Wednesday, December 7, 2016

වේලාව නැවීම.

පසුගිය දිනවල, රජයේ කාර්යාල වේලාව නම්‍යශීලී කිරීමේ අදහසක් ගැන ආණ්ඩුව පැත්තෙන් අදහසක් ගෙනා බව මතකය. ඒ ගැන ලිවීමට සිටින විට රසිකලොජිස්ට් බ්ලොග් අඩවියේ රසිකගේ කාර්යාල වේලාව සංශෝධනය වීම පිළිබඳවද සටහනක් තබා තිබුනි. කෙසේ වෙතත් රජයේ කාර්යාල වේලාව නම්‍යශීලී කිරීම පිළිබඳව ජනතාවගේ පැත්තෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන බවක් පෙනෙන්නට නැත. ඒ පිළිබඳව ඇති අවබෝධයද අවම මට්ටමක පවතින බව පෙනෙන්නට ඇත

ආයතන සංග්‍රහයේ XXVIII පරිච්ඡේදය අනුව රජයේ නිලධාරීන්ගේ සාමාන්‍ය කාර්යාල වේලාව පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා වන අතර කණිෂ්ඨ කාර්ය මණ්ඩය නිලධාරීන් උදෑසන සහ සවස් කාලයෙන් තවත් පැය භාගය බැගින් සේවය කලයුතුය. මීට අමතරව සහනයක් ලෙස පැය භාගයක ආවරන කාලයක්ද ලබාදී ඇත. එනම් උදෑසන 8.30 සහ 9.00 අතර කාලය තුල සේවයට පැමිණෙන නිලධාරීන්ට සවස 4.15 සිට 4.45 දක්වා කාලය තුල පසුව ප්‍රමාද වූ කාලය ආවරණය කල හැකිය. මීටත් අමතරව ගර්භනී කාන්තාවන් සඳහා පැය භාගයක් ප්‍රමාදව සේවයට පැමිණීමටත් පැය භාගයකට කලින් පිටවීමටත් හැකියාව ඇති අතර දරු ප්‍රසූතියෙන් පසු අඩ වැටුප් හෝ වැටුප් රහිත නිවාඩු ලබා නොගන්නේ නම් පැයකට පෙර කාර්යාලයෙන් පිටත් වීමටද(කිරි පැය) හැකියාව ඇත.

යෝජිත සංශෝධනය අනුව පෙරවරු දහය පමණ වන තෙක් කාර්යාලයට පැමිණිය හැකි අතර එතැන් සිට දිනකට නියමිත පැය ගණන සේවය කිරීමෙන් පසුව පිටවිය හැකිය. මේ නිසා කාර්යාල නිලධාරීන් මෙන්ම අනෙකුත් පුරවැසියන්ගේද යම් යම් අපහසුතා මඟහැරේ. උදාහරණයක් ලෙස නාගරික ප්‍රදේශවල පවතින රථවාහන තදබදය හා පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින තදබදය යම් මට්ටමකින් අඩු වේ යයි සිතිය හැකිය. එමෙන්ම ප්‍රමාද වී කාර්යාලයට යාමට හැකිවීම හේතුවෙන් උදෑසන කාලයේ පවතින අධික විදුලි ඉල්ලුම අඩුවිය හැකිය. යම් ආයතනයක සේවා කාලය පුළුල් වූ විට සේවා දායකයන්ට එහි වාසිය හිමිවේ.

කෙසේ වුවත් මෙවැන්නක් සිදුකල යුත්තේ යම් යම් සීමාවන්ට යටත්වය. රසිකලොජිස්ට්ගේ ලිපිය අනුව වේලාව වෙනස් වුවද සතියට නියමිත පැය ගණනක් ඇතිවාක් වැනි කොන්දේසි තිබිය යුතුය. විශේෂයෙන්ම බාහිර සේවාදායකයන් සමඟ සෘජුව සම්බන්ධ වන නිලධාරීන් සඳහා මෙම වේලාවන් ක්‍රියාත්මක කල නොහැකි අතර අභ්‍යන්තර රාජකාරි කටයුතු පමණක් පැවරී ඇති සේවකයන් සඳහා මෙවැන්නක් ක්‍රියාත්මක කලහැකිය.

10 comments:

  1. මහජන සේවා සපයන රජයේ කාර්යාල වල සමහර සේවකයින්ට සෙනසුරාදා - ඉරිදා වැඩ කරන්න අවස්ථාව ලබල දුන්නොත් නිවාඩු නොගෙන පාස්පෝට් ගන්න, බලපත්‍ර ගන්න පුළුවන් වේවි. සති අන්ත වැඩ කරන අයට සතියේ දින දෙකක් නිවාඩු නිසා වි ගොල්ලන්ට වෙනත් රාජ්‍ය ආයතන වලින් වැඩ කරගන්න ගුරුවරු හමුවෙන්න පාසැලට යන්න ආදිය කරන්න හැකිවේවි.

