Tuesday, October 30, 2012

ආ....... මේ ඕක පොඩි කෑල්ලක්!

කතන්දර අසන්නන්ගේ පහන් සංවේගය වෙනුවෙන් අදත් කියන්නට යන්නේ කතන්දර කිහිපයක්.

මේක මම දන්නකියන කාර්යාලයක සිද්ධියක්. ඔන්න දවසක් කාර්යාල පරීක්ෂණයකට කොළඹින් නෝනල මත්වරු සෙට් එකක් බැස්ස. මේ උදවිය බලන්නෙ ඵලදායීතාවය. කාර්යාලවල පාවිච්චි වෙන බඩුභාණ්ඩ එහෙමත් මේකට ඇතුලත්. (මට මතකයි එකසැරයක් පරීක්ෂණයකින් හොයාගෙන තිබුන රජයේ කාර්යාල වලට නිකුත්වෙන අල්පෙනෙති කටු වලින් සීයට හැත්ත ගනනක් අපතේ යනව කියල.) ඉතිං ‍පරීක්ෂක නෝන මහත්තුරුන්ට පොඩි සංග්‍රහයක් කරන්නත් කාර්යාලයේ උදවිය අමතක කලේ නෑ. මොකද එයාල සතුටු උනොත්නෙ ලකුණු ලැබෙන්නෙ. මේ සංග්‍රහයට කේක් එහෙමත් ගෙනාව. එක නෝන කෙනෙක් කේක් කපල පොඩි ප්ලේට් එකකට දැම්මත් එයාට එච්චර සැටිස් නෑ වගේලු. මොකද ඒ ප්ලේට් එක ටිකක් පරණ තත්වයේ එකක් නිසා. කොහොමත‍් කාර්යාලවල තියන පිඟන් වීදුරු කෝප්ප එච්චර හොඳ තත්වයක නෑ. ඉතිං මේ නෝන කලේ පිඟානට A4 කොල දෙකක් දාල ඒක උඩට කේක් දාපු එකයි. අන්තිමට වඳින්න ගිය දේවාලෙ ඔළුවට කඩා වැටුන වගේ පරීක්ෂක මහත්තයේ ඇහුවලු 'මේ කාර්යාලෙ කේක් දාන්නත් ගන්නෙ A4 ද?' කියල!


දෙවනි කතාවත් පරීක්ෂණ කේස් එකක් තමයි. කාර්යාලවල තියනව භාණ්ඩ සමීක්ෂණ කියල ජාතියක්. වැඩේ සිද්ධ වෙන්නෙ මෙහෙමයි. කාර්යාල වල තියන බඩු භාණ්ඩ, ඒ කියන්නෙ කල් පවතින බඩු-මේස පුටු කබඩ් වගේ දේවල්-අවුරුද්දකට සැරයක් පරීක්ෂා කරනව. ඒ කියන්නෙ පොත්පත් වල තියන බඩු ඇත්තටම තියනවද කියල බලනව. මේකට එන්නෙ වෙනත් කාර්යාලයක නිලධාරීන් කිහිප දෙනෙක්. ඒ වගේම අපිටත් චාන්ස් එක ලැබෙනව වෙන කාර්යාල වලට ගිහිල්ල මේ පරීක්ෂණය කරන්න.
මේ කතාවෙදි කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයක් තමයි පරීක්ෂණයට ලක්වුනේ. එතන තියනව පරීක්ෂණාගාර එහෙමත්. මේ පරීක්ෂණාගාර ඇතුලෙ තියනව පොඩි පොඩි නමුත් වටින උපකරණ. මේව භාරව ඉන්න නිලධාරිය ඒව භාරගන්නකොටත් පොඩි පොඩි 'අඩුවීම්' තිබුනලු. දැන් පරීක්ෂණය වෙන්නෙ මෙහෙමයි,

පරීක්ෂක මහත්තය: කෝ මේ උපකරණෙ?
නිලධාරිය : මේ තියෙන්නෙ!
පරීක්ෂක මහත්තය: කෝ මේ උපකරණෙ?
නිලධාරිය : මේ තියෙන්නෙ!
පරීක්ෂක මහත්තය: කෝ මේ උපකරණෙ?
නිලධාරිය : මේ තියෙන්නෙ!
පරීක්ෂක මහත්තය: කෝ මේ උපකරණෙ?
නිලධාරිය : මේ තියෙන්නෙ!

