Thursday, June 14, 2012

xxx කතා දෙකක්.

දේශපාලන පෝස්ට් කීපයක්ම දැම්ම නිසා කතන්දර අමතක වෙන්නම ගියා. අද නං කියන්න යන්නෙ කක්ක කතා දෙකක්. කසූගෙන් පටන්අරගෙන තව තව කස්ටිය දැනටම ලියල තියන නිසා අවුලක් නැතිවෙයි.

ඔන්න කොල්ලො සෙට්එකක් ඈත පලාතක මළගෙදරක ගියාලු. තමන්ගෙ ඔපීසියෙ වැඩකරන කෙනෙකුගෙ කවුදේ නෑයෙකුගෙ. කොළඹ ඉඳල මළගෙදරට යනකොට රෑවෙලා තිබුන. පදමට සප්පායම්වෙලා හිටිය කස්ටියට මළගෙදර අමතක වෙලයි තිබුනෙ. කොහොම උනත් මරණයට අවසන් ගෞරව දක්වල ඉවර උනාම කස්ටියට ඕන උනේ "කොට" ටිකත් පාවිච්චි කරමින් ගමේ විදියට නාන්න. මළගෙදර තියන යාළුවා ඇලක් ලඟ සෙට්කලා. නාල ඉවරවෙලා ෂොට්එකක් දාගන්න කියල බෝතල්ටික ඇල අයිනෙ තිබ්බ. කිහිප දෙනෙකුටම කක්ක බර හැදිල තිබුන මේ වෙලාවෙ එක යාලුවෙක් කක්ක විසඳුමක් ඉදිරිපත් කලා. ඒ තමයි ඇලට බැහැල අවශයතාවය ඉටුකරගැනීම. ඒ වෙනකොට පරිසරයේ තිබුන දැඩි කලුවර ස්වභාවය නිසා වැඩේ තවත් ලේසිවුනා. ඊට පස්සෙ ඇලට බැස්ස. වතුර තිබුනෙ ඉන හරියට විතර. එච්චර සැරට වතුර බහින්නෙත් නෑ වගේ. ඉහල පැත්ත බලාගෙන කස්ටිය සැපට බොගදැම්ම. ඊට පස්සෙ ටිකක් ඇලේ ඉහලට ගිහිල්ල නාන්න කලින් මූනට වතුර ටිකක් දාගත්ත. මෙන්න බොලේ එකෙකුගෙ අතට මොනවදෝ අහුවෙලා, තව එකෙකුගෙ මූනෙ මොනවද ගෑවිලා! බලනකොට වෙලා තියෙන්නෙ හීනෙන්වත් නොහිතපු දෙයක්. ඇත්තටම ඇලේ වතුර බැහැල තියෙන්නෙ මේගොල්ල උපකල්පනය කල පැත්තට විරුද්ධ දිශාවට. (මේක අර හැතැප්මට අඟලෙ බෑවුම බෑවුම තියන ජාතියෙ ඇලක්). උනේ මොකක්ද කියල පැහැදිලියි නේද! :)

