Friday, October 16, 2015

අප කියූ දෙයක් වැරදිලා නැත Rugby World Cup 2015

රග්බි ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය නිමාවූයේ පසුගිය සති අන්තයේය. අර්ධ අවසන් පූර්ව තරග සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වීමට නියමිතය. අනපේක්ෂිත ජයග්‍රහණ/පරාජයයන් කිහිපයක් දැකගැනීමට හැකි වුවද පසුගිය තරගාවලිය මෙන් අර්ධ අවසන් වටයේදී ප්‍රබල කණ්ඩායම් කැපී යාමක් මෙම තරගාවලියේදී දැකගත නොහැකි වනු ඇත. එබැවින් කලකට පසු ඉතාමත් තරගකාරී අවසන් වට කිහිපයක් නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට උදාවී ඇත.

තරගාවලියේ ඉදිරිය....
මුලින් අපේක්ෂා කල ආකාරයටම කාණ්ඩ හතර තුල පළමු සහ දෙවන ස්ථාන ලබාගත් කණ්ඩායම් මෙසේය


A කාණ්ඩය B කාණ්ඩයCකාණ්ඩය Dකාණ්ඩය
ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාවනවසීලන්තය අයර්ලන්තය
වේල්සය ස්කොට්ලන්තයආර්ජන්ටිනාව ප්‍රංශය

මෙහිදී ප්‍රබල කණ්ඩායම් තම කාණ්ඩවල පළමු ස්ථානය දිනාගැනීමට සමත්වී ඇත.
අර්ධ අවසන් වටයේදී තරග පැවැත්වෙන්නේ මේ ආකාරයටය.

✥ පළමු තරගය දකුණු අප්‍රිකාව සහ වේල්සය
✥ දෙවන තරගය නවසීලන්තය හා ප්‍රංශය
✥ තුන්වන තරගය අයර්ලන්තය හා ආර්ජන්ටිනාව
✥ සිව්වන තරගය ඕස්ට්‍රේලියාව හා ස්කොට්ලන්තය

මෙම තරග වලින් නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව පහසුවෙන් ජයගැනීම අපේක්ෂා කල හැකිය.

විශේෂ අවස්ථා....

මෙතෙක් තරගාවලියේ තරග කිහිපයක් වැඩි අවධානය දිනාගැනීමට සමත් විය.
✥ පළමු තරගයෙන් ප්‍රබල දකුණු අප්‍රිකාව පරාජය කල ජපානය ජයගැනීම.
✥ දකුණු අප්‍රිකාව, සමොආ සහ ඇමෙරිකා එක්සත් ජනපදය පරාජය කල ජපානය 2019 තම රටේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට නිතරගයෙන් සුදුසුකම් ලැබීම.
✥ දකුණු අප්‍රිකාවේ බ්‍රයන් හබානා, ඉතිහාසයේ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයා වන ජෝනා ලොමූ තබා තිබූ වැඩිම ලෝක කුසලාන උත්සාහක දිනුම් වාර්තාව සම කිිරීම.
✥ සත්කාරක එංගලන්තය මූලික වටයෙන් ඔබ්බට යාමට අපොහොසත් වීම.

2019 ජපානය....
ජපානය තරග තුනක් ජයගැනීමත් සමඟ 2019 ලෝක කුසලාන තරගාවලියට නිතරගයෙන් සුදුසුකම් ලබාගැනීමට සමත් විය. (කාණ්ඩ හතර තුල පළමු ස්ථාන තුන ලබාගන්නා කණ්ඩායම් දොලහ ඊලඟ තරගාවලියට නිතරගයෙන් සුදුසුකම් ලැබීමට සමත් වේ). මේ නිසා ජපානයේ පැවැත්වෙන 2019 තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව තවත් ආසියාතික රටකට (හෝ දෙකකට) හිමිවේ.



ඡායාරූප....
☜පළමු තරගයේදී නවසීලන්තය අසීරුතාවයෙන් මුදාගත් "හෙවිවේට් බොක්සිං ක්‍රීඩක" සොනිබිල් විල්යම්ස්.


