Tuesday, October 16, 2012

අන්තවාදයට එරෙහිව..........


Malala Yousafzai බ්ලොග්කාරියට ඉක්මන් සුවය පතමු!

සියළු ආකාරයේ අන්තවාදයට එරෙහිවෙමු!

අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය පිලිගනිමු!



112 comments:

  1. අපෙ යුතු කමක්.. බොහොම හරි රාජ්.. මම ගූගල් එහෙයි ෆේස් බුක් එකෙයි දෙකේම ෂෙයා කළා...

    ReplyDelete
  2. අනිවාර්යයෙන්ම.. ප්‍රකාශනය මානව අයිතියක්. එය නැති කරන්නට අන්තවාදීන්ට අවස්ථාවක් ලබා නොදිය යුතුයි.

    ReplyDelete
  3. අන්තවාදයට එරෙහි වෙමු

    ReplyDelete
  4. මුස්ලිම් අන්තවාදීන් සාහසිකයි, මේ නිර්භීත දැරිවිට ඉක්මන් සුවය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. කොයි අන්තවාදයත් ඉවරවෙන්නේ සහාසිකත්වයෙන් තමයි

      Delete
    2. ඇයි මුස්ලිම් විතරක් අපිත් එහෙම තමයි...

      Delete
    3. මාතලන්..
      අපිත් අන්තවාදීයි ආත්මාර්ථකාමීයි... එහෙම කියලා අපේ දරුවන්ව අපි මරන්නේ නෑ නේ.... තාමත් විරැද්ධ මතයක් දරන කෙනාව මරන්න හදන්නේ නෑ නේ.... ( ගොඩක් අය)

      අන්තවාදීකම කියන්නේ තමන් අන්තයටම යන එකම විතරක් නෙවෙයි.... අනිත් මිනිස්සුන්ටත් බලපැම් කරන එකට.... එතකොට ඒක ත්‍රස්තවාදයක් වෙනවා....

      ඔයා ඔය “ඇයි මුස්ලිම් විතරක් අපිත් එහෙම තමයි... “ කිව්වා කියලා අපි කවුරුවත් කඩු කිනිසි, තුවක්කු අරන් ඇවිත් ඔයාව මරන්න ප්ලෑන් කරන්නේ නෑ නේ....

      අනිත් එක ඔයාට එහෙම හිතන්න මානසිකත්වයක් ආවේ කොහොමද කියලත් හිතන්න..... කවුරුවත් ඇවිත් උඹ මෙහෙම කරන්න ඕනේ,මෙහෙම නොකලොත් උඹව මරනවා කියන්නෙ නැති හින්දනේ....

      Delete
    4. දන්න තරමින් අපේ අන්තවාදයක් නෑ .....තියෙන්නේ ජාතිවාදයක් , ඒකියන්නේ ජාතියට හිත්‍යශී භාවයක් , වචනේ හරායට අර්ථකතනය වුනා නම් මෙහෙම වෙන්නේ නෑ ....... ජාතිවාදය මිනී මරන්නේ නෑ

      Delete
    5. @ මාතලන්,තිසර අපිත් අන්තවාදියො තමයි,සමහර වෙලාවට අපි දැඩි අන්තවාදීන් වෙනව ඒත් අපි තාමත් මේ වගේ සාහසික තැනකට තල්ලු වෙලා නෑ.(හිතා මතාම මේ වගේ පොඩි ලමයෙක්ට තුවක්කුව දික් කරන්න තරම් )

      Delete
    6. බොහොම හරි හිරුනම් කෙලින්ම මුනටම ඇනල තියෙන්න.....ඔය මාතලන් ඔහොම තමයි.... නහරකාරයනේ...
      වටකරලා අනින්න ඕනේ හිටපු ගමන් කියන ගොන් කතා වලට... නෑ...නෑ මේ වෘෂභ කතා වලට...

      Delete
    7. 83 දී, 87-89 දී මිනිස්සු ඝාතනය කලේ පිටසක්වලින් ආපු අයද ?

      83 දී දෙමල පවුලක් ආපු කාරයක් නවතා එහි සිටි ලමයින් දෙන්නා එලියට ඇද දමා පැට්‍රල් වක් කරලා ඒ දෙමල දෙමව්පියන් සමග කාරයට ගිනිතිබ්බේ සිංහල ජාතිආලේ මිනිස්සු. ගිනිගන්න කාර් එකෙන් බැහැල ඇවිත් ලමයි දෙන්නවත් අරන් ආපහු ඒ දෙමල දෙම්පියෝ කාර් එක තුලට ගියාලු.

      Delete
    8. AnonymousOctober 16, 2012 4:48 PM
      ඇත්ත.‍ 83දි ඇතිවුනේ ජාතිවාදය තමයි. 87-89 නං වෙන කේස් එකක්නේ.

      Delete
    9. එතකොට කොටි අමු අමුවේ අවුරුදු 30ක් සිංහල මිනිස්සු මැරුවේ මොකේ අමාරුවටද? 83දිම ඕකුන් ඉවර කරා නම් ඕක වෙන්නෙ නෑ,. මුස්ලිම් උනත් ඔච්චර තමා..

      Delete
    10. 83දි එක සිංහල මිනිස්සු කට්ටියක් දෙමල අයව මරද්දි තව සිංහල කට්ටියක් එහා ගෙදර හිටපු දෙමල පවුල තමන්ගේ ගේ අස්සේ හංගගෙන ඔවුන්ගේ ජීවිතත්, පුළු පුළුවන් හැටියට බඩු බාහිරාදියත් බේරලා දුන්නා නේද....?

      එහෙම කරන්න තරම් මිනිස් ජීවිත ගැන හිත උණුවෙන්න හරි ,එහෙම දේකට විරුද්ධ වෙන්න හිත තද වෙන්න හරි බලපෑවේ ආගමද? ජාතියද? මනුස්සකම ද?

      මිනිස්සුන්ට හිතන්න නිදහසක් වගේම හිතන්න බ්‍රේන් වොෂ් කරපු නැති මොලයක් තිබ්බ නිසා නෙවෙයි ද?

      ජාතිවාදය හරි ආගම්වාදය හරි කරපින්නගෙන මිනිස්සු මරන්න යන කොට ඒක ත්‍රස්තවාදයක් වෙනවා.... නමුත් ඔය මොක කරලත් අපිට ත්‍රස්තවාදය නැති කරන්න උනේ හමුදාමය කියාමාර්ග වලින්.... ( දේශපාලුවෝ යුද්ධෙ වවාගෙන කෑවා.. ඒක වෙනම කතාවක්...) එහෙම නොවුනනං අදටත් බෝම්බ පුපුරනවා.. CNN BBC වල නිවුස් ලයින් යනවා ලංකාවේ බෝම්බ පිපිරිමකින් මෙච්චර මැරිලා කියලා.... ඒත් යුද්ධෙ නැති උනා කියලා මිනිස්සුන්ගෙ ඇති වෙච්ච බෙදීම ආයිත් නැති වෙන්නේ නෑ... ඒකයි ත්‍රස්තවාදයක් පටන් ගන්න කලින් ඒක නැති කරන්න ඕනේ වෙන්නේ... නැතුව මෙහෙත් බෝම්බයක් දෙකක් පිපුරුනාට පස්සේ මුස්ලිම් මිනිස්සු හොය හොයා මරන්න පටන් ගන්න එක නෙවෙයි......

      විස්සයි විස්සෙදි මුස්ලිම් අය පකිස්ථානෙට චියර් කරද්දි එතන හිටිය කොල්ලො ටිකක් උන්ට ගැහුවනං ඔය ටික මුල ඉඳලාම රීපීට් වෙනවා.. හිතලා බලන්නකෝ.......

      Delete
    11. මෙහෙමයි හිරු, අපි හරි ආඩම්බරයෙන් අපි සිංහල අපි එහෙම නැහැයි කියනවා. අපේ සුළු පිරිසක් තමයි එහෙම කරේ කියලා කියනවා. නමුත් අපි පිළිගන්න ඕනේ හැම ජාතියකම මේ වගේ සුළු පිරිසක් ඉන්නවා කියලා. අපි ප්‍රබාකරන්ව විතරක් නෙමෙයි ඔහුගේ පොඩි එකාවත් මරලා දැම්මා, දැන් කියන්න පුළුවන් ඒ සිද්ද් වුණේ යුද්දයක් කියලා. නමුත් මේ සෑම අවස්තාවක්ම තීරණය කරන්නේ අදාළ අවස්තාව තුළ ජීවත් වන පිරිස. අපි නිහතමානීව පිළිගන්න ඕනේ ඇසට ඇසක් දතට දතක් පිළිවෙත සිංහල අපි අඩු නැතුව පිළිපැද්දා කියලා

      Delete
    12. කතන්දරේ හරි රතූ.... ඇත්ත.... නමුත් ප්‍රබාකරන්ගේ පුතා ත්‍රස්තවාදියෙක් නෙවෙයිද..... ? පිටරටකට වෙලා ඉගෙන ගෙන ආපහු ඇවිත් තාත්තගේ ව්‍යාපරයට සම්බධවෙලා කටයුතු කරපු කෙනෙක් නෙවෙයිද....? ත්‍රස්තවාදය කියන්නේ තුවක්කුවක් අරං මරන එකම නෙවෙයි....

