Tuesday, August 30, 2016

හැක් කරන්නාට ප්‍රේම කරමු(?)

ජනාධිපතිවරයාගේ වෙබ් අඩවිය හැක් කිරීම සම්බන්ධව අත්අඩංගුවට පත්ව ඇත්තේ බාල වයස්කාර සිසුවෙකි. පරිගණක දැනුමැත්තන්ට අනුව ලංකාවේ වෙබ් අඩවි හැක් කිරීම මහලොකු දෙයක් නොවේ. ඇරත් වැඩ දන්න එකාට ඇමරිකාවේ ලොක්කාගේ වෙබ් අඩවිය වුවද ලොකු නැත. බස්නාහිර පළාත් සභාවේ වෙබ් අඩවිය හැක්කර ප්‍රසන්න රනතුංගගේ මුහුණ වෙනුවට "අන්තරාදායක" සලකුණ යෙදුවේද සිසුවෙකු විසිනි. කෙසේ වෙතත් හැකර්ගේ දක්ෂතාවයේ තරම සහ වෙබ් අඩවි පරිපාලකයන්ගේ තරම අනුව ඉදිරියේදී කටයුතු කිරීමට ජනාධිපතිවරයාගේ වැඩකි.

විසුළු සහගත කාරණාව එය නොවේ. සයිබරය පුරා‍ පැතිර යන හැක් කරන්නාට ප්‍රේම කිරීමේ වැලපිලිය. එකෙකුට අනුව හැකර් ඇමරිකාවේ සිටියා නම් ඔහුගේ සේවය ලබාගැනීමට බිල් ගේට්ස් කටයුතු කරනු ඇත. තවත් අයෙකුට අනුව ජනාධිපතිගේ වෙබ් අඩවියෙහි කටයුතු හැකර්ට භාරදිය යුතුය. හැකර් වීරයා කරගෙන ඇත.

මීට පෙර බාල වයස්කාරියක පොල් ගෙඩි කිහිපයක් සොරකම් කල අතර එය අධිකරණය දක්වා ගෙනයාමට පොලීසිය කටයුතු කර තිබුනි. එහිදී සමාජයේ අනුකම්පාව ඇයට හිමිවූ අතර සොරකමේ ස්වභාවයේ "සුළු" බව සහ දරිද්‍රතාවය හේතුවෙන් සොරකම් කිරීමට සිදුවූ බවත් උළුප්පා පෙන්වුවා මිස "වරද" මෙවැනි වීරත්වයට නැංවීමක් සිදු නොවීය.

පරිගණක අපරාධ/තොරතුරු සම්බන්ධව නීතිරීති මේ වනවිට ලංකාවේ නීතියට එක්කර ඇත. ඉලෙක්ට්‍රොනික් ගණුදෙනු පනත, පරිගණක අපරාධ පනත, තොරතුරු සන්නිවේදන තාක්ෂණ පනත... ආදිය මඟින් මෙවැනි අපරාධවලට දඬුවම් කිරීමට හැකිය. වෙබ් අඩවි හැක් කිරීම, ඊමේල් හෝ ෆේස්බුක් වැනි සමාජ ජාල ආදියෙහි සිටින්නන්ගේ ගිණුම් සොරකම් ආදිය නීති විරෝධී කටයුතුය. නීති විරෝධී කටයුතු සිදුකරන්නෙකුට ඊට අදාල දඬුවම් හිමිවිය යුතුය. වැරදිකරුවන්, බාල වයස්කරුවන් වනවිටද වෙනම නීතියක් ක්‍රියාත්මක කිරීමට නීතිය ක්‍රියාවේ ‍යොදවන්නන්ට ඉඩ සලසා ඇත. බස්නාහිර පළාත්සභා වෙබ් අඩවිය හැක් කල සිසුවා අත්අඩංගුවට ගැනීමට කටයුතු කලේ ඔහුගේ විභාගය අවසන් වූ පසු වීම ඊට උදාහරණයකි.

