Tuesday, August 13, 2013

කුජදා කවි මඩුව


වන්නිල ඇත්තො කොහොමද සැප දුක ඔහෙගේ?
ඕන දෙයක් දෙන්නං ඉල්ලන්න හො‍ඳේ


අලි අල්ලන මන්තර දන්නව නේද?
දෙන්න බැරිද එකක් පිං වත් සිදු නොවෙද


ඔඩොක්කුවට ‍අරගෙන අලි පැටව් ටික
රනිලට දුන්නා හොම්බෙන් මංගච්චන්ට.


සිංදු කියන අලියව ගත්තා වාගේ
රතුගල වැද්දො ටික ගන්නට බෑ වාගේ


මගෙ මන්තර වලට දපනේ දමන්නැතී
අලියෝ නෑ අනේ ඇතුලේ ඇන්යූපී


කොලිටි දඩ මසක් මීපැනි එකතු කොට
කෑ කාලයක් ආයිබෝ මට මතක නැත!


කොලඹට ඇවිල්ලා රටතොට බලාලා
කමුකෝ ඇතිවෙන්න මැදුරට ගිහිල්ලා


රතුපස්වලදි කැකුලන්හට ගිනි බිඳලා
කොහොමද අනේ බේරී ඉන්නේ ඔහෙලා?


ගිනි බටයටයි ගිනි බිඳි බටයයි අල්ලා
දෙනවා දඬුවමක් කාගෙත් ඇස් වහලා


දෙනවා කියන කැබ්එක ලස්සනයිද?
හයිවේ එකේ යන්නට මට ඇහැක් ද?


මහරජතුමා දන් දෙන්නට ගත්තාම
දෙනවා කන්න කාගන්නට බැරි වෙන්න.


ආහ්!

[අලුත් කැබ්රිය වෙනුවට ආදි වාසී
නායකයාට බුලත් පුවක්‌ තොගයක්‌]


බුලත් පුවක් හුනු දුංකොල දමාලා
පොල්තෙල් දාන්නැතුවම ඌ මට ඇරලා!


හහ් හහ් හහහ් හා හහ් හහ් හහහ් හා
හහ් හහ් හහහ් හා හහ් හහ් හහහ් හා.......

කියන්න ඇති දෙයක් කවියෙන් කොටාලා
තියලා යන්න අපි යනවා කැපීලා.....

හහ් හහ් හහහ් හා හහ් හහ් හහහ් හා
හහ් හහ් හහහ් හා හහ් හහ් හහහ් හා.......

66 comments:

  1. බලාගෙනයි වන්නිලැත්තෝ ලඟ ඉන්නේ
    ළඟින් ගියොත් අතක් පයක් නැතිවෙන්නේ

    ReplyDelete
    Replies
    1. බුරියට අනීවී ඇන කිති කවාවී
      දන්නෙම නැතුව හදවත ගලවං යාවී

      Delete
  2. මාතලන් වගේ රාජ් කවි කියන්න අරන්. කවි ටික බොහොම හොදයි. හැබැයි ගොයියෝ වන්නියලැත්තො කියන්නෙත් පට්ට හොරෙක්නෙ. උන්දැගේ පියතුමා මිනී මැරුමකට වනගත වුණු හොර සිංහලයෙක්නෙ. එතකොට අහවලයි වන්නියලැත්තොයි දෙන්නම ඇරලා තියන්නේ අපිටම නේද ආයිබොවන්????

    ReplyDelete
    Replies
    1. හැබෑට ඒක එහෙමද වෙද මහත්තයෝ???

      Delete
    2. බොල වේස වෙදෝ නොදන්න හුත්තවල් නොකියා හිටපන්.
      වනසරණේ ඉන්න වන්නකු තිසාහාමියි. ඌරු වරිගේ තිසාහාමියි දෙන්නෙක්. වැද්දෙකුට උනත් ආත්ම ගෞරවයක් තියෙනවා. ටිකකි දැනගෙන ගොඩක් කෑ ගහන්නේ මන්ද බුද්ධිකයෝ

      Delete
    3. ඔය ඇනෝ කියන කතාව සහතික ඇත්ත වෙද මහත්තයෝ(අර කියල තියෙන කුණුහරුප සහ අපහාස ඇරෙන්න අනික් හරියට මම එකඟයි)

      Delete
    4. වෙද මහත්තයා මන්ද බුද්ධිකයි කියන එකටත් එක්ක නේද හැලපයියේ.