      අනිත් එක ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයෙන් දුක් වින්දේ සිංහල අය විතරක් නෙවෙයි... බෝම්බ වලින් මැරැනේ සිංහල අය විතරක් නෙවෙයි.... ගම් වලට පැනලා මැරැවෙත් සිංහල අය විතරක් නෙවෙයි.... හමුදාවේ හිටියේ සිංහල අය විතරක් නෙවෙයි.... එතකොට සිංහල කියලා වෙන් කරන්නේ කොහොමද...... ?

      ත්‍රස්තවාදයක් මර්දනය කරන්න අමාරුයි.... එතනදි වෙන්නේ ඇසට ඇසක් දතට දතක් කතාව තමයි... ඒකයි එහෙම තැනකට එන්න කලින් මේ ප්‍රශ්න විසඳගන්න ඕනේ......

      Delete
    13. ජාතියට ආදරය කිරීම වෙන දෙයක්.. තමන්ගේ වරද පිලි නොගැනීම වෙන දෙයක්. හමුදාවකට පුලුවන් රජයකට විරුද්ධව එන ඕනම් කෙනෙක් මරලා දාන්න. සතා සීපාවටත් ආදරේ කරන්න උගන්නපු ශේෂ්ඨ දාර්ෂනිකයෙක්ගේ ගෝලයන්ට පුළුවන්ද මිනිස්සු මරන්න උඩ ගෙඩි දෙන්න ආශීර්වාද කරන්න. අපි මේ ගැන තව දුරටත් කතා නොකර ඉමු හිරු. ඔයා ඔයාගේ ඊළඟ ප්‍රශ්නේ මගෙන් අහන්න එපා. ඔයාගේ සිංහල බෞද්ධ හදවතින් අහන්න.

      Delete
    14. හිරු +++++++++++++++++++++
      මාතලන් ----------------

      Delete
    15. තලෙයිබාන්වරු වැහි වැහලා... ජයවේවා...!!!

      Delete
    16. මාතලන්..

      ඇහැව්වා....
      කියන්නේ එක දෙයයි...

      ආයිත්‌ මේ රටේ බෝම්බ පුපුරන්න එපා...... එච්චරයි....

      Delete
    17. මට කියලා වැඩක් නෑ තලෙයිබාන්වරුන්ට කියන්න.. අපි කවදත් සාමෙට සමාදානෙට වලියට නෑ..

      Delete
    18. AKM/ මරු ...ඒක ලේසියි....
      ඔන්න මමත්
      හිරු/ ++++++++++++++

      Delete
  5. අනිවාර්යෙන්ම!!

    ReplyDelete
  6. Malala Yousafzai: Hats off! තව කෙනෙකුගේ අදහසක් ඉවසන්න බැරි හරක් වර්ගයක් තමයි ඒ!

    ReplyDelete
  7. අවුරුදු 14ක මේ දැරිවි කොච්චර ලොකු බැලපෑමක් කරන්න ඇත්ද මේ විදිහට වෙඩි පහරට ලක්වෙන්න... ඉක්මනින්ම සුවය ලබන්න ප්‍රර්ථනා කරනවා නුඹට... නුඹ ඇත්තෙන්ම වීරවරියක්....

    ReplyDelete
  8. ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  9. දැනං හිටියේ නෑ.. හොයලා බැලුවේ දැං....
    අන්තවාදය කොතනත්, කුමක් සඳහා උවත් හොඳ දෙයක් නෙවෙයි... මේ ළමය හොඳ වෙයි කියලා කියනවා නේ.... ඒක හොදයි.... ඒත්.......

    කම්පියුටරෙන් අපි දකින දේ ලියනවා... කතා කරනවා... යුද්ධ කරනවා.... ඒත් අපේ ඉදිරියේ වෙන දේවල් වලට මඟෑරලා කට පියාගෙන යනවා... වෙන මොනවා කරන්නද....?
    ළඟදි තරියා ලියලා තිබුණ පෝස්ට් එකෙන් සහ ඒකට ලැබුණ කමෙන්ට් වලින් පේන්න තියෙන්නේ මෙ‌ෙහත් මෙච්චරකල් සහයෝගෙන් හිටපු මුස්ලිම් ජනතාවත් අන්තවාදී තත්වයකට පත් වේගෙන එන බව කියලා මට හිතෙන්නේ.... කොහෙන් නතර වෙයිද කියලා තේරෙන්නේ නෑ...

    ආයිත් පාරක් යුද්ධයක් නම් එපා..... මේවෙනකොට ඉස්ලාම් ධර්මය ලොව පුරාම ත්‍රස්තවාදයක් බවට පත්වෙලා ඉවරයි.... ඒ මේ අන්තවාදීකම හින්ද....

    තමන්ගෙම ආගමේ දරුවෙක්ට මෙහෙම කරන්න පුළුවන් නම් ඒක ත්‍රස්තවාදයක්.... නැති කරලා දාන එක පවු නෑ... එච්චරයි මට හිතෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. SAMAHARAK Bathudda hamuduruwoth (Hamoma neme "SAMAHARAK")thrasthawadeen wage thama....
      thamunge agama raka gannna kriya karanna ona thamai...but hamuduruwo eka karana widiha anumatha karanna ba....lanakwa thawath jathi wadi, agam wadi aragalayakata nodanuwathwama gaman karanwa.....

      Delete
    2. ඇත්ත.... හැම ආගමකම මෝඩයෝ ඉන්නවා...
      ඒත් වෙන ආගම් ආගම බදාගෙන මිනිස්සු මරන්නේ නෑ නේ.. අඩු ගානේ මේ කාලෙදි වත්... ඉස්සරත් මිනිස්සු ආගම් වලට මරා ගත්තා.. ඒත් මේ වගේ ත්‍රස්තවාදී වැඩ කලේ නෑ කියලා මම හිතන්නේ... අනිත් එක මේක ආගමක්ද.... මිනිස්සුන්ට සමානව සලකන්න බැරි නම් ඒක ආගමක් වෙන්නේ නෑ නේ... ඒක තනිකර බොරුවක්......

      Delete
  10. මේව මහ අපරාධ. අපි මේ අන්තවාදයට එරෙහිව කොච්චර අදහස් ප්‍රකාශ කරත් ඉස්සරහටත් නැවත නැවත සිද්දවෙන්නෙත් ඔය දේවල්ම තමයි. කාලකණ්ණි මිනිස්සු.

    ReplyDelete
  11. අන්තවාදය දැඩිව හෙළා දකිමි...

    ReplyDelete
  12. රාජ් මේ කලේ බොහෝ වටිනා දෙයක්....හැමෝම එකතු වෙයි නේද මේ දරුවට නිරෝගී සුවය පතන්නට..ඔන්න මම සිතින් පැතුවා....

    ReplyDelete
  13. මේ වගේ තත්ව ඉස්සරට ලංකාවෙත් දකින්න ලැබෙයි....

    ReplyDelete
  14. අන්තවාදයට එරෙහිවීමට අත්වැල් බඳිමු...මේ ශොචනීය තත්වය හෙලා දැකීමෙන් පමනක් දැත් හකුලා ගතයුතු නැත...!!

    ReplyDelete
  15. මලාලා ගේ දින සටහන් වලින් දින කිහිපයක් කියවූ විට, තලේබාන් පාලනය යටතේ ඇති වූ තත්වය ඉතා හොදින් වටහා ගත හැක. මුලින්ම මේ සටහන වෙනුවෙන් ඉදිරිපත් වූ මලාලාට වඩා වසර 4ක් වැඩිමහල් සිසුවිය තම ප්‍රයන්තය නැවැත්වූවේ දෙමව්පියන් තලේබාන් පාලනයට දැක්වූ ඉමහත් බිය හේතුවෙනි.

    මෙවන් දරදඩු පාලනයක් ගෙන යා හැක්කේ 'අමනුෂ්‍යයන්' පිරිසකට පමණි. එවන් පාලනයකට විරුද්ධව විවෘතව සටන් කළ හැක්කේ මෙවන් 'සැබෑ වීරවරියකට' පමණි.

    ආගමික අන්තවාදයට එරෙහි වූ අපේ කාලයේ සැබෑ වීරවයට 'ඉක්මන් සුව පතමු'

    ඇගේ දින සටහන් කීපයක් මෙතනින්

    ReplyDelete
  16. ලංකාව පෙර වගේ නෙමේ. දැන් එන්න එන්නම අන්තවාදයට කට්ටිය එක් වෙනවා. වැඩි කල් නොගොහින්ම මේවයේ ප්‍රතිඵල අපිට දැන ගන්න හැකි වෙයි.

    සියලුම ආකාරයේ අන්තවාදයට විරුද්ධ වෙමු. මානවයාගේ ප්‍රකාශන අයිතියට ගරු කරමු.

