Wednesday, June 29, 2011

තව ඩිංගෙං වැටෙනවා!

මේක ඇත්තම කතාවක්. කතා නායකයා පී.එච්.අයි. මහත්තයෙක්, ඒ කියන්නෙ මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනෙක්. ..... විශ්ව විද්‍යාලයේ වැඩ කරන එක්කෙනෙක්. වයස අවුරුදු බර ගනනක් උනත් ඕනම වෙලාවක නංගී-මල්ලි කියලා තමයි කොල්ලන්ට කෙල්ලන්ට කතා කරන්නෙ. දවසක් මෙයා ආවා පිරිමි හොස්ටල් එකකට. තවත් පී.එච්.අයි. මහත්තුරු කස්ටියක් එක්ක. හොස්ටල් එක වටේට ඇවිදලා අන්තිමට ගියා ටොයිලට් තියන පැත්තට.
ගිහිල්ලා අන්තිම පරණ වෙච්ච ටොයිලටි වලක් වටේ කැරකෙනකොට අයිනෙ තිබුන පස් බුරුල් වෙලා මේ යකා වැටුනා වලට. හැබැයි කෙලින් අතට, නිකන් වලට බැස්සා වගේ. කස්ටියටම හිනා, කොල්ලොත් බලාගෙනනේ. කොහොම උනත් වැටුනට වඩා ඉක්මනින් ගොඩට එන්න නම් මැන්ට පුළුවන් වුනා. ඒ වෙනකොට දනහිස ගාවට ...ගෑවිලා. නෝන්ඩිය වහගන්න විදියකුත් නෑනේ. අන්තිමට පොර කියනවා,
"තව ඩිංගෙං වැටෙනවා!"
හිනා ගියානං කොමෙන්ටුවකුත් කොටලම යන්න.

8 comments:

  1. පව් හලෝ වයසක මනුස්සයා.:(

    ReplyDelete
  2. ඒකනෙ තව ටිකකින් වැටෙනවා! :D
    මැවිලා පෙනේවී ආතල් එකේ!

    ReplyDelete
  3. ඒකනෙ පව් ඒ මනුස්සයා! හැබයි මට නම් හිනා ගියා ඕං

    ReplyDelete
  4. සාටර් වැඩේ ....
    පව් පොර .......

    ReplyDelete
  5. මට පොඩි ???ක්. ඒ යකා තව ඩිංගෙන් වැටෙනවා කිව්වේ මොනවද?

    ReplyDelete
  6. හික්z මැවිලා පේනවා..මරු වැඩේ මෑන්ට වුනේ...පව් හැබැයි...

    ReplyDelete
  7. මෙලහකට කොහොමටත් කරවටක් ජරාවෙ බැහැල ඉන්න පොරක් වෙන්න ඇති.. ඉතින් එහෙවු එකාට වලේ වැටුනම තාම ගොඩ ඉන්නවා වගේ තේරෙනවාත් ඇති..

    ReplyDelete