Monday, September 5, 2016

ඒ සැමරූවේ පොලීසියේ එකසිය පනස්වැනි සංවත්සරයයි.


"හිරු පමණි සාක්කි" බ්ලොග්කරු, මාධ්‍යවේදී රුවන් නෙලූට පහර දීමෙන් පොලීසිය තම අභිමානවත් එකසිය පනස්වන සංවත්සරය සමරා තිබුනි. ප්‍රහාරයට විරෝධය දක්වමින්ම ඒ සම්බන්ධ ෆේස්බුක් සටහන් කිහිපයක් ඉදිරිපත් කරමි.

**************************************************
"ගෙදර ඉඳපු සාමාජිකයෙක් ගේ ළඟ කඩේට ගිය වෙලාවෙ 'කුඩු කාරයෙක්' කියලා මහපාරෙ උගෙ සරම ගලවලා චෙක් කරලා. ඒ කොල්ලාව ගෙදරට ඇදන් ඇවිත් කුඩු හෝ ගංජා තියෙන තැන් පෙන්නන්න කියලා ඌට ගැහුවා. මං ඒකට විරුද්ධ වුණා. පොලිසියට යමු කිව්වා. මට විරුද්ධව චෝදනාවකුත් නැතිව තියෙද්දි අතින් හරි ගංජා දාලා හිරේ යවනවා කිව්ව. පිස්තෝලයක් පෙන්නුවා. මං ඇහුවා වෙඩි තියන්නද අපට කියලා. ජීප් එකට ගෙනිච්චා. මං ෆෝන් එක ගනිද්දි ඒක උදුරාගෙන මට ගැහුවා. ගහන්න අයිතියක් පොලිසියට නැති බවත් මං මාධ්‍යවේදියෙක් බවත් කිව්වාම හොඳට ම රත් වුණු සිවිල් ඇඳුමෙන් හිටපු අං තට්ටුව විතරක් අඩු පොලිස් කාරයෙක්ද කියලත් හිතන්න බැරි එකෙක් 'අම්මට හු** මීඩියා' කියලා දිගට හරහට ගැහුවා. පොලිසියට ගෙනිහින් මොකුත් උනෙ නැති ගාණට මාව කුඩුවට දැම්මා. එතකොටත් අපෙ ලෝයර් එතෙන්ට ඇවිත් හිටියා. පොඩි වෙලාවකින් මං එළියට ආවා. ඔහොමයි උනෙ. තොල පොඩ්ඩක් පැළිලා, දිව හැපිලා, මූණයි ඔළුවයි එහෙන් මෙහෙන් තැළිලා. ලොකු අමාරුවක් ඇඟට නැහැ. ගුටි කන්න වුණාම වැඩියෙන් දැනෙන්නෙ හිතේ අමාරුව. අපට මෙහෙම නම් මොනුත්ම කරකියාගන්න බැරි මිනිස්සුන්ට මුං මොනවා කරනවා ඇත්ද ?"
-රුවන් නෙලූ

මම ලංකා නිව්ස් වෙබ් වෙබ් අඩවියෙහි මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරමි. දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයෙහි ක්‍රියාකාරිකයෙක්මි. යම් ප්‍රමාණයකට නීතිය ගැනද දනිමි. මට ඊයේ මුහුණ දීමට සිදු වූ සිදුවීම කිසිවක් කර කියාගත නොහැකි මිනිසෙකුට සිදු වී නම් අද ඔහු සිරගෙදරය. ලංකාවේ පොලීසිය නීතිය ආරක්ෂා කරන්නෙ මෙලෙසය. ඒ මදිවාට මට පහර දුන් පුද්ගලයා පොලිස් ජීප් රිය තුළදී ම පිස්තෝලය වනමින් මට තර්ජනය කළේ 'මං පළවෙනියට ම මිනිහෙක් මැරුවේ 11 වසරෙදි' කියාය. පොලිසියේ සියල්ලන්ම මිනී මරුවන්දැයි සොයා බැලීම භාර වන්නේ කවර ආයතනයකටද ?
පිස්තෝලයක් පෙන්වමින් පහරදීමට එකම හේතුව වූයේ 'එහෙම කොහොමද මිනිස්සුන්ව අරන් යන්නේ?' යි මා ඇසූ ප්‍රශ්නයයි. පොලීසියෙන් ප්‍රශ්නයක්වත් ඇසීමට නොහැකි වන තරමට පොලිසිය ඔළුවට ගෙන ඇත්තේ කාගෙ උෂ්නයදැයි මා දන්නේ නැත. කෙසේ වෙතත් ඒ අවනීතියේ උෂ්නයයි.
-රුවන් නෙලූ

