Friday, October 21, 2011

ක්‍රමය වෙනස් කිරීමෙන් ප්‍රශ්නය විසදිය හැකිද?

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ මරණයේ උණුසුම මැකී යමින් පවතී. දුමින්ද සිල්වා තවමත් රෝහල්ගතව නොසිටියේ නම් එය මේ වනවිටත් අතීතයට එක්වූ කාරණාවක් පමණක්ම වීමට ඉඩ තිබුනි. කෙසේ වුවද තව මාසයක් දෙකක් ඉක්ම ගියතැන මෙය, නඩු දිනයේදී පමණක් ප්‍රවෘත්තියක් වන තරමේ සුළු සිද්ධියක් වනු නොඅනුමානය.

සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ විවේචනය වන්නේ මණාප ක්‍රමයට දොස් නැගිමයි. අමතර වශයෙන් වැඩිදුර යන්නන් ජේආර්ට සහ ඔහුගේ ක්‍රමය මුවහම කරලගෙන ඇත. තමාගේම පක්ෂයේ දෙදෙනෙක් ‍කා කොටාගෙන එකෙකු මියගොස් අනෙකා බරපතළ තුවාල ලැබූ කල මනාප ක්‍රමයට දොස්නැගීම හැර, එල්ලෙන්නට වෙනත් ශක්තිමත් වැලක් ඔවුන්ට නොමැත.

මේ වනවිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ඉක්මවා බලය ඇති ආණ්ඩුව ගන්නා ක්‍රියා මාර්ගය රටේ අනාගතය සම්බන්ධයෙන් අතිශයින්ම වැදගත්ය. අනෙක් අතට කවුරු කෙසේ කීවද අවසාන තීරණය මහින්ද රාජපක්ෂ මහතා අත බව පැහැදිලිය.

රජය පාර්ශවයේ මැති ඇමතිවරුන් පවසන ආකාරයට මණාප ක්‍රමය අහෝසිකර යලිත් පැරණි ක්‍රමය හෝ ඊට තරමක් දුරට සමාන ක්‍රමයකට ගමන්කිරීම ප්‍රශ්නයට විසදුමක් වේද?

මගේ අදහස නම් නැත යන්නයි.

මණාප ක්‍රමය අහෝසිකර යලිත් පැරණි ක්‍රමයම මැතිවරණයට පැවැත්වීමට තීරණය කලේ යයි සිතමු. එවිට එක් ආසනයකට එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බැගින් පත්වේ. මැතිවරණයේ කටයුතු දැන් පවතින ආකාරයටම සිදුවුවහොත් එකම පිලේ මනාප පොරය අවසන් වන නමුදු අපේක්ෂකයා සතු මුළු බලයම තම ප්‍රතිවාදියා මත හෙලීම වැලැක්විය හැකිද? තමා නිකුත්කල නියෝගය අපේක්ෂකයන් පිලිනොපදින තත්වයක් යටතේ එම නියෝගය හකුලාගැනීමට සිදුවූ මැතිවරණ කොමසාරිස්වරයෙක් සිටින රටක ක්‍රමය වෙනස්වූ පමණින් සියල්ල හරියාවි යයි උපකල්පනය කලහැකිද?

මෙහි තවත් පැතිකඩක්, මුල්ලේරියාවේ සිදුවීමෙහි මූල බීජය පැමිණ ඇත්තේ කොහෙන්දැයි සොයාගැනීමෙන් අනාවරණය කරගත හැකිය. එනම් ආසනයේ "ලොක්කා" වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට විරුද්ධ පුද්ගලයෙක් පළාත්සභා හෝ ප්‍රාදේශීය සභාවට තරග කලහොත් ඇතිවන තත්වය කෙබදු වේදැයි කල්පනා කල යුතුය. එම ගැටුම නැවැත්වීමට නම් අනිවාර්යෙන්ම ලොක්කාගේ හෙන්චයියෙකු පළාත් සභා හෝ ප්‍රාදේශීය සභාවට තරග කලයුතුමය.

