Tuesday, July 9, 2013

ශාන්ත අයියගෙ බත්කඩේ.

ශාන්ත අයිය ආයෙත් බත්කඩේ දාල. හැබැයි ඒක එච්චර උණුසුම් ප්‍රවෘත්තියකුත් නෙවේ. මොකද මෑන් අවුරුදු දෙක තුනකට විතර සැරයක් කරන දෙයක් නිසා. හැබැයි වෙනද වගේ නෙවේ මේ සැරේ තරමක් පිලිවෙලයි. බත්කඩේ ටිකක් පුළුල් කරල. එහෙන් මෙහෙන් තියන කුණුගොඩවල් නෑ. ඔක්කෝම පිලිවෙලකට අස්පස් කරල. පොලව ටයිල් කරල බිත්ති පේන්ට් කරල. වෙනද තියන ප්ලාස්ටික් කෑලි වෙනුවට, මධ්‍යම ප්‍රමාණයේ හෝටලයක තියන විදියට, තරමක් ඉස්තරම් යයි කියන්න පුළුවන් ලී වලින් සැදූ මේස පුටු ගෙනල්ල. අලුතෙන් කැෂියර් මේසයකුත් ගෙනල්ල. කලුපාටට දැලි බැඳුන හට්ටි මුට්ටි වෙනුවට දිලිසෙන බුෆේ සෙට් එකකුත් ඇවිල්ල. තව.........

හෝව් හෝව්!....... මැදින් පටන්ගත්තට මුල කිව්වෙ නෑනේ.

ශාන්ත අයිය කියන්නෙ පොඩි ටවුමක් වෙච්ච මෙහේ, ඉන්න ‍එක්තරා විදියක ඩයල් එකක්. බත්කඩ කෙරුවාව තමයි දන්න කියන කාලෙ ඉඳල කරන්නෙ. ශාන්තයගෙ අයියල මල්ලිල සෙට් එකත් ඒ ජොබ් එකේම උදවිය. කාලෙකට කවුරුත් මුදලාලිල. තවත් කාලෙකට කවුරුත් එක එකාලගෙ ගෝලයො. තමුන්ටම කියල තියන කඩ කාමර දෙකතුන කාටහරි බදුදීමත්, බත්කඩ දැමිල්ලත් කාලෙන් කාලෙට සිද්ධවුනා. හැබැයි මේ සැරේ නං පිලිවෙලට වැඩේ කරන පාටක් පේනව. වෙනද එක එක තැන්වල ඉන්න අයියල මල්ලිල දැන් මෙතන වැඩ. ඉතිං ගෝලයන්ට අමතර කවුරුත් ඕන වෙන්නෙ නෑ. මෙන්න මේ කියන බත්කඩේට මමත් දවසක් ගියා. එතනදි දැක්ක දේවල් තමයි මේ.

කඩේ සහ ගෝලයන්ගෙ විස්තර තමයි ඉස්සරවෙලා කිව්වෙ. කට්ටිය සෙට්වෙලා ඉන්නෙ මේ විදියට. ශාන්ත අයිය තමයි ලොක්ක. කැෂියර් එකේ මල්ලි. ඉස්සරහ ඉන්න බාස්(/කෝකියා) අයිය කෙනෙක්. තව මල්ලි කෙනෙක් සේවා අංශයේ. නිතරම එහේ මෙහේ කැරකි කැරකි හිටියත්, කවුරුහරි කඩේ ලඟට ආවොත් ඇතුලට ගන්න තරම් ශාන්ත අයිය දක්ෂය. මම යනකොටත් සර් කෑල්ලකුත් දාලයි කතා කලේ. මීට අමතරව ඒ ඒ උදවියගෙ හැටියට ඒ වැඩේ කරන්න ශාන්ත අයිය සමර්ථය. උදාහරණ විදියට බඩට ඇනීම, විහිළු කිරීම, කිතිකැවීම, ඕනෑවටත් වඩා ගෞරවය(මට වගේ)දේවල් මෑන් ලඟ තියනව. බත්කන්න ඕන කිව්වම ඕන විදියකට බෙදාගෙන කන්න කියලයි කිව්වෙ. ඇත්තටම එතන හොඳයි, මහලොකු ගානක් යන්නෙත් නෑ. උදේට කෑවොත් රුපියල් හැටත් අසූවත් අතර ගානක් යන්නෙ. දවල්ට කෑවොත් එකසිය විස්සක්, එකසිය හැටක් වගේ ගානකින් ෂේප් වෙන්න පුළුවන්. බත්එක බෙදාගෙන බුල්ස්අයි එක එනකල් වටපිට බලල කල්පනා කරනකොට මෙතන අවුලක් තියනව කියලත් හිතෙනව. මෙන්න මෙහෙම,