දෙවනි කතාව අපේ රවි අයියට වෙච්ච එකක්. එයා ලඟදි කොළඹ ගිහිල්ල. උදේ පිටත්වෙච්ච ගමන කොළමට ලඟාවෙනකොට 10 විතර වෙලා. ඊට පස්සෙ කඩේකට ගිහින් උදේට කාල සිගරට් එකකුත් බිව්වම වැසිකිලි යාමේ අවශ්‍යතාවයක් ඇතිවුනාලු. ඊට පස්සෙ කඩේ මුදලාලිට අවශ්‍යතාවය කිව්වම පිටිපස්සෙ දොරටුව පෙන්නලා එතනින් යන්න කිව්වලු. රවි අයිය ගියා, බැලුව වටපිට! ම්හු... ටොයිලට් එකක් පේන්න නෑ.... එකෙක් ඉඳගෙන ලීක්ස් වගයක් තෝරනවලු. ඒ ගමන රවි අයිය ඇහුවලු "අයියේ.... ටොයිලට් එක කොහේද?" කියල. "ආ මේ තියෙන්නෙ මල්ලී, යන්න" කියල අයිය පොඩ්ඩක් ඇලවෙලා ඉඩදෙනවලු. බලනකොට ඌ වාඩිවෙලා ඉන්නෙ වැසිකිලියේ දොරලඟ ලු. දොරත් කැඩිලලු, ඒ මදිවට ඒක ඇතුලෙත් එළවළු වගයක් දාලලු. මොනව කරන්නද ඔක්කෝටම වඩා අවශ්‍යතාවය ලොකුයි කියනවනෙ. රවී අයිය වැඩේ කරල ඉවර වෙනකල් අයිය තමන්ගෙ පාඩුවෙ දොරලඟට වෙලා ලීක්ස් තෝරමින් හිටිය කියලයි කිව්වෙ.



ප.ලි. ඊලඟට එන්නෙ ප්‍රේමදාස ජනාධිපතිතුමා සම්බන්ධ අප්‍රසිද්ධ කතාවක්. වෙන්ට කතන්දරයක් ගැන ඔය ලිව්වමයි.

98 comments:

  1. මං අද කමෙන්ට්වල යට ඉඳලා අන්තිමයා....!!!

    ReplyDelete
  2. වතුර යට කක්කා කළාම උඩට මතුවෙනවාය කියලා අපේ බාප්පා කෙනෙක් මට කියලා තියෙනවා. පොර ඉස්කෝලේ උන කාලේ මදාවි කමට අල්ලපු ඉස්කෝලේ ස්විමිං ෆුල් එකේ බොගක් දාලා!

    ReplyDelete
    Replies
    1. කක්කා ගඳ සිඩ්නි නුවරටත් දැනිච්ච ඉක්මන !!

      Delete
    2. ඔන්ලයින් කක්ක ගඳ!

      Delete
    3. කක්කා කොතැනද, කතන්දර එතැනය! I am coming, I am coming කියාගෙනයි එන්නේ. (කතන්දර හා කක්කා අතර ඒ වගේ ඓන්ද්‍රීය සම්බන්ධයක් තියෙන්නෙ. ජොක්කු ගැන කිව්වත් එහෙම තමයි.)

      Delete
    4. Anonymous
      කතාවෙන් කතාවෙන් ඔයත් තුන්පලකම කක්ක කලා නේ :-)

      Delete
    5. මං හිතුවා කෂ්ටිය හොයයි, එකක ස්විමං ෆූල් එකක් තියෙන එක ලඟ තියෙන ඉස්කෝල දෙක මොකක්ද කියලා.

      අද පුතයි, උගේ තාත්තයි දෙන්නම අසනීප වෙලා වැඩට නොගිය නිසා මේ රාජුවාගේ කක්කා කේස් උදෙන්ම බලන්න ලැබුණා!

      Delete
  3. ඊට පස්සෙ රවි අයිය බොගත් එක්කම හෝටලේකුත් දාන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. රවි අය්යට ඕවයෙ ගානක් නෑ.

      Delete
    2. රවි අයියත් කතන්දරගෙ මොඩල් එකේම කෙනෙක් වෙන්ඩ ඇති.

      Delete
    3. රවි අයිය ගැනත් පෝස්ටුවක් එනව. ඉවසන්න.

      Delete
  4. සැහ්.. කක්ක කථාවක් නේ... මදැයි අර අකුරු 3 දැකල උඩදාගෙන ආව..

