Thursday, September 1, 2011

......ටෝච් පාර...... (+18)

මෙන්න අදත් කියන්න යන්නෙ වැඩිහිටියන්ට පමණයි කතාවක්. තියන වල්කමට ඒවම දානව කියල කියන්න එපා.
මේවායේ නොදා ඉන්න බැරි තරමට තියන ආතල් කෑලි නිසා දාන්නෙ. හිනා නොගියොත් මුදල් ආපසු!
ඕං එහෙනං පොඩි එවුන් අයිංවෙයල්ලා.
මේක සෑම් අයියට මතක විදියට එක්දහස් නවසීය අසූ ගනන්වල සිද්ධ වෙච්චි(ඇත්ත) කතන්දරයක්. ආ... සෑම් අයිය කියන්නෙ අපේ ඔපීසියෙ වැඩකරන අයියා කෙනෙක්. මේක මතක් වුනෙත් ග්‍රීස් යක්කු ගැන අපි කතා කල නිසා.
ඔං කතාව මෙහෙමයි.
සෑම් අයිය ඒකාලෙ වැඩ කලා ඇඹිලිපිටියෙ ... ගොවිපලේ. ඒක ලොකු ගොවිපලක්. අක්කර සියක් විතර තියනවලු. අපේ කතානායකයා ඒකෙ ආරක්ෂකයෙක් විදියට තමයි සේවය කලේ. මේ සයිට්එක ගැන කියනවනං හරියට තාප්ප වැටකඩුළු දාල තිබුනෙ නෑ. ගමේ අයට ඕන නං ඇතුල්වෙන්න පුළුවන්කම තිබුනලු. එක එක කාල වලට මේකෙ නේවාසිකව ට්‍රේනින් වෙන්න ලංකාවෙ හැම පළාතකින්ම වගේ කස්ටිය ඇවිල්ල තියනවා. (කාන්තා පාර්සවයත් ඇතුළුව).
කියන්න ඕන කරන අනිත් කාරණාව තමයි මේ ගොවිපලේ තිබුන බාත්රූම් ටිකක් විතර අනාරක්ෂිත තත්වයේ පැවතීම. සෑම් අයියගෙ වචන වලින්ම කියනව නං,
"රාජ් මහත්තයෝ ඒකෙ බාත්රූම් තියෙන්නෙ පේලියට. ඒවා පිටිපස්සෙ තියන ගොඩක් ජනෙල්වල පියන් ගැලවිලා, එලියෙ ඉදන් බැලුවම ඇතුල පේනවා. අනිත්එක පිටිපස්සෙ ලයිට් තිබුනෙත් නෑ. ෆාම්එක මැදින්, ගමේ මිණිස්සු හොරාට යන්න පාරකුත් හදාගෙන තිබුනා".
මේ වගේ තැන්වල ගොඩක් වෙලාවට සිද්ධවෙන දෙයක් මෙතනත් සිද්ධ වුනා.
ඒ තමයි "එබී බලන්නන්ගේ" කන්ඩායම් බිහිවීම.
ඊට පස්සෙ ආයෙත් සෑම් අයියගෙ කතාව.
"ඔන්න මම දවසක් රෑ ඩියුටියට ආවා. මට තියෙන්නෙ ... කොටස බලාගන්න. පැය දෙක තුනකට සැරයක් මම යනවා රවුමක් ඇවිදින්න."
"එහෙම යනකොට මට පේනවා ගෑණුංගෙ බාත්රූම් එකකට පිටිපස්සෙ ටිකක් ඈතින් ටෝච් එලියක්."
"පුදුමෙ කියන්නෙ මහත්තයෝ මේ එලිය උඩට පහලට හෙල්ලෙනවා, මම බැලුව යකෝ මේ මොකක්ද කියලා. මට බයත් හිතුනා හොල්මනක්ද දන්නෙත් නැහැනෙ!" "කොයිකටත් මම මගේ ටෝච් එකත් නිවලා හෙමින් හෙමින් ඒ පැත්තට කිටිටු කලා. බලනකොට මහත්තයෝ සුදුපාට සරමක් ඇදගත්තු එකෙක් බාත්රූම් එකක් දිහා බලාගෙන එක අතකින් සරම උස්සගෙන *තේ ගහනවා!"
"මූණ අනිත් පැත්තට හරවලා කිහිල්ලෙ ගහගත්ත ටෝච් එක එලියවෙලා උඩට පහලට හෙලවෙනව කියලා මේ යකා දන්නෙ නෑ!"...:D
කොහොමද කේස් එකේ තියන භයානකකම.
පස්සෙ මෑන්ව අල්ලලා. බලනකොට මෙයා ඒ පැත්තෙ ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක්!
අවවාදයයි- මෙවැනි අවස්තා වලට යනවිට ටෝච් පාවිච්චි නොකල යුතු අතර ඇගේ ග්‍රීස් හෝ කළුතෙල් ගාගත යුතුය!
හිනා ගියේ නෑ...

