Thursday, October 27, 2016

අලුත් ප්‍රින්සිබල්, ගුරුහොරු දෙදෙනා සහ අපේ රසායන විද්‍යා ඉගෙනුම.

මේ සිද්ධිය මතක් වුනේ ලෝක ගුරු දිනේ දා. තමන්ට මතක්වුන හොඳ ගුරුවරු ගැන කට්ටිය බුකියෙ කයිවාරු ගහද්දි මට මතක් වුනා ගුරුහොරු කියල කියන්න පුළුවන් බුවාල දෙන්නෙක් ගැන.
ඒ අනූ හත අවුරුද්ද වෙන්න ඕන. අනූ හයේ ඕලෙවෙල් කරල ප්‍රතිපලවලින් පස්සෙ ගණිත අංශයෙන්අ උසස්පෙල කරන්න හිතාගෙන ඉස්කෝලෙට ගියා. ගණිත අංශය තෝරාගත්ත පහක් හිටිය මතක විදියට. ඊට අමතරව ඉහල පන්තියෙ දෙන්නෙකුත් කැමැත්තෙන්ම 'ෆේල් වෙලා' වගේ අපේ පන්තියටම ඇතුලත් වුනා. උන් දෙන්නත් පළමුවර විභාගය ලිවීම අතහැරල අපි එක්කම විභාගෙට යනව කියලයි තීරණය කරල තිබුනෙ. කොහොම වුනත් එයිනුත් එක්කෙනෙකුත් අපේ එකෙකුත් මාස කිහිපයකට පස්සෙ කලා හෝ වානිජ්‍ය කරන්න හිතාගෙන පසුබැහැල ගියා.

අපි ඕලෙවෙල් ප්‍රතිපලවලින් පස්සෙ ඉස්කෝලෙට යද්දි ඉස්කෝලෙ එක වෙනස්කමක් වෙලා තිබුන. ඒ අලුතෙන් ආපු ප්‍රින්සිබල් නිසා. නඩු අහන්න කලින් වේවැල් පාර දීල පස්සෙ නඩුව අහන ජාතියෙ බඩුවක් වෙච්ච ඔහු දැන් මගේ කාර්යාලය කිට්ටුව ඉන්නෙ. බුවා ගැන කලින් ලිව්ව කියලත් පොඩි මතකයක් තියනව.

ඔන්න ඉස්කෝලෙට ආපු පළමු දවසෙ තම තමන් තෝරාගත් විශයයන් අනුව පන්ති ලැබුන. අපට ලැබුනෙ විද්‍යාගාරය. ඉගැන්වීමට හිටිය ගුරුවරු මෙහෙමයි.
සාපෙල ගණිතය ඉගැන්වූ ගුරුවරයා උසස්පෙළට ශුද්ධ ගණිතය උගන්වනව.
භෞතික විද්‍යාව සහ ව්‍යවහාරික ගණිතය එක ගුරුවරයෙක් ඉගැන්වුවා.
ඔවුන් දෙදෙනා තමන්ගේ කාර්ය නිසි පරිදි කල බව සතුටෙන් මතක් කරන්න කැමතියි. ටියුෂන් යද්දි, දිස්ත්‍රික්කෙ ජනප්‍රිය පාසල්වල ළමුන්ට වැඩිය අපි යමක් කමක් ඉගනගෙන තිබුන.
අවුල හැදුනෙ රසායන විද්‍යාව සම්බන්ධව. ප්‍රින්සිබල්තුමා වේලපහින්ම අපට කිව්ව "ඔයාල කැමති ගුරුවරු ඉන්නව නං කියන්න, මම එයාල උගන්නන්න දාන්නං" කියල. ඉතිං අපි මොකද කලේ අපේ ඉස්කෝලෙ හිටිය, එවකට ජනප්‍රියම රසායන විද්‍යාව ටියුෂන් ගුරුවරය, අපට දෙන්න කියල ප්‍රින්සිබල්ට කිව්ව. හැබැයි මේ කියන ගුරුවරයාගෙන් මෙතෙක් වැඩක් ගත්ත බවක් පේන්න තිබුනෙ නෑ. රසායන විද්‍යාව ඉගැන්නුවෙත් වෙනත් ගුරුවරයෙක්.

