Friday, December 2, 2011

ඩේලිගහනවද? පරිස්සමින්! (බෙබාලට විශේෂයි අන්අයටද තහනමක් නැත)

මේ දිනපතා මත්පැන් පානය කරන්නන්ට අසුභ ආරංචියක් ගැනය. ප්‍රථමයෙන්ම ඊට ප්‍රස්තුත වූ සිද්ධිය පවසන්නම්. මගේ යහළුවෙකු දන්නා කියන මිණිසෙකු ඔහුගේ ගමේ වෙසෙයි. ඔහු ලගදී එම ගමට පැමිණි දෙමළ ජාතිකයෙකි. වැඩපල කිරීමට දක්ෂ ඔහු පාළු ඉඩමක පිහිටි කුඩා හිස් නිවසක නැවතී සිටින අතර දින කිහිපයක් එකම ස්ථානයක වැඩ කරයිනම් ඒ ඒ නිවෙස්වල නැවතී සිටිමින් දිවි ගෙවයි. කුලී වැඩ කිරීමෙන් ලැබෙන මුදලින් කෑමක් බීමක් ගැනීම හැරුනුවිට ඔහු කරන්නේ මත්පැන් පානය කිරීමයි(මෙහි මත්පැන් යනු අරක්කු නොව කසිප්පුය).

දිනක් මධ්‍යම රාත්‍රියේ මේ පුද්ගලයා යහළුවාගේ නිවසට පැමිණෙන්නේ තමා නිවසේ සිටිනවිට අවි ආයුධ රැගත් පිරිසක් තමා මැරීමට පැමිණි බවත් ඔවුන්ට හසුවීමට කලින් පැනආ බවත්ය. මෙහි සත්‍ය අසත්‍ය තාවය සෙවීම පසෙකලා මිත්‍රයා ඔහුට නිදාගැනීමේ අවස්ථාව සලසා දුන් අතර ඉන් පසුවද, යම් ශබ්දයක් ඇසුනවිට මොහු බියපතු වූ බවත් ඔහු මා සමග පැවසීය. කෙසේ වුවද එදින ඔහු බීමතින් නොසිට ඇත. පසුදින අදාල ප්‍රදේශය පරීක්ෂාකර බැලුවද කිසිවකු පැමිණි සළකුණක් නොතිබූ බවත් මා මිතුරා ප්‍රකාශ කලේය. ඔහු එම සිද්ධිය තවත් අයෙකුට ප්‍රකාශ කලවිට එම පුද්ගලයා පැවසුවේ බීමත්ව නොසිට නින්දට යන දිනවලදී ඔහුටද එවැනිදෑ පෙනෙන බවත් මෙම සිද්ධියද එවැන්නක් වියහැකි බවත්ය.(දෙවනුව සදහන් කල තැනැත්තාද අධිකව මත්පැන් පානය කරන්නෙකි).

මේ සිද්ධියෙන් පසු මා කලේ මෙලෙස අධික ලෙස මත්පැන් පානය කරන්නන් කිහිපදෙනෙකුගෙන් මෙවැනි තත්වයක් ඇතිවිය හැකිදැයි විමසීමය.

ලැබුනු ප්‍රථිපල අනුව එය සත්‍යබව පෙනිනි. මා දටදෙනෙකුගෙන් පමන විමසීම් කල අතර ඉන් හයදෙනෙකු පමන ප්‍රකාශ කලේ සාමාන්‍ය තත්වයෙන් බැහැරව බීමතින් නොසිටින රාත්‍රී කාල වලදී ඔවුන් කුමනහෝ ආකාරයක භයවීම් වලට මුහුණදෙන බවයි. එම හයදෙනාගෙන්ද තුන්දෙනෙකු භයවී ඇත්තේ ඉහත පුද්ගලයා මුහුණදුන් ආකාරයට "යම් කෙනෙක් හෝ පිරිසක් තමාට හාණිකිරීමට පැමිණෙන" දර්ශනයන්ගෙනි.

පරීක්ෂණයට ලක්කල අටදෙනාම ඉතාමත් අධික මත්පැන් පානය කරන්නන් වූ අතර මින් සිව්දෙනෙකු කුලීවැඩ කරන්නන් වූ අතර දෙදෙනෙකු ගොවියන්ද අනෙක් දෙදෙනා සුළු ව්‍යාපාර කරගෙනයනු ලබන්නන්ද විය. තවද මොවුන් අටදෙනාම නීතිගත මත්පැන් සහ කසිප්පු යන දෙකම පාවිච්චි කරන්නන් වුවත් සාමාන්‍ය පාවිච්චිය කසිප්පුය. ප්‍රමාණයෙන් භාගය ඉක්මවා යන්නන් විය.

මීට අමතරව සාමාන්‍යයෙන් මත්පැන් පානය කරන්නන්ගෙන්ද වෙනම විමසීමක් කලත් ඔවුන්ගෙන් ඉහත ලැබුනු ප්‍රථිඵලය නොලැබුනි. ඔවුන් සාමාන්‍යයෙන් නීතිගත මත්පැන් පානය කරන්නන් වූ අතර එක්වරකට පානය කරන ප්‍රමාණය භාගයකට අඩුවිය.

