Friday, October 28, 2016

Ladies & Gentlemen, Welcome to Earth - 002 [සයිබර් වරිගෙ උණ්ඩියා]

කාලෙකින් කියවන්න ලැබෙන මසුරං ලියමනක්. රචකයා, අපි කවුරුත් දන්න සයිබර් වරිගෙ උණ්ඩියා. එක පාරක් කිව්වට තේරෙන්නෙ නැත්තං දෙපාරක් කියවල බලන්න.

කවීෂාගේ මරණය ගැන අපේ උගන්ඩලා කියන කථා බලලා මට දැඩි කළකිරීමක් ඇතිවුණා කියහංකො.....ඇතිවෙලා "ජාති ජාතිත් මට තොපිත් එපා - මේ රටත් එපා" කියල හිතාගෙන මම ගියා ජාත්‍යන්තරය පැත්තෙ, එහේ ඉන්න නල්ලම් ඩීසන්ට් සුදු නෝනලා, මාත්තේලා තැන් තැන් වල දාන කමෙන්ට්ස් බලලා හිත හදාගෙන නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පත්වෙන්ඩ.....
අම්මට හුඩු....ජාත්‍යන්තරේ පත්තුවෙලා.....බැලින්නම් කිම් කාඩේෂියන්ව ( අර පුකෙන් ගොඩ යන පවුලෙ ප්‍රවීණතම ගුද මාර්ගයේ හිමිකාරි... ) මංකොල්ල කාලා....ඉතින් UK ඩේලි මේල්, සන්, ටයිම්ස්, French Newspapers, U.S. Tabloids අනන් මනන් වෙබ් වල නිව්ස් එක ඕකාසෙට යනවා.....අපි වගේ තර්ඩ් වර්ල්ඩ්, තර්ඩ් ක්ලාස් අසිස්ඨ, වනචර, නිර්ධය, හකිස්කුඨ සමාජ වල වගේ නෙමෙයි, ඒවයේ ඉන්න සුදු නෝනලා, මාත්තුරු මානුසිකත්වය අඟලට නූළට මැනලා පට්ට මානවවාදී කමෙන්ට්ස් දානව ඇති කියල හිතන් ත්‍රෙඩ් එකකට දෙකකට හොම්බ දැම්මා....

හම්මට......අපේ උන් ලොවෙත් හොඳයි ඕයි උන් කියල තියෙන කථා බලනකොට.....සීන් එක වෙන වෙලාවෙ කිම් කාඩේෂියන් ඉඳල තියෙන්නෙ අර "බාත් රෝබ්" එකද මොකක්ද කියලා සුද්දියො හෙලුවට උඩින් දාගන්න වූල් කෝට් එකක් තියෙන්නෙ....අන්න ඒක විතරක් ඇඳගෙනලු....මාත් දන්නෑ, මටත් කිව්වෙ සුදු මහත්තයෙක්....එයා එතන හිටිය නම් ඒක ගලවලා කිම්ගෙ අතපය බඳිනවලු ( ඌත් මං වගේ "බැඳුම්කර" පංකාවක් ( Bondage Fan) ) ....තව එකෙක් කියනවා හොරු මහ ගොන් හරක් මෝඩ මූසළයො ටිකක්ලු....කිම් වගේ සැප බොඩියක් කාමෙරේදි අල්ල ගත්තු වෙලේ මුද්ද විතරක් ගලවන්, වෙන මොකුත් නොකර ගිය එකට උන්ට වෙනම දඬුවම් කරන්ඩ ඕනලු....තව එකෙක් කිම්ව බැඳල දාලා, කටේ ටේප් ගහල හිටියය කියන නිව්ස් එකේ, එහෙම ඉන්න වෙලාවෙ ගත්තු ෆොටෝ එකක් නැද්ද කියලා ලින්ක් එකක් ඉල්ලනවා....සාතිශය බහුතරය "හොරු ටික ඕකිව මරලා දාලා ලෝකෙට සෙතක් කරේ නැත්තෙ ඇයි? " කියලා අහනවා....

"හොරුන්ට සම්මාන දෙන්න ඕනලු....නයිට් පදවි දෙන්න ඕනලු....අදහන්න ඕනලු.....ඕකිගෙ රෙද්ද ගලවලා ෆොටෝස් ටිකක් ගහගෙන ආවෙ නැති එකට දඬුවම් දෙන්න ඕනලු......පැරිස් හීතලේ පාර අයිනේ කණුවක බැඳලා තියලා ගියේ නැති එකට දඬුවම් දෙන්න ඕනලු.....මම ගියා නම් මුදු මාළ හොරකම් කර කර ඉන්නෙ නෑලු....." .... ඔය විදියට සුදු මාත්තුරු අටෝරාසියක් තමන්ගේ වටිනා අදහස් ප්‍රකාශ කරනවා.....ඇරියස් තැපැල් කෝච්චියයි.....

