කටයුතු කලයුතුය. ඡන්ද ක්‍රමය වෙනස් කල පමණින් සියල්ල වෙනස් වේ යයි සිතීම උගහටය.
විස්සට කලින් අනිවාර්යෙන්ම කලයුත්තක්ද ඉතිරිව ඇත. එනම් දහනව වැනි සංශෝධනය බලාත්මක කිරීමයි. විශේෂයෙන්ම ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ පදනම වන ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම එහි මූලික කාර්යයි. මේ වනවිටත් ඊට නියෝජිතයන් පත්කිරීම විවාදයට තුඩු දී ඇත. මැතිවරණ ක්රමයේ වෙනස්වීම කුමන අතකට පත්තු වේදැයි කිව නොහැකි මේ අවස්ථාවේ රටේ නීතිය සැමට සාධාරණ ලෙස ඇතිකිරීම අත්‍යාවශ්‍යය. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසීමට වඩා එය වැදගත් වනු ඇත.
Thursday, June 11, 2015
දහනවය, විස්ස සහ අශ්වයාට පෙර ඉස්තාලය වැසීම.
Subscribe to:
Post Comments (Atom)
අයිසෙ රාජ්, මේකත් නිකං එහෙටත් නැති මෙහෙටත් නැති පතෝල වගේනෙ.
ReplyDeleteතමුසෙට මොකද වෙලා තියෙන්නෙ හැබෑටම?
දැන් මේක පතෝල නම් අනෙක් බ්ලොග් කරවිලද?
Deleteliyanne nadda yako
Deleteකැඳ හැලිය කොහොම කැළතුවත් එකයි!
ReplyDeleteමෙලෝ රහක් නෑ බං.
ReplyDeleteරේන් කෝට් එකක් දාගෙන අහවල් වැඩේ කළා වගේ නේද හැලපෙ කියෙව්වායින් පස්සෙ දැනෙන්නෙ?
Deleteහැලපෙ පාවිච්චි කරපු කොන්ඩම් බැහැර කරන්නේ කොහොමද?
Deleteපල හුකන්නා පුක නොදී. තොගේ මෝඩ කොමෙන්ට් දැකලා එපා වෙනවා.
ReplyDeleteමේක කිව්වේ උඩම කොමෙන්ට් එක දාලා තියෙන ඇනොට
Deleteඒ අයිසේ ඇනොයි රාලොජියි දෙන්නම එකයි ඔයි
Deleteඑකා දෙවිදිහකට ලියලා ආතල් ගන්නවා අපි නොදන්නා පාන්
කියෙව්වා. මෙලෝම රහක් නෑ. කොටින්ම කිව්වොත් විනාඩි 5 ක් විතර අරං රාජ්ගේ මේ ලියලා තියෙන දේ කියෙව්වට අන්තිමට නිකං මොකවත් කියෙව්වේ නෑ වගේ. අර අලියා ගිල්ල දිවුල් ගෙඩිය වගේ. මෙලෝ හරයක් නෑ. මේ වගේ පල්හෑලි පොස්ට් නොදා ඉන්නවා නං හොදයි. රාජ්ගේ සහ මේක බලන්න එන අයගේ ඩේටා,කාලය ඉතිරි වෙනවා.
ReplyDeleteසියල්ලන්ටම,
ReplyDeleteකැමති අයෙකුට කියවිය හැකිය. අකමැති නම් නොකියවා සිටීමටද හැකිය.(කියවන්නන් වැඩිකර ගැනීමේ ආශාවක්ද නැත) මේ අඩවිය කියවිය යුතුම යයි නියමයක් නැත. ඩේටා පිළිබඳව වගකීව නොහැකිය.
එහෙම බෑ උඹ ලියල තියනකොට අපි කියවන්න එනවනෙ.අපට ඩේටා ප්‍රශ්න නෑ.ඔහොම පැනල යන්න බෑ.