අවවාදයයි! ඔබ පාවිච්චි කරන ප්‍රමාණය ඉතා ඉහල නම් මෙවැනි ප්‍රථිඵල ඇතිවියහැක.

31 comments:

  1. //ඔවුන් සාමාන්‍යයෙන් නීතිගත මත්පැන් පානය කරන්නන් //

    අරක්කු සංස්ථාවෙන් උඹට කීයක් දුන්නද ? :p

    ReplyDelete
  2. බුවා
    අනේ නෑ බං, මම ඒ අදහසින් නෙවේ කිවුවෙ. හැබැයි ඔය නීතිගත මත්පැන් බොන්නන් බොනවට වැඩිය කසිප්පු බොනඅය බොනව. පෝස්ට් එක ආයෙත් කියෙව්වම මටත් හිතුන කාටහරි හිතෙන්න පුළුවන් මේක කසිප්පුකාරයන්ට තියන ප්‍රශ්නයක් කියල. මම කියන්නේ මේක භාගය ඉක්මවා බොන්නංගෙ අවුලක්. මට සෙට්වෙච්ච ඩයල් අටම කසිය ගහන එවුන්. බාගෙට වැඩිය අරක්කු බොන කකෙනෙක් හොයාගන්න බැරිවුනා.(ගල් බාගයක් ගහන්න යන වියදමත් එක්ක බැලුවම ඒක පුදුමෙකුත් නෙවේ:D)

    ReplyDelete
  3. අනිවා මචො බත් කනව වගේ කසිප්පු අරක්කු බොන්ඩ ගියොත් කවුරුවත් බය කොරන්ඩ ඔන්නැ...බොක්ක දියවෙලා ඉක්මනටම දිව්‍ය ලොකේ යයි...
    ඔය ඉඳලා හිටලා මාස 7 ත 8 කට සැරයක් මදුවිත පොඩ්ඩක් ගත්තට දෙවියො මුකුත් කියන එකක් නැ...නේද බං..

    ReplyDelete
  4. මාස 7 ත 8 කට සැරයක් නං අවුලක් නෑ.මාසෙකට සැරයක් උනත් කමක් නෑ, එහෙම උනත් අවුරුද්දට 12නේ:D

    ReplyDelete
  5. කතාවෙන් ගත යුතු ආදර්ශය 'බියකින් තොරව නිදා ගැනීමට නම් දින පතා බාගයක් ගැසිය යුතුය'

    කාලක් ගැසූ එකා කාලකන්නියා
    බාගයක් ගැසූ එකා භාග්‍යවන්තයා
    තුන්කාලක් ගැසූ එකා තුන් ලොවට අධිපති

    ReplyDelete
  6. Observer
    අන්න බලන්න බුද්ධිමතාගෙ ලක්ෂණ.බලන්න පින්වතුනි කොච්චර සෘණාත්මක දේක උනත් තියන ධනාත්මක පැත්ත දැක්ක හැටි අපූරුයි නේද ඔබාගෙ මොලේ. :D

    ReplyDelete
  7. සොරි වෙන්ඩ ඕන. මාතෘකාවෙ වරහන් ඇතුලෙ බෙබා වෙනුවට ඔබා කියලයි දාන්න තිබුනෙ!

    ReplyDelete
  8. හප්පේ මට නං මේක අදාල නෑ...මම උනු වතුරත් නිවලා බොන්නේ....හික් හික්...

    ReplyDelete
  9. ඔබ නොදු‍ටු ලොවක්.
    එහෙනං අවුලක් නෑ. ඔබාව නං ආදර්සෙට ගන්නෙපා.

    ReplyDelete
  10. මල්ලී ඔය තත්ත්වයට කියන්නේ හැලුසිනේෂන් කියලා. ඕක මත්පැන්වලින් මොළයේ සෛල විනාශ වීම නිසා ඇතිවන තත්ත්වයක්. බොහෝම භ්‍යානකයි. හැබැයි නීත්‍යානුකූල නෙමේ මොනම අයුරකින්වත් ඇබ්බැහියක් ලෙස නිතිපතා මත්පැන් පානයෙන් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. සිරෝසිස් එන්නේ බොහෝ විට මෙයින් පස්සේ. ඒ අක්මා සෛලවලට හානී වීමෙන්.

    ReplyDelete
  11. වෙද ගෙදර මහ වෙදනා
    අන්න ලැබුනා වෙදගෙදරින් පැහැදිලි කිරීම. එහෙනං ඒක බොරුවක් වෙන්න බෑ. මත්පැන් කොයිකෙනුත් ඕක වෙන්න පුළුවන්.ඒක හරි.
    කොහොමත් අරක්කුයි කසිප්පුයි අතර වෙනසක් නෑ. එකක් කැලේ, අනෙක ස්කාගාරෙ- දෙකේම තියෙන්නෙ C2H5OH තමයි. ස්තුතියි පැහැදිලි කිරීමට.