වරදකරුවන් හෝ සැකකරුවන් සම්බන්ධන්ධව ලංකාව කටයුතු කරන ආකාරය එතරම් යහපත් නැත. ආයුධ පෙන්වීමට ගොස් බෝම්බ ගැසූ බව කියමින් සැකකරුවන් මරාදැමීමට කටයුතු කල අපකීර්තිමත් ඉතිහාසයක් අපට ඇත. සුළු වරදකට බන්ධනාගාරගත වන තරුණයන් පාතාල කෙරුමන් වී එලියට එන සංස්කෘතියක් අපට ඇත. මෙය ලංකාවේ සිදුවූ පළමු හෝ අවසාන පරිගණක අපරාධය නොවේ. අප හඬනැඟිය යුත්තේ මෙම හැකර් දරුවාට වියහැකි හානියෙන් ඔහු මුදවාගැනීමත් වැරදි කරන ළමුන් ඉන් මුදාගැනීමේ ක්‍රියාදාමයේදී ඔවුන් අනාගත අපරාධකරුවන් වීම වැලැක්වීමත් විනා හැක්කරන්නන් උත්කර්ශයට නංවා ‍ධෛර්යමත් කර තව තවත් හැකර්ලා බිහිකිරීමට පාර කැපීම නොවේ.



65 comments:

  1. ඒක ඇත්ත. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. http://18sanniya.blogspot.com/2016/08/blog-post_29.html

      මං හිතුවේ මෙන්න මේකය කියල නෙව..

      Delete
    2. උඹත් හැක් ගානව වැඩියි

      ඒක හොඳ සටහනක්.

      Delete
  2. කොල්ලට සුදුසු දඬුවමක් දෙන ගමං ලස්ස ගනං පඩි කකා ඔය වෙබ් අඩවි පොඩි උන්ටත් හැක් කරන්න හැකි විදියට පවත්වාගෙන යන බුවාලටත් සුදුසු දඬුවමක් දෙනවනං තමයි හොඳ ..

    ReplyDelete
    Replies
    1. පාරෙ ෆෝටෝ ගන්නා එවුන්ට වගේ

      Delete
    2. ෂික් ... මේකේ ලයික් බට්න් එකක් නෑ නේ... හි හි

      Delete
  3. බුකියේ වීරයොන්ටත් මොකක් හරි තියෙන්න එපැයි :)

    ReplyDelete
    Replies
    1. බුකියෙ රැලි කියන්නෙ වෙනම ස්ටඩි කරන්න ඕන සීන් එකක්

      Delete
    2. බ්ලොග් වීරයන්ටත් එහෙමයි :-)

      Delete
  4. මේ ගැන පැරා ලියපු ෆේස් බුක් සටහනක මතක් කරලා තිබ්බා ගුවන් යානයක් පැහැර ගත් "සේපාල ඒකනායක"ගැනත්.එතන සේපාල විසින් කරපු වරද ඔහුව වීරයෙක් කොට සලකන්න හේතුවක් කරගෙන තිබ්බා.මේ විදියට මේ වෙබ් අඩවිය හැක් කරපු බාල වයස්කාර සැකකරු වීරයෙක් කොට ගණන් ගැනීම තවත් අයට වැරදි කිරීමට අනුබල දීමක් විය හැකියි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි මාත් කියන්නෙ.

      Delete
  5. බයියො ජනාධිපති දීපං ලමේකුට කියල මැරෙන්ඩ දගලපු හින්ද් ,දුන්න පොඩි එකාට දවස් දෙකකට වෙබ් සයිට් එක. බලපං ඌ කරපු සිගිති වැඩ ටික අඩුගානෙ තාත්තගෙ පඩි වැඩි කරපං කියලවත් කිවුවද ?
    දැංවත් බයියො තේරුම් ගනී උන් කියන එවුන්ට ජනාධිපතිකම දීල හරියන්නෙ නෑ කියල.

    ReplyDelete
  6. ජනාධිපතිගේ අඩවිය තියා, පරිගණක ගැන පුහුණුවන පාසල් දරුවකු පවත්වාගෙන යන අඩවියක් ආක්‍රමණය කලත්, දඬුවම් කලයුතුයි. නියපොත්තෙන් නොකැඩුවොත්, පොරොවෙන් කපන්නටත් බැරිවෙනවා.

    ජනාධිපති තුමාගේ අඩවියේ අඩවි පරිපාලකට කියන්න ඕනේ, 'ඔය අඩවි පරිපාලක කම දීපන් අර ළමයට' කියා.