Deleteකරන්න දෙයක් නෑ හැලපෙ. එහෙම තමයි කියන්න වෙන්නෙ. මේක දේශපාලන ලිපියක්. මේක සමානුපාතික ක්‍රමය සහ අලුත් ක්‍රමය සන්සන්දනය කරන්නයි ලිව්වෙ. ඊට අමතරව මැතිවරණ ක්‍රමය මොකක් උනත් 19 බලගැන්විය යුතුයි කියන අදහස දෙනව. නමුත් කී දෙනාද ඒ ගැන කතා කරල තියෙන්නෙ. දේශපාලන ලිපි වලට අකමැති උදවියට අවුලක් නෑ. හෙඩිම බැලුවම තේරුම්ගන්න පුළුවන්නෙ කතන්දරයක් නෙවේ කියල. (ලියන්න කතන්දර තියනව. කරුමෙට කතන්දර වලට වැඩිය ලිවිය යුතුයි කියල හිතෙන දේවලුත් තියනව. මේව එකෙක් දෙන්නෙක් හරි කියවල කමෙන්ට් එකක් දානව නං කතන්දරයක් කිව්වට වැඩිය සතුටුයි අැත්තටම. එහෙම නොකලත් අමනාපයක් නෑ:-).
Deleteරාජ් මේ ලියන ලිපිවලින් සතපහක වැඩක් නොවන බව රාජ්ද දන්නා කරුණකි. රාජ්ගේ ලිපි කියවන්නේ ඉතා ටික දෙනකු පමණ ය. මා දන්නා කිසිම දේශපාලනඥයෙක් රාජ් ලියන ලිපියක් නො කියවයි. ඡන්දදායකයන්ගෙන් පනස්දාහකට එක් අයකුවත් රාජ්ගේ ලිපි කියවන්නේ නැති බව පැහැදිලි ය. එපමණක් නොව ඒ කියවන අයගෙන් ද බොහෝ දෙනකු සිතන්නේ රාජ් සංගත ව නොලියන බවත් ලිපිවල පරස්පර ඇති බවත් රාජ් ලියන පතෝල වැනි ලිපිවල එල්ලයක් නොමැති බවත් ය. ඔවුන්ට අනුව ලිපිවල ඇත්තේ විසුරුණු ස්වභාවයකි, රාජ්ගේ ලිපිවල අන්තර්ගතය මාතෘකාව සමගවත් බැඳී නැත.
Deleteඑසේ නම් මේ ලිපි ලිවීමේ තේරුමක් ඇත් ද යන ප්රශ්නය අසන්නට ඇතැමුන් පෙළඹෙනු ඇත. රාජ් ලියන්නේ ඔහුට එයින් අහිංසක සතුටක් ලැබෙන බැවිනි.
එමනිසා ඇනොවරුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ රාජගේ විනෝදය ඔහුට ඕනෑ හැටියට ගත කිරීමට ඉඩ දෙන ලබාදෙන ලෙසයි. මෙහි පැමිණ රාජ්ගේ ලිපි ප්‍රශ්න කොට,රාජ්ගේ අහිංසක විනෝදයට හරස් කැපීමෙන් වලකින ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
හෙහ් හෙහ් Find & Replace
Deleteයකෝ. උම වගේ පොරක් අර වගේ කතා කියයි කියල හිතුවේ නැ මම..
Deleteදේශකයා,
Deleteමොකද්ද? කාටද කිව්වෙ?
//සියල්ලන්ටම,
Deleteකැමති අයෙකුට කියවිය හැකිය. අකමැති නම් නොකියවා සිටීමටද හැකිය.(කියවන්නන් වැඩිකර ගැනීමේ ආශාවක්ද නැත) මේ අඩවිය කියවිය යුතුම යයි නියමයක් නැත. ඩේටා පිළිබඳව වගකීව නොහැකිය.//
දේශා,
Deleteවෙන මොනව කියන්නද?
ඒකත් නොකිය හිටියං අහවරයි බං..
Deleteවිකාර අනේ .. රටේ තොටේ වෙන දේවල් නොදන්න සහ දේශපාලනය ගැන එච්චර අවබෝදයක් සහ ආශාවක් නැති මට නම් මේ වගේ ලිපි කියෝලා මොනාහරි දෙයක් ඔලුවට දාගන්න පුළුවන් ,, තැන්ක්යූ රාජ් අයියේ.