    ReplyDelete
  12. කවුද කවුද දැන් බොන බෙබාලා ඉන්නෙ ? ඕන්න අපි නම් බොන්නෙ නෑ...

    ReplyDelete
  13. Weni
    :D
    හැබැයි අරජාතියෙ ඩයල් නං බ්ලොග් අවකාශෙ නෑ මං හිතන්නෙ.

    ReplyDelete
  14. නොබී හිටිය නම ඔය ලෙඩ එකක්වත් නැ නෙ?...

    ReplyDelete
  15. මෙහෙම දෙයක් ගැන මං අදමයි ඇහුවේ... මට පේන්නේ ඔබා මාමගේ උපදෙස අනුගමනය කරන්න වෙයි වගේ...

    ReplyDelete
  16. කන පැලෙන්න බීල දාගන්න ගොරි වෙරි හිදිල ඉන්න වෙලාවට මතක් වෙනව ඇති.කොහොමත් කරටි කැඩෙන්න අම්බානක නවාගන්න අයට පොඩි කාලයයි තියෙන්න.

    ReplyDelete
  17. ඔය ජාති කොහොමත් ඇඟට හොඳ නෑ නොවෑ! කසිප්පු හදන හැටියෙන්ම තේරෙනවා නෙ කොච්චර ඉස්තරම් අමුද්‍රව්‍යද ද දාන්නේ කියල!

    ReplyDelete
  18. අපේ පැත්තේ අංකල් බුවෙක් සිටී. දවල්ට කන්නේත් නැත. ඉදහිට අපේ ගෙදරින් කෑම ලබා දේ. සල්ලි නැතත් බීමට සල්ලි ඇත. නොබිව්වොත් බුවා වයිබ්‍රේට් (vibrate) වේ. දිව දොට්ට පැමිණ සෙලවෙන්නට ගනී. නමුත් ඔහු ජීවත්වන්නේ මෙතිල් ඇල්කොහොල් පිහිටෙනි.
    කාලීන පෝස්ටුවක් රාජ් මහත්තයෝ.. අපි වගේ ඔකේෂනලි සෙට් වෙන්න පුරැදු වීම අගනේය.. :)

    ReplyDelete
  19. ප්‍රමාණය ඉක්මවා ඕනෙම දෙයක් හොඳ නැහැල්ලුනේ....

    සබිත්>
    ඕකට ගන්න අමුද්‍රව්‍ය වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ
    කසිප්පු වල එතනෝල් වලට අමතරව විෂ සහිත මෙතනොල් සහ තවත් නොයෙකුත් විෂ රසායන සංයෝග තියෙනවා. ඒ නිසා තමයි කසිප්පු බොන එකේ අවධානම ගොඩක් වැඩි.

    ReplyDelete
  20. ඔබා මාමගේ නීර්වචනය අනුව බෝතලයක් ගහපු එකා බෝධිසත්වයා වෙන්ටෑ. ඔය මල ජරාව අඩුවෙන්ම බොන එකමයි හොද. එහෙම කිව්වට බොන එකා නොබී ඉන්න එපා. එතකොට අරක්කු සංස්ථා වැහෙනවා. පාඩු ලබනවා. එතකොට ඒවා රජයට ගනී

    ReplyDelete
  21. මේවා අපිට ප්‍රශ්ණ නෙමේ....හි හී...

    ReplyDelete
  22. අපට අදාල නැත...:D

    ReplyDelete
  23. සියල්ලන්ටම
    බොහොම ස්තුතියි කොමෙන්ටු වලට.මේ කී බෝඩ් එකේ ටයිපින් අවුල්.සදුදට හම්බවෙමු.

    ReplyDelete
  24. අර කිව්ව වගේ අපි නම් බය නෑ ඔව්වට....
    අර ඔබා මාමගෙ රාජකීය විශ්ලේෂණය නම් මරු.... හනේ..හනේ... ඔබෝ...

    ReplyDelete
  25. අපිට නම් මේවා අදාල නෑ.

    ReplyDelete
  26. Miyuru, නදී
    කාන්තා පාර්ශවයට මෙම ප්‍රශ්නය අදාල නොමැතිබව කොමෙන්ටුවලින් පෙනීයයි.
    පුරුෂ පාර්ශවයේද ඔබා හැර අන් සියල්ලම ප්‍රශ්නයක් නොවන බව පෙනේ.

    ReplyDelete
  27. ඔබා මාම තමයි ගත යුත්ත දැකල තියෙන්නේ හික් හික්

    ReplyDelete
  28. පිස්සා පලාමල්ල
    හැබැයි ඔබාට රෑට නින්ද යන්නෙ නැහැලු.

    ReplyDelete
  29. හප්පට සිරි මං දන්නෙත් නෑ, කෂ්ටිය මාව පතුරු ගහනව නේද?

    ReplyDelete
  30. සුරාවෙහි අගයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන සුදනෝ දනිත්
    නොබොන අනුවණ දනෝ නොදනිත්

    හික්ස් :)))

    ReplyDelete