Wednesday, September 21, 2016

අඬුව තියෙද්දී අත පුච්චා ගැනීම හෙවත් බයියන්ගේ දිව්‍යලෝක සංචාරය.


මධුවිතක් එහෙම අරගෙන දවල්ටත් කාල දිව්‍යාංගනාවන් හතර පස් දෙනෙක් එකතු කරගෙන පොඩි ඇලර්ට් එකක් දාන්න හැදුව විතරයි ශක්‍රය‍ට රිසෙප්ශන් එකෙන් කෝල් එකක්.

"සර්, ලංකාවෙ හාදයො කිහිප දෙනෙක් ඇවිල්ල ඉන්නව ඔබතුමා හම්බවෙන්න...." එහා පැත්තෙන් ඇහුන.

"මොකද්ද කාරණාව? ආයෙත් කලිං එක්කෙනා ඉල්ලනවද?"

"ඒ වගේ තමයි,... සර්ම කතාකරල බලන්නකො......[හරි හරි ලොක්ක අවසර දුන්න, තමුසෙල යනවකො ඇතුලට]"

"අවසර දෙන්නත් කලිං මූ එවන හැටි!" ශක්‍රයට කියවුනා.

"සෑර් අපි එන්නං ඇතුලට?" දිව්‍යාංගනාවො, එහෙමෙහෙ වෙච්ච ඇඳුං ආයිත්තං හදාගන්නත් කලිං ආපු සෙට්එක කාමරේට කඩා වැදුන.

"හරි, තමුන්ලා මොකටද ආවෙ?" ශක්‍රය කෙලිංම කාරණේට බැස්ස.

"සෑර්, අපිට ඕන ඒකාධිපතියෙක්!" ආපු එකෙක් කිව්ව.

"ඒ මොකටද?" උඹලට ඉන්න එවුන් මදිද?

"නෑ සර්, රජෙක් වගේ පාලකයෙක් අපට ඕන"

"ඒ මොකටද?"

"දැං බලන්න අපේ රටේ...., නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ, රජෙක් වගේ ඒකාධිපතියෙක් හිටිය නං අපට කෙලිම්ම ගිහිල්ල පැමිණිලි කරන්න පුළුවන්නෙ"

"තව?"

"අපේ ළමේකුට රස්සාවක් ගන්න ඕනවුනා.... සාධාරණේට වැඩ සිද්ධවෙනවද? නෑනෙ!"

"ආණ්ඩුවෙ කාර්යාලෙකින් වැඩක් කරගන්න බෑ, ඒකාධිපතියෙක් තමයි අපට ඕන"

"හොරකම්, වංචා, දූෂණ සිද්ධවෙනව, රජකාලෙ නං එහෙම වුනේ නෑ"

"ඉතිං...?"

"මනුස්සයෙකුට සාධාරණය ඉෂ්ට කරගන්න පුළුවන්ද?"

"සාධාරණව ඡන්දයක් තියන්නෙ නෑ!"

"ඕව තමයි ඉතිං..... ඇයි ඔබතුමා මේ අසාධාරණ දැක දැක නිස්සද්දව ඉන්නෙ?"

"මෝඩයිනේ..... උඹල දන්නෙ නැතුවට ඒකාධිපතියෙකු ඇවිල්ල කරන්න ඕන දේවල් කරන්න දැනුත් පුළුවන්"

"ඒ කොහොමද?"

"උඹලගෙ නඩු සාධාරණව අහන්න තමයි අධිකරණ කොමිසම දුන්නෙ, සාධාරණව නීතිය ක්‍රියාත්මක කරන්න තමයි පොලිස් කොමිසමක් තියෙන්නෙ, රාජ්‍ය සේවා කොමිසම තියෙන්නෙ උඹලගෙ රාජකාරිවලට මැදිහත් වෙන්න, සාධාරණ ඡන්දයක් තියන්න තමයි මැතිවරණ කොමිෂන්එක තියෙන්නෙ, හරියට හොරු අල්ලන්න තමයි අල්ලස් දූෂණ කොමිසම තියෙන්නෙ....... මේවගේ තියන කොමිෂන් සභා ටික ශක්තිමත් කරන්න කියල උඹලගෙ පාලකයන්ට කියපල්ල.... උඹල දැං කරන්නෙ මිනිහෙක් පාරෙ කුණු දාල ගියත් ඒක නවත්තන්න ඒකාධිපතියෙක් හොයන එකනෙ...."

මිනිස්සු ටික යන්න ගියා. හැබැයි මොනව කරයිද දන්නෙ නෑ.