    ReplyDelete
  17. ඇය දැනුම ඉල්ලා හැඬු දැරියක්. අවුරුදු 14 කදී ඇය මෙතරම් ධෛර්යවන්තද කිව්වොත් බ්ලොග් අඩවියක් පටන්ගෙන බී බී සී එකටත් තලෙබාන් වැඩ හා ඔවුන් ගැහැණු ළමයින් හට පනවා තිබු ඉගෙනුමට ඇති තහනම කියා සිටියා. කොහොම උනත් දැන් ඇය ප්‍රතිකාර සඳහා එංගලන්තය බලා ගොසින්. පාකිස්තානයට ඉතා වටිනා මැණිකක් නැති උන වගනම් කියත හැකි.

    ReplyDelete
    Replies
    1. ඇය කවදා හරි නොබෙල් ත්‍යාගය දිනාවි. ඉක්මනින් සුවපත් වේවා දෝණියේ නුඹ!!

      Delete
    2. ඔව් නංගි, මේ 2012 නොබෙල් සාම තෑග්ග ලැබිච්ච බංකොළොත් යුරෝපීය යුනියනයට වඩා ඇය දස දහස් වතාවකින් සුදුසුයි.

      Delete
    3. මේ අපේ අරුණි අක්කද ...? දැනගන්න අහන්නේ ...

      Delete
  18. අන්තවාදය මොන වෙසක් අරන් ආවත් එකයි..මුස්ලිම් බෞද්ධ හින්දු ශික් ක්‍රිස්තියානි කියල එකක් අනිකෙන් වෙනස් වෙන්නේ නැහැ .. අනුන්ට ඇඟිල්ල දික්කරන ගමන් බෞද්ධ වෙච්ච අපේ චීවර ධාරීනුත් බොහොමයක් අද යන්නේ ඒ පාරේ.. බුදු හිමියන් අනුදැන වදාළ මගේ නෙවෙයි.. ඒ යන ගමන් සාසනය රකින්නත් කතා කරනවා. එකයි කනගාටුව.. එජ්ක වර්ගයක් අන්තවාදී වෙනකොට බුද්ධිය ඇති සිතන තමුන් ඒ මග නොයාම තමයි එකම පිළිතුර .. ඇයට ඉක්මනින් සුව වේවා.

    ReplyDelete
    Replies
    1. හැබැයි මුස්ලිම් අන්තවාදය පටන් ගන්නේ කුරානෙන් , අන්න ඒකයි ඉස්ලාම් අන්තවාදයෙයි අනික් ඒවයි වෙනස .

      Delete
  19. අන්තවාදී වීම හෙලා දකිමි.. සමහර අය අන්තවාදී විදිහට ජාතිවාදී වීමත් ගැටලුවක්...

    ReplyDelete
  20. අදහස් දැක්වූ-ෂෙයාකල සියල්ලන්ටම ස්තුතියි. සියළුම ආකාරයේ අන්තවාදය ප්‍රතික්ෂේප කල යුතුයි. අන්තවාදී බෞද්ධයන්-භික්ෂූන් ක්‍රිස්තියානි නිකායන් හින්දු ආගමිකයන්(මුන්නේෂ්වරම් කෝවිලේ සත්ව ඝාතනය කරන ආකාරයේ) සිටියත් ඒ හැම අභිබවා යන ආකාරයේ අන්තවාදයක් මුස්ලිමිවරුන් අතර තියනව. මුස්ලිම්වරුන් බහුතරය ජීවත්වන රටවල අන්‍ය ආගමිකයන්ට-ජාතීන්ට අත්වන ඉරණම කුමක්දැයි අමුතුවෙන් පැහැදිලි කිරීම අනවශ්‍යයි. ලංකාවේ මුස්ලිම්වරුන් ඒ තත්වයට පත් නොවෙනව නම් තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි. ලැබූ මිනිසත් බවට ගරහන්නේ නැතුව තමන් උපමා කරගෙන හිතන්න පුළුවන් නම් ...............

      Delete
    2. රාජ් උඹ කියනදේ පැහැදිලියි..!
      මේ ගැන මත ප්‍රකාශකරල මොනව කරන්නද..?
      ලංකාවටත් මේ දේ අනාගතයේදි වේවි කියල බයක් තියෙනව මචං..!
      අර දරුවට නිරෝගී සුව ලැබේවා..!

      Delete
  21. අන්තවාදී කාලකන්නි ලෝකයේ නැති දවසට තමා අපිට නිදහසේ හුස්මක් ගන්න පුළුවන් වෙන්නේ

    ReplyDelete
  22. මාත් ඔය ගැන ලිව්වා මචං! අන්තවාදයට විරුද්ද වෙමු! ඒකයි වැදගත්!

    ReplyDelete
  23. මුස්ලිම් අන්තවාදය මෙහි කියවීම අදාල නැති දෙයක් මම හිතන්නේ.... පවතින බලයට විරුද්ධවීම තමයි මේ දැරියට වෙඩි තියන්න හේතුව... ඇයට වෙඩි තැබුවේ අන්තවාදී මුස්ලිම් මිනිසුන් පැමිණ නෙමෙයිනේ, ඒ අන්තවාදයෙන් සහාසික ත්‍රස්තවාදයක් ඇතිකර බලය පතුරුවා ගත් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින්. හමුදාවෙන් කරන වැලි ගොඩ දැමීම ෆේස්බුක් එකෙන් රටට කියූ වරදට මැරුම් කෑ තරුණයන්, දේශපාලකයන් අතින් දූෂණය වූ ලාබාල දියණියන්, තමන්ගේ පෙම්වතිය සළෙලුන්ගෙන් බේරා ගැනීමට ගොස් මැරුම් කෑ විදේශිකයන්, දවසකට 3 බැගින් දූෂණය වන අඩුවයස් දැරියන්, කුඩු බිස්නස් කර හසු වූ විට පැලිගැනීමට ලක් වූ මව්වරුන් සහ දියණියන්, විරුද්ධ මත දැරීම හේතුවෙන් අතුරුදන් වූ මාධ්‍යවේදීන්, පුවත්පත් සාකච්ඡා තැබූ වරදට මුහුන කැපීමට ලක්වන ලේකම්වරුන් පිළිබඳ නිතර අසන්නට ලැබෙන රටේ බලය අවනීතිය කරා ගිය අන්තවාදය, මුස්ලිම් ද, බටහිර ද, දෙමලද යන්න අර්ථ දැක්වීමක් කුමටද? නැවතත් කියන්නම්, සියලුම අන්තවාදයන් සහසිකත්වය කරා යාමකි.. වඩා හොඳ අන්තවාදයක් තිබෙන්නට බැරිය.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම් ෂා...දැන්නේ තේරුනේ...හරිනේ...ලංකාවේ තියෙන්නෙත් තලෙබාන් පාලනයක්නේ

      Delete
    2. //පවතින බලයට විරුද්ධවීම තමයි මේ දැරියට වෙඩි තියන්න හේතුව//
      දැනට පකිස්තානයේ තලේබාන් පාලනයක් නෙවේනෙ තියෙන්නෙ.
      //ඇයට වෙඩි තැබුවේ අන්තවාදී මුස්ලිම් මිනිසුන් පැමිණ නෙමෙයිනේ//
      නැත්නම් කවුද?
      //මුස්ලිම් අන්තවාදය මෙහි කියවීම අදාල නැති දෙයක් මම හිතන්නේ....//
      අදාලයි. මගේ පළමු අදහසෙන් මම කිව්වෙ ඒක.
      //අන්තවාදය, මුස්ලිම් ද, බටහිර ද, දෙමලද යන්න අර්ථ දැක්වීමක් කුමටද? නැවතත් කියන්නම්, සියලුම අන්තවාදයන් සහසිකත්වය කරා යාමකි.. වඩා හොඳ අන්තවාදයක් තිබෙන්නට බැරිය.//
      වඩා හොඳ අන්තවාදයක් නැතිබව සැබෑව. ඒත් මිනිස්සු මරණ, ගෑනුන්ගෙ අධ්‍යාපනය තහනම් කරන, අන්‍ය ආගමිකයන් මරණ, අන්‍ය ආගමික ස්ථාන විනාශ කරන අන්තවාදයක් වෙන කොහේද තියෙන්නෙ කියල හිතල බලන්න.

      "අනේ හැම අන්තවාදයම එකයිනේ කොයිකත් හොඳ නෑනේ" වගේ "අන්තවාදය බැලන්ස් කරන්න" අවශ්‍ය නෑ. ඉන්ටනෙට් එකෙන්- අනෙකුත් මාධ්‍යන්ගෙන් කටින් කරන අන්තවාදයට වඩා මිනීමැරීම දේපල විනාශකිරීම ආගමික ස්ථාන පිලිස්සීම කාන්තා අයිතිවාසිකම් පාගාදැමීම වගේ දේවල් භයානකයි. අන්න ඒකයි ඒගැන වඩාත් කතා කලයුතු.