    ReplyDelete
  7. කිසිම සමාවක් දෙන්න නරකයි . . අනුන්ගේ දත්ත වලට හොරෙන් ඇතුල්වෙන උන්ට උපරිම දඬුවම් දෙන්න ඕන. මතකයිනේ අර බැන්කුවේ ජෝඩුවට කරපු දේ. අනිත් උන්ටත් පාඩමක් ඉගෙන ගන්න හොම්බෙන් යනන් දෙන්න ඕන දඬුවම්

    ReplyDelete
    Replies
    1. ඔව් මචං. හැදෙන්න හරි දඬුවමක් ඕන

      Delete
  8. ඇත්ත..දඬුවම් දිය යුතුයි...

    ReplyDelete
  9. හැක් අපරාධකාරීයි. ප්‍රවේශමෙන් හැක් කරන්න. හැක්..

    ReplyDelete
  10. රාජ් බොහොම ස්තුතියි මේ ලිපියට. මිනිස්සු මේ ළමයව නීතිය ගෙන නොගොස් නිදහස් කරන්න යයි කියන තැනට නීතිය විහිලුවට ගැනීම ගැන පොස්ට් එකක් ලියන්න කල්පනා කරන කර ඉන්න වෙලාවේ මෙය දැක්කේ.

    මේ ළමයා වැරදිකරු ද කියන එක තීරණය කල යුත්තේ උසාවිය. වැරදි කරු නම් දඩුවම් කිරීම හෝ අවවාද කිරීම තීරණය කලයුත්තෙත් උසාවියයි. මේ ගැන ලංකාවේ උගතුන් යයි කියාගන්න පිරිස්ද ඇතුළුව සමාජ ජාල වල දක්වා ඇති අදහස් අතිශය විහිලු සහගතයි. හැක්-කිරීම හපන් කමක් නොව අපරාධයක් බව උගතුන් පවා නොදන්නා බව පෙනේ. ඔවුන් කියන්නේ මේ ළමයාගේ හැක්-කිරීම් හපන් කමෙන් වැඩ ගත යුතු බවයි. හැකියාවක් ඇති නම් අනාගතයේදී එයින් යහපත් ලෙස වැඩක් ගැනීමේ වරදක් නැති වුවද, එය සිදු විය යුත්තේ අධිකරණයෙන් දඩුවම් විදීමෙන් හෝ නිදහස් වීමෙන් පසුව බව වත් නොතේරෙන උගත් මිනිසුන් මෙතරම් සිටීම අතිශය කණගාටුදායකයි.

    ඔවුන්ගේ පෙනීසිටීම මොහු අධිකරණයට නොයවා ඔහුට උගන්වා කිරීමට අවස්තවක් දෙන ලෙසයි. එවිට, හැක්-කිරීමේ හැකියාව තිබුනද රටේ නීතියට බියෙන් හැක්-කිරීමෙන් වැළකී සිටින අවුරුදු 14, 15, 16,17 වයසේ හැකරුන් සියල්ලම මෙලෙසින් හැක් කිරීමට පටන් ගතහොත් රටට වන්නේ කුමක්දැයි ඔවුනට අවබෝධයක් නැත.

    අනෙක, ජනපතිගේ වෙබ් අඩවිය හැක් කර තර්ජනය කල කොලුවා නීතියට ගෙන නොගොස් උගන්වා දක්ෂ කමෙන් වැඩගන්න යයි; ජනපතිට කියනා මේ උගත් මිනිසුන් තමුන්ගේ බැංකු ගිණුම් හෝ ක්‍රෙඩිට් කාර්ඩ් හැක් කරන කොලුවන්වත් නීතියට ගෙන නොගොස් උගන්වා දක්ෂ කමෙන් වැඩගන්න යයි කියාවිද ? මේ කියනා කිසිවෙකුගේ පවුලේ කාන්තාවකගේ පින්තුරයක් මූට්ටු කර අසභ්‍ය පින්තූර සෑදුවහොත් ඒ කොලුවා නීතියට ගෙන නොගොස් ග්‍රැෆික් උගන්වා වැඩගන්න කියන්නේ කවුද ? තමුන්ගේ ආයතනයේ වෙබ් අඩවියට තමුන්ගේ බැංකු ගිණුමට තමුන්ගේ ෆේස්බුක් ගිණුමට මෙවැනි කොලුවෙකුගෙන් සයිබර් ප්‍රහාරයක් එල්ල වූ විට මේ කොලුවා වෙනුවෙන් බොරුවට නහයෙන් අඬනා ගැහැනුන් මිනිසුන් මෙවැනි බොරු අනුකම්පාවක් පෙන්වාවිද ? මේ සියලු බොරු අනුකම්පා මේ හැක්-කර ඇත්තේ පුද්ගලික නොවෙන රජයට අයත් වෙබ් අඩවියක් නිසා බව පෙනේ.