මෙතන විතරක් නෙවේ මේ ටවුමෙ වැඩිපුර බිස්නස් තියෙන්නෙ පොල දවස් දෙකට. ඒ උනත් පොලට එන මිනිස්සුන්ට මෙච්චර දේවල් ඕන නෑ. උදාහරණයක් විදියට ඒ මිනිස්සුන්ට මෙච්චර උසස් විදියේ මේස-පුටු ඕන නෑ. සෙරෙප්පුත් නැතිව කකුල් වල මඩ ගාගෙන එන නිසා ටයිල් කලා කියලත් එච්චර සෙතක් නෑ. ශාන්ත අයියගෙ නෝනටයි උගෙ අයියගෙ නෝනටයි අමතර වැඩ ටිකක් ලැබෙනව ඒකෙන්. ඒ වගේම මැටි හට්ටි බුෆේ එක තියන දවස් වලයි දැනුයි අතරෙත් ලොකු වෙනසක් නෑ ඒ මිනිස්සුන්ට. මේ වගේ දේවල් ඕන තරම් තියනව.

ඔන්න මම බත් කන අතරෙ බිත්තර ලොරියක් ආව. ශාන්තගෙ මල්ලි ලොරියෙන් බිත්තර අරගෙන කුස්සිය ඇතුලට ගෙනියද්දි බිත්තර කේස් එකක් මුගේ අතින් බිම වැටුන. මට ටිකකට පස්සෙ කෑම ඕඩර් කරපු මල්ලිල සෙට් එකක් "අයියේ ඔම්ලට් එපා, මාලු කෑම ගේන්න" කියනවත් ඇහුන. වැටිච්ච බිත්තර වලින් ඔම්ලට් දාල දෙයි කියල වෙන්න ඇති. ඒ නැතත් තමුන්ගෙ මල්ලිගෙ පඩි කපනව වෙනුවට බිත්තරේක ගාන චුට්ටක් උස්සන එක නං මට ෂුවර්.

මටත් කලින් තව සෙට් එකක් මම යනකොට කෑම කකා හිටිය. උං ශාන්ත අයියගෙ ගජ යාලුවො. කුකුල් මස් එක ලඟට කිහිප සැරයක් යනව දැක්ක නිසා මේ ගණුදෙනුවෙන් ශාන්තයට ලාභයක් තියේවි කියල හිතන්න බෑ. ඔන්න ඔය වගේ කේස් තමයි එතන තියෙන්නෙ.

කතන්දරය ඕක තමයි. මේ කරුණු කාරණා දැක්ක ගමන් මට අර ලෙඩේ හැදෙනව. මම එකින් එක ගැලපුව. නියමෙට ගැලපෙනව.

$-ශාන්ත අයිය හිනාවෙලා කා එක්කත් හොඳින් ඉන්න බුවා.
$-අයියල මල්ලිල උංගෙ ගෑනුත් එක්ක බත් කඩේ කරගෙන යන්නෙ.
$-හිතවතුන්ට සැලකිලි වැඩියි.
$-බිත්තර බිඳීම වගේ කේස් එකකදි පාඩුව අල්ලන්නෙ කස්ටමර්ගෙන්.
$-ගමේ බත් කඩේකට අවශ්‍ය නොවන තරම් වියදම් කරනව.

අනේ මං දන්නෙ නෑ කොච්චර කල් මේක දුවයිද කියල!

62 comments:

  1. ශාන්ත අයියා වියදම් කරන්නෙ කාගෙ සල්ලිද?

    අපි බත් කනකල් ඌ කඩේ කරගෙනයයි.....

    ඊට පස්සෙ ඌට වහන්න වෙයිද? නෑ.... තව බත් කන හරක් ගමේ ඉන්නවනෙ....

