Monday, October 3, 2011

විදුහල්පතිතුමාගෙ ටැලිකොමිනිකේසන් පාඩම.

මට මතක විදියට මේ සිද්ධිය වුනේ මං දෙකේ පංතියෙ ඉන්න කාලෙ. ඒ කාලෙ මම ගියේ අපේ ගමේ තිබුන 6 වසරට වෙනකන් පන්ති පැවැත්වුන ඉස්කෝලෙට. ඒ දවස්වල අපේ පන්තියට ඉගැන්නුවෙ එකම මිස් කෙනෙක්. එයා මුළු දවසෙම ඉගැන්නුවෙ අපට. මං මේ කියන සිද්ධිය වෙච්ච දවසේ අපේ මිස් නිවාඩුයි. අපිට එදා අවුරුද්ද වගේ. සිංදු කියනවා, හොරාපොලිස් කරනවා, කඩදාසි කොල ගුලිකරලා ගහනවා, තවත් සමහරු අංගම්පොර ක්‍රීඩාවෙ... ඔය සතුට වැඩිවෙලා පැවතුනේ නැත්තෙ ප්‍රින්සිපල්තුමා පන්තියට සැපත්වීමත් එක්ක. හැබැයි මෙහෙම දෙයක් තියනවා. ප්‍රින්සිපල්තුමා ආපු දවසට මාස ගානකට හරියන ආතල්එකක් දීලා තමයි යන්නෙ.

ඔය කියන දවසෙත් එතුමා ඇවිල්ල සුපුරුදු ප්‍රශ්නෙ වන "මිස් නැහැ නේද?" කියල අහල පුටුවෙ වාඩිවෙලා කතාව පටන්ගත්ත. එදා කතාකලේ ටෙලිෆෝනය ගැන. ඒකාලෙ දැං වගේ මොබයිල් තියා එස්.එල්.ටී. ෆෝන් එකක්වත් අපේ ගමහරියෙ තිබුනෙත් නෑ.

කොහොමහරි ප්‍රින්සිපල්ට ඕන උනේ වයර්එක දිගේ පණිවිඩේ යනහැටි පෙන්නන්න. ඒකට එතුමා අපූරු උපක්‍රමයක් පාවිච්චි කලා. ළමයිටික පන්තිය වටේ පේලියකට හැදුවෙ කොන්දෙක ගුරුමේසය දෙපැත්තෙන් අවසන්වෙන විදියට. ඊටපස්සෙ එක කොනක ඉන්න ළමයට සර් රහසින් වචනයක් කියනව. එයා ඊලග ළමයට ඒ වචනෙ රහසින් කියනව. ඔය විදියට අන්තිම ළමය කියන්න ඕන ප්‍රින්සිපල් කියපු වචනෙ මොකක්ද කියලා.

ඔන්න ඉස්සෙල්ලම ප්‍රින්සිපල් කිවුවා. කිවුවෙ "බල්ල පොල්කෑල්ලට පැන්න" කියලා.(හිනාවෙන්න එපා එයාගෙ වචන ඔයවගේ තමයි...:D)

අවුට්පුට් එක ආවෙ වෙන මොකක්දෝ කුණුහරුපයක්.(හරියට මතක නෑ)

ප්‍රින්සිපල්ගෙ ව්‍යායාමය සම්පූර්ණයෙන්ම වතුරෙ. ඇයි හත්දෙයියනේ කියපුඑක නෙවෙයිනෙ ආවෙ! ඒත් උන්නැහේ නෙවේ වැඩේ ඇතෑරියේ.

"හරි ඒ වාක්‍ය දිගවැඩියි. අපි පොඩි වචනයක් කියමු" කියලා.
ඊලගට කිවුවෙ "කටුස්සා" කියලා.
ඒකෙ අවුට්පුට් එක වුනේ "කටු කම්බිය"...:D

දැං ඉතිං මක්කොරන්නෙයි. ඊටපස්සෙ ට්‍රයිකලේ වරද සිද්ධවෙච්ච තැන හරියටම හොයාගැනීම. ඒකට පාවිච්චි කලේ එක එක ළමයගෙන්, තමන්ට කලිං ලමය කිවුවෙ මොකක්ද කියල අහනඑක. වැඩේ කියන්නෙ දෙතුන්දෙනෙකුගෙන් අහගෙන යනකොට සර්ට ඒකත් එපාවුනා. කොහොම උනත්,

"හරි ඔන්න ඔය විදියට තමයි වයර්එක දිගේ පනිවිඩේ යන්නෙ" කියලා ප්‍රින්සිපල් තුමා යන්න ගියා.

