Thursday, July 18, 2013

ලෝ පොයින්ට් සමඟ සෑම් අයියගෙ ආතල් කතා යලිත්....(රාජ්ගෙ නවාතැන)

කාලෙකට ඉස්සෙල්ල සෑම් අයියගෙ කතා ටිකක් කියල කතන්දර ඉවර කලා මතක නැතුවැති. [කතා අංක 1, 2 , 3]. මේ ආයෙත් සෑම් අයියගෙ කතා.

සෑම් කියන්නෙ ගිනි පොලී කාරයනේ. කුඹුරු, වාහන, ඉඩම් ඔප්පු එහෙම තියාගෙනයි මෑන් ණයට සල්ලි දෙන්නෙ. මම දවසක් මේ ගැන මේවගේ ප්‍රශ්නයක් ඇහුව.

"සෑම් අයියේ, ඔහේ ඔය ඔප්පුවක් හරි වාහනේක පොතක් හරි ඇපේට තියාගෙන ණය දෙනවනේ...... ඒත් ඉඩම ලියාගන්නෙවත් පොත තමන්ගෙ නමට හරවගන්නෙවත් නෑනේ..... හරි, කවුරුහරි ඉඩම් කාර්යාලෙට ගිහිල්ල ඔප්පුවක් අලුතෙන් ගන්නව,..... නැත්තං තමුන්ගෙ වාහනේ පොත නැතිවුනා කියල පොලීසියේ පැමිණිල්ලක් දාල අලුතෙන් පොත හදාගන්නව..... එහෙම කරල ණය නොදීඅරිනව. මොකද්ද කරන්නෙ?"

මගේ ප්‍රශ්නෙට පොඩි හිනාවක් එහෙම දාල සෑම් කතාව පටන් ගත්ත.

"රාජ් මහත්තයෝ... ඔය වැඩේ වෙන්නෙ මෙහෙමයි, මේ මිනිස්සු හිතං ඉන්නෙ ඔප්පුව තියාගත්තම හරි කියල. ඒ මිනිස්සු දන්නෙ නෑ අලුතෙන් ඔප්පුවක් ගන්න පුළුවන් කියල....අනෙක මම ඔය වැඩේ කරන්නෙ මෙහෙමයි,.... මම නොතාරිස් කෙනෙක් ඉස්සරහ අස්සං කරල තමයි සල්ලි දෙන්නෙ.... ඔප්පුව නොලිව්වට ඒක වැලිඩ්"

"බයික් එකක් උගස් ගන්නව නං බයික්එකේ පොත මට දීල සල්ලි ගත්ත කියල නොතාරිස් ඉස්සරහ දිව්රල තමයි සල්ලි දෙන්නෙ.....ඒ වගේ ලෝ පොයින්ට් මම දන්නව"


ඔන්න සෑම්ගෙ ලෝ පොයින්ට්. සෑම් කාලයක් නීතීඥයෙක් ලඟ වැඩකරල තියනව. එයාගෙන් ඉගනගත්ත "ලෝ" තමයි ඔය. මගේ ප්‍රශ්නෙට උත්තරයක් විදියට අපූරු කතාවක් කිව්ව.