මට ඊයේ මුහුණ දීමට සිදු වූ සිදුවීම කිසිවක් කර කියාගත නොහැකි මිනිසෙකුට සිදු වී නම් අද ඔහු සිරගෙදරය. ලංකාවේ පොලීසිය නීතිය ආරක්ෂා කරන්නෙ මෙලෙසය. ඒ මදිවාට මට පහර දුන් පුද්ගලයා පොලිස් ජීප් රිය තුළදී ම පිස්තෝලය වනමින් මට තර්ජනය කළේ ‘මං පළවෙනියට ම මිනිහෙක් මැරුවේ 11 වසරෙදි’ කියාය. පොලිසියේ සියල්ලන්ම මිනී මරුවන්දැයි සොයා බැලීම භාර වන්නේ කවර ආයතනයකටද ?
පිස්තෝලයක් පෙන්වමින් පහරදීමට එකම හේතුව වූයේ ‘එහෙම කොහොමද මිනිස්සුන්ව අරන් යන්නේ?‘ යි මා ඇසූ ප්‍රශ්නයයි. පොලීසියෙන් ප්‍රශ්නයක්වත් ඇසීමට නොහැකි වන තරමට පොලිසිය ඔළුවට ගෙන ඇත්තේ කාගෙ උෂ්නයදැයි මා දන්නේ නැත. කෙසේ වෙතත් ඒ අවනීතියේ උෂ්නයයි.
-Ruwan Nelu

මචන්ස්ලා Ruwan Nelu ට පොලිස් කාරයන් කිහිප දෙනෙක් විසින් එල්ල කරන ලද මැර ප්‍රහරයට එරෙහි වමු. හෙලා දකිමු. නමුත් සටන නිවැරිදි දැක්මකින් නිවැරිදි මාර්ගයේ යා යුතුයි.
නැත්නම් මෙච්චර කල් කරපු ලංකා ඉතිහාසයේ කරපු ගොං අරගල වලින් එහාට මේකත් යන්නෙ නෑ.
පොලීසියේ සේවයට බඳවාගෙන සිටින නමුත් එයට නුසුදුසු යුනිෆෝම් පවර් අතට ගත් නුසුදුසු ගංකබර ගොරක චන්ඩිණ්ට එරෙහිව අපි ක්‍රියාත්මක විය යුතුයි.
නමුත් මොනම විදියකින්වත් මෙය පොලීසිය නම් සංකේත ආයතනයට විරුද්ධ සටනක් බවට හරවන්න ඒ වගේම ගං කබර උද්ගෝශකයින්ට ඉඩ නොතැබිය යුතුයි.
හැම මුසල්මානුවෙක්ම ත්‍රස්තවාදීයෙක් නොවනවා සේම හැම පොළිස් කාරයෙක්ම මෙවැනි ගංකබරයන් නොවේ .
ලංකාවේ පොලිසියේ බහුතරය මෙසේ විය හැක නමුත් බ්‍රේව් පොලිස් කාරයන්ද ඇත.
නීතියේ රීතිය වෙනුවෙන් පෙනී සිටිමු. පොලිසිය නම් සංකේත ආයතනය මීට වඩා ශිශ්ඨ ආයතනයක් කරා තත්වය උසස් කිරීමක් ඉල්ලමු. මොනම හේතුවක් නිසාවත් ෆක් ද පොලීස් කියන වල්බූරු සටන් පාඨය කරා නොයෑමට නූතන සටන් වගබලා ගත යුතුය.
පොලිසියට බඳවා ගැනීමේදී උසස් පෙල සමත් වීම ,,මනෝ විද්‍යාත්මක පරීක්ෂණයකින් සමත් වීම etc .වැනි දේ මේ සඳහා මගේ යෝජනායි.
-උදිත

