Friday, May 6, 2016

වසන්තයා IV හාහා එකක් මචං......

ගුවන් තොටුපලේ සහ වරායේ සේවය කරන මගේ මිත්‍රයෙක් ඉන්නව. (ඔහුගේ තනතුරු නාමය හරියටම මතක නෑ, ක්ලියරින් ඔෆිසර් හරි ඒ වගේ මොකක් හරි නමක්) අපි දෙන්නා දවසක් ඔහුගේ වාහනයේ යද්දි කෝල් එකක් එනව එයාට.

"හා හා එකක්ද? හරි හරි මං බලන්නං... නම එවපං"

කෝල් එක ඇහුවම මට හොල්මං.... මම යාළුවගෙන් ඇහුව "මොකද්ද හාහා එකක් කියන්නෙ?" කියල. එයා කියන විදියට කවුරුහරි කෙනෙක් එනව රට යන්න. එයාගෙ වැඩ ටික ඔක්කොම හරි. නමුත් හිතට මදිනෙ. මදිපාඩුවට දන්න කියන කෙනෙක් හොයාගෙන ගිහිල්ල එයාගෙ ඊනියා සහයෝගයත් ලබාගන්නව. තමන්ගෙ හිතවතා ඩියුටි ඕෆ් නම් මේ වැඩේ පවරනව යාළුවෙකුට. වැඩරාජකාරි එක්ක යාළුවන්ට කරදර කරන්නත් බෑනෙ. "ඔන්න මගේ අහවලා එනව... එයාගෙ විස්තර බලල පොඩ්ඩක් හිත හදල යවපං" කියන ඩියුටිය තමයි මේ "හා හා එකක්" කියල කියන්නෙ. මේ වගේ හාහා ඩියුටි සෑහෙන ප්‍රමාණයක් දවසකට ලැබෙනව.

මේ සීන්එක මතක්වුනේ ඊයෙ නෝන එයාගෙ ස්ටාෆ් එකේ කෙනෙකුට ගත්ත කෝල් එකක් මතක්වෙලා. නෝනගෙ යාළුවෙකුගෙ කවුදෝ කෙනෙක් ඔපරේෂන් එකකට මුහුණදෙන්න සූදානමින් ඉඳල තියනව. ඒ ලෙඩා ගැන පොඩ්ඩක් බලන්න කියල එවලේ ඩියුටි ඉන්න කෙනෙකුට කතාකරල කියනව මම අහගෙන.

"හා හා එකක්ද?" මම ඇහුව.

"මොකද්ද හා හා එකක් කියන්නෙ?" නෝනලා ඩැඩේ කලාට වචනෙ පාවිච්චි කරන පාටක් පේන්න නෑ වගේ.

කලාතුරකින් මටත් මේ වගේ හාහා ඩියුටි සෙට්වෙනව.

"මචං.... මම ඉන්නෙ උඹලගෙ ලයිසන් කවුන්ටරේ ලඟ.... වාහනේ ලයිසන් කරගන්න ආව.... පොඩ්ඩක් බලපං...."

එහෙම කිව්වම අපට තියෙන්නෙ ලඟට ගිහිල්ල ලියකියවිලි පරීක්ෂා කරල "ඔක්කොම හරි මචං.... ලයිසන්එක ගන්න පුළුවන්" කියල පිටට තට්ටුවක් දාල එන්න. පොලිසිය, ඉස්පිරිතාල වගේ තැන්වල මේක තදට යනව.

මේක මහලොකු සීන් එකක් නොවුනට හාහා එක ඇතුලෙ ති‍ය‍ෙන්නෙ ආයතනගත අවුලක් වගේම සමාජීය අවුලක්. එක පැත්තකින් ආයතනයකට ගිහිල්ල සේවාව ලබාගන්න සේවාදායකයා සතු ධෛර්ය අඩුකම පිළිබඳ අවුලක්. අනිත් පැත්තට, දන්නා හඳුණන කෙනෙක් නැතුව රාජකාරියක් කරගන්න බෑ කියන මට්ටමට ආයතනයක් පත්වීම පිළිබඳ අවුලක්.

58 comments:

  1. මාත් උඹට හා හා එකක් දැම්ම නේහ්?

    සමහර දේ හා හා නැතුව බෑ බෑ වෙලා තීන්නෙ. ඒත් සමහරු එහෙම නොවෙන දේටත් අනික් උන්ට වදයක් වෙනව.

