Monday, June 6, 2016

දන්නවද සරත් විමලසූරිය?

දන්නවද සරත්? සරත් විමලසූරිය?

බුකියෙ ඉන්න කෙනෙක් නම් සමහර විට දන්නව ඇති. දොස්තර මහත්තයෙක්, ඉංජිනේරුවෙක්, ආගම්වාදී පිස්සන්ට පේන්න බැරි චරිතයක්, තව......?
හැඳින්වීම් කෝටියක් දෙන්න පුළුවන් ලේසියෙන්ම. මේ තියෙන්නෙ සරත් විමලසූරිය තාපසයානෝ හිමාලයේ අවුරුදු දෙසීය හැටක් භාවනා කිරීමෙන් අනතුරුව ධ්‍යාන ලබා පැමිණ පහුගිය ඡන්දෙ කාලෙ හොරුන්ට ඡන්දෙ දෙන්න එපා කියල අහසේ පාවෙමින් ඉල්ලීම් කල හැටි....

ඔහු එකසැරයක් ස්වයංක්‍රීයව වැහෙන රේල් ගේට්ටුවක් හැදුව. හැබැයි බලධාරීන්ගේ ඇස් ඇරුන පාටක් පේන්න නෑ.....

බුකියෙ දාන අත්දැකීම්වලට රහවැටුන මම එතුමාට පොඩි යෝජනාවක් කලා.....

මෙන්න ප්‍රතිපලේ.....



************************************************

දවසක් මං ගියා මගේ මිත්‍ර අතුලගේ තාත්තගේ ගෙස්ට්හවුස් එකට...යනකොට අඩි සීයක් විතර උස පොල්ගස් වල කරටියේ වයර් එහාට මෙහාට ඇදල කේබල් වලින් සම්බන්ධ කරල තිබුන. තව ඇළුමේනියම් පයිප්ප වලින් හදාපු අටමගලෙකුත් නැවිච්ච පොල්ගහක එල්ලලා තිබුන. මොකක්ද බං මේ...මං අතුලගෙන් ඇහුව. පිස්සු බෙල්ජියන් සුද්දෙක් ඉන්නවා නැවතිලා...මේ යකා ට්‍රාන්ස්මීටරයක් තියාගෙන සිග්නල් යවනවා...කෑගහනවා එළිවෙනකන්. මුගේ කෑගැහිල්ල නිසා අනිත් සුද්දොත් යන්නගියා. මූ හැම අව්රුද්දේම එන නිසා එලවන්නත් බෑ කියල අතුල කිව්ව........

මං කාමරේ ගාවට ගිහිං පොඩ්ඩක් බලන්නද ? මගේ වදේට අතුල හාකිව්ව. මං උගේ කාමරේ ඇරල තිබුන දොරගාවට ඇවිත් එබිලා බැලුව...කාමරේ පිස්සන් කොටුවක් වගෙයි...තද නිල්පාට වීදුරු වගේ ඇස්දෙකක් තියෙන සුද්දෙක් ට්‍රාන්ස් මීටරෙකින් කතා කරනවා...ඌ මාව පඩේකට වත් ගණං ගත්තේ නෑ දිගටම ට්‍රාන්ස්මිට් කරනවා...භාෂාව ඉංග්‍රීසි නිසා දිගටම අහන් හිටිය. මං ගුඩ් මෝනිං කිව්ව ඌට...මෝනිං...ඌ මගේ දිහා නොබලා කිව්ව. Are you an Amateur Radio Operator? මං උගෙන් ඇහුව...සුද්ද අඩියක් උඩගිහින් බිමට වැටුන. Yes Sir…Come In මරුමුස් සුද්ද...මට ඇතුලට එන්න කිව්ව.... සේවන්ටිත්‍රී...මයි ෆ්‍රෙන්ඩ්.. ෆෝ ෂුගසෙවන්...ස්ලෑෂ්...ඔස්ක...නොවැම්බර්...සික්ස්.. ටැංගෝ... සුලු...සයිනින්...ක්ලියර් සුද්ද කතාව නැවැත්තුව. Do you know about Ham Radio…? Yes little bit මං ඌට කිව්ව. ටිකක් මගේ විස්තර කිව්වම ඌ මගෙන් භයානක ප්‍රශ්ණයක් ඇහුව What’s your Religion ? I’m a Free Thinker…I’m an Atheist !!!...හුටා...A Colleague…සුද්ද මට අතට අත දුන්න. Do you like to become an “ Amateur Radio Operator” ?...Why Not !!!පොළවේ රෝසමල් ඉහේ පිපුන !!!.........


***********************************************

වීම්ගේ බෙල්ජියමේ රස්සාව නියෝජ්‍ය අල්ලස් කොමසාරිස්. මිනිහා දක්ෂය උනාට කොමසාරිස් කම දීලනෑ දේශපාලන අදහස් සහ ආගමක් නොමැතිවීම යන කාරණා මත. ඔව් ඒරටෙත් මෙහේ වගේ සෙල්ලම් යනවා යටින් නොපෙනෙන්න. මෙහේ නං එළිපිටම ගේම. මේ තනතුර සඳහා තිබ්බ විභාගෙන් පළවෙනිය වෙලාතිබුනේ වීම්. උදේට බොස් මුණගැහුණම...මූ හැමදාම... මුළු ඔෆිස් එකටම ඇහෙන්න කියනවලු...ගුඩ් මෝනිං විභාගෙන් දෙවෙනියා කියල.



