Tuesday, September 27, 2011

රුවිතට යන රග්බි ලෝක කුසලානය.

රග්බි ගැන උනන්දුවක් ඇති ක්‍රීඩා ලෝලීන් අතේ ඇගිලි ගනනටවත් බ්ලොග් අවකාශයේ ඇතැයි සිතීම උගහටය. එසේ වුවත් තරගාවලිය ගැන මීට පෙර ලිපි දෙකක් පලකල අතර රග්බි ක්‍රීඩාවට ඇති නොනිත් ඇල්ම නිසා තෙවැනි ලිපියද ලිවීමට සිත්විය.
තරගාවලිය ගැන කථා කිරීම පසෙකලා මුලින්ම එය ආවරණය කිරීමට සැදී පැහැදී සිටින ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ගැන කථා කල යුතුය. මෙවැනි තරගාවලි ආවරණය කිරීම සදහා ක්‍රිකට් තරගාවලියකදී මෙන් පෞද්ගලික නාලිකා සමග තරග කිරීමට රූපවාහිනි සංස්ථාව සිදුවේදැයි මා නොදන්නා නමුත් "සජීවී විකාශය" වෙනුවට සමහර අවස්ථා වලදී "නැවත විකාශය" දක්නට ලැබීම කණගාටුවට කරුණකි. ඕස්ට්‍රේලියානු කන්ඩායමේ(ක්‍රිකට්) ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ඇරඹි රග්බි ලෝක කුසලාන පළමු තරග කිහිපය විකාශය කිරීමට නොහැකි වූයේ ක්‍රිකට් තරග විකාශය නිසා වුවත් රූපවාහිණි ආයතනයක් යම් තරගාවලියක් විකාශය කිරීමට භාරගතයුත්තේ තමන්ට හරිහැටි එම විකාශය සිදුකලහැකි නම් පමණි. පසුගිය දිනෙක වෙළදසේවා ක්‍රිකට් තරගයක්ද විකාශය කරනු ලැබුවේ රග්බි තරගයක් අතරතුරදී වන අතර ඉදිරියේදීද යම් යම් තරග විකාශනය වනබව දැක්වෙන දැන්වීම් අයි නාලිකාව ඔස්සේ ප්‍රචාරය වේ. අපේ පැරැන්නන්, "දොඩංගොඩ බදාගත්තා වගේ" යන කියමන යොදාගෙන ඇත්තේ මෙවැනි අවස්ථා සදහාය.
දැන් නැවතත් තරගාවලිය දෙසට යොමුවෙමු.
මූලික වටයේ "වැදගත්" තරග බොහොමයක් අවසන් වී ඇති අතර තරගාවලියට යම් "බලපෑමක්" කලහැකි මට්ටමේ තරග ඇත්තේ එකක් දෙකක් පමණි. දැනට පැවති තරග වලදී මා මින් පෙර අනුමාන කල කන්ඩායම් සියල්ල මීලග වටයට සුදුසුකම් ලබා ඇති නමුත් එක් තරගයකින් තරගාවලියේ ස්වරූපය මුළුමනින්ම වෙනස්වී (ව්‍යාකූල) ඇත.
එක් එක් කාණ්ඩවලදී දක්ෂතා දැක්වූ කණ්ඩායම් මෙසේය
ඒ කාන්ඩයේදී නවසීලන්තය හා ප්‍රංශය ඉදිරියට යාමට සුදුසුකම් ලබා ඇත.
බී කාණ්ඩයේ එංගලන්තය හා ආර්ජන්ටිනාව සුදුසුකම් ලැබිමට නියමිත වුවත් ඔක්තෝබර් පලමුවැනි දින පැවැත්වෙන ස්කොට්ලන්තය හා තරගයේදී එංගලන්තය පරාජය වුවහොත් ප්‍රසාද ලකුණු අනුව කණ්ඩායම් තෝරාගැනීමට සිදුවියහැකිය. කෙසේ වුවද මෙය සිදුවීමේ සමිභාවිතාවක් අඩුය.
ඩී කාන්ඩයේදී ප්‍රභල දකුණු අප්‍රිකා කණ්ඩායමත් වේල්සය දෙවන ස්ථානයටත් පැමිණ ඇත.
තරගාවලියට දැඩි බලපෑමක් සිදුකරන කාණ්ඩය වන්නේ සී කාන්ඩයයි. එහිදී ලෝක කුසලානයේ දෙවැනි බලාපොරොත්තුව ලෙස ආරම්භයේදී සිටි ඕස්ට්‍රේලියාව අනපේක්ෂිත ලෙස අයර්ලන්තය හමුවේ පරාජය වීම නිසා ඔවුන් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට වැටී ඇත.(මෙවැනිම සිද්ධියක් ගියවර තරගාවලියේ ප්‍රංශ කණ්ඩායමට අත්විය) මෙම සිද්ධිය නිසා තරගාවලියේ ඉදිරිය මෙසේ විය හැකිය.
ඒ කාණ්ඩය
1.නවසීලන්තය
2.ප්‍රංශය
බී කාණ්ඩය
1.එංගලන්තය
2.ආර්ජන්ටිනාව
සී කාණ්ඩය
1.අයර්ලන්තය
2.ඕස්ට්‍රේලියාව
ඩී කාණ්ඩය
1.දකුණු අප්‍රිකාව
2.වේල්සය.(ඒ ඒ කාණ්ඩ වල ප්‍රසාද ලකුණු(අපේක්ෂිත) අනුව අනු පිළිවෙලින් දක්වා ඇත)
මා සදහන් කල අයුරින් කණ්ඩායම් අට තෝරාගත් විට අර්ධ අවසන් පූර්ව තරග පැවැත්වෙන්නේ පහත ආකාරයටය.
01.අයර්ලන්තය සහ වේල්සය.(ජයග්‍රහණය නිශ්චිත නැත)
02.එංගලන්තය සහ ප්‍රංශය.(ජයග්‍රහණය නිශ්චිත නැත)
03.දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව(ජයග්‍රහණය නිශ්චිත නැත)
04.නවසීලන්තය සහ ආර්ජන්ටිනාව(ජයග්‍රහණය නවසීලන්තය වියහැක.)
‍අංක 03 තරගයේදී හ්‍රේණිගත කිරිම් වල අංක දෙක හා තුන ස්ථානවල සිටින දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව දෙකෙන් එකක් ඉවතට විසිවේ.
මෙලෙස අවසන් වන අර්ධ අවසන් පූර්ව තරග වලින් පසු අවසන් පූර්ව තරගයට පැමිණෙන්නේ
1)01 හා 02 ජයග්‍රාහකයන්
2)03 හා 04 ජයග්‍රාහකයන්
මෙහිදී සිදුවන අනෙක නම් ඉහත අංක 03 තරගයේ ජයග්‍රාහකයන්ට 04 තරගයේ ජයග්‍රාහකයන් වන නවසීලන්තය මුණගැසීමයි. එනම් හ්‍රේණිගත කිරිම් වල අංක 1,2,3 ස්ථානවල පසුවන කණ්ඩායම් වලින් අවසාන තරගයට පැමිණිය හැකි වන්නේ එක් කණ්ඩායමකට බවයි.
ඔවුන්ගේ ප්‍රතිවාදීන් ලෙස අයර්ලන්තය, වේල්සය, එංගලන්තය සහ ප්‍රංශය යන රටවලින් කුමක් පැමිණියද අවසන් තරගය එතරම් උණුසුම් ස්වභාවයක් අපේක්ෂා කල නොහැක.