    මේ පෙනෙන්නේ මේ රාජ්‍යය තමුන්ගේ නොවේ යයි ද සිතනා මිනිසුන්ගේ ඇති දුෂ්ඨ ආකල්පය බවද මට සිතේ.

    ReplyDelete
    Replies
    1. කෙන්ක්‍යුෂා:
      ඉතාම අගනා අදහස් දැක්වීමක්. සියල්ලටම එකඟයි.

      Delete
  11. මේක වරදක් නිසා ඔහුට යම් දඬුවමක් දෙන්න ඕන මම හිතන්නේ, හැබැයි ඒ දෙන දඬුවම ඔහුගේ මුළු ජීවිතයම විනාශ කරන දෙයක් නොවිය යුතුයි. ඔය ගැන මෙන්න මෙතනත් කියලා තියනවා, භාෂාවනම් ටිකක් සැර වැඩියි මේ ලින්ක් එකෙන් කියවලා බලන්න.(මම ලියපු එකක් නෙමෙයි)http://www.elakiri.com/forum/showthread.php?t=1759460

    ReplyDelete
    Replies
    1. සයිබර් වරිගෙ උණ්ඩියාගෙ සටහනක්.එකඟයි.

      Delete
  12. අවවාද කර සමාව දෙනවා මිසක් විභාග නොකර සිටීම​,රටේ ස්ව්‍ය්‍රී නීතියට කරන විහිළුවක්, නීතිමය කටයුතු නියමානුකූල අවසන් වුනායි පස්සේ, හැකියාව වෙනස් දෙසකට යොමු කරන අටියෙන් පිටට තට්ටු කර දිරි දීමක් කිරීමේ වරදක් නෑ. සුළු වරද කරුවන් දාමරිකයන් කරන එක නෙවෙයි, වග කිව යුත්තන්ගේ යුතුකම​, වරදේ බැඳෙන තරුණයින් කෙසේ හෝ හරි මගට යොමු කරන එකයි ඔවුන්ගේ යුතුකම​.

    අනික, ජනාදිපති තුමාගේ වෙබ් අඩවිය හැක් කල නිසාම ආදාල වූ විභාගය තදින් ක්‍රියාත්මක වෙනවා නම්, එයත් රටේ ස්ව්‍ය්‍රී නීතියට කරන විහිළුවකි. රටේ අන්තීම​ දිළින්දාගේ වෙබ් අඩවිය හැක් කර තිබුනත් නීතිය වෙනසක් නොවී කෙරෙනවා නම්.....අන්න එතනයි ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ....

    රටට ජය​

    ReplyDelete
    Replies
    1. නිවැරදියි. මාත් අකමැතියි එක එක අයට එක එක නීති තියනවට. වෙබ් එකක් හැක් කරල තියනව. දඬුවම් ඕන. වැඩේ කරල තියෙන්නෙ අඩු වයස්කාරයෙක් බව විතරක් සලකන්න පුළුවන්

      Delete
  13. වයස 18 අඩු නිසා අවම දඬුවමක් (such as good behavior bond) දීම යි සුදුසු.

    ReplyDelete
  14. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  15. අදාල දඬුවම දිය යුතුයි. කොහොම වුනත්, මෙතනදි සිද්ධ වුනා වගේ නීතියට පිටින් යන පුද්ගලයන්ව සාමාන්‍යය සමාජය වීරයන් බවට පත් කර ගත්තේ අද ඊයෙක ඉඳල නෙමේ. (ඇමරිකාවේ එක් දහස් නවසිය මුල් ගණන් වල මේ ප්‍රවනතාව තිබ්බා. බැංකු මංකොල්ල කාරයෙක් වූ ජෝන් ඩිලිංජර් ගේ කතාව අනුව නිපදවූ Public Enemies චිත්‍රපටය බලන්න)

    ReplyDelete
    Replies
    1. නීති කඩන්නන් වීරය වෙනවටත් වැඩිය මෙතන කියවුනේ "මේ හැක් කිරීම මහා ලොකු වැඩක්ය" කියන එක

      Delete
  16. මෙතන උෟ වීරයෙක් වෙලා තියෙන්නෙ වෙන මොකක්වත් හින්ද නෙවෙයි... රටේ මිනිස්සුන්ට ඒ තරමටම මේ පාලකයන්ව එපා වෙලා හින්ද.. නීතිය විහිළුවක් වෙලා තියෙන හින්ද.... හැක් කරපු එක වරදක් විදියට වඩා ඒකත් මහ විහිළුවක් වගේ පේන හින්ද... (මට නං සිරාවට පොඩි එකා වීරයෙක්... උගේ මැසේජ් එක හින්දම..) පොඩි එකාගෙ නම මේ පොල් බූරු මාධ්‍යට දීලා උගේ ජීවිතේ විනාස කරන්නෙ නැතුව යම් දඬුවමක් දුන්නට කමක් නෑ.. හැබැයි වරදේ තරමට විතරයි...

