Monday, September 24, 2012

හාමිනේ ෂේප් කරගත් මගෝඩි රාලහාමි.

අදත් කතන්දර. මතකද දන්නෙ නෑ මම කලින් ලිව්ව නෝන රවට්ටල අරක්කු බීපු අපේ රාලහාමිගෙ කතාව. මේ ඒ රාලහාමිගෙම තවත් මගෝඩි වැඩ ටිකක්.

රාලහාමිගෙ බීම ගැන නෝන හිටියෙ බොහෝම නොකැමැත්තෙන්. කොයි ගෑනිද කැමති මිනිහ බීල එනවට! නේද. ඔන්න දවසක් රාලහාමි යාළුවො කිහිප දෙනෙක් ගෙදරටම එක්කරගෙන ඇවිල්ල බිව්ව. නෝන එලිපහලියට ආවෙවත් නෑ. අන්තිමේදි කස්ටියට ඕනවුනා තලප කන්න. ඔන්න කුරහන් පිටි ටිකක් එහෙම අරගෙන තලප හදන්න සූදානම් උනා. මේ වැඩේට ටිකක් ලොකු හට්ටියක් ඕන වෙනව. එක යාළුවෙක් ගෙදර පිටිපස්සෙ වලං මැස්සක තිබුන ලොකු මුට්ටියක් අරගෙන ආවලු. ඒකෙන් තලප හදාගෙන කාල යාළුවො ගියාමයි නෝන එලියට බැස්සෙ. දැන් රාලහාමි පුටුවක වාඩිවෙලා ඉන්නවලු. නෝන ආවේස වෙලා වගේ ලඟට ආවලු,

"වලං මැස්සෙ මුට්ටියෙ තිබුන මීවදේ කෝ?" රාලහාමිට හීං දාඩිය දැම්මලු.
"මොන මී වදයක්ද?"
"තමුසෙලා තලප හදන්න ගත්ත මුට්ටියෙ මී වදයක් තිබුන. මම පරිස්සමින් තියාගෙන හිටියෙ අගෝස්තුවෙ ඒක කඩල පැණි ගන්න"
රාලහාමි ගත්ත කෝල් එකක් යාළුවට,
"ඈ බං,..... උඹ තලප හදන්න ගත්ත මුට්ටියෙ මොකුත් තිබුනෙ නැද්ද?"
"ආ...... මොකද්ද කළුපාට කුට්ටියක් තිබුනා.......ආ. මම ඇදල විසිකලා"

සූර්පිට ඌ විසිකරල තියෙන්නෙ මී වදේ!


☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻

"මහත්තයෝ ඔය කේස් එකෙන් පස්සෙ අපේ ගෑනි මාත්තෙක්ක සතියක් විතර කතාකලේ නෑ" රාලහාමි කියනව. "හැබැයි යාළුවෙන්නත් මාරම හේතුවක් හැදුන"

"ඔන්න දවසක් එකෙක් මට කෝල් එකක් දෙනව. ඌට කියන්නෙ බෙලි පුංච කියල. බොන්න එන්න කියනව. ගෑනි කතා කරන්නෙත් නැතිඑකේ මම බිව්වොත් නං මගේ කසාදෙ ඉවරයි මහත්තයෝ. අපි දෙන්න ක්‍රමයක් කතා කරගත්ත"

ඔන්න බෙලි පුංච ගෙදරට ආවම සංවාදෙ මෙහෙමයි,

බෙලි පුංච: රාලහාමි අර වැඩේට යමුද?
රාලහාමි: අනේ මට බෑ බං. මගේ ඇඟටත් හරි නෑ.
බෙලි පුංච: එහෙම කියන්න එපා රාලහාමි, මේක ඉවරයක් කරගන්න යමු!
රාලහාමි: මට බෑ!
බෙලි පුංච: හරක් ටික මැරේවි රාලහාමි.
රාලහාමි: මැරෙන්න දීපං!

රාලහාමි ගේ ඇතුලට ආව.

නෝන: මොකටද අර කතා කරන්නෙ?
බෙලි පුංච: වගා පාළුවක් කරපු හරක් ටිකක් බැඳගෙන.
නෝන: කාගෙද හරක්?
රාලහාමි: කන්දෙ ගෙදර ඇඩ්ඩිංගෙ!
නෝන: මොනව! අපේ තාත්තගෙ හරක්? තමුසෙට මං දුන්න තරහටද තාත්තගෙ හරක්ටික මරන්න හදන්නෙ. ගිහිල්ල කොහොමහරි තාත්තට හරක්ටික බේරල දෙනව.
රාලහාමි: පුංචෝ යමං එහෙනං.