    ReplyDelete
    Replies
    1. උඹ මොකක්දෝ ඇහුව කියල මතකයක් තියනවා....... දැං මතක නෑ බං...

      Delete
  2. රාජකාරියේදී මාත් අනන්තවත් ඔයවගේ ඒවට මුහුණදීලා තියෙනවා. බැංකුවේ සල්ලි ගන්න පෝලිමේ අදුරන අයට සල්ලි අරන්දෙන්න කියලා ඉල්ලපුවම කොහොමද කරන්නේ අනිත් උන් කියන දේවල් ඇහෙද්දී.
    හැබැයි මම ත්‍රිවිධ හමුදාවේ කෙනෙක් පොලීමේ හිටියොත් ඔහුගේ දේ මට කරන්න පුලුවන් සීමාවේ නම් කරලා දෙනවා පෝලිමේ නොතියා.

    ReplyDelete
    Replies
    1. පෝලිම් පැනීම් නං අවුල් ටිකක් විතර.

      Delete
    2. ඇයි හමුදාවේ අයට පෝලිම් වල හිටියා ම මොනවා හරි වෙනවාද බං....... අනික යුනිෆෝම් එක නැතුව පෝලිමේ ඉන්න කෙනෙක් කොහොම ද බං අදුරා ගන්නේ......

      හමුදාවේ අයට නෙමෙයි බඩදරු අම්මෙක් හරි වයසක ආච්චි කෙනෙක් හරි හිටියොත් ඕක කරලා දීපං.... ඒක නං හොද වැඩක්.....

      Delete
  3. "යාලුවෙකු ගේ බ්ලොග් එකක් තියෙනවා, ගිහින් කියවලා කමෙන්ට් එකක් දාලා සපෝර්ට් එකක් දෙන්න!" කියලා ඉල්ලන වගේ වැඩ නම් මාත් කරළා තියෙනවා.

    හැබැයි දන්නේම නැති අය ගැනත් ඒ විදියටම කියලා තියෙන නිසා අවුලක් නෑ!

    ReplyDelete
    Replies
    1. බ්ලොග්වලටත් එහෙම කරල තියනව?

      Delete
  4. මේක කතා කරන්න ඕන දෙයක්. බොහෝ අයට විශේෂයෙන් රජයේ සේවකයන්ට ඔය රජයේ වැඩක් කරගන්න ගියාම අදුරන කස්ටිය ඉන්නවද කියල හොයල බලන එක අනිවාර්යයයි. ඒත් අන්තිමට හා හා එකකක් තමා ඕන වෙන්නේ..

    මේවා හරි හීනමාන අදහස්.. තමන්ට කෙලින් ගිහිල්ලා කතා කරල කරගන්න බැරි කමට දාන දහං ගැට.. මක්කටෙයි බය වෙන්නේ ඕන දේකට ඕන තැනකට යන්න. කට තියෙනවා ලයිසන් තියෙනවා ඕන කරන ඔක්කෝම තියෙනවා. ආයි අදුරන එකෙක් මොකටද?? හා හා

    හැබැයි කිව්වට විස්වාස කරහං අපයොලුවෙක්ගේ සර්ජර් එකකට දින ලැබුනේ 2019 මාර්තු. අනේ ඒත් මෙන්න බං ඊයේ ඒක කරල. අදුරන එකෙක් හිටියලු.. හැක්

    ReplyDelete
    Replies
    1. ඔය කියන ජාතියේ අසාධාරණ සිදුවීම අවුලක් තමයි. ඉතිං ඇත්තටම අවුලක් නැතිව කරගන්න පුළුවන් වැඩේටත් හාහා එන්නෙ ඒකයි.

      Delete
  5. හා හා එකක් ඒක අලුත් වචනයක් ඩිස්සනේරියට හැක්..
    මට තාම හා හා එක්ක අත්දැකිමක් නෑනෙ කියල කරවගත්ත එකක් වත් සැක්

    ReplyDelete
    Replies
    1. පුදුමයි උඹට නෑ කිව්වම.....

      Delete
  6. ඕක බං ඒ පුද්ගලයගෙ චිත්ත ධෛර්යය පිලිබඳ ප්‍රශ්නයක්.පොඩියට තියෙන හීනමානයක් කියලත් කියන්න පුළුවනි.ඔය වගේ හා හා කොන්ත්‍රාත් මටනං අනන්තවත් ඇවිල්ල තියෙනව සහ තාම එනවා.