      Delete
    3. @Raj සිරාව‍ටම

      Delete
    4. @රාජ්, පාකිස්තානයම තියෙන්නේ තලේබාන් පාලනය යටතේ නම් නෙමෙයි තමයි. ඒත් උඹ කියෙව්වද මේ කෙල්ලගෙ ඉතිහාසය ගැන. මේකි ජීවත්වෙන පලාතේ අඩු වැඩි වශයෙන් තියෙන්නේ තලේබාන් පාලනය. පාකිස්තාන ආණ්ඩුව, තලේබාන් බලය වැඩි සමහර ප්‍රදේශවල ඔවුන්ගේ ශරියා නීති ක්‍රියාත්මක කිරීමට එකඟවෙලා තියනවා. 'ස්වාත්' කියන්නෙත් ඒ වගේ ප්‍රදේශයක්. පහුගිය කාලේ, එල්ටීටීඊ එකට විරුද්ධව ගිහින් කෙනෙක් උතුරෙදි මැරුම් කෑවා නම්, උඹ අහනවද ලංකාව පාලනය කරන්නේ එල්ටීටීඊ එකෙන්ද කියලා?

      තලේබාන් එක අන්තවාදී මුස්ලිම් මිනිසුන්ගෙන් සැදුනක් තමයි. ඒ අර්ථයෙන් ගත්තහම ඔව් මලාලාට වෙඩි තිබ්බේ අන්තවාදී මුස්ලිම් මිනිසුන් තමයි. නමුත් මට ප්‍රශ්නයක් තියනවා මොනයම් මාර්ගයක් හෝ දඩමීමා කරගෙන ත්‍රස්තවාදීවන මිනිසුන්ව, ඔවුන් දඩමීමා කරගත් මාර්ගයේ අන්තවාදයක් ලෙස හඳුන්වනවාද, නැත්නම් පියෝ ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වනවාද කියලා. ඒක ගැනත් අපි පස්සේ කතාකරමුකෝ... එතකම් මම එකඟ වෙන්නම් මලාලාට වෙඩි තිබ්බේ මුස්ලිම් අන්තවාදීන් කියලා.

      මුස්ලිම් අන්තවාදය අදාල නැහැයි කිව්වෙත් ඉහත කාරණය නිසාම තමයි. අපි සාමාන්‍යෙන් එල්ටීටීඊ එක හැඳින්වුවෙ නැහැනෙ දෙමල අන්තවාදීන් කියලා, අපි හැඳින්වුවෙ ත්‍රස්තවාදීන් කියලා. යම් ත්‍රස්තවාදී කණ්ඩායමක් ආගමක ඉගැන්වීම් තමන්ගේ වාසියට යොදා ගනිමින් ත්‍රස්තවාදය වපුරවද්දි, ඔවුන් එම ආගමේ අන්තවාදීන් ලෙස හඳුන්වන්න පුලුවන් උනත් වඩා නිවැරදිවන්නේ ත්‍රස්තවාදීන් ලෙස ඔවුන් හඳුනා ගැනීම කියලා මට හිතෙනවා.

      මේ වෙලාවෙ තවත් බලන්න වටින දෙයක් තමයි, මලාලාගෙ සහයට ඉදිරිපත් වී සිටින පිරිස. ඉස්ලාම් පූජකයන් 50ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් මලාලාට වෙඩි තැබූ අයට විරුද්ධව 'ෆත්වා' ආඥාවක් නිකුත් කරලා තියනවා.'ෆත්වා' කියන්නෙත් අන්තවාදය ප්‍රකට කරන දෙයක්, ඒත් ඒ අන්තවාදී අංගය මතුවෙන්නේ තවත් අන්තවාදී කණ්ඩායමකට විරුද්ධව නිසයි මම කලිනුත් කිව්වේ තලේබාන් කියන්නේ මුස්ලිම් අන්තවාදය කියන හැඳින්වීම හරිද කියලා හිතන්න ඔනේ කියලා. මලාලාගෙ සහයට තලේබාන් සංවිධානය ඇරෙන්න අනෙකුත් සියලුම මුස්ලිම් ප්‍රජාවන් එකතුවී ඇති බවක් තමයි පේන්න තියෙන්නේ... මේ බොහෝ මුස්ලිම් සංවිධාන වෙනත් වෙලාවක නම් අන්තවාදී කියලා හඳුන්වන්න පුලුවන් සංවිධාන. ඔවුන්ගේ අන්තවාදය තුලත් මෙවැනි කෲර ක්‍රියාවකට ඉඩ නැති නිසා නොවෙද ඔවුන් මෙයට විරුද්ධවී සිටින්නේ... ඔවුන්ගේ අන්තවාදය සාපේක්ෂව හොඳයි කියනවා නෙමෙයි... නමුත් මම කියන්න හදන්නේ තලේබාන් කියන්නේ මුස්ලිම් අන්තවාදය කියන තත්වය ඉක්මවා ගිය සංවිධානයක් කියන එකයි.

      අන්තවාදය කියන එක අපි එදිනෙදා ඇසුරුකරන අයගේ පවා තියෙන්න පුළුවන් ලක්ෂණයක්. උඹත්, මමත් යම් වෙලාවක අන්තවාදීන් වෙන්න පුළුවන්. නමුත් යම්කිසි සීමාවක් ඉක්මවා ගියාට පස්සේ අපි තවදුරටත් අන්තවාදීන් නොවෙයි... එතන ඉතුරුවෙන්නේ මතවාදී ලෙස හෝ අරගල කර හෝ පරාජය කලයුතු අන්තවාදයක් නෙමෙයි විනාශකලයුතු ත්‍රස්තවාදයක්.

      උඹේ පිළිතුරේ අවසාන කොටසටත් මම එකඟයි... ඔව් අපි කතා කරනකොට, විරුද්ධවෙනකොට, ක්‍රියාමාරගයක් ගන්නකොට සාපේක්ෂව වඩා දරුණු අන්තවාදය අඳුනගනන් ඕනේ. මම කලින් ලියලා තියන විදිහට ලියවුනේ, මීට වඩා දරුණු අන්තවාද ඕනේ තරම් තියනවා කියලා තමන්ගේ අන්තවාදය සාධාරණීකරණය ආකාරයේ කොමෙන්ට්ස් කීපයක් තියන නිසයි. මුස්ලිම් අන්තවාදය මෙච්චර දරුණුයි ඒ නිසා අපිත් මෙච්චරක්වත් දරුණු වෙන්න ඕනේ කියලා හිතන පිරිසකුයි, අන්තවදයකට විරුද්ධවිය හැක්කේ ඒකට අන්තවාදයෙන්ම පිළිතුරු දීමෙන් පමණයි කියල හිතන පිරිසකුයි අපි අතරම ඉන්නවනේ.

      Delete
    5. අඩුවැඩි වශයෙන් තලේබාන් පාලනය තියනව කියන එකට එකඟයි.
      ත්‍රස්තවාදය කියල හඳුන්වන්නෙ නීතියට එකඟ නොවන ක්‍රියා සිදුකරන්නන් (සරළව). උද්ඝෝෂණයක් අතරෙදි සිදුවන දේපල හානි කිරීම් පවා ත්‍රස්තවාදය යටතට දානවනේ. අන්තවාදය කියන්නේ ඒක ඇතුලෙ තියන වඩා භයානකවූ උප කුලකයක්. එල්ටීටීඑකේ අන්තවාදයක් තිබුනෙ නෑ.
      මේක ඇතුලෙ තියන දේශපාලනය මොකක්ද කියන්න අපි දන්නෙ නෑ. අනෙක් සංවිධාන මීට විරුද්ධ උනත් ඔවුන්ගේ සුජාතභාවය ගැන සහතික දෙන්න මම නං ඉක්මන් වෙන්නෙ නෑ. උදාහරණයක් විදියට වෙනම රාජ්‍යක් වෙනුවෙන් පෙනීසිටි එල්ටීටීඊය ඒ අරමුණේම සිටි අනෙක් සංවිධාන නැතිකලහැටි අපිට මතකයි.
      අන්තවාදය මොකක් උනත් අනුමත කරන්න බෑ කියන මතයේ මමත් ඉන්නව. අපි අතර ඉන්න අන්තවාදීන් ගැන අපිට කරන්න දෙයක් නෑ.

      Delete
  24. මාත් දැක්කා ඕක...හෙන ගහනවා මුන්ට

    ReplyDelete
  25. මාගේත් දැඩි විරෝධය...

    ReplyDelete
  26. හ්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  27. අද සමහරු කතා කරනවා අරාබි වසන්තය අයහපත් දැයි කියා. ඒ හැමෝටම කියන්න තියෙන්නෙ පීඩක වේශයෙන් එන හැම අයෙක් ම අයහපත් කියන්න. අඥාදායකයෙක් එළවා ගත්තම අන්තවාදීන් එනවා යැයි බියෙන් හිටියොත් හැමදාම ආඥාදායකයන්ට රජ කරන්න පුළුවන්. අන්තවාදීන් හැමදාම ඉන්න නිසා!!!!!