සුදු නෝනලා ටික....හම්මට....උන් ඊටත් එහා ඕයි....." කිම් ෂුවර් එකටම වටිනාකමක් නැති මුද්දක් නැති කරගෙන, ඉන්ෂුවරන්ස් එකෙන් ඩොලර් මිලියන ගාණක වන්දියක් ගන්න දීපු ගේමක්ලු ඕක....වෙන වචන වලින් කිව්වොත් තමුන්ටම දීගත්තු රොබරියක්ලු.....ඒකි හම්බු කරපු සේරම හොරකම් කරලා මිනිස්සුන්ට බෙදන්න ඕනලු.....හොරුන්ට තිබ්බෙ පිහියක් අරගෙන ඒකිගෙ අහවල් තැන් ලොකු කරන්න බස්සපු සිලිකන් ජෙල් බෑග් හාරලා එළියට අරගෙන ලෝකයාට ඒකිගෙ ඇත්ත හෙළිදරව් කරන්නලු......හොරුන්ට තිබ්බේ ඒකිව කැමරාවක් ඉස්සරහා දණ ගස්සලා ලෝකයෙන් සමාව අයැදවලා ඊට පස්සෙ අයි.එස්.අයි.එස් පාරක් දාන්නලු.......ඒක ලෝකෙට සෙතක්ලු.....ඒකි නැති ලෝකය හොඳ තැනක් වෙයිලු.....ඒකිගෙ මේකප් සහ සායම් පිහදාලා, සිලිකන් වැඩ දාපුවා ගලවලා, පෙන්නන්න ඕනලු ලෝකෙට වමනෙ යන්න......මේක ප්‍රසිද්ධිය ගන්න තමුන් තමුන්ට දීගත්තු රොබරියක්ලු.....

ඔය ටික කියවලා මම ආයෙ මව්-රට ආවා පිංවතුනි.....දැන් වනගත වෙන්න යනවා.....( කෑමට ගෙදර එනවා ) ....
සාතිශය බහුතරය කිම් කාඩේෂියන්ව, එයාගේ නංගිලා, අක්කලා, අම්මලා, හත්මුතු පරම්පරාවකම ගෑණු ඉතාම දරුණු ලෙස අපහාසයට සහ වාචික හිංසනයට ලක් කරලා තිබුණා.....අතරින් පතර මෙහේ වගෙම දායක සභාවක එකෙක් දෙන්නෙක් මානුසිකත්වය වෙනුවෙන් වර්ඩ් එකක් දාල තිබ්බට, අපහාස මල්ටි බැරල් තිබ්බෙ.......කොටිම්ම කිව්වොත් කිම්ගෙ නංගිට වයස 16 ද කොහෙද වෙනකල් පීරියඩ් හැදුනෙ නෑ කියන එකත් කවුරු හරි ශ්‍රේෂ්ඨ ගවේෂකයෙක් හොයාගෙන තිබුණා......

දැන් මේ මොකද වෙන්නෙ?.....මේක තේරුම් ගන්න උත්සාහ කරන්න.....කවීෂාට මැරිලවත් නිදහසක් නැති වෙන තරමට වාචිකව දූෂණය වෙන්නෙ ඇ‍යි.....?......ෂනුද්‍රිට ඉලක්කම් පෙළක් වැරදිච්ච එකට මුළු ජාතියක් අතින් දූෂණය වෙන්න උනේ ඇයි....?.....ඇයි මෙච්චර ඇරියස්......?.....මුන්ගෙ ඇම්ප්ලිෆයිඩ් වර්ෂන් එක වෙච්ච කිම් කාඩේෂියන්ව මංකොල්ලයට ලක්වෙච්ච වෙලාවෙ එකෙක් හොරුන්ට වචනයකින් වත් හානියක් නොකර වින්දිතයාව මරාගෙන කන්න ලෑස්ති උනේ ඇයි?.....

පිංවතුනි.....සයිබරය නම් වූ හෙටරොටොපික අවකාශය වෙනම ලෝකයක්......අපි මේ ජීවත් වන භෞතික යථාව තුළ පරිණාමික ක්‍රියාවළියක බොහෝ දුරක් ඇවිත් තියෙනවා......ඒ පරිණාමික ක්‍රියාවළිය සකස් වෙන ඥාණසම්බන්ධිතතාවය (Cognition) සහ අවස්ථා - අවශ්‍යතා සම්බන්ධය තුළ අපිව සෑහෙන දුරට අත්දැකීම් මගින් කෘත්‍රිම ශික්ෂණ රාමුවකට අවනත කරවා තිබෙනවා......ලෝක යුද්ධ දෙකකින් පස්සෙ අපි මානව හිමිකම් ප්‍රඥපතීන් සොයා ගත්තා......අධිරාජ්‍යයන්ගෙන් පස්සෙ ප්‍රජාතන්ත්‍රවාදය සොයාගත්තා.....කාන්තා අරගල තුළින් ස්ත්‍රීවාචිකය සොයාගත්තා.....වහල් අරගල වලින් සමානාත්මතාවය සොයාගත්තා.....අපි උථෝපියාවක හෝ මොනොතෝපියාවක සිහිනයක් දකිමින් යනවා......