***********************************************

වීම් රේඩියෝ තියරි දැනන් හිටියට අඬු පඬු වලින්...ටූල් භාවිත කරල කරන වැඩවලින් නිර්මාණාත්මකව වැඩක් කිරීමේදී නන්දන බාසුන්නැහේගේ හොඳම ගෝලයට වඩා හුඟක් පහලින් හිටියෙ. ඌ ඒක මුලින් කොහොමවත් පිලිගත්තේනෑ (සුද්දනේ). මිනිහ හදල තිබුන Bird Cage ඇන්ටෙනා කියල යෝධ ඇළුමේනියම්ඇන්ටෙනා එකක්. ඒක තමයි අර පොල්ගහේ එල්ලලා තිබුණු අටමගලේ. මේක 20Meter Band එකට තමයි හදල තිබුනෙ. එත් දහිර වාට්ටුව වගේ හෙල්ලෙනවා මූදු හුළඟට. මේක මිනිහ මට හමුවෙලා දවස් දෙකකින් කඩන් වැටිලා කුඩුපට්ටම් උනා. මං ඇහුව මංමේක කැඩෙන්නේ නැතිව හදල දෙන්නද කියල...උඹ මේ අදඊයේ ගහෙන් බැහැපු තුන්වෙනි ලෝකේ වඳුරු පැටියෙක්. Don't talk bullshit about HF Antennas. කනට ගැහුව වගෙයි මට දැනුනෙ. එත් මං කිව්ව... නෑ වීම් මටමේක හදන්න පුළුවන් ඇලුමේනියම් පයිප්ප අරං දුන්නොත් කියල. හරි යමං... හාඩ්වෙයාර් එකට මං අරං දෙන්නම්...හැබැයි මගේ සල්ලි නාස්ති කරල...උඹට වැඩේ කරන්න බැරිඋනොත් I'll Kill You.......

..............................................

ෆො එව. සීකිව්...ඩීඑක්ස්...සීකිව්...ඩීඑක්ස්...දිස් ඉස්...ෆෝ...ෂුග සෙවන්...ස්ලෑෂ්...ඔස්ක...නොවැම්බර්...සික්ස්...ටැංගෝ...සුලු..කෝලින් ..සීකිව්...ඩීඑක්ස්...ඇන්ඩ්...ස්ටෑන්ඩින් බයි...ඇන්ටෙනාව යුරෝප් පැත්තට හරවලා සුද්ද කෑගැහුව...ඉටැලි සුළු ෆෝ යැංකි..යැංකි යු ආ ෆයිව් ඇන්ඩ් නයින්...උත්තරේ ආව ඉතාලියෙන්. ඊට පස්සේ බලු පොරේ වගෙයි අපට කතාකරන්න මුළු යුරෝපෙම පොරකනව. My good Friend... We Must Celebrate. මොනවද උඹට ඕනෙ...බැටර් ප්රෝන්ස් ඇන්ඩ් බියර්...රෑවෙනකම් බියර් කීයක් බිව්වද මතකනෑ.......



**********************************************

මං HF, VHF,UHF ඇන්ටෙනා ගැන කියවලා අත්හදා බලලා ඇන්ටෙනා "ලෙබ්බෙ පකීර්" ! දැන් පුළුවන් සුද්දන්ට ටියුෂන් දෙන්න. මේ දැනුම පාවිච්චි කළා යුද්දෙදි Signal Intelligence වලට. කොටින්ගේ දුර්වල VHF Signal අපි කොළඹ ඉඳන් ඇහුවා. මගේ Home Brewed Cubical Quad antenna පාවිච්චි කරල. ඩෝරා බෝට්ටු වල මං හයිකරපු 4EL PVC Cubical Quad antenna තවමත් ඉඳහිට දකිනව ගාල්ලේ හාබර් එක ලඟින් යද්දී. දුකක් වගේම සතුටකුත් දැනෙනවා...ඇයි කියල මං දන්නෙ නෑ. යකෝ...ඕක හදල දුන්නෙ මම...කියල කෑගහන්න හිතුනා මට !. අද්මිරාල් වසන්ත කරන්නා ගොඩ ලියපු අධිශ්ඨාණය පොතේ මං ගැනත් තියෙනවා. කාටද ආඩම්බර !


ඔන්න ‍ඔහොමයි සිද්ධිය. ඊයෙ පටන් ගත්ත බ්ලොග් එකේ දැනටම සටහන් අටක් තියනව. මෙන්න පාර [මම කොයි වගේද?]..... ගිහිල්ල කියවන්න.... කමෙන්‍ටුවක් දාල අදහස් බෙදාගන්න.... මතක ඇතුව රෝලට දාගන්න

32 comments:

  1. පට්ට.. අහලා තිබුනට දැකල මුණ ගැහිලා තිබුනේ නෑ.. එළම කිරි!

