Friday, March 18, 2016

ඔන්ලයින් වැල සහ ඕෆ්ලයින් වැල

බුකියට ඇබ්බැහිවීම නිසා බ්ලොග්එක අමතක වෙලා යයි කියල පොඩි සිද්ධියක් දාන්න හිතුව.

පහුගිය දවසක මම දන්න පොඩි එකෙක් බයික් එකේ යද්දි ලයිසන් නැතුව පොලිසියට අහුවෙලා. ලයිසන් වැඩේ නං ‍ශේප් කියමුකො, ඊට පස්සෙ පොලිස් මාමලා කොල්ලගෙ සාක්කුවෙ තියන ෆෝන්එක බලල. අසභ්‍ය ප්‍රකාශන හෙවත් වැල තියනවද කියල තමයි බලල තියෙන්නෙ. ෆෝන් එකේ වැල තිබුනත් පොලිසියෙ මහත්වරුන්ගෙ තාක්ෂණික දැනුම නිසා අහුවෙලා නෑ. කොහොම උනත් මේ සම්බන්ධව ලංකාවෙ තියන නීතිය ටිකක් විතර ව්‍යාකූලයි වගේ. "මේ වගේ පරීක්ෂාවක් කරන්න උසාවි නියෝගයක් ගන්න ඕන" කියලත් කියන අතරෙ "සැකයක් තියනව නම් පරීක්ෂා කරන්නත් පුළුවන්" වගේ කතන්දරයකුත් තියනව. කොහොම උනත් අසභ්‍ය ප්‍රකාශන ලඟ තබාගැනීම තහනම්!

ලංකාවෙ මේ සම්බන්ධ නීතිය යල්පැනගිය එකක් කියලයි මට හිතෙන්නෙ. මොකද මේ වෙනකොට අන්තර්ජාලය ලෝකයේ දේශසීමා අතික්‍රමණය කරල ඉවරයි. මොකක්හරි දේකට අන්තර්ජාලය සම්බන්ධ වන්නේ කුමන වෙලාවකද ඒ මොහොතේ සිට ඒ අදාල කාරණාව සෑහෙන්න සංකීර්ණයි.

උදාහරණයක් විදියට "වැල" ලඟ තබාගැනීම තහනම්. ඒක රටේ නීතිය. වැල ලඟ තියාගන්නෙ ඇයි? බලන්න! දැං ෆෝන් එකක හෝ වෙනත් තැනක ගබඩා කරන්නෙ නැතිව වැල බලන්න බැරිද? පුළුවන්. අන්තර්ජාලයෙන් ඕන තරම් බලන්න පුළුවන්. ඩේටා ගාස්තුව විතරයි ඕන. කසිප්පු, විකිණීම, බීම, ලඟතබාගැනීම ඔක්කොම තහනම්. හොරකම් කිරීම අනුබල දීම හොරබඩු ලඟතබාගැනීම ආදී සියල්ලමත් තහනම්. නමුත් හාඩ් එකක තිබීමයි ඇඟිලි තුඩක දුරකින් අන්තර්ජාලයේ තිබීමයි අතර වෙනස නීතිය ක්‍රියාත්මක කරන්න යාමේදි සෑහෙන්න වෙනස්.

කොටින්ම ඩේටා ගාස්තුව ගෙවාගන්න පුළුවන් එකාට කිසි අවුලක් නෑ. ගබඩා කරගෙන බලල අහුවුනොත් බඩුම තමයි.

*************************************************************************************

සුජීව කොකාවලගේ අලුත් බ්ලොග් අඩවිය: http://loose-ball.blogspot.com

34 comments:

  1. ආ ඔයත් එහෙනං පූර්ණකාලීනවම බුකි වාසියෙක් වෙලා නේද.කාලෙකිං දැක්කෙ නැතුවම මොකද උනේ කියල හිතුවා.

    ReplyDelete
  2. අපරාදෙ..... කස්ට කාල අමාරුවෙන් හදාගත්තු යහපාලන ආන්ඩුව..... කමක් නැහැ...මහින්දව එලෙවුවනේ...

    ReplyDelete
    Replies
    1. මං හිතුවෙ දැංවත් ලෙඩේ හොඳවෙලා ඇති කියල. කෙසේ නමුත් සාරසට ඉක්මන් සුව ප්‍රාර්තනා කරනව.

      Delete
    2. මොකද තාම කට්ට කාගෙන මොටොසයිකල් පදින්නේ.....
      අර යහපාලන අක්කි කෙනෙක් නොතෙමී යන්න කාර් එකක් දෙනවා කීවානේ...
      කාරෙක ගත්තැයි?
      නියන් කාලෙ හින්ද අක්කි නම් තාම තෙමිල නැතිව ඇති නේ?

      Delete
    3. සාරස කොහොමටත් පඳුරක් පඳුරක් ගානේ කකුල උස්සන්නෙක් රාජ්.

      Delete
  3. තහනම් දේ තමා ලෝකයේ වැඩිපුරම ව්‍යාප්ත. නැද්ද මං අහන්නේ..