      Delete
    5. වෙදකමේ කෙරුවාවත් ඔහොම්ම තමයි.... ඇක්ස්පීරියන්ස් ඇතුව කියන්නෙ ඕන්...

      Delete
    6. යන යන තැන අල්ලාගෙන මහ වෙදනා
      ඇනෝනිමස් ඇයි දෝ මේ හැටි තරහා.

      Delete
    7. ස්පිට්ල්ගේ වැද්දොයි මේ තිසාහාමියි පැටලිලා තියනවා වෙද මහත්තයට. හා ඒකෙන් කමක් නෑ රාජ් කවියත් කරලියට ආ එක ගැන සතුටුයි.

      Delete
    8. ඕං බලපංකො මාධ්‍යවේදිය කවියක් නොකිය යනවනේ!

      Delete
    9. ඕකා දන්නෙ ඉතින්....

      ආයුබෝ වේවා.... මහ...
      ආයුබෝ වේවා..

      Delete
    10. නැහැ මම කියපු දේ හරි ඔය මිනීමැරුම් කෙස් එක වැඩිය උඩට ආවේ නැති එකක්. නමුත් ඔය තිසාහාමි සිංහල බව මට කිව්වේ මහියංගෙනේම ඉන්න තවත් වැදි පරපුරටත් නෑකම් තියන දැන් සිංහල වෙලා ඉන්න කෙනෙක්. නම කියන්න පුළුවන් නමුත් ඒක හරි නැහැ. මුන්නැහැ දැන් රජගෙදරටත් නිතර යන එනවා. මම එතුමා ගැන දන්න නිසා මට ඒ කතාව විශ්වාසයි රාජ්, හැලප අයියේ.

      අර ඇනෝට කියන්නෙ මගෙන් බෙත් ගත්තනම් ලෙඩේ මට හිතා ගන්න ඇහැකි. ඒකයි මේ ..........

      Delete
    11. කොච්චර කොහොම උනත් ඒ ඇනෝ වදගත් දෙමව්පියන්ගේ දරුවෙක්...

      Delete
    12. ආයුබෝවේවා ඇනෝ...

      වෙද මහත්තයෝ මේ නියම වැදි පරපුරේ උන්ගේ පපුවේ රෝම පිහිටන්නේ නෑ. සිංහල එකාට දාව උපදින වැද්දට රෝම පිහිටනවා. මේ ජානමය ලක්ෂණය ගෙන බැලුවත් තිසාහාමි නියම වැදි පරපුරේ කෙනෙක්.

      Delete
    13. මහ වෙදන කියනව නං පිලිගන්නංකො.

      නලින්
      හැබෑම තමයි. අර ක්‍රිකට් ගහපු සෙට් එකේ එවුන්ගෙත් මයිල් තිබුනෙ නෑ තමා. උඹ හොඳ නිරීක්ෂණයක් කිව්වෙ.