යම් ආසනයක පාර්ලිමේන්තු නියෝජිතයා වෙනස්වී එම පක්ෂයේම හෝ වෙනත් පක්ෂයක අයෙකු පත්වූ විටද ආසනයේ සිටින පළාත්සභා හෝ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ඇතිවන තත්වය කෙබදු වේද?

මෙවැන් උදාහරන කොතෙකුත් දැක්විය හැකි අතර ක්‍රමය වෙනස්වනු වෙනුවට රටේ නීති පද්ධතියේ වෙනසකින් සැබෑ වෙනසක් කලහැකි බව මගේ විශ්වාසයයි.

ජේ.ආර්. ජයවර්ධන මහතා 1978 වසරේදී තිබූ ක්‍රමය වෙනස්කල පසු එකම පක්ෂයේ අපේක්ෂකයන් මණාප පොරය නිසා මරාගන්නා තත්වයක් නොතිබුනි.(තිබුනද සුළු වශයෙන් වියහැකිය). අද පවතින ක්‍රමය, එදා ක්‍රමය පරිණාමය වීමෙන් ඇතිවූ විකෘති තත්වයක් වන අතර මෙසේ වීමට හේතුව (මා දකින පරිදි) ප්‍රචන්ඩත්වයේ වර්ධනයට/විකාශනයට සාපේක්ෂව යහපාලනය ඇතිකිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ගයන්හි වර්ධනය/විකාශනය ප්‍රමාණවත් හා ගුණාත්මක නොවීමයි. මේ සදහා 1978 සිට මේදක්වා පැවති සියළුම රජයයන් වගකිවයුතු අතර වෙනසක් කිරීමට බලය තිබියදීත් වෙනස සිදු නොකරන්නේ නම් වර්තමාන රජය අතීතයට එක්වූ දිනෙක ඔවුන්ට එල්ලවන චෝදනා කිහිප ගුණයකින් වැඩිවනු ඇත.

12 comments:

  1. දුමින්දට නම් අව්ලක් නෑ මගේ හිතේ ඔය මම දෑක්කා නිව්ස් සයිට් එකක දාලා තියනවා මිනිහ චුයින්ගම් එකක් කනවා දෑක්කා කියලා ඉස්පිරිතාලෙදි,මටනම් හිතෙන්නේ මිනිහ මේ උනුසුම අඩුවෙනකන් පොඩි ෆිල්ම් එකක් රගනවා කියලා,මොකද ඔලුවට වෙඩි උන්ඩ දෑකක් වෑදිලා නෑගිටිනවා කියන්නේ පිස්සු හෑදෙන සීන් එකක්නේ....

    ReplyDelete
  2. දේශපාලනය කියන්නෙ මට පෙන්නන්නම බැරි මතෘකාවක් රාජ්...පෙන්නන්න බැරි නෙමේ අප්පිරියම මතෘකාවක්...ඒ නිසා NO COMMENT

    ReplyDelete
  3. ජහමනයා ව නියෝජනය කරන්න ජීවිත පරිත්‍යාගයෙන් මහන්සි වෙන හැටි!

    ReplyDelete
  4. ලංකාවේ දෙශපාලනය නං ජරා මඩ ගොහුරුවක්...එකේ ඉන්න පනුවො..ඒ ජරාවට කැමතී වගේ රටේ දෙශපාලුවොත් ඔය ක්‍රම අතහැරලා...ජනතාවගේ හිතසුව පිනිස නව වැඩ පිලිවෙලකට යන බවක් තාමනම් පෙනෙන්නට නෑ
    සහෝ මේ දේවල්වලට ජන්දදායකයන් වන අපත් වගකියන්ට ඔන නමුත්...අපේ බහුතරයක් එල්ලේන්නට තවත් වැලක් නැතීවා වගේ ඔය පද්දතියේම එල්බීගෙන ඉන්නව...මක්කකොරන්ටද...