    කෝම උනත් බ්ලොග් කෙරුවාව ඉවරයි කිව්ව එකා ආපහු ආපු එක ලොකු දෙයක්.. නැත්නං අර කොකාවල වගේ උඹත් අතනම එල්ලිලා ඉදිවි


    හැක්

    ReplyDelete
    Replies
    1. කොකා ගැන කිව්වම මතක් උනේ. කොකාගෙ අලුත් ක්‍රිකට් බ්ලොග් එක
      http://loose-ball.blogspot.com/

      Delete
  4. මම හිතුවා වෙන හේතුවක් නිසා බොග දාන්නේ නැතෙයි කියලා...

    එහෙනම් මේකයි හේතුව.....

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. වැල ගැන තියෙන අවුල එන්නේ ඊනියා සදාචාරයක මුලාව සහ වැල බැලුවාම මනස විකෘති වෙනවාය කියන අදහස නිසා. කොහොමත් ඔක්කෝමල්ලා උපාසක බළල්ලු.


    වැල බලන්න වෙන්නෙත් අර මහනායක හිමි මස් කන්න නියම කරපු මෙතර්ඩ් එකට.

    ආස අය ගෙදර ලැපේ තියාගෙන වැල බැලුවට කමක් නෑ. ෆෝන් එකේ තියාගෙන බලන්නේ නැතුව

    වැල ගැන මම ලියපු සටහනක්. කැමති අය කියවන්න
    http://nidahass.blogspot.com/2015/12/blog-post_24.html

    ReplyDelete
    Replies
    1. //වැල ගැන තියෙන අවුල එන්නේ ඊනියා සදාචාරයක මුලාව සහ වැල බැලුවාම මනස විකෘති වෙනවාය කියන අදහස නිසා. කොහොමත් ඔක්කෝමල්ලා උපාසක බළල්ලු//

      වැල සමලිංගිකත්වය ජාතිකත්වය ආදී ඔක්කොම එක වල්ලෙ පොල්.
      ලිපිය බලල තිබුන කලින්.

      Delete
  7. ඔය වැල කේස් එකකට පොලිසියෙන් අල්ලලා උසාවි දාපු කොල්ලෙක් ගැන මම දන්නවා. පොලිසියෙ උන් ටිකක් සිවිල් පිට කොහෙද ගිහින් එන ගමන් කඩේ ගාව හිටපු ඌගෙන් අහලා "මොනවාද මෙතන කරන්නේ කියලා" මුත් අහලා "ඇයි මොකද අහන්නේ කියලා" සිවිල් හිටපු පොලිස් කාරයෝ කියලා තියෙනවා"අපි පොලිසියෙන් එකයි අහන්නේ" කියලා හිටං.පොලිස්කාරයෝ කතා කරන්නේ දන්නේ නැහැනේ.මුන් හෙන හයියෙන් කෑ ගහලා එහෙම කියලා තියෙන්නේ.වටපිටාවේ දැන් මිනිස්සුත් බලනවානේ ඒ ගමන අපේ එකත් කියලා තියෙනවා."ඕගොල්ලෝ පොලිසියෙන් නම් වැදගත් විදියට කතා කරන්න" කියලා.එත් එක්කම පොලිස්කාරයෝ උන් ආපු තිර්විල් එකට මුව බලෙන්ම වගේ දාගෙන පොලිසියට එක්ක ඇවිත් තියෙනවා.

    ඒ අරන් ඇවිත් බලද්දි ෆෝන් එකේ පොඩි වැල කැල්ලක් තිබිලා.මුන් කොල්ලව කෙලින්ම කුඩුවට දැම්මා.අපේ ඔෆිස් එක තියෙන්නේ පොලිසිය ගාව.මට පණිවිඩය අවාම පොලිසියට ගිහින් බලුවා.අපේ කොල්ලා කුඩුවේ දාලා.මම ඇහුවා කුඩුවේ ඉන්න එකාගෙන් "මොකද වුනේ"කියලා.එකා මට විස්තරේ කිව්වා.පස්සේ එතන හිටිය අපේ එකාව අරගෙන ආපු එක පොලිස් කාරයෙක් මට කිව්වා."මුව අරන් ආවේ අපිත් එක්ක කට ගහපු නිසා,ෆෝන් එකේ බ්ලු තියෙනවා.මුව උසාවි දානවා" කියලා.

    එදා සිකුරාදා දවසක්.පහුවදා සෙනසුරාදා අපේ එකාවත් එක්ක වෙනත් අපරාධවලට අත්අඩංගුවට අරන් තියෙන සැකකරයෝ එක්ක නඩුකාරයා ගාවට අරන් ගියා.නඩුකාරයා ඇප දුන්නා.සඳුදා උසාවි දැම්මා.උසාවියෙන් වරද පිළිගත්තාම රුපියල් 2000 දඩ ගැහුවා. ලෝයර් කෙනෙක් අල්ලලා තිබ්බා.ඌත් 4000 හෝ 5000 අරන් තිබ්බා.