හැබැයි ඒ යන ගමන යන්නේ අපේ අභ්‍යන්තරයේ ඉන්න පරපීඩක, ශෝකී, සදොස් පෝෂක, සතාව හිරගත කරගෙන.....
ෆූකෝ අපේ දර්පණ ප්‍රතිබිම්භය සමාන කරනව උථෝපියාවට....කාළ අනුකෘතියෙන් සහ පැවැත්මෙන් දුෂ්කර උථෝපියානු මිනිසා තමයි දර්පණයේ ඉන්නෙ.......සයිබරයේ තත්වයත් ඕකයි.....භෞතික හෙජමොනික යථාව තුළ ජීවත් වෙන මිනිසාට වඩා තථ්‍ය, අසම්බන්ධිත, අවසමබ්න්ධිත, බහුමාන සහිත, බහුවිධ පැවතුම් සහිත, ( Time, deviation, crisis, all 3 ) හෙජමොනියෙන් විශ්වාස ගන්වා වියුක්ත කරවන ලද ( උදා: ෆේස්බුක් අඩවිය තුළ පැවැත්ම පොලිස්කරණයෙන් බාහිර වූ, ආයතන පද්ධතියෙන් මුක්ත වූ එකක් බවට ක්‍රියාකාරීත්වය විසින් සහ සාකාළික ( ඒ කියන්නේ වත්මනේ තාක්ෂණයට අනුරූපීව ) අත්දැකීම් විසින් ඒත්තු ගන්වන ලද ), එකකට එකක් යථාව තුළ අනුරූපී නොවන, ගැළපීම් රහිත තත්වයන් එක්ව තබන, ඒ සියල්ල තුළට තමන්ගේ චරිත කොටස් අවසාදනය කරමින් ජීවත් වීමට පහසුව සළසා දෙන ( Juxtapose ) අවකාශය තමයි සයිබරය.....ෆේස්බුක් කියන්නේ මේ මොහොතේ එහි අග්‍රඵලය......දැන් අහන්න එපා එබඳු අවකාශයකට "අග්‍රඵලයක්" තියෙන්න පුළුවන්ද කියලා.....පුලුවන්....ස්කන්ධ සංස්ථියට සහ ශක්ති සංස්ථියට අනුව මැවීම කළ නොහැකි නිසා, භෞතික යථාවේම කොටසක් ( ෆූකෝ මේක ඔහුගේ හි 1,2,3,4 හෙටරොටොපික නියමයන්ගෙන් පැහැදිලි කරනවා ) මත, භෞතික යථාවේ නිර්මාපකයන් විසින් කරන ඉදි කිරීමක් නිසා මේ සයිබරයෙත් අග්‍රඵලයන් තියෙන්න පුලුවන්.....

පිංවතුනි....අපි අරගෙන ඔබාගෙන, අමාරුවෙන් හිරකරගෙන ඉන්න බිම්ගෙයි සතා, ඉතාම ප්‍රිය කරන්නේ මේ වගේ අවකාශයන්ට......අපි සුරංගනා කථා තුළින්, අපේ ෆැන්ටසි තුළින්, ජන කථා තුළින්, මැජික් වගේ ෆැන්ටසිමය අවකාශය පෝෂණය කරන සංකල්ප තුළින්, පරිකල්පනය සහ ප්‍රඥාව තුළින් සකස් කරගන්නෙ මේ වගේ අවකාශයන්......ඔන්න පිංවතුනි සිතූ පැතූ සම්පත් දෙන ගස් තියෙනවා....