    ReplyDelete
    Replies
    1. උඹලටත් ඉතිං ට්‍රිපල් එක්ස් දැක්‍කොත් ඊට වැඩි දෙයක් නෑ. :-)

      Delete
  5. ඔය කක්කා කාමරේ ඇතුලේ තමයි බොහොමයක් කෑම කඩ වල ඉස්ටෝරුව තියෙන්නේ.. ඉස්සර කලේ දවසක් මම පිටකොටුව්වේ හෝටලේක පස්ස දොරෙන් අතුල දැකලා එතනින කෑම සදහටම නැවැත්තුවා. මුළු කුස්සියම කක්කුස්සියක් වගේ ජරා ගොඩක්.. අපේ සවුක්ය සේවේ හොඳකම තමයි ඉතින් ..

    ReplyDelete
    Replies
    1. හ්ම්. මාත් දැක්ක ඔයවගේ නිව්ස් එකක්. ඒ විතරක් නෙවේ සුපිරි කෑම කඩේකත් කෑමවල කක්ක තිබිල ඇල්ලුව.

      Delete
    2. අන්න මන් ඒකටත් ගිහින් කක්කා බෝලයක් දාලා ආවා.

      Delete
  6. බ්ලොග් අවකාශේ අනන්යතාවයක්නෙ කක්කා කතා. මේක වෙනම මානයක කක්කා කතා දෙකක්. එහෙම ඒවත් එපෑ.

    ReplyDelete
  7. :D පලවෙනි එකනම් මරු දෙවෙනි එක අර වෙරළු සීන් එක වගේ ටිකක්

    ReplyDelete
  8. කියවලා ඉවර වෙලා ඇතිවෙන්න හිනා වුනා.... සුපිරි සීන් ටිකක්නේ බොලේ... ලීක්ස් කනකොට මේ කතාව අනිවා මතක් වෙන්න ගනි :D

    ReplyDelete
    Replies
    1. ලීක්ස් වගේද ගෝව! දවසක් අපි නුවර එලියෙදිද කොහේද දැක්ක ටොයිලට් එකක වතුර ගෝව පාත්ති වලට හරවල.

      Delete
    2. පාත්ති වලට හරවන එකනම් කමක් නැහැ කියතැහැකි... කොම්පෝස්ට් පෝර කියන්නෙත් ඕවම තව ටිකක් පල් කරල නෙ.. :D

      Delete
    3. මල මඟුලයි ! දැන් අරූ ලීක්ස් විතරක් නෙවෙයි ගෝව කාලත් හමාරයි.

      Delete
  9. රාජ්ගේ නවාතැන තාවකාලිකව හෝ බොගවන්තලාවට සේන්දු වී ඇත.

    ඒ බං අඟලට හැතැප්මෙ බෑවුම නෙවෙයි, හැතැප්මට අඟලෙ බෑවුම වෙන්න ඔන.

    ReplyDelete
    Replies
    1. :)
      ඔව්. මට ටැපලිලා. හදන්නං.

      Delete
  10. නියම කෑම වේලක් බුක්ති විඳින්න ඇති නේද...

    ReplyDelete
    Replies
    1. ඒක දකිනකොට කාල ඉවරයිනේ. ඕව එහොම තමයි. කඩකෑම ගැන උඹට කියන්න දෙයක් නෑනේ.

      Delete
  11. පළමුවෙනියටම කියන්න තියෙන්නෙ ගඟේ බොග දැමීම අසික්කිත ජරා පාහර වැඩක් කියලයි. මිනිස්සු නාන්න විතරක් නෙවෙයි බොන්නත් ගන්නවා ගංගාවල වතුර කෙළින්ම (පිරිසිදු නොකරම). ඒ නිසා ගං ඉවුරෙ මිසක් ගඟේ බොග දාන්න එපා කියල මතක තියාගන්න.

    අනිත් කාරණාව, අර කතන්දර කියනව වගේ කක්ක කියන ජාතිය වතුර උඩ පාවෙනව.

    දෙවැනි කතාව නම් සාමාන්‍ය සිද්ධියක් සමහර තැන්වල.