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ ඌට වහන්න වෙයිද? නෑ.... තව බත් කන හරක් ගමේ ඉන්නවනෙ...

      අන්න හරි!

      Delete
  2. අර කියුවා වාගෙ කස්ටම්ස්ලා හැටියට කඩේ තිබුනම ඇති වුනත් ,ඇවිත් කාල බිලා බිල ගෙවල යනවානම් ටිකක් පිටිසිදු කරන වැඩ වැඩි වුනත් අවුලක් නැතිව කඩේ යයි.අර හිතවතුන්ට කරන සැලකිල්ල තමයි අවුල..."ලාබේ" ඔය සැලකිල්ලට ගියොත් කඩේ රිම් එකෙන් තමයි ගෙනියන්න වෙන්නේ.කවුද දන්නේ ශාන්ත අයියා බිස්නස් එක අල්ල ගන්න පොඩි ප්‍රොමොශන් පාරක් දානවාද කියලා.

    ReplyDelete
    Replies
    1. ශාන්ත අයියගෙ වැඩ දන්නෙ උඩ ඉන්න දෙයියො විතරයි.

      Delete
  3. හැමදාම වගේ ඉක්මනටම වහවි. හැබැයි ඊළග වතාවේ ශාන්ත අයියගේ පව්ලේ ගැවිච්ච එකෙක්වත් කඩේට ගන්න එකක් නෑ. එතන ඉදල දිගටම කරගෙන යාවි. ඔන්න ඔහොමයි මට හිතෙන්නේ

    ReplyDelete
  4. කොහමහරි ටික කාලයක් හරි කරොත් සර් කැල්ලක් එක්ක පිරිසිදුවට බත් ටිකක් කන්න පුලුවන්

    ReplyDelete
  5. මේ බත් කඩේ අපේ ජනතාවාදී ආණ්ඩුව වගේ නේ.

    ReplyDelete
  6. මේ කියන්නෙ බත් කඩයක් ගැනමද?

    ReplyDelete
    Replies
    1. නැතුව වෙන මොකුත් නෙවේ.

      Delete
  7. $ පොඉන්ට් එකක් ඇඩ් වෙන්ට ඕන... ටවුමේ තව අළුත් බුෆේ බත් කඩයක් දානකං කරගෙන යයි කියලා ...

    ReplyDelete
    Replies
    1. :-)
      මම දැක්ක ටික ලිව්වෙ බං. එහෙම මොකුත් හිතල අතින් දාල ලිව්වෙ නෑ

      Delete
  8. අර ස්වයං මොකක්ද එක කියන්නේ ගෙදරින් විතරක් කන එකට නේද? ඇයි ඉතිං පිටිං කන්නේ?

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නෑ. ඉඳහිට පිටින් කෑවට අවුලක් නෑ කකා. :-)

      Delete
    2. " KATHANDARAYA OKA THAMI" KATHDARAYA KIWWAMA MATA MATHAK WENNE MAGE YAHALU KATHANDARA IYAGE, CHOO WALA GENA. ARA PUKA, , JOKKU. CHOO, PADA, JEE, WAGE TOPICS GENA RASAWTH KATHA NITHARAMA LIYANA IYA.

      Delete
  9. කොහොමත් හිත හොඳ ගෑනි හැමදාම බඩින් කිව්වා වගේ හිත හොඳ මුදලාලි හැමදාම බංකොලොත්.

    ReplyDelete
  10. අපෙත් පවුලේ බිසිනොස් එකක් තියෙනවනේ.... ඒකෙන් තේරුම් ගත්ත විදියට නෑයො කියන ජාතිය ඕනෙවට වඩා බිස්නස් එකට කිට්ටු කරගන්න එක නම් හොඳම නෑ.. විශේෂයෙන් අර එක්තරා ජාතියක නෑයෝ ජාතිය..... හි හි... ( බිසිනොස් එකට කෙල උනත් අපිට මොකෝ අපේ ගාන හම්බුවෙනවනං ජාතියේ අය සහ ලාබ උපදෙස් දෙන්න බලාගෙන ඉන්න කට්ටිය.. ඔය වගේ අය ළඟින් තියා අහල පහලකින් වත් ගාවගන්න නරකයි...)

    ReplyDelete
    Replies
    1. නෑයොත් එක්ක අපිට කෙලීමයි ශාන්තයගෙ කඩේදි සිද්ධවෙන්නෙ.