    අයහපත් දෑ සියල්ලට විරෝධය පාන්නට අපි නොබිය විය යුතුමයි.

    ReplyDelete
    Replies
    1. ඒ වෙනම කතා කලයුතු තවත් අවුලක්. ආඥාදායකයන් ඉල්ලන උදවියත් ඉන්නව. 'ඒකාධිපතියෙක් නැතිව මේ රට හදන්න බෑ' වගේ දේවලුත් සමාජගතවෙලා තියෙන්නෙ.

      Delete
    2. මොකා ආවාම මොකද මෙයා, ඇමෙරිකාවට තුට්ටුවට තෙල්ටික ලැබෙනවනම්!

      Delete
  28. මාත් මුලින් දැක්කේ බුකියෙන්. බය නැති කෙල්ලෙක්. පවතින ක්‍රමය වෙනස් කරන්න හදපු කෙනෙක්. ඉක්මන් සුවය පතනවා.
    හැබැයි රාජ් අයියේ අන්තවාදී මුස්ලිම් විතරක් නෙමෙයි. අපෙත් එහෙමයි. අත්දැකීමෙන් කියන්නේ මාත් කාලයක් ඕවට බැහැල හිටපු නිසා. වෙලා තියෙන්නේ උන්ගේ බහුතරය අන්තවාදී. අපේ සුළුතරයක් අන්තවාදී. හැබැයි කරුමේ කියන්නේ අපේ බහුතරය නිෂ්ක්‍රීයයි. ඒක අන්තවාදයට වඩා භයානකයි! අපිට වැරදුනේ එතනයි. මේක කොමෙන්ට් එකකින් දාන්න පුළුවන් එකක් නෙමෙයි බ්ලොග් පොස්ට් සහ හතක ලියන්න පුළුවන් කේස් එකක්. ඒනිසා මේ ඇති!

    ReplyDelete
  29. මේ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ජාති වාදයක් ඇති කරවීමක් නොවේද?

    ReplyDelete
    Replies
    1. තමුසෙට මාර _කේ අමාරුවක් තියෙන්නේ තම්බින්ට මොනව හරි කිවාම නේ ?

      Delete
    2. මේ පොස්ට් 1න් උත්සාහ දරන්නේ ජාතිවාදයක් ඇති කිරීම නෙවෙයි. ජාතිවාදියෙක් ඇති කිරීම පමණයි. තමන්ගේ රට, ජාතිය, ආගම බේර ගන්න කොන්ද පණ තියෙන එවුන් ඇති කිරීමයි.අන්තවාදීන් ඇවිත් අපිට ගහනකොට ගුටිකාලා පැත්තකට උනොත් එතනත් ඔබ කියන ජාතිවාදී අරගල ඇති නොවේයැයි සිතන්න පුළුවන්.

      Delete
    3. මඩිස්සලේ නිශාන්
      ඔව්. කොහොමද ඔච්චරම නිවැරදිව ගෙස්කලේ?

      Delete
  30. මේ පුංචි කෙල්ලට ඉකමන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රාජ් ඔබේ සමහර අදහස් මුළුමනින්ම ප්‍රතික්ශේප කරනවා, අන්තවාදය නම් අන්තවාදයම තමයි. එය මුස්ලිම් --සිංහල වශයෙන් අඩු වැඩි කොට කිරා මැන බලන්නේ කොහොමද? අපේ ඉතිහාසයවත් එවැනි අවංක සංසංදනයකට ඉඩකඩ ඉතුරු කර තියෙනවයි කියලා හිතනවද රාජ්...? බලන් යනකොට උඹත් අන්තවාදී විදිහට තමයි සමහර පිළිතුරු දීලා තියෙන්නෙ .

    ReplyDelete
    Replies
    1. රතු රජරට
      කියන්න ඕන ටික ඉස්සෙල්ල කිව්වත් මම ගැන තවත් පොදු පැහැදිලි කිරීමක් කලොත් හොඳයි කියල හිතුව.
      මේ බ්ලොග්එක ලියන මගේ අදහස් තමයි මේ අඩවිය පුරාම තියෙන්නෙ. එතනදි පොඩි විශේෂත්වයක් තියනව. මෙතනදි මගේ විවේචනයට ලක්වෙන්නෙ ඕනෑම ක්ෂේත්‍රයක ඉහලින් සිටින ස්ථරය. ඒ කියන්නෙ දූෂණය ගැන නම් දූෂණයේ ඉහලින් සිටින කොටස, අල්ලස නම් අල්ලස් ගන්නා ඉහලම පංතිය, ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිවන්නන්ගේ ඉහලින්ම සිටින පුරුක්,...... ආදී වශයෙන්. අද කතා කල අන්තවාදය ගත්තත් එහෙමයි. එතනදි අන්‍ය ජාතිකයන්ට ලංකාව අයිති නෑ කියල කටින් පමණක් හඬගාන 'බෞද්ධයන්ට' වඩා තම තමන්ගෙ රටවලදි අන් ජාතිකයන් මරණ මුස්ලිම්වරුන්ට මගේ විවේචනය එල්ලවන ප්‍රමාණය වැඩියි. එතනදි 'බැලන්ස් කිරිල්ලක්' කරන්න මගේ බලාපොරොත්තුවක් නෑ. මම මේ කතාව මීට කලිනුත් ඕන තරම් කියල ඇති.

      Delete
  31. අන්තවාදයෙන් අපිත් මේ මොහොතෙ පවා පීඩනයට පත් වෙලා ඉන්නෙ. බං!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  32. මේ නිර්භීත කෙල්ලට මාත් ඉක්මන් සුවය පතනවා . අන්තවාදය කොහේ කොතන තිබුනත් වැරදි බවට සැකයක් නෑ , නමුත් ඉස්ලාම් ආගම තුලින්ම අන්තවාදයට අනුබල දෙන එකයි බරපතල . ඉස්ලාම් කියල වෙනසක් නෑ කොයි එකෙත් අන්තවාදින් ඉන්නවා කියන අයගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න අවශ්‍යයි

    01) කුරානයෙන් ඉස්ලාමය විශ්වාස නොකරන්නන් මැරීමට අනුබල දෙනවාද නැද්ද? අනෙකුත් ප්‍රධාන ආගම් වලත් මේ තත්වය තියනවද නැද්ද?

    02) ලෝකයේ ත්‍රස්තවාදි සංවිධාන අතරින් බහුතරයක් ඉස්ලාමය පදනම් කරගත්ත ඒවා වන්නේ ඇයි ?

    03) ලෝකයේ බහුතරයක් රටවල ගැටුම් වල පොදු සාධකය මුස්ලිම් වරුන් වන්නේ ඇයි ?

    04) නබි ට අපහාස කලා කියා මුස්ලිම්වරුන් ලෝකයා පුරා නටපු නාඩගම් අනික් ආගමිකයින් තමන්ගේ ආගමික නායකයින් ව්නුවෙන් නොකරන්නේ ඇයි ? (ජේසු තුමන්ට අපහාස වන විඩියෝ ඕනැ තරම් යු ටියුබයේ ඇත )

    ReplyDelete
    Replies
    1. බුවාගේ මතය තමයි 100%ක්ම මගෙත් මතය. නමුත් ඕක කියන්න ඔච්චර බය ඇයිද කියලයි මට හිතාගන්න බැරි. ජාතික සමඟිය නැතිවෙයි කියලවත්ද? :-)

      Delete
    2. කුරාණය ගැන කතා කරන්න කලින් අපි අපේ ආගමික සංකල්ප ගැන අවබෝධයෙන් ඉන්න ඕනනේ, දැන් ඒ අවබෝධය නැතිව අපි කොහොමද කුරාණය ගැන කතා කරන්නේ, කුරාණය කියැවූ කෙනෙක් හැටියට මට බොහෝම පැහැදිලිව කියන්න පුළුවන් එය කිසිම විටෙක ඉස්ලාමය අනුගම්නය ව මැරීමට අනුබල දෙන්නේ නෑ.. රාජ්, බුවා --මම වැරදිනම් කුරාණයේ උපුටා ගැනීමක් එක්ක උඹලගෙ අදහස් තහවුරු කරපල්ලා .

      Delete
    3. //තහනම් මාසයන් ඉක්ම ගිය පසු (නුඹලා සමඟ යුද වැදී සිටින) ආදේශකයින්ව දුටු තැන කපා දමවු. ඔවුන්ව සිරභාරයට ගනිවු. ඔවුන්ව වටලවු. ඔවුන් සැඟවෙන සෑම තැනකම ඔවුන් වෙනුවෙන් සැඟ වී සිටිවු. ඔවුන් (ඔවුන්ගේ අපරාධයන්ගෙන් ද ප‍්‍රතික්ෂේපයෙන් ද) පසුතැවිලි වී වැළකී (විශ්වාස කර) සලාතය ද පිළිපැද සකාත් ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි අතහරිනු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලි හා අති කරුණාභරිතය” (අල්-කුර්ආන් 9: 5)//

      ඔය කැල්ල ගත්තේ අන්වර් මනතුංග කියන පිස්සු මුස්ලිමාගේ බ්ලොග් එකෙන් , ඔය වාක්‍ය කියවල බලහන් මරන්නද අතගාන්නද තියෙන්නේ කියලා , වෙන එක ආගමික ග්‍රන්ථයක් පෙන්නහන් යුද්ධ කරන්න ටියුෂන් දෙන

      Delete
    4. රතු රජරට
      //කුරාණය ගැන කතා කරන්න කලින් අපි අපේ ආගමික සංකල්ප ගැන අවබෝධයෙන් ඉන්න ඕනනේ, දැන් ඒ අවබෝධය නැතිව අපි කොහොමද කුරාණය ගැන කතා කරන්නේ//

      අපිට අපේ සංකල්ප ගැන අවබෝධයක් නෑ කියන්නෙ මොන පදනමින්ද?