    ReplyDelete
  5. මේකට හේතුව, ප්‍රභූ පන්තිය සතුව තිබූ රාජ්‍ය පාළනය සාමන්‍ය ජනතාව අතට පත් කිරීමයි. එහි වගකීම සම්පූර්ණයෙන් බණ්ඩාරනායක ගත යුතුය. අද එය සාමාන්‍ය ජනතාවගෙන්ද ඈත්ව ජේ ආර් බිහිකල අලුත් සල්ලිකාරයන්ගෙන්ද ඈත්ව මාෆියාවක් හා පාතාලය අතට පත්ව ඇත.

    ReplyDelete
  6. Anonymous
    දුමින්ද ගැන නං කතා ගොඩක් තියනවා.දැන් ටිකකට කලිනුත් අපි කතා කලේ ඔය චුයිංගම් කතාව. සමහර විට ඕවා ඇත්ත වෙන්නත් පුළුවන්. ඒත් දුමින්ද කියන්නෙ මේ ක්‍රමයේ එක අයිටම් එකක් විතරයි. ඉන් එහාට.....?

    @දිල්
    මාත් කැමති මාතෘකාවක් නෙවෙයි.ඒත් අපිට(මිණිස්සුන්ට) මේවායෙන් ස්වායත්ත උදවිය වෙන්න බෑ කවදාවත්.ඒකයි කටුක යථාර්ථය.මොකද අපි මේ ක්‍රමේ ඇතුලෙ ජීවත්වෙන මිණිස්සු.එහෙම උනත් මගේ සයිට් එකට ඇවිල්ල අදහස් දැක්වුවට බොහොම ස්තුතියි.
    ප.ලි.-මම හිතන්නෙ දිල් වගේ තේරුමක් ඇතිව අනෙක් කාරණා ගැන අදහස් දක්වන කෙනෙක් NO COMMENT කියන එක නැවැත්තුවොත් හොදයි.

    @කතන්දර
    .....උදාරයි.

    @Raj
    ඒකට හේතුව මටත් හිතාගන්න බෑ.මම කාටවත් දොස් කියන්නෙ නෑ.වැරැද්ද පෙන්නනව විතරයි. මිණිස්සු කවද හරි හැදේවි කියන ධනාත්මක සිතුවිල්ලෙ මම ඉන්නවා මැරෙනකල්ම.

    @මාතලන්
    ගොඩක් හිතන්න ඕන කාරණයක් උඹ මතුකලේ.ඕකට කොමෙන්ටුවකින් උත්තර දෙන්න බෑ කියල කල්පනාවට ආවේ ඒ ගැන හිතනකොට.වෙනම පෝස්ට් එකකින් හම්බවෙමු.

    ReplyDelete
  7. ඔය ගැන මගේ අදහස
    http://buwagesithuvili.blogspot.com/2011/10/blog-post_17.html

    ReplyDelete
  8. දැන්නම් දේශපාලනය ගැන කලකිරිලා තියෙන්නේ..

    ReplyDelete
  9. මට හිතෙනව, මං ජීවත් වෙන රටත් ඉතාමත්ම හෙමින්, (නැවත අවධාරණය කරනව, ඉතාමත්ම හෙමින්) අපේ රට අනුගමනය කරන්න හදනව කියල. මිනී මැරුම් තියා, චන්ද පෝස්ටරයක් වත් තවම ගහල නං නැහැ.

    ReplyDelete
  10. @බුවා,Dinesh,Observer
    ස්තුතියි අදහස් දැක්වීම් වලට.සිංහල කී බෝඩ් 1ක් නැතුව විස්තර ලිවීමේ අපහසුවක් තියනව.

    ReplyDelete
  11. ඇත්ත!ක්‍රමය වෙනස් කලත් මිනිස්සුන්ට විකල්ප බලවේගයක් නෑ සහය පතන්න!ඒ නිසා කල යුතුව ඇත්තේ ඉකල්ප බලවේගයක් ගොඩ නැගීමයි!
    මේ සිද්දිය ගැන මං ලියපු අදහසකුත් තියනවා!නිවාඩු වෙලාවක ඇවිත් බලලා යන්න!
    http://sabithl.blogspot.com/2011/10/blog-post_12.html

    ReplyDelete