    ReplyDelete
    Replies
    1. එහෙමත් පැත්තක් තියනව.

      Delete
    2. කෞශි කොහොමත් මේ පාලකයන්ට කැමති නැති එකේ මොනවා කරනනද? හේ හේ

      Delete
  17. මේ පොඩි එකා මහා වීරයෙක් කරන්න දඟලන උන් වගේම ඌ මහා ත්‍රස්තවාදියකු මෙන් සලකා උපරිම දඬුවම් නියම කරන ලෙස ඉල්ලන උන් ද කරන්නේ overreacting ය.

    මෙහෙම පොඩි උන් සාමාන්‍යයෙන් කරන්නේ මහා ලොකු දැනුමක් අවශ්‍ය හැකින් වැඩ නොවේ. වෙබ් සර්වරයක ප්‍රසිද්දව පබ්ලිෂ් වී ඇති මොකක් හෝ අඩු පාඩුවක් අනුව, එහි පාලනය ග්‍රහණය කර ගත හැකි අන්දමට වෙන කවුරුන් හෝ පබ්ලිෂ් කර ඇති වට්ටෝරුවක් ක්‍රමානුකූලව අනුගමනය කිරීමයි. එහෙම උන්ට ඇතැමුන් Hacker වෙනුවට Script Kiddie යන නම ප්‍රිය කරති.

    කොහොම උනත් පොඩි උන් බොහෝ විට මෙහෙම වැඩ කරන්නේ ලපටි චූන් ගෙන යාළුවන්ට පොර වීමට මිස ලොකු malicious gain එකක් බලාගෙන නොවේ. මේ පොඩි එකා සයිට් එකේ පේජ් එකට කල දෙයින්ද ඒ බව පෙනේ. අනික් අතට පොඩි උන් කුඩු ගහන කාලයක අඩු ගන්නේ ඉංගිරිසියෙන් ඩොකියුමන්ට් එකක් කියවා ගැනීමට තරම් විනයක් පෙන්නූ එකෙකුට ඒකට හෝ සැලකීමේ වරදක් නැත. නොමග නොගියොත් හැදෙන්නට ඉඩ ඇති එකෙක් ලෙස සලකා ඔය community service වැනි සුළු දඬුවමක් දී, ඌ මහා පොරක් නොවන බව අවබෝධ කර දී, ගෙදර යැවීම සුදුසු යයි සිතමි.

    අනෙක් අතට ආණ්ඩුවේ ආයතන වල සර්වර්ස් බලා කියා ගන්නට ඉන්නේ මහා පතන්ගර අයි ටී විශාරදයන් විය නොහැක. එච්චර පුළුවන් නම් පුද්ගලික අංශයේ මෙච්චර නෙට්වර්කින් වැඩ ඇති කාලයක හිඟන පඩියට ආණ්ඩුවේ අයි ටී ජොබ් එකක වැඩට යාවි ද? ඉතින් ඒ අහිංසකයන් දඬු කඳේ ගැසීමෙන්ද ලොකු පලක් වෙතයි නොසිතමි. ඔයිට වඩා වැඩ දන්නා එකෙක් සිරිසේන ගේ කාටත් වැඩක් නැති අට මගලය පරෙස්සම් කිරීමට යොදවනවාට වඩා එහෙම එකෙකුට ගෙවන පඩියෙන් වෙන ඕනා තරම් වැඩ කල හැක.

    ReplyDelete
    Replies
    1. @ ප්‍රොෆයිල් ඇනෝ
      ඔයා overreacting, malicious gain, community service යන ඉංග්‍රීසි වචන ටිකක්‍ෙ ඔය මැද්දට දාලා තියෙන්ලනෙ ඇයි? ඒ වචනවලින් හැඟවෙන අර්ථයට සමාන සිංහල වචන නැද්ද, එහෙම නැත්තං ඔයා දන්නැද්ද?. ඔයා පැරාගේ බ්ලොග් එකෙත් මේ විදියටම තැනින් තැන ඉංග්‍රීසි වචන දාලා අදහස් ප්‍රකාශ කරනවා දැකලා තියන නිසයි ඇහුවේ.

