Friday, September 16, 2011

බුද්ධ රූප තහනම හා අපේ බෞද්ධකම.

දිනපතා පත්තර හා වාර සගරා වල බුද්ධ රූප පලකිරීම තහනම් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට (ආණ්ඩු පක්ෂ)මන්ත්‍රී රුවන් රණතුංග කටයුතු කර ඇත. ඊට ප්‍රධානම හේතුව වශයෙන් දක්වා ඇත්තේ බුද්ධ රූපය සහිතව මුද්‍රණය වූ පත්තර-කඩදාසි වෙනත් කාර්යන් සදහා යොදා ගැනීමෙන් බුදුරජානන් වහන්සේට සිදුවන අගෞරවය වැලැක්වීමය. උදාහරණයක් ලෙස බුද්ධ රූපය සහිත පත්තර පිටුවක් වෙලදපොලකදී මස් හෝ මාළු එතීමට භාවිතා කිරීම සිදුවිය හැකිය. එසේත් නැතහොත් සයිවර් කඩයකදී අත කට පිසදැමීමට භාවිතා කිරීම සිදුවිය හැකිය. ඒ ඒ කාර්යන් සදහා වෙන වෙනම කඩදාසි භාවිතා නොකරන රටක් වන ශ්‍රී ලංකාවේ මෙවැනි "අනියම් පාවිච්චි කිරීම්" නැවැත්වීමට ඇති එකම මාර්ගය මෙවැනි නීතියක් ගෙනඒම පමණි. (අකුරු මුද්‍රිත කඩදාසි වල කෑම පැකට් එතීම මීට ටික දිනකට පෙර තහනම් කලද මා ජීවත්වන හම්බන්තොට ප්‍රදේශයේ තවමත් ක්‍රියාත්මක වන්නේ පෙර පැවති නීතියයි).එහෙත් එය අවශ්‍ය දෙයක්ද යන්න යලිත් සිතාබලන්න.
මෙම නව නීතිය අනුව කිසිදු පුවත්පතක, සගරාවක බුද්ධ රූපයක් පලකල නොහැක. බොහෝ පුවත්පත් සගරා වල පොහෝ දින වලදී මෙන්ම බුදු දහම සම්බන්ධ ලිපියක් සමග බුද්ධ රූපයක් හෝ අඩුම තරමින් බුදුන් වහන්සේගේ චිත්‍රයක් හෝ පල කිරීම සිදුවේ. නව නීතිය අනුව මේවා සියල්ලටම වැට බැදේ. "ශෝ" බුද්ධාගම් කාරයන් මෙම නීතියට දොහොත් මුදුන් දී වැදීමට ඉඩ ඇතත් මෙයින් සිදුවන (එතරම්)යහපතක් මා හට නම් නොපෙනේ. බුදුන් වහන්සේගේ ධර්මය (නාමිකව)ප්‍රධානකොටගෙන ඇති රටක් වන ශ්‍රී ලංකාවේදී, බුදුන් වහන්සේට අගෞරව නොකල යුතු වුවත් මෙම තහනම සීමාව ඉක්මවා යාමක්දැයි සිතේ.
පත්තරයක්-සගරාවක් මිලදීගන්නා පුද්ගලයෙකු(කුමන හො ආගමක් නිවැරදිව පිළිපදින්නෙක් නම්) එහි ඇති බුද්ධ රූප වලට හිතාමතා අගෞරව-අපහාස නොකරන අතර ඔහු ඒවා පසු කාලයකදී කඩදාසි වලට විකිණීම සිදුවිය හැකිය. මෙහිදී ඔහු හිතාමතා වරදක් නොකරන අතර අදාල කඩදාසි මිලටගන්නා තැනැත්තාද, නොදැනුවත්ව මෙවැනි බුද්ධරූපය සහිත කඩදාසි අයථා පරිහරණයට භාවිතා කලහැකිය. බුදුන් වහන්සේගේ ධර්මයට අනුව මම-මාගේ කියා කිසිම දෙයක් අල්ලාගැනීම නිෂ්ඵල අතර, හොද හෝ නරක ඕනෑම දෙයක් අවසානයේ ඒවා සෑදි ඇති ආපෝ,තේජෝ, වායෝ..ආදී පංච මහා ධාතූන්ට වෙන්වීයාම සිදුවේ. බුදුන්ගේ රුව සහිත කඩදාසියකට වුවද මෙම ධර්මතාවයෙන් මිදිය නොහැක.
මෙම තහනම අනුව අපහසුතාවයට පත්වන අංශ කිහිපයක් ඇත. පුවත්පතක-සගරාවක පලවන හරවත් ලිපියක් වෙනුවෙන් ඊට අදාලව බුදුන් වහන්සේගේ රූපයක් පලකිරීමට ඇති අයිතිය අහිමිවීම, බුදු දහම සදහාම වෙන්වූ "බුදුසරණ" ආදී පුවත්පත් බුද්ධ රූපයෙන් තොරවීම(මෙය හාස්‍යජනක වන අතර මෙවැනි සගරා තහනමට අදාල නොවන්නේදැයි නොදනිමි), ආදී අවස්ථා දැකිවිය හැකිය.
අනෙක් අතට බුද්ධ රූපයට "මෙවැනි" අගෞරව සිදුවන අවස්ථා කොතෙකුත් ඇත.මා පසුගිය දිනෙක හම්බන්තොට ප්‍රදේශයේ තොරණක්ගැසීම සදහා තබා තිබූ චිත්‍ර අසල ඒ සදහා යොදාගන්නා "හිදි" ඉරියව්වේ බුද්ධ රූපය තිරස් අතට අව්වේ වේලෙමින් තිබෙනු දුටුවෙමි. තවත් සමහර අවස්ථා වලදී බුදුන් වහන්සේගේ රුව රැගත් "අවුට් ඔෆ් ඩේට්" වෙසක් සුභපැතුම්පත් අදාල වෙළදසල් පිටුපස ගොඩගසා ඇති ආකාරය දුටුවේ නම් පළමුවෙන්ම තහනම් වන්නේ වෙසක් සුභපැතුම්පත්ය.
මේ සියළුදේ නැවැත්විය හැකිද? මීට වඩා බුදුන් දෙසූ දහමට අයෝග්‍ය වන කොතෙකුත් දේ දිවයින තුල සිදුනොවන්නේද?
ලිපිය අවසන් කිරීමට පෙර කීමට ඇත්තේ "චේතනාහං භික්කවේ කම්මං වදාමි" යන බුදුවදනයි.

