Monday, October 24, 2011

මළගෙවල්, පිරිත් ගෙවල්, දාන ගෙවල්වල ආගිය කතා.......

ටික දවසකින් හිනාවෙන්නත් බැරිවුනානෙ. ඒ උනත් අනිත් බ්ලොග්වල තිබුන කතන්දර බලල හිනා නූන නෙවෙයි. රග්බි වර්ල්ඩ් කප් එක ගැන දාන්න හිතං හිටිය පෝස්ට් එක ටික ටික පරක්කු උනා. දැං ඉතිං ඒකත් ඉවරයි. හරි අද කියන්න යන්නෙ දාන ගෙවල් පිරිත් ගෙවල් මළ ගෙවල්වල සිද්ධ වෙච්චි සත්‍ය අසත්‍ය කතා.

ඉස්සෙල්ලම දානෙ ගෙදරක කතාවක්. මේක සමහරු අහලත් ඇති.

ඔන්න ගෙදරක සාංඝික දාණයක් තිබුනලු. කෑම භාජන අතින් ගත්ත නිවැසියන් හාමුදුරුවරුන්ට පිලිගන්වගෙන යනවලු. ගෙහිමිය අතේ තිබුනෙ මස් භාජනය. හාමුදුරුවොයි ගෙහිමියගෙයි කතාව මෙහෙමයි.

ගෙහිමියා : හාමුදුරුවනේ මස්....
හාමුදුරුවෝ: මොනවද මහත්තයෝ මස් ජාතිය.
ගෙහිමියා : හාමුදුරුවනේ කුකුල් මස්..
හාමුදුරුවෝ: පව් අහිංසක සතා.....හ්ම්...එහෙනං පීකුදු කෑල්ලකුයි හොදි චුට්ටකුයි දාන්න.
********************************************************************

ඊලග කතාව පිරිත් ගෙදරක කතාවක්. මේක කිවුවෙ මගේ කලිං ඔෆිස් එකේ හිටිය මංගල අයිය. එහෙ හිටිය කම්මැලි මිස් කෙනෙකුගෙන් එයා ඇහුව ....මිස් මොකද පිරිත් ගෙදරක ගියා වගේ කියල, මම විස්තර අහපු වෙලාවෙ එයා මේක කිවුවෙ.

ඔන්න ගමක ගෙදරක හිටියලු නෝනයි මහත්තයයි දෙන්නෙක්. මේ නෝන හරි කම්මැලියිලු.නිතරම නිදිලු. ඒ වගේම කිසිම දේකට උවමනාවක් නැහැල්ලු(දන්නෝ දනිති). මහත්තයට ඒ කියන විදියෙ උවමනාවක් හැදුනම පොඩි ටච් එකක් එහෙම දානවලු. එතකොට නෝන කරන්නෙ ඇදගෙන ඉන්න ඇදුම ගලවල දාන එකලු. ඊට පස්සෙ ආයෙත් නිදි.

දවසක් මේ දෙන්න ගියාලු පිරිත් ගෙදරකට. සුපුරුදු විදියට විනාඩි 5ක් යනකොට නෝන නිදි. ටික වෙලාවකින් බිස්කට්, කෝපි එහෙම ලැබෙන්න ගත්තලු. මහත්තය කරල තියෙන්නෙ නින්දෙ හිටිය නෝනව කූද්දපු එක. නෝන එකපාරටම නින්දෙන් අවදිවෙලා "ආ..ඔන්න" කියල ඇදගෙන හිටිය බ්ලවුස්එක ගලවල දැම්මලු.

********************************************************************
දැං කියන්න යන්නෙ මළගෙවල් වල කතා.

මේ සිද්ධි තුනම ඇත්ත ඒවා. අපි කැම්පස් එකේ දෙවන අවුරුද්දෙද කොහෙද ඉන්න කාලෙ යාළුවෙකුගෙ තාත්ත කෙනෙක් මැරුණා. කස්ටිය වීක්එන්ඩ් එකේ මළගෙදර ගියත් සිකුරාදා ගෙදර ගිය කෙනෙකුට මළගෙදර යන්න බැරිඋනා. ඊට පස්සෙ දවසක අර යාළුව මුනගැහිල කියනවා,

"මචං මට එන්න උනේ නෑ,... අම්මගෙ එකටවත් එන්නං"

අපේ සීනියර් බැච් එකේ මේවගේම ඩයල් එකක් කියල තිබුනා මෙහෙම,(මැරිල තිබුනෙ යාළුවෙගෙ අම්ම කෙනෙක් හරි තාත්ත හරි)

"මචං ගනංගන්න එපා ෆිට් එකේ ඉදපන්"

තව සිද්ධියක් දැන් මතක් උනා. ඒක උනේ අපි පලමු අවුරුද්දෙ ඉන්න කාලෙ සීනියර් බැච් එකේ අක්ක කෙනෙකුගෙ ආච්චි කෙනෙක් මැරිල කියල එහේ ගියා. බලනකොට මැරිල තියෙන්නෙ ආච්චි නෙවේ ආච්චිගෙ යාළුවෙක්.

අන්තිම කතාව සිද්ධවුනේ අපේ රවී අයියගෙ සීය මැරුණ වෙලාවෙ.