**********************************************************

කටු සටහන්
බලපං දැං කොළඹ හැටි? අහවල් මහත්තය ඉන්න කාලෙ පිරිසිදුවට තිබුනනෙ...
එක එකා කියන විදියට නැවෙන්නෙ නැති කෙලිං මිනිහෙක් හිටිය නං හරි...
බලපං.... අහවල් මහත්තය එක කෝල් එකයි දුන්නෙ වැඩේ කෙරුන..
වැඩේ හරිගියේ නෑ, අරුං ලොක්කට පගාව දීල, මුන්ට හෙන ගහනව....
රට හදන්න නං අහවල් මහත්තය එන්නෝන... නැත්තං මුං හදන්න බෑ...


(බයියා, පුළුල් අර්ථයෙනි. මහින්දගේ අය නොවේ)

40 comments:

  1. ලංකාවට ප්‍රජාචන්චවාදය ගැලපෙනවද කියල සැකයි..

    වෙනද වගේ ලස්සන නැහැ බං.. අන්තිම හරියේදි ඇස් උඩ යන්න ඕන.. හැක්.. ජය

    ReplyDelete
    Replies
    1. වෙනද වගේ ලස්සන නැහැ බං.. X 2

      Delete
  2. පවු අහිංසක සක්කරය.

    ReplyDelete
  3. අපේ බහුතරයට ඕන කාගේ ලග හරි දණින් වැටිලා ඉන්න.එකනේ තවමත් රජවරු හොයන්නේ.

    ReplyDelete
  4. සක්කරයා මුණ ගැහෙන්න ගිය ගමනක් ගැන කවි කොලයක් සිහි වුණා.

    ReplyDelete
  5. අවුරුදු දෙකක් ගිහිල්ලත් සමහර මරාවාදීන් තාමත් විඳවන හැටි දැක්කාම දුක හිතෙන්නේ නැද්ද රාජ්?

    අංකල්ලා විතරක් නොවෙයි ඇන්ටිලාත්.

    ReplyDelete
    Replies
    1. අනේ රසික මෙතැනත් ඇවිල්ලා ගොන් කතා නොකිය යන්න.

      Delete
    2. ඇනෝ-
      ඇත්තමට මට මේ ප්‍රශ්නය අහන්න අවශ්‍යම නෑ, නමුත් ඔහේට මොකක්ද මා එක්ක තියෙන අවුල?

      මගේ දේශපාලන අදහස්, වෙනත් කරුණු ගැණ මගේ අදහස් සමග තියෙන විරසකයක් ද?

      නැත්තම්, පරණ තරහක් ද?

      Delete
  6. //"උඹලගෙ නඩු සාධාරණව අහන්න තමයි මැතිවරණ කොමිසම දුන්නෙ//

    මිනිස්සුන්ට උදේට කරස් ගාල හැපෙන පාන් දෙන්න විගණක කොමිසමත් ලඟදීම එනවා.

    ReplyDelete
  7. Replies
    1. ඔය කතන්දර දෙකම මතකයි. මට තියන අවුල, උග්‍ර මහින්දවාදීන් (බයියන්) නොවන, සාමාන්‍යයෙන් හොඳ දැක්මක් තියනව කියල අපි හිතන උදවිය පවා "අපට හරියන්නෙ ඒකාධිපතියෙක්" වගේ අදහස් විටින් විට ප්‍රකාශ කිරීම.

      Delete
  8. පොලිස් කොමිසමක් දුන්නා... ඒකේ ලොක්ක දිගම්බරම් කියලා එකෙක්...

    ReplyDelete
  9. තමන්ගේ ගෑනිව දුවව අන්තඃපුරේට කුදලන් ගියත් රජා ඉස්සරහා පස්වාන් දහසකට බුදුවන්ට බලුගැත්තාට සමව බය බෝයි හන්දුන්න්නේ කියලා වැඳ වැටුනු පරපුරේ ජාන තාම තියනෝ බන්

    ReplyDelete
  10. හැක්. පොලොස්පෙති.... හුටා..... පොලිස්පති තුමෝ, මෙන්න මේ රාජ් කියන එකා කුමන්ත්‍රණ කාරයෙක්. ඔන්න මම ඔබතුමාගේ අර මොබයිල් නොම්මරෙට කතාකොරලා විස්තරේ කියන්නං. ඇවිත් මේකව කුදලාගෙන යන්ඩ හොඳේ.

    ReplyDelete
  11. ඒකාධිපතියෙක් ඕන කියන්න වගේ සරල මතිකයෝ කවදත් හිටියා. උන් දේශපාලනයක් තීරණේ කලේ නැහැ එහෙම්මම. තව ඉන්නවා සාමාන්‍යයෙන් රටට වැනෙන්නේ නැති strong leadership එකක් ඕනේ කියන උන්. ඒක ලංකාවේ නෙවෙයි ඕනෙම රටක විකිනෙන කන්සෙප්ට් එකක්. මම හිතන්නේ ලංකාවේ ඒකාධිපතියෙක් කියල සරලව ප්‍රකාශ වෙන්නේ ඔය අදහසත් එක්ක. නිකන් අර sex සර්ච් කරලා ලෝකෙන්ම පළවෙනියා වෙනවා වගේ. ඉතින් ඕකට එක වචනයක් අල්ලන් ගහල වැඩක් නැහැ.