Delete(අර වගේ කතා වලට ඊට වඩා කැමති යීඊඊඊඊඊ )
උඹ හරි.... තව සෙප්පඩ විජ්ජා පෙන්නන්ට පටන් ගන්න කලින් පෙන්නපු සෙප්පඩ් විජ්ජාව ඉවර කරලා ඉන්න ඕන... ජපති ක්‍රමේ අහෝසි කරනවා කිව්වා. කළේ නෑ.
ReplyDeleteකොමොසොන් පත් කරනවය කිව්වා. තාම නෑ.
විවස්තා දායක සභාවක් හදනවා කිව්වා අඩු ගානේ මහින්දට වගේ අභයාරමේ දායක සභාවක්වත් නෑ.
එව්ව එහෙම තියෙද්දි තව පඩ ෂෝ පෙන්නන්නයි ලෑස්තිය...
පතෝල වගේ.
ReplyDeleteමේ ලිපිය කෙසේ වෙතත් මෙතැන දාලා තියෙන කමෙන්ට් වැදගත්. වැදගත් කියන්නෙ හරයක් තියෙනවා කියන එක නෙවෙයි. නමුත් මේ කමෙන්ට් කියෙව්වාම පේනවා මේ වෙලාවේ රටේ විශාල පිරිසකට අවශ්‍ය යම් මාතෘකාවක් ගැන ගැඹුරු සංවාදයක් නෙවෙයි. යූ. එන්. පී - ශ්‍රී ලංකා කියලා දෙකට බෙදිල ගහ මරා ගැනීමක් විතරයි කියලා. පතෝල පතෝල කියලා බනින්නේ ඒකයි. ඔන්න පොල්ලෙන් ගහලා වගේ තිබුණා නම් කියවලා මිරිස් වගේ කියයි.
ReplyDeleteමටත් හිතෙනව එහෙම. ඒ වගේම මේක අලුතෙන් පටන් ගත්ත ට්‍රෙන්ඩ් එකක්. හොඳම උදාහරණය මාතලන්ගෙ අන්තිම ලිපිය. ඇනෝනිමස් පාවිච්චි කරන අලුත් විදිය වෙන්න අැති.
Deletetrue
Deleteමටත් හිතෙන්නේ රාජ් මාමා අලියට කඩේ යනවා කියලා මිනිස්සු පහර ගහන එකෙන් බේරිලා, මේ බලපන් මම පට්ට මධ්‍යස්තයි, මධ්‍යස්තයි කියලා පෙන්නන්න ලියපු ලියවිල්ලක් වගේ තමයි.....! හැබැයි සමහර තැන් වල නම රාජ් මාමගේ හෘද සාක්ෂියත් ලියවිලා තියෙනවා.....
ReplyDeleteමේ මම කමතිම පේලිය "ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් හඳුන්වාදුන් සමානුපාතික ඡන්ද ක්‍රමය, ඉන් පෙර පැවති සෘජු ආසන ක්‍රමය හා සැසඳීමේදී වඩාත් නවීන යයි කිව හැකි ඡන්ද ක්රමයකි."
අනික මේ රාජ් මාමගේ "ලංකාවෙ මිනිස්සු ගෝත්‍රිකයි..." කියන හීන මාන සිතුවිල්ල ගැන නම් එකඟ වෙන්න බෑ... අවුරුදු 20කට ආසන්න කාලයක් තිස්සේ ලෝකේ ඉන්න හැම ජාතියකම සුද්දෝ, කල්ලෝ, කහ පාට උන්, රතු පාට උන් එක්ක වැඩ කරලා තියන නිසා මම දන්නවා, ඔය සුද්දෝ තරම් ගෝත්‍රිකයෝ මේ මුළු ලෝකෙම නෑ.....!
1.මිනිහෙකුට මධ්‍යස්ථ වෙන්න බෑ. මම නං මධ්‍යස්ථ නෑ. එහෙම වෙන්න පුළුවන් දේශපාලන නපුන්සකයෙකුට විතරයි. ඡන්දෙ දාන්න උවමනා නැති, අපි හම්බකරගත්තොත් අපට වගේ කතා කියන අය තමයි මධ්‍යස්ථ අය.(එහෙම වීමේ වරදක් කියනව නෙවේ, ඒක කැමැත්ත)
Delete2.මම අලියට කඩේ යනව කියන එක ඔහේගෙ මනෝ විකාරයක්. ඒකට මම මක්කරන්නද! අලියට ඡන්දයක් දීපු කාලයක් මතක නැති මම මොකටද අලියට කඩේ යන්නෙ.