      ඔබගේ අදහස සමග එකඟයි.

      Delete
  18. ලංකාවේ වෙබ් සයිට් බොහොමයක් ඉතාමත් අඩු ආරාක්ෂාකාරී ක්‍රියා අනුගමනය කරන නිසා, හැක් කිරීම මහ ලොකු කජ්ජක් නොවේ. හරියට හැක් කළා නම් තමන්ගෙ IP Address එකෙන් අහුවෙන විධියට හැක් කරන්නෙ නැත. මෙය හරියට අඳුරු, පාළු නගරයක, කුඩා ඉබ්බෙක් දමා වසා ගිය කඩයක් කඩනවා හා සමාන ඉතා සුළු දෙයකි. නමුත්, ඉතාමත් ජනාකීර්ණ, දැඩි ආරක්ෂා සහිත අවි ගත් සික්කන්ගෙන් සමන්විත, පැය 24ම සීසී ටීවී සහිත, දැඩි යකඩ ගේට්ටු හා නවීන ඉබ්බන්ගෙන් සමන්විත ස්ථානයක් කඩා නිරුපද්‍රිතව පලා යයි නම්, ඔහු ඇත්තෙන්ම වැඩ්ඩෙකි. මෙවැනි ආරාක්ෂාකාරී වෙබ් අඩවි ලොව කොතෙකුත් ඇත. හැකර්ලාද මිතුරු සහ සතුරු වශයෙන් දෙවර්ගයක් ඇත. මෙවැනි ආරක්ෂාකාරී වෙබ් සයිටයක් කෙතරම් ආරක්ෂකාරීද යන්න මනිනුයේද මෙවනි මිතුරු හැකර්ලා මගින් හැක් කිරීමට සැලැස්වීමෙනි. ලංකාවේදී පරිගනකයකට software දමා computer set-up කරන්නාත් පරිගනක ඉන්ජිනේරුවෙක් වෙන විට, මෙම හැකර් ළමයා අයින්ස්ටයින් කෙනෙක් කිරීම බුද්ධිය පිළිබඳ ගැටළුවකි. සමහරු කියන ආකාරයට මොහු ඇමරිකාවේ ඉපදුනානම් බිල් ගේට්ස් ජොබක් දීම කෙසේ වෙතත් මොහු නතර වන්නේ කවුන්සලින් හෝ ළමා රැඳවුම් මධ්‍යස්ථානයකය.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. ඔහු වැඩ්ඩෙක් නොවෙන්න පුළුවන්. ඒ වුනත් කල වැඩේ වැරදි බව ඒත්තුගන්වන්න සලස්වල අධ්‍යාපනයට බාධා ඇති නොවන අාකාරයේ දඬුවමක් ප්‍රමාණවත්.

      Delete
    4. රොබට් කියනන් වගේ හැක් කළා නම් අයිපී එක තියල ගියේ ඇයි කියන ප්‍රශ්නේ මටත් ආවා. හැබැයි පොලිසියෙන් ප්‍රොක්සිය හොයාගෙන තිබුන.

      Delete
  19. වරද හා එහි භයානක කම පිළිබඳ සමාජ කතිකාවක් ඇති කිරීමට මෙම සිද්ධිය උපරිමයෙන් යොදාගත හැක.
    ළමයාට සමාජසේවය,'අත්හිටවූ දඬුවම්',කවුන්සිලින් ලබාදී නිර්මාණශීලී දඬුවමක් ලබාදිය හැක.(ඔහුගේ අන්තර්ජාල භාවිතය සීමිත කාලසීමාවක් සඳහා අනිවාර්ය නියාමනයකට යටත් කිරීම වැනි.{ඌරගෙ මාළු උගේ පිටේ තියා කැපිය යුතුය})
    දැන්වත් ශක්තිමත් සයිබර් ආරක්ශන වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීම කල යුතුය.
    ළමයාගේ ක්‍රියාව හරහා ලබාදුන් පණිවුඩයට අදාල බර තැබීම වගකිවයුත්තන් අනිවාර්යෙන් සිදුකල යුතුය. නැටහොත් හදිස්සියට ක්‍රඩිට් කාඩ් එකක් වත් එලියට අදිනවා බොරු ය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මගේ අදහස නං කොල්ලට ඇප දීල ගෙදර යැව්වත් ඇති. මොකද මේ වෙනකොටත් ඌට ලෙල්ලම් වෙලානෙ තියෙන්නෙ.