    ඔය අල්ලස් කොමිසම ම තමයි දහ පාරක් ද කොහෙද රාජිත ට එන්න කියල නොගියාම මොකුත් උනේ නැහැ වගේ චූන් එකේ ඉන්නේ. ඔය රනිල් ම තමයි කොමිසමෙන් මොකද එහෙම වෙන්නේ කියල අහන්නේ නැතුව, දිල්රුක්ෂි වික්‍රමසිංහ ගේ පඩි තව වැඩි කරන්න පාර්ලිමේන්තුවේ සම්මත කරන්නේ. ඔය ඔක්කොම කොමිසම් තියෙද්දී තමයි බැඳුම්කර වංචාවටත් වඩා පාඩුයි කියන කෘෂිකර්ම අමාත්යංස ගනු දෙනුව උනේ. ඒකාධිපති කෙනෙක් හිටියා නම් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ (එතනට එකඟයි) වගේම කොමිසම් වලින් අමුතු මැජික් එකක් වෙන්නෙත් නැහැ.

    ආතල් එක තියෙන්නේ බය්යෝ ආයේ මරා ආපහු ගෙන්න අවුරුදු දෙකක් වැඩ කරද්දී ටොයි ඇන්ටිලා අන්කල් ලා රාජිතලා ගේ දුමින්දලාගේ මේ මහා දවල් තක්කඩි කම් ගැන කතා නොකර වීරවංසගේ ගෑනිගේ පාස්පෝට් එකයි ගම්මන්පිල කැම්පේන් එකට පබ්ලික් සල්ලි ඉල්ලපු එකයි ගැන අවුරුදු දෙකක්ම අඬන එක. කොමිසම් වෙනුවෙන්, පාර්ලිමේන්තුවේ ආධිපත්‍යය වෙනුවෙන්, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ලොකුවටම කතා කරන රනිල් ඇත්ත භාවිතයේදී වැඩ කරන්නේ තක්කඩියෙක් වගේ. මහේන්ද්‍රන් පරෙස්සම් කරා, ප්‍රොසෙස් එකක් තියෙද්දී අග විනිසුරා තමන්ගේ හෙන්චය්යෝ ටිකක් දාල තගරියෙන් එලෙව්වා, පාර්ලිමේන්තුවේදී වැලිඩ් ප්‍රශ්න වලට උත්තර ඇහුවම මට කැස්ස කියල, පිනට මන්ත්‍රී කමක් දීපු ෆොන්සේකාව උසි ගන්නනවා මර්වින් ස්ටයිල් එකට. ඔක්කොම නඩු අරන් යන කඩුවෙල ජජ් ගේ ෆේස්බුක් එකේ ෆෙවරිට් පොලිටිෂන් ලා කියල රනිලුයි JC අලවතුවලයි ඉන්නවලු!

    ඉතින් ඔය "කොමිසම් තියෙනවා නේ, ඒවා ශක්තිමත් කරාම හරි" කියන එකත් ඒකාධිපති කතාව වගේම නිකන් ජෝක් එකක් විතරයි. එහෙම ඒවා ටෝය්යන්ට ඕනෙත් නැහැ. ටෝය්යන්ට ඕනෙත් හොඳින් හරි නරකින් හරි කමක් නෑ තමන් අකමැති උන් ටිකට බඩු දෙන්න.

    දැන් අගවිනිසුරා එලවපු වෙලාවේ පැරා (දෙකක් දාගෙනද කොහෙද චූන් එකට) කිව්වා නේ, "මේක තමයි ඔයි දේශපාලනේ, ගිහින් චූ කරලා බුදිය ගන්නවා" කියල. අන්න ඒ පෙනුනේ මේ රටේ ඔය කොමිසම් දාල සිස්ටම් එක හදමු කියන උන්ගේ ඇත්ත ෆේස් එක.

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය දේශපාලකයන් ගැන නොව ඔවුන්ගේ අනුගාමිකයන් ගැනයි. ජනවාරි 8 වෙනසට සාමාන්‍ය ඡන්ද දායකයෙක්ට එහා දායක වෙච්ච කීප දෙනෙක් මම දන්නවා. ඒ කිසි කෙනෙක් බැඳුම්කර ප්‍රශ්ණය සහ මහ බැංකු අධිපතිගේ ප්‍රශ්ණය සඳහා රනිල් ගේ ක්‍රියා කලාපය, දුමින්ද ගේ කුලියට ගොඩනැඟිලි ගැනීම, සිරිසේන කෙනෙක් ශ්‍රී ලංකා ටෙලිකොම් සහාපති වීම, ආදී මෙම ආණ්ඩුවේ වැරදි ගැන සතුටක් නැහැ. ඒවිතරක් නෙවෙයි ඒවා එලිපිටම ඒ අදාල අයට කියනවා.

