Monday, September 3, 2012

කාලය මැව් වෙනසක අරුමේ.......[බ්‍රේක් නැති යතුරු පුවරුව‍]

☻ එදා ගිහිකල කල වැරදිවලින් ගැලවීමට අංගුලිමාල හාමුදුරුවන් පිරිත් කීවේය. අතීත වර්තමාන අනාගත තුන්කල් වැරදි වලින් ගැලවීමට බීප් බීප් පුත්‍රයා සර්වඥ ධාතූන් හිසමතින් වඩම්මවයි. අනේ සාදු!

☺ එදා ලෝකයේම ළමයින්ට සුරංගනා කතා කීවේ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ය. මෙදා ලාංකීය වැඩිහිටියන්ට සුරංගනා කතා කියාදෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාය. වෙනසකට ඇත්තේ කුතුහලය වෙනුවට හාස්‍ය මතුවීමය.

☻ එදා කුඩුකාරයන් හොරකම් කලේ අනුන්ගේ වැල්වල තිබූ පරණ ඇඳුම්ය. අද කුඩුකාරයන් හොරකම් කරන්නේ අධි ආරක්ෂිත කලාපයේ ඇති කෞතුක වස්තූන්ය. අන්න හැදෙන මිනිස්සු!

☺ එදා ටියුෂන් ගුරුවරු විභාග ප්‍රශ්න අනුමාණ කලේය. අද ටියුෂන් ගුරුවරු විභාග ප්‍රශ්නපත්‍ර කෙලින්ම විභාග දෙපාර්තමේන්තුවෙන් ආනයනය කරයි. කෙලින් වැඩ!

☻ එදා ජනාධිපතිතුමා රැකගැනීමට මැති ඇමතිවරුන් ජනතාව සමඟ ප්‍රශ්න කතා කලේය. අද මැති ඇමතිවරුන් රැකගැනීමට ජනාධිපතිතුමා ජනතාව සමඟ කතා කරයි. අන්න ජනතාවාදී නායකයො!

☺ එදා නාවික හමුදාවේ ලොකුම හතුරා සුසෙයිගේ මුහුදුකොටි බලකාය විය. අද නාවික හමුදාවගේ ලොකුම හතුරා නුවර රග්බි කණ්ඩායමයි. අනේ අනිච්චං!

☻ එදා ජපන්/චීන ජාතිකයෝ බොන්සායි ක්‍රමයෙන් ගස් "කුරු" කලේය. අද අලි‍න් කුරු කිරීමේ ක්‍රමය හඳුන්වා දෙන්නේ රනිල් වික්‍රමසිංහය‍. උත්සාහවන්තයා ජයගනී.

☺ සර්වඥ ධාතූන් වඩම්මා එයින්ද දේශපාලන වාසි ගැනීමට තරම් මහින්ද මහතා කපටිය. ධාතුවල "ජාතකය හෙවීමට ගොස්" පජාත වීමට තරම් රනිල් වික්‍රමසිංහ මහතා අඥානය.

☻ එදා ළමයින්ට ඉසඩ් අකුර මතක් උනේ ZOO ලිවීමට යද්දී පමණි. අද Z මතක් වෙද්දී ළමයින් පමණක් නොව දෙමාපියන්ද වෙව්ලයි.

☺ එදා බුදුන් වහන්සේ වැඩම කර බිලි පූජා නැවැත්වීය. මෙදා ජනපතිතුමා සර්වඥ ධාතු වැඩමකරවා බිලි පූජාව කල් දැමීය. ඒකත් මදැයි!

☻ එදා එජාප මහලේකම් වරුන්ට අවශ්‍ය වූයේ ආණ්ඩු පිහිටුවීමයි. අද තිස්ස අත්තනායක මහතාට අවශ්‍ය කෙසේ හෝ පක්ෂයේ විනය රැකගැනීමයි. ලෙඩා මළත් බඩ සුද්දය!

68 comments:

  1. ☺ එදා නාවික හමුදාවේ ලොකුම හතුරා සුසෙයිගේ මුහුදුකොටි බලකාය විය. අද නාවික හමුදාවගේ ලොකුම හතුරා නුවර රග්බි කණ්ඩායමයි. අනේ අනිච්චං! අනේද කියන්නේ.. මැච් එකක් දවසට අහල පහලින් යන්නත් බයයි..

    ReplyDelete
    Replies
    1. මමත් ආස ඔය ටිකට. ඒක කොපි කරන් ආව කමෙන්ට් කරන්න. උබ ඒක දාල නේ :(

      Delete
    2. මුළු පෙස්ට් එකේම පට්ටම ටෝක මේක තමා

      Delete
  2. ඔන්න වැඳපල්ලා මෙන්න කියා තියන ධාතු ප්‍රදර්ශනය
    අනේ මෙහෙමත් වෙනවනේ

    ReplyDelete
  3. ලෙඩා මලත් බඩ සුද්දයි ඈ...