..........................
..........................

පරීක්ෂක මහත්තය: කෝ මේ උපකරණෙ?
නිලධාරිය : මේ තියෙන්නෙ!
පරීක්ෂක මහත්තය: ඕක ඉස්සෙල්ලත් පෙන්නුවනේ?
නිලධාරිය : නෑ ඒ මේක නෙවේ!

ඔන්න ආයෙත් බලනව,
පරීක්ෂක මහත්තය: කෝ මේ උපකරණෙ?
නිලධාරිය : ආ...... ඒක මේ පොඩි කෑල්ලක්.
පරීක්ෂක මහත්තය: එතකොට මේක?
නිලධාරිය : ආ...... ඕකත් මේ පොඩි කෑල්ලක් මං හිතන්නෙ බි‍ඳෙන්න ඇති.

පරීක්ෂණය ඉවර වෙලා පරීක්ෂක මහත්තය ගියාලු ආයතනයේ බොස් ගාවට.

බොස් : වැඩේ හරිද? සාර්තකද?
පරීක්ෂක මහත්තය: අනේ මං දන්නෙ නෑ සර්, අර හාදයගෙන් ඇහුවම හැම එකටම කියන්නෙ 'ඕක මේ පොඩි කෑල්ලක්' කියල. සමහර බඩු මට දෙපාර දෙපාර පෙන්නුව!

මම ඔය නිලධාරියා කියල දැම්මෙ වෙන කවුරුත් නෙවේ, අපේ කතා සාගරේ වෙච්ච රවි අයිය!


72 comments:

  1. මරු කතා සෙට් එක.
    ඔය ඔඩිට් එවුන්ගෙන් තමයි බේරෙන්නම බැරි.

    ReplyDelete
    Replies
    1. ඔඩිට්ල නං හරි වසයි!

      Delete
  2. මමත් හුඟක් ඉස්සර ඔය බොඩ් ඔෆ් සර්වෙ ගිහින් තියෙනවා. අල්ලපු එවුව බොහොමයි හැබයි දඬුවම් ලද කෙනෙක් නැත..

    ReplyDelete
    Replies
    1. හ්ම්. නියම විදියට නඩත්තු නොකිරීමෙන් තමයි 'හිඟ' ඇතිවෙන්නෙ බොහෝ විට. උදාහරණ විදියට මොනව හරි කැඩිල බිඳිල ගියාම ඒක පොතෙන් අයින් කරවගන්න උවමනාවක් නැතිවීම. ටික කලක් ගියාම හිතෙන්නෙ හොරකමක් කියල.(හොරකම් තියන තැනුත් නැතුව නෙවේ)

      Delete
  3. අනේ සාදු .. මෙහෙම ඔෆිස්

    ReplyDelete
  4. නියම ගාන. අපේ ඉස්කෝලෙත් ඔය ආතල් එක ඔය විදිහටම පරීක්ෂකයන්ට හම්බවෙනවා.
    එක පාරක් "ගෝල මානය" කෝ කියල ඇහුවාම ලෝක ගෝලෙ පෙන්නලා ශේප් වෙලා. උං ඒ තර්ම් මෝඩයි. ඕනෙ කෙහෙල්මලක් පෙන්නලා රවට්ටන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ගෝලමානයට ලෝක ගෝලය! මරු!

      Delete
    2. ඇයි යකඩො, එතකොට ලෝක ගෝලෙ වෙනුවට පෙන්නුවෙ මොකක්ද?

      Delete
  5. එහෙම නැතිව හැකිය ඔය වගේ කාර්යාල වල වැඩ කරන්න.. ඔය විගණනකයන් කියන්නේ මං දන්න විදියට මේ වගේ කස්ටිය.