      අගවිනිසුරු වෙනස් කිරීමට ගත්ත ක්‍රියාවලිය නීති විරෝධී නැහැ. අනික් ක්‍රියාවලියට යන කාලය සමඟ සලකා බලන කල සහ හිටපු අගවිනිසුරු ගේ පක්ෂපාතීත්වය (ඡන්දය දා රෑ අරලියගහ මැදුරේ සිද්ධිය ) සහ දින 100 තුල සිදුකිරීමට නියමිත වූ ව්‍යවස්ථා වෙනස්කම් කිරීමට ඇති අවශ්‍යතාවය සලකා බලා එලිපිට එතරම් හොඳ නොවුණත් නීති විරෝධී නොවන ක්‍රියාමාර්ගයක් හරහා අගවිනිසුරු වෙනස් කිරීමට නම් මම කියන කට්ටිය විරුද්ධ නැහැ.

      Delete
    2. ඉයන්,

      මොහාන් විතරක් නෙවෙයි ශිරානිත් පක්ෂපාති, අග විනිසුරු කමට සුදුසු නැහැ. නාමල් දිවුරුම් දුන්නු දවසේ එකට ෆොටෝ ගත්තු ගෑණි නේ. මම දන්නවා රනිල් හිටියෙත් ඒ මතේ, එකයි ශිරාණි ආපු ගමන් ගෙදර ගියේ කියල. නමුත් නීති කියන්නේ ටෙක්නිකල් පොයින්ට්. මොහාන් රටේ නීත්‍යානුකූල අග විනිසුරු නොවෙයි කියන එක ඉන්ටර්ප්රිට් කරේ කවුද? රනිල් ද? මෛත්‍රී ද? (පස්සේ රනිල් ගෙන් ලොකු පොස්ට් එකක් හම්බ උණු) බාර් ඇසෝසියේෂන් එකේ ලොක්ක ද? ඒ තුන් දෙනාට ඕක ඉන්ටප්රිට් කරන්න ව්‍යවස්ථාවෙන් ලැබිල තියෙන බලතල පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද?


      මේ ලිපිය චාන්ද දායකයෝ ගැන හින්ද තමයි මචන් අන්තිම ටික පැරා ගැන ලිව්වේ. පැරා උඹ ඉන්න තැන වත් හිටිය නම් කමක් නැහැ, කෙලින්ම කිව්වේ "මේක තමයි බබාලා දේශපාලනේ කියන්නේ" කියල.

      Delete
    3. ඉන්ටප්රිට් කරන්න ඕන විදියකට පුළුවන්. තීරණය තියෙන්නේ ජනාධිපති අතේනේ. ඔය ව්‍යස්ථාවේ තියෙන ප්‍රතිපාදන තියෙන්නේ පත් කරපු අගවිනිසුරුවරයෙක් අයින් කරන්න . පත් නොකරපු කෙනෙක් අයින් කරන්න ඔය කොයි විදියත් හරි. ඒක හරිද වැරදිද තීරණය කරන්න ඕනේ ජනතාව ඊළඟ චන්දෙන්.

      Delete
    4. ඕනෙනම් ඒකාබද්ද විපක්ෂෙට පුළුවන් මොහාන් පීරිස්ට සාධාරණේ ඉටු කරනවා කියල මැතිවරණ ප්‍රකෂනේටත් දාන්න. ගියපාර හංසයාගේ ප්‍රකාෂනෙට ශිරානිගේ ප්‍රශ්නේ දැම්ම වගේ. හැබැයි ඉතින් චන්දේ හම්බවෙයිද කියන එක වෙනම කාරණයක්. මේ ප්‍රශ්නෙදී පැරා කියපු එක හරියට හරි. දේශපාලනේ කියන්නේ ඒකට තමයි. නීතියෙන් විසඳන්න බැරි ප්‍රශ්න අවසානයේ විසඳන්න වෙන්නේ දේශපාලනෙන් තමයි. ඒකට ප්‍රබල විරෝධයක් ගොඩනගන්න තවමත් ඒකාබද්දෙට නොහැකි වෙලා තියෙනවා කියන්නේ ජනතාව ඒ දේශපාලනේ අනුමත කළා කියන එකනේ. එකෙකුටවත් මතක නැහැ දැන් මොහාන් පීරිස් කියල හොරෙක් ඔය පුටුවේ හිටිය කියලවත්.