එහෙම සම්පත් දෙන එළදෙන්නු ඉන්නවා ( ඔය සුරබි දෙනද මොකාද කියන්නෙ ), පාරාදීස සංකල්පයෙන් ස්වර්ගය පෝෂණය වෙනවා, කවුරු හරි හරකෙක් ආගමික උමතුවෙන් අහිංසකයො මරාගෙන මැරිලා ගියාම අල්ලාහ් කන්‍යාවියො 72 ක් දෙනවා, රට ජාතිය වෙනුවෙන් දිවි දෙන කෙනා "සුන්දර සුරඹුන්ගෙ අතේ නැළවෙනවා".....අපේ සතා ඒ භෞතික යථාවෙ අර්බුදයන් නිසා කරගන්න බැරි හැසිරීමට හරි ආසයි.....ඒකෙ මරණින් මතු හෝ ජීවත් වෙන්න පුලුවන් නම් කියලා ඇඟිලි ගණිනවා.....
එහෙම ඉන්නකොට අපිට ඇලන් ටියුරින්, වින්ට් සර්ෆ්, මාක් සකර්බර්ග් කියලා තුන් දෙනෙක් ඇවිත් අවම වශයෙන් කාළාර්ථයේ ද්විමාණික හෙටෙරොටොපික අවකාශයක් ( කාළාර්ථයේ කියන වචනය භාවිතා කලේ පරිඝණක ප්‍රොසෙසර් එක උපදෙස් පිළිපදින එක මනින්නෙත් කාළමාන චක්‍ර වලින් නිසා ) හදලා දෙනවා......අපි ඒ අවකාශයට අපේ සතාව මුදාහරිනවා....
ඒක වෙනම ලෝකයක් පිංවතුනි....ඒක තමයි අපි මෙතෙක් සොයමින් සිටි ලෝකය.....ඒකෙ දැනට අපිට ද්විමාණිකව සතාව දුවවන්න පුලුවන් හෙටෙරොටොපිකය හරහා......දැන් අපේ සතා උද්දාමයට පත්වෙලා ඉන්නෙ.....අර ජිනීවා ප්‍රඥප්තිය, වියානා ප්‍රඥප්තිය, පොලීසිය, හමුදාව, රජය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, නියුරෙම්බර්ග් නඩු තීන්දුව, ඇමරිකානු නිදහස් ප්‍රකාශනය, කොමියුනිස්ට් ප්‍රකාශය, බුදුන්, මාක්ස්, එංගල්ස්, යේසුස්, මුහම්මද්, වෝල් ස්ට්‍රීට් එක, අනගාරික ධර්මපාල, මා ඕ සේතුං, අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බළ මණ්ඩලය, කොංග්‍රසය, පාර්ලිමේන්තුව, ඉඩි අමින්, රොත්ස්චයිල්ඩ් වරු, කියු ක්ලුක්ස් ක්ලෑන් එක, මාටින් ලූතර් කිං, යනාදි සියල්ලගෙන් චර්යාව තාවකාළිකව "විපාකයෙන් තොරව" නිදහස් කරගත්ත අවකාශයක අපේ සතා වේගෙන් උඩ පැන, පැන දුවනවා....

විපාකයෙන් සහ යථාවේ භෞතික විද්‍යාත්මක බාධක වලින් සතා නිදහස් වෙනවා......
දැන් නිතර නිරුවත් වෙලා අපිට ඇරියස් එකතු කරන කිම් කාඩේෂියන්ව ඇඳක බැඳලා දාලා මනෝ කායික ප්‍රචණ්ඩත්වය මුදාහරින්න, කවීෂගේ, ෂනුද්‍රිගේ අඟ පසඟ සමග ඔවුන්ව බිත්තියකට තියලා තද කරගන්න, අපේ සතාට පුළුල් බළතල තියෙනවා.....එහෙම කරලා විසි එක් අවුරුද්දකට කූඩුවක කූරු ගනින්නෙ නැතුව ධාතු පහවුනාම පිටවෙලා සැනසිල්ලෙ යන්නත් පුලුවන්.......කාඩේෂියන්ව දූෂණය කරන්න, ෂනුද්‍රිලව දූෂණය කරන්න තියෙන භෞතික, සාගර, කාළාවකාශ සහ ප්‍රාග්ධන බාධක මෙතන නැහැ........හැබැයි භාවිතා කළ හැකි උපාංග වෙනස්......
භෞතික යථාවේ:
බාහු බළය + ප්‍රාණවත් අංග ජාතය + යෝනි පුරාසනය = දූෂණය
මෙතන
බාහු බළය ( ඇයි යකෝ ටයිප් කරන්න ඕනනේ ) + මනස + කැමරා ඇසක ප්‍රතිබිම්භය + දත්ත ප්‍රවාහය + ප්‍රාණවත් අංග ජාතය = දූෂණය

ඔය පළවෙනි එකේදි දූෂණයට නඩු තියෙනවා.....නඩුවට විත්ති කූඩුවට යන පාර බොහොම කෙටියි.....දෙවනි එකේදිත් නඩු ඇති.....නමුත් විත්ති කූඩුව තමුන්ට බොහොම දුරයි කියන එක අත්දැකීම් අනුසාරයෙන් ඇතිවන අනුභූතීන් දන්නවා.....ඒ නිසා බය නැතුව පට ඇරලා දෙනවා......
මේක අලුත් ග්‍රහ ලෝකයක් මහත්වරුනි.......සූර්යයාගේ සිට කිලෝමීටර් මිලියන 149.896 ක් ඈතින් මේ මොහොතේ තිබෙන කාබනික, හයිඩ්‍රොක්සික ග්‍රහ ලෝකයෙ අපේ මිනිස් ජීවී විශේෂය පරිණාමයෙන් බොහෝ දුරක් ඇවිත් හිටියට, මේ 1 0 1 0 1 0 සොබා දහම සහිත, ඊතර්නෙට් කේබල්, ඔප්ටිකල් ෆයිබර්, උඩ පවතින අලුත් ග්‍රහ ලෝකයේ අපේ මිනිස් වර්ගයා මේ දැන් පහළ වුනා විතරයි......