      ඔන්න බුවා උපුටනයක් දීල තියනව. දැන් බෝලෙ ඔයාගෙ පැත්තෙ.

      Delete
    5. බුවා-රාජ් මම බොහෝම පැහැදිලිව කියන්න කැමතියි කුරානයේ ඔය විදිහේ සටහනක් කොහේවත් නෑ, අනික මොකද්ද මේ 9;5 කියන්නේ ..කුරානය බෙදා තිබෙන ආකාරයත් මීට බොහෝම වෙනස් ..ඒ වගේම කුඩා කුඩා කොටස් කියවීමෙන් සමස්තය තේරුම් ගන්නට උපකාරයක් ලැබෙන්නේ නෑ. ඉස්ලාම් අන්තවාදීන් ඉන්නවා- ඒක පැහැදිලි සත්‍යක්. ඒ වගේම ඔවුන් නියම ඉස්ලාමය අදහන්නන් නෙවෙයි. ඒ හින්දම ඉස්ලාමය අන්තවාදයට අනුබල දෙන බව කියන්න බෑ.

      Delete
    6. @රතුරජරට - ඔය කැල්ල ගත්ත තැන මම කිව්වා , ඕක ඉස්ලාම් ආගම වෙනුවන්ම බ්ලොග් ලියන එකෙක්ගෙ බ්ලොග් එකෙන් ගත්තේ , මෙහෙම එකක් කුරානේ නැත්නම් පොරගෙන් ම තමයි අහගන්න වෙන්නේ , මේක විතරක් නෙවෙයි , කුරානේ ඔය වගේ කැලි ඕනි තරම් ගූගල් දෙය්යන්ගෙන් හොයා ගන්න පුලුවන් , කුරානේ බෙදීම වෙනස් කියලා ඔයා කිව්වට ඔය වර්ස් එකේ ඉංග්‍රිසි පරිවර්ථනත් ඕනි තරම් තියනවා , ඔය වර්ස් එක සාධාරණී කරනය කරන්න හදන මුස්ලිම් අඩවි වලත් තියනවා

      ඔය පොඩ්ඩක් කියවලා මුලු තේරුම ගන්න බැය කියන එක පොයි කථාවක් , මේක සම්පූර්න වර්ස් එකක් , පැහැද්ලිව මරන්න උපදේස් දීලා තියනවා , ඊලඟ ඡේද වලදී මරන්න පුලුවන් කාවද , කොහෙදිද කියල විස්තර කරල තියනවා වෙන්න පුලුවන් නමුත් ආගමකින් මොනම ආකාරයේ වත් මනුෂ්‍ය ඝාතනයක් අනුමත කිරීම නිවැරදිද ? අනිකුත් ආගම් වල එහෙම තියනවද?

      http://quran.com/9/5

      Delete
    7. ඔන්න කෙලින්ම කුරාන්.කොම් එකෙන්ම දුන්නා, කුරානේ ඔහොම එකක් නැ කිව්ව ඔයාගේ කථාව වහාම ඉල්ලා අස් කරගන්න :p

      Delete
    8. රතු
      නිකමට වගේ මාත් හොයල බැලුව මේගැන. අන්වර් මනතුංග අමතක කරමු. මේක තියනව ඒ ආකාරයෙන්ම යායුතු මඟ කියන වෙබ් අඩවියේ.

      උපුටාගැනීම/
      ”තහනම් මාසයන් ඉක්ම ගිය පසු (නුඹලා සමඟ යුද වැදී සිටින) ආදේශකයින්ව දුටු තැන කපා දමවු. ඔවුන්ව සිරභාරයට ගනිවු. ඔවුන්ව වටලවු. ඔවුන් සැඟවෙන සෑම තැනකම ඔවුන් වෙනුවෙන් සැඟ වී සිටිවු. ඔවුන් (ඔවුන්ගේ අපරාධයන්ගෙන් ද ප‍්‍රතික්ෂේපයෙන් ද) පසුතැවිලි වී වැළකී (විශ්වාස කර) සලාතය ද පිළිපැද සකාත් ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි අතහරිනු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලි හා අති කරුණාභරිතය” (අල්-කුර්ආන් 9:5).

      ඉස්ලාමය යුදවාදිත්වයෙන් යුත් දහමක් ලෙස හුවා දක්වන අල්-කුර්ආන් වැකියයි ඉහතින් උපුටා දක්වා ඇත්තේ. නමුත් එම පරිච්ඡේදයේම ඊළග වැකියෙන් එහි සත්‍ය ස්වරූපය හෙළිදරව් වන්නේය.

      ”(අල්ලාහ්ට) සමානයන් තබන්නන්ගෙන් කෙනෙකු නුඹගෙන් ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ වදන් ඔහු සවන් දෙන තුරු ඔහුට ආරක්ෂාව දෙන්න. (ඔහු එය සවන් දී විශ්වාස නොකළහොත්) ඔහුව ඔහුට ආරක්ෂාව දෙන (වෙනත්) ස්ථානයකට යවනු. සැබැවින්ම ඔවුන් නුවන නැති ජනතාවක් වශයෙන් සිටින්නෝය.” (අල්-කුර්ආන් 9:6).

      අල්-කුර්ආනයේ 9 වැනි පරිච්ඡේදයේ 5 වැනි වැකිය උපුටා දක්වන ඉස්ලාම් විරෝධීන් එහි 6 වැනි වැකියෙන් පැහැදිලි කර ඇති කරුණු ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිති. ”කපනු කොටනු සිරගත කරනු” යන විධානයන් යුද බිමට අදාළ ආඥාවන් ය. ඕනෑම සටනක දී සම්ප‍්‍රදායානු කූලව නිකුත් කරනු ලබන ආඥාවන් ලෙස මේවා සැළකේ. අන් සටන්වලදී දකින්නට නොලැබෙන සුවිශේෂත්වය නම් සතුරු කඳවුරෙන් තමන් වෙත රැකවරණ පතා එන සරණගාතයන් සම්බන්ධව ඉතා කාරුණිකව ආරක්ෂාව හා රැකවරණය ලබා දී කටයුතු කරන්නට ඉස්ලාමය ඉගැන්වීමයි. ඉහත 6 වැනි වැකියෙන් පැහැදිලි කරන්නේ මෙම සත්‍යයයි.
      උපුටාගැනීම අවසන්.‍/

      Delete
    9. ඔන්න 'යායුතුමඟ' දක්වල තියන නිදහසට කාරණාත් එක්කම උපුටා දැක්වුව. ආයෙත් මේන්න මේටික බලන්න,

      //ඉස්ලාමය යුදවාදිත්වයෙන් යුත් දහමක් ලෙස හුවා දක්වන අල්-කුර්ආන් වැකියයි ඉහතින් උපුටා දක්වා ඇත්තේ. නමුත් එම පරිච්ඡේදයේම ඊළග වැකියෙන් එහි සත්‍ය ස්වරූපය හෙළිදරව් වන්නේය.

      ”(අල්ලාහ්ට) සමානයන් තබන්නන්ගෙන් කෙනෙකු නුඹගෙන් ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ වදන් ඔහු සවන් දෙන තුරු ඔහුට ආරක්ෂාව දෙන්න. (ඔහු එය සවන් දී විශ්වාස නොකළහොත්) ඔහුව ඔහුට ආරක්ෂාව දෙන (වෙනත්) ස්ථානයකට යවනු. සැබැවින්ම ඔවුන් නුවන නැති ජනතාවක් වශයෙන් සිටින්නෝය.” (අල්-කුර්ආන් 9:6).//

      අල්ලාගෙ වදන් වලට සවන් දෙනතුරු ආරක්ෂාව දෙන්න. එහෙම නැත්තං ඕන නෑ.:)

      දැන් ඉතිං කියන්න කුරානයේ නෑ කියල.

      http://yayuthumaga.com/new/?p=1736 මෙන්න මම ගත්ත තැන. මේ හැම මුස්ලිම් අඩවියක්ම තමන්ගෙ ආගම ගැන බොරුද කියන්නෙ.

