Tuesday, November 29, 2011

බුදු මල්ලියේ වද්දන්න එපා ලීස්එක ඉවරවුනාම රේස්එකේ යමු

අද කියන්න යන්නේ "වාක්‍ය" ගැන කතාය. වාක්‍ය යනුවෙන් සදහන් කලේ වාහනවල පිටුපස ඇදඇති හෝ මුද්‍රණය කර අලවා ඇති පාඨයන් පිළිබදවය. මේව වැඩියෙන්ම ඇත්තේ තුන්රෝද රථවලය. මේ වාක්‍ය ඇදීම තුලින් බලාපොරොත්තු වන්නේ හාස්‍ය රසයක් ගෙනදීම හෝ යම්කිසි තේරුමක්-තම ජීවිතයට හෝ වාහනයට සම්බන්ධ සිද්ධියක්-විදහා දැක්වීම වියහැකිය. කුරුටු ගී අඩංගු නොවන පොදු වැසිකිළි මෙන්ම මෙවැනි වාක්‍ය අඩංගු නොවන තුන්රෝද රථ සොයාගැනීම උගහටය.

මගේ මිත්‍රයෙක් ලගදි ට්‍රක් රථයක් මිලදීගත් අතර එය දන්නා කියන රියදුරෙකු හට භාරදෙනලදී. දින කිහිපයකට පසු දුරකථන ඇමතුමක් ගත් රියදුරු විමසා ඇත්තේ වාහනයේ පිටුපස දොරට යම් පාඨයන් ඇලවීමට අවසර ඇත්දැයි දැනගැනීමටයි. නමුත් ඒවනවිටත් කාර්ය කර අවසන් බව මිතුරා ප්‍රකාශ කරන්නේ හාස්‍යයෙනි.

මාත් යහළුවෙකුත් අප හදුනන තවත් වැඩිහිටියෙකුත් මෙම මාතෘකාව ගැන කථා කරමින් සිටි අතර එහිදී සදහන් කෙරුණු වාක්‍යක් එවකට ලොරියක හිමිකරුවකු වූ ඉහත සදහන් කල වැඩිහිටි පුද්ගයාගේ සිත ගතී. එය නම් "වමෙන් ගියත් දකුණෙ කොල්ලො" යන්නයි. ඔහු එම වාක්‍ය තම ලොරියේ පින්තාරු කලත් දකුණෙන් ගෙනා බල්ලෙක් බළලෙක්වත් ඔහුගේ නිවසේ නැත.

අම්මේ ඔබ බුදුවේවා, අම්මා පෙව් කිරි කදුලිනි මේ ලොව මෙතරම් හැඩවුනේ... මේ මා දැක ඇති අම්මා ගැන සදහන් වැකිය.

අම්බලන්ගොඩ ඇති තුන්රෝද රියක අලවා ඇති ස්ටිකරයට සදහන් වන්නේ "ආදරයේ උල්පත වූ නැන්දා" යන්නයි. ඒ පුද්ගලයා කුඩාකල මවුපියන් අහිමි වූ විට රැකබලාගෙන ඇත්තේ ඔහුගේ නැන්දා වන අතර ඇයට උපහාර ලෙස "ආදරයේ උල්පත වූ අම්මා" යන වාක්‍යයේ අම්මා වෙනුවට නැන්දා ආදේශ විය.

තුන්රෝදරථ හැරුණු විට මෙවැනි පාඨ සදහන්වන අනෙක් වාහනය වන්නේ පෞද්ගලික බස් රථයන්ය. මේටට හේතුව පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් සහ තුන්රෝදරථ ධාවකයන් එකම සමාජ ස්ථරයක අයවලුන් වීම විය හැකිය.

බස්රථ වල බොහෝවිට දක්නට ලැබෙන්නේ මෙවැනි වාක්‍යන්ය.
රජවෙන්න නෙවේ මේ උත්සාහය දවසෙ ගාන හොයාගන්න.
පිඹගෙන් එන්නේ ඉඹගෙන යන්නද?

මීට අමතරව ආදරය සම්බන්ධ වැකි දක්නට ලැබෙන අතර ඒ පිළිබදව වෙනම කථාකල යුතුය.

මෙවැනි වාක්‍ය අතුරින් වඩාත්ම මාගේ සිත්ගත් වාක්‍ය වන්නේ ගෙවීමේ ක්‍රමයට බසයක් මිලදීගත් රියදුරෙකු අදින ලද මෙම වාක්‍යයි.

"බුදු මල්ලියේ වද්දන්න එපා. ලීස්එක ඉවරවුනාම රේස්එකේ යමු"
ඔබේ මතකයේ රැදී ඇති මෙවැනි "වාක්‍ය" පහතින් දක්වන්න.

45 comments:

  1. රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව

    අතහිත අහවලාගෙන් ..මේ ලඟදි මරු එකක් දැක්කා "මොනවද ඩෝ එබිල බලන්නේ"

    ReplyDelete
  2. 'අත හිත නැන්දම්මාගෙන්'

    ReplyDelete
  3. වද්දන්න එපා ගත්තේ අමාරුවෙන්!
    off road express! :)

    ReplyDelete
  4. නීතිය නෑ ආතල් දන්නේ

    ReplyDelete
  5. වයසට ගියත් හවසට ගෙදර!