    ReplyDelete
    Replies
    1. ඇලේ බොග දැමිල්ල පාහර වැඩක් තමයි. ගම්වල මිනිස්සු සාමාන්‍යයෙන් වාරිමාර්ග අපිරිසිදු කරනව අඩුයි. ඒත් නගරයක තියන ඇලක් පාවිච්චි කරන්නෙ කුණු දාන්න.

      Delete
    2. ඉවුරෙ බොඟ දැම්මත් ඉතින් වැස්සට හේදිල එන්න පුලුවන් නෙ... :)

      Delete
  12. අපේ අය කොහොමත් මළගෙවල් මගුල් ගෙවල් කරගන්න දක්ෂයිනේ ...
    කොලබ හෝටල් වල තිත්ත ඇත්ත ඕක තමා ...

    ReplyDelete
  13. අපිත් එක පාරක් අඟුණුකොලපැලැස්සෙ ගිහින්, හවස් අතේ වගා ඇලකට පැනල නාල එහෙම පොඩි කයියක් දාගෙන ඇල දිගේ උඩහට ඇවිදගෙන යද්දි දැක්ක මීහරක් රංචුවක් ඇලේ බැහැල ඉන්නව... උන් මොනව කරාද කියල අහන්නයැ... :D
    දැන් ඉතින් කියන්න එපා ඒකෙ අනික් පැත්ත උනා නම් තමයි හොඳම නැත්තෙ කියල... ;)

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ අඟුණුකොලපැලැස්සෙ කවදාවත් හරක් නෑවෙ නෑ.

      Delete
  14. ඉස්සරනම් කක්කා නම අහපු හැටියේ නහය වැහෙනවා. (දැන් ඉතින් නහයට පියනක් තියනවද අහන්න එපා ) පොඩි එකීගෙ කක්කා අතගාලම දැන් ඒකත් මගේ කොම්පීතරය වගේ හරිම පුරුදුයි. රාජ් ගේ කක්කා තතාව දැක්කහම එක සැරේ මතක උනේ 'ඇනෝනිමස්' ගෙ කක්කා සම්මාන. මේ සැරේ 'කතන්දරත්' පරද්දලා සම්මානෙට කෙළින්නයි වගේ රාජ් ගේ කල්පනාව.

    ReplyDelete
    Replies
    1. කක්ක කතා තව තියනව. හැබැයි ඇනෝනිමසයත් නැතිඑකේ බයවෙන්න දේකුත් නෑ.

      Delete
    2. කක්කා කතාවලින් කවුරු හරි කතන්දරට ගහනවා බොරු.

      Delete
    3. Anonymous
      බලන්නකො, ඊලඟ එකත් කක්ක පෝස්ටුවක්.

      Delete
    4. මම සැරයක් රෝහල්ගත වෙලා ඉන්න කොට වැසිකිලියට ගියාම දැක්කේ , ජොකා පිටින් කක්ක කරපු පොරක්, ජොකා වාකවුළුවේ එල්ලලා තියෙනවා...

      The Modern Patriot : ආයෙත් අහලා අපේ පොඩි එකී මගේ නහය උඩටම බෙට්ටක් දැම්ම දවසක්.. දැන් අපිට කක්ක කක්කි නෑ නේ..

      Delete
    5. ඔය තියෙන්නෙ හොඳ හොඳ සීන්.

      Delete
    6. ඈ..බොල ජොකා පිටිනුත් කක්කා කරන්න ඇහැකිනේ. ඇයි පටි ජොකා...(එක පුළියේ)

      Delete
  15. ඊයා මට මැවිලා පේනවා අර ගගේ නාපු ඇයගේ මුනේ කක්කා ගාගන්න හැටි :P

    ReplyDelete
    Replies
    1. ෆේෂල් කලා වගේ ඇති නේද :P

      Delete
  16. ඇල බොග් වල ආතල් කියලා වැඩක් නෑ...ගල්ඔය දිගාමඩුල්ලේ ඉගෙන ගන්න කාලේ සීයක් හමාරක් උදේට බොග දාන්නෙම හොස්ටල් එක පිටිපස්සේ තියන ඇල අයින දිගටයි ඇලේයි. මට මතකයි පිටිපස්සෙ කෑලේට ඇතුල්වන තැන ලොකු ලෑල්ලක ලියලා තිබුනා 'බොග් ගාර්ඩ්න්' කියලා.