3.මම කැමතිම කෑල්ල තමයි මේ,
"මිනිස්සු පහර ගහන එකෙන් බේරිලා, මේ බලපන් මම පට්ට මධ්‍යස්තයි, මධ්‍යස්තයි කියලා පෙන්නන්න ලියපු ලියවිල්ලක් වගේ තමයි..."
මම දැක්ක මාතලන්ගෙ බ්ලොග් එකෙත් මේ කතාව කියල තියනව. මේක තමයි ඇනෝලගෙ අලුත් සෙල්ලම. ඒ හැරුනම බ්ලොග් ලිපි ගැන අවංක විවේචනයක් කරන මුවාවෙන් පහරදීම.
AnonymousJune 11, 2015 at 2:59 PM
Deleteහොඳ උත්සාහයක් ඇනොනිමස්....! දුමී දැම්මා කියලා පෙන්නන්න මාතලන් මාමට මම දාපු කමෙන්ට් එක කොපි කරලා පොඩ්ඩක් එහේ මෙහේ කරලා දැම්මා කියලා පෙන්නලා මොනවද බලාපොරොත්තු වෙන්නේ....! සිඟිති ආතල් එකක්ද ?
දුමී කවදාවත් ඇනෝනිමස් කමෙන්ට් එකක් මේ බ්ලොග් අවකාශේ දාලා නෑ. ඒ දුමී ඇනෝනිමස් කන්සෙප්ට් එක අනුමත නොකරන නිසා. ඒක දුමීගේ පෞද්ගලික මතය....! මම දරන අදහස මට මගේ නමින් ඇවිත් දාන්න කොන්දේ ප්‍රශ්නයක් නෑ.
රාජ්, මේ කමෙන්ට් එක මම මාතල්න්ට දාපු එකක්. ඇනෝ විසින් පොඩි වෙනස්කම් කරලා මෙතන පේස්ට් කරලා. බලන්නකෝ ඉතින් මම ඒ ඇනෝවගේ ජීවිතේට කොච්චර බලපෑමක් කරලද කියලා නේහ්..?
මට පෙන්නේ මේ අනෝ ඩයල් එක ආතල් එකකටත් කැමති, වැඩිය අත පය මහන්සි නොකර එෆිෂන්ට් වැඩ කරන්නත් කැමැති පොරක්. සාමාන්‍යයෙන් දිග කමෙන්ට් එකක් දැම්මම එක සීරියස් ගන්න ඕනේ කෙනෙක් පෙළඹෙනවා නේ, ඉතින් කාගේ හරි කමෙන්ට් එකක් අරන් ඕක කොපි පේස්ට් කරන එක energy efficient. ඔය උඩින් දාල තියන තව කමෙන්ට් එකක් නලින් ද සිල්වාගේ ලිපියක කෑල්ලක්.
Deleteසමහර විට අර ෆේස්බුක් අකවුන්ට් එකක මොකක්ද හුටප්පරයක් කියලා හැම තැනම පේස්ට් කරන ගිය එකත් පොර ගේම වැඩක් වෙන්න ඇති. මිනිස්සුන්ට අන්දලා ඒකෙන්ම ආතල් ගන්න ඩයල් ඉන්නව නේ.
"nothing to see here people, move on" කියලා තමයි බලන්න වෙන්නේ. නැතුව සීරියස් අරන් වැඩක් නැහැ.
ඉන්දික දුමීගේ සහායට ආවේ යාළුවා නිසාද? නමුත් ෆේක් එකකින් එන්නේ නැතුව නමින් එන එක නේද හොඳ? ඔයා වගේ ප්රමුඛ බ්ලොග්කරුවන් ෆේක් වලින් එනකොට අනෙක් අය මොනවා නොකරයිද?
Delete++++++++++++++++++++++++++++++++++++++ රාජ්
Deleteරාජා මාමා ඇනෝ කොමෙන්ට් දාගෙන මිනිහම එව්වට උත්තර දෙනවා.