දැන් මේ සයිබරය නම් ග්‍රහ ලෝකයේ මිනිස් වර්ගයා ආයෙ මුළ සිට පරිණාමික ගමනක් යනවා....තේරෙනවද සීන් එක?......ලුසීගෙන් පටන් ගෙන මේ හෝමෝ සේපියන්ස් සේපියන්ස් තෙක් ආපු ගමන එතනට වලංගුයි වගේම වලංගු නැහැ.....ඒක ආයෙ මුල ඉඳන් පටන් ගත්තු ගමනක්.....
පිංවතුනි, අපි තමයි සයිබර් ග්‍රහ ලෝකයේ හෝමෝ රුඩොල්ෆෙන්සිස්ලා, හෝමෝ ඉරෙක්ටස්ලා......අපි යථාවේ ග්‍රහ ලෝකයේ හෙවත් "පෘතුවියේ " හෝමෝ සේපියන්ස් සේපියන්ස්ලා වුනාට, සයිබරය නම් මේ අලුතින් නිමවන ලද ග්‍රහ ලෝකයේ තාම ඉන්නෙ ප්‍රාග් ඓතිහාසික තත්වයන් තුළ.....
මේ පෘතුවි ග්‍රහ ලෝකයේ නොදැමුණු අතීතය ගැන කල්පනා කරල බලන්න......දැන් අපි ඒ තත්වයන් පසුකරගෙන පාර්ශ්විකව බොහෝ දුරක් ඇවිත්...... නමුත් සයිබරයේ අපි තාම ඉන්නෙ අර දැති පොල්ලකුත් අරගෙන ගොදුරු සොයන, ස්ත්‍රියක් හමුවූ විට කොණ්ඩ වල්ලෙන් ඇදගෙන ගල් ගුහාවට ( අපේ කම්පියුටරය හෝ ස්මාට් ෆෝන් එක තමයි මේ ලෝකෙ ගල් ගුහාව ) ඇදගෙන ඇවිත් බලෙන් රමණය කරන යුගයේ......
මේ හෙටෙරොටොපිය තුළ මිනිසාගේ පරිණාමය අමුතුම එකක් වේවි......ඒක ගැන හිතනකොට බය නම් VR headset එකක් ඔලුවට දාගෙන බලන්න....බය වෙන්න එපා.....මේකෙ Cognitive Revolution එකෙත් තියෙන්නෙ එකම භෞතික යථාවේ Cognitive Revolution කරපු ස්ඵෝටකයන්ම තමයි.....මේකට වසර මිලියන ගණනක් ගත වෙන එකක් නෑ......21 වැනි සියවසේ අග පමණ වනවිට, පරමාදර්ශයන් සහ නොදැමුණු ෆැන්ටසි අතර සමතුලනයක් මිනිස්සු සොයා ගනියි.....
Ladies & Gentlemen, Welcome to Earth - 002

23 comments:

  1. කාන්තා අරගල තුළින් සොයාගත්...කන්ට් එක !

    ReplyDelete
  2. අන්තිම වෙනකම් කියෙව්වා. අදහස නම් තේරුනා හැබැයි සමහර වචනල තේරුම නම් මම දන්නේ නෑ. ආයේ බොරු කියන්නේ මක්කටැයි.

    ReplyDelete
  3. මටත් සමහර වචනනං තේරුණේ නෑ, හැබැයි දළ අදහස වැටහුණා. කතාව සහතික ඇත්ත.

    ReplyDelete
  4. මොලේ කොලොප්පන් වෙනව ඕයි.
    ලාවට වගේ තේරුනා මම හිතන්නෙ.

    ReplyDelete
  5. මං දන්නේ නැහැ මචන්. මටනම් කිම් කර්දශියන්ව පෙන්නන්න බැහැ. මොනවත් නැති හිස් චරිතයක්. සිදු වුන දේට මුකුත් කියන්නේ නැහැ. නමුත් තමන්ගේ පොහොසත්කම ඕනෑවට වඩා උද දාන කෙනෙක්. විකාර චරිතයක්.