----------------------------------------------------------

යාවත්කාලීන කිරීමයි! 2016.09.06 පස්වරු 1.05

රුවන් නෙලූ ජනමාධ්‍ය වෘත්තිය පාදඩකරණය කිරීම.
පසු ගිය දින කීපයේ සමාජ මාධ්‍ය ජාල කැළඹූ පුවතක් වූයේ ජනමාධ්‍යෙවේදියෙකැයි කියා ගන්නා රුවන් නෙලූට හේතු විරහිතව පොලීසියෙන් පහර දී රිමාණ්ඩ් කිරීමට තැත් කළ බවය.
ඔහුම මේ බව මුහුණු පොතේ සටහන් කර තිබූ අතර “පොලීසිය මාධ්‍යෙව්දීන්ට පහර දෙමින් 150 සමරයි“ යනුවෙන් ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක්ම මේ පුවත පල කර තිබිණි.
මේ පුවත හේතුවෙන් කරුණු දෙකක් සිදු විය. ඉන් එකක් වන්නේ ජනමාධ්‍ය සහ පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය වෙනුවෙන් සටන් කරන්නන් කලබලයට පත් වී පොලීසියට සිය දැඩි විරෝධය පල කරමින් පොලීසියෙන් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් මේ පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලා සිටීමය.දෙවන කරුණ වූයේ ජනමාධ්‍යෙව්දියෙකුට පහර දී ඇත්තේ මන්ද යන කාරණය සම්බන්ධයෙන් පොලීසියේ සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ දැඩි අවධානය යොමු වීමය.
ජනමාධ්‍යෙව්දියෙක් වන තමන්ට පොලීසිය හේතු විරහිතව පහර දී අත්අඩංගුවට ගැනීමට තැත් කළා කියා සමාජ මාධ්‍ය පුරා පතුරා ජන සමාජය කළඹා රජය සහ පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට පත් කළ රුවන් නෙලූ දැන් කියන්නේ තමන් පොලීසියට විරුද්ධව පැමිණිලි නොකරන බවත්, ඉදිරි නීතිමය කටයුතු අනවශ්‍ය බවත් තමන් පොලීසිය සමග ඩීල් එකක් දමා ගත් බවත්ය. ඩීල් දමා ගත්තා නම් රටට බොරු නොකියා නිකම් සිටිය යුතුය. අනෙක් අතට ඩීල් දමන්නේ තමන්ගේ කිසියම් වරදක් තිබෙන නිසාය.
ගංජා සමග පොලීසියට මාට්ටු වූවකු කළ යුත්තේ දේශපාලන පලි ගැනීමකට පොලීසිය තමන්ව අත්අඩංගුවට ගෙන පහර දුන් බවට බොරු කියමින්, ජනමාධ්‍ය වෘත්තිය පාදඩකරණය කිරීම නොව තමන් කළ වරද පිලි ගැනීමය. රුවන් නෙලූ කළ යුත්තේ බොරු කියමින් සමාජය කලඹා ජනමාධ්‍යෙව්දීන්, රජය සහ පොලීසියද, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි මහජනයාද අපහසුතාවයට පත් කිරීම සහ නොමග යැවීම නොව නඩු නොදමා කනට දෙකක් ගසා තමන්ව ගෙදර එවීම ගැන පොලීසියට ස්තුති කිරීමය. (ගංජා හොඳද නරකද යන්න වෙනම මාතෘකාවකි)
මෙවැනි පාදඩ වැඩ කිරීමෙන් සිදු වන්නේ සැබෑ පහර දීමකට ලක් වන ජනමාධ්‍යෙව්දියෙක් වෙනුවෙන් පවා හඩක් නැගීමට සමාජය ඉදිරිපත් නොවීමය.
මට රුවන් නෙලූට කීමට ඇත්තේ නොදන්න ජානමාධ්‍ය වෘත්තිය පාදඩ වැඩ වලට යොදා ගනිමින් මෙවැනි කැත වැඩ නොකර දන්න වෙන කර්මාන්තයක් කරගෙන මලකුත් ගසාගෙන පාඩුවේ ඉන්න ලෙසය.
හරි නම් බොරු තොරතුරු සමාජගත කර සමාජය කැළඹීම, පොලීසිය සහ, රජය අපකීර්තියට පත් කිරීමට එරෙහිව රුවන් නෙලූව අත් අඩංගුවට ගෙන නඩු පැවරිය යුතුය.
බොරුකාරයෙක් වෙනුවෙන් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහ පොලිස්පතිවරයාගේ වටිනා කාලය කාලය කෑම වෙනුවෙන් මම එම දෙදෙනාටම සමාවක් ණයය.

-Shyaman Hemakody


43 comments:

  1. මාත් නිකා හිටියේ නැහැ..

    https://www.facebook.com/deshakaya/posts/600496706787923?notif_t=like&notif_id=1472988904157384

    හැබෑටම ක්‍රිෙය්ටිව් විදියට මේක සමාජයට ගෙන යන්න විදියක් තිබුන නං හොදා. ඒත් නෙලූ නෙලපු උන් එක්ක ෂේප්මන්ට් එකක් දාගෙන නිසා වැඩිදුර යන්න බැරිවෙයි..

    ReplyDelete
  2. මහින්දගේ කටු කෑ හොරිකඩ හැත්ත
    යහපාලනෙත් කුණු අඳිනවා දැක්ක
    උස්සා බැටන් පොල්ල අසරණයන් තලන
    දීපං රළහාමි යුනිපෝම් එක බල්ලෙකුට...

    මේක මම මේ කාලෙකට කලින් ලිව්ව එකක්.හැබැයි එක හැමදාටම වලංගු වෙන එකයි දුක.

    ReplyDelete
    Replies
    1. නෑ මචං. ඒක සම්පුර්ණ වැරදියි. ඒකට මහින්ද විතරක් වග කියන්නේ ඇයි.. මේක සිස්ටම් එකේම අවුලක්..

      Delete
    2. පොලිසිය තියෙන්නේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න කිව්වාට උන් කරන්නේ දේශපාලකයින්ගේ අවශ්‍යතා ඉටු කිරීම පමණයි.
      දේශා හරි මහින්ද විතරක් නෙමේ සිස්ටම් එකේ අවුලට අපි හැමෝම වග කියන්න ඕන අඩු වැඩි වශයෙන්.හැබැයි රටේ පාලකයෝ අපිට වඩා මේ තත්වයන් ගැන වගකින්න ඕන.ඔය ඉහත සටහන මම තිබ්බේ මචං ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් වල.එතකොට යහපාලන ආණ්ඩුව ආපු අලුත.ඊට කලින් මහින්ද ගිය පාරේ අපිත් යන්න සුදානම් කියලා උන් පෙන්නුවේ ඔය සටහන තිබ්බ අසන්න දවස්වල නිරායුධ උද්ගෝෂණයකට මිලේච්ච විදියට පහරදීලා.එකයි ඒ සටහනේ මහින්දගේ නම තියෙන්නේ.