මේක මගේ යාළු බ්‍රෝකර් කෙනෙක් කිව්ව කතාවක්, ඌට සෙට්වෙලා තියනව කුඹුරක් ගන්න ඕන මෑන් කෙනෙක්. ඔන්න මගේ යාලුව කුඹුරක් විකුණන්න ඕන එකෙකුත් සෙට් වෙලා. කුඹුර ඕන එකා රට ගිහිල්ල ආපු එකෙක්. ටිකක් මෝඩය. ඔන්න අක්කර දෙකහමාරෙ කුඹුරට අයිතිකාරය ඉල්ලුව ලක්ෂ දහයක්. බ්‍රෝකර් ලක්ෂ දොලහකට අරූට කුඹුර දීල ලක්ෂ දෙක සාක්කුවෙ දාගත්ත. ඒ වෙද්දි කුඹුර වගා කරල කපන්න ඔන්න මෙන්න කිට්ටු කුඹුර. ඔන්න අලුත් අයිතිකාරය ඊලඟ කන්නෙ වගාකරන්න හදනකොට තමයි වැ‍ඩේ තේරුනේ. කුඹුරට ට්‍රැක්ටරයක් දාන්න බැරි තරමට එරෙන වගුරු බිම. ලක්ෂ දොලහක් තියා පහක් වටින්නෙ නෑ. දැන් මිනිහ ආයෙත් ලක්ෂ දොලහ ඉල්ලනව අයිතිකාරයගෙන්. අයිතිකාරය කැමතියි තමුන්ගෙ ලක්ෂ දහය දෙන්න. හැබැයි බෝකර් ගත්ත ලක්ෂ දෙක ගන්න විදියක් නෑනේ. ඌ ලඟ සල්ලි ඇත්තෙත් නෑ. ඒ ගමන දෙන්න පැටළුනා. මේ කුඹුර මහවැලියෙ එකක්. (මහවැලි ව්‍යාපා‍රයේ ඉඩම් විකුණන්න බෑ. අයිතිකාරයගෙ දරුවන්ට පැවරීම විතරයි කරන්න පුළුවන්. විකිණීමක් කලොත් ඔප්පු හදන්න බෑ). අන්තිමට විකුණපු එකා කිව්ව කුඹුර දෙන්නෙ නෑ, පුළුවන් දෙයක් කරන්න කියල. මොකද මහවැලි ඉඩමක් නිසා විකිණීම වලංගු නෑනේ. හැබැයි මෑන්ට එක තැනක් වැරදුනා. කුඹුර ගත්ත වෙලාවෙ ගැනුංකාරයගෙ ලෝයර් කුඹුර ගත්තෙ පොඩි ගිවිසුමක් ගහල. ඒ ගිවිසුමේ හැටියට කුඹුර ඇපේට තියල ලක්ෂ විස්සක් අයිතිකාරය ගැනුම්කරුවගෙන් ගත්ත විදියටයි ලියකියවිලි හදල තිබුනෙ. ඒ ගමන ගැනුංකාරය නඩුවක් දාන්න හැදුව ලක්ෂ විස්සක් ඉල්ලල. මොකද මිනිහ ලක්ෂ විස්සක් ගත්ත කියලනේ අස්සං කරල තියෙන්නෙ. අන්තිමට අර මෑන් අතික් ලක්ෂ දෙකකුත් එක්ක ලක්ෂ දොලහක් දීලයි ෂේප් උනේ.

දෙවනි කතාව නං සෑම්ට වෙච්ච වස වැරැද්දක් ගැන. මේකෙ සත්‍ය අසත්‍යතාවය ගැන හිතන්නත් වෙනව. ඒත් සමහර කරුණු ඇත්ත නිසා තාර බර ඇරල ගන්න පුළුවන් මට්ටමේ තියෙන්නෙ.
අහල ඇතිනෙ හෙනහුරා විෂ්ණුට බටකොල කවපු කතාව. දන්නෙ නැත්තං ජෝතිෂය එහෙම දන්න මාතලන්ගෙන් අහගන්න පුළුවන්. මේකත් ඒ වගේ සීන් එකක්.
අපේ කාර්යාලෙ කිට්ටුව තියනව ආයුර්වේද මධ්‍යස්ථානයක්. එතන ඉන්න වෙද මහත්තය සෑම් අයියගෙ හිතවතෙක් උනා කොහොම හරි. සෑම් අයිය කියන්නෙ අඩි පහමාරක් විතර උස කිලෝ සීයක් විතර බර පොරක්. ඇ‍‍ඟේ විස්තර කිව්වම ඔහේලට තේරෙන්න ඕන මිනිහට කොලෙස්ට‍රෝල් තියනව කියල. ඔන්න දවසක් මේ වෙදමහත්තය කියල සෑම් අයියට මේ ලෙඩේට කරවිල කෑම හොයි කියල. ඊට දවස් කිහිපයකට පස්සෙ මේ වෙද මහත්තය වෙන පළාතකට ගිහිල්ල. මේ කාලය වෙද්දි මම අපේ කාර්යාලෙට තියා රාජ්‍ය සේවයටත් ඇවිල්ල නෑ.