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද! ජීවත්වෙන මේ ටික කාලෙටනේ..

      Delete
  7. ගොඩක් අය මොකක් හරි වැඩකට ගියාම ලේසියට පහසුවට හාහා එකක් ගන්න කැමතී.. ඒවට උත්සහ කරනවා..
    ඒක එතන ඉන්න කෙනාට අපහසුවක් වෙන්නත් පුලුවන්.. ඊට පස්සේ වෙන්නේ හාහා එක කරලා දුන්නැ කියලා හිතවත්කම් නැති වෙන එක..
    ඔන්න ඕකයි වෙන්නේ.. අර කෙනාගේ රාජකාරිය නෙවෙයි හිතනනේ තමන්නේ පහසුව..

    ReplyDelete
  8. මටත් කියන්න වෙලා තියනවා හාහා කමෙන්ට් එකක් දාන්නම්, හාහා බ්ලොග් රෝලේ එල්ලගන්නම් කියලා. හැබැයි මම එව්වා කරන්නේ බොහොම කැමැත්තෙන්.

    ReplyDelete
  9. Hamme.. oya ha ha ekakin thamayi Mata ape undewa set unath... :)

    ReplyDelete
    Replies
    1. හා හා ඕනෙ ෆොටෝ එකක් ගන්න මං ඇප දෙන්නං කිව්වද?

      Delete
    2. කියපංකො ඒ ඉස්ටෝරියත්...

      Delete
  10. හා හා ඔන්න මං පෝස්‍ට් එක කියෙව්ව. ඔක්කොම හරි අවුලක් වෙන එකක් නෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. මොන හුයන්නක් යකෝ මේ..
      එක දවසයි බ්ලොග් ආවෙ නැත්තෙ මෙන්න අද දාන දාන කොමෙන්ට් එකට මම රොබරි කාරයෙක් නෙමෙයිද කියල අහනව ගූ ගලා.

      Delete
    2. ඒ මටත් එනවා බං ඒක.. සමාර විට අපේ වචන සැර ඇති නේහ් බං.. හැක්

      Delete
    3. ඒ කියන්නෙ උඹ බ්ලොග් ආවෙ නැතිදාට ගුගුලාටත් පුදුමයි.ඒකනෙ එහෙම අහන්නෙ.සමහරවිට රාජ් කිව්වද දන්නෙත් නෑ මුං සැකයි කියල.

      Delete
    4. රාජ්ගෙ එකේ විතරක් නෙමෙයි හැලපෙ. හැම එකේම එනව.

      Delete
    5. ප්‍රසා, උඹ පෝස්ටුවක් දැම්මනේ. ගූගලය බලන්න ඇති උඹ හැක්වෙලාද කියල!

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. රාජ්, උඹ මේකට හා හා කියන්නෙ ඇයි කියල දාල නෑනෙ... එහෙම ඩියුටියක් අපිට කිව්වම අපි කියන්නෙ හා හා මචං කියල... ඒක නිසා තමයි ඒකට හා හා කියන්නෙ... මම හිතන විදියට මේ යාලුව ලකිය වෙන්න ඕනෙ...

    ReplyDelete
    Replies
    1. යායා තොපි දෙන්න ගැන මතක්වෙලා තමයි ලිව්වෙ.

      Delete
  13. රාජ්, උඹ මේකට හා හා කියන්නෙ ඇයි කියල දාල නෑනෙ... එහෙම ඩියුටියක් අපිට කිව්වම අපි කියන්නෙ හා හා මචං කියල... ඒක නිසා තමයි ඒකට හා හා කියන්නෙ... මම හිතන විදියට මේ යාලුව ලකිය වෙන්න ඕනෙ...