9 comments:

  1. වැඩක් නෑ බං කතා කරලා. සේරටම කලින් නවත්තන්න දේවල් කොච්චර තියනවාද. ඒවා නවත්තන්නෙ නෑ මොකද එයාලට වාසි නිසා. ගොං හරක් රැලක් ඉන්නෙ.

    ReplyDelete
  2. අයියා කියන කතාව සහතික ඇත්ත. මම් ගොඩක් වෙලාවට බුදු රූපයක් තියෙන වෙසක් කාඩ් ගන්නේ නෑ. මොකද ඒක යැව්වට පස්සේ ආයෙම කොහේ හරි පෑගෙන්න දැම්මොත් කියලා.

    ReplyDelete
  3. buwa
    ස්තුතියි.
    යොහාන් කණිෂ්ක
    ඒත් මේවට සාධුකාරදෙන අයත් ඉන්නව.
    මධුරංග
    ඒකත් හරි.

    ReplyDelete
  4. නවත්තනව නම් නවත්තන්න කොච්චර දේවල් තියේද....අර කිව්ව වගේ...
    ව්වැදගත් ලිපියක් අයියේ..බොහොම ස්තූතියි..
    (දැන් අප්ඩේට් වෙනව අයියේ....)

    ReplyDelete
  5. පිසාචයා
    බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  6. බොහොම නිෂ්ඵල වැඩ.

    බුදුරජාණන් වහන්සේට කරන නියම ගෞරවය වෙන්නේ උන් වහන්සේ දේශනා කරපු සද්ධර්මය අනුගමනය තමන්ගේ විමුක්තිය සළසා ගැනීම.

    එහෙම නැතුව බුදු පිළිම, බුදු රුව පරිස්සම් කරන එක නෙමෙයි........

    ශාස්තෲවරයා වශයෙන් උන් වහන්සේ ගෞරව දැක්විය යුතුයි. ඒත් ඒක අන්තවාදී විදිහට වෙනවා නම් එතැනත් බුදුරදුන් වදාළ විදිහට තෘෂ්ණාව කියන එක වර්ධනය කර ගැනීමක්.

    ReplyDelete
  7. අත් දෙකම උස්සලා එකඟයි ඔබත් සමඟ .......

    ReplyDelete
  8. බුද්ධ රූප පලකිරීම තහනම් කිරීමේ යෝජනාවට ඉස්සෙල්ල පන්සල් කඩල නිධන් කොල්ලකන එක නතර කරමු කියල ආණ්ඩුවට යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනාවොත් නරකද ?

    ReplyDelete