      Delete
    10. සිංහල අන්තවාදයද වඩා හොද ඉස්ලාම් අන්තවාදයද කියල තර්ක කරන එක, නැත්නම් දෙකම එකයි කියල කියන එකත්, නැත්නම් අපි හොදයි, උන් විතරයි නරක කියල කියන මේ ඔක්කෝම හිස් වචන. මේ තර්කයෙන් තමන්ගේ 'මුල්' බැහැ ගත්ත අදහස වෙනස් කර ගත්ත කවුරුහරි ඉන්නවද? නෑනෙ..හේතුව ඒ හැම දේම දිහා බලන 'සාපේක්ෂ' බව.

      මගෙ අදහස අපි 'සාපේක්ෂ' වෙන්න ඕන තවත් ආගමකට හරි වෙනත් ආගමිකයින් පිරිසකට හරි නෙමේ; තමන් විශ්වාස කරන 'ධර්මය' ට. එහෙම එකක් නැත්නම් 'මනු දහම' ට.

      Delete
    11. //එහෙම එකක් නැත්නම් 'මනු දහම' ට.//ආන්න ඒ මනු දහමට /මනුශ්‍යත්වයට සාපේක්ෂව ඉස්ලාමයේ විග්‍රහයන් ගේ තියන අන්තවාදය තමයි ගැටලුව . අන් ආගමිකයන් සහ කාන්තාවන් සම්බන්ධ ඡේද කියවලා බලන්න .

      Delete
    12. කාන්තාව තනිකරම වහලෙක් බවට පත කරල තියෙන ඒ ආගම දහම ගැන තව මොන කතාද බන්.

      Delete
    13. බුවාට ප්‍රනාමය!

      Delete
    14. රාජ්/ ....(අත්පොලසන්...)

      Delete
    15. බුවා වැරදි කොනෙන් අල්ලගෙනනේ. ඉස්සෙල්ලා බලමු පෝස්ට් එක තියෙන්නේ මොකක් ගැනද කියල. මේ සිද්ධ වෙච්ච දේ මනු දහමට සාපෙක්ෂව වැරදි බව නොපිළිගන්න කෙනෙක් නෑනෙ. ඇයි මනු දහමට සාපේක්ෂව ඉස්ලාම් හෝ බුදු දහමක් කම්පෙයාර් කරන්නේ.? මොනවද එයින් ඇතිවන සුභවාදී ප්‍රතිපල? අන්න ඒකයි මගේ ප්‍රශ්නේ?

      හරි සරළයි! මගේ අදහස බුදු දහමට අතිශයින් එකගයි. මොකෝ මම 'සිදුවීමක්' දිහා බලන්නේ බුදු දහමට සාපේක්ෂව. හැබැයි මම බුදු දහමට සාපේක්ෂව 'ඉස්ලාම්' දහම දිහා බලන්නේ නෑ.

      මානවකගේ බ්ලොග් එකෙයි, තරියගේ බ්ලොග් එකෙයි අන්තවාදය ගැන ලියවිච්ච දේවල් ගැන මම එකග වුනෙත්, ඒවායින් සෑම අන්තවාදයක් වගේම, ආගම් නොතකා සිදුවන අසාධාරණකම් ගැන කතා කරපු නිසා.

      මම හිතන්නේ බුවාට තේරුම් යන්න ඇති මම මොනවද අදහස් කලේ කියල.

      Delete
    16. සකලාකාරයේ ආගමික අන්තවාදයන් භංගවේවා.....!!!

      @ රතු රජරට,

      ඔහොම යනකොට යනකොට.....යනකොට ....යම් තැනකදි උඹට ටිකිරිබණ්ඩාරව මුණගැහෙයි.හෙවත් තමාට තමාව සම්මුඛවෙයි, එතකල් ඉතින් ඔහොම යං.....!


      Delete
    17. 01) මම කිසිම තැනක බුදු දහමක් ගාවගෙන නෑ
      02) මේ සිදුවීම කුඩා දැරියකට වෙච්ච අසාධාරණයක් පමණක් කියලා අමතක කරන්න බැරි පසුබිමක් මේකට තියනවා , මේ ඝාතනය කෙරෙන්නේ ශරියා නීතිය වෙනුවෙන් , ඉස්ලාමය වෙනුවෙන් පෙනී සිටිනවාය කියන කණ්ඩායමක් අතින් , ඒ ප්‍රතිපත්තින් උදෙසා , අන්න එතකොට මෙතනට ඉස්ලාමය සම්බන්ධයි .

      03) මේ සිදුවීම සම්බන්ධව බුදු දහමට හෝ වෙනත් කිසිම ආගමකට සාපේක්ෂව විග්‍රහයන් අවශ්ය නෑ , සිදුවීම පසුපස තියෙන්නේ ආගමික මූලයක් , ඒ ආගමික මූලය මනුෂ්‍යත්වයට අනුකූලවන ප්‍රමාණයයි කථා බහට ලක්වෙන්නේ

      04) මම ඔය දීල තියෙන්නේ කුරානයේ එක වැකියක් , ඔය වැකිය මනුෂ්‍යත්වයට සාපේක්ෂව සාධාරණයිද ? ඔවැනි මතවාදයන් පිරුණු ආගමක් පසුබිමේ තියෙත්දි , අන්තවාදීන් ඒ ආගම මත පදනම් වෙන බව ශපත කරත්දි , ඒ ආගමෙන් ස්වායක්ත්ව මේ ප්‍රශ්නය ගැන කථා කරන්න පුලුවන්ද ?

      Delete
    18. @ බුවා

      +++++++++++++++++++++++++

      Delete
    19. කුරාණය ඔය වැකිය සහ තව එක් වැකියක් ගැන මගේ බුකියේ වෝල් එකේ මීට මාස 4කට පෙර බොහොම දීර්ඝ සංවාදයක් ගියා. මමයි ඔය වැකිය බුකියේ දාල ඒ ගැන ලිව්වේ. පැහැදිලිව කිව්වොත් බුවා ඉන්න ස්ථාවරේම තමා මමත් හිටියේ.

      ඒත් ඔය වැකිය ගැන ඉස්ලාම් භක්තිකයන් අතරත් මතවාද දෙකක් තියනවා කියන එක ඔය සංවාදෙදි ඔප්පු වුනා. කොටිනම් ඉස්ලාමයේ ප්‍රධාන ශාඛා තුන වෙන සුන්නි, ෂියා, ඛාවරිජ් කියන තුන් කොටස මේ ගැන දක්වන්නේ වෙනස් අදහස්.

      මම සම්පූර්ණයෙන් බෞද්ධ වුනත් මේ වැකියන් ගැන මධ්‍යස්ථව බලන්න පුළුවන් වුනේ ඔය සංවාදෙන් පස්සෙ.

      බුකියෙ වෝල් එකේ එක හෙව්වත් පරණ වැඩි නිසා හොයා ගන්න බැරිවුනා. ඉස්ලාම් ආගම ගැන මගේ තියෙන්නේ හොද ප්‍රතිරූපයක් නෙමේ. ඒත් විවෘතව මේ සිදුවීම දිහා බලන්න කියන්නේ මෙහිදී පහර කාපු සහ පහර දුන්න දෙකොටසම ඉස්ලාම් නිසා. පහර දුන්න කොටස ෂරියා නීතිය ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් ඔවුන් තුල මනු දහම් තියෙන්න බැරිද?

      අනිවාර්‍යෙන්ම මේ සිදුවීම අන්තවාදය පිළිබද ප්‍රශ්ණයක් තමා. ඒත් මේ පෝස්ට් එකේ රාජ් 'ඉස්ලාම් අන්තවාදය' කියල වෙනමම උලූප්පල පෙන්නන්න උත්සහ කිරීමක් නැති බව මට තේරෙන්නේ. ඉතිං මේ වේදිකාවේ අපි කථා කරන්න අවශ්‍යය වෙන්නේ ඉස්ලාම් වලින් ස්වායක්ත වූ අන්තවාදය ගැනම තමා.

      මට බුකියේ මැසේජ් එකකින් ආපු ලින්ක් දෙකක් විතරක් හමබ වුනා. මෙන්න ඒව.

      http://www.islamnewsroom.com/answers/329-quranmisquotes#9
      http://www.answering-christianity.com/no_murder.htm

      Delete
    20. http://anniisa.wordpress.com/2012/05/24/%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA/

      Delete
  33. අපේ රටේ සුළු ජාතියක් වෙලා ඉන්නැද්දී මෙහෙමනම්......

    මේ ගැන කතා කරද්දී මට මතක් වෙන්නෙ අපේ රටේ තිබුණු සටන් විරාමයයි.
    එයාලගේ හිත රිදෙයි කියලා කරන කියන දේ ඉවසගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. අපේ රටෙත් බහුතරයක් මුසල්මානුවො හිටියනම්,83 ගැනයි, ප්‍රබාකරන් ගැනයි,කුරානෙ තියෙන හොඳ ගැනයි කියන අයට හොඳට බලා ගන්න තිබ්බ මොකද වෙන්නෙ කියල.