    ReplyDelete
  14. All garment week points remove president Mithri. From start any garment have week points. But all the things corect future. garment servise will goog future

    ReplyDelete
  15. ඔය හා හා එකක් දවසක් මටත් දුන්නා සමෘද්ධි නිළධාරියෙක්. ඉල්ලලාම නෙමෙයි. ඒක මිනිහා මට දුන්නේ වෙන එකෙක් එක්ක තිබුනු පරණ ඇරියස් එකක් කවර් කර ගන්න. ඒක නම් වෙනම කතාවක් හැටියට ලියන්න හිතෙනවා. ස්තූතියි රාජ මන්ත්‍රී

    ReplyDelete
  16. ඔය හා හා එකක් දවසක් මටත් දුන්නා සමෘද්ධි නිළධාරියෙක්. ඉල්ලලාම නෙමෙයි. ඒක මිනිහා මට දුන්නේ වෙන එකෙක් එක්ක තිබුනු පරණ ඇරියස් එකක් කවර් කර ගන්න. ඒක නම් වෙනම කතාවක් හැටියට ලියන්න හිතෙනවා. ස්තූතියි රාජ මන්ත්‍රී

    ReplyDelete
  17. මාත් හිතනවා ‍ෙධෙර්ය පිලිබදව ප්‍රශ්ණයක් කියල...

    ReplyDelete
  18. ඕකට තුන්වන හේතුවකුත් තියෙනවා. සමහරු කැමතියි තමන් දන්නා කියන යාළුවො ගොඩක් තැන්වල ඉන්නවා කියල අනික් අයට පෙන්වන්න

    ReplyDelete
  19. මිනිස්සුන්ට තමන් ගැනවත් ආයතනය ගැනවත් ශුවර් එකක් නැති කම තමයි. මොනවා වුනත් මරු යෙදුම.

    ReplyDelete
  20. මේවායේදී නිකන්ම හා හා එකක් නම් අවුලක් නෑ. සමහර වෙලාවට මේවා ඇන වෙනවා.

    ReplyDelete
  21. සෑර්, සෑර්ට කියන්ඩ අපිට ඉතිං කොහොමත් සෑර්ලා වගේ ලොකු යාලුවො, නැයෝ නං නෑ, එහෙම තියෙද්දිත් මාත් ඔය හා හා එකක් ඉල්ලුවා සෑර්, කස්ටම් එකේ මහත්තැන් කෙනෙක්ගෙන්. හැබැයි එකට හේතුව නං ගෙනියන්ඩ තියෙන ප්‍රමාණෙට වඩා කිලෝ 30ක් විතර වැඩිය ගෙනිච්ච. ආයේ සෑර් ඇමරිකාව කියල හාල්-පොල් තියෙන එකක්යැ කියල හාල් පොල් ටිකක් අරං ගියා.

    ප.ලි.

    සෑර් දැන් නං බ්ලොග් පැත්තේ එන්න වෙලාවක් නැහැ. ඒත් හැම එකක්ම වගේ කියවනවා.. දිගටම ලියන්න.

    ~සූස්ති~

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි! උඹ ඉන්නවද සූස්ති? මම හිතුවෙ අඟහරුවලටම ගියා කියල. මේ ලඟදිත් බැලුව බ්ලොග් එකට‍ ගිහිල්ල අලුත් යමක් ලියලද කියල.

      Delete
  22. එහෙම නම් ඉතින් යාළු කමෙනුත් වැඩක් නෑ නේ බං.... අර අයි පී එල් ක්‍රිකට් මැච් මැද්දේ යන්නේ තමන්ගේ අම්මට වින්ඩෝ සීට් එකක් ගන්න පුතා උදව් කරනවා.... ඒ අම්මා කියනවා මම සියල්ල දන්නවා ඒත් මේ පුතාගේ කරදරේ කියලා... ඒවට තමයි බං මනුස්සකම් කියන්නේ...

    ReplyDelete
    Replies
    1. යාළුකම් නෙවේ බං.... තැනකට ගිහිල්ල වැඩක් කරගන්න බෑ කියන්නෙ ලොකු සමාජ අවුලක්.

      Delete
  23. රාජ් කියන්නා වගේ ඔය හා.. හා.. වැඩේ ආයතන ගත පර්ශ්නයක් තමයි. ඒ වුනාට ලංකාවෙන් පිටත් අපේ අය ඔය දේ භාවිතා කරනවා . හා හා කලත් නොකලත් එහෙ වෙනසක් නැති වුනාට..

    ReplyDelete
  24. හා හා පෝස්ට් එක හොඳයි. හොඳට තියෙනව. අවුලක් නෑ මචං.

    මට අර ප්‍රොක්සිය බයිපාස් කරන හැටි කියල දියං ඈ. මං මේලකුත් දැම්ම.

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්ම මේල්ලුවට!

      Delete
  25. එහම නැතුව ඕක කරන්න බැහැනේ.

    ReplyDelete