Wednesday, June 8, 2011

නයිංගෙ අපේ IQ ප්‍රශ්නෙ?

උදේ පාන්දරම (11.00ට විතර) බ්ලොග් බලනකොට මධුරංගගෙ බ්ලොගේ දැක්ක පෝස්ට් එකක තිබුන IQ ප්‍රශ්නයක් දැකලා තමයි මට මේ ප්‍රශ්නෙ මතක් වුනේ. පුලුවන් නම් උත්තර දෙන එකයි ඇත්තෙ.
දන්නව නේද අර නයි දෙන්නෙක් දෙපැත්තෙන් වලිගෙ ඉදලා එකිනෙකා ගිලින සීන්එක.අයියෝ ඒකවත් දන්නෙ නැද්ද?
මෙන්න මෙහෙමයි වැඩේ ස්ද්ධ වුනේ
ඔන්න එකමත් එක කාලෙක නයෙක් දැක්කා උගේ තරහකාර වෙන නයෙක්.ඉතින් මූ මොකද කලේ අරූව ගිලින්න සෙට්වුනා.හැබැයි පේස් ටු පේස් නෙවේ වලිගෙ පැත්තෙන්.ඉතින් අනිත් එකාටත් තේරුනා එන පොට හොදනැති විත්තිය.ඌ මොකද කලේ තමන්ව ගිලින එකාගෙ වලිගෙ පැත්තෙන් ගිලින්න වුනා.
හරි මගේ ප්‍රශ්නෙ මේකයි මේ දෙන්නට මේ වැඩේ කොච්චර දුරට කරගෙන යන්න පුලුවන්ද කියන එකයි.වෙන විදියකට කියනව නම් අන්තිමට මොකක් වේවිද?????
කමෙන්ට් එකකින් උත්තරේ කියන්න බලන්න
ගිහින් එන්නම්.

9 comments:

  1. රවුමක් හැදිලා නතර වෙයි.

    ReplyDelete
  2. අද තමා මේ පැත්තේ ආවේ මං.....

    ම්ම්ම්ම්ම් මාත් හිතන්නේ රවුමක් හැදිලා නතර වෙයි. නැත්නම් නයි නානවද දන්නෑනේද අයියා....... හික්ස්.... (අයියෙක් කියලා හිතනවා මල්ලියෙක් නම් සමාව භාජනයක දා දෙන සේක්වා )

    ReplyDelete
  3. අඳුරන නයි කීප දෙනෙක්ම ඉන්නවා...අහල එනකම් පොඩ්ඩක් ඉන්න..

    ReplyDelete
  4. නෑ නෑ නෑ මම අහන්නෙ මුන් දෙන්නට කොච්චර දුර එකිනෙකා ගිලගන්න පුල්වන්ද කියලා.
    @හා පැටික්කි ඕන්න දැම්මා කෝප්පෙකට.

    ReplyDelete
  5. හප්පා...... මල්ලියෙක්ද. එහෙනම් සමාවෙන්න...... :)
    ඕකට උත්තරේ ගිලින නයාගේ දිග වෙනකම් නම් වෙන්න බෑ. :DDDD

    ReplyDelete
  6. නෑ නෑ නංගි වැරදුනා! හා නංගි කෙනෙක්

    ReplyDelete
  7. දිගෙන් භාගයක් වෙනකන්

    ReplyDelete
  8. මෙහෙමයි වෙන්නෙ,
    නයි දෙන්නා අංක 1 , 2 කියලා ගත්තොත් 1 නයාට ගිලින්න පුලුවන් අන්තිම පරිමාව වෙනකන් ඌ 2 නයා ගිලිනවා.දෙවනියත් ඌට ගිලින්න පුලුවන් පරිමාව ගිලිනවා.නයි දෙන්නා සමාන වුනොත් සමමිතික රවුමක් හැදෙනවා.
    හැබැයි පොඩි තර්කයක් තියනවා.එක් නයෙක් ටිකක් ලොකු වෙලා,අනෙක් නයා පළවෙනි නයාට ගිලින්න පුලුවන් උපරිම පරිමාවට වඩා අඩු පරිමාවක එකෙක් වුනොත් ලොකු නයා නොදැනුවත්වම තමන්ගෙම වලිගෙනුත් ට්කක් ගිලින්න ඉඩ තියනවා නේද?

    ReplyDelete
  9. නයි කයිද රෝස් පාන් කිව්වළු..:D

    ReplyDelete