      Delete
    3. දේශකයා හරි. මේ වගේ දේවල් ඕනම රටක ඕනම කෙනෙක් අතින් වෙන්න පුළුවන්. මුළු පොලීසියම හොඳ නැහැ වගේ මුළු පොලීසියම නරකත් නැහැ. නමුත්, වැදගත් වෙන්නේ මේ වගේ සිද්ධියක් වාර්තා වුනාම එතනින් එහාට නීතිය ක්‍රියාත්මක වීම/නොවීම කියන කාරණයයි. නීතිය රකින්නට කියා ඉන්න උන් නීතිය කඩ කලාම උන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේද නොවේද කියන එකයි ප්‍රශ්නය.

      පොලිස් නිල ඇඳුම යනු පුරවැසියන්ට තග දමා ඔවුන් පෙළීමට තිබෙනා ලයිසමයක් නොවේ. ඔවුන් බැඳී ඇත්තන් නෙළ් නීතිය රැකීමට මිසක නීතිය යනු ඔවුන් නොවේ. නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් ලද නිල ඇඳුම භාවිත කරමින් පොලිසි නිලධාරීන් විසින් දිගින් දිගටම පුරවැසියන් මත සිය බලය පතුරනවා නම් එතන පැහැදිළිවම ලොකු ගැටළුවක් ඇත.

      Delete
    4. මේ වගේ තත්වයක කොච්චර ස්වාධීන පොලිස් කොමිසමක් තිබුනත් වැඩක් නෑ ව‍ගේ.
      දෙවැනි කාරණාව පෝස්ට් එකේ තියන උදිතගෙ කතාවට අනුව "වැරදිකරුවන්ට පමණක්" විරෝධය පල කරල තේරුමක් තියෙයිද මංද. මම නං එතන කිව්වෙ පොදුවේ පොලීසියට චෝදනාව දැම්මොත් වැඩිපුර දැනෙනව කියල.

      Delete
  3. යහපාලනේ ගේන්න සහ පවත්වාගෙන යන්න කඩේ යන වෙබ් සයිට් එකකට ලියනා හාදයෙකුට යහපාලන පොලෝසියෙන් අම්බානට නෙලීම සිරි ලන්කාවේ යහපාලනයක් නොමැති බව ප්‍රත්යක්ශ කොරති!

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් තිබුන. මරා හොරා එක්කම ඒකත් වලකජ්ජ ගැහුවා.

      Delete
  4. මේ රුවන් කියන එකා ඉල්ලන් කාලනෙ තියෙන්නෙ. මූ මාධ්‍යවේදියක් කියල හිතුවද දන්නෙ නෑ, පොලිසිය මූට බයවෙයි කියලා. අඩු ගානෙ ඔය ප්‍රබල ඇමතියෙක්ගෙ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වත් කිව්වා නම්, ඔය පොලිස් කාරය මූට අත තියන්නෙ නෑ. මම එක පාරක් ලංකාවට ආපු වෙලාවක, යාළුවෙක්ගෙ ප්‍රාඩෝ එකක ගියා. ඒක ඌගෙත් නෙවෙයි, ඌගෙත් යාළුවෙකුගෙ. high speed යනකොට ට්‍රැෆික් පොලිස්කාරයෙක් අත දැම්මා, මූ නැවැත්තුවා, පොලිස්කාරය ලඟට ඇවිල්ලා බොහොම ගරු සරු ඇතිව කියනවා වේගෙ වැඩියි කියලා. මූ එකපාරටම පොලිස්කාරයට කියපි, යකෝ මේක ගත්තෙ හයියෙන් යන්න තමයි, මම අහවල් ඇමතිගෙ සම්බන්ධීකරණ ලේකම් කියල. මම බයවුණා පොලිස්කාරය මූගෙන් අයිඩී එක ඉල්ලලා, දෙන්න එකක් නැති වුණාම කණේ පාරක් ගහල පොලිසියට කුදලන් යයි කියල. එහෙම වුණොත් පැත්තක හිටිය මටත් පරිප්පුවනෙ. පොලිස්කාරයා හරි සර් යන්න කිව්වා. මම කල්පනා කළේ ප්‍රාඩෝ එකක තියෙන වටිනාකම, පොලිසියත් බයයි.

    ReplyDelete
    Replies
    1. කවුරු උනත් ගහපුඑක වැරදියි.

      Delete
  5. මේ වගේ අති පණ්ඩිත මාධ්‍ය ඔස්තාර්ලට ඉඳලා හිටලා දෙකක් වදින එක හොඳයි

    ReplyDelete
  6. කිසිම හේතුවක් නැතිව රුවන් නෙලූ මේ වගේ තත්ත්වයකට පත් වුනා කියල හිතන්න අමාරුයි - සමහරවිට කාලයක් තිස්සේ තිබුන අවුලක කූටප්‍රාප්ත අවස්ථාවද දන්නෙත් නෑ
    කොහොම වුනත් පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙන්න ඕන
    මේ එවිඩන්ස් ප්ලාන්ට් කරනව වගේ දේවලින් මිනිහෙකුගේ මුලු ජීවිතයම කාලකණ්නි කළහැකි

    ReplyDelete
    Replies
    1. අභ්‍යන්තරය මොකක්ද කියල දන්නෙ නෑ. හැබැයි වැඩේ වැරදියි.

