Thursday, September 20, 2012

සහෝදර ප්‍රේමය

චන්ද්‍රසේන ඇමතිතුමා සිටියේ නිදිවර්ජිතවය. මැදියම් රැයද පසුවී ඇතත් නින්ද ඔහු සොයා පැමිණියේ නැත. සයනයට යාබදව එක්පසෙක තිබූ වතුර වීදුරුව ගත් ඔහු එය හිස්කරදැමීය. සැමියා සිටින්නේ නිදි වර්ජිතව බව මළානික අඳුරේ වුවද බිරිඳ වටහාගත්තාය.

"ම්...... ඔයා තාම නිදි නැද්ද?" ඕ විචාලාය.

"ඕනවට වැඩිය කල්පනා කරන්න එපා අනේ........" එවර ඔහු ගොළුවත බින්දේය.

"කල්පනා නොකර කොහොමද හාමිනේ. ඌයි මායි එක්කුස උපන් එවුන් වෙච්චි, එහෙව් එකේ......."


"නෑ මං කිව්වෙ...... කල්පනා කරල වැඩක් නෑනේ.... එක්කෝ ලොක්ක එක්ක කතාකරල බලන්න"

මඳ නිහඬතාවයකින් පසු ඇමතිවරයා යලි හඬ අවදිකලේය.

"මට මතකයි මං පොඩිකාලෙ බැරිමරගාතෙ රංජිය වඩාගන්න හැටි. ඒකාලෙත් හැමෝම ඌට ආදරෙයි"

"එකපාරක් මල්ලිට ඉස්කෝලෙදි ගහපු එකෙකුට මම දුවනකල් ගැහුවෙ!" ඇස් කොනට පැමිණි කඳුළු බිඳුව ඔහු සිය පොරවනයෙන් පිසදාගත්තේය.


"දැං ඔයා මොකද කරන්න හිතාගෙන ඉන්නෙ?"

"මම ඉල්ලා අස්වෙනව!"


"මොනව! ඔයාට පිස්සුද? ආණ්ඩුව වැටෙන පේන මානෙක නැතිව, ‍ඔය මෝඩ වැඩේ කරන්න නං ලෑස්ති......"

"නෑ නෑ හාමිනේ,.... මම යූඇන්පීයට යන්නෙ නෑ. මං ඇමති කමෙන් ඉල්ලා අස් වෙනව"

එවර ඇය තත්පර කිහිපයකට නිහඬ විය.


"අනේ...... මට ටැක්සිවලින් පොලේ යන්න නං කියන්න එපා ඔන්න,..... ඔයා ළමයි ගැන හිතන්නෙ නැද්ද?..... අනෙක විපක්ෂෙ හිටිය කාලෙ නං කමක් නෑ........"

"නෑ මං කිව්වේ......."


"ඇමතිකම නැතිවුනා කියන්නෙ යූඇන්පියට ගියා වගේ තමයි. ඊට පස්සෙ කවුරුත් එන්නෙ නෑනේ ඔයා හොයාගෙන"

"මං කියනදේ අහන්නකො හාමිනේ...... මම හදන්නෙ සදහටම ඇමතිකමෙන් අයිං වෙන්න නෙවේ...... ටික දවසකට අයින් වෙලා ආයෙත් එන්න බැරියැ"


"oහා... ඔයා ඉල්ලන ඉල්ලන වෙලාවට ඇමතිකං දෙන්නයි ගන්නයි ලොක්ක සූදානංද?"
එවර ඔහුගේ සිනහව අඩ අඳුර තුලින් වුවද ඇයට පෙනිනි.

"ඒවට ක්‍රම සහ විධි තියනවනේ හාමිනේ....."


"ඒ කිව්වෙ?"

"අපේ දිස්ත්‍රික්කෙ පාක්ෂිකයො ලොක්කගෙං ඉල්ලුවොත් ආයෙත් මට ඇමතිකම දෙන්න කියල! දෙන්න වෙනවනේ..... මතකනෙ එක සැරයක් ජෙයරාජ් ඇමතිතුමාගෙ වහලටත් මිනිස්සු නැග්ගෙ!"


"අනේ මංද! ඔයාට හොඳයි කියල හිතන විදියක් කරන්න"

"නෑ හාමිනේ බයවෙන්න දෙයක් නෑ...... එතුමා අපි දෙන්න ගැන බලාවි......"

"අනෙක සහෝදර ප්‍රේමය ගැන එතුමාට වඩා දන්න වෙන කෙනෙක් අපේ රටේ ඉන්නවද හාමිනේ"


70 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මමත් ඔය වගේම එකක් ලිව්වා මහත්මයා. මෙතනින් බලන්න පුළුවන්
    http://ithihaasaya.blogspot.com/2012/09/blog-post.html

    ReplyDelete
    Replies
    1. කියෙව්ව. හොඳ නිර්මාණයක්.