    මේ නීතිය හොඳයි ඒ වගේ පොලිස් බල්ලන්ට උන්ට විරුද්ධව කතා කරන කොල්ලෝ ගෙනත් ඇතුලට දාන්න.මේ වගේ නීති නීති පොතේ ඉවත් වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ලෝයර්ලායි පොලිස් කාරයෝයි කියන්නෙ මිනිස්සුන්ව කන්න උපන් මාරයෝ. ඇහින්දාස් ලෝයර්ලා එක්ක බය නැතුව කේවල් කරානම් ගාන බස්ස ගත්තැකි. මම එහෙම කරලා තියෙනවා.

      Delete
    2. නීතිය කියන්නෙ කොහොමත් උන්ට ඕන විදියට ක්‍රියාත්මක කරන එකක්නේ.

      Delete
    3. නීතිය කියන්නෙ කොහොමත් උන්ට ඕන විදියට ක්‍රියාත්මක කරන එකක්නේ.+++++++++++++++ athha

      Delete
  8. චික් විතරක්, ජරා පොටෝ දදා මෙතන, අපිටත් කියනවා එව්වගේ වර්ණනාව.

    ReplyDelete
    Replies
    1. ස‍ැලෙන්න එපා විචා, මුවෙක් මරල බටේ සුද්ද කරගන්න තව චිරාත් කාලයක් තියනව! :-)

      Delete
    2. වෙන එව්වා නැද්ද මයේ දෙයියෝ?

      Delete
  9. රාලාමිට කීයක් දුන්නැයි ඔහේ..!!

    ReplyDelete
  10. මෙහෙමත් ලෝකයක්, මරතේලිස්!

    ReplyDelete
  11. ලයිෂන් නෑ කියන්නෙ මාර්ග නීති, මාර්ග සංඥා ගැන නිසි අවබෝධයක් නෑ වගේම සමහර විට නිවැරදිව ධාවනය කිරීමේ හැකියාවක්වත් ඒ ළමයට තිබුනද දන්නෙ නෑ. එහෙම ගිහින් තවත් මනුස්සයෙකුගෙ ජීවිතය නැති කරන්න හරි තමන්ගෙ ජීවිතය නැතිකරගන්න හරි ඉඩතිබුනා. ඉතින් ඒක ශේප් කරල ඊට වඩා මහා භයානක අනතුරුදායක වැරැද්දක් වුනු ෆෝන් එකේ පෝන් තිබීම ගැන තමා එතකොට පොලිසිය දෙවනුව කටයුතු කරල තියෙන්නෙ. හොඳයි අපි කියමු ඒකෙ තිබිල ඔය පෝන් කෑලි ටිකක් හොයා ගත්ත කියල. එතකොට කලින් වැරැද්ද ශේප් කරපු අය මේ වැරැද්දට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවද.

    ReplyDelete
  12. වැල කියන්නේ මොනවද? වරකා වැඩිපුර ඉදුනම තියෙනවා වගේ ඒවාද?

    ReplyDelete
    Replies
    1. කොච්චර ඉදුනත් වරකා වැල වෙන්නේ නෑ, වැලක් වෙන්න නම් වැල ගහෙන්ම හටගන්න ඕනේ, ඒකයි කොස්වල ඇත්ත කතාව​. නමුත් මෙතන කියවෙන 'වැල​' කලින් වරකා වෙච්චි එකක් පස්සේ වැල වෙන එකයි..........ඕං තෝරල දුන්නා එහෙනං

      Delete
  13. අපි වගේ ඔන්ලයින් බලපම් රාජ් අයිය..
    ඕන කියල හිතුනොත් බැලුව නැත්තං නැ හිහි

    ReplyDelete
  14. හැක්.. පසුගිය දවස් ටිකේ ඔහේ මේ ගැන සමීක්ෂනයක් කරල වගේ.

    ReplyDelete
  15. වැල නොබලන එකෙක් නෑ නෙ බන්...

    ReplyDelete
  16. ඕවා පුළුවන් තරම් තහනම් කරලා කොල්ලොන්ව බේරාගන්න ඕනේ.... උන් ඉතින් පස්සේ ඔය අවුරුදු 3 ක 4 ක දරුවෙක් උස්සං ගිහිල්ලා බලන්න බැරි දේවල් අත්හදාබලන්න ගිහිල්ලා දරුවෙක් දෙන්නෙක් මැරුණට ඔවා බලන එක කොච්චර අවුල්ද?????????? කොහොම හරි මේවා නවත්තලා කොල්ලෝ පාලනය කළ යුතුයි....

    ReplyDelete
  17. වැල නොබලන එවුන් නැති උනාට නොබලනවා වගේ ගොන් පොලිස් කාරයෝ දාන සීන්නේ ඉවසන්න බැරි ඉතින්. ඩේටා පුච්චන් හරි ඔන්ලයින් බලලා දාන එක හොදයි වගේ.

    ReplyDelete
  18. බුදු අම්මෝ . මමනම් බලන්නේ නෑ . මම හොඳ ළමයෙක් හිටං :v :v

    ReplyDelete
  19. මේක හරි අසාදාරන සමාජයක් බං.

    ReplyDelete