    “මා කළොත් කිසිවක්..
    ඔබ දකියි නිති පළුදක්“
    (දේශකයාගේ කයියකි)

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත බං. කොච්චර හොඳට කලත් වැරැද්දක් පේනව. කයිය නියමයි.

      Delete
  6. සමහරුන්ට සමහර දේවල් අවභාවිතය හරි ගෙදර අරගෙන යාම හරි හොරකමක් විදියට දැනෙන්නේ නෑ.

    ReplyDelete
  7. අපෝ ... ඔය ඔඩිට් කරන්න එන්නෙ ලෝකෙ කාලා වතුර බීපු එවුන්.

    ReplyDelete
    Replies
    1. එහෙම නැත්තං අපේ එවුන් කණෙං රිංගයි!

      Delete
  8. ඔන්න මාත් කතන්දර අහන්න කෑමති බව උඹ දන්නවනෙ. ප්‍රාර්ථනාව මල් පල ගැන්විලා උඹට තව කතන්දර පෝස්ට් එකක් දාන්න හිතිලා. අර වැඩේට මාත් ගිහින් තියෙනවද කොහෙද බං. අර ඉන්වෙන්ට්‍රි චෙක් කරන්න.රවියට ස්තුති වේවා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඉන්වෙන්ට්‍රි චෙක් කිරිල්ල ආතල්! අන්තිම දවසට ඒ ඔපීසියෙ කස්ටිය එහෙමත් "අඳුරගෙන" එන්න පුළුවන්. ඒත් දැං නං ගෑනු උදවිය වැඩි නිසා මොකුත් කරන්න බෑ.

      Delete
  9. පැහැදිලිවම අඬන්න ඔනේ කථාවක්

    ReplyDelete
  10. අර බිත්තර කතාවක් යන ලංකාවේ සිංහල ෆිල්ම් එක මතක් වුනා. අර බිත්තරේ බීපු එකාගේ කටින් කුකුල් පැටියා එලියට එන්නේ. අන්න ඒක. ඔහොම ලංකාවේ තැන්වල භාණ්ඩ කීයක් දවසට ගෙවල්වලට යනවද දන්නේ නෑ අප්පා.

    ReplyDelete
    Replies
    1. ගෙවල් වල යන වෙලාවලුත් තියනව. ඒත් වැඩිපුර වෙන්නෙ පොත්වල තියන වැරදි නිසා මෙහෙම වෙන එක.

      Delete
  11. හප්පා මටත් ඔය චාටරේ කන්න උනා එක පාරක්. චාටරේ කිව්වට ඉතින් ආතල් එකකුත් නැත්තෙම නෑ!

    ReplyDelete
    Replies
    1. ඇනෝ රාජ්‍ය සේවයේද?

      Delete
    2. නෑ නෑ.. මම තාම කැම්පස් අයියේ. කැම්පස් යන්න කලින් කාලයක් BOC වැඩ කළා school leaver කෙනෙක් ව්දිහට. ඒ කාලේ අපේ බෑන්ක් එකට ඔඩිට් එකක් සෙට් උනා. inventory චෙක් කරන වැඩේට අහු උනේ මාව!

      Delete
  12. හි හි.. අපේ ඔෆිස් එකේ නං ගණං තියන්නේ පෑන් වලට විතරයි ඉස්සර... හි හි..

    ( ඕක හින්දමද දන් නෑ ඒක වහන්න උනේ... හයියෝ...)

    ReplyDelete
    Replies
    1. පෑන් වගේ දේවල් නං අවුලක් නෑ. එදිනෙදා ඉවරවෙන ඒවනේ.

      Delete
  13. //කොළඹින් නෝනල මත්වරු සෙට් එකක් බැස්ස.//

    ඒ නෝනලා මත්වෙලාද හිටියේ? :D

    //පහන් සංවේගය වෙනුවෙන්//

    මට මේක දැක්කාම මතක් වෙන්නේ හිනාවෙමින් අඬන කට්ටියක් හී හී...

    ReplyDelete
    Replies
    1. හිනාවෙලා අඬන්න තියන පෝස්ටුවක් තමයි මේ.