      Delete
  12. ඕනෙනම් ඒකාබද්ද විපක්ෂෙට පුළුවන් මොහාන් පීරිස්ට සාධාරණේ ඉටු කරනවා කියල මැතිවරණ ප්‍රකෂනේටත් දාන්න. ගියපාර හංසයාගේ ප්‍රකාෂනෙට ශිරානිගේ ප්‍රශ්නේ දැම්ම වගේ. හැබැයි ඉතින් චන්දේ හම්බවෙයිද කියන එක වෙනම කාරණයක්. මේ ප්‍රශ්නෙදී පැරා කියපු එක හරියට හරි. දේශපාලනේ කියන්නේ ඒකට තමයි. නීතියෙන් විසඳන්න බැරි ප්‍රශ්න අවසානයේ විසඳන්න වෙන්නේ දේශපාලනෙන් තමයි. ඒකට ප්‍රබල විරෝධයක් ගොඩනගන්න තවමත් ඒකාබද්දෙට නොහැකි වෙලා තියෙනවා කියන්නේ ජනතාව ඒ දේශපාලනේ අනුමත කළා කියන එකනේ. එකෙකුටවත් මතක නැහැ දැන් මොහාන් පීරිස් කියල හොරෙක් ඔය පුටුවේ හිටිය කියලවත්.

    ReplyDelete
    Replies
    1. // දේශපාලනේ කියන්නේ ඒකට තමයි. නීතියෙන් විසඳන්න බැරි ප්‍රශ්න අවසානයේ විසඳන්න වෙන්නේ දේශපාලනෙන් තමයි.//

      මේක තමයි කොමිසම් ඕනේ නැහැ ඒකාධිපතියෝ ඕනේ කියන උන්ගේ පොයින්ට් එකත්!

      මොහාන් පීරිස් මතක නැහැ වගේම, ඔය ආණ්ඩුවේ හොරනෑ ටික උදේ හවස කෑ ගහන්නේ නැත්නම් මිනිස්සුන්ට ප්‍රගීත් එක්නැලිගොඩ මතකත් නැහැ. ඒකාබද්ධ විපක්ෂේ මොහාන් එලෙව්වට විරුද්ධව ලොකු සද්දයක් කරේ නැහැ නේ. බැඳුම්කර වංචාවට විරුද්ධවත් එහෙම නොකරා නම් මිනිස්සුන්ට එක මතකත් නැහැ.

      මිනිස්සුන්ට ඇඟට දැනෙන්නේ නැහැ කියන්නේ හරිද නැද්ද කියන එක නෙවෙයි. එහෙම නම් ශිරාණි එලවපු එක එහෙම ඇඟට දැනුනෙත් නැහැ කාටවත්. අන්තිම වෙන කන්ම මහින්ද චන්ද පිට චන්ද දින දිනයි හිටියේ ඔක්කොම තක්කඩි කම් කර කරත්.

      Delete
    2. // ඒක හරිද වැරදිද තීරණය කරන්න ඕනේ ජනතාව ඊළඟ චන්දෙන්.//

      එහෙනම් චන්දෙන් හරි වැරදි බලන ක්‍රමේ අනුව මහින්දට හරි ගැන්සියට හරි 2010ට කලින් කරපු දේවල් ගැන හොයන්න මේ ආණ්ඩුවට අයිතියක් නැහැ. මොකද 2010 චන්ද දෙකේ දී මිනිස්සු උඩින්ම චන්දේ දීල අනුමත කරලා ඉවරයි ඒ දේවල් OK රනිල්/ජෙප්පෝ/ෆොන්සේකා කියපුව අදාළ නැහැ කියල.

      Delete
    3. ඇනෝ ඉහත සංවාදය නැවත කියවා බලන්න. අග විනිසුරු පත්කිරීමේදී එය නිත්‍යානුකූල වීමට සිදුකල යුතු දෙයක් (උදාහරණයකට ගැසට් කිරීමක් වැනි ) නොවී තිබුණා. එම අඩුපාඩුව ප්‍රයෝජනයකට ගැනීමක් තමයි ජනාධිපති තුමා කලේ. ඔබගේ තර්කයේ වරදින තැන තමයි ඔබ කොමිසම් ගැන කියන එක. ඒක ආවේ 19 සංශෝධනයට පසුව. ඊට පෙර 18 වන සංශෝධනයෙන් 17 සහ 19 සංශෝධන වලින් කොමිසම් වලට පවරා තිබූ සහ පැවරූ බලට ජනධිපතිට පවරා තිබුණා. සිරිසේන ජනාධිපතිවරයා කලේ මෙම කාරණය සම්බන්ධයෙන් 18 වන සංශෝධනය මඟින් ඔහුට ලැබී තිබූ බලතල ප්‍රයෝජනයට ගැනීම. කොමිසම් පිහිටුවීමට පෙර තමාට තිබූ බලතලයක් පාවිච්චි කිරීම වරදක් ලෙස සැලකීම හරිද යන්න සිතා බලන්න.