    ReplyDelete
  6. සීනි දිය උනාට ගෝනි දියවෙන්නෑ

    ReplyDelete
  7. අතහිත මහජන බැංකුවෙන්

    ReplyDelete
  8. මේ වගේ හුඟාක් වාක්‍ය තියෙන්නෙ ත්‍රී රෝද රථවල...සමහර ඒවල ගහලා තියෙනවා දෙන්න හඬ - මෙන්න ඉඩ කියලා..ඒත් ලේසියෙන් අයිනට ගන්නෙ නැති ඒවා...සමහර ඒවා අර කිව්වත් වගේ උපහාසාත්මක උනත් හරිම රසවත් වගේම තේරුමක් ඇති වචන....කවුරුත් කතා නොකරපු හොඳ මාතෘකාවක් රාජ්....

    ReplyDelete
  9. මගේ චූන් මටම චූන්...

    මේ මං ආයේම වතාවක් ආටා එකක් ගත්තොත් ගහන්න හිතං ඉන්න පාඨය..ඉස්සුවේ බ්ලොග් එහෙකින්...

    ReplyDelete
  10. ත්‍රීවිල් වලනම් ගොඩක් වෙලාවට තියෙන්නේ සින්දු කෑලි...

    ReplyDelete
  11. අම්මා රත්තරං ! ඇයි තාත්තා පිත්තලද ?
    හබලක් නැති අපිට නැව් ටෝක් කුමටද?

    ReplyDelete
  12. නීතිය නෑ ආතල් දන්නේ...link දැම්මට කමක් නෑ කියල හිතුන, මගෙ පරණ පොස්ට් එකක්..
    http://duupath.blogspot.com/2011/10/blog-post_4800.html

    ඉගිලෙන්න තහනම් නම් දුරක් ඇයි දුන්නෙ මට ලයිසන් එකක්...

    මාලේ කරේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ...
    (138 මහරගම කොළඹ බස් එකක තිබුන)- මේකටත් මම පොස්ට් එකක් දාල තිබ්බ..

    ඇත්තටම මම නම් යන එන ගමන් ඕව කියවන්න ආසයි,,,

    ReplyDelete
  13. අපේ ගෙවල් පැත්තේ අයියල මල්ලිලා 3 දෙනාම ඔය තුන්රෝද ‍රැකියාව කරන්නේ..තුන් දෙනාටම ත්‍රීවීල් 3 තියෙනවා..හැම එකේම ගහලා තියෙන්නේ " හැන්සම් බ්‍රදර්ස්" කියලා...උන්ව දැක්කම ඉතියෝපියාවෙන් ආපු උන් වගේ ...හික් හික් ...

    ReplyDelete
  14. පරණ මතකයන්, ත්‍රී වීල්වල නෑ. නිකං කියමන්.
    1. ඕසරේට මහලෙඩේ
    2. සේං තාං බූලා
    3. බාකිටි බක් බක්

    ReplyDelete
  15. මේක බ්ලොග් කාරයෙකුගෙන්

    "මට අනුව මම පොරකි!"

    ReplyDelete
  16. ත්‍රී වීල්වල, බස්වල තියෙන ඒ පාඨ කියවන්න මමත් ගොඩක් ආසයි.

    'දුරස් වන්න ට හිතන හැම විට තවත් ළං වෙනවා.'
    'Don't kiss me'

    ReplyDelete
  17. අය්යෝ මම නම් දන්නේ නැතෝ. ඒ හිනා යනවා....හී හී හී හී.....

    ReplyDelete
  18. හයියෝ... මං දැකපුවා ඔක්කොම වගේ කස්ටිය දාලනෙ... හමහරක් ඒවා දැන් මතකත් නෑ... එත් මුල්ම වතාවට දැක්කම පණයනකම් හිනාවෙලා තියෙනවා... මරු මාතෘකාව.... :))

    ReplyDelete
  19. පිඹගෙන එන්නේ ඉඹගෙන යන්නද....

    අතහිත මාමා ගෙනි....

    හමුදා බටයොත් තමන්ගේ පැක් එකේ ඔව ලියාගන්නව කියල මම අහල තියෙනව හැබැ ඇත්තද බොරුද කියන්ඩ නම් දන්නෑ....

    ReplyDelete
  20. අත හිත බාප්පාගෙන්
    හැටත් වයසක්ද
    කිං සච්ච ගවේසී
    ඔබේ ඊර්ෂ්‍යාව මගේ දියුණුවයි

    ReplyDelete
  21. මේක මම බස් එකේ යනකොට දැක්ක සීන් එකක්. බර වාහන පුරැදු කරන බස් කට්ටක් සියබලාපේ හන්දියේ වෙලකට ගිහිල්ලා තිබ්බා. ඒකේ පිටි පස්සේ තිබ්බ වැකිය දැක්කම මට බස් එකෙන් බැහැලා ෆෝටෝ එකක් ගන්න හිතුනා.