එක්සත් ජනපදයට එරෙහිව ගෝල ත්‍රිත්වයක් වාර්තා කල බ්‍රයන් හබානා.☞



☜රැජින හමුවූ නවසීලන්ත නායක රිචී මැකෝ


තරගාවලියෙන් ඉවතට විසිවූ එංගලන්තය☞


☜ නවසීලන්ත හකා නර්තනය

22 comments:

  1. නවසීලන්තය ලෝක ශූරයින් වනු ඇත.

    ReplyDelete
    Replies
    1. වේල්සයේ චාන්සස් කොහොමද රාජ් & ඉයන් ?

      Delete
    2. දෙදෙනාටම,
      1.වේල්සයට අමාරුයි. ඕස්ට්‍රේලියාව එක්ක හොඳට තරග කලා. වේල්සට ඉස්සරහට එන්න නං දකුණු අප්‍රිකාවට ගහන්න වෙනව. බර පැක් එකක් තිබුනත් ස්ක්‍රම් එකත් අවුල් සමහර වෙලාවට. කලින් පෝස්ටුවෙ සුළු ප්‍රතිශත අනාවැකිය තිව්වෙ ඒකයි. කොහොම උනත් තරුණ ක්‍රීඩකයන් ටිකක් ඉන්න නිසා යම් හැකියාවක් නැත්තෙත් නෑ.

      2.තරගාවලියේ මුලින් අපේක්ෂා කල තරම් නවසීලන්තය හොඳ නෑ මට අනුව.
      හැඬලින් එරර්ස් ඔවුන්ගේත් තියනව.

      3.දැන් තත්වය අනුව ඕස්ට්‍රේලියාව ඉතාම ඉහලින් ඉන්න බව කියන්න පුළුවන්. එංගලන්තය සහ වේල්සය එක්ක තරග වලදි ඒක පෙනුන. ඒ වගේම දුර්වල ස්කොට්ලන්තයට ගහල සෙමි එන්නත් ඊට පස්සෙ අාර්ජන්ටිනාවට හෝ අයර්ලන්තයට ගහල ෆයිනල් එන බවත් බුදු ෂුවර් පිට කියන්න පුළුවන්.

      Delete
  2. ඒ පාර දේසපාලන අනාවැකි වලට එහා යනවද රාජ්..

    ReplyDelete
    Replies
    1. බලපං කලින් පෝස්ටුවෙ කියපු විදියටම ගෘප් වල එක දෙක එන එවුන් ගැන කිව්ව. ක්වාටර් ‍ගහල ඔසියො ෆයිනල් එනව කියලත් කියනව. ඉන්දික තොටවත්ත කිව්ව වගේම තමයි හිටං :-)

      Delete
  3. "මේ නිසා ජපානයේ පැවැත්වෙන 2019 තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව තවත් ආසියාතික රටකට (හෝ දෙකකට) හිමිවේ. "

    මෙව්වා දැක්කම ඇස්වලට කඳුළු එනවා රාජ්. මහින්ද මහත්තයා හිටියා නම් මේ ස්ථාන දෙකෙන් එකක් අපිට හිමිවෙන්න තිබුනා. සමහරවිට අනිවාර්යෙන්ම ලැබෙයි.
    මහින්ද මහත්තයා රගර් ක්‍රීඩාව පහලම තැනක ඉඳන් ඉහළටම අරගෙන අවා. ඒත් අවසාන අඩිය තියන්න ඉඩ ලැබුනේ නැත්තෙ අපි ඔක්කොගෙම අවාසනාවට.

    ReplyDelete
    Replies
    1. රෙද්ද තමයි...
      ආ ආ ආ සමහර විට රගර් වලට තැනක් නම් රට ඇතුලේ ලැබෙයි... ඒ වුණාට නුවර අයට එහෙම ජාතික කණ්ඩායමට එන්ට තියෙන ඉඩ අඩු නිසා ලෝක මට්ටමට යන්ට අමාරු වෙයි "එයා" හිටියා නම්...

      Delete
    2. ජාතික කණ්ඩායමට ගන්නෙ හැකියාව බලලනෙ. නුවර කොළඹ වෙනසක් නෑ.

      Delete
    3. ඔය නුවර ක්‍රීඩා සමාජයට එරෙහිව නාමල්ලා ජෝනියාගේ පුතාලා හදපු "හම්බන්තොට මෝරු"දැන් කෝ බං.