ReplyDeleteබොහොම ස්තුතියි. කමෙන්ට් කීයක්නං දැම්මද. ඇතිවුනේ නැද්ද තාම?
Deleteරාජ් දකින කෝණය (මහා කෝණයකි) හොඳයි. උඩ කස්ටියට ප්‍රශ්නයක් වෙලා ඇත්තෙ රාජ් ප්‍රශ්න මිස උත්තරයක් නොදීමයි. සංකීර්ණ ප්‍රශ්න වලට සංකීර්ණ උත්තර තිබිය යුතුවා වාගේම, උත්තරයද සංකීර්ණයක්ම විය යුතුයි.
ReplyDeleteමොන ප්‍රශ්නයක් ගැනද කියන්නෙ?
Deleteරාජ් පාවිච්චි කරපු කොන්ඩෝම් විසි කරන්නෙ කොහාටද?
ReplyDeleteදහනමවැනි සංශෝධනය බලාත්මක කරන්න නම් ව්‍යවස්ථාදායක සභාව පිහිටුවන්න ඕනේ.නමුත් තියෙන තත්වේ උඩ එකේ සිවිල් සාමාජිකයිකයින් පත් කිරීම පාර්ලිමේන්තුවෙන් නොවන බවකුයි පෙනි යන්නේ.ඒ නිසා දැන් කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා ජන්දෙකට යන එක.මොකද අස්ථාවර ආණ්ඩුවක් තියෙන එක රටට ගොඩක් පැති වලින් හොඳ නැති නිසා.
ReplyDeleteඅතුරු කතාවක් කිව්වොත් "යහපාලන ආණ්ඩුව"බලයට ආපු දවසේ ඉඳන් මේ වෙනකම් කිසිම අලුත් ජොබ් එකක් අපිට ඇවිත් නැහැ.රජයේ ආයතන වලින් තවම ටෙන්ඩර් කෝල් කරන්නේ නැහැ.මම හිතන විදියට එකට හේතුව මේ අස්ථාවර ආණ්ඩුවක් පැවතීම වෙන්න ඕනේ.
අනික් පැත්තේ පාර්ලිමේන්තුවේ ආසන වැඩි කිරීමෙන් ඇතිවෙන සුගතියක් නැහැ රටේ ජනතාවට.වෙන එකම දේ ජනතාව පිට තව අතිරේක බරක් පැටවීම පමණයි.එක නිසා දැනට මේ තියෙන ක්‍රමය යටතේ ජන්දේ තියලා ඉදිරි මැතිවරණ නව ක්‍රමය යටතේ තිබීම හොඳ බවයි මගේ අදහස.
//අතුරු කතාවක් කිව්වොත් "යහපාලන ආණ්ඩුව"බලයට ආපු දවසේ ඉඳන් මේ වෙනකම් කිසිම අලුත් ජොබ් එකක් අපිට ඇවිත් නැහැ.//
Deleteඅම්මපා?
සර සර ගාලා මරාගේ ගු කන එකා ඇවිත්.
DeleteThis comment has been removed by the author.
Deleteඌරො උනහම ගූ නොකා මොනා කන්ටද?
Delete//Sa rasaJune 12, 2015 at 8:06 AM
Deleteඌරො උනහම ගූ නොකා මොනා කන්ටද?//
රාජ්... දැන් මම දන්නවා කවුද මගේ ප්‍රොෆයිල් එකට සමාන ෆේක් ප්‍රොෆයිල් හදාගෙන කොමෙන්ට්ස් දාන්නේ කියලා... පාර පෙන්නුවාට ඉස්තූතියි...
රාජ්, මේකත් මෙන්න මේ වගේ ලිව්වනං මීට වඩා රහයි. මොකදැ, බුසීද?
ReplyDeleteඅගමැතිට එරෙහිව ඉදිරිපත් කරලා තියෙන්නේ දෝශාභියෝගයක් නොවේ.විශ්වාසභංගයක්.ඒත හදන්න.මනෝජ් කිව්වා වගේ ආණ්ඩුව අස්ථාවරයි.හොදම විසදුම මැතිරවරණයකට ගිහින් ව්‍යවස්ථාදායක සභාව පිහිටුවන එක.