14 comments:

  1. හික්ස් :)
    කතාව නම් පට්ටය. මරු ප්‍රින්සිපල් කෙනෙක් නේ !!!!
    අපෝ ඔය 'හිල්මන්' ලා කොහෙත් ඉන්නවා. සමහර එවුන් කාමර වල යතුරු හිල් වලින් පවා බලනවා.

    ReplyDelete
  2. යකෝ ප්‍රින්සිපල් කෙනෙක් මෙහෙම උනාම කොහොමද ඉස්කෝලෙ ලමයි ටික හදන්නෙ ...........

    ReplyDelete
  3. තේ ගහන්න මොකටද බාත් රූම අස්සෙ රින්ගන්නෙ?

    ReplyDelete
  4. මධුරංග
    ඌ ට්‍රාන්සර් වෙලා ගියාලු.
    පන්සල් හංදිය
    ළමයිත් ඒවගේ ඇති බං.
    Anonymous
    ස්ත්‍රීභාග වලට තේරිලා නෑවගේ...:D

    ReplyDelete
  5. මරු පිනෙක්නේ!

    ReplyDelete
  6. ටොච් එක ඔෆ් කරලා *තේ ගෑහුවනම් මාට්ටු නෑ නේ. ඔකවත් මාට්ටු නොවෙන්න කරගන්න තරම් මොලේ නෑති එකෙක්ව ඉස්කොලෙක ප්‍රින්සිපල් කෙනෙක් කලේ කවුද ඈත්තට.

    ReplyDelete
  7. ඔය වයසට කල යුතු වැඩද ඕවා...
    පිනාගෙ පවුලගෙ වැරුද්ද.... නෑ මන් අහන්නෙ රෑට තනියෙන් එලියට යවනවද....

    ReplyDelete
  8. ඔන්න ලංකාවේ ප්‍රින්සිපල්ලාගේ තත්වේ..

    ReplyDelete
  9. නෑ !! ප්‍රින්සිපල් කෙනෙක් කීවා ! දුකේ බෑ අප්පා

    ReplyDelete
  10. විසිතුරු
    මරේ මරු

    අම්බලම
    ටෝච් එක පත්තු වුනේ වැරදීමෙන්. ඕෆ් කරලා කිහිල්ලෙ ගහගත්ත ටෝච් එක හෙලවීමෙන් ඔන් වෙලා.

    unknown
    හික් නෑ මාට්ටු උනාම.

    ප්‍රසංග
    ඒක හරි පවුලගෙ වැරැද්ද.

    ChammA
    අර html ටික නං මරේ මරු.

    හිස් අහස
    දුක නැද්ද (ප්‍රින්සිපල්ලා එක්ක සෙට්වෙන එවුන්ට...:)
    මේ පැත්තෙ ආවට බොහොම ස්තුතියි.

    ReplyDelete
  11. හික්ස්!මරු මරු! ඉස්කොලේ හාමිනේ ගමේ ගිහින් ඉන්න ඇති!

    ReplyDelete
  12. ලොවෙත් නෑනෙ බන්... මිනිස්සු ඌව ඉතිරි කරා ඇති

    ReplyDelete
  13. Sabith
    එහෙම වෙන්ටෑති.
    පිස්සා පලාමල්ල
    අද වගේ කාලෙකනං ගහල මරයි.

    ReplyDelete