    "මෙලෙසම ඔබටත් ධාවනය කිරීමට කැමතිනම් අමතන්න 077*** "

    ReplyDelete
  22. සියල්ලන්ටම
    වැකි දාපු සියල්ලටම බොහොම ස්තුතියි.
    මාරයා
    මොකක්ද බ්ලොගේ?
    කතන්දර
    කියමං තුනම නොතේරේ. පොර කතාව ඉතිං කකාගෙම නේ:P
    සපතේරු උන්නැහේ
    අලුත් එකක්ද? මං නං දැක නැත.

    ReplyDelete
  23. වැඩි හරියක් තියෙන්නෙ සින්දු කෑලිනෙ ඒ හන්දා මම සින්දු නොලිය ඉන්නම් . දැන්නම් මතකෙට එන්නෙ නෑ මතක් උනොත් ආයෙත් ලියන්නම්

    ReplyDelete
  24. ලොකු ඡෝන්
    හොදා හොදා.

    ReplyDelete
  25. තුන් රොද රියක පිටු පස මෙසේ තිබුණාලු.
    "අත හිත රට ගිය අක්කාගෙන් "
    දවසකට දෙකකට පස්සෙ ඊට යටින් මෙන්න මෙහෙම තිබුනලු.
    "අක්කට අතහිත අරාබි සුල්තාන් ගෙන්"

    ReplyDelete
  26. Anonymous
    එල වාක්‍ය!

    ReplyDelete
  27. අපේ පැත්තෙ එකක් ගහල තිබුණ

    "පූර්ණ අනුග්‍රහය මස්සිනාගෙන්" කියල

    ReplyDelete
  28. මා පසුකර යන ඔයාට සම්මා සම්බුදු සරණයි...

    වැරදුනා මිසක් පැරදුනා නෙවෙයි...

    ඇයි හදිස්සි? අපිත් යන්නෙ එහෙට තමයි..

    ReplyDelete
  29. අත හිත නැන්දම්මාගෙන්

    සුදූ මූනයි හුරතලයයි හරි අවදානම්.

    හදිස්සි නම් උඩින් යන්න
    පොද වැස්සට මං හරි ආසයි
    වයසට ගියත් හවසට ගෙදර

    රැවුවොත් නෙළුවා.
    නෙළුවොත් නෙළුවා

    ReplyDelete
  30. සමහරු අහනව....
    "හෝන් කතා කියල ඉගිල්ලෙන්නද?"

    ReplyDelete
  31. කොතරම් සිනා සී කීවත් මිහිරි කතා - මිනිසා තමයි හදුනාගත නොහැකි සතා (අද උදේ දැක්කේ..)

    ReplyDelete
  32. චුටි උනත් දඟ නැහැ පෑටියො
    මෙ ඔක්කොම බලා ඉන්නෙ වරදිනතුරු අපට ......

    ReplyDelete
  33. ඔබ සමවෙන මලක් කොහිද දැකනැත මම තවම.....(මේක ගහල තිබ්බේ අනුරාධපුර බස් එකක)

    ReplyDelete
  34. hik hik hikz

    www.cinelanka.net

    ReplyDelete
  35. chanakalin, sri, මධුරංග, තනි අලියා, sAm (සෑම්),Anonymous ,ලොකු පුතා,Anonymous

    බොහොමයක්ම සිතුතියි. සොරිවෙන්න ඕන ඩිංගක් පරක්කුයි. අදයි වැඩට ආවෙ.

    ReplyDelete
  36. //අදයි වැඩට ආවෙ???// නිදහස් ඔෆීසියක් වගේ..

    ReplyDelete
  37. ඔබේ මතකයේ රැදී ඇති මෙවැනි "වාක්‍ය" පහතින් දක්වන්න.

    චුට්ටි කාලේ ඉස්කෝලෙ පැවරුමක් වගේනෙ බන් හක් හක්..

    මතක් වෙන එව්ව ඔක්කොම වගේ දාලනේ

    ReplyDelete
  38. ඔව් බං මම කොච්චර ට්‍රයි කලත් පෝස්ට් එකක් ලියාගෙන යනකොට ලියන බාසාව තමයි මතුවෙන්නෙ. සමහර විට මගේ ජොබ්එක නිසා වියහැකිය.

    ReplyDelete
  39. ළිඳ ම්ගේ නම් මම ළිඳේ නම් කාටවත් ඇයි වේදනා

    ReplyDelete
  40. පරණ බස් එකක තිබුනා "නොබලන් කුමරිය අබලන් මා දෙස වපර ඇසින් ඔබගේ"

    ReplyDelete
  41. කරුමේ ඩබල් පින සිංගල්...
    සැමියා බිරිදගේ ටෝමියාය...

    ReplyDelete
  42. මිදි කොහෙද තිත්ත...නරි කියයිද ඇත්ත

    ReplyDelete
  43. paan kaewoth ohommai

    ReplyDelete
  44. sallith ne sanipath ne yaluwoth ne.den sanipada?
    (kudu tok 1k)

    ReplyDelete