ඕං ඔය විදියට එලියට ආව රාලහාමි රෑ දෙගොඩහරියෙ ගෙදර ආවෙ හතරගාතෙන් බව කියන්නත් ඕනද? උදේ නෝන හොඳයි.

නෝන: රාජකාරියට ගිය මනුස්සයො ගෙදර එන්නෙ ඔහොමද?
රාලහාමි: මං නැත්තං ඔයාගෙ තාත්තට හොඳ ගානක දඩයක් වදිනව. මම බොහොම අමාරුවෙන් ෂේප් කරගත්තෙ. ඊට පස්සෙ බොන්න කතා කලා. මට නොයා ඉන්න පුළුවන්ද?

තමුන්ගෙ තාත්තව බේරගන්න ගිහිල්ල ටිකක් බිව්වත් නෝන තරහ උනේ නෑ‍.

ඒ ඔක්කෝමත් හරි කියමුකො. මම ඇහුව අන්තිමට ප්‍රශ්නයක්.
"හරි! රාලහාමිගෙ බොරුව අහුඋනාට පස්සෙ නෝන තරහ උනේ නැද්ද?""


"මෙන්න ඒකට රාලහාමි දුන්න උත්ත‍රේ. හැබැයි කාන්තා පාර්ශවේ උදවිය බැලීම සපුරා තහනම්."


"රුපියල් එකසිය විසිපහක් දීල අරක්කු බාගයක් බිව්ව කියල අපි හිඟන්නො වෙන්නෙ නෑ කියල මම නෝනට කියන්නෙ . නෝන හිතාගෙන ඉන්නෙ තාම බාගෙ එකසිය විසිපහයි කියල"

අන්තිමටම රාලහාමි කිව්ව.‍

64 comments:

  1. හම්මේ මගෙ බඩ.. එල එල ඈ



    "රුපියල් එකසිය විසිපහක් දීල අරක්කු බාගයක් බිව්ව කියල අපි හිඟන්නො වෙන්නෙ නෑ කියල මම නෝනට කියන්නෙ . නෝන හිතාගෙන ඉන්නෙ තාම බාගෙ එකසිය විසිපහයි කියල"

    ReplyDelete
  2. මී වදේ මීමැස්සෝ ඇනලා නැති එක පුදුමයිනේ ....
    ඇත්තටම ගොඩක් ගැනු අරක්කු වල ගනන් දන්නේ නැහැ ..එයාලා හිතාගෙන ඉන්නේ මිල අඩුයි කියලා තමයි ..

    ReplyDelete
    Replies
    1. ටිකක් හැන්දෑවෙ වෙච්ච සිද්ධියක්. මාත් ඔය කාරණය ඇහුව. ඌට මී මැස්සො ඇනල නෑ.

      Delete
  3. //මහත්තයෝ ගෑණු කියන්නෙ මෝඩ හරක් ජාතියක්. කොච්චර බොරු කියල අහුවුනත් ආයෙත් බොරුවක් කිව්වම අහුවෙනව.//

    කට්ටිය මෙහෙම හිතාගෙන ඇති ඉතින්...:D

    ReplyDelete
    Replies
    1. අනේ මං නං හිතන්නෙ නෑ. ☻

      Delete
    2. ඔව් එහෙම තමයි හිතාගෙන ඉන්නේ... ඇයි වැරදිද...හික්

      Delete
  4. රාලහාමි තමයි රාලහාමි...හි...හි..කතාපෙට්ටියක්නෙ.
    (උඹත් ඔහොම කරනවද....?)

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ. මං ඉතිං බොහොම කලාතුරකින් මඳ පමණට පාවිච්චි කරන එකානේ.

      Delete
    2. ගෑනුන්ට බොරු කිව්වට කමක් නෑ, ඒවා මතක තියන් ඉන්න ඕනේ. නැත්නම් පස්සේ ඕව මතක තියෙන ඉඳල වෙන ප්‍රශ්ණ අහනවා කිට්ටුවෙන් යන. ඒවාට දෙන උත්තර අනුව අතුරු ප්‍රශ්ණ වලින් හොයා ගන්නවා එදා කිව්වේ බොරුවක් කියල. ගෑනුන්ට පොලිස් නුවන තියෙනවා කියන්නේ ඔන්න ඕකට.

      Delete
  5. රාජගේ හාමිනේ මේක කියවන්නේ නැතුව ඇති,.. කියෙවුවොත් ඉතින් ආයිත් ඇත්තක් කිවුවත් විස්වාස කරන එකක් නම් නැහැ..

    ReplyDelete
    Replies
    1. හාමිනේ නං මෙව්ව කියවන්නෙ නෑ.