    ReplyDelete
  2. මම මේ කතා ටික 'ඔක්කොම ඇඩ්ඩිං' එකේ දිගට පලවෙලා තියෙනව දැක්ක. ඒත් කියවන්න වෙලාවක් තිබුණෙ නෑ. කාලෙකට කලින් මගෙත් ලොකු ආසාවක් තිබුණ ඔය ඇමෙචර් රේඩියෝ ගැන.

    බලමු බ්ලොග්ගෙට ගිහිල්ල.

    ReplyDelete
  3. Replies
    1. මාතා, පුළුවන් නං සින්ඩියට දාල පොඩි සප් එකක් දීපං....

      Delete
    2. එවලෙම දැම්මා බං....

      Delete
  4. ස්තූතියි රාජ්. මමත් මේ දැන් ගිහින් කියවල ආවෙ.

    ReplyDelete
  5. සරත් මහත්තය මාත් බුකියෙ තුලාවෙදි අදුනගත්ත කෙනෙක්.
    මෙන්න මේ වගෙ පට්ට වැඩකාරයො තමා බ්ලොග් ලියන්න ඕන.
    සතුටුයි ඔහුව බ්ලොග්වලට කැදවාගෙන ආ එකට.

    ReplyDelete
    Replies
    1. උඹත් ඉන්නවද බුකියෙ?

      Delete
    2. නැතුව නැතුව.
      මේ දවස්වල වැඩිපුරම ඉන්නෙ තුලාව සහ නිරාගමිකයන්ට පමනයි ගෲප් වල.
      පතරංග පෝස්ට් දානව රන්ඩු වෙනව . වැඩ කෝටියයි

      Delete
  6. ස්තූතියි රාජ් ඔත්තුවට...

    ReplyDelete
  7. ela kollek umba hoyagena awith inne thanks lokka...

    ReplyDelete
  8. හරි, තව නේවි කාරයෙක් ආවා. අම්මපා පියාඹන එකෙක්වත් තවම ආවේ නැහැනේ බොග දාන්න.

    ReplyDelete
    Replies
    1. පියාඹන එකෙකුත් ඉන්නවා, හැබැයි ඇනෝ කොමෙන්ට් දාන්න විතරයි!

      Delete
  9. පට්ට පට පට. රාජ් නුඹ නම් නියම මනුස්සයෙක්...

    ReplyDelete
  10. ;-)

    සරත් විමලසූරිය ඉංජිනේරු වැඩ කරන්න ගිහින් මහත්තැන් කෑල්ල නැති කොරගෙන් නේද?

    පව්.

    ReplyDelete
  11. ස්තූතියි රාජ්.

    ReplyDelete
  12. රාජ් බොහොම තුති...!

    ReplyDelete
  13. එළකිරි රාජ්...නමින් දැන උන්නා බුකියෙ..ඒ මෙයාමයි කියලා දැනගත්තෙ අද...

    ReplyDelete
  14. බොහොම ස්තුතියි රාජ්.

    ඒතිස්ට්ට වඩා මං apatheist වගේ
    https://en.wikipedia.org/wiki/Apatheism
    විශ්වාසයන් හැදුනු හැටි, වෙනස්කම්, සමානකම් සෙවීම නම් ඉන්ටරෙස්ටින්. ඉතිහාසය , කලාව, ක්‍රීඩා වගේ වෙනත් එක් විෂයයක් විදිහට

    ReplyDelete
  15. කාලෙකට පස්සේ බ්ලොග් එකක් කියවන්න ඇවිත් වෙච්චි දෙයක්. දැන් පලයන්කෝ මේ ලින්ක් එකට හෙ හෙ හේ

    ReplyDelete
  16. ස්තූතියි රාජ්

    ReplyDelete
  17. පාර කිවිවට ස්තූතියි. ඒ වගේම බ්ලොග් ලෝකෙට එතුමාවත් එක්කන් ආවට තවත් ස්තූතියි.

    ReplyDelete
  18. සින්ඩියට දාගත්තා......

    ReplyDelete
  19. ශුද්ධවූ කොලැන්ඩරය හිස දැරූ පළමු ලාංකිකයා නෙව.. රාමේන්..!!
    ජයවේවා..!!

    ReplyDelete
  20. ගියා, රාජ්.

    ඒක කියවන්න වෙනම නිවාඩුවක් දාන්න වෙනවා. ඒ තරම් වේගෙකින් පෝස්ට් දාන්නෙ හරියට Transylvania වගේ. අනික පිළිතුරක් ලැබෙයි කියලා හිතාගෙන ඒකට කමෙන්ට් නම් දාල වැඩක් නෑ වගේ.

    හැබැයි නියම චරිතයක් කියලා කියන්න පුලුවන්.

    උඹට ස්තුතියි.

    ReplyDelete
  21. රාජ්,

    ශරත් ලොක්ක කොමෙන්ට් මකනවා.
    අපිට ඉතින් බයිලා බලා සාදු කියා එන්න විතරයි තියෙන්නේ.

    ReplyDelete