15 comments:

  1. නියම ප්‍රින්සිබොල් කෙනෙක්. අනේ අපිට හිටියේ නැහැනේ. අපේ පින්සිබොල් සහෝදරතුමෙක්, එයත් නියම වැඩ කලා. දවසක කියන්න බලන්නම්.

    ReplyDelete
  2. හික්ස් :)
    ඒ කියන්නේ වයර් එකක් දිගේ පණිවිඩේ යනකොට පණිවිඩේ වයර් වෙනවා කියන එකනේ. හික්ස් :)

    ReplyDelete
  3. කොහේ හරි තැනකින් ඩේටා ලොස් වෙන්න ඇති...

    ReplyDelete
  4. මූ මේක අස්සටත් මොකාක් හරි එකක් ඇදගන්නව. :D

    ReplyDelete
  5. හික්. ඕකනම් අහන්න දෙයක් නෑ ඔහොම වෙනවා. මට හිනා ගියෙ ප්‍රින්සිපල් පාඩම ඉවර කරපු විදිහට. :D

    ReplyDelete
  6. ලමයින්ට ඉතින් ටැලිපොන් එපා වෙන්න ඇති එදා නම්... මොකද ඉතින් හරියට වැඩක් කර ගන්න බැනේ, අපේ ප්‍රින්සිපල් ලා තමයි ප්‍රින්සිපල් ලා..

    ReplyDelete
  7. කොතනහරි සන්නිවේදනයේ දුර්වලතාවක් වෙලා තියෙනවා...

    ReplyDelete
  8. @වෙද ගෙදර මහ වෙදනා
    කියමුකො එහෙනං.

    @මධුරංග
    ආන්න හරි. වයර් වෙලා..:)

    @Madhawa Habarakada
    ඇදගෙන නානවා.

    @නලිනි චන්දිමා
    වැඩේ අසාර්ථක වුනාට මම නං හිතන්නෙ එතුමගෙ ක්‍රමේ හරි. ‍අපේ බූරු වහන්සෙලාත් එක්ක මොකුත් කරන්න බෑනෙ..:)

    @දේවා
    එපාවෙන්න අපි ටැලිපෝං පාවිච්චි කරල තිබුනෙ නෑ බං.

    @Dinesh
    ඔව්. ඒක අල්ලගන්න දරපු උත්සාහයත් ගගට කැපූ ඉණි වගේ උනානෙ.

    ReplyDelete
  9. මචො...
    අර ඉස්සර මොකද්දෝ කතාවක තිබ්බලූ..." වමනේ ගොඩක කාක් පිහාට්ටක් තිබ්බා කියලා...ඔක කටින් කට ගොහින් අන්තිමට පනිවිඩේ ගියේ කාක්කේක් වමනේ කොරලා කියලලූ..."
    ඒ වගේ තමා මෙකත්....හි..හි..

    එකේක් පිස්සුවක් කෙලීයම හොඳටොම ඇති..ටීම් එකම ලොස් වෙන්ඩ ...නේද

    ReplyDelete
  10. @prasanna86k
    ලොස් වෙලා නෙවේ වෙනස්වෙලා...:)

    @Raj
    හිහ් හිහ් හී........ඒකත් නියම කතාව.
    පිස්සුව කෙලපු එකා හොයාගන්න දීපු ට්‍රයිඑක මෙතන දැම්මෙ නෑ.
    ඒක තව පෝස්ට් එකක දාන්න වෙනවා.

    ReplyDelete
  11. මේක වැරදිලා වෙච්ච දෙයක් නෙමේ!
    චයිනීස් විස්පර්ස් කියන දේ අහලා නැත්ද?
    http://en.wikipedia.org/wiki/Chinese_whispers

    ReplyDelete
  12. @කතන්දර
    බොලේ හැබෑටම! එහෙම සෙල්ලමක් ගැන මම අහල තිබුනෙ නෑනෙ. බොහොම ස්තුතියි දැනුවත් කලාට.

    ReplyDelete
  13. නියම ප්‍රින්සිපල් කෙනෙක්නෙ .....
    ෂෝක් සන්නිවේදනේ .........

    ReplyDelete
  14. මමත් ඔය වැඩේ කරලා තියෙනවා, වැඩිහිටි වයසේදී. කටින් කට යද්දී ඩේට ලොස් වෙන එක නවත්වන්නම බෑ.

    ReplyDelete
  15. මං කිව්වෙත් ඒ වගේ එකක් තමා එහෙනං.. තැන්කුයි ලින්කටුව දැම්මට

    ReplyDelete