      Delete
  6. රාලහාමිගේ නෝනා මේක බලන්නේ නැතිව ඇති මයේ හිතේ.

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ. රාලහාමි වත් බලන්නෙ නෑ.

      Delete
  7. කතා දෙකක් ....? එල එල...

    ReplyDelete
  8. නියමයි...
    දැනුත් එකසිය විසිපහට බාගයක් දෙනවනම්....

    ReplyDelete
    Replies
    1. එහෙනං දැන් බාගෙ බොන එකා බෝතලයක්ම බීල ගෙදර යන්නෙ, රටේ ප්‍රශ්න ඩබල් වෙයි. :)

      Delete
    2. එහෙනං බීලම මැරෙයි! ☻

      Delete
  9. මගෝඩි රාළහාමි කෙනෙක්ම තමා. ඇත්තෙන්ම ඔය ග්‍රාමසේවක රාළහාමිලගෙ ළඟ ඔය වගේ කතා පෙට්ටියක්ම තියෙනව. ගෙදර කතායි, වසමෙ කතායි, කිට්ටුව පහත මිනිස්සුන්ගෙ කතායි. කස්ටිය එකතු වුනාම ඕන බලන්න, රස සාගරයක්.

    ReplyDelete
    Replies
    1. අහ්! ඔරිජිනල් ඩයල් එකෙන්ම ඇවිල්ල.

      Delete
  10. අපිට බැරි වෙයිද ඔය රාළහාමි එක්ක දවසක සෙට් වෙන්න ;)

    ReplyDelete
    Replies
    1. මොකෑ බැරි. ගල් බෝතලයක් ඇත්තං ඇති.

      Delete
  11. හි හි... මං නං ඔක්කොගෙම ගනන් දන්නවා... කවුද බ්ලොග් ලියන පිංවතෙකේ දවසක් ඔක්කොම ගණන් ටික දාලා තිබුනා... ( මට කවුද කියලා නම් මතක නෑ..) බයිටි එකට යන ගානත් එක්කම....

    ReplyDelete
    Replies
    1. ඕක දාල තිබුනෙ මගේ මරණය බ්ලොගේ මට මතක විදියට. හරි! මේං බලන්න.

      Delete
  12. එකසිය විසිපහට දැන් හම්බෙන්නේ මූඩියක්!

    ReplyDelete
  13. මිනිහෙක් උනහම ටිකක් බොන්න ඔනෙ තමයි.. අර ක්සැන්ඩර් අය්ය කියන්න වගේ කොහෙද ගෑනුන්ට ඕක තේරෙන්න රැවුල වැවෙන එකක්යෑ

    ReplyDelete
    Replies
    1. //මිනිහෙක් උනහම ටිකක් බොන්න ඔනෙ තමයි!// }:D

      Delete
  14. අපූරූ කතන්දරේ මහත්තයෝ. මම නම් ඉතින් හැමදාම් හවස් වරුවට රහ මෙර ටිකක් පාවිච්චි කරනවා ඇඟේ පතේ අමාරුවට.....

    ReplyDelete
  15. අප්පේ .. බිවුවාම වෙන දේවල් ...

    ReplyDelete
  16. හිනා කාලා පන යනවා :ඩි

    ReplyDelete
  17. සෑර් මාත් ඔය විදියට මාස ගානක් තිස්සේ හවසට දෙක තුනක් නවාගෙන චුයින් ගම් එකක් හප හප තාපසයෙක් වගේ ආව කාලයක් තිබ්බ. බොහෝම පරිස්සමෙන් සිහියෙන් හිටියේ. එක දවසක් එහෙම එන ගමන් ගෙනාපු මොනවදෝ එකක බිල වෙනුවට වැරදිලා බාර් එකෙන් දුන්න බිල දුන්නා..

    ReplyDelete
    Replies
    1. අපොයි! ඉවරයි නේද එතනින්ම.

      Delete
  18. ඒ කතාවක්...... කතාවක්....... මාරු හොඳේ..
    දැන් කුප්පියක් 125/= මයේ හිතේ..
    බදුත් වැඩි කලා නොවෑ

    ReplyDelete
    Replies
    1. 125ට ෂොට් 1ක් වගේ පුළුවන් දැං.

      Delete
  19. කථා ටික නම් පස්ටයි.... අන්තිම එක තමා මරු...

    ReplyDelete
  20. උබමද කොහෙදෝ මේ වගේම කතාවක් කලිනුත් ලිව්වා නේද. ඉල ඇදුනා හිනා වෙලා. බිපෙසි....

    ReplyDelete
  21. පොලිස් කාරයෝ ඔහොම්මනේ :)

    ReplyDelete
    Replies
    1. මේ ගිරාහම සේකර "රාළහාමි" කෙනෙක්, පොලිස් රාළහාමිලාට ඔච්චර මොළයක් නෑ.