කොහොම උනත් මම කාර්යාලෙට ආපු දවසේ ඉඳල සෑම් කරවිල කනව කියල නං දන්නව. ඒක සිද්ධවෙන්නෙ මෙහෙමයි. ඔන්න සෑම් රෑට කරවිල ගෙඩි දෙකතුනක් වතුර භාජනයක දානව. උදේට ඒක උණුකරල වතුරටික බොනව. ඉතිරිවෙන කරිවිල ටික කපල දවල් කෑමට ගේනව. ඔන්න ඕකයි ප්‍රොසීඩියර්එක. ඊ‍ට ටික කලකට පස්සෙ සෑම්ට අර වෙදමහත්තය මුනගැහිල. දෙන්නගෙ කතාබහ මෙහෙමයි,

"වෙද මහත්තයෝ ඔහේ කිව්ව විදියට මම කොලෙස්ටරෝල් අඩු කරගන්න දැං කරිවිල කනවනේ"

"කොලෙස්ටරෝල් වලට කරවිල? මම එහෙම කිව්වෙ නෑ"

"එහෙනං එදා කිව්වෙ?"

"නෑ නෑ කරිවිල කන්න ‍ඕන සීනි වැඩිනං"

"ඔහේ මට එදා කිව්වෙ කොලෙස්ටරෝල් වලට කන්න කියල"

"නෑ නෑ එහෙනං වැරදිලා කියන්න ඇති, කරිවිල වලින් සීනි නං අඩුවෙනව"

"අපරාදෙ මං අවුරුදු හතක් කරිවිල කෑව"

58 comments:

  1. අවුරුදු හතක නෙවෙයි ජීවිත කාලෙම කරවිල කෑවා වගේ වැඩ කරන එවුන් ඕනෑතරම් ඉන්නවා. අර කුඹුරේ කතාව නම් පංකාදු පහයි. කරනවානම් අන්න වැඩ.

    ReplyDelete
  2. කරිවිල කොච්චර කෑවත් කමක් නෑ බන් එව දිවිය ඖෂධ.ඔය උගස් ගන්න එකෙත් දෙපෑත්තක් තියෙනව සල්ලි ඔන වෙලාවට වෙදල ඉල්ලනව .ප්ස්සෙ බනිනව.දෙන එකත් ගන්න එකට අම්මරු වෙලාවෙ උට ඔන විදියට වෑඩෙ කර ගන්නව

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. උකස් දෙන මිනිස්සුන්ට බනින්නෙ පොලී ගෙවනකොට.

      Delete
  3. පුදුම යි, ඒ කරවිල කාපු විදියට ඔය මනුස්සය තාම පණපිටින් ඉන්නවා! සීනි අඩු වුණාමත් ලෙඩ ගොඩ යි!

    ReplyDelete
    Replies
    1. කරවිල ටිකක් කෑව කියල මැරෙන්නෙ නෑ.

      Delete
  4. ගිනි පොලි කාරය කියන එක හරි වැරදියි ඇත්තටම දැන් දන්න අය කියන්නෙ micro financing කියල.
    ඒ අංශය, ජරාව/පගාව වගේම ආර්ථිකයට විශාල දායකත්වයක් සපයනව.

    ඒ නිසා අපි සෑම්ට සලකනව මදි!

    ReplyDelete
    Replies
    1. අන්න වචනෙ. ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් කියල ඉංග්‍රීසියෙන් කියන්නෙ ඕක වෙන්නැති.

      Delete
  5. අපරාදේ අර මනුස්සය දමාගෙන කරවිල කෑවේ..... ආයි ජීවිතේට කෑවේ නැද්ද දන්නේ නෑ කරවිල.....

    ReplyDelete
    Replies
    1. දැං නං කරිවිල කන බවක් පේන්න නෑ.

      Delete
  6. කරවිල නම් නරක කෑමක් වෙන්න බැහැ...වෙද මහත්තයා එහෙම අවානම් කරවිල බොහෝම හොඳ කෑමක්,,සිනී නැතත් ඇඟට ගුණයි කියයි....
    මට හිතාගන්න බැරි මෙච්චර ජෝතිෂ්ය දන්න මාරයා එහෙම ඉද්දී මාතලන්ව මොකටද රෙකමන්ඩ් කරන්නේ කියලා?

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. ඒත් පබ්ලිසිටිය වටිනවා... මූ මට බටකොල කවන්නද කොහෙද ලෑස්ති වෙන්නේ..

      Delete
    2. මාතලන් ඇවිල්ල රාජ්‍ය නායකයන්ත් ටක්කෙට අනාවැකි කියපු පොරකගෙ බෑන කෙනෙක්නේ. බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්.

      Delete
    3. ඇයි බං ජෝතිශලංකා ?