      Delete
  3. නියමයි රාජ් අයියේ.
    මේවනෙ නියම අනාවැකි :ඩී

    ReplyDelete
  4. මේක ඇත්ත කතාවක්ද නැත්නම් ලියපු කතාවක්ද? මේ ලඟදි ඉඳල මට කිසි දෙයක් මතක නෑනේ. මට රාජ් කියන නමනම් හොඳට පුරුදුයි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත පහළ කමෙන්ට් කලේ ඇත්තටම මමද?

      Delete
    2. මොකුත් මතක නැත්නම් දෙන්නම පාර්ලිමේන්තු යැවීමට සුදුසුයි.

      Delete
  5. සහෝදර ප්‍රේමෙ. අනේ මන්දා මට නම් හිතෙන්නේ අපි අසරණ වෙලා කියලයි. දෙවනි රාජසිංහයන්ගේ සුප්‍රසිද්ධ කියමන මතකනේ අන්න ඒක තමයි රජරට ජනතාවට කියන්න වෙන්නෙ. "ඉගුරු දීල මිරිස් ගත්ත වගේ"

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද වෙද මහත්තයෝ.

      Delete
  6. සහෝදරකම තමා වටින්නේ. නැත්නම් වැඩක් තියෙනවාද අප්පා :)

    ReplyDelete
    Replies
    1. අනික චන්ද්‍රසේන ඇමතිතුමාගේ අප්පුච්චා මැරෙන්න කලින් කියලා තියෙනවාලුනේ මලයාව හොඳට බලාගනින් කියලා.... :P

      Delete
    2. හ්ම්. ඔය බලාගන්නෙ නියමෙට.

      Delete
  7. මේක කියෙව්වම මට 2002-2003 විතර ගියපු පරණ ‘මානිගෙ තීරුව‘ තීරු ලිපියක් මතක් වුනා. මොනව නැතත් ලොක්ක සහෝදරකමටනම් සලකනව තමා. පවු කිරිබර්ටි.

    ReplyDelete
    Replies
    1. මම ඉස්සෙල්ලම ලක්බිම ගත්තම කියවන්නෙ මානිගෙ තීරුව තමයි.

      Delete
  8. අප්පේ රාජෝ. මහෝතතමයන්ගේ නකසත්‍රයා සුමනදාස අහිකුණ්ටකවර්ධනවත් මුලිචිචි උනායැ..

    ReplyDelete
    Replies
    1. ☻ උන්නැහේ වාසි පැත්තටනෙ කියන්නෙ.

      Delete
  9. ලෙසටම කියල තියෙන්නෙ :D

    ReplyDelete
    Replies
    1. ☻ තැන්කූ. කාලෙකට පස්සෙ!

      Delete
  10. anthima wakye nikam pollen gehuwa wage denuna. Maru.....

    ReplyDelete
  11. සහෝදර සමාගම නෙහ්... :)

    ReplyDelete
  12. Replies
    1. මොකද වැඩිය පේන්න නැත්තෙ?

      Delete
    2. Little bit of busy Raj .

      [Sorry for using English, no Sinhala in machine]

      Delete
  13. සිරා තමා සහෝදර සමාගම...මම අහලා තියනවා දැන් පොතකුත් තියනවා කියලා පුත්‍ර සමාගම කියලා...
    අද තමා දැක්කේ බ්ලොග් එක

    www.ibba.tk

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නව. ☺
      ඒ පුත්‍ර සමාගම මේ පුත්‍ර සමාගම ම ද? කියවන්න බැරිවුනා.

      Delete
    2. It is a stage drama by Jayalath Manorathna.

      Delete
  14. ඔය නිව්ස් එක ඇහුව ගමන් මටත් හිතුණා අයින් වුනාට ආයෙ ටික දවසකින් ලැබෙයි කියලත්... අයියටත් හිතිලා!

    ReplyDelete
    Replies
    1. බොරු වැඩනෙ බං. රට්ටු හිනාවෙනව විතරයි.

      Delete
    2. කවුද හිනා වෙනව කිඋවෙ රාජ්,.. රට්ටු. කොයි රටේ රට්ටුද?

      Delete
  15. දෙවෙනි වෙන්නේ සිරිසඟබෝ රජ්ජුරුවන්ට විතරයි.. එයත් මල්ලිටනේ ඔලුව ගලවල දුන්නේ. අනේ වාසනාවන්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ සිරිසඟබෝ පරපුරේ උදවියද කොහෙද!

      Delete
  16. රාජ් අය්යා පේන කියන්න පටන් අරන්ද

    ReplyDelete
    Replies
    1. බලපංකො ඊලඟ කැබිනට් සංශෝධනයෙදි මොකද වෙන්නෙ කියල.