      Delete
    2. නෙලූ ඊට කලින්දා අතුරුදන්වූවන්ගේ සංගමේ සාමාජිකයෙක් විදියට අර අනුරාධපුරේ අතුරුදන් ව්‍යාපාරක බිරිද ගෝල්පේස් කරපු උපවාස ස්ථානයයට හිගින් පාගමනින් ජනාධිපති මන්දිරය ගාවට ගිහිල්ලා තිබුනා. එතැනදිත් යම් සිද්ධීයක් සිදුව තිබුනා

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. I feel sorry for the recent behavior of the Sinhalese blogger called මාතලන්, aka Priyantha Hewage. He is a creative individual. He also touches points that many others does not. He had a good audience. Nearly after 10 years in Blogging he is about to reach the 2 million hits mark. He should be proud of his achievements. What he does now only will lead to his unpopularity. Now I do not think anybody will be eager to award him for blogging. He has ruined most what he achieved during the last few days. If මාතලන් is intelligent he should realize it and stop this behavior. We all behave irrational at some times. So I am sure his readers will accept his apologies if he offers one. He should also apologies from the other bloggers whom he has hurt. Then we can call that unfortunate period over.

    I wait for a response from මාතලන්.

    ReplyDelete
  9. රුවන් නෙලූ එක්කෙනෙක් විතරයි. කොයි තරම් මිනිස්සු පොලිසියෙන් හේතුවක් නැතිව ගුටි කනවද?
    ඒත් මේක ඉදිරියට කාට හෝ නොවෙන්න වැඩක් කරගන්න පුළුවන් නම් හොඳයි. ඇයි අපිට බැරි සමාජයක් විදියට මේ අනෙකාට හිංසා කිරිම වෙනුවෙන් පෙනී හිටින්න. අපේ එකෙක් විතරක් වෙනුවෙන් නොවී. මානුශික අයිතිවාසිකම් වෙනුවෙන්. ගුටි කන මිනිස්සු වෙනුවෙන් නඩු හතරක් පහක් වැටෙද්දි පොලීසියේ මිනිස්සු අනෙකාට ගහන්න ඉස්සෙල්ල රස්සාව බේරගන්නවත් මනුශ්යත්වය ගැන හිතයි. සල්ලි වලටම නොවී සමාජ අසාධාරනය වෙනුවෙන් පෙනී හිටින ලෝයර්ස්ලා කීපදෙනෙක් හිටියා නම් මේ තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන්.
    කොහොමත් සමාජයක් විදියට අපි අනෙකාට හිරිහැර කරන්න අපහාස කරන්න තැන ඉන්නේ බාබෙරියන්ස්ලාටත් අන්ත තැනක.

    ReplyDelete
  10. ලංකාවේ පොලීසියේ බොහොමයක් තවමත් සාමාන්‍ය මිනිස්සුන්ට සලකන්නේ කලින් ආන්ඩු කාලේ බලය අනිසි විදිහට භාවිතා කල විදිහටමයි.

    රුවන් නෙලූ වගේ කුඩා හෝ සිවිල් බලයක් ඇති අයෙක්ට සම්බන්ධව ක්‍රියා කරපු ආකාරය දකින කෙනෙක්ට දැනෙන්නේ ඕන කිසිම සිවිල් බලයක් නැති සාමාන්‍ය මිනිස්සු කොයි තරම් අසරන වෙන්න පුලුවන්ඩ කියන දේ.

    මේ වගේ සිදුවීමක් මුල් කරගෙන හරි සමාජයේ ප්‍රභල විරෝධයක්ගොඩ නගන්න උත්සාහා නොකරන එක අපරාදයක්.

    හැමෝම එකතු වෙලා පොලීසිය සාමය රකින්න තියෙන ආයතනය කියන කියන තැනට ආපහු කෙලින් කරලා තියන්න පුලුවන් නම් ඒකේ වාසිය අපි හැමෝටමයි

    ReplyDelete
  11. http://peoplesforumsl.blogspot.ae/

    මේ බ්ලොග් එක බලන්න. පොලීසිය කොයි තරම් අධම විඩිහටද අහින්දක මිනිස්සුන්ට සලකන්නේ කියලා සාක්කි එක්ක තියෙනවා ඒකේ. ඒත් හැමදාම උන් ඒවම කරනවා

    ReplyDelete
  12. පොලිසියෙ උන් නම් මැරෙන්න පණ ඇද ඇද හිටියත් වතුර ටිකක් දෙන්න වටින උන් නෙමෙයි. පොලිසියෙ ඉන්න ගොඩක් උන් අඩු අධ්‍යාපනයක් සහිත පීඩිත පන්තියෙ මිනිස්සු. ඩියුටි කරන කොයි වෙලෙත් ඉහල රෑන්ක් එකාගෙන් අමු තිත්ත කුණුහර්පෙන් බැණුම් අහනවා. කොයි වෙලෙත් ඉන්නෙ මානසික පීඩනයෙන්. අනික මොන ලොක්කත් (දේසපාලුවොයි උන්ගෙ ගෝලයොයි ඇර ) රාළහාමි කියල දෙකට නැවෙනවනෙ, ඉතින් උන්ගෙ හීනමානෙ එළි බහිනවා. ඒකට අර ලොක්කොන්ගෙන් අහන කුණුහර්පයි එකතු වුණාම උන්ගෙ තරහා යන්නෙ අහිංසක මිනිස්සු පිටින්. ඉතින් ඔය පොඩි පොඩි හොරකම්වලට අහුවෙන උන්, කුඩ්ඩො, ත්‍රීවීල් මල්ලිලා එහෙම අහුවුණාම ඇඟපත කුඩු වෙනකම් නෙලනවා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Ammata siri roberta Dan methana makapu comment eka dakala mata hinawa nawaththaganna baruwa hitiye, moo meka makuwa kiyapanko !
      Maathalaya me paththa palaathe enne na kiyala original maathalan style comment ekak kiyawala mata hinawa nawaththaganna bariwune, Robert nama witharayi wenas!! :-) :-D , kawuru hari puluwan nam danna