    ReplyDelete
    Replies
    1. කිම්ගේ කොල්ල ලීක් කරපු වීඩියෝ එක බලල නැහැ වගේ...
      ඒක බැලුවනම් ඔහොම එපා වෙන එකක් නැහැ... ;)

      Delete
  6. හැබැයි ඒ මනුස්සසයට අරක මේක කරන්න ඕනේ කියන මානසිකත්වයේ නෙමෙයි මම ඉන්නේ. ප්‍රශ්නේ ඔය කන්ටහ්ව ඔතනට ආවේත් ඔය මාධ්‍ය සහ කොමෙන්ට් කරුවන් මනිපියුලේට් කරලා.

    ReplyDelete
  7. Well said Raj ..
    "සයිබරයේ අපි තාම ඉන්නෙ අර දැති පොල්ලකුත් අරගෙන ගොදුරු සොයන, ස්ත්‍රියක් හමුවූ විට කොණ්ඩ වල්ලෙන් ඇදගෙන ගල් ගුහාවට ( අපේ කම්පියුටරය හෝ ස්මාට් ෆෝන් එක තමයි මේ ලෝකෙ ගල් ගුහාව ) ඇදගෙන ඇවිත් බලෙන් රමණය කරන යුගයේ......"

    only this statement is more than enough to understated what you trying to say ..
    So many new words (Sinhala words/meanings) learn from your article
    All the best ..!

    ReplyDelete
  8. ටිකක් කියෙව්ව, ඉතිරිය බෑ කියල හිතුන

    ReplyDelete
  9. මේක ගෑනුන්ට එරෙහිව යන එකක්ය කියන්ඩ බැහැනෙ.දැං අර චිලියාට විරුද්දවත් කොච්චර කතන්දර යනවද?
    මේ හීනමානය තුලින් ඇතිවෙන ඊර්ෂ්‍යාවේ ප්‍රථිඵලයක්.තත්‍ය ලෝකේ ලබාගන්ඩ බැරි සමාජ පිළිගැනීමක් ලබාගන්ඩ දරණ අහිංසක මෝඩ චූන් එකක්.

    ReplyDelete
  10. සයිබර් වරිගේ උන්ඩියා කියන්නේ මාර පොරක්නේ බං බලාගෙන යද්දී...
    මේ දේවල් මේ පෝස්ට් කියවනකල් නිකමටවත් හිතිච්ච නැති දේවල්...
    මගේ රෙස්පෙක්ට් එක ඌට...

    ReplyDelete
  11. මුල ටික කියෙව්වා. අන්තිම ටික කියාදෙන්න කෙනෙක් හිටියනං හොඳයි කියලා හිතුණා. හැබැයි මේ වගේ සිතුවිල්ලක් මෙතුවක් කල් පහල උනේ නෑ. ඒ අතින් උණ්ඩියා නව චින්තකයෙක්.

    ReplyDelete
  12. අන්තිම ටිකත් පොඩ්ඩක් මුල හරිය වගේ සරල උනානං..

    ReplyDelete
  13. ලොකේ කොහෙත් කාටත් වෙන දේ තමයි මේ ලිපියෙත් මුල පටන් අරන් තියන තැනටයි අගටයි වෙලා තියෙන්නේ.. :)

    ReplyDelete
    Replies
    1. මුලින් සරලව පටන් අරන් අන්තිමේ වෙන්නේ මොකද්ද කියලා තමන් ටත් අනුන්ටත් නොතේරෙන එක රාජ්..

      Delete
    2. නිතහීදගෙ සිංහල භාෂා හැකියාව දියුණු කරගත යුතුයි කියල යෝජනා කරනව. බුකියෙදිත් මම කිව්වෙ මේකෙ තියන අමාරු වචන ටික අතහැරියම ඉතාම පැහැදිලි ලියවිල්ලක්. සම්මත ආකාරයේ ආකෘතියක ලියවිල්ලක්.

      Delete
    3. රාජ්, අපි ඉදිරියට යද්දි යන්න ඕන එන්න එන්න සරල වෙන පොඩි ලමයෙකුට පවා එක සැරෙන් වැටහෙන සුපැහැදිලි කමක් එක්ක... එතකොටයි අප මෙතෙක් ලබා ගත් දැනුම වැඩි දෙනෙකුට බෙදා දෙන්න පුලුවන්.. මම එහෙම හිතන්නේ රාජ් අපේ මිනිස් ජිවිතයට නිසි තේරුමක් දෙන්න පුලුවන් අපි ලබා ගත් දැනුමෙන් ඒ දැනුමට ලඟා විය නොහැකි අයට පවා සේවයක් අප අතින් වීම ඉතා වැදගත් ලෙසා මම හිතන නිස..

      බොහෝ දෙනා රාජ් එකතු කර ගත් දැනුම සමඟම මිය යනවා..පුලුවන් තරන් පැටලිලි සහගත ජිවිත වලට සහ ලියවිලි වලට වඩා පැහැදිලි සරල දෙයින් වැඩි දෙයක් ලොවට දයාද කල හැකියි..ඒ මගේ දැක්ම රාජ්...