ඒ වෙලාවෙ අපි කතා‍වුනේ තොරණට ගහන වාක්‍ය මොකක්ද කියල. එක එක කෑලි ඕවයෙ ගහනවනේ. ඒගැන කස්ටිය වාද කරනවා. මේ වෙනකොට සම්මත භෞතික තත්ව ඉක්මවා ගිහිල්ලයි හැමෝම හිටියෙ.

එකෙක්: අපි ගහමු බං "පිය සෙනෙහසක නිමාව" කියල.
තව එකෙක්: නෑ අපි ගහමු "පියානනි ඔබට නිවන්සුව" කියල
තවත් එකෙක්: නෑ නෑ ගහමු "පැන්ෂන් එක නැතිවුනා" කියලා.
රවි අයියගෙ සීය පෙන්ෂන් පඩියක් ගත්ත කෙනෙක්.

20 comments:

  1. අන්තිම එකනං නියම වාක්කිය තමා...

    ReplyDelete
  2. චූටි උනත් ෂෝක් කතා ටික .....

    ReplyDelete
  3. @මාරයාගේ හෝරාව
    ඕක අහපු අයිය බඩ අල්ලගෙන හිනාඋනේ මැරිච්ච සීයා ගැනත් අමතක කරලා

    @පන්සල් හංදිය
    තැන්කූ තැන්කූ...

    ReplyDelete
  4. මුල කතා දෙකේ වෙන වර්ශන් අහල තිබුනා.. ඒත් අන්තිම කතාව නම් එළ..

    ReplyDelete
  5. @Weni
    හා...ඒක අපේ රවි අයියට හොරාට දාපු කතාවක්.

    ReplyDelete
  6. අර අම්මගෙ එකට වත් එන්නම් කියපු එකාගේ දත් ටික ඔක්කෝම තියෙනවද බන් . . නෑ මම ඇහුවේ අරූට මල පැනලා හොම්බට දෙක වත් ඇනලද කියලා . . හික්ස්

    ReplyDelete
  7. "මචං මට එන්න උනේ නැහැ..අම්මගේ එකටවත් එන්න " හපොයි දෙවියන්ගේ වනේ වන සතුරෙකුටවත් ඔහොම දේවල් වෙන්න එපා

    ReplyDelete
  8. ඔක්කොම ටික නියමයි. මම ආස දෙවනි එකට...

    ReplyDelete
  9. @දුකා & ChammA
    නෑ ඒක එහෙම කියවුනා මිසක් ජෝක් එකට කිව්වත් නෙවේ.

    @මාතලන්
    මැවිල පේනව නේද!:D

    ReplyDelete
  10. අර දෙවෙනි එකේ නෝනා පවු...හික්ස්
    අන්තිම එක නම් නියමයි...මට මහ හයියෙන් හිනා ගියා ඔෆීසිය අස්සෙම

    ReplyDelete
  11. @දිල්
    එතකොට මහත්තය පව් නැද්ද? බලාගෙන කස්ටිය හිතයි පිස්සු කියල.

    ReplyDelete
  12. කතා තුනම පට්ට !!
    අන්තිම එකේ වාක්‍ය ටික නම් පට්ට !! පැන්සන් එකට කෙල උනා !!
    මෙහෙම හොද නැද්ද

    ReplyDelete
  13. අන්තිම කතාවේ වාක්‍ය නම් මරු.. දෙවෙනි කතාවේ අර නෝනාගේ වැඩෙන් ඒ මහත්තයට මොනවා හිතෙනන ඇත්ත කියලා හිතාගන්න පුළුවන්..

    ReplyDelete
  14. @මධුරංග
    ඒකත් නරකම නෑ.

    @Dinesh
    ඒකනෙ ඒත් බලන්න, දිල් පව් කියන්නෙ නෝනට.

    ReplyDelete
  15. ඔය පෙලක් හාමුදුරු ගොල්ල කන බොන එව ගැන මතක් කොලොත් අපටත් අපායේ යන්ට වෙයි මචො...

    දානේ ගේදර උන් කස්ටිය හිතන්ට ඇතී තව තොවිලයක් එහේම නැටුවනං කොහොමට තියේද කියල...

    ඇත්ත බං අපේ පෙන්ශොන් එකට කෙලියේ නං චන්ද්‍රිකා නොන නේව.

    ReplyDelete
  16. @Raj
    ඊට කලින් උඹලට පෙන්ෂන් තිබුනද?

    ReplyDelete
  17. මෙහේමනේ කෙස් එක 1996 කලින් බැජ් වල ඉන්න අපේ සෙවකයන්ට පෙන්ශොන් තියෙනව 1996 පස්සේ ආව අපී වගේ උන්ට පෙන්ශොන් කප්පාදු කොලානේව ඒකයි...

    ReplyDelete
  18. Raj
    ඒකත් එහෙමද. මම හිතාගෙන හිටියෙ බැංකුවල හැමෝටම ඊටීඑෆ් කියල.

    ReplyDelete
  19. නෝන රෙදි ගලෝපු කතාව කියෝපු ගමන් හෙණ හිනාවක් පැන්න, වෙලාවට ළඟ පාත කව්රුවත් හිටියෙ නැහැ.

    ReplyDelete
  20. @Observer
    ඔබා වගේ හස්බන්ඩ් කෙනෙක්:)

    ReplyDelete