      Delete
  7. මමත් හරි අකමැතියි අර රටක් වටින මිනිස්සුන්ට ගිනි පොළී කියනවට. එයාලට නිකන් ග්‍රාමීය ජංගම බැංකුව වගේ නමක් යෝජනා කරලා ජනාධිපති තුමාට කියන්න ඕන. උන්නෑහේ.. "වල් අලි", "වන අලි" කරපු උත්තමයනේ..

    ReplyDelete
    Replies
    1. නමක් යෝජනා කරන්න බලන්න.

      Delete
  8. මොකක්ද මේ කරිවිල සහ කරවිල ටැපලිල්ල? ඒක ප්‍රාදේශීය යෙදුම්ද?

    එතකොට කරවල = කරෝල?

    මං අඳුණන පොරක් ඉන්නවා පොර කියන්නේ කරවඩු කියලායි කරවල = කරෝල වලට!

    ReplyDelete
    Replies
    1. මම මුලින් ලිව්වෙ කරවිල කියල. මම හිතන්නෙ කරිවිල නිවැරදි ඇති. මුලින් ලිව්ව එක නිවැරදි කරන්න වෙලාවක් තිබුනෙ නෑ. ඔපීසියෙදි පබ්ලිෂ් කරල ආව.

      Delete
  9. පොලී කාරය කියල කියන්නෙ නැහැනේද දැන්.
    දැන් එයාට කියන්නෙ පොලියස්ටර් කියල.

    ReplyDelete
    Replies
    1. තර්කාණුකූලව බැලුවම ඒක හරි.

      Delete
    2. එස්ටර බහු අවයවීකරනය වෙලා නේ පොලියෙස්ටර් හැදෙන්නේ!

      Delete
  10. හප්පටසිලි අවුරුදු හතක් තියා එක වේලක්වත් කරවිල කන්න මට නම් බෑ.

    ReplyDelete
    Replies
    1. කට්ට කන්න දෙයිය.

      Delete
    2. ඔන්න බලමු! කතාව කට්ට කෑම. කරිවිල කන්න බෑ!

      Delete
  11. ඔන්න මාත් ලෝ පොයින්ට් එකක් දෙකක් ඉගෙනගත්තා මේකෙ. මේ ඉංගිරිස් ඉගැන්නිල්ල පැත්තකට දාලා සල්ලි පොලියටෙ දෙන්න පටන් ගත්තනම් මොකද කියලා හිතෙනවා බං. ප්‍රශ්ණෙකට තියෙන්නෙ පොළියටදෙන්නත් සල්ලි පොළියට ගන්න වෙන එකයි.

    ReplyDelete
    Replies
    1. උඹට හරි පාඩම අහුවෙලා නෑනේ ගුරෙක් වෙලත්... සල්ලි පොලියට දෙන්න එපා බං.... බ්‍රෝකර් කෙනෙක් වෙයං... නිකම්ම ඉඳලා ලක්ෂ දෙකක් අරන් මාරු... පස්සේ කීයක් හරි හම්බ කරගත්තහම බැරියැයි පොළියට දෙන්න..

      Delete
    2. අන්න ක්‍රමේ. මූලික පිරිවැයක් ඕනම නෑ. හැබැයි මේකත් මගුල් කපුකම වගේ තමයි.

      Delete
  12. හික්ස්... අවුරුදු හතක් කරවිල කනවා කියන්නේ....

    ReplyDelete
    Replies
    1. බටකොල කෑව වගේ තමයි.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. කරවිල තම්බලා වතුර බොනවා කිව්වහම මට නිකං වමනේ යන්න වගේ.... බැදලා නං ටිකක් කනවා.. නැත්තං පේන්න බෑ.

    ReplyDelete
    Replies
    1. උඹ අරක්කු බොනවද?

      Delete
    2. පිස්සුද අපි අරක්කු කටේ තියන්නේ නැහැ.
      ඔය "වයිට් ඩයමොන්ඩ්" හරි "ඩබ්ල් ඩිස් ට්‍රිල්ඩ්" හරි බොනවා මිසක්.

      Delete
    3. ඒක මිසක්..

      Delete
  15. මම දන්නෙත් කරවිල ගැන තමා. කරි විල නෙවෙ :)

    කෝම හරි ගුණ දායක දෙයක් වෙලා නොවැ. තෙල් නැත්තං සීනි :))

    ReplyDelete
    Replies
    1. උඹත් සෑම්නේ කාපං කරිවිල.