      Delete
  13. රාජ්, බෙලිඅත්ත ප්‍රදේශීය ලේකම් කාර්යාලයට කොළඹ ඉදලා යන්නේ කොහොමද? තනි බස් එකක් තියෙනවද?

    සචිත්‍ර

    ReplyDelete
    Replies
    1. කොළඹ ඉඳල තංගල්ල බස් එකේ එන්න.(කතරගම, තිස්ස, හම්බන්තොට බස්වල එන්න එපා, ඒව මහවෙල පාරෙ එන්නෙ). ඇවිල්ල පුළුවන් නං ප්‍රාලේ කාර්යාලය ලඟ බහින්න. නැත්තං ටවුමෙ බැහැල ආපස්සට එන්න. බස්කාරයගෙ කැමැත්තට තමයි ඉතිං පොඩ්ඩක් මෙහා නවත්තනවද හෝල්ට් එකේම නවත්තනවද කියන එක

      Delete
    2. බොහොම ස්තුතියි මිත්‍රයා. අදායම් බලපත්‍රයක් ලබාගන්න තිබෙනවා. ඒ සදහා බෙලිඅත්ත ප්‍රා.ලේ කාර්යාලයට යන්න ඕනි. උදේ පාන්දර පිටත් වෙන්න ඕනි කොළඹ ඉදලා එහෙනං. ස්තුතියි නැවතත් රාජ්.

      සචිත්‍ර

      Delete
    3. රාජ්,

      එහෙම නැත්තං මාතරට හයිවේ එකේ ඇවිත්, එතන ඉදලා බෙලිඅත්ත ප්‍රා.ලේ කාර්යාලය ලගට යන්න බස් තියෙනවද? එහෙම උනොත් කොච්චර වෙලාවක් යයිද බස් එකේ යන්න? මොකද හවස 3 ට කලින් එතනට යන්න නං උදේම එන්න වෙනවා. ඒකයි.

      සචිත්‍ර

      Delete
    4. අපොයි හයිවේ ආවොත් එන්න පුළුවන් ගේමක් නැතුවම. හයිවේ එකේ මාතරට පැය දෙකහමාරක් තිව්වොත් මාතර ඉඳල තංගල්ලටමත් පැයයි. හැබැයි පොඩි කොස්සකට තියෙන්නෙ මාතර ඉඳල බෙලිඅත්තට එන්න පුළුවන් ගොඩක් බස් තංගල්ල-මාතර බස්. ඒවා නං මඟ දිගට කොටනව. පැය එකහමාරකට වැඩිය වෙලාව ගනී බෙලිඅත්තට එන්න. මාතරින් පොඩ්ඩක් හොයල බලල බෙලිඅත්ත හරහා මොනරාගල යන එකකට සෙට්වුනොත් හරි.හැබැයි නිතර නෑ. උදෙන් එන එක ඇඟට ගුණයි.
      තව එකක්, මාතර ඉඳල තංගල්ලට කෙලින්ම ආවත් තංගල්ලෙ ඔපීසියෙන් වැඩේ කරගන්නත් බැරි නෑ. මොකද දැං ලින්ක් කරලනෙ තියෙන්නෙ.
      ඔය ඔක්කොමත් හරිගියේ නැත්තං, වෙලාවෙ අවුලක් වෙනව වගේ නං බස් එකේදිම මට මෙතනටම කමෙන්ටුවක් දාන්න. තුනෙන් පස්සෙ ලයිසන් එක ගන්න බලාගෙන ප්‍රින්ට් කරවල තියන්න ට්‍රයි එකක් දෙන්නං.

      Delete
    5. සචිත්‍ර, රාජ්, ඇයි දැන් ඔන්ලයින් ගන්න බැරිද? මම දෙකක්ම ගත්තා ඔන්ලයින්.. මේ සයිට් එක හරහා!

      https://www.erevenuelicense.motortraffic.wp.gov.lk/erl/view/index.action

      හැබැයි එමිෂන් රිපෝට් එක එකස්පයර් නොවී තියෙන්නේ ඕනේ..

      මේ වැඩේ මාර පහසුයි. ඒ වෙලාවෙම ලයිසන් එකේ ඊ කොපි එකක් එනවා මේල් එකට. ඔරිජිනල් එක සතියකින් දීපු එඩ්රස් එකට එනවා! පස්සේ ගිහින් එමිසන් එකත් අලුත් කර ගන්න පුලුවන්..

      ට්‍රයි කරලා බලන්න..