      Delete
  11. මචෝ. පට්ටයි.. උපරිමයි.. කියන්න වදන් නෑ...

    බයවෙන්න එපා තව කාළයක් කරන් යයි.. වැඩි පොලියට ණය අරගෙන හරි කඩේ ගෙනියනවා.. කුරුණෑගලින් උපාසක මහත්තයෙක් නඩේකුත් එක්ක කඩේට එනවයි කියලා, ආරංචියක් තිබුනා.. මම මේ ඕපදූප හොයනව එහෙම නෙමෙයි.. ඇත්තේයි බං කතන්දරේ...

    ReplyDelete
    Replies
    1. තව කාලයක් ඇද්දොත් බත්කන හරක් ඉවරයි බං.

      Delete
    2. නැ..නැ එහෙම වෙන්නේ නැ. අලුතින් පට්ටි ගස්සලා හරි හරක් හදයි.

      Delete
  12. පොඩි මාර්කටින් තියරියක් උගන්වලා වගේ.....බිස්නස් එක කරන්න කලින් කස්ට්මර් බේස් එක හදුනා ගැනීම

    ReplyDelete
    Replies
    1. එහෙමත් කිව්වහැකි.

      Delete
  13. //උදාහරණ විදියට බඩට ඇනීම, විහිළු කිරීම, කිතිකැවීම, ඕනෑවටත් වඩා ගෞරවය(මට වගේ)දේවල් මෑන් ලඟ තියනව.//

    දෙයියනේ .... මට කියවන්න ගත්ත ගමන්ම මතක් උනේ අපේ ආඩම්බොරුකාර තාත්තාව. ඕනෑවට වඩා ගෞරවය නම් එයාගෙ ළඟ ඇත්තෙම නෑ. ඕනෑවටත් වඩා සිරික්කිය මිස.

    උඹට කොහෙන්ද බං ඔය සන්සන්දනය කරන පුරුද්ද ඇති වුනේ. නිකන් කතාව නම් නිකා....න්ම කතාවක් උනාට දෙක එකට තියල හිතුවම රස උපරිමයි.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කිව්වෙ ලෙඩක් කියල :-)

      Delete
  14. දැං ඕක මෙහෙමනේ ....... මුලිංම ..... නෑ එකේකෝ ඕනේ නෑ

    ReplyDelete
    Replies
    1. ඔව්වොව් ඕව වැඩක් නෑ....

      Delete
  15. මම හිතන්නේ මමත් ඔය කඩේ දන්නවා වෙන්න ඕනේ.
    ශාන්ත අයියා ලොකු උඩු රැවුලක් තියෙන දකුණේ පොරක් නේද..?

    ReplyDelete
    Replies
    1. :-) එහෙම හිතුවත් කමක් නෑ.

      Delete
  16. දැන් රාජ් වහන්න කලින් පුළුවන් තරම් ඔතනින්ම කාහන්, මොකද වැහුවට පස්සේ ඔය වගේ ගරු සරු ඇතුව අඩුවට කෑම දෙන කඩ නැහැ

    ReplyDelete
  17. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  18. වැරදිලාවත් කඩේ පරණතාලෙට පොලේ එන අය විතරක් ටාගට් කරලා කරං ගියානං රාජ් කියනවා මෙහෙම

    කිසි වගතුවක් නැහැ, දියුණුවක් නැහැ, අනාගතය ගැන දැක්මක් නැහැ, නවීන ලෝකේ තරඟකාරී රටාවට අනුව හැඩ ගැහෙන්නේ නැහැ, එක්කෝ හරියට කරන්න ඕන, නැත්තං කරන්න පුළුවන් අපේ අර කුරුඳු ගස් තැන්නේ සුදු අයියට දීලා දාන්න ඕන, සුදු අයියට දුන්නනං මේක නවීකරණය කරලා ගන්නවා ඉන්ටනැෂනල් තත්වයට, ශාන්ත අයියා වගේ නෙවෙයි සුදු අයියට හොද දැනීමක් තියෙනවා ඉන්ටනැෂනල් වැඩ ගැන, එහෙම කෙනෙකුට දුන්නනං මේක ඒසී කරලා ෆෑන් දාලා තව ඕනනං පවන් ගහන්නත් කට්ටිය කොට ගවුම් අන්දලා දාලා මේක මොඩ් කරලා ගන්නවා. කෝ මේ සාන්තලට එහෙම දැක්මක් නැහැනේ.