      Delete
    14. රාජ්, නලින්,
      මම කියනවට පිළිගන්න එපා. මම ඔය පපුවේ මවිල් කතාව නම් දන්නෙ නැහැ. හැබැයි එහෙම වෙන්නත් ඉඩ තියනවා. මොකද පහුගිය අවුරුද්දෙ ජීන් ටෙක් එකේ කරපු පර්යේෂණයකින් ඔප්පු වුනා, ලංකාවේ ජීවත් වෙන විවිධත්වය එහෙමත් නැත්නම් ජාන මිශු වීම අඩුම ජනකොට්ඨාශය වැද්දො කියලත්, එයාලගේ මිශු වීම සිංහල සහ දෙමල ජාති දෙකට පමණක් බවත්. අනෙක් සියල්ලන්ගේම ජාන මිශ්‍රවීම උපරිමයි. මගේ ලඟ තියනවා ඒ රිසර්ච් එකේ පේපර්ස්.
      මෙතැන දි නම් මගේ මතය මට තොරතුරු දුන් වැදි පරපුරට නෑකම් ඇති අයෙක්ගේ. එයා කියන විදියට තිසාහාමි මිශ්‍ර වූ අයෙක්. මව් පාර්ශ්වය වැද්දන්ට නෑකම් තිබෙනවා. මම ඊයෙත් මේ ගැන ඔහුගෙන් ඇහුවා. පියා සිංහල. ඔහු ඉතාම තරුණ අවධියේ වන වරදකට (මිනීමැරුමක් කියලා කියන්නෙ. මම ඒ ගැන දන්නෙ නැහැ හරියටම.) පොලීසියට ඕනෙ වෙනවා. ඒ ගම්වල කවුරුත් කරන පිළිවෙලට ඒ කාළේ ඔහු පැන යනවා. එහෙම ගොහින් වැදිපරපුරකට එකතු වෙලා තමන්ගේ අර වැදි සම්බන්ධකම් ද ප්‍රයෝජනයට ගෙන ජීවත් වෙනවා. ඕකයි මම දන්න කතාව. මේක ඔප්පු කරන්න බැහැ. හැබැයි ජාන කතාව ඔප්පු කරන්න පුළුවන්. එක තියනවා ගිය වසරේ රෝයල් අසියාටික් සම්මන්ත්‍රණයේ පේපර්ස්වල ඇබ්ස්ටැක්ට්වල.

      Delete
  3. පොරව දමාගෙන හිටියට කර මත්තේ
    සැප වැඩිකමට නෙව කඳ ආරල ඇත්තේ.
    සුදුමුත් හිස නිකට මට වයසක් නැත්තේ
    කමිසය නැතත් අපි ඔක්කොම එක අත්තේ

    ReplyDelete
    Replies
    1. බඩ චුට්ටක් නැත්තං විත් ඉදිරියට
      නායකයෙක් වෙලා මොකටද වැදි රැලට

      Delete
  4. කැබ් පොජ්ජ ගැන කතා මංග කරන එකට අපිලැ ඇත්තෝ විරුද්ධ පොජ්ජ දානවා.. හරිජ...

    ReplyDelete
    Replies
    1. මට අහන්න අමතක උනා අර සමරකෝන් ගෙම්බාන්නැහේ දැක්කේ නැත්ද???

      Delete
    2. මොන සමරකෝනයෙක්ද?

      Delete
    3. කැඩ් එක හම්බවෙන්නෙ ප්‍රා සභාවෙන්; ගමන් බිමන් යන්න විතරයි ලු. "තියාගන්න ම" නෙවෙයි.

      Delete
    4. ඒ සමරකෝන් ගෙම්බාඋන්නැහේ ආන් ගිරිතලෙන් මෙහෙට මංදු කොරලා නෙ...දැන් ගමපහ පැත්තෙ කැලවල් වලයි කියන්නෙ..

      Delete
    5. //කැඩ් එක හම්බවෙන්නෙ ප්‍රා සභාවෙන්//

      සුමිත් අයියා මම දැක්කෙ ඒක එවන්නෙ ප්‍රා. ලේ. කාර්යාලයෙන්ය කියල තියෙනවා. එතකොට ඔය අළුතින් දෙනවය කියන එක සංස්‌කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් දෙනවය කියල නිව්ස් එකකට ලින්ක් එකකුත් දාලා තියෙන්නෙ.

      Delete
    6. කැබ් එක ප්‍රාලේ කාර්යාලෙන්. සංස්කෘතික අමාත්‍යංශෙන් තමයි දෙන්ට කැබ්එක යෝජනා වුනේ. අන්තිමට බුලත් පුවක් ටිකක් ලැබුනේ

      Delete
    7. @DDT

      ඇත්ත ඇත්ත ප්‍රා. ලේ. කාර්යාලයෙන් තමයි (මගේ ඔළුවෙ තිබුණෙත් එහෙමයි) ටයිප් කරලා තියෙන්නෙ වැරදියට, අකුරුත් වැරදියි.