      Delete
    6. # රාජ්, බොහොමත් ස්තුතියි. මං රාජ් කිව්ව විදියට හයිවේ එකේ ඇවිත් බලන්නං. වැඩේ කරගන්න පුළුවන් වෙයි. බොහොමත් ස්තුතියි.

      # Kush කුෂ්,

      මං ඔන්ලයින් අදායම් බලපත්‍ර අරං තියෙනවා, වෙනත් වාහන වලට. ඒත් මේක ඕපන් පේපර්ස් තියෙන වාහනයක්. මං ගත්තේත් ලගදි. වාහනේ ගන්නකොටම ලයිසන් කල් ඉකුත් වෙලා තිබුනේ. මේ පාර ලයිසන් එක අලුත් කරලා තමයි පොත හරවන්න වෙලා තියෙන්නේ. ඉතිං ඔන්ලයින් ගන්න විදියක් නෑ, එඩ්රස් එක වැරදි නිසා. මං 1919 ට කෝල් කරලත් බැලුවා. එහෙම ඔන්ලයින් ගන්න විදියක් නැති නිසා තමයි මේ නිවාඩුවක් දාලා යන්න හදන්නේ බෙලිඅත්තේ ප්‍රා.ලේ කාර්යාලයට මිත්‍රයා. පොත මගේ නමට හැරෙව්වම පස්සේ ඊලග පාර ඉදලා ඔන්න ඔනලයින් අදායම් බලපත්‍රය ගන්න පුළුවන්.

      Delete
    7. යාලුවනේ ආදායම් බලපත්‍ර ගන්න දකුණු පලාතෙ ඕනම ප්‍රා.ලෙ. එකකින් ගන්න පුලුවන්නේද.....මෙහාම කොන වෙන බෙන්තර ප්‍රා.ලේ. එකෙනුත් ගන්න පුලුවන් නේද..?
      දකුණු පලාතෙ නම්.ගාල්ලෙ නම් ලින්ක් වෙලා තියෙන්නෙ..හැබැයි දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයටද කියල නම් හරියට දන්නෙ නැහැ.

      Delete
    8. ඔව්. පුළුවන්. පළාත ඇතුලත සියල්ල සම්බන්ධයි. මෙතන වෙච්ච අවුල සචිත්‍රගෙ වාහනේ පවරාගෙන නැති වීම.

      Delete
    9. අඩෝ සර්ව සාධාරණ රාජ් තෝ ඔය ෆේවරේෂන් කරලා කරන්නෙත් රාජ්‍ය බලය අව භාවිතයක් හුත්තෝ

      Delete
    10. Ah maathalan sir ;-) , moko me ano awith.. Nakath patha nisa penune

      Delete
    11. අඩෝ මට ඕනානම් නමින් එනවා. නැතිනම් ඇනෝ එනවා. අපි කාටත් බය නැති රෝයල්, කැළණි, ගයිඩ් චන්ඩි ඩෝ

      Delete
  14. රුවන් (පොලීසියෙන්) නෙලූ

    තරහ වෙන්න එපා - couldn't resist

    රාජ් ගේ කතාව එක්ක එකඟයි. අපි අහන්න ඕනේ "පොලිසියට කොහෙන්ද මෙච්චර හය්යක්" කියල මිසක් "මේ නරක පොලිස් කාරයට කොහෙන්ද මෙච්චර හය්යක්" කියල නෙවෙයි. මිනිස්සු එහෙම නොඅහන තැනට ඉමේජ් එක හදා ගන්න එක පොලිසියේ වැඩක්.

    දැන් මේකට සමහරු මහින්ද අල්ලාගෙන තියෙන්නේ මහින්ද ට කලින් පොලීසියේ ඉඳල තියෙන්නේ මාර ඩීසන්ට් උපාසක මහත්තුරු ලු ද? මේ බබාලා උපදින කොට සමහර විට ගාමිණී ලොකුගේ ලා ගේ යූඇන්පී අවදිය, උඩුගම්පොල, රොනී ගුණසිංහ ලා නිවුස් වලින් මැකිලා ඇති.

    ReplyDelete
  15. පොලොස්පෙති තුමාට, ඉහලින් අවවාද කරලා තියනවා මේ ඊයේ පෙරේදා, බොහොම තදින්. කිව්වලු, කතා පවත්වනකොට නිකම් ජෝකරයෙක් වගේ හැසිරෙන්න එපා කියලා.