    අන්න එහෙමයි එහෙමනං රාජ්ගේ කතාව එතැනදී වෙනස් වෙන්නේ. වට් ටු ඩූ, රජයේ සේවකයින්ට කොහේද ඉදිරි දැක්මක්. කොහොම හරි ටයිම් පාස් කරලා පිනට පඩි අරං ගෙදර යනවා මිසක්.

    ReplyDelete
    Replies
    1. කිව්ව කතන්ද‍රේ හරියට තේරිලා නෑ වගේ.

      Delete
    2. යකෝ මේ මාරයා නේද ඇනෝ කොමෙන්ටු දාන්නෙ
      හනේ හනේ..

      Delete
  19. මිනිහා ටාගට් කරන ලාභය ලැබෙනවා ඇති...වැඩි පෙරේත කම් නැතුව සාධාරණ විදියට කරගෙන යන ගමන් කඩේ හිමිට දියුණු කරන්න හදන පාටක් පෙන්නේ . බොහොමයක් කෑම කඩ කාරයෝ කාලයක් හොදින් කරගෙන ගිහින් පස්සේ පස්සේ ලාබෙ පස්සේ දුවලා කෑමත් අජුත කරලා කස්ටමර්ස් ලත් නැති කරගෙන අන්තිමේදී බිස්නස් එකත් ඇන ගන්නවා ...

    ReplyDelete
  20. ඔය ශාන්ත අයියගෙ කඩේ කරන්න අල්ලපු ගමේ චීන කෑම කඩෙන් ණය දුන්නය කියන්නෙ. ඒ නිසා ලඟදි කඩේ වැහන එකක් නැහැ :-)

    ReplyDelete
    Replies
    1. චීන කෑම වැහිවැහැල

      Delete
  21. ඔක්තෝම්බර් මුලදීම නම් කියන්න පුළුවන් ශාන්ත අයියගේ කඩේට වෙන සන්තැසිය.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න බැහැ..ශාන්ත අයියාට සහෝදර සමාගමක් ඉන්නවනේ ..ගොඩ ගන්න .

      Delete
  22. පිරිසිදුවට අඩුවට කෑම ටික ලැබේ නම්, කඩේ තියෙන තාක් කල් කන එකයි ඇත්තේ....

    ReplyDelete
  23. බත් කඩේ ආප්ප දැම්ම නම් හවසට බිස්නස් තියෙයි..අද කාලෙ බත් වලින් විතරක් රන් කරන්න අමාරුයි..දැන් දිවවල් වෙනස් නේ..

    ReplyDelete
  24. අපේ පවුලේ බිස්නස් එකත් හෝටල් තමා බත් වලින් තමා ගොඩක් ලාබ උපයන්න පුළුවන් ඇත්තටම ඔය 120 ට විතර විකුණන බත් එකක් හදන්න හාල් සහ එළවලු මාළු වලට වියදම රුපියල් 30 ක් විතර යන්නේ ඉතුරු ගාන ඉතින් කඩ කුලිය විදුලිය සහ වතුර බිල සහ සේවක පඩි නදී තමා

    ReplyDelete
    Replies
    1. ඇත්ත. අපි විශ්ව විද්‍යාලෙ බත්එකක් කෑවෙ 12ට 15ට. ඒ කාලෙ පිට 100ඉඳල තිබුන.

      Delete
  25. මේ සැට් එක තව කාලයක් කඩේ කොරන් යනවා. ඒක ෂුවර් ඒ අතරේ අයියලා මල්ලියා පුලුවං විදියට තමංගේ පංගුව හංගත් ගන්නවා. ඒ වගේම කඩේත් නැති ආලවට්ටං දාලා ලස්සන කොරනවා. එහෙම ගිහිං තවා කාලෙකිං කඩේ අතැරලා යයි යන්න. එතකොට වෙන අයියලා සැට් එකක් එයි කඩේ බදු ගන්න.
    ඒ වුණාට ඔය කඩේට කවදත් එන්න ඉන්නේ ඒ අහළ පහළ ඇයොම නේද? අන්න ඒ මිනිස්සුන්ට යුතුකමක් තියනවා බොරු සෝබන ඕන නැ ගමේ වැඩේ විදියට කඩේ කොරගන පලයං කියලා කඩේ කොරන එවුන්ට කියන්න.මීට කලින් හිටිය අයියා කෙනෙකුත් හෙන සෝබනෙං කඩේ කෙරුවා නේද අවුරුදු 3ක් විතර.