      Delete
  16. ඔහොම ගොඩ වෙදකං වලින් සීනි අඩු කරගන්න ගිහින් මල කෙනෙක් මං දන්නවා. හැමදාම කොතල හිඹු‍ටු බීවා. අනේ අර පෙත්තක් ගත්තා නං අදත් ඉන්නවා. මට කොලෙස්ට්‍රෙරොල් වැඩිවෙලා මං ගියා වෙදමහත්තයෙක් ලඟට. එයා බේත දීල කිවුවා අර පෙති එහෙම ගන්නවා නං ඒක නවත්තන්න එපා කියල ! හික්ස්.. ආයුර්වේදයේ හොඳ ප්‍රතිකාර තියෙනවා කියල මං දන්නෙ මගෙ තාත්තත් කවදාවත් මුදලට වෙදකම් නොකල ආයුර්වේද වයිද්‍යවරයෙක් හින්දයි.. ගොඩක් ආයුර්වේද කියල ඉන්න හොර වෙද්දු ආයුර්වේදය කනවා. බටහිර බෙහෙත්පෙති කඩලා කුඩු හැටියට දෙන වෙදෙක් මහරගම හිටියා තාමත් ඇති..

    ReplyDelete
    Replies
    1. බටහිර බෙහෙත්පෙති කඩලා කුඩු හැටියට දෙන වෙදෙක් ගැන මාත් දන්නව.

      Delete
  17. අඩේ ‍බ්‍රෝකර් කේස් එකත් නියම බිස්නස් එකක්නෙ බලාගෙන යනකොට.

    ReplyDelete
    Replies
    1. සබරගමුවෙ ඉඩම් තියනව නේද?

      Delete
  18. ඒක නං මාර බිස්නස් එක බං කරනවනං.. ලක්ස ගානක් හොයගත හැකි කුඹුරු කෑල්ලක් තියේනං..

    ReplyDelete
    Replies
    1. ඔලුව ක‍ඳේ නැතිවෙයි ටික දවසකින්

      Delete
  19. මට එකපාරට මතක් උනේ අර එකම වංගෙඩිය හැටහුටාමාරකට විකුණලා සල්ලි හොයා ගත්තා කියන අර ගමේ කතාව... මටත් හිතුනනේ අප්පා ඒක ට්‍රයි කරලා බලන්න එක දවසක්... කොහේදෝසැඟවිලා තිබ්බ දෙමව්පියන්ගෙන් ඇවිත් තිබ්බ ජානයක් හින්ද ඒක වැළකුණ මම හිතන්නේ හික් හික්...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්...... කරල බලන්න වටිනව.

      Delete
  20. බලන් යනකොට බ්‍රෝකර් ජොබ් එක සේරටම වඩා ලාබායිනේ...
    අපේ ගෙවල් පැත්තේ මනුස්සයෙක් අයිතිකාරයා 5000 කියපු ගෙයක් 7000 ගානේ කුලියට දීලා තිබුනා.. පස්සේ වැඩේ මාට්ටු වෙලා මරා ගන්නත් ගියා..

    ReplyDelete
    Replies
    1. ඔයවගේ සීන් ඕන තරම්.

      Delete
  21. ව්යළන ලද කරවිල බැදුම මගේ ප්‍රියතම ආහාරයක්. ඒත් බොහෝ පළාත්වල රාත්‍රියට කරවිල කැමෙන් වලකිනවා. හේතුව රාජ්ම කියාවි.

    ReplyDelete
  22. අපරාදේ පොඩ්ඩි ලෝ කලේ නැත්තේ? නැත්නම් මෙතනදිම තව හොඳ ලෝ පොයින්ට් එකක් දෙකක් කියලා දීලා යන්ට තිබුනා.:)

    ReplyDelete
  23. මමත් දානෙකට කරවිල බැදුමක් හැදුවා...ඒක මෙහෙමයි
    නෙවිල් කරවිල කිලෝ හතරක් ගනැත් දුන්නා,
    උඩ ගෙදර කෙල්ලට කියල කරවිල පෙතිගහ ගත්තා,
    තව ගෑල්ළමයෙක් කරවිල පෙති ටික බැදල දුන්නා,
    ඊට පස්සෙ දානෙට ආපු කීපදෙනෙක් ළූණු මිරිස් කපල දාල ලුණු දෙහි ඇඹුල් මිශ්‍ර කරල දුන්න,
    මගෙ කරවිල සම්බෝලෙට තමයි ඉහළම ඉල්ලුම තිබුණෙත් ඉක්මනට ඉවර වුණෙත්,
    මා ඇතුළු කී දෙනෙක් පින් කරගත්තද.