      Delete
  17. රාජ් මහත්තයට අනාගතේ පේනවා.. :)

    ReplyDelete
  18. අනෙක සහෝදර ප්‍රේමය ගැන එතුමාට වඩා දන්න වෙන කෙනෙක් අපේ රටේ ඉන්නවද හාමිනේ - මෙන්න පෝස්ට් එකේ මෙව්ව එක.

    මටනම් හිතුනේ එතුමට මේ ඇමති මගුල අත අරින්න ක්‍රමයක් හොය හොයා හිටියේ. ඇයි බන් හැමදාම අලි කරදර නේ. ඒ මදිවට මේ සිරසේ එවුන්ටත් තුමාව පේන්න බෑ.

    ඇයි බං දුමින්ද දිසානයක ත් නියෝජ්‍යය ද කොහෙද නේද? එහෙම තියෙද්දි බර්ටි අයියා මහ ඇමති උනේ. ඕක ලොක්කගේ ගැටයක් වෙන්නත් පුළුවන්. ළගදි මොකෙක් හරි කකුල් දෙකේ අලියෙක්වත් දිරා මාරු වෙන්න යනවද දන්නේ නෑ මේ පැත්තට.

    ReplyDelete
  19. හෙහ් හෙහ් අනාගතේ ඔන්න ඔහොමලු වෙන්නේ. සත්තු වත්තට තව එක සතෙක් වැඩි වුනා කියලා සත්තුවත්ත බංකොලොත් වෙන්නේ නෑනේ.

    ReplyDelete
  20. KATHAWA HONDAI. THAWA LIYANNA. - U N C -

    ReplyDelete
  21. මුලින්ම හිතුවේ කතාවක් කියලා..
    බැලින්නම් මේ ඇත්ත ඇති සැටියෙන් කීමක් නේ.. එල එල

    ReplyDelete
    Replies
    1. ඇත්ත වෙන්ට පුළුවන්.

      Delete
  22. එහෙනං...එහෙනං... ඔන්න ඔහොමලු වෙන්නෙ...!!

    ReplyDelete
  23. අපරාදෙ කියන්න බෑ ලොක්කට ඇත්ත දේශපාලනය මැනේජ් කරගන්න බැරිවුනාට ම්නිස්සු කොහොමත් දන්න දේශපාලනයනම් එළට පුළුවන්. දැන් කවුරුවත් පැරදිලත් නෑ කාගෙවත් හිත නරක්වෙලත් නෑ.

    බෝටි ට දැන් නිවීහැනහිල්ලෙ තේරුම් බේරුම කරගන්න පුළුවන් පොර නාකි බවත් දුමින්ද තරුණ බවත්...

    ReplyDelete
    Replies
    1. අන්න ටික වේලාවකට කලින් බෝටි සද්දයක් දැම්ම මන්ත්‍රීවරු 120ක් අස්වෙනව කියල උන්නැහේගෙ සපෝට් 1ට.

      Delete
  24. "අනෙක සහෝදර ප්‍රේමය ගැන එතුමාට වඩා දන්න වෙන කෙනෙක් අපේ රටේ ඉන්නවද හාමිනේ"

    maru kiyamana...!

    ReplyDelete
  25. හේ හේ නියමයි.

    ReplyDelete
  26. තනි වචනෙං කියනවනං “සුපිරි“ .....

    ReplyDelete
  27. අනේ මට නම් තේරුනේ නෑ අප්පා.:(

    ReplyDelete
  28. මෙයාට පිස්සු අපේ රටේ ඇමතිවරු එහෙම වෙන්නේ නෑ.මල්ලි වෙනුවෙන් ඇමතිකම පුජා කළා ආයේ ගන්නේ නෑ.හැමදේම වැරදි තමා ඔයාලා දකින්නේ :P

    ReplyDelete
  29. Brotherly love! සහෝදර සමාගම් එකයි නෙ රටේ තියෙන්න පුළුවන්....ඊට වඩා බෑ...:-)

    ReplyDelete
  30. මැරෙනකන් මහ ඇමති වෙන්න හදන කිරි බර්ටියා ගෙදර යනවා නම් රංජි කොලුවට මගෙත් මනාපය....

    ReplyDelete
  31. රාජ්, මේක අදයි කියෙව්වේ... මේ පෝස්ටුව ලියනකොට චන්ද්‍රසේන ඇමතිතුමා අල්ලා ඉස්ස්වෙන්න තීරණය කරලා නැද්ද.... මාර අනාවැකිකාරයෙක්නේ....?

    ReplyDelete
  32. නියමයි රාජ්... දැන් ඉතින් මේ කියපුව ඇත්ත වෙන හැටි බලාගෙන ඉන්න එකයි තියෙන්නෙ...

    ReplyDelete
  33. එළ.... සහෝදර ප්‍රේමය ගැන මේ තරං දන්නෑ කවුරුවත් .....

    ReplyDelete