    ReplyDelete
    Replies
    1. හපොයි! මං හිතුවෙ ඉන්දියාවෙ විතරයි ඒවගේ සීන් තියෙන්නෙ කියල.

      Delete
  17. අපෝ උදේ පාන්දරම .. .අර මලගෙදර අය තමා අපෝ...

    ReplyDelete
  18. අර මහ වෙදනා කිව්වාවගේ කක්කා කියන්නෙ බ්ලොග් අවකාශයේ එක්තරා අනන්න තාවයක් වගේ අනන දෙයක් තමයි...!

    මමත් ලිව්වනේ කාලෙකට ඉස්සර කක්කා හෝදගන්න ගිහිල්ලා වෙච්ච වින්නැහියක් අපේ එවුන් සෙට් එකකට....!

    ReplyDelete
  19. රාජ් මලයෝ, කොහොමද බොල කක්කා xxx උනේ....? බලාපෝරොත්තු තියාගෙන ආවට වැඩක් උනේ නෑ....!

    ReplyDelete
    Replies
    1. චැහ්. මං හිතුවෙ දුමි අයිය xxx කතාවකට වඩා කක්ක කතාවකට කැමතියි කියල. අම්මාපල්ල!

      Delete
  20. කක්කා වැඩ කරනකොට කක්කා ගාගන්න වෙනවා කියලා කවුරුවත් කියලාදීලා නෑ මයෙ හිතේ. coming soon ඇඩ් එකත් නරක නෑ

    ReplyDelete
    Replies
    1. coming soon ඇඩ් එක දැම්මත් තව කක්ක කතා තියනවා......

      Delete
  21. රවි අයියට කාපු ඒවා කිසි අවුලක් නැතුව පිට වෙන්න ඇති අර සීන් එක දැක්කට පස්සේ...

    ReplyDelete
    Replies
    1. :-) රවි අයියට ඕව ගානක් නෑ.

      Delete
  22. අපොයි කක්කා....

    ReplyDelete
  23. හොඳ වෙලාවට මේක පරක්කු වෙලා දැක්කෙ, නැත්නං අද දවල්ට කන්න ගියත් මේව මතක් වෙනව.

    ReplyDelete
    Replies
    1. :)
      කන්න බොන්න ගියාම මටනං ඕව මතක් වෙන්නෙ නෑ.

      Delete
  24. පලවේනි කතාවට ටිකක් සමාන කතාවක් මගෙ හොඳම යාළුවට වෙලා තිබුනා දෙහිවල බීච් එකේ නාන්න ගිහින්..... හි හි හ් ..... නියම කතා 2ක

    ReplyDelete
    Replies
    1. හපොයි! බීච් එකේදි. මගේ කතාවට වැඩාය ඒක කැතයි වගේ.

      Delete
  25. අර හෝටලෙන් කන එවුන්ට දෙයියන්ගේම පිහිටයි.. ආරක්ෂාවයි :D

    ReplyDelete
    Replies
    1. ඔයවගේ හෝටල් තමයි කොළඹ තියෙන්නෙ.

      Delete
  26. අවවාදය :
    හැතැප්මට අඟලෙ බෑවුම ඇති ඇල දොලවල කක්කා දැමීමට පෙර ජලය ගලන දිශාව පිළිබඳව සැලකිලිමත්වන්න.

    ReplyDelete
    Replies
    1. ඇලවල් ගාව ඔය බෝඩ්එක ගැහුවනං හරි.

      Delete
  27. අපෝ බං මෙහෙ ගදේ බෑ... මම යනවා යන්න...