      Delete
  5. දානා සැවොම සාටකයෙන් මුලාවේ
    සිනා පිරි මුව මඩල පිරි වාසනාවේ
    කැබ් වල යන හීන උඩ කළු වලාවේ
    බුලත් කකා නටපිය හුද කලාවේ

    ReplyDelete
    Replies
    1. සිනා පිරුණු රජ කට වාසනාවන්
      ලොක්කාගේ වැඩකිඩ වාසනාවන්
      රටම ගිලින බන්ඩිය වාසනවන්
      සප්එක දෙන රනිලත් වාසනාවන්

      Delete
  6. කැබ් එකක් අර ගන්ඤන්
    බුලත් පුවකුත් ගන්ඤන්
    මෙහෙම් දෙන්වානන්
    මමත් ...ක දෙන්ඤන්

    ReplyDelete
    Replies
    1. කැබ්එක ඉල්ලුවට
      ලැබුනෙ බුලත් පුවක
      _ක දුන් වන්නිට
      මොකුත් නෑ අන්තිමට

      Delete
  7. මෙහෙව් කයි ටිකක් රහ විඳින්න මෙතෙන්ටම සහ තව අතලොස්සක් වෙච්ච තන් කීපෙකටම එන්ඩෝනි ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ වෙනි අයියල මේ පැත්තෙ එන එකක් යැ.

      Delete
    2. රාජ් මම හැමදාම ආවා..පහු ගිය මාස 2 කියෙව්වෙ නෑ එකක්වත්..සාමාන්‍යෙන් දේශපාලනෙ ලිපි වලට කමෙන්ටු දානව නම් අඩුයි තමයි..

      Delete
  8. වන්නිලැඇත්තො ගැන විශ්වාසයි හොඳට
    විජිතගෙ ගේම නාවෙත් ඒකයි හිතට

    (නැත්නම් පොරවත් එක්ක පොරව ළඟින් තියාගනීයැ..?)

    ReplyDelete
    Replies
    1. වන්නිය වෙනුවට විජිතය හිටියානං
      ......................

      Delete
    2. මාත් අහන්න හිටියේ වෙන කාටවත් එහෙම එන්න දෙන්නේ නෑ නේද පොරව කරේ දාන. ඕක කාඩ්බෝඩ් එකක්ද දන්නෙ නෑ...

      Delete
    3. මමත් ඒක දැක්ක ගමන් අහන්ට හිටියෙ, එයා ඒක අරන් ළඟට ගියේ කොහොමද කියල. හැබැයි බොහෝ දුරට ඔය පොරව අරන් යන්න දුන්නෙ නැත්නම් වැදි නායකය එතනට යනකන් නෑ. පොර ෂර්ට් නැතුව පොරවත් අරන් මගීගුවන් යානයකත් ගියාය කියල නිව්ස් එකක් තිබුන නේද, විශේෂ අවසරයක් අරන්. ආදිවාසී සමුළුවකට සහභාගී වෙන්න (මතක හැටියට ඕස්ට්‍රේලියාවටද කොහෙද, ෂර්ට් නැතුව යන්න දුන්නට පොරව නම් අරන් නැවත බහිද්දි දුන්න වගේ සීන් එක මතක), එයාලගෙ සාම්ප්‍රධායික විදියට යන්න දෙන්නෙ නැත්නම් එයාට යන්න බැහැ කිව්වලු.

      Delete
    4. නෑ නෑ මේ මිනිස්සු අහිංසකයි. ජනාධිපතිතුමා ලඟ මර්වින් සිල්ව හිටිය කියල හඅතාගන්නකෝ.

      Delete
  9. මට කැබ් එකක් දෙන්නේ නැද්ද ඕයි?

    ඉල්ලන හැම දේම දීමට මට නොහැක
    දෙනවා බොටත් ගිනි බටයෙන් කුඩු වෙන්න!