      ඔබගේ අනික් තර්කය. 2010 මැතිවරණ ප්‍රකාශණයේ තිබූ දේවල් ඉටුකලා කියලා හිටපු ජනාධ්පතිවරයාට වරදක් පැටවූ අවස්ථාවක් මමනම් අසා නැහැ. 18 වන සංශෝධනය, ප්‍රතිවාදීන් සිරගත කිරීම, සහ මරා දැමීම, පෙර නොවූ විරූ ලෙස ගසා කෑම වැනි දේවල් මැතිවරණ ප්‍රකාශණයේ තිබූ දේවල් නොවේ. ඔහුගේ වැරදි ලෙස මැතිවරණ ලෙස උපුටා දැක්වූයේ මැතිවරණ ප්‍රකාශනයේ නොතිබූ දේවල්.

      එය සමඟ සසඳන කල ශිරාණී බණ්ඩාරණායක නැවත අගවිනිසුරු කරන බවට සිරිසේන ජනාධ්පතිවරයාගේ මැතිවරණ ප්‍රකාශණයේ තිබුණා. එවිට එම පත්කිරීම මහජනයාගේ අවසරයෙන් කල බවක් හැටියටත් තර්ක කල හැකියි.

      Delete
    4. සාරාංශය

      1. ශිරාණි බණ්ඩාරණායක ඉවත්කිරීම (ඊට අදාල කරගත් බොරු හේතු එනම් මුදලක් නොතිබූ බැංකු ගුණුමක් වත්කම් ප්‍රකාශයේ නොතිබීම වැනි ) පාර්ලිමේන්තුව හරහා නිත්‍යාණුකූලව කර තිබුණා.

      2. මොහාන් පීරිස් පත් කිරීමට ජනාධිපතිට සම්පූර්ණ බලය 18 වන සංශෝධනය අනුව තිබුණත් එම පත්වීම වලංගු කිරීමට කලයුතු ක්‍රියාදාමයේ යමක් නොකෙරී තිබුණා.

      3. ජනාධිපති මැතිවරණ ප්‍රකාශණයේ ශිරාණෙ බණ්ඩාරණායක නැවත පත්කරන බවට කියා තිබුණා. එම මැතිවරණ ප්‍රකාශයට අදාල මැතිවරණය සිරිසේන ජනාධිපතිවරයා ජයගත්තා.

      4. බහුතරයක් ජනතාව පිළිගත් කල මැතිවරණ පොරොන්දුවක් ඉටුකරමින්නීතිය අනුව සිදුනොවී තිබුණ පත්කිරීම ජනාධිපතිවරයා අවලංගුකලා.

      5. 18 වන සංශෝධනයේ බලතල අනුව ශිරාණි බණ්ඩාරණායකව පත්කලා. ඇය දවසකින් විශ්‍රාමගියා. එවිට එම බලතලම මත ශ්‍රීපවන් විනිසුරු තුමා පත්කලා.

      6. 19 වන සංශෝධනය ගෙන ඒමට තරමක් හෝ ස්වාධීන වූ උපරිමාධිකරණයක් තිබීම පහසුවක් වුණා.

      7. 19 වන සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයා සතොවූ බලතල බොහොමයක් ස්වාධීන කොමිසම් වලට ගියා.

      Delete
    5. //මේක තමයි කොමිසම් ඕනේ නැහැ ඒකාධිපතියෝ ඕනේ කියන උන්ගේ පොයින්ට් එකත්!

      මොහාන් පීරිස් මතක නැහැ වගේම, ඔය ආණ්ඩුවේ හොරනෑ ටික උදේ හවස කෑ ගහන්නේ නැත්නම් මිනිස්සුන්ට ප්‍රගීත් එක්නැලිගොඩ මතකත් නැහැ. ඒකාබද්ධ විපක්ෂේ මොහාන් එලෙව්වට විරුද්ධව ලොකු සද්දයක් කරේ නැහැ නේ. බැඳුම්කර වංචාවට විරුද්ධවත් එහෙම නොකරා නම් මිනිස්සුන්ට එක මතකත් නැහැ.

      මිනිස්සුන්ට ඇඟට දැනෙන්නේ නැහැ කියන්නේ හරිද නැද්ද කියන එක නෙවෙයි. එහෙම නම් ශිරාණි එලවපු එක එහෙම ඇඟට දැනුනෙත් නැහැ කාටවත්. අන්තිම වෙන කන්ම මහින්ද චන්ද පිට චන්ද දින දිනයි හිටියේ ඔක්කොම තක්කඩි කම් කර කරත්.//