      Delete
    4. මේ හරක් දන්නේ නැතිද මහින්දය ඇවිල්ල රගර් කන්න ඉස්සෙල්ල ලංකාව ආසියාවේ 3වෙනි තැනට තිබුනේ කියල? ජපානෙයි දකුණු කොරියාවයි විතරයි ආසියාවේ අපිට ඉස්සරහින් හිටියේ. අර ගොබ්බයො 3දෙනාට පින්සිද්ද වෙන්න දැන් 2nd Tier ටීම් එකක්.

      Delete
  4. මචෝ මේ පාන්ඩුවේ සුමනයගේ වේකන්සිය තාම තියෙනවා මයෙ හිතේ...

    ReplyDelete
  5. පුත් කුමරුන් රගර් ක්‍රීඩා කළා නම් 2019 තරඟාවලියේ ශුරතාව ලංකාවට හිමිවෙනවා නොඅනුමානයි.බොලා සියලු දෙනාම එකතුවී ලංකාවට නැතිකළේ වටිනා ශුරතාවකුයි.

    ReplyDelete
  6. රාජ්, අයර්ලන්තය ගැන ඔබෙ තක්සේරුව කොහොමද? දැනට ඔවුන් ඉතා ශක්තිමත් කණ්ඩායමක් ලෙසයි පෙනෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අයර්ලන්තය පහුගිය දෙවතාවේම six nations ශූරයො. යුරෝපයේ ප්‍රබලම කණ්ඩායම. නමුත් බොහෝවිට උතුරේ කණ්ඩායම්(එංගලන්තය, අයර්ලන්තය, ප්‍රංශය, වේල්සය) වලට වැඩිය දකුණේ කණ්ඩායම් (නවසීලන්තය, ඔසී, දකුණු අප්‍රිකාව සහ පසුව එක්වූ ආර්ජන්ටිනාව)වල ක්‍රීඩාව දියුණුයි. අයර්ලන්තය ක්වාටර් වල ආර්ජන්ටිනාවට ගැහුවත් සෙමියෙදි ඔසියන්ට ගහන්න බෑ.

      Delete
  7. කොච්චර ආස උනත් බලන්න වෙන්නෙම නෑ.. උඹ තමයි අප්ඩේට් කරන්නේ මාව..
    - දන්න එකෙක්

    ReplyDelete
  8. නවසීලන්තයට ම යයි වගේ නේ???
    බලන්න නම් හම්බ වෙන්නෙ නෑ...

    ReplyDelete
  9. මගේ අනාවැකිය -
    අවසන් තරඟය - නවසීලන්තය Vs ඕස්ට්‍රේලියාව

    ReplyDelete
  10. මේක කියන්න මහ ලොකු රගර් ගැන දැනුමක් ඕනේ නැහැ. ඔන්න ජපානෙට ද.අප්‍රිකාව පරදිනවා කියල අනාවැකියක් කියල තිබුනානම් සලකල බලන්න තිබුන.

    ReplyDelete
  11. මට නිකන් හිතෙනවා ආර්ජන්ටිනාව අවසන් තරගෙට එයි කියලා

    ReplyDelete
  12. රාජපක්ෂලා හිටියනම් දිගටම.. ලංකාව තමා දිනන්නෙ

    ReplyDelete
  13. ඔස්ට්‍රේලියාව ඔය කියන තරම් දක්ෂද? මුල් වටයේ නම් හොඳට සෙල්ලම් කලත්, අර්ධ අවසන් තරඟයේදී අන්තිම දුර්වලයි. රෙෆ්ට වැරදීමකින් දුන්න පෙනල්ටියකින් තමයි යන්තම් ගොඩ දාගත්තේ. නවසීලන්තේ නම් හැන්ඩ්ලින් එරර්ස් වැඩි වෙල තියෙන්නේ ඒ අය ගහන ඕපන් රග්බි කන්සෙප්ට් එක නිසා. නමුත් මේ මෙතඩ් එක නිසා මම හිතන්නේ නවසීලන්තය භයානක කණ්ඩායමක්. සාම්ප්‍රදායික රග්බි වලදි රින්ගන තැන් වලට වඩා තැන් වලින් රිංගලා යනවා....

    ReplyDelete