    ReplyDelete
    Replies
    1. කියලා එසේ මලපැන්නොත් වන්නියට
      පොරවෙන් දෙයි දෙපලු වෙන්නට රජ ඔලුව

      Delete
  10. මරා:
    වන්නිලෑ ඇත්තෝ ඉල්ලාපන් වෙනත් යමක්
    අලි අල්ලන මන්තර නම් නොදෙමි මලත්

    ව.ඇ:
    අනේ අප්පේ මහ හූරෝ ඔයිම තරම්
    අලි මන්තර වටිනවදැයි කියන් මටත්

    මරා:
    මගුලක් කියනවා මේ වන්නිලෑ ඇත්තෝත් දොහක්
    අලි ටික වෙන අහක ගියොතින් ආන්ඩුවත් හබක්

    ReplyDelete
    Replies
    1. දුකා කියන්නේ සහතික ඇත්ත බොලේ.
      අලිටික ගියොත් ආණ්ඩුවත් හබක් බොලේ

      Delete
  11. කලු නොකරද රැවුලු, වැදිරජ බැබලේ තේජසිනේ
    නලු කම ලද ජනපති මනමේ පිං ඇති කුමරුවනේ
    කඩු වක් නඩුවක් ගෙන ශිරානි දේවිලා සභයට පැමිණේ
    දඬු වම් ලෙස කඩුව දේවිද වැදි රජුට හදවත කකියන්නේ

    ReplyDelete
    Replies
    1. ‍මේවගේ සම්භාව්‍ය කවි වලට නං උත්තර දෙන්න හැකියාවක් නෑ ඕං

      Delete
  12. මට නම් කයි බෑ බං, ඒත් වෙනසකටත් එක්ක මෙහෙම ලියන එකත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ උඹ හැමදාම ඇවිල්ල යන එකම මදෑ

      Delete
  13. හප්පට සිරි එකත් එහෙමලුද
    දෑත ශක්තිමත් කරන්න වැදී රජාත් ආවද..?

    ReplyDelete
    Replies
    1. ඒ අහිංසකය වෙන මොනව කරන්නද

      Delete
  14. එල කිරි කවි පොජ්ජ....

    ReplyDelete
  15. ගිය ගිය තැනක කට ඇරියොත් අලි සද්ද
    මුලු ලෝකෙටම ගල් පුපුරන බොරු විද්ද
    වාඩිවෙන්න ඔය මීමාගේ පුටු මැද්ද
    නොදොකින් වැද්දො තොට ලැජ්ජාවක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. යන්නට ඉක්මනින් හැරදා මේ සසිරිලක
      එවන්නද සුදු වැන් එක අධිවේගයෙන් තොට.

      Delete
    2. කාලෙන් කාලෙට එන ලොක්කන්ට නැවී
      ලැජ්ජා නැතිවෙලා ලැජ්ජා නහර තැලී

      Delete
  16. වන්නියලැත්තො මේ ටික හරියට අහගන්
    බොගේ වැඩට දඹානෙ සෙට් එක මදිනම්
    රතුගල හේනානිගල පැතිවල ඉව කරපන්
    දඩ මස් පෙන්නලා මේ පැත්තට අරගන්

    ReplyDelete
  17. කවි ලියන්ට දන්නේ නෑ. අනෙක අද බදාදනේ...:D

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. ඒකනේ මම අද කවි අත්හැරියෙ

      Delete
    2. දුක දුරු බදාදා
      සඳ නොබලන් සෙනසුරාදා
      දුටොත් සඳ ඉරිදා
      ඊට පසුදින වේය නිරිඳා

      ( ඒ කියන්නෙ වේයෙක් රජෙක් වෙනව කියලයි )

      Delete
  18. මාත් කවි ලියන්න දන්නෙ නෑ රාජ්.. කියෙව්ව සේරම. ගෙහුං එඤ්ඤං.. :)

    ReplyDelete
  19. වැද්දෝ උනත් බා දඩයම් කොරන්නට
    දෙන්නට බැරිද බටයක් ගිනි බිඳින්නට

    ReplyDelete
  20. This comment has been removed by a blog administrator.

    ReplyDelete