      Delete
    4. සරල වෙනවට වඩා පටලවන අයගෙ මම නම් දකින්නෙ තමන්ගෙම හිතේ තියන බය.. තමනගේ අදහස් කියන්න පැහැදිලිව හැමෝටම තේරුන් ගන්න පුලුවන් විදිහට එක පාරින්...ඒකනේ ගොඩක් අය රඟපැම තෝර ගන්නෙත් රාජ්...කෙලින් සරලව කියලා එන ප්‍රශ්න සහ විවිධ වෙනස් මත වලට මුහුණ දීමේ බය ගොඩක් අයගේ ලියවිලි වල මම දකිනවා..

      Delete
  14. මගේ අදහස් කීපයක්;

    ඕස්ට්‍රේලියාව වගේ රටවලත් ඔය මොඩල්ස් ලා අල්ලගෙන ඔහොම කමෙන්ට්ස් කරනවා. නමුත් වැදගත්ම දේ තමයි ඒවා ඊට අදාල පිරිසක් අතර පමණක් පැවතීම. අපේ වෙනස මම දකින්නේ බරපතල දෙශපාලන සාකච්ඡා කරන එවුනුත් අර සිල්ලර කතාබහට සම්බන්ධ වීම. ඒකෙන් ඔය වගේ දේවල් වලට අනවශ්‍ය වැදගත් කමක් ලැබෙනවා.

    තව මගේ නිරීක්ෂණයක් තමයි, අපි පොදුවේ හිතන්නේ අපි හිතන විදිහට දේවල් පැවතිය යුතුයි කියලා. අපි දන්න, අපිට බලපාන, අපිට බලපෑමක් කල හැකි දේවල් තෝරගන්න අපි දන්නේ නෑ. අපිට හැම දේ ගැනම අදහස් තියනවා ඒ වගේම ඒවා වලංගුයි අදාලයි කියලත් අපි හිතන් ඉන්නවා.

    පත්තරයක ටීවී එකක අපිට අදාල නැති, අපි කැමති නැති දෙයක් ගියාම අපිට කට වහගෙන ඉන්න බැහැ. ඔය මොඩල් කෙනෙක්ගේ වැරදීමකට, අඩ නිරුවතට, උන්ගේ පෞද්ගලික ජීවිතේ දෙයකට අදාලව (පක්ෂව හෝ විපක්ෂව ) අපි අදහස් දක්වනවා. සමහරු එහෙම කරන්නේ රටේ ව්‍යවස්ථාව, නීතිය වගේ ජාතික මට්ටමේ ප්‍රශ්න කතා කරන ගමන්. අපි නොදැනුවත්වම කරන්නේ වැදගත් සාකච්ඡාවකට නොවැදගත් හෝ අදාල නොවන දෑ ගෙනවිත් ඒ දේ අල කර ගැනීමක්. එහෙම නැත්නම් මොනවාද වැදගත් කියන එක තේරුම් නොගැනීමක්.

    සමාජ ජාලා නිසා වෙලා තියෙන්නේ හැමෝටම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න සමාන බිමක් ලැබිලා තියන එක. අපිට අදාල නොවන දේවල් නොසලකා හැරීමේ පුරුද්දක් අපිට නෑ. රටක අධ්‍යාපනයෙන් ළමයෙක්ගේ සිතුම් පැතුම් හැඩගැස්වීම ගැන එච්චර උනන්දු නැති අපි, ටීවී වල පත්තර වල යන ඒවගෙන් ළමයින්ගේ සිතුම් පැතුම් වන බලපෑම ගැන කතා කරනවා. අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි නිසිම නීතිවිරෝධී දෙයක් සිදු වෙන්නේ නැතුවත්, මෝඩ ගොන් ආතල් වලට පවතින්න පුලුවන් බව.

    උගතුන්ට, බුද්ධිමතුන්ට පමණක් මාධ්‍ය ඇතුළු අනෙකුත් බොහෝ දෑ විවෘතව තිබුණු යුගයක ඉඳලා ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් මේන්ටේන් කරන්න පුළුවන් ඕනෙම එකෙකුට අද මාධ්‍ය විවෘත බව අපි දැනගන්න ඕනේ. මොකක් හරි අපිට ඉහලින් තියන ක්‍රමවේදයකින් ෆිල්ටර් කරලා "හෝඳ" දේ පමණක් සමාජයට දෙනකම් බලන් ඉන්නයි අපි පුරුදු වෙලා තියෙන්නේ. අපිට අදාල දෑ අපි තෝරාගන්න ඕනෙ කියන අභියෝගයට වැඩි දෙනා සූදානම් නෑ.

    ඒ නිසා ඉතින් මගේ අදහස තමයි, ඔව් ඔය කියන දියුණු රටවලත් ඔහොම වෙනවා. නමුත් ඒවා බොහෝ විට ඒ ඒ ගොන් ආතල් ගන්නා පිරිස් වලට, ස්ථාන වලට සීමා වෙච්ච දෙයක්, රටේ දේශපාලන ප්‍රශ්න කතා බහ කෙරෙන තැන් වලට කිම්ගේ නිරුවත අදාල වෙන්නේ නෑ. විමල් කැටිපේආරච්චි ද කොහෙද මම දැක්ක ලඟදි කියලා තියනවා ඔය පල්හෑලි නැතුව දේශපාලනය ගැන කතාකරමුද කියලා විමල්ගේ බැසිල් ගේ සිද්ධි වලදී. අන්න ඒ දේ තමයි වෙන්න ඕනේ...

    ReplyDelete
  15. ය(ජ)හපාලන සගයිනි,

    දිවංගත අමරදෙවයන් ද කෑ බිව් මිනිසෙකි.

    වත්මනෙහි සිරනිලංකා දුම්කොළ සහ මධ්‍යසාර ජනරජයෙහි අළෙවිවන පරිමාවෙන් මිලි ලීටර සත්සිය පනසක් (750 ml) වූ බෝතලයක වන “ගල්” යන අවියත් පදයෙන් හැඳින්වෙන “අති විසෙස්” මත්පැන සඳහා දැරිය යුතු බරපැන රුපියලින් දක්වන කල එක්දහස් සාරසිය සතලිසකි (රු.1,440.00 කි). මිලි ලීටරයක මිල රුපියල් එකකුත් සත අනූ දෙකකි (01 ml = රු.1.92 කි.).

    දුම්කොළ අඩංගු කොටසෙහි දිග මිලි මීටර පනස් පසක් (55 mm) වන “රන්පත්” දුම්වැටියක් සඳහා දැරිය යුතු බරපැන රුපියලින් දක්වන කල පනසකි (රු.50.00 කි). එනම් මිලි මීටරයක මිල ශත අනූ එකක් පමණය (01mm = රු 0.91 කි.).

    මේ නම් රට නැගුමට මුදල් සෙවුම පිණිස “සිරිසෙන් - විකුම්සිහ දෙබාන” විසින් නිමවන ලද මනරම් “අර්ථ සත් නයක්” හෙවත් ආර්ථික ශාස්ත්‍ර/විද්‍යා න්‍යායයකි. මේ “සිරිසෙන් - විකුම්සිහ දෙබාන” අබිමුව නිසැකව අර්ථ සත් නය පිළිබඳ වෙසරද ඇඩම් ස්මිත්හු සහ මාක්ස්හු පවා පසුබාති. එසේම වසර දෙදහස් දහසය සඳහා වන “අර්ථ සත” හෙවත් ආර්ථික ශාස්ත්‍රය/විද්‍යාව පිලිබඳ නොබෙල් තෑග්ග මේ “සිරිසෙන් - විකුම්සිහ දෙබාන” වෙත ලබන වසරේදීවත් පිරිනැමෙනු නිසැකය.

    ය(ජ)හපාලන සගයිනි, මේ දෙබාන වෙත නිසැකව ලැබෙන බුහුමනින් තොප මෙන්ම රටද අමන්දානන්දයට පත්විය යුතුමය. එබැවින් අවම ලෙස අට දෙනකුවත් එකතුව “අති විසෙස්” මත්පැන් බෝතලයක් සහ “රන්පත්” දුම්වැටි අටක් සඳහා මුදලින් සම්මාදම්ව මේ දෙබානෙහි මව් පියන් ද සිහිපත් කරමින් මේ සතුට දැන්ම සැමරුව මනාය. කටගැස්මට අඩුම මිලැති “චිප් අල” (potato chips) වැනි දෑ නොසෙව්ව මනාය. මක්නිසාද යත් දුරුතු මස අටවැනි දින බැස්ම ඇරඹි “ය(ජ)හපාලන විප් - අල” දැන් නොමිලේම ලැබෙන බැවිනි.

    ය(ජ)හපාලන සගයිනි, සාදය ලබන වසරට කල් දැමීම නොමනාය. මක්නිසාද ලබන වසර වනවිට කටගැස්මට පමණක් නොව තුන් වේලටම කන්න ලැබෙන්නේ පානුයි ලුකයි බව පෙනෙන බැවිනි. එය නිසැකව කට කැස්මට නම් හේතුවේ.

    අවසන මා වැනිම කා බිව් දිවංගත “සිතුම් ජයසෙනයන්” උපුටා දක්වමි.

    “ඇත්තෝ කති බොති සුඛති. නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.”

    - මයුරවිල මි.

    ReplyDelete