      Delete
  14. රජයේ කාර්යාලයක් කියන්නෙ ඒකනේ.... මට එක්වරම මතක් වුනේ

    කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන
    එතන තමයි මා හට ඇති විනෝද උයන
    ගී ගයමින් නිතරම මා සතුටින් සිටින
    කන්තෝරුව තමයි මාගෙ විනෝද උයන

    මම වැඩට යන්නෙ දවල් දහය පහු වෙලා
    මගෙ යාළුවො ඇත මා එනතුරු පුල පුලා
    අපෙ ලොකු මහත්මය එන වෙලාව බල බලා
    මම ගී ගයනව මිතුරන් හා එක්වෙලා

    මම වැඩ කරනව කියාල කන්තෝරුවෙ
    මගෙ මේසෙ ළඟින් ඉඳගෙන මගෙ යාළුවෙ
    තේ වෙලාව එනතුරු මගෙ පාඩුවෙ
    කටු ගැන ගැන ඉන්නව ඔරලෝසුවෙ

    කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන...

    පාටියකට යන්නට මට හිතුනොතින්
    කන්තෝරුව ඇරෙන වෙලාවට කලින්
    මගෙ මිතුරන්ගෙන් ලැබෙන්නාවු උදව්වෙන්
    මම පැනල ගෙදර යනවනෙ ලොක්කට හොරෙන්

    පැනල ආ නමුත් මගෙ වැඩ හරියට
    මගෙ යාළුවො ටික කරල තියයි නූලට
    දවසක් අසුවෙන්න ගිහින් ලොක්කට
    බේරුණෙ මම පූරුවෙ ලොකු පිනකට

    කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන...

    පඩි දින හැර අනිත් දවස් බල බලා
    මම වැඩට යන්නෙ තේ වෙලාව අල්ලලා
    තේ බී එනකොට මම වැඩපොල බලා
    දහවල් කෑමට යන්නට සිදු වෙලා

    කෑම පැයට ටිකක් නිදාගන්නවා
    ඇහැරෙනකොට සවස් වෙලා තිබෙනවා
    එවිට මෙ මට වැඩ කරන්න හිතෙනවා
    නමුත් එතකොටමත් කන්තෝරුව ඇරෙනවා

    කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන...



    ඇන්ටන් ජෝන්ස්

    ReplyDelete
    Replies
    1. ඔය චාන්ස් දැං නෑ බං. පරක්කු උනොත් සොරි තමයි. ඇඟිල්ල ගහනඑකනෙ තියෙන්නෙ.

      Delete
  15. රවී සිරා පොරක්නෙ....පොඩි කෑල්ලකින් වැඩේ ගොඩ දාගත්තා.....:)

    ReplyDelete
  16. කට්ටියට ඔඩිටර්ස්ලව පේන්න බෑ වගේ
    කාලයක් මගෙත් ජොබ් එක උනේ ඕක.

    ReplyDelete
    Replies
    1. එහෙමද! ඒක නරක නෑ. අනුන්ගෙ වැරදි හොයන්නනෙ තියෙන්නෙ.

      Delete
  17. ඇත්තටම මේ විහිලු වැඩ රජයේ කාර්යාලවල තවමත් කෙරෙනවා. ගමන් වියදම් ඉල්ලෙමේ පෝර්මයේ තවමත් තියනවා ගියේ ඇස්ව කරත්තෙන්ද, ගොන් කරත්තෙන්ද, ආදී වශයෙන්. ඒවා තවමත් වෙනස් කරන්න ඒක ගොනේකුටවත් තේරෙන්නේ නැහැ. පරිගණක මුද්‍රණ යත්රය සඳහා කාට්‍රිජ් මිලදීගැනීම ලියලා තියෙන්නේ කාටිලේජ් මිලදීගැනීම කියලා. (ලොක්කගේ දණහිස් වල ඒවා ගෙවිලා ඇති දනගහගෙන වැඩ කරලා)