    ReplyDelete
    Replies
    1. කරවිල සම්බලයට ලුනු, හීනියට ලියාගත් රතු ළූනු,කුඩු කරගත් උම්බලකඩ සහ දෙහි ඇඹුල් පදමට වැටුනම පුදුම සුවදක් සමග රසයක්.
      පුරවාපු මාළු මිරිස් ව්‍යංජනය සහ කරවිල සම්බලය මගේ ප්‍රියතම දෙයක්.

      Delete
  24. උශ කරිවිල ගැන කිව්වහම මට ඉස්සර වෙලාම මතක් උනේ කරිවිල බාලමහත්තය.

    අපෝ ඔය බ්‍රෝකර්ල ගැන කතාකරල වැඩක් නෑ. ඒ මිනිස්සුන්ට ඕව කොහොම දිරවනවද මන්ද. අපෙත් නෑදෑ වෙන කෙනෙක් හිටියා වෙන වෙන වැඩ කරන ගමන් ඔය සුද්දොන්ට ඉඩම් අරන් දෙන්න බ්‍රෝකර්කම් කරපු පොරක්. (දැනට අවුරුදු දෙකකට විතර කලින් එයා මැරුනා) සුනාමි කේස් එක නිසා මේ පැත්තෙ මූද අයිනෙ ඉඩම් මිනිස්සු විකුන්නා හරියට ඒ දවස්වල. ගත්තු තරමක් ගත්තෙ විදේශිකයො. මිනිහ ඉඩමක් විකුණන්න කතාකරල තියෙනවා, අන්තිමට ඉඩම අයිතිකාරයට හම්බඋනාට වැඩිය පස් ගුණයක් විතර මිනිහා සාක්කුවෙ දාගෙන. ඒ වගේ බ්‍රෝකර් වැඩ නම් හැමෝටම හැමදාම කරන්න බෑ. ඩොලර්වලින් හම්බකරන එවුන්ගෙන් ම තමා එහෙම කන්න පුළුවන්.

    ජයසේන ජයකොඩි මහත්තයගෙ පිච්චමල නවකතා මාලාවෙ රාහුල හාමුදුරුවො සීනි බහින්න කොස්කොල තම්බල බොන කතාවක් තිබුනා මතකයි. අපේ දන්න කියන ගමේ නැන්ද කෙනෙක් අමු කෙන් ගෙඩි තම්බල කනවා. ඕව අහනකොට මට හිතෙන්නෙ සීනි වැඩිවෙල මැරෙන එක තව සැපයි කියල.

    ReplyDelete
  25. සිනි ඇමතියෙක් ඉන්න රටේ ඉස්සරහට දියවැඩියා කාරයෝ වැඩි වේවි.
    මේ නිසා ඊලග පාරහරි "කරවිල ඇමතියෙක්"පත් කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මනෝජ්... කොහෙද ගිහින් හිටියෙ

      Delete
    2. කොයි යන්නද හැලපයියේ උපන් රට දාලා...?
      මෙහෙම තමයි උන්නේ..

      Delete
  26. //අපේ කාර්යාලෙ කිට්ටුව තියනව ආයුර්වේද මධ්‍යස්ථානයක්//

    අපේ කාර්යාලෙත් කිට්ටුව තියනව ආයුර්වේද මධ්‍යස්ථානයක්.
    හැබයි ඒක "පංචකර්ම ආයුර්වේද සම්බාහන මධයස්තානයක්"
    අපේ කොල්ලෝ (අවුරුදු 40 ට වැඩි 55 ට අඩු එවුන්) නිතරම ඕකට යනවා "බෙහෙත්" ගන්න
    ආවම තෙල් ගදේ බැහැ.

    ReplyDelete
  27. මාතලන් ජ්‍යෝතිෂ කාරයෙක් කියල දන් නැහැනෙ. ඇත්තද මාතලන් මේ කියන්නෙ ?

    ReplyDelete