      ශිරානි, ෆොන්සේකා මතක තිබුනද නැද්ද තීරණය වෙන්නේ දේශපාලන පක්ෂපාතිත්වය මත. චන්ද පිට චන්ද දින දින හිටියේ කොහෙද? පළාත් සභා චන්දද? ඒකත් එක චන්දෙ 10 පාරකට කලා තියපුවද? අනේ ඇනෝ, මිනිස්සු චන්දෙ දාන හැටි දන්නේ නැතිනම් තව ටිකක් අධ්‍යනය කරලා එන්න. ඔය සිද්දි දෙක විපක්ෂෙට කොච්චර වාසිඋනාද ජනවාරි 8 මතිවරනේදී. යුද්දයක් දිනලා ඊළඟ චන්දෙ වෙනකොට එපා වෙනවා කියන්නේ මිනිස්සුන්ට ආර්තිකෙට එහා ගිය යමක් දැනෙන්න ඕනා. 94 චන්ද්‍රික ආව වගේ ප්රෙමදාසව එපා වෙලා තියෙන වෙලේ. මෙයා කියනවා මිනිස්සුන්ට දැනුනෙවත් නැතිලු.
      අනික ඒකාබද්දෙට මොහාන්ගේ කේස් එකට ලොකු සද්ද දාන්න බැරි උන් දාන්න කැමති නැති නිසා නෙමෙයි. සද්දේ දාන්න දාන්න අවාසිය උන්ටම නිසයි. දේශපාලකයෝ බබ්බු කියලද හිතන් ඉන්නේ. අපි ඔය කටට එනවට උන් මෝඩයි කිව්වට සිරාවටම එහෙමද හිතන් ඉන්නේ?

      Delete
    6. මට මතකයි එකාබද්දෙට කඩේ යන එකෙක් මොහාන්ව අයින් කලාම කිව්වා අපි මේක ලේසියෙන් අත අරින්නේ නැහැ. දිගටම ඇදන් යනවා. පුළුවන් තරම් මේ ගැන ලියනවා කියල ලොකු බයිලා ටෝක් එකක් දුන්න. මාත් මේ ඌ ඊට පස්සේ ලියපු එකක් හොයනවා.

      Delete
    7. මේ වගේ ශිෂ්ඨ විවාදයක් දැකීමත් සතුටක්.

      Delete
  13. ඒකාධිපතියෙක් ඕනැ කිව්වෙ බයියො නෙවෙයි මාතලන් නෙ ළමයෝ. බයියෝ කියන්නෙ මහින්ද ආවොත් මිසක්කා වෙන මොකෙක් වත් එපයි කියලනෙ. උදාහරණයක් හැටියට දැන් සරත් ෆොන්සේකා ජනාධිපති වෙනවට බයියො කැමැති වෙයිද?

    ReplyDelete
  14. මචන් රාජ් මෙන්න උබේ පොස්ට් එක copy කරලා

    http://www.elakiri.com/forum/showthread.php?p=20702743#post20702743

    ReplyDelete
  15. කතාව ඇත්ත. මිනිසුන්ව ශක්තිමත් කරනන් කොච්චර හැදුවත් පුටින්ලා, බ්ලෙයාර් ලා , බුෂ් ලවම තමයි ඉල්ලන්නේ.

    ReplyDelete
    Replies
    1. බ්ලෙයාර් ඒ ටයිප් පොරක්ද? මම හිතුවේ හොඳ ප්‍රජතන්ත්රවාදියෙක් කියල

      Delete
  16. ජනවාරි වෙනසට දායක වූ සිවිල් සමාජ ක්‍රියාකාරීන්, බුද්ධිමතුන් මේ සිදුවන සමහර දේ ගැන සතුටක් නැති බව මමද දනිමි. නමුත් ඒ අය විවේචනාත්මක අනුග්‍රහයන් දක්වනවා විනා මේ ගැන දැඩි තීරණවලට එළඹෙන්නේ නැති බව නම් පැහැදිලිය. මක් නිසාද යත් තමන්ගේ එකාගේ වැරැද්ද අනෙක් එකාගේ වැරැද්දට වඩා අඩු අගයක් ගන්නා නිසාය.

    ReplyDelete
  17. පහත වනුයේ ඉයන්ගේ සටහනකි,

    "3. ජනාධිපති මැතිවරණ ප්‍රකාශණයේ ශිරාණෙ බණ්ඩාරණායක නැවත පත්කරන බවට කියා තිබුණා. එම මැතිවරණ ප්‍රකාශයට අදාල මැතිවරණය සිරිසේන ජනාධිපතිවරයා ජයගත්තා.

    4. බහුතරයක් ජනතාව පිළිගත් කල මැතිවරණ පොරොන්දුවක් ඉටුකරමින්නීතිය අනුව සිදුනොවී තිබුණ පත්කිරීම ජනාධිපතිවරයා අවලංගුකලා.

    5. 18 වන සංශෝධනයේ බලතල අනුව ශිරාණි බණ්ඩාරණායකව පත්කලා. ඇය දවසකින් විශ්‍රාමගියා. එවිට එම බලතලම මත ශ්‍රීපවන් විනිසුරු තුමා පත්කලා."