    හමුදා කඳවුරු වල වාර්ෂික විගණන කටයුතු සඳහා විගනකාධිපති කාර්යාලයෙන් එනවා. ඒ අය ආව ගමන් සියලුම සේප්පු සීල් තියලා යතුරු අරන් තමයි විගණනය පටන් ගන්නේ. බේරිල්ලක් නම් නැහැ. මහා යුද්ධය අස්සේ අකුරටම සියල්ල කරන්න බැහැ. සතයක්වත් හොරකම් කරලත් නැහැ. නමුත් බොහෝ සටහන් තිබෙන්නේ කටු සටහන් ලෙස. පසුව පැහැදිලිව ලියන්න. සමහර වෙලාවට එන විගණකාධිපති නිලධාරීන්,හරි ආසයි අර කාලතුවක්කු උණ්ඩවල හිස් කොපු වලට. ඉතින් #$%^&#@!~*(&^ විගණන කටයුතු ඉක්මනින් ඉවර කරලා, බොහොම හොඳයි කියලා වාර්තාවකුත් දෙනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අවුල. වැරදි සිදුවෙලා නැතත් හරියට සටහන් නොවීම තමයි අවුල.

      Delete
  18. හික් පොඩි කැල්ල :ඩී

    ReplyDelete
  19. හි හි....කෝ මේක... මේ තියෙන්නේ...

    ReplyDelete
  20. කාර්‍යාල කියන්නෙ කතා සාගරයක්නෙ බං බලාගෙන ගියාම..!

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්! කියල වැඩක් නෑ.

      Delete
  21. ආය බොරු මොටද මමත් ඔහොම පෙන්නල තියනව. විද්‍යාගාර වල තියන දේවල් ඔහොම ගින්නක් නැතුව පෙන්නන්න පුළුවන්.
    මම එක පාරක් සම්බන්ධක වයර් ගලවල එක මැෂින් එකක් තුනක් විදියට පෙන්නුව.

    ReplyDelete
    Replies
    1. මම එක පාරක් සම්බන්ධක වයර් ගලවල එක මැෂින් එකක් තුනක් විදියට පෙන්නුව :)

      Delete
  22. එතකොට රාජ් මහත්තයා මේකත් තියෙනවද.....?

    ReplyDelete
    Replies
    1. තියනව තියනව! මොකද නැත්තෙ?

      Delete
  23. සිරානේ අර සමීක්ෂකයා සතුටු වෙන්නෝනි. එක භාන්ඩේ කෑලි කඩල හරි උබල ඩබල් කරලනේ... :)

    ReplyDelete
  24. මමත් රජයට සම්බන්ධ තැනක වැඩ කලා. ඒකෙනම් බොහෝ බඩු වාෂ්ප වුනා. ඔඩිට් එවුන්ට දෙන්න උන් ගාව බොහොමයක් සාධාරණ උත්තර තිබ්බා. අන්තිමට කරන්න දෙයක් නැති තැන එක කොම්පීතරයක තිබ්බ වැල ගොඩක් මාට්ටු වෙලා කම්පීතරේ ළග හිටපු කොල්ලෙක්ගේ ජොබට බඩු සෙට් උනා. බඩු හොරු තාමත් වැඩ.

    ReplyDelete
    Replies
    1. ලොක්කො තමයි හුඟක්විට ගේම් දෙන්නෙ. අහුවෙන්නෙ පොඩ්ඩො! මට මතකයි එක සැරයක් ක්වාටස් එකක තිබුන ඇඳක් ලොක්කෙක් ගෙනියල අන්තිමට ලිපිකරුවට ගෙවන්න උනා එයා පැන්ෂන් ගියාටත් පස්සෙ.

      Delete
  25. මන් කලින් වැඩ කරපු තැනට ඔඩිට් එන මල්ලිනම් නියමයි. මිනිහගෙ ගෙදරත් මේ පැත්තේ නිසා වේලාසන ගෙදර යන්න එන්නේ. ඇවිත් අපි ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම් එහෙම බලලා, ගෙදර ගෙනියන්නත් දාගෙන, "ඔක්කොම බඩු හරි ඇතිනේ මෙන්න මේක සයින් කරලා දෙන්නකෝ" කියලා කියනවා. අන්තිමේදී ඒ කම්පනිය වහලා දැම්මා.