    ReplyDelete
  4. ඕව කොහොම කිව්වත් මිනිස්සුන්ට ගානක් නෑ රාජ්. මාකෝස් බලයෙන් පහ වුනාම තමයි එයාගෙ වැඩ කෑල්ල මිනිස්සු කතා කළේ, කොටින්ම ගෑනිගෙ සෙරෙප්පු කුට්ටම් කලෙක්ෂන් එකේ ඉඳල එළියට ආව. මෙහෙත් කවදකහරි ලොක්ක ගියදාක සමහරවිට එයාගෙයි, ආරියාවගෙයි, පුත්‍ර සමාගමෙයි, සහෝදර සමාගමෙයි වංහුං වලින් පත්තර පිටු පිරේවි. එදාට නම් මිනිස්සු තමන් කරපු ගොන්කම් හරියටම තේරුම් ගනීවි, ප්‍රමාද වැඩිවුණත්.

    ReplyDelete
    Replies
    1. හේමා ප්‍රේමදාසටත් එමිල්ඩා මාකෝස් වගේ කලෙක්ෂන් තිබුනා.

      Delete
    2. ඒත් අපේ එවුන් තේරුම්ගන්න එකක් නෑ.

      Delete
  5. කතා ටික නම් පට්ටයි :)

    "එදා ගිහිකල කල වැරදිවලින් ගැලවීමට අංගුලිමාල හාමුදුරුවන් පිරිත් කීවේය" හැබැයි මේ කතාව නම් මෙහෙම නෙමෙයිනේ

    ReplyDelete
    Replies
    1. ගල් වදිනකොට ඒවයෙන් බේරෙන්නනේ පිරිත් කියන්න උනේ.

      Delete
  6. අපාරාදෙ කියන්න බෑ නියම කියමන් ටික.

    ReplyDelete
  7. WELL WRITTEN ARTICLE. - UNC -

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අංකල්. අසනීපෙ හොඳද?

      Delete
  8. වැදගත් දෙයක් ගැන කතා කරමුද...? දෙපැත්තම එකයි වැඩක් නෑ...

    ReplyDelete
  9. හිටහල්ලකො මම අපේ පපීට කියලා බ්ලොග්කාරයොන්ටත් වැඩේ සෙට් කරන්න

    බීප් බීප් රාජපක්ෂ

    ReplyDelete
  10. එදා කොළොන්නාවේ පොර තෙල් බාලා, අද බාල තෙලා
    එදා රජවරු හොඳ කඩු පයිට් කාරයෝ, මෙදා රජවරු කඩු ගිලින මැජික් කාරයෝ
    එදා එකෙක් පැන්නොත් ඌ රොනී, අද මුළු විපක්සෙම පනී

    පට්ට පෝස්ට් එක. පත්තරවලට යවපන්...

    ReplyDelete
    Replies
    1. එදා රජවරු හොඳ කඩු පයිට් කාරයෝ, මෙදා රජවරු කඩු ගිලින මැජික් කාරයෝ

      :)

      Delete
  11. රාජ් හිතලා තියෙන විදිය නම් අපූරුයි... මෙහෙම සිතුවිලි පහල වෙන්නත් හොද කලාවක් ඇගේ දුවන්න ඕනෙ... ජය!

    ReplyDelete
  12. ආයෙ හෝදන්න දෙයක් නෑ, සහසුද්දයි.... :D

    ReplyDelete
  13. රාජ්... දැන් වෙනදේ බැළුවාම ලිස්ට් එක ඔතනින් ඉවර කරන්න බැරි වෙනවා..

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. ඒකට වෙනම බ්ලොග් එකක් ලියන්න පුළුවන්.

      Delete
  14. ලෝකෙන් උතුම් රට සිරි ලංකාවයි :)

    ReplyDelete
  15. නියම කතා සෙට් එක.. ආයේ හෝදන්න දෙයක් නෑ...

    ReplyDelete
  16. ආශ්‍චර්රෙ ආශ්චර්රෙ!

    ReplyDelete
  17. සමා වෙන්න ඕනේ අහනවට. මම මේ දවස් කීපයක්ම මේ ධාතු කතාවක් දැක්කා. මොකක්ද මේ?

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල නාමල් මන්ත්‍රීතුමා ඉන්දියාවෙ ඉඳල ලංකාවට සර්වඥ ධාතු වඩම්මල. ලංකාව පුරාම පෙන්නනව. කිලෝමීටර 10-15 පොලිමේ ඉඳල බලන්නෙ. ඒ අස්සෙ ඡන්ද අපේක්ෂකයො කැකුණ තලනව.