ReplyDeleteමම හිතන්නේ දෙකක් දාගෙන, හතර අතට වනලා, දේශපාලකයෙක්ට දෙන්නෙක්ට ලුණු ඇඹුල් ඇතුව ඇරලා දැම්ම නම් මේ ලිපියට මීට වඩා රිසෙප්ෂන් එකක් එන්න තිබ්බා. කොහෙද මෙහෙම ලිව්වම "මුන් දෙගොල්ලොම එකයි" කියලවත් කමෙන්ට් එකක් දාන්න ඕපනින් එකක් නැහැ නේ රාජ්. චැක් විතරක්.
ReplyDeleteඅනික මාතෘකාවට ඩිරෙක්ට් සම්බන්දයක් නැතත් සබාවක් පටන් ගන්න කොට පන්සිල් ගන්නවා වගේ පෝස්ට් එකක් දාන කොට මැක්කෙක් දාලා හරි හිටපු ආණ්ඩුවට දෙකක් අරින එක නේද යුතුකම.
මම කියන්නේ මේ ලිපිය පට්ට කියල නෙවෙයි. සිංහල බ්ලොග් අවකාශයේ මීට ගැඹුරට දේශපාලනේ සාකච්චා කරන ලිපි ලොකුවට නැහැ. තිබ්බත් ඒ ලිපි වලට හිට්ස් හෝ කමෙන්ට්ස් නැහැ. දේශපාලනේ නෙවෙයි වෙන ඒවත් එහෙම තමා. දැන් අර රයිගම් කාරයා බ්ලොග් එකක් කරන්නේ, එකේ තියෙන්නෙම ඔය සරල වින්දනේ නෙවෙයි ටිකක් දිගට කියවන්න වෙන මෙව්වා, හිට්ස් කමෙන්ට්ස් නැහැ ඉතින් :-)
^^උඩ කමෙන්ට් එක ගැන ඉන්දික සමඟ එකඟයි. නමුත් ඉන්දික තමන්ගෙ නමින්ම ඇවිත් කමෙන්ට් කරනව නම් හොඳයි නේද මේ ෆේක් අස්සෙ හැංගිලා එනවට වැඩිය? ලැජ්ජද නැත්නම් බයද නමින් එන්න?
ReplyDelete20 ට කලින් ආණ්ඩුව විසිරුවා දැම්ම නම් ඉවරයි. මේක නිකම් බොරුවක් වගේ.
ReplyDelete-http://nelumyaya.com/?p=3017
රාජ්, මේව දැක්කම තමයි බඩ කපාගෙන මැරෙන්න හිතෙන්නෙ..
ReplyDeleteහිටපු අගමැතිවරුන්ට ජනාධිපති උපදේශක පදවි
ඇයි යකෝ ලස්ස 62ක් ඡන්දෙ දුන්නෙ මේ වල පයේ ඉන්න බඩු හොරාටයි කුඩු හොරාටයි උපදේසක කම් දෙන්නද.. මේකද යහපාලනේ...
නිවැරදිව සළකා බලා සකස් කරන මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි.19 නිවැරදිව ක්‍රියාත්මක වීමට පාර්ලිමේන්තුව ස්ථාවර විය යුතු නිසා මැතිවරණයකට යාම සුදුසුයි...
ReplyDeleteරාජ්. පේනවා නේද.. පෝස්ට් එකක පලවෙනි දෙවැනි කමෙන්ට් එකෙන් කළ හැකි දේ.. හැක් හැක්.
ReplyDeleteඉතාම නිවැරදියි.
DeleteParinatha saha nivaradhi wigrahayak. Ratata adhaala karunak nivadhiwa wigraha kireema thaba an ayaku karana wigrahayak thirum ganeemata nohaki aya sitina rata awaasanawanthayi.
ReplyDeleteආණ්ඩුව ගැන තිබ්බ බලාපොරොත්තු ගිලිහිලා අවසන්. එකට වැඩේට බහින උන් ටික සල්ලි බලයෙන් එක එකා ගලවගෙන ගිහින්..අන්තිමේ බැලුවාම සල්ලි වලට විකිනෙන්නෙ නැති එකෙක් නෑ. ලෝකය ඉදිරියේ බොරු සුචරිතවාදීන්.
ReplyDelete