    නියම කතා සෙට් 1ක්. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. අන්න නියම ඔඩිට් මල්ලිල.

      Delete
  26. දෙවෙනි කතාවට නම් හිනා ගියා හොඳටම

    ReplyDelete
  27. කාර්යාල කතා ත් එල නේ :)

    ReplyDelete
  28. හෙහ් හෙහ් මරු පොඩි කැලි ටික.

    ReplyDelete
    Replies
    1. පොඩි කෑලි උනාට වටිනව!

      Delete
  29. රවී අයියා නැති තැනක් නෑ නේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්. රවි අයිය ඉන්න තැන කතන්දරම තමයි.

      Delete
  30. ලොකු ලොකු ඔපීසි වල නම් ලොක්කගෙ ගෙදරට ගියානම් ලේසි ඇති ඉන්වෙන්ට්‍රි චෙක් කොරන්න!!!

    ReplyDelete
    Replies
    1. ක්වාටස්වල තියන බඩු, මාරුවෙලා යනකොට ලොක්කො ගෙදර ගෙනියනව.

      Delete
  31. කතා දෙකම මරු.. අන්තිම එකට හිනා යන්නේ ඒ වගේ දේවල් අනන්ත සිඳු වෙලා තියෙන නිසා. සැරයක් මට එකෙක් ලෙඩක් ඇදලා. මම මඩ ගොම ඔක්කෝම එක්ක පරණ ටයර් එකක් උස්සං ගියා ඔඩිට් සෙක්ෂන් එකට..

    ReplyDelete
    Replies
    1. නියම වැඩනේ මාතලන් කරන්නෙ. එහෙම නැතුවත් බෑ.

      Delete
  32. නාස්තිය තව වැඩි වෙයි ඔහොම එකක්වත් නොතිබුනා නම්!

    ReplyDelete
  33. මෙහෙ ඔඩිට් එක නම් ඔය තරම් පහසු නෑ.ප්‍රෝජක්ට් එක ඉවර වෙලා ගෙනාපු බඩු සහ සවි කරපු බඩු වල වෙනසක් ආව.එක කොච්චරද කියනවා නම් සවි කල බඩු වලින් 30%.නාස්ති උන ඒවාට අඩු කරාටත් පස්සේ. ඕක උනේ 2008 තාම ඒ බඩු ටික ප්‍රෝජක්ට් එකෙන් ප්‍රෝජක්ට් එකට ට්‍රාන්ස්ෆර් වෙනවා.ඇස්තමේන්තු කල අයගේ බඩු ලිස්ට් එකේ මිටර් වෙනුවට ලේන්ත් වලින් ඔඩර් කරලා.ලොක්කෝ ඔක්කොම අත්සන් කරලා ඕඩර් එකට.එක නිසා කතා වෙලා කොම්පැනියේ ප්‍රෝජක්ට් අතර මාරු කරගෙන යනවා රිපෝර්ට් වලට නොයන්න.

    ReplyDelete
  34. හික්ස්........රාජ් අයිය දැන් ඔය වගේ වැඩ කරන්නේ නෑ කියලද කියන්නෙ.....

    ReplyDelete
  35. එවට ගියාම අපිට අපි ගැන දුක හිතෙනවා.

    ReplyDelete
  36. ආහ්... මග ඇරිලා... මට නම් ඉතිං ඔය පැත්තේ අත්දැකීම් නෑ... හැබැයි මාත් සම්බන්ධ වෙලා හිටපු සංගමේකට ගත්ත බඩු වගයක් තාම අපේ ගෙදර තියනවා වැඩි පරිස්සමට... පින්ටරේ නම් පාවිච්චි නොකලොත් තීන්ත ගල් වෙනවා කියන නිසා මම හිටු කියලා පාවිච්චි කරනවා....

    ReplyDelete
  37. රාජ්‍ය අංශයේ ආශ්චර්යය :D

    ReplyDelete
  38. රාජ්‍යය සේවයේ වැඩි හරියක් ඉන්නේ අන්ති කාබාසිනියෝ තමයි.

    ReplyDelete