      Delete
  20. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. මොකද බොල මේ. ඇඩ්ඩිය හැක් වෙලාද? හැක්..

      Delete
  21. //අප හඬනැඟිය යුත්තේ මෙම හැකර් දරුවාට වියහැකි හානියෙන් ඔහු මුදවාගැනීමත් වැරදි කරන ළමුන් ඉන් මුදාගැනීමේ ක්‍රියාදාමයේදී ඔවුන් අනාගත අපරාධකරුවන් වීම වැලැක්වීමත් විනා හැක්කරන්නන් උත්කර්ශයට නංවා ‍ධෛර්යමත් කර තව තවත් හැකර්ලා බිහිකිරීමට පාර කැපීම නොවේ.//

    අනුමත කරමි. දක්ෂ පාසල් සිසුවෙක් නිසා යහමගට ගැනීමයි වැදගත්.

    ReplyDelete
  22. ලංකාවේ වැඩි දෙනෙකුට අයි.ටී. දැනුම නැති නිසා මෙවැනි සිද්ධි වීර ක්‍රියා බවට පත්වේ. කෙසේ නමුත් මිනී මැරුමක් වැනි බරපතල අපරාධයක් නොවන නිසාත්, තවමත් පොඩි එකෙකු නිසාත් දැඩ් දඩුවමක් නොදී මේකාව හැදෙන ආකාරයේ දඩුවමක් දීම වටී.

    ReplyDelete
  23. ජන මතයට කොන්දක් ස්තිරසාරභාවයක් නෑ බං. එහෙම තියෙනවනම් අපි මේ තත්වෙට වැටෙන්නෙ නෑ. ඒක ලාංකික දෙයක් නෙවෙයි. ලෝකෙම එහෙම තමයි.

    මාක් ඇන්ටනිගෙ කතාව ඒකට හොඳම උදාහරණයක්

    ReplyDelete
  24. හැකරෙක් යනු නීති විරෝධී ක්‍රියාවක නිරත වන්නෙකි- අපට පරම්පරාවකට කලින් අපේ වැඩිහිටියෝ සේපාල ඒකනායකව සිංහයෙක් කිරීමේ පාපයට සමාන දෙයක් අපද කළ යුතු නොවේ - ඉදින් නීති විරෝධි ක්‍රියාවක නිරත වූ තැනැත්තා දඩුවම් ලැබිය යුතුමය - අඩුම වශයෙන් අනාගත කල්ක්‍රියාව හෝ යහපත් වී තම හැකියාවන් යහපතට යොදවනු ඇත

    ReplyDelete
    Replies
    1. එකඟයි
      මේ ලක්ෂාන් වික්‍රම ද?

      Delete
    2. දැනගෙන හිටියෙ නෑ. බන්ඩලාගෙ හාව එාක් ලියයි කියල හිතං හිටියෙ. :-)

      Delete
    3. ඒ බ්ලොග් එකේ නම වෙනස් කළා රාජ් - වඩාත් හරවත් නමක් හොඳයි කියල හිතුනා - එනිවේ පුලුවන් වෙලාවක ගොඩ වැදිලම බලන්න

      Delete
  25. මේකටත් කැකිල්ලෙ තීන්දුවක් එයිද කියලයි බලා ඉන්නෙ.
    කොහොම වුණත් සයිබර් ප්‍රහාර මෙන්ම අන්තර්ජාලයේ හොරුන්ට දෙන දඬුවම් ගැන ජනතාව මීට වඩා දැනුම්වත් කළ යුතුයි නේද ?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම. තව අවුරුදු දහයක් යද්දි තත්වය?

      Delete
  26. මේ වගේ රටවල ඩිෆෙන්ස් වෙබ්සයිට් හැක් කරන අයට දැඩි දඬුවම් දෙනවා මම හිතන්නේ. ආරක්ෂාව ගැන සලකල . බෑන්ක් එහෙම හැක කරන අය හුඟක් වෙලාවට ඒවා මගින්ම රස්ස්වට ගන්නවා.

    ReplyDelete