    ReplyDelete
    Replies
    1. හැහ් හැහ්..... උඹ කිව්ව හරි.

      Delete
    2. එහෙම කියන්න ගියොත් නලින් හන්දියේ චණ්ඩින්ට කියලා දත් නැතිව බත් කන්න වැඩ සලසා ගන්න පුළුවන්. සාන්ත අයියා නිකන් නෙවේ කඩේ කරන්නේ හන්දියේ චන්ඩි සෙට් එකට හොඳට සලකලා. උන් වෙන කාටවත් අහල පහල කඩයක් දාන්න දෙන්නෙත් නැ කඩේට ඇවිත් සද්ද දාන්න දෙන්නෙත් නැ.

      Delete
  26. හැකි කවුරු කවුරුත් පංඟු බෙදා ගනි.නැති බැරි එකා ගැන තමයි දුක.

    ReplyDelete
  27. මේ බත් කඩේ ගැන කියනකොට මට මොකක්දෝ මතක් වෙනවා... A strong feeling of déjà vu කියන්නේ සුද්දා...අන්න ඒක.

    ReplyDelete
  28. එතකොට ඔය ශාන්ත අයිආ සහ එයාගේ සහෝදරයෝ ටික අපේ ජාතික අඩුම අදාල තව ගමේ විදියට කුරහන් සටකෙත් දාලම වෙඩට බැස්සනම් අපේ දෙස මාමක දෙස හිතෛසි ජනතව පෝලිමේ යනවා sure ඕකෙන් බත් කන්න .....

    ReplyDelete
  29. අනිත් උන් ගෑන වෑඩක් නෑ උබ කාපන් දිගටම සර් කියලත් කියන එකෙ.අනිකිඅ මම දෑම්මත් බොලෙ මගෙ සහොදරයො ටික ගන්නවනෙ.උන් මට විස්වාසයි නෙ.උන් ටිකක් හන්ග ගත්තත් මොකද උන් මගෙ නෙ නෑද්ද මන් අහන්නෙ

    ReplyDelete
  30. ශාන්ත අය්ය විතරද අනේ..ගමෙකමට නොගැපෙන ආටෝප,විචූර්ණ දාන්නෙ..තව අඹගස් තියේ මහරජ.

    ReplyDelete
  31. ශාන්තය කොහොම කොහොම හරි කාල ඉන්න පුළුවන් ගාණට දෙනකං වැඩේ කොරයි. හැබැයි ශාන්තයගේ කොල්ලො ටික වැඩේට සම්බන්ධ කරගත්තොත්, උන්ට රැ ලයිට් දාගෙන මෙතන ඩී.ජේ. කරන්න දුන්නොත් නම් බත් කන එවුනුත් නෑවිදින් ඉදියි. මොනව වුනත් තව කාලයක් බලා ඉමු. කොහොමත් කෙළවෙන එකෙත් නිකං කෙළ වෙලා වැඩක් නෑ. අපිට හොද එකෙන්ම කෙල වෙන්න ඕන.

    ReplyDelete
  32. කඩේ බත් විකුනුවට , සැරසිලි තියෙන්න ඕනේ අප්පා තරු පහේ හෝටල් ගානනට , ඒක තමයි ක්‍රමේ .

    බත් කඩේ පාඩුව පිරිමහන්න පැත්තක පොඩි කෑල්ලක් වෙන් කරලා , චිනෙකුට දුන්නනම් චයිනිස් ටේක් අ වේ එකකට , වැඩේ හරි .

    ReplyDelete
  33. හරි නිර්මානශීලියි නෙ මේ කතාව.බත් ඉතින් නැතුවම බෑනෙ කාටත්. කඩේ වහන්න වුනොත් වෙන බිස්නස් එකක් පටන් ගනී.

    ReplyDelete
  34. ane palayan ban yanda............

    ReplyDelete