    දැන් අපි හිතමු ඊළඟ ජනධිපතිවරණයේදී "X" කියන ජනාධිපති අපේක්ෂකය තමන්ගේ මැතිවරණ ප්‍රකාශණයට ඇතුලත් කරනව මේ තමයි මම "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට" පත්කරන අය "ස්වාධීන?" කොමිෂන් සභා වලට මම පත් කරන අය කියල පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොනවා සඳහන් වුනත්. නැතිනම් කියමුකෝ ඕව ඔක්කොම අහෝසි කරලා රාජ ආණ්ඩුවක් ගෙනනවයි කියල.

    දැන් X දිනනවා බහුතර ජනතා කැමැත්තෙන්. අපි හිතමුකෝ 75% ක චන්දයක් ගත්ත කියල. දැන් ඉතින් ඊ ගාව දවසේ ඉඳන් තියෙන්නෙ රාජ ආණ්ඩුවක්.

    ඉතින් ඉයන් හිතන විදියට ඒක හ‍රි. ඉයන්ට තාම රාජ්‍යය, ආණ්ඩුව සහ පක්ෂය කියන දේ වල මූලිකාංගත්
    තරමකට හෝ බලතල බෙදීමේ න්‍යාය ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ ජනතා පරමධිත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පවල අපේක්ෂිත භාවිතයත් පිලිබඳව නිවැරදි අවබෝධයක් නැහැ.

    ඉයන්, මම ශිරාණි මුලින්ම පත් කළ විදියටත්, අග විනිසුරු කළ විදියටත්, අස් කළ විදියටත් , නැවත පත්කර දිනක් තුළ ඉල්ලා අස්වීමට සැලැස්වූ විදියටත් විරුද්ධයි.

    දැන් බලන්න 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයෙන් ශිරාණි අස්කළ විදිය පිලිබඳ වගන්ති අයින්කළාද? නැහැනේ ඇයි ඒ? ඒකට බාධාවක්දැ තිබුනේ නෑනේ. ඉතින් මේ ආණ්ඩුවත් ඒ විදියටම කළොත් මොකද වෙන්නේ? එහෙමත් නැත්නම් ඊටත් ඉස්සරහට ගිහිල්ල ජනාධිපති ලේකම් විනිශ්චයකාරයකුට ලියුමක් යවනවා ඔබ නිලයේ කටයුතු කිරීම පිළිගන්නේ නෑ කියල.

    අපි මේ බ්ලොග් වල ලිව්වා කියල එයාල අහයිද? ඇයි අපි කවුද හරි කියකිය වාද කරන්නේ මොකක්ද හරි කියල හොයන්නේ නැතුව.

    ReplyDelete
  18. //දැන් X දිනනවා බහුතර ජනතා කැමැත්තෙන්. අපි හිතමුකෝ 75% ක චන්දයක් ගත්ත කියල. දැන් ඉතින් ඊ ගාව දවසේ ඉඳන් තියෙන්නෙ රාජ ආණ්ඩුවක්. //

    75% ජනතාවක් අනුමත කළොත් එහෙම වෙනවා. 75% මහජනයාගේ කැමැත්ත ඒකනම් ඒකට විරුද්ධ වෙන්න ඉතුරු 25% ට කරන්න දෙයක් නැහැ. 1994 ඇරුණම ජනාධිපති ඡන්ද දිනල තියෙන්නෙ 50-55% ප්‍රතිශතවලින්. ජනමත විචාරණයක් දිනන්න් ඕන වෙන්නෙ 50% යි. ඉතින් කෙනෙකුට රාජාණ්ඩුවක් ගෙන්න ඕන නම් කරන්න තියෙන්නෙ ජනමත විචාරණයකින්.

    19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පරිපූර්ණ එකක් නෙමෙයි. උදාහරණයකට ව්‍යවස්ථා දායක සභාවට බහුතරයක් සිවිල් සමාජයෙන් පත්කරන්න තමයි රජයට අවශ්‍ය වුණේ. මෙම සභාව තමයි අනික් ස්වාධීන කොමිසන් වලට පත්වීම් කරන්නේ. අගෝස්තු මැතිවරණයට පෙර මෙය සිදුවීම නිසා ආන්ඩුවට සම්බන්ධ නොවූ මන්ත්‍රීන් එම සභාව දේශපාලකයන්ට බහුතරය එන ලෙස වෙනස් නොකොලොත් 2/3 ට අවශ්‍ය ඡන්ද නොදෙන බව කීවා. එම නිසා එය වුණේ නැහැ. ශිරාණී බණ්ඩාරණායක ඉවත් කලේ පාර්ලිමෙන්තුවට ගෙන දේශ්‍යාභියෝගයකින්. මම හිතන විදිහට දැන් අග විනිසුරු කෙනෙක් ඉවත් කල හැක්කේ ස්වාධීන අධිකරණ කොමිසමෙන් කියායි.

    ReplyDelete