      Delete
  34. මේ දවස් ටිකේම ඇය ගැන කියවූවා. ඇය නම් සැබෑම හපනියක්. වෙඩි තියන්නට තරම් දෙයක් ඇය කලාද ? එකම ඉල්ලීම උනේ ගැහැනු දරුවන්ටත් ඉගෙනීමේ අයිතිය දෙන්න කියන එක විතරයි...ඇයට ලැබුන උත්තරය...උණ්ඩයයි..

    අන්තවාදය යනු අවසානයේදී ත්‍රස්තවාදයයි..

    අපි ඇයට ඉක්මන් සුවය පතමු !

    ReplyDelete
  35. ඇත්තටම වරද ඇගෙ පියාගේ......පියා අවුරුදු 15ක් තිස්සෙ වැරදි තැනක ගැහැණු ළමුන්ට පෞද්ගලික පාසැලක් පැවැත්වුවා. ඒ මදිවට කෙල්ලව දේශපාලනයට යොමුකරන්ට උත්සාහ කලා. මීට කලින් ඕක නොවුන එකයි පුදුමෙ. උඩුගං පීනනකොට කොහෙත් ඕව වෙනවා.

    ReplyDelete
  36. මේ දිනවල ඈ ගැන තොරතුරු කියවමින් සිටිනවා.
    ඒ එක්කම, ඈට ඉක්මන් සුවය පතනවා....

    අන්තවාදය නම් මොන නමින්, මොන වෙසින් එලියට ආවත්, පිළි නොගත යුතු දෙයක්.

    ReplyDelete
  37. ලෝකෙ ඕනෙම නූගත් මෝඩ ගෑනියෙක්ගෙන් වුනත් ඇහුවොත් දන්නවා කියන්න ඉස්ලාම් කියන්නෙ හිංසාව ඉදිරියෙන් තියාගෙන යන ආගමක් කියල...ඒකට විරුද්ධ‍ව මෙතැන කෙස් පැලෙන තර්ක මහා බර වචන පෙරල හලල යන අයත් ඒක දන්නවා...ඒ අයට වෙලා තියෙන්නෙ ලංකාවෙ ආන්ඩුව එක්ක තියෙන විරුද්ධවාදී කම මේ හැම තැනටම ගාවගෙන ඒක උඩ ඉඳගෙන මත පලකරනව. කොල,නිල්,රතු කන්නාඩි නැතුව කට්ටියට මොනවත් දිහා බලන්න බැහැනෙ...

    ReplyDelete
    Replies
    1. \\ලෝකෙ ඕනෙම නූගත් මෝඩ ගෑනියෙක්ගෙන් \\

      මේක දැක්කම මට හිතෙන්නෙ මෝඩ පිරිමි ලෝකෙ නැහැ කියල නෙව.

      අපි මෙතන කතාකරන්නෙ නං බුද්ධියක් ඇති ඉගෙනීමට පිපාසාවක් ඇති කවදාහරි තම දරුවන්ට හොඳ නරක වටහල දෙන්ට හැකියාවක් ඇති පොඩිත්තියකගෙ ජීවිතයක් ගැන කියල අමතක කරන්ට එපා

      Delete
    2. Nimal (Desertfrog) & සුජාතා අක්ක.
      \\ලෝකෙ ඕනෙම නූගත් මෝඩ ගෑනියෙක්ගෙන් \\
      ඕං දෙන්නත් එක්ක පටංගත්ත :)

      Delete
    3. අනේ මංදන්නෙ නෑ අක්කන්ඩි. නැකත හොඳ නෑ වගේ.

      Delete
    4. @ රාජ්
      නෑ...නෑ...මටත් කියන්න ඕනෙ වුනේ ඔය කවිකාරි කියන දේම තමයි...
      මම කියපු විදිහ වැරදිද මන්ද
      වැරදියට තේරුම් අරගෙනද කොහෙද මමත් කිවිවෙ මෙතන ලංකාවෙ දේශපාලනය ඔලුවෙ තියාතෙන කෑගහන අයට තමයි....

      ඒකනෙ මම මුලින්ම මේ කොමෙන්ට් එක දැම්මෙ
      "රාජ් මේ කලේ බොහෝ වටිනා දෙයක්....හැමෝම එකතු වෙයි නේද මේ දරුවට නිරෝගී සුවය පතන්නට..ඔන්න මම සිතින් පැතුවා...."

      \\ලෝකෙ ඕනෙම නූගත් මෝඩ ගෑනියෙක්ගෙන් \\ මැද්දට "හෝ පිරිමියෙක්ගෙන්" කියල එකතු කරමුකෝ....
      අනිත් කාරනය මෝඩ ගෑනියෙක් කිව්වාම බුද්ධිමත් ගෑනු අදාල නෑ හො‍ඳේ....

      Delete
    5. තියාගෙන (වචනය නිවැරදි කිරීම)

      Delete
  38. මේ දැරියට ඉක්මන් සුවය ලැබේවා....!

    සැබැවින්ම ඇය වීරවරියක්....

    අනුර කේ එදිරිසූරිය පර්වර්ථනය කළ "මුහුණ ‍පෙන්වීම තහකම්" පොත කියෙව්වොත් මේ සිදුවීමට සමාන බොහෝ දේ දැනගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. *"මුහුණ ‍පෙන්වීම තහනම්"

      Delete
  39. පිස්සු හැදිලා ආයිත් හැදෙනවා. පෝස්ට් එකයි, කමෙන්ට් ටිකයි ඔක්කොම කියෙවුවා ...

    ReplyDelete
  40. පරක්කු වෙලා ආවේ. කොලේ වහල කතා කරන්න දෙයක් නැහැ . අනික් හැම ආගමකටම වඩා මුස්ලිම් ආගම අන්තවාදියි . යම් තරමකට ලිබරල් මුස්ලිම් රටවල් එහෙම තියන් ඉන්නේ ඒකාධිපති පාලකයින් නිසා . මැදපෙරදිග වසන්තය කියල ඒ පාලකයින් එලවල බලේ අල්ලන්නේ අන්තවාදීන් . සිරියාවේ අර්බුදයෙන් තුර්කිය පැත්තට යන මේ අන්තවාදීන් තුර්කිය අන්තවාදී කරන්න හදන බවට චෝදනා කලේ මගේ තුර්කි මිතුරිය .

    ඇෆ්ගනිස්ථානය ගැන හොඳට දැන ගන්න පුළුවන් ''Bread winner ''සිරිස් එක කියෙව්වම .

    අනේ මන්දා අපි පොඩි කාලේ දනන් හිටි මුස්ලිම් අය කළු ඇඳන් උන්නේ නැහැ . මල්වාන පැත්තේ සැහෙන්න හිටියා මුස්ලිම් අය . දැන් දැන් ගෝල්ෆේස් එකේ කළු ඇඳන් ඔලුවේ ඉඳන් වහන් . ඒ ගොල්ලන්ගේ අයිතිය වෙන්න පුළුවන් . ඒ වුනත් මට නම් මේ ගැන එතරම් කැමැත්තක් නැහැ .
    මගේ ඉස්කෝලේ යාලුවෝ සමහරු ඔලුව වැහුවේම නැහැ . වහන් ආපු උනුත් ඉස්කෝලෙදි ජොලියේ ඉඳල ගෙදර යද්දී වහගෙන ගියා .

    උන් අපිටත් වඩා ෆෝවර්ඩ් වෙලා උන්නේ .

    අම්මපා පොඩි කෙල්ලෙක්ට මෙච්චර බය තලෙබන්ලා පිරිමිද . උන් දන්නේ තුවක්කුව උස්සන්න විතරයි . බය හින්දනේ වෙඩි තිබ්බේ . කාලකන්නි . මෙයින් මගේ නිදහස් අදහස් ඇති මුස්ලිම් මිතුරන් තරහ වෙන්න ඕන නැහැ .

    ගැහැනුන්ට අධ්‍යාපනය අවශ්‍යයි . ගැහැණු කුස්සියටයි ඇඳට සිමා වෙච්ච කාලේ ආයේ ඕන නැහැ . අපිට වඩා මේ ගාන මුස්ලිම් වරුන් ඉදිරිපත් වෙන්න ඕන . පකිස්ථානය එහමට අන්තවාදී රටක්ම නෙමේ . දේශසීමා අසල ඇති පළාත් රැකගන්න
    ඔවුන්ට ප්‍රශ්න තිබෙනවා .

    ReplyDelete
  41. හැකිතාක් කමෙන්ට් කියෙව්වා... හිතාගන්න බැහැ බොලව් ...

    ReplyDelete
  42. ඔන්න බං මංතුමාත් ආවා. දැන සුවය ලැබිලා තිබුණත්, ආයෙ මේ ගොත්‍රික ත්‍රස්තවාදයෙන් මලලාට කරදරයක් වෙන්න එපා කියලා කියමු. අපේ රටේ වාගෙම අලුගෝසුවෝ එහෙත් ඉන්නවා නොවෑ.

    ReplyDelete
    Replies
    1. එක නේමේ බං. මේ පෝස්ටුව දාලා අදට අවුරුද්දක් විතර වෙනවා නේද?

      Delete