    ආ ඒක නෙමේ.. කක්කා උනත් පට්ට කතා 2 ඈ.. :-))

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. // අපෝ බං මෙහෙ ගදේ බෑ... මම යනවා යන්න... //

      // තැන්කූ. //

      හික්ස් .. මෙන්න උත්තර. හොදි ඕන්නෑ ..

      Delete
  28. බොක උඩුගම් බලා ගිහින්. හිකිස්..

    ප්‍රශ්නය - බොගද? බොකද?

    අපි ඉක්කෝලෙදි කිව්වේ 'බොක' කියලා. සමහරුන්ට ඔය නමත් වැටුනා. පැත්තේ හැටියට නම වෙනස් වෙනවද මන්දා.

    මොනව වුනත් ගද ගදමනේ..

    ජය !

    ReplyDelete
    Replies
    1. දෙකම කියනව. හරියටම දන්නෙ නෑ.

      Delete
  29. අඩේ මාත් දත කට මැදගෙන ආවේ කතිර තුනේ කතා දෙක බලන්න කොහේද?..

    ReplyDelete
  30. වැඩ දෙකම කක්කා වැඩ!

    කොළඹ අරවගෙ හෝටල් වැටලුවා කියලා දැනට අවුරුදු දෙකකට විතර ඉස්සර පත්තර වල තියෙනවා දැක්කා.

    ඊට පස්සෙ අපි තාම ඔය පිටින් කෑම කන්න හොරයි.


    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අන්න හරි.අවුරුදු දෙකකට විතර ඉස්සර වැටලුව.

      Delete
  31. කෝ xxx...මේ ඔක්කොම kkk...මැදැයි මම xxx බලන්න ආවා...හැබැයි මරු කතා ටික ඈ
    හැබැයි ඊයා...කක්කා

    ReplyDelete
    Replies
    1. අන්න හරි. කලින් මතක් උනානම් kkk කියල දානවා.

      Delete
  32. කතරගම මැණික් ගඟේ නෑවම මේ වගේ දේවල් මුනේ වදිනවා කොන්ඩේ පැටලෙනවා.

    ReplyDelete
  33. ඔව් ඔව්. මැණික් ගඟේ වතුර සමහරු බොනවත් එක්ක. :-(

    ReplyDelete
  34. නුවර ටවුන් එකේ කෑම කඩේක ටොයිලට් හොයන්න ගිහිනුත් ඔය වගේම සිද්ධියකට මුණ දුන්නා... එළවලු එහා පැත්තේ , දොරක් නැති ටොයිලට් එක මෙහා පැත්තේ!!! කාපු කෑම ගැනත් ඇතිවුනේ පුදුම හැගීමක්!!! :))

    ReplyDelete
  35. මම මේ පෝස්ට් එක දෙපාරක් කියෙව්වට XXX ටික හම්බ උනේ නෑ නෙව !!!

    ReplyDelete
  36. ඇලේ කතාව "හඳට පොලුගැහැව්ව"කතාව වගේනෙ....

    ReplyDelete
    Replies
    1. මටත් කක්කා සීන් දෙකතූනක්ම වෙලා තියනවා හෙමීහිට කියන්නං. මම මේ දවස්වල කක්කා අතගානවා.හැබැයි එව්වා ගද නැ කිරි සුවදයි

      Delete
  37. xxx පාවිච්චි කරලා තියෙන්නෙ වැරදි දේකටනෙ. බුද්ධිමය දේපළ.... හැහ් හැහ්!

    ReplyDelete
  38. ඒක තමා....... මේ හැමෝම වගේ xxx කතාවක් කියවන්න ඇවිත්, බලාපොරොත්තු සුන් කරගෙන (ගූ..) වේලාම ගිහින්නේ.... (බොරැකියන්න ඕනිනෑනේ.... ඇත්තම කියනවනම් මාත් ආවේ 'අපේ රාජ් මහත්තයා' ෆුල් බදිරි ස්ටෝරියක් දාල ඇති කියල...........

    ReplyDelete