9 comments:

  1. මම නම් රගර් ගැන මෙලෝ හසරක් දන්නේ නෑ.

    ReplyDelete
  2. මධුරංග
    ගොඩක් දෙනෙක් දන්නෙ නෑ. හැබැයි සෙට් වුනොත් ඇඩික් වෙනව.(මට වගේ)

    ReplyDelete
  3. සිරාවට මචං! ගොඩක් හොඳ ටීම් කැපිලා යන සීන් එකක් තියෙන්නේ!

    ReplyDelete
  4. අඩේ එතකොට ඉතාලි ටීම් එකත් කැපිලද... හිටියට දන්නෙවත් නෑ අප්පා...

    ReplyDelete
  5. දුප්පත් ක්‍රීඩාවක්. කවුරු හරි එයාලට රවුම් බෝලයක් දුන්නනම් පින්. හෙහ් හෙහ්
    සමහර මැච් වල වෙලාවටත් වඩා ස්කොර් කරලා.
    නියෝ ටීවී එකේනම් නියමෙටම පෙන්වනවා..

    ReplyDelete
  6. Sabith
    ඔව්. ඕස්ට්‍රේලියන් කාරයෝ වැඩේ කෑවා. ඒකයි කේස්එක.
    Dinesh
    ඉතාලිය කියන්නෙ රග්බි වලින් උඩින් ඉන්න රටක් නෙවේ.
    මාතලන්
    බෝලෙ රවුං උනානං හරි තමයි. :)
    අංක එකේ ඉන්න කණ්ඩායමකට අහඅටේ විස්සෙ ටීම් සෙට්උනාම වෙලාවට වඩා ලකුණු වදිනවා. අංක 50 විතර ඉන්න අපේ ටීම්එක ගියොත් කොහොම වෙයිද?
    ඔව්. මේ වෙලාවට තමා හිතෙන්නෙ ණයවෙලාහරි සැටලයිට් ටීවී එකක් ගත්තනං හොදයි කියල.

    ReplyDelete
  7. ඒකත් එහෙමයි එහෙනම්......
    මං නම් වැඩිය බලන්නෙ නෑ...ඒත් හයිලයිට්ස් යනකොට නම් ඔහේ බලන් ඉන්නව.වැඩියත්ම නවසීලන්තේ මැච්.උන් බෝලෙ පාස් කරනව බලන් ඉන්නත් ආසයි...

    ReplyDelete
  8. පිසාචයා
    ඒකනේ...

    ReplyDelete
  9. මම රග්බි ගැන මෙලෝ හසරක් දන්නේ නැත ......

    ReplyDelete