      Delete
  22. හේ හේ...... නියමයි අන්තිම කතාව.

    ReplyDelete
  23. කාල 150/= ට ගන්න පුළුවන් ගල් අරක්කු වර්ගයක් තියෙනවා නේද? මෙහේ මිනිස්සු වැඩිපුර බොන්නෙ ඒවා, කසිප්පු නෑ.

    ReplyDelete
    Replies
    1. සුමියා වැඩිය බොන පොරක් නෙවේ බවට කදිම උදාහරනය..

      සිරා කතාව රජ් !

      Delete
    2. 150ට තිබුන සුමිත් අයියේ රන්දෙනිගල මොකද්දෝ බ්‍රෑන්ඩ් එකක්(ටික කලකට ඉස්සර). බොන්න බෑ. කසිය වගේ තමයි.

      Delete
  24. අඩේ රාජ්....ඔය විදිහෙම පොරක් ඉන්නවා මගේ යාලුවෙක්. පුදුමේ කියන්නේ මූත් රාලහාමි කෙනෙක්, හැබැයි බැදල නෑ. ඔය බොරු ඔක්කොම දානේ අම්මටයි තාත්තටයි. අනේ අම්මප මේක දැක්කහම මතක් වුනේ උගේ කථා ටික දැම්මනම් මට දවස ගාණේ කථා ලියන්න තිබ්බා.

    හැමදාම වගේ පස්ටයි ඈ....

    ReplyDelete
  25. අපිට හාමිනේලව ෂේප් කරගෙන ඉන්න දෙන්නෙ නැත්තෙ උඹලනෙ රාජ්. :O අපේ හාමිනෙයි මායි එකට ඉඳගෙන උඹලගෙ බ්ලොග් කියවන්නෙ. දැන් බලාපං උඹ කරපු අපරාදෙ! දැන් අරක්කු බෝතලේක ගාන ගූගල් කරයි! :D

    දැන් මෙන්න වෙළඳ දැන්වීමක්: :)
    මෙන්න මගේ අලුත්ම බ්ලොගර් සිංහල බ්ලොග් එක. මේක ඇත්තටම මේ වර්ඩ්ප්‍රෙස් ‘මට හිතෙන හැටි’ සයිට් එකේ බැක් අප් එකක්. නම මගේ ඩෙනිම My Blue Jeans
    බර වැඩි නැතිනම් ඔයාලගෙ බ්ලොග් රෝල් වල එල්ලගෙන දෙන්නකො මගේ ඩෙනිමටත් පොඩි බැක් අප් එකක්.
    හැමදාම මට තියෙන චෝදනාවක්නෙ, ‘උඹේ වදන් තදයට (WordPress-Thanks Ravi)එන්නත් අමාරුයි, කමෙන්ට් දාන්නත් අමාරුයි,’ කියලා. ඔන්න තියෙනවා බඩු!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. සොරි වෙන්ඩෝන හෙන්රි අයියේ. මට තේරෙනව ප්‍රශ්නෙ බරපතලකම. නෝන එක්ක හැමඑකම බලන්න එපා.

      ඩෙනිම රෝලෙ එල්ලුව. දැං බ්ලොග් තුනක හිමිකරුවෙක්.

      Delete
  26. රාජ් අයියත් අතේ පැලවෙන බොරු කියනවා කියන්නේ ඇත්තද???????

    ReplyDelete
  27. මී වදේ වදේ තමා එලම. සිද්දි ටිකනම් නියමි. උන්ට පිං මේ වගේ පොස්ට් දන්නා සිද්දි හදනවට.

    ReplyDelete
  28. රාළහාමියා තමයි මෑන්! වෙලාවට අරක හයිඩ් කරලා තියෙන්නෙ..

    ReplyDelete
  29. මේ මෑතකදි බුකියේ පළ වෙච්චි පින්තූරෙකිං උපුට ගත්තු පදයක් මේක..
    "ගෑණු විඳවනවා පිරිමින්ට මතක නැති දේ ගැන.. පිරිමි ව‍ද වෙනවා ගෑණුන්ට මතක දේ ගැන"

    ReplyDelete
  30. රාළයා මාර පොරක් නේ...

    ReplyDelete
  31. MENNA NIYAMA KATHANDARA. KATHANDARA KARAYO MEWAGE KATHANDARA LIYANTA PURUDU WENNA OONE.

    ReplyDelete
  32. මී මැස්සෝ ටිකත් බොන උන්ට සප් එක දෙන්න වදේ අතැරලා යන්න ඇති ;)

    ReplyDelete