ඔන්න වැඩේ පත්තුවුනා. ප්‍රින්සිබල් කිව්ව ටියුෂන් ගුරාට අපට උගන්වන්න කියල. බුවා වැඩේට අදිමදි කලා, හේතුව ටියුෂන්වලට බාධාවීම වෙන්නත් පුළුවන්, අනිත් ගුරාගෙ විෂය බලෙන් ගත්ත වගේ සීන් එකක් වෙයි කියල හිතල වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඔහු වැඩේට කැමති වුනේ නෑ. අපි අලුත් ගුරෙක් ඉල්ලුව කියල පරණ බුවාත් අපට ඉගැන්වීම ප්‍රතික්ෂේප කලා. දැං අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නෑ. ඒ මදිවට ප්‍රින්සිබලුත් නිහඬයි. අන්තිමට පන්තිය භාරව හිටිය ඉස්කෝලෙහාමිනේ වැඩේ භාරගත්ත. හැබැයි ඩිස්ක්ලේමරයකුත් එක්ක.
"මම දන්නෙ ඕගනික් විතරයි, ඕගනික් කියන්නෙ සිලබස් එකෙන් බාගයක්නෙ.... ඔයාල ඉස්කෝලෙ එන්නෙ මුල් අවුරුද්ද විතරයිනෙ කොහොමත්.... ඉතිං ඒ ටිකේ ඕගනික් නං කරන්න පුළුවන් ඔයාල කැමති නං?"
'නිකං ඉන්න මට ඇරල ගියත් මදැයි' තත්වෙං හිටි අපට ඒ යෝජනාවට පයින් ගහන්න උවමනාවක් තිබුනෙ නෑ.

29 comments:

  1. සාමාන්‍යයෙන් උසස් පෙළට දාන්නේ උපාධි ගුරුවරු නේද? හැබැයි අර සොඳුරු සිත නම් මාස්ටර්ස් එකක් තිබිලත් සාමාන්‍ය පෙළට උගන්වනාවා කියලයි මට හිතුනේ පින්තූර දැකලා!

    රාජ් කියන මේ පාසල මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මේ කියන සියලු ගුරුවරුන් උපාධිධාරීන් තමයි.(සාපෙලට ඉගැන්වීම වෙනම දෙයක්)

      Delete
    2. උපාධිදාරියො ප්‍රයිමරියටත් දානවා

      Delete
  2. ඒ කියන්නෙ හොඳ ගුරුවරු ඉඳල තියෙනවනෙ. ප්‍රින්සිපල් වුණත් ළමයින්ට ගුරුවරු තෝරගන්න කිව්ව එකත් හොඳ දෙයක් වගේ මට පේන්නේ.

    ReplyDelete
    Replies
    1. තෝරගන්න කිව්වට නිකං වචනෙ විතරයි අන්තිමට.

      Delete
  3. අපිනං ඒ ලෙවල් හිටපු අවුරුදු දෙකට පින්සිබල්ල දෙන්නෙක්ම ගෙදර යැවුව.

    ReplyDelete
    Replies
    1. මොන ගම්පහ ද, මේ ගොඩකවෙල කුලරත්නෙ.

      Delete
    2. //////පින්සිබල්ල දෙන්නෙක්ම ගෙදර යැවුව.///////

      දවල්ට බත් කාලා එන්නද.....

      Delete
    3. බත් කෑවද කියලනං දන්නෙ නෑ. හැබැයි ආයෙ ආවෙනං නෑ.

      Delete
    4. අපි ප්‍රින්සිපල්ලා කිහිප දෙනෙක්ම පරක්කු වෙලා ගෙදර යැව්ව. (බයික්වල හුලං ඇරල)

      Delete
  4. රාජ් මට වඩා අවුරුද්දක් වැඩිමල් :) අපේ නම් උසස් පෙළ විද්‍යා පංතිවල ඉතා කැපවීමෙන් සේවය කල තරමක් තලතුනා වුවත් කාර්යශූර ගුරුතුමියන් තිදෙනෙක් සිටිබව ඔවුන්ට ගෞරවයක් වශයෙන් සඳහන් කළ යුතුයි. ඔවුන්ගේන් වඩාත් වයෝවෘද්ධ තැනැත්තිය වූ රසායන විද්‍යා ගුරුතුමියගේ කෙටි එහෙත් රසවත් උගැන්වීමේ විධික්‍රම නිසා පසුව එම විෂය මගේ ප්‍රියතම විෂයක් බවටත් පත්වුනා.