      Delete
  18. කතාවනම් ඇත්ත, මසුරන් කිලෝ එකක් කටේ ඔබන්නද නැත්තම් ගෑස් සිලින්ඩරයක් හරි පාන් ගෙඩියක් හරි කටේ ඔබන්නද?? :ප

    ReplyDelete
    Replies
    1. පාන් නං කන්නෙ නෑ. ඒ නිසා ගෑස් හොඳා. :)

      Delete
  19. //....☺ එදා නාවික හමුදාවේ ලොකුම හතුරා සුසෙයිගේ මුහුදුකොටි බලකාය විය. අද නාවික හමුදාවගේ ලොකුම හතුරා නුවර රග්බි කණ්ඩායමයි. අනේ අනිච්චං!...//

    පස්ස පැත්තෙනුත් හිනා යනව...

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද!

      Delete
    2. ඇත්ත බන්. මේක තමයි දවසේ කියමන.

      Delete
  20. ප්‍රවෘත්ති අඩවි මොකට ද තොරතුරු දැනගන්න රාජ් ඉන්නකොට :D

    ReplyDelete
  21. මොනා කියන්නද නොතේරේ....අපිත් බක බක ගගා හිනාවෙවී ඉන්නවා... :))))

    ReplyDelete
    Replies
    1. මෙව්වට හිනාවුනාට අඬන්නයි ඕන.☻

      Delete
  22. කාලය වෙනස් වෙලා නේන්නම් සෑහෙන්න.. අපිත් බලාගෙන ඉන්නවා ඉතින්..

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඔය ඉන්න රටටම වෙලා ඉඳපං මලේ. ආ.... අරයවත් ගෙන්නගනිං.

      Delete
  23. මේ ඔක්කොමද නැත්නම් තව කොටසක් තියෙනවද ?

    ReplyDelete
  24. මේකත් 'එදා සහ මෙදා' රාජ්ගෙන් කියලා මාතලන්ගේ පොත් ගොඩට දැම්මා නම් හරි. :)

    ReplyDelete
  25. හොදයි. හොදයි. යතුරු පුවරුවේ තව තිරිංග ටිකක් ඉතුරු වෙලා කියලයි දේශකයාට හිතෙන්නේ. ඔන්න ධාතු ගැන දේශකයාගේ අදහස බලාගන්න පහත ලින්කටුවෙන්.

    http://deshakaya.blogspot.com/2012/09/blog-post.html

    ReplyDelete
  26. කියලා වැඩක් නෑ.... හිනා ගියා හොඳටම.... ඇත්තම තමයි....

    ReplyDelete
  27. මරු කතා ටික....

    ReplyDelete
  28. බ්ලොග් ලෝකෙ ගැන..

    එදා වර්තමානයක් හෝ පැහැදිලි අනාගතයක් නැති රටක රජෙක් ගැන ලියලා වර්ගපූර්ණිකාව අපිව හිනැස්සුව. අද ඒ දේම කරලා ජනසේනා අපිව හිනස්සනවා.

    එදා වර්ගපූර්ණිකාව මෝඩයින්ගේ මෝඩකම් වලට 'ප්‍රහසනයෙන්' පහර ගැහුවා. අද ජන සේනා මෝඩයින්ව 'බොක්කෙ ටෝකෙන්' අන්දනවා.

    ReplyDelete
  29. එදාත් අපේ මහජනතාව ඇස කන් නාසා වසාගෙන ඉස්සරහින් යන ගොනුන් පස්සේ ගියෝය අදත් ඔවුහු එසේම යති.. නොවෙනස්ව ඇත්තේ එයම පමණකි..(They continue to follow the herd instinct)

    ReplyDelete
  30. නියමයි රාජ්... හැබැයි මේ වික්ටර් අයිවන්ගේ ක්‍රමේ පාවිච්චිකරපු එක තමයි නරක.....

    ReplyDelete
    Replies
    1. රතු රජරට බ්ලොග් එක ලියන් නෑද්ද
      ?
      ?
      ?

      Delete
    2. ලියනවා ලියනවා ,,මේ දවස්වල ටිකක් හිතමින් ඉන්නවා අලුත් ප්‍රවේශයක් ගැන. ඩිනෙ. මගේලිපියකට කොමෙන්ටුවක් වශයෙන් දාපු ඔබේ කවිය අපූරුයි .ස්තූති

      Delete
  31. එදා වැවේ වතුර වලින් කුඹුරු පෝශනය වුනා අද කුඹුරු පුරන් වෙද්දි හෝටල් දියුනු වෙනව.

    ReplyDelete
    Replies
    1. නැත්නම් නැත්නම් ඒක රාජ් ලියලා නෑනෙ.

      Delete