    ReplyDelete
  16. රාජ් මේ ගැන හඬ අවධි කිරීම වටිනවා,
    අපෙ මෝඩ මිනිස්සු මේවා දේශපාලන ඇහැකින් බලන නිසා තමයි මේ වගේ නිළධාරීන්ගේ උද්ධච්ච අත්තනෝමතික වැඩ ගැන සැබෑ කඨිකාවතක් රටේ ඇති නොවෙන්නේ.
    පොලීසිය කවදත් අත්තනෝමතිකව හැසිරෙන්න යන්තම් හෝ ඉඩක් රාජ්‍ය පාලනයෙන් ලැබුනු විගස මෙහෙම හැසිරෙනවා. ඒ ඉඩ කඩ රටෙ හිටපු හුඟක් පාලකයෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව ලබා දුන්නා. ඒකෙන් අහින්සකයෝ පීඩාවට පත් වුනු තරම් අසීමිතයි.
    88 - 89 කාලේ සිදුවුනු අති දරුණු ක්‍රියා වල මූලයත් මේකම තමයි ලංකාවේ අපි අත් විඳපු අඳුරුම හා භයානකම යුගය වුනු ඒ කාලේ සාමාන්‍ය මිනිහෙක් පොලිස් කාරයෙක් දිහා කෙලින් බලන්නත් බය වුනා.
    ඊට පස්සේ යුගයක අර සංජීව කියල එකෙක් සාමාන්‍ය පොලිස් නිලයක් ඉඳිමින් ප්‍රභූ ආරක්ෂක සේවාවක බලය නිසා පොලිස් ස්ථානාධිපති වරුන්ට නියෝග දුන්න කියල පත්තර වල පල වුනා.
    රාජපක්ෂ යුගයේ අර කඳ බඩ මහත ලොක්කාගේ කාලේ පොලීසිය ආයෙත් වල් වැදුනා කියලා සාමාන්‍ය මිනිහට දැනුනා. හැබැයි ඉලංගකෝන් මහත්තයා සෑහෙන දුරකට සාධාරණ පොලීසියක් ගෙන ගියා අන්න ඒ රාජපක්ශ රජයන්ම පත්කල පොලිස් පතිගේ මැදිහත් පිලිවෙත රාජපක්ෂ රජය පෙරලන්නත් උදව් වුනා.
    අද වෙන කොට වෙලා තියෙන දේ ගැන සාක්කි තමයි මේ සාකච්චාවට ලක් වෙන්නේ.
    ඉතින් අපි කුමක් කරමුද?
    පාට කණ්නාඩි වලින් බලලා නිලධාරීන්ගේ අවර වැඩ තමන් අකැමැති දේශපාලකයින්ට බැර කරලා සතුටු වෙමු.
    අපි විඳි පීඩා අපේ දරුවන්ටත් උරුම කර දෙමු.

    ReplyDelete
  17. ඌ මාධ්‍යවේදියෙක් උනත් නොවුනත් ගංජායි කුදුයි තිබ්බත් නොතිබ්බත් ගහපු එක වැරදියි. අනේ මන්ද මේ වාගේ පොලිසියේ උන්දලාගේ හැසිරීම කොහොම වෙනස් වෙයිද කියලා. දශක ගාණක් ඔහොම හැසිරුණ සංස්කෘතියක් තියෙන පොලිසිය කවදාවත් වෙනස් කරන්න පුලුවන්ද?

    ReplyDelete
  18. ගංජා ගහලා "මාට්ටු"වුනානම් මෙතන නෙලූ කියන "අපි තමා මාද්‍ය කිරවල්කි" යලා හිතන පොර වැරදියි. එතන එහෙම කොහොමද මිනිස්සු ගෙනියන්නේ කියලා කරලා තියෙන්නේ" රෙසිස්ටින්ග් ද ඔතොරිටි". එතකොට අවම බලය කන හරහා භාවිතා කරන්න පුළුවන්.

    ReplyDelete
  19. ගංජා ගහලා "මාට්ටු"වුනානම් මෙතන නෙලූ කියන "අපි තමා මාද්‍ය කිරවල්කි" යලා හිතන පොර වැරදියි. එතන එහෙම කොහොමද මිනිස්සු ගෙනියන්නේ කියලා කරලා තියෙන්නේ" රෙසිස්ටින්ග් ද ඔතොරිටි". එතකොට අවම බලය කන හරහා භාවිතා කරන්න පුළුවන්.

    ReplyDelete
  20. මේක තමා රාජ් මම කිව්වේ

    මේ වගේ රොම්බ ලිබරල් ඩයල්වල ප්‍රාසාගික ක්‍රියාකාරකම් ගැන අත්දැකිම් ඇති නිසා මොවුන් කියන දේවල් එකපාරටම පිළිගන්නේ නැතිව සොයා බලා අදාළ ක්‍රියාමාර්ග ගැනීම වඩාත් සුදුසුයි

    ReplyDelete
  21. අම්බෝ.. පොලෝසිය 149 සමරන්න මාවත් කුදලාගෙන ගියා නේ.. මම මාජ්ජ වේදියෙක් නම් නෙවෙයි ඒත් කුරුඳුවත්ත පොලිසියේ 'මහත්වරු' මට බොහොම හොඳින් සැලකුව.. අර ගෙරි කුරුළු හමුදාවේ අඩු මාසෙන් උපන් කාලකන්ණි 'ඔපිසර'ලට නොතේරන දේවල් ඒ පොලිසියේ රාලහාමිලාට සාජන් මහත්තුරුන්ට වගේම ඉස්පැට්ටර මහත්තුරුන්ටත් තේරුනා අපුරුවට.. දිගට දිගට එකම ප්‍රශ්න අහන 'ඉන්ටෙලිජන්ස් ඒජන්ට්' ලගේ කරදර තිබුනේ නැත්නම් කාලෙකින් හම්බවෙච්චි නිවාඩු දවසක් කියල එදා දවස ගත කරලා එන්නත් තිබ්බ.. පොලීසියට සුභ සංවත්සරයක්..

    ReplyDelete