    ReplyDelete
    Replies
    1. අපටත් ඉගැන්වූ ගුරුවරු බොහොම හොඳ අය. ඉඳහිට එකෙක් දෙන්නෙක් අවුල්වුනාට

      Delete
  5. අපෙත් උසස්පෙල ගුරුවරුන් ඉතා උසස් ගුරුවරුන් හා මනුශ්‍යයන් බව කිවයුතුය, ඉන් අයෙක් ඒ්රියා ඒකේ ප්‍රසිද්ධ ටියුශන් ගුරුවරයෙකු වුවද පාසලේදී කැපවීමෙන් ඉගැන්වූබව මතක් කරනු කැමැත්තෙමි

    ReplyDelete
    Replies
    1. අපට එ්කෙ අනිත් පැත්ත

      Delete
  6. මම නම් ඉස්කෝලේ ගියේ මාස 3. ඊට පස්සේ යලට මහට. ගොඩක් බැස්සේ වලට. ඒ ලෙවල් ගොඩ දැම්මේ ටියුෂන් පිහිටෙන්. හැබැයි ඒ ලෙවල් පාස් උනාම ඉස්කෝලේ මට උගන්නපු ගුරුවරු ඔක්කොටම වැඳලා ආව. අකුරක් හරි ඉගැන්නුවනේ.

    ReplyDelete
    Replies
    1. උඹත් මං වගේම අමු කුරහන් පොරක්ද කොහෙද....

      Delete
  7. අපිත් ගුරුවරියන් දෙන්නෙක්ම ගෙදර යවල තියනවා, අපිට වුණ අසාධාරණයන් නිසා.

    ReplyDelete
  8. අනූ හයේ ඕ ලෙවල්....නොදොකින් විතරක්. යකෝ අපේ දරුවොත් ඉස්කෝලේ යනවා ඒ කාලේ..හා හා ඒකට කමක් නැහැ. මින් ඉදිරියටවත් දණ ගහලා වැඳලා එහෙම කතා කරපන්.

    ReplyDelete
    Replies
    1. බොලාගෙ තාත්තල ඉස්සරවෙච්ච එකට අපි මක්කරන්නද! :-)

      Delete
  9. යකෝ මේ අනූ හයේ ඕ ලෙවල් ලියපු එකෙක්ද අර පනහ පැනපු නාකියව පජාත කොරල දැම්මේ.ඒකනේ කියන්නෙ පනහ පැන්නත් වයසට හරියන්න මොලේ වැඩුනේ නැත්නම් කජු කිරි කොල්ලොන්ගෙනුත් පජාත වෙනව .රෝයල් ගියත් ගොන්නු ඉන්නව කියන්න සජිත් ප්‍රේමදාස ඇරුනම හොඳම උදාහරණෙ.

    ReplyDelete
  10. ගූතා ඊයෙ පැරාගෙ බ්ලොග් එකේ නෑවා නෑමක්....... තාම බඩ යනවා මාහිතේ....

    ReplyDelete
  11. දන්න ටික හරි උගන්නන්න කෙනෙක් ආපු එකම මදැයි. නැත්නම් ඒකත් නැහැනේ.

    ReplyDelete
  12. අපට හිටියෙ කෙමිස්ට්‍රි ගෲප් ක්ලාස් වලින් පළාත හොල්ලගන හිටපු ඩයල් එකක්.පළවෙනිපාර විභාගෙ ලියන්න වඳින්න යනකොට මිනිහ කිව්ව 'මේ පාරවත් කොහොම හරි ගොඩ දාගන්න.. ගිය පාර වගේ නැතුව' කියලා
    හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  13. කතාව මඟදි එක පාරටම ඉවර උනා වගේ හිර උනා. :(
    අපේ physics sir පංති වල සුපිරිලු. ඒත් මට නම් ඉස්කෝලෙදි කිසිම විශේෂ හොඳක් පෙනුනෙ නෑ. Chemistry සර් සහ Maths Sir නම් සුපිරි.

    ReplyDelete
  14. A/L නම් ඉස්කෝලෙන් විතරක් ඉගෙන ගෙන කරන අය ගොඩක් අඩු ඇති රාජ්, .. විශේෂයෙන් විද්‍යා හා ගණිත අංශ වල.. අපේ ඉස්කොලෙත් හිටියා ටියුශන් වල හොඳට උගන්නන , ඉස්කෝලේදි හොර කරන අය.. physics උගන්නන හිටියා ගුරුතුමියක් ඇය කියන දේ ඇහෙන්නේ ඇයට විතරයි.. :):)

    ReplyDelete
  15. චායාරූපයේ ඉන්නෙ බ්‍රේකිං බෑඩ් එකේ වෝල්ටර් වයිට් නම් රසායන විද්‍යා ගුරුවරයා නේද?
    උගන්වන්නා මොනවා ඉගැන්නුවත් ඉගෙනගන්නා සිහිබුද්ධියෙන් උගත යුතුයි නේද?

    ReplyDelete