    ReplyDelete
    Replies
    1. වේවි වේවි බලන් ඉන්ටකො.
      ඕකුන් එතකොට සති අන්තයෙත් ගිහින් අයිස් ගහනවා, සතියේ දවසටත් නිවාඩු.

      Delete
  2. හොඳ ක්‍රමයක්. නමුත් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව පැහැදිලි ප්‍රතිපත්ති මාලාවක් පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත කරගත යුතුයි.

    ReplyDelete
  3. ක්‍රමය හොඳ වේවි කියල හිතනවා. ඒත් අපේ අය ඕකෙනුත් රිංගල යන්න ක්‍රමයක් හොයාගනියි.
    රාජ්‍ය අංශයේ අය ඒවට හරි දක්ෂයි.

    ReplyDelete
  4. රැකියාවක් නිර්මානය කිරීමේ දී ඊට අදාල වැඩ කොටසක් තියේ නම් ඔය වෙලාව ප්‍රශ්නය ඇත්තේම නෑ.

    මා විශ්ව විද්‍යාලවල සේවය කරන කාලේ, සේවය පිළිබඳ මිනුම් මිස ඒ සේවා කරන්නේ කොහේ සිට ද යන්න අදාල වුනේ නෑ.

    මහජන සම්බන්ධතා ඇති තැන්වල එසේ කළ නොහැකියි.

    ReplyDelete
  5. මුලින්ම නියමු ව්‍යාපතියක් විදියට කරලා බලන්න තියෙන්නේ ඔය යෝජනාව

    ReplyDelete
  6. මෙතන කතා කරන්නෙ මෙන්න මේ කාරණාව ගැන.

    "යම් යම් නිලධාරීන්ට, ඔවුන්ගේ රාජකාරිය සෘජුව මහජනයා හෝ කිසියම් නිශ්චිත වේලාවක අභ්‍යන්තර නිලධාරීන් සමඟ සම්බන්ධ නොවන විට, ඔවුන්ගේ සේවා කාලය කොන්දේසිවලට යටත්ව නම්‍යශීලී කල හැකිය" කියන එකයි.

    එහෙම කිව්වට පස්සෙත් රිංගනව/අයිස් ගහනව... වගේ කතන්දර අදාල කරගන්නෙ සිංහල නොතේරුනාම.

    රසිකලොජිස්ට්,
    ඔය කාරණය හරි. මේ ගැන තවත් ටිකක් ලියන්න අදහස තියනව. මම දැන් ඉන්න කාර්යාලයට ආපු මුල් දවස්වලත් වැඩ කෝටා එකක් පවරල ඒ අනුව වැඩකිරීමේ ක්‍රමයක් හදන්න නියමු ව්‍යාපෘතියක් යෝජනා වුනා එවකට ර‍ජයෙන්. නමුත් වැඩේ කෙරුනෙ නෑ.

    ReplyDelete
  7. බහුතරයක් වැඩට නාවත් අවුලක් නෑ, බදදාට අනිවාර්යයෙන් ඔෆිස් එන්න ඕන නීතිය නිසා පොලේ තදබදෙත් වැඩියි, නිදහසේ එළවළු ටිකක් ගන්නවත් නෑ.

    ReplyDelete
  8. එකඟයි ඔබේ අදහස් වලට..

    ReplyDelete
  9. රාජ්
    ලියන්නා කෙසේ කිවත් කියවන්නා අන්දවන්න හදන අය ඔස්ට්‍රලියාවේ රාජ්‍ය සේවය ඔය නිසා සම්පුර්ණ සාර්ථකත්වයක් පෙනුම් කරනවාද කියා බලාගන්නපුළුවන් ඔය කියන හාදයාගෙන්ම ආධාරයෙන් ඔස්ට්‍රලියාවට ඇව්ල්ලා සොයලා බැලුවනම්. තේරෙයි එවිට

    තාක්ෂණය ඉහල මට්ටමක් තිබුනත් එවන් ආයතනයන්ට පුළුවන්නේ සම්පුර්න්යෙනම එම සේවක පිරිස් කාර්යාලවලට නොගෙන්වා ඒ දේම ඔවුන්ගෙ ගෙදරසිටම කරගෙන ඒ සේවාව ලබාදෙන්න ඇයි එම ක්‍රමය ලංකාවට ගැලපෙන බව එ ලියන්නට යෝජනා කරන බැරිද
    අපි ඔස්ට්‍රෙලියාවේ රජයේ / ප්‍රාන්ත රජයේ සේවකයෝ අපි මෙමෙයි සේවය කරන්නේ කියලා කිව්වට බලන්න ඕනේ ටීම් වර්ක් එකක් යනකොට කොහොමද කෙරෙනකොට කෙරෙන්නේ කියලා
    බයිලම තමයි බොස් ඔය ඔක්කොම කවුරුත් නොදන්